28 March, 2024

Blog

MCC ගිවිසුම හා මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීෂණයක් මවාපෑම​

මංගල සමරවීර

මංගල සමරවීර

මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීෂණයක් මවාපාමින් ජනතාව නොරවටා MCC ගිවිසුමෙන් රටට හානියක් වේ නම් හෙළි කරන්න – විපක්ෂ නායකවරයාට අභියෝගයක්

ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC) ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරනවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකරහුදු ඇමරිකන් භීෂණයක් මවාපෑමට උත්සාහ දරමින් සිටියි. ජනාධිපතිවරණයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවකදී ජනතාව මුලානොකර MCC ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේනම් ඒ පිළිබඳව ජනතාවට කරුණු හෙළිකරන්නැයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන්හට අභියෝග කරමි.

මෙයට පෙර මැතිවරණ සමයකදීද, ඇමරිකන් භීතියක් මවා සීගිරිය, සිංහරාජය හා ගාලු කොටුව ඇමරිකාවට විකිණීමට සූදානමක් වන බවට එදා විපක්ෂය විසින් බොරු ප්‍රචාරයක් ගෙන යන ලදී. එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනතාවට වැටහී ඇතැයි විශ්වාස කරමි.

මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ද මෙම මිලේනියම් ගිවිසුමට විරුද්ධ යැයි අද වනවිට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වේ. කාදිනල්තුමන් මිලේනියම් ගිවිසුමට විරුද්ධයැයි යන පුවත ව්‍යාජ ප්‍රචාරයක් යැයි අගරදගුරු නිවසෙන් නිවේදනය කර තිබේ. ජනපතිවරණයෙන් පරාජය වීම වැළැක්වීම සඳහා ආගමික සිද්ධස්ථානද උපයෝගී කරගනිමින් සත්‍ය විකෘති කර දේශපාලන වාසි ගැනිමේ පහත් මට්ටමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැටී ඇති බව මෙමඟින් මනාව පැහැදිලි වේ.

ජනාධිපතිවරණයක් ආසන්නව තිබියදී ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී එය දරාගැනීමට නොහැකිව මෙවන් නිවේදන නිකුත් කිරීම පිළිබඳව බෙහෙවින් කනගාටුවට පත්වන අතර, මෙමඟින්ද විපක්ෂය බලාපොරොත්තු වනුයේ ජනතාව රැවටීමට ලක්කර කෙසේ හෝ තම අපේක්ෂකයාගේ ජය තහවුරු කර ගැනීමටය.

මෙරටේ ජනාධිපතිවරණය හරහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකන් පුරවැසියකු ජනාධිපති කිරීමටත් හා ඇමරිකන් පුරවැසියකු ආර්යාව කරවීමටත් උත්සාහ දරන බංකොලොත් දේශපාලනඥයන්ම ඇමරිකන් විරෝධී භීෂණයක් රට තුළ මැවීමට කටයුතු කිරීම හාස්‍ය ජනකයි.

MCC  ගිවිසුම පිළිබඳව මුලින්ම සාකච්ඡා වූයේ 2002 වසරේදීය. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 කට සමාන රුපියල් මිලියන 88,000 ක පමණ මුදලක් ලැබෙනු ඇත.

2005 දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින්ද මෙම ප්‍රදානය ලබාගැනීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස MCC මගින් ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා වන සාකච්ඡාවට මා සහභාගී වූයේ එකල රජයේ ප්‍රධානියා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මතය. එහෙත් එම රජයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ දූෂණ, භීෂණ හා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා හේතුවෙන් MCC ප්‍රදානය ලබාගැනීමට රජය ගත් උත්සාහය ව්‍යාර්ථ විය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා MCC  පිළිබඳව ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇතිකර තිබේ. එසේ වුවද මෙමගින් රටට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව ප්‍රකාශ කර නොමැත. රටට, ජනතාවට සෙතක් සැලසෙන, ආර්ථික ප්‍රතිලාභ ලැබෙන මෙම ගිවිසුම හරහා රටට කිසියම් හෝ අයහපතක් සිදුවන්නේ යැයි පවසන්නේනම් මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීෂණ මවාපාමින් ජනතාව නොරවටා රටට කරුණු පැහැදිලි කරන ලෙසට විපක්ෂ නායකවරයාට අභියෝග කරමි.

මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් රටේ ස්වෛරීත්වයට හානියක් වනවායැයි පොදු පෙරමුණට අයත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිල්ලො මවමින් සිටිති. එහෙත්,  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමකට පමණක්  තම චෝදනාව සීමා කර ඇති අතර, ජනතාව තුළ බොරු භීෂණ මැවීමේ වගකීම සැමදා බොරු කියන මන්ත්‍රීවරු දෙපළට භාරදී ඇති බව ඔප්පුවේ.

මෙම ගිවිසුම මගින් රටේ ආර්ථික වර්ධනයට ඉතාමත් අත්‍යවශ්‍ය වන ප්‍රවාහන සේවය හා ඉඩම් පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාව විසින්ම හඳුනාගෙන යෝජනා කර ගිවිසුමට ඇතුළත් කර තිබේ. මෙහි සඳහන් ඉඩම් ගැටලු විසඳීම තුළින් ලක්ෂ 50 ක් පමණ පුද්ගලයන්හට තම ඉඩම්වලට අදාළ සින්නක්කර ඔප්පු ලබාගත හැකිවන අතර ප්‍රවාහනයට අදාළ ගැටලු විසඳීමෙන් ලක්ෂ 70 ක ජනතාවකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මෙම ගිවිසුමේ ප්‍රථම අදියර යටතේ රටේ දිස්ත්‍රික්ක 07 ක තිබෙන්නා වූ පෞද්ගලික හා රජයේ ඉඩම් පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි ඉඩම් පිළිබඳ සිතියමක් සකස් කරනු ලබන අතර, එමඟින් රජයේ ඉඩම් පිළිබඳ වෙනමම වට්ටෝරුවක් පවත්වාගෙන යාමට රජයට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙම ගිවිසුමේ ප්‍රතිපාදන අනුව විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් පිහිටුවා දැනට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල තිබෙන සියළු ඔප්පු විද්‍යුත් ක්‍රමයට සුරක්ෂිත කර ඒ සඳහා නීතිමය පිළිගැනීමක්ද ලබාදේ.

මහජනතාවට ප්‍රතිලාභ අත්වන මෙවන් ව්‍යාපෘති මගින් රටේ ස්වෛරීත්ත්වයට තර්ජනයක් වන බවට විපක්ෂය කරන චෝදනා බුද්ධිමත් ජනතාව කිසිවිටෙකත් පිළිගන්නේ නැතැයි තරයේ විශ්වාස කරමි.

මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගතවේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වූ සෑම පාර්ශ්වයකටම එම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට යාමට ව්‍යවස්ථාවෙන්ම අවස්ථාව සලසා දී තිබේ.

ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන ඊනියා දේශප්‍රේමීන් මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකල යුතුයැයි අවධාරණය කරමි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    965/5000
    මුළු සමාජයම උඩු යටිකුරු කරනු ලබන්නේ දේශපාලන ජාතිවාදීන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන ජාතිවාදී සංස්කෘතිය මගිනි. අපි දන්නවා ඔවුන් බ්‍රිතාන්‍ය සංචාරකයින් මැරූ හැටි. ඔවුන් මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ ආකාරය ද අපි දනිමු. ඔවුන් මාධ්‍ය පිරිමින් සහ කාන්තාවන් පැහැරගත් ආකාරය. ඔවුන් රාජ්‍යය කොල්ල කෑ ආකාරය. ඔවුන් රට පුරා කොල්ලකරුවන්ට බෝ කිරීමට ඉඩ දුන් ආකාරය. අද, මාංශ පේශි ජාතිය ඉදිරියේ තබා ඇත, මොළය නොවේ. මේ සියල්ල මැර නායකයින්ගේ අදහස්වලට විරුද්ධ වූ නිසා ය. දුප්පත් මිනිසුන් මත ඔවුන්ගේ උපක්‍රම වන්නේ ඡන්ද ලබා ගැනීමයි. දීර් long කාලයක් තිස්සේ අසත්‍යයන් විශ්වාස කිරීමට මිනිසුන් පෙළඹී ඇති අතර, ඔවුන්ගේ පක්ෂග්‍රාහී මාධ්‍ය හරහා, ජනතාව අතරට යාම පහසු වනු ඇත. අපේ රටේ මිනිස්සු දුප්පත්. මධ්‍ය ආදායම් උපයන අයට වඩා දුප්පතුන්. ජාත්‍යන්තරයට රට බලපාන ආකාරය ගැන සාමාන්‍යයා නොදනී. ගිවිසුම් හා ගිවිසුම් පමණක් අපව ඉදිරියට ගෙන යයි. වෙළඳ ගිවිසුම් නොමැතිව වියට්නාමයට, ඉන්දියාවට හෝ අපට හෝ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගත නොහැකි ගිවිසුම් වේවා. ඔවුන් සිහින මෙන් රැඳී සිටිනු ඇත.

    • 1
      1

      xxxxxxරටේ සාමාන්‍ය ජනයාගේ උදාසීනත්වය සහ මැලෙචා අද ශ්‍රී ලංකාවේ සමාජයේ මූලික ස්වභාවයයි. එය ග්‍රාමීය හෝ නාගරික ප්‍රදේශ වේවා, මිනිසුන් අනෙකා ගැන සැලකිල්ලක් නොදක්වයි. රට තුළ බුද්ධාගම පිළිපැදීම බුදුන්ගේ සැබෑ ඉගැන්වීම් සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ඔවුන්ගේ බුද්ධාගම සැබෑ බුද්ධාගමට වඩා හින්දු ආගමට සමීප ය. මිථ්‍යා විශ්වාස හින්දු ඔවුන් සැඟවී සිටින ආකාරය මම දැක ඇත්තෙමි. එය ශ්‍රී ලංකාවේ බුද්ධාගමට වඩා වෙනස් නොවේ. එය බියර් යැයි සිතමින් වයින් පානය කිරීමක් වැනිය. සමහරු තම මැණික් කටුව වටා පිරිත්නූල් පොකුරක් ඇඳගෙන පවා ඉහළ අපරාධ කරති. ඔවුන් කට අරින්නේ නම්, එළියට එන්නේ බුදුසර්නායි, නමුත් ඔවුන්ගේ ඊළඟ කොන්ත්‍රාත් kill ාතන වලට උදාහරණයක් ලෙස. ඒ දවස්වල මෙන් මිනිසුන්ට අන් අයට ගෞරවයක් හා ගෞරවයක් නැත.
      ශ්‍රී ලංකාව දැන් මොළයකට වඩා මාංශ පේශියට කළ හැකි ස්ථානය බවට පත්ව ඇත. සමාජයේ ආධිපත්‍යය දරන ජාතීන් වෛරය සහ අපරාධ පහසුවෙන් ප්‍රවර්ධනය කරනු ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හිටපු නායකයින්ගේ සමීප හිතවතුන් බවට පත්වේ. විරුද්ධවාදීන් පැහැරගෙන යාම සහ අතිරේක මිනිස් ings ාතන 2015 වන තෙක් දෛනිකව සිදු විය. වැඩි කලකට පෙර, 2015 වන තෙක් බොහෝ දෙනෙක් පාහේ තර්ජනයට ලක්ව සිටියහ. සමහර මාධ්‍යවේදීන් පැන යාම සඳහා රට හැර ගියහ. ඔවුන්ගේ සමහර සගයන් විසුරුවා හරින ලද අතර වෙඩි තබා were ාතනය කරන ලදී. ඔවුන් අතර ලසන්ත, ඒකනෙලිගොඩ සහ නොතර්න් පළාතේ මාධ්‍යවේදීන් ද වේ. සමහර මාධ්‍ය මාධ්‍යවේදීන් මට යුරෝපයේ දී හමු වී තිබේ. . ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සහ ඔවුන්ගේ කථා කණගාටුදායක ය.

  • 0
    0

    සිම්පල් අභියෝගයක්නේ.
    ඊට ඉස්සෙල්ල කියන ඕනේ මංගලයි රනිලුයි ඇමරිකාවයි එකතු වුනොත් ඒ ලංකාවට අනර්ථයක් කරන්න මිසක් යහපතකට නෙමෙයි.
    මහින්ද රාජපක්ෂ රටට සාමය ගෙනෙන්න කරපු උත්සාහය කඩාකප්පල් කරන්න හදපු තැන ඉඳල අද දක්වා මේ තුන් කට්ටුව කවදාවත් ලංකාවට හොඳක් කරලා නැහැ.
    මංගලගේ ලිපියේ තියෙන ඒවායින්ම පටන් ගත්තොත්;
    MCC ගිවිසුමේ ප්‍රධානම කාර්යය තමයි නවලිබරල් ධනවාදී ප්‍රතිපත්තිය තමන් ආධාර කරන රටේ ස්ථිරවම ස්ථාපිත කිරීම.
    එනම්, රජය යටතේ තියෙන සියලු සේවා අංශ පෞද්ගලිකරණය කිරීම, ඉඩම් වෙළඳපොල පිලිබඳ ප්‍රතිපත්ති අවලංගු කර ඒවා විදේශිකයන්ට විවෘත කිරීම, මූල්‍ය වෙළඳපොලේ නියාමනයන් තීරණය කිරීම සඳහා රජයට කල හැකි බලපෑම අහිමි කිරීම, මිල පාලනය අවලංගු කිරීම, සුබසාධන ප්‍රතිපත්ති සහ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම.
    මේකෙන් ලංකාවට සිද්ධ වෙන ලොකුම අනර්ථය තමයි ඉඩම් අයිතිය, ජල කළමනාකරණය, විදුලිය, උසස් අධ්‍යාපනය සහ ප්‍රවාහන සේවා පෞද්ගලිකරණය වීම සහ විදේශිකයන් සතු වීම.
    රජය සතු ඉඩම් විදෙශීයකරණය කරන්න හොඳම විදිහ තමයි ඒවා ජනතාවට සින්නක්කරව බෙදා දීම සහ දැනට අවුරුදු-99 බද්දට ලබාදී ඇති සියලු ඉඩම් සින්නකර ඔප්පු බවට හරවා ඒවා විදේශිකයන්ට විකිණීමට ඉඩ හදා දීම.
    ඊළඟට කරන්න හදන දේ තමයි විදේශ ආයෝජන විදිහට රජය සතු හොඳම ඉඩම් ඌන උපයෝගිතා ඉඩම් විදිහට හඳුන්වල විදේශ ආයතන වලට සින්නකරව විකිණීම.
    විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කාර්යාලයක් හදල පෞද්ගලික සහ රජයේ ඉඩම් සිතියමක් හදන්නේ ලංකාවේ මිනිස්සුන්ටද? මෙහෙම කරන්නේ විදේශිකයන්ට රටේ හොඳම සශ්‍රීක ඉඩම් ටික තෝරා ගන්න පහසු වෙන්න.
    ලංකාවේ ඉඩම් ගැන MCC එක අති විශේෂ උනන්දුවක් පෙන්වීමම ඇති මෙතැන ඇත්තටම වෙන්න යන්නේ මොකක්ද කියල හිතා ගන්න.
    MCC කියන්නේ දේශපාලනීයකරණ වූ ආයතනයක්. එයින් කරන්නේ තමන්ට අවැසි විදිහාට රටවල් පාලනය කරන එක.
    වෙනත් විදිහකින් කියනවා නම් MCC Compact එක අත්සන් කලාට පස්සේ ශ්‍රී ලංකා රජයේ සියලු ප්‍රතිපත්තී ප්‍රතිසංස්කරණය කරන්නේ වොෂින්ටන් වලින්. වෙන එකක් තියා ඊළඟ මහ මැතිවරණයටත් බලපෑම් කරන්න පුළුවන්.
    MCC ගිවිසුමෙන් සිද්ධ වෙන අයහපත ගැන තියෙන හොඳම සාධකය තමයි ජල කළමනාකරණය පෞද්ගලික ආයතන සහ විදේශිකයන්ට මිලට ගැනීමට හැකිවීම. එයින් පස්සේ ගොවියට සිද්ධ වෙනවා හේනටයි කුඹුරටයි දෙන වතුර ටිකටත් සල්ලි ගෙවන්න.
    තව තියෙනවා කියන්න.

  • 0
    0

    ලෝක ආර්ථිකයේ කඩා වැටීමටත්, ගෝලීය පරිසර හානියටත් හේතුව නවලිබරල් ධනවාදී ප්‍රතිපත්තිය බව අද ලෝකයම පිළිගන්න දෙයක්.
    ලංකාව වගේ 90%ක් සාමාන්‍ය ජනතාව ඉන්න, ආර්ථිකමය වශයෙන් පැහැදිලි බෙදීමක් පෙන්වන, කෘෂිකර්මය රටේ ජීවනාලිය කර ගත්ත, ග්‍රාමීය, සුළු සහ මධ්‍යම ව්‍යාපාර වැඩි ප්‍රමාණයක් තිබෙන, ස්වභාවික සෞන්දර්යයෙන් අනූන, වැසි වනාන්තර වන සතුන් ගහණ, අපට පමණක් ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන පිහිටි, විරල ඛණිජ වලින් පිරිණු ඉඩම් ඇති රටකට MCC ගිවිසුමත් එක්ක එන නවලිබරල් ධනවාදී ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැහැ.
    අපිට ගැලපෙන්නේ අපේ සම්පත් ආරක්ෂා කරන, පවතින රජයට රටේ ප්‍රතිපත්ති තීරණය කල හැකි, දේශීය ජනතාවට මුල් තැන දෙන ආර්ථික ප්‍රතිපත්තියක්.
    මංගල කතා කරන්නේ කොලේ වහල.
    MCC ගිවිසුමත් එක්ක ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, නිදහස සියලු දේ නැතිවී යනවා.
    එයින් පස්සේ අපේ රටේ සියලු නීති, ඒ කියන්නේ අධිකරණ නීති, පරිපාලනමය නීති, ඉඩම් නීති සියල්ල වොෂින්ටනයට ඕනේ විදහට වෙනස් කරනවා.
    මේක අපි කියන දෙයක් නෙමෙයි. රාජ්‍ය නීති ප්‍රතිසංස්කරණය මේ ගිවිසුමේ අනිවාර්ය කොන්දේසියක්.
    දැනටම බෞද්ධයන්ගේ උතුම් මුදුන්මල්කඩක් වුනු රුවන්මැලිසෑය ප්‍රතිසංස්කරණය කරන්නේ විදේශීය ආයතන සහ විදේශිකයන්. මේ තරම් වටින සෑයක අභ්‍යන්තරය ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් scan කරන්න විදේශිකයන්ට ඉඩ දීල තියෙනවා. අපේ චෛත්‍ය වල බලය රැඳිලා ඒවායේ නිදන් කරලා තියෙන වස්තු නිසා. අවුරුදු දෙදහස් ගණන් පැරණි මේ චෛත්‍ය අදටත් පවතින්නේ ඒ හින්ද. මේවා විදේශිකයන්ට විවෘත කරන එක වැරදියි. සමහර රටවල අපනයන වාර්තා වගේ දේවල විස්තරවත් එලියට දෙන්නේ නැහැ.
    ගිවිසුම අත්සන් කරන්නත් ඉස්සෙල්ල වැඩ සිද්ධ වෙන්නේ මෙහෙම නම් ගිවිසුම අත්සන් කරාට පස්සේ අපේ සියලු දේ විදේශිකයන් අතට යන එක වලක්වන්න බැහැ.
    MCC ගිවිසුමත් එක්ක එන SOFA/ACSA/VFA ගිවිසුම් ගැන මංගල කතා කරන්නේ නැහැ. මේ සියලු ගිවිසුම් එකට බැඳිලා තියෙන්නේ.
    ඇමරිකන් ඩොලර් මිලියන් 480ක් වගේ සොච්චම් මුදලකට, ඇමරිකන් හමුදාවට ලෝකයේ සංග්‍රාමික, ආරක්ෂක සහ ආර්ථිකමය අතින් විශේෂිතම ස්ථානයක පිහිටලා තියෙන ලංකාව ඇතුලේ තමන්ගේ කඳවුරක් හදා ගන්න තියෙන පහසුම විදිහ තමයි ලංකාව MCC ගිවිසුම අත්සන් කරන්න එකඟ කරව ගැනීම.
    එනිසා, MCC ගිවිසුමට, ජනාධිපති අපේක්ෂකයන්ද ඇතුළුව, පාට පක්ෂ භේදයක් නැතුව, රටම විරුද්ධ වෙන්න ඕනේ. හේම නොකොළොත් චන්දෙ දෙන්න එපා.

  • 2
    1

    රටේ සාමාන්‍ය ජනයාගේ උදාසීනත්වය සහ මැලෙචා අද ශ්‍රී ලංකාවේ සමාජයේ මූලික ස්වභාවයයි. එය ග්‍රාමීය හෝ නාගරික ප්‍රදේශ වේවා, මිනිසුන් අනෙකා ගැන සැලකිල්ලක් නොදක්වයි. රට තුළ බුද්ධාගම පිළිපැදීම බුදුන්ගේ සැබෑ ඉගැන්වීම් සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ඔවුන්ගේ බුද්ධාගම සැබෑ බුද්ධාගමට වඩා හින්දු ආගමට සමීප ය. මිථ්‍යා විශ්වාස හින්දු ඔවුන් සැඟවී සිටින ආකාරය මම දැක ඇත්තෙමි. එය ශ්‍රී ලංකාවේ බුද්ධාගමට වඩා වෙනස් නොවේ. එය බියර් යැයි සිතමින් වයින් පානය කිරීමක් වැනිය. සමහරු තම මැණික් කටුව වටා පිරිත්නූල් පොකුරක් ඇඳගෙන පවා ඉහළ අපරාධ කරති. ඔවුන් කට අරින්නේ නම්, එළියට එන්නේ බුදුසර්නායි, නමුත් ඔවුන්ගේ ඊළඟ කොන්ත්‍රාත් kill ාතන වලට උදාහරණයක් ලෙස. ඒ දවස්වල මෙන් මිනිසුන්ට අන් අයට ගෞරවයක් හා ගෞරවයක් නැත.
    ශ්‍රී ලංකාව දැන් මොළයකට වඩා මාංශ පේශියට කළ හැකි ස්ථානය බවට පත්ව ඇත. සමාජයේ ආධිපත්‍යය දරන ජාතීන් වෛරය සහ අපරාධ පහසුවෙන් ප්‍රවර්ධනය කරනු ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හිටපු නායකයින්ගේ සමීප හිතවතුන් බවට පත්වේ. විරුද්ධවාදීන් පැහැරගෙන යාම සහ අතිරේක මිනිස් ings ාතන 2015 වන තෙක් දෛනිකව සිදු විය. වැඩි කලකට පෙර, 2015 වන තෙක් බොහෝ දෙනෙක් පාහේ තර්ජනයට ලක්ව සිටියහ. සමහර මාධ්‍යවේදීන් පැන යාම සඳහා රට හැර ගියහ. ඔවුන්ගේ සමහර සගයන් විසුරුවා හරින ලද අතර වෙඩි තබා were ාතනය කරන ලදී. ඔවුන් අතර ලසන්ත, ඒකනෙලිගොඩ සහ නොතර්න් පළාතේ මාධ්‍යවේදීන් ද වේ. සමහර මාධ්‍ය මාධ්‍යවේදීන් මට යුරෝපයේ දී හමු වී තිබේ. . ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සහ ඔවුන්ගේ කථා කණගාටුදායක ය.

  • 0
    0

    හෙලෝ මංගල. අන්න විමල් MCC ගිවිසුමෙන් රටට වෙන අනර්ථය ගැන සවිස්තරාත්මක දීර්ඝ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා “ජාතික ආර්ථික සභාවේම” නිරීක්ෂණ උපුටා දක්වලා.
    මංගල අභියෝගයක් කලානේ MCC ගිවිසුමේ එක නරකක් තියෙනවා නම් කියන්න කියල.
    අන්න ඒ කතාව විමල්ගේ .lk website එකෙත් තියෙනව. Lanka Lead News එකෙත් තියෙනව.
    ඒක කියවල ඉගෙන ගන්න දන්නැති දේවල්.

  • 0
    1

    cHAMPAwathiye..
    We know you re his bed partner for some reasons, but why you to respect him further?
    I think wimal baellige putha should be hung by his balls for all what he has done to this nation sofar. These men can only mislead until A DICTATOR abuses the vulnerablity of the politically stupid masses in this country.
    You sound to be somewhat educated, but wimalwathi is no good enough to appoint as the sweeper to maradana if I may say so.

    • 0
      1

      Babalathappuvo
      Thanks to Wimal, Sinhalese have awaken from their deep slumber and raised their voices against the slave government since 2015.
      Due to his struggle since 2000, the country was able to retain the unitary state. Otherwise, Ranil would have awarded North and ‘East to Prabhakaran on a platter in 2002.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.