Colombo Telegraph

ප්‍රාග්ධනයෙන් අවුරුදු 150කට පසු අසමානතාවය

මයිකල් රොබෙර්ට්ස්

මයිකල් රොබෙර්ට්ස්

ගෝලීය වශයෙන් මෙන්ම රටවල් ද්විත්වයම තුළ පවතින ධනයෙහි සහ ආදායමේ අසමානතාවය තුළ පවතින මට්ටම සහ වෙනස්කම් මත මා බොහෝ ලිපි ලියා ඇත. පසුගිය ශතවර්ෂයේ බොහෝ ධනවාදී ආර්ථික තුළ ආදායම් සහ ධනය තුළ ඉහළ යන අසමානතාවය පෙන්වමින් සිදුකළ ආනුභවික අධ්‍යයනයන් බාහුල්‍යයක් පවතී.

මෙම වෙනස සඳහා සපයනු ලැබූ විවිධ න්‍යායාත්මක විස්තර කිරීම් පවතී. වඩාත් ජනප්‍රිය වන්නේ, (තෝමස් පිකෙටි) Thomas Piketty විසින් ඔහුගේ ගර්විත ග්‍රන්ථය වන, 21 වෙනි සියවසේ ප්‍රාග්ධනය යන්න තුළ ඉදිරිපත් කරනු ලැබූ විස්තර කිරිම යි. Stephen Hawking විද්‍යාඥයා විසින් රචිත ‘කාලයේ කෙටි ඉතිහාසයක්’ යන ග්‍රන්ථය අතික්‍රමණය කරමින් මෙම ග්‍රන්ථය 2014 දි වැඩි වශයෙන් මිලට ගත්, අඩුවෙන්ම කියවූ ග්‍රන්ථයට හිමි සම්මානය දිනා ගත්තේය.

මා මෙන්ම අනෙකුත් පුද්ගලයන් විසින් ද බොහෝ ස්ථානයන්හි දී පිකෙටි ගේ කටයුතු වල සාමාර්ථයන් සහ දෝෂයන් සාකච්ඡා කර ඇත. අදහසක් ලබා ගැනීම සඳහා කරුණාකර මේවා කියවන්න. සත්‍ය වශයෙන්ම වසර 150 කට පෙර ප්‍රකාශිත, මාක්ස් ගේ ග්‍රන්ථයේ නාමය පිකෙටි විසින් නැවත යොදාගනු ලැබුවද, ඔහු වටිනාකමේ නිතිය මත පදනම් වු ප්‍රාග්ධනය පිළිබඳ මාක්ස්ගේ විශ්ලේෂණය සහ ලාභ අනුපාතිකය පහළ යාමට පවතින නැඹුරුව ඉවතලන අතර ආන්තික ඵලදායිතාවය සහ/හෝ ‘බදුකුලී සෙවීම’(rent- seeking) වැනි වෙළඳපොළ අපුර්ණතා පිලිබඳ ප්‍රධාන ධාරාවේ න්‍යායන් යොදන බව පැවසීම ප්‍රමාණවත් වේ. මෙය, ප්‍රාග්ධනය ප්‍රතිසංස්කරණය කල හැකිය සහ ගෝලීය මුල්‍ය බදු හෝ අනුක්‍රමික දේපල බදු හෝ වඩාත් මෑතකාලීනව පොදු පදනමක ආදායමක් වැනි මිනුම් මඟින් අසමානතාවය අඩු කරනු ලබයි යන දෘෂ්ටිවාදයන්ට මඟ පෙන්වයි( පිකෙටි මෙය මත සිට වත්මනදී ප්‍රංශ සමාජවාදී ජනාධිපති අපේක්ෂක හැමෝන් වෙත උපදෙස් ලබා දෙමින් සිටියි)

අර්බුද සහ පරිහානිය නොව, අසමානතාවය යන්න තුළ නිදහස සහ වාමවාදී විවාද සහ විශ්ලේෂනයන්ගේ නොපැහැදිලි වචනය අන්තර්ගත වේ. පුළුල් වන අසමානතාවය “අපේ කාලයේ ප්‍රධානතම අභියෝගයක්’ ලෙස ලෝක ආර්ථික සමුළුවේ බුද්ධි මණ්ඩලය විසින් දක්වා ඇත. ආදායම් පරතරය ඇමෙරිකාවේ ආර්ථික වර්ධනයට තර්ජනය කරන දිගුකාලින නැඹුරුවක් වශයෙන් S & P Global Ratings ප්‍රමාණන ඒජන්සිය සඳහන් කර ඇත. IMF හෝ OECD වැනි ප්‍රධාන අන්තර්ජාතික ආයතන පවා වඩා ඉහළ සාධාරණත්වයක්, වර්ධනය සහ වඩා ස්ථාවර ධනවාදයක් සඳහා වඩාත් යහපත් වන්නේද යන්න දැකීමට අසමානතාවය තුළ පවතින චලනයන් අඛණ්ඩව විශ්ලේෂණය කරති.

Engelbert Stockhammer වැනි පශ්චාත් කේනිසියනුවාදී ආර්ථික විද්‍යාඥයන් හෝ Joshep Stiglitz වැනි ප්‍රධාන ධාරාවේ වඩාත් විප්ලවකාරී ආර්ථික විද්‍යාඥයන්, පහළ යන ලභාදයිත්වය හෝ මුදල් නිර්මාණය කිරීමේ යන්ත්‍රයක් වශයෙන් ප්‍රග්ධනයේ පවතින ආවේණික අස්ථාවරත්වය නොව, අර්බුදයන්ගේ ප්‍රධාන හේතුව ඉහළ යමින් පවතින අසමානතාවය බව සලකයි. නැවත මා විසින් මෙහිදී තර්කයන් සාකච්ඡා කර ඇත.

නමුත් ප්‍රධාන ආර්ථිකයන් තුළ ධනය සහ අදායම් අසමානතාවය සමඟ සැලකිල්ලට ගනු ලබන කුමන හෝ හේතු සහ ක්‍රියාවලින්, මාක්ස් ප්‍රාග්ධනය ප්‍රකාශ කල අවස්ථාවේ සිට දැකිය නොහැකි මට්ටම් වලට ලඟා වී ඇති බවට කිසිදු සැකයක් නැත. සැබවින්ම 1867 න් පසු ඇමෙරිකාව තුළ ලඟා වී ඇති අසමානතාවයේ මට්ටම් මිනුම් කිරිමට උත්සහා කරන සිත්ගන්නා ප්‍රස්ථාර සටහනක් මෙහිදී දක්වා ඇත. ආදායමේ හෝ ධනයේ පවතින අසමානතාවය මිනුම් කිරීමට යොදා ගන්නා වඩා සුලබ මිනුමක් වන්නේ ගිනි සංගුණකය යි. ගෝලීය අසමානතාවය පිලිබඳ විශේෂඥ Branco Milanovic විසින් සපයා ඇති මෙම ප්‍රස්ථාරය තුළ, 1867 දි ගිනි අනුපාතිකය 55 ඉක්මවා ඇත.

ප්‍රස්තාර සටහනට අනුව, එය අසමානතාවයේ මුදුනත වූ අතර ඊළඟ වසර 100 පුරාවට නැවත එය ආපසු පහළ බැස ඇති අතර එසේ ප්‍රාග්ධනය විසින් ශ්‍රමය මඟින් නිෂ්පාදනය කරනු ලබන වටිනාකමේ වර්ධනය වන කොටසක් අත්කර ගන්නා බැවින් වැඩකරන පන්තිය පිඩා විඳිනු ලබන්නේය යන මාක්ස්ගේ දර්ශනය ඛණ්ඩනය කිරීමට පෙනී සිටියි. ඒ වෙනුවට, එය එක්වරක් ධනවාදය ක්‍රියාත්මක වෙමින් ආර්ථික වර්ධනය ලබාදීම ආරම්භ වී, වෙළඳපොළ බලවේග, බාධා පැමිණවීමක් සිදු නොවුයේ නම්, වඩා සාධාරණ සමාජයක් ක්‍රමයෙන් ඉදිරියට ගෙන එනු ඇත යන 1960 දි ලියන ලද Simon Kuznet ගේ ප්‍රධාන ධාරාවේ දර්ශනය තහවුරු කිරීමට පෙනී සිටිනු ඇත. උත්ප්‍රාසාත්මක දෙය වන්නේ, Kuznet මෙම නිගමනයට ලඟා වුවා සමඟම, බොහෝ ප්‍රධාන ධනවාදී ආර්ථිකයන් ආදායම සහ ධනය යන ද්විත්වය තුළම අසමානතාවය තුළ ඉහළයාමක් ජනනය කිරීමට පටන් ගැනීමයි – ප්‍රස්ථාර සටහන පෙන්වන පරිදි.

නමුත් පෙනී යන ආකාරයට 1867 සිට වර්තමානය දක්වා ඩොලර් වලින් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයේ විශාල පැන්නුමක් ප්‍රස්ථාරය මඟින් පෙන්වන බැවින් මුලාවට ලක්නොවන්න. එය නොමඟ යැවීමකි. මෙම පැන්නුම ඇමෙරිකාවේ වඩා වේගවත් ආර්ථික වර්ධනය හේතුවෙන් හෝ ජනගහන වර්ධනයේ පහළ යාම හේතුවෙන් ඇති වුවක් ද යන්න එය නොපෙන්වයි( සත්‍ය වශයෙන්ම එය අපරෝක්තය වේ). සැබවින්ම එය බ්‍රිතාන්‍ය හෝ ඉන් ඔබ්බට ධනවාදය යටතේ ප්‍රත්‍යවර්තින් සහ අර්බුධයන් මඟින් ඇතිකරනු ලබන දළ දේශීය නිෂ්පාදනයේ විශාල පහළ යාම් නොපෙන්වයි.

ප්‍රස්ථාරය මඟින් අනාවරණය කරන පරිදි, කෙසේවුවත් 1920 සිට නොපෙනෙන මට්ටම් වලින් එංගලන්තය තුළ අසමානතාවය වඩාත් නරක තත්වයට පත්වෙමින් පවතී. ඇත්තවශයෙන්ම, ප්‍රංශ ආර්ථික විද්‍යා පාසැල සහ UC Berkeley මඟින් පැමිණෙන Piketty සහ අනුගාමිකයින් විසින් ලෝක ආදායම් දත්ත පිළිබඳව නව විශ්ලේෂණයක් තුළ ඇමෙරිකාවේ දුගීම ජනයාගේ ආදායමේ පහළයාමත් සමඟ ( විස්මයජනක නොවන ලෙස) – 1978 තුළ 12% සිට 20% දක්වා පහළ යාම- රටේ පහළම මට්ටමේ රැඳි සිටින 50% මඟින් අයිතිවාසිකම් කියනු ලබන ඇමෙරිකාවේ ජාතික ධනයේ බිඳ වැටීමක් විස්තර කරයි. Piketty, Saez සහ Zucman විසින් මිලියන 117ක් පමණ වන ඇමෙරිකානු වැඩිහිටියන් වසරකට $ 16200 ක් පමණ වන සංක්‍රාම ගෙවීම් සහ බදු පෙර නොවෙනස්ව එකතැන පල්වෙන ආදායමකින් ජිවත්වන බව පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක් තුළින් සොයාගෙන ඇත.

එය විශේෂ ලක්ෂ්‍යයක් සලකුණු කරයි. ආර්ථික විද්‍යා පර්යේෂණ ආයතනයේදි ප්‍රකාශයට පත් කළ the economists හි පර්යේෂණයකට අනුව, වර්තමානයේ ඇමෙරිකාව තුළ සිටින ඉහළම 1% ක ඉහළම ආදායම් උපයන්නන් 1978 දි 12% ට වඩා අඩු ප්‍රමාණය සමඟ සංසන්දනය කරන විට, රටේ පුර්ව බදු ජාතික ආදායමේ 20% ක් පමණ ගෙවනු ලබයි. එම කාලය පුරාවට චීනය තුළ, ඉහළම සිටින 1% ප්‍රතිශතය තම ආදායම් කොටස 6% සිට 12% දක්වා ඉහළ නංවමින් දෙගුණ කරගෙන ඇත. කර්තෘ විසින් ලියා දක්වන පරිදි ඇමෙරිකාව ‘1978 සිට 2015 දක්වා ඇමෙරිකාව තුළ පහළ රැඳි සිටින 50% ක ආදායම් පංගුවේ සම්පුර්ණ බිඳ වැටීමක’ අත්දැකීම් ලබා ඇත. ‘2015 දි චීනය තුළ සමාන ගුණාත්මක නැඹුරුතාවයෙන් වෙනස්ව සහ එය නොසලකා පහළ 50% ක පංගුව 1% පංගුවට වඩා විශාල ලෙස පවතී’.

ඒ අතර, the economists ලියා දක්වා ඇති පරිදි, පහළ 50% හේ අදායම ද “ප්‍රකටවම වර්ධනය වී” – අසමානතාවය පුළුල් වීම නොසලකා – චීනය තුළ ආර්ථික වර්ධනය වඩාත් ශක්තිමත් වි ඇත. චීන කම්කරුවන්ගෙන් දිළිඳුම අඩ ඔවුන්ගේ සාමාන්‍ය වැටුප 1978 සිට 2015 දක්වා 400 % කට වඩා වර්ධනය වන බව දැක්ක ඇති බව ඔවුන්ගේ විශ්ලේෂණය විසින් සොයා ගත්තේය. ඔවුන්ගේ ඇමෙරිකානු ප්‍රතිපුරණයන් සඳහා ආදායම 1% ක් පහළ ගියේය. චීනය තුළ “මෙය ඉහළ යන අසමානතාවය වඩාත් පිළිගත හැක්කක් බවට පත් කරන්නක් වැනිය ” යන්න ඔවුන් හඳුනා ගත්තේය. එයින් වෙනස්ව ඇමෙරිකාව තුළ, පහළ 50% සඳහා කොහෙත්ම වර්ධනයක් නොපැවතුනි.

IMF සහ ලෝක බැංකුව වැනි අනෙකුත් ඒජන්සි, මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දැමු ධනවාදය යටතේ ආර්ථික වර්ධනය ලබා ගත් බවට තර්ක කිරීමට කැමැත්තක් දක්වයි. නමුත් දරිද්‍රතා ක්ෂේත්‍රයේ සහ ගෝලීය අසමානතාවය පිලිබඳ ආර්ථික විශේෂඥයින් ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන මඟින්, නිල ‘දරිද්‍රතාවය’ හේතු දෙකක් මත පහළ ගොස් ඇති බව අනාවරණය කරයි. පළමු වැන්න නම්, දවසකට $1 ට වඩා අඩු අදායමක් මත ජිවත් වන්නන්ගේ දරිද්‍රතාවය පිලිබඳ නිර්වචනය යල්පැනු නිර්වචනයක් වීම; සහ දෙවැන්න නම්, චීනය තුළ ආසන්න වශයෙන් සියලු පහළ යාම් Piketty සහ අනෙකුත් පුගලයන් විශ්ලේෂණය කළ 19 වැනි සහ 20 වැනි සියවසේ ධනවාදය තුළ දකින ලද වෙළඳපොළ ධනවාදයේ සිට තවමත් දුරස්ථව පවතින, රජය විසින් පාලනය කල සහ මඟ පෙන්වනු ලැබූ ආර්ථිකයක් යටතේ ලබාගත් එහි අපුර්ව ආර්ථික වර්ධනය නිසා සිදු වි ඇති බවයි. බොහෝ අඩු ආදායම් රටවල් තුළ පවතින අසමානතාවය බොහෝ ඉහළ මට්ටම් වල සිට කලාතුරකින් වෙනස් වි ඇත.

ප්‍රධාන හේතුව වන්නේ ධනයේ පාලනයයි. ධනය සහ ආදායමෙන් වැඩි කොටස පහරගන්නේ කෙසේද යන්න මත ඉතා සුළු ප්‍රභූ පිරිසකට නිෂ්පාදන ක්‍රමය සහ මුල්‍ය හිමිව පවති. සමාජයේ ඉහළම සිටින 1% ක ප්‍රතිශතය විසින් පවත්නා ප්‍රාග්ධනය සහ ධනය වෙතින් ආදායම් ප්‍රතිලාභයන්ගේ වර්ධනීය පංගුවක් ව්‍යුත්පන්න කර ගන්නා බව ඇමෙරිකානු ආර්ථික විද්‍යා ප්‍රතිපත්ති ආයතනය සොයා ගත්තේය. එය ඔවුන් වඩාත් දක්ෂ නිසා හෝ වඩාත් හොඳ අධ්‍යාපනයක් ලැබූ නිසා ලබා ගත්තක් නොවේ. ඒ ඔවුන් වාසනාවන්ත නිසා (Donald Trump වගේ) සහ දෙමවුපියන්ගේ හෝ ඥාතීන්ගෙන් ඔවුන්ගේ ධනය හිමි වු බැවිනි.

ඉතාලි බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් සිදු කල මෑතකාලීන අධ්‍යනයක් මඟින් අදවන විට සිටින ප්ලෝරන්ස්හි ධනවත්ම පවුල් ආසන්න වශයෙන් අවුරුදු 600 කට පෙර ප්ලෝරන්ස්හි ධනවත්ම පවුල් වලින් පැවතෙන බව සොයාගෙන ඇත. එම නිසා ඉතාලියේ වාණිජ ධනවාදයේ නැඟීම සහ ඉන්පසු කාර්මික ධනවාදයේ ප්‍රසාරණය සහ දැන් වන විට මුල්‍ය ප්‍රාග්ධනය ධනය හිමිකරුවන්ට සුළු වෙනසක් හෝ වෙනසක් නැති තත්වයක් ඇතිකර ඇත. Emmanuel Saez සහ Gabriel Zucman ඇමෙරිකාව තුළ ඉහළම ධනපති පැලැන්තිය අත ධනය වැඩිවන මට්ටමින් ඒකාග්‍ර වී ඇති බව පෙන්වා දි ඇත.

එබැවින් සුවිශේෂී නිෂ්පාදන ක්‍රමය සහ මුල්‍යයක් තුළ, ධනයේ විශාල සංකේන්ද්‍රණය සහ මධ්‍යගතකරණයකට ධනවාදය මඟ පෙන්වනු ඇති බවට අවුරුදු 150කට පෙර මාක්ස්ගේ පුරෝකථනය, උසුලනු ලබයි. ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ සමාව අයදින සහ සර්වසුභවාදී බවට ප්‍රතිවිරුද්ධ ලෙස, කුඩා කණ්ඩායමක් තුළ ප්‍රාග්ධන සංකේන්ද්‍රණය සහ මධ්‍යගත වීම නිසාවෙන් ප්‍රධාන ධනවාදී ආර්ථිකයන් තුළ අසමානතාවය ඉහළ යන අතරතුර ලෝකය පුරා සිටින බිලියන ගණනක් සඳහා දරිද්‍රතාවය අභිවෘද්ධියෙහි සුළු සලකුණක් සමඟ රැඳිපවතී.

*2017 පෙබරවාරි 19 වැනි දා ‘Michael Roberts Blog’ හි පළවූ “Inequality after 150 years of Capital” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය හෂිනි ජයවික්‍රම

Back to Home page