Colombo Telegraph

කෑලි කැඩුණු දෙමළ දේශපාලනය

යාපනේ ‘දෙමළ ජනතා මණ්ඩපයේ’ සහයෝගයෙන්, ‘දෙමළ ජාතික ජනතා පෙරමුණේ’ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ‘දෙමළ ජාතික සන්ධානයට’ අයත් පක්ෂවල ඇතැම් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සහ උතුරු පළාත් සභා මහ ඇමති සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් කැඳවන ලද ‘එලූග තමිල්’ හෙවත් ‘දෙමළුනි නැගිට්ව්’ මහා රැුළියෙන්, පසුගිය 24 වැනි දා යාපන අර්ධද්වීපය මුළුදුනි. 2019 දී යුද්ධය අවසන් වීමෙන් පසු යාපනේ පැවති විශාලතම ජන ගංගාව එය බව සැළකේ.

දෙමළ ජනතාවගේ දේශපාලන අයිතීන් දිනා ගැනීම සඳහා 1961 පෙබරවාරි මාසයේ, ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ හෙවත් ෆෙඩරල් පක්ෂයේ නායක එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ නායකත්වයෙන් දියත් කරන ලද මහා හර්තාලයේ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල්, පෙළපාලි, උද්ඝෝෂණ, කළු කොඩි විරෝධතා සහ උපවාස නිරතුරුව දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, මේ සාමකාමී විරෝධතාවන් පසු කලෙක ක‍්‍රම ක‍්‍රමයෙන් අන්තවාදී දේශපාලනයක් අතට පත්වන විට, තමන් සෙල්ලම් කෙළේ ගින්දරක් සමග බව සාමකාමී විරෝධතාවන්ට නායකත්වය දුන් නායකයෝ තේරුම් ගත්හ. ඉන් පසු දශක තුනක් තිස්සේ සිවිල් යුද්ධයකට මැදි වූ අවස්ථාවේ එයින් ගොඩ ඒමේ මගක් සොයා ගත නොහැකිව එම නායකයෝ බරපතල ගැටළුවකට මුහුණදුන්හ.

1961 මහා හර්තාලය

1961 පෙබරවාරි මහා හර්තාලය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සෙමින්, උතුරු නැගෙනහිර දෙපළාතේ සිවිල් පරිපාලනයට අවහිරයක් වන විට, ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂයේ එදා තරුණ නායකයන් වූ ඒ. අමිර්තලිංගම් සහ එහි මඩකලපුව ප‍්‍රධාන නායකයෙකු වූ චෙල්ලයියා රාසතුරෙයි වැනි අයවළුන් සමග තවත් ක‍්‍රියාකාරීන් රාශියක් අත්අඩංගුවට ගෙන, දකුණේ පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තැබුණි. උතුරු නැගෙනහිර ජනතා අභිලාෂයන් මුදුන්පත් කර ගත නොහැක්කේ, දකුණේ ජාතිවාදී නායකයන් නිසා ය යන්න දෙමළ දේශපාලන නායකයන්ගේ නිරන්තර චෝදනාව විය.

කෙසේ වෙතත්, මෙහිදී අමතක නොකළ යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, ලංකාවේ දෙමළ දේශපාලන අරගලය පටන් ගත් දා සිටම, මධ්‍යස්ථ දෙමළ නායකත්වය වේවා, සටන්කාමී දෙමළ දේශපාලන නායකත්වය වේවා, ඔවුන් කවදත් එක්සත්ව නොසිටි බවත්, දෙමළ දේශපාලන තලයේ මතු වූ බල අරගල නිසා අර්ථවත් සාම ක‍්‍රියාදාමයන් ප‍්‍රතික්ෂේප කෙරුණු බවත්, අවසානයේදී දෙමළ ජාතික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් සොයා ගැනීම සඳහා අවංකවම කැප වූ දෙමළ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු එහිදී ඝාතනයට පවා ලක් වූ බවත් ය.

පසුගිය දා යාපනේ පැවති ‘දෙමළුනි නැගිට්ව්’ විරෝධතාව තුළින් පැහැදිළිව පෙන්නුම් කරන්නේ, දෙමළ දේශපාලන ක්ෂේත‍්‍රයේ පවතින අස්ථාවර භාවයයි. එසේම, උතුරු සහ නැගෙනහිර ප‍්‍රධාන සහ ප‍්‍රබල දේශපාලන බලවේගය වශයෙන් පවතින ‘දෙමළ ජාතික සන්ධානය’ තුළ විරසකයට තුඩුදෙන හේතු කාරණා ක‍්‍රමයෙන් නිර්මාණය වෙමින් පවතින බවයි.

‘දෙමළුනි නැගිට්ව්’ සංවිධායකයෝ තමන් සමග අත්වැල් බැඳ ගන්නැයි සියලූ දෙමළ දේශපාලන බලවේගවලින් ඉල්ලා සිටියහ. එහෙත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වැනි ප‍්‍රධානීන් ඇතුළු ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂ නායක සහ තරුණ වියේදි බොහෝ සිවිල් උද්ඝෝෂණ ව්‍යාපාරවල පෙරමුණේ සිට විටින් විට හිරේ පවා ගොස් ඇති මාවෙයි සේනාධිරාජා වැනි නායකයෝ, මේ ‘දෙමළුනි නැගිටිව්’ රැුලිය අහිංසක ජනතාව නොමග යැවීමට යොදා ගත් විගඩමක් බව පවසමින් එම ආරාධනය ප‍්‍රතික්ෂේප කළහ.

එක දිගටම යාපනේ ජීවත් වෙමින්, එම පළාතේ ඇති වන වර්ධනයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති උතුරු පළාත් සභාවේ සභාපති සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි ප‍්‍රධානියෙකු වන සී. වී. කේ. සිවඥානම්, මෙවැනි රැුලියක් පැවැත්වීම ගැන සිය කණගාටුව ප‍්‍රකාශ කළ අතර, එම රැුලියේදී ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් මේ වන විටමත් ‘දෙමළ ජාතික සන්ධානය’ මගින් ආණ්ඩුවේ අවධානයට යොමු කරවනු ලැබ ඇති බවත්, පසුගිය ඔක්තෝබරයේ සම්මත කර ගත ජිනීවා යෝජනාව හරහා ජාත්‍යන්තර ප‍්‍රජාව පවා එම ඉල්ලීම් පිළිගනු ලැබ ඇති බවත් පෙන්වා දුන්නේය.

මේ කාරණයේදී දක්නට ලැබුණු තවත් වැදගත් දෙයක් වන්නේ, ‘ඊලාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ’ නායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දත් මේ රැුලියට තම සහයෝගය ප‍්‍රකාශ කොට සිටීමයි.

දේවානන්ද රැුලියේ නැත

කෙසේ වෙතත්, උද්ඝෝෂණයේ සංවිධායකයෝ එහිදී තරමක් පරිස්සම් වූහ. ඔහුව අතේ දුරින් තබා ගත් ඔවුහූ, ඔහුව රැුලියට සහභාගී කර නොගත්හ. තමා සිය සහයෝගය ප‍්‍රකාශ කොට තිබියදීත් රැුලියට සහභාගි කර නොගැනීම ගැන ලජ්ජාවට පත් දේවානන්ද, ඒ නින්දාවෙන් ගැලවීම සඳහා සිය කාර්යාලයේ සිට වෙනම උද්ඝෝෂණයක් පැවැත්වූ අතර, යාපනේ මිනිසුන් අතලොස්සක් සමග වෙනම රැුස්වීමක් පවත්වා, ‘දෙමළුනි නැගිට්ව්’ උද්ඝෝෂණයේදී ඉදිරිපත් කරන ලද ඉල්ලීම් මාලාවම ඉදිරිපත් කෙළේය. 2002 සිට දීර්ඝ කාලයක් තිස්සේ ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කර ඇති දේවානන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉතා විශ්වාසවන්ත සගයෙකු විය.

එබැවින් විග්නේෂ්වරන් මහ ඇමතිවරයා පසුගිය දා ඉදිරිපත් කළ මානුෂීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීම අරභයා, හිටපු බලවත් කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් එදා ඔහුට කළ හැකි දෑ බොහෝ තිබුණි. එවැනි කිසිවක් නොකොට දැන් මේ රැුලියට තමාගේ සහයෝගය දැක්වීම සහ එම රැුළියේ ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්ම නැවත ඉල්ලා සිටීම විසින් පෙන්නුම් කෙරුණේ ඔහුගේ දේශපාලනයේ පවතින බංකොලොත් භාවයයි. මීට මාස කිහිපයකට පෙර, හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් ඇතුළු තවත් පිරිසක් ඔහුගේ පක්ෂයෙන් වෙන් වීම හරහා තවත් එය ඔප්පු කෙරුණි.

ඊලාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඞී.පී) ප‍්‍රධාන සාමාජිකයෙකු වන, උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස්. තවරාසා ද මෙකී ‘දෙමළුනි නැගිට්ව්’ රැුලියට සහභාගී නොවීය. එය මේ මොහොතේ අවශ්‍ය නොකරන දෙයක් බව ඔහු ප‍්‍රකාශ කොට තිබුණි.

උතුරු සහ නැගෙනහිර මානුෂීය සහ දේශපාලනික ප‍්‍රශ්න බොහෝ දුරට ජාත්‍යන්තරයටත් ගොස් ඇති තත්වයක් තුළ, ජාත්‍යන්තර ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙමින් සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමේ ක‍්‍රියාවලිය වේගවත් කරන්නැයි ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලමින් සිටින තත්වයක් තුළ, මහ ඇමති විග්නේෂ්වරන් සහ ඔහුගේ ‘දෙමළ ජනතා මණ්ඩපයේ’ උද්ඝෝෂණය වනාහී දෙමළ දේශපාලන ක්ෂේත‍්‍රයේ එකිනෙකාගේ ඕනෑඑපාකම් කරලියට පත් අවස්ථාවක් වශයෙන් දැකිය හැකිය. දෙමළ දේශපාලනයේ පවතින එකී භේදභින්නතා කෙරෙහි මේ මගින් දේශපාලන නිරීක්ෂකයන්ගේ අවධානය යොමු කැරැුවුණි.

මනෙක්ෂෝ

2016 ඔක්තෝබර් 1 වැනි දා ‘සිලෝන් ටුඩේ’ පුවත්පතේ පළවූ “Fragmented State of Tamil Politics” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page