Colombo Telegraph

‘දෙමළාගේ ප‍්‍රශ්නය කුමක්ද ?’ ගැන කෙටි සටහනක්

නෙවිල් උදිත වීරසිංහ

නිර්මාල් රංජිත් දේවසිරි විසින් රාවය පුවත් පතට හා  demalageprashnaya.wordpress.com බිලොග් අඩවියට ලියමින් සිටිනිදෙමළාගේ ප්රශ්නය කුමක්ද?’ ලිපි මාලාව ඉතා උනන්දුවෙන් කියවමි. මෙම ලිපි මාලාව සම්බන්දයෙන් මාගේ උනන්දුව ඇති කරන ප්රධාන කාරණය වන්නේ, මා දන්නා තරමින් සිංහල සමාජය තුළ මෙවැනි ප්රවේශයකින් සිංහල ජාතික චින්තන කථිකාව ප්රශ්න කිරීමක් මා දැක නැති බැවිනි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කිසි දිනක ජාතික චින්තන කථිකාව විදිමත් ලෙස ප්රශ්න කිරීමට සමත්වී නැත යන්න මගේ විශ්වාසයයි. එය එසේ වීමට බලපෑ ප‍්‍රධාන කාරණා දෙකක් ඇත. එක කරුණක් වන්නේ වාමාංශිකයන් බහුතරයක් අතර පවතින මතයක් වන, සිංහල ජාතිවාදීන්  සමග සංවාද කර වැඩක් නැත යන මතයයි. අනික් කාරණය වන්නේ සිංහල ජාතිකවාදී කතිකාව සම්බන්දයෙන් කරනු ලබන ප‍්‍රශ්න කිරීම එම කථිකාවෙන් පිටත සිදුවීමයි. සිංහල ජාතික චින්තන කථිකාව විදිමත්ව ප‍්‍රශ්න කිරීමට නම්, එම කථිකාව එම කථිකාව තුළම ප‍්‍රශ්න කල යුතුය. නිර්මාල්ගේ ලිපි මාලාව හරහා සිංහල ජාතික චින්තන කථිකාව එම කථිකාව තුළම ප‍්‍රශ්න කිරීමට මුලපුරා ඇතයි සිතමි. ජාතික චින්තන කථිකාව සම්බන්ධයෙන් වන මෙම විදිමත් ප‍්‍රශ්න කිරීමේ වැදගත් කම අවධාරනය කරන අතරම දෙමළාගේ ප‍්‍රශ්නය ලංකාවේ ප‍්‍රධානතම ප‍්‍රශ්නය වශයෙන් පිලිගැනීම තුළ දකුණේ සමාජය තුල පදනම් වන ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාර, සමාජ ව්‍යාපාර හා දේශපාලන පක්ෂ පැටලෙන අර්බූදයද අප හදුනාගතයුතු යැයි සිතමි.

දකුණේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයන් දෙමළ ජාතික ප‍්‍රශ්නය ලංකාවේ ප‍්‍රධානම ප‍්‍රශ්නය වශයෙන් ගෙන ක‍්‍රියාකිරීම තුළ සිදුවී ඇත්තේ දකුණෙ වැඩකරන සහ පිඩිත ජනයාගේ ප‍්‍රධාන දේශපාලන හා සමාජ ප‍්‍රශ්න ද්විතීක කොට සැලකීමයි. නමුත් දකුණේ රැුඩිකල් දේශපාලන ව්‍යාපාරයන්ට විප්ලවීය දේශපාලන භාවිතයක් ගොඩනගා ගැනීමටත්, විප්ලවීය විකල්පයක් ගොඩනගා ගැනීමටත් අවශ්‍ය වන්නේ්ම් තමන් පදනම් වන ප‍්‍රජාවන්ගේ සමාජ, දේශපාළන හා ආර්ථික අවශ්‍යතාවයන් ස`දහා මූලිකත්වය දිය යුතුව ඇත. දකුණේ ප‍්‍රජාවන්ගේ අයිතීන් සදහා මූලිකත්වය දීම තුළ විකල්පයක් ගොඩනගාගැනීම තුළ පමනකි අනෙකුත් පීඩිත ජාතීන්ගේ සම අයිතීන් වෙනුවෙන් අපට ශක්තිමත්ව පෙනීසිටිය හැකිවනු ඇත්තේ.

වර්තමානයේ ලංකාවේ ‘ජාතික ප‍්‍රශ්නය’ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගෙ ප‍්‍රශ්නයට පමණක් ඌණනය කිරීමටද නොහැක. ලංකාවේ ජනවාර්ගික ගැටලුව උතුරු නැගෙනහිර වසන දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට එහා ගිය සංකීර්ණ ස්වරූපයක් ගෙන ඇත. මෙයට මුස්ලිම් ජනයා ගේ ප‍්‍රශ්නයද ඇතුලුව බොහෝ සාදක එකුවී ඇත.

පැවති පලාත් සභා මැතිවරණය තුළ විමල් වීරවංශ ඇතුලු සිංහල අන්තවාදී කොටස් ස`දහා වැඩි ජන්ද ප‍්‍රමාණයක් නොලැබීම මගින් සිංහල අන්තවාදී මතවාදය ස`දහා සිංහල සමාජය තුළ සුජාතබාවය හැකිලෙමින් පවතින බවට නිගමනය කල නොහැක. සිංහල සමාජය තුල වන සිංහල අන්තවාදී මතවාදය පැවති පලාත්සභා මැතිවරණය තුළදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබු ජන්ද තුළම අඩංගු වූවාය යන්න මාගේ පිළිගැනීමයි’  අනෙක් අතට  සරත් ෆොන්සේකා ලැබූ ජන්ද තුළ ප‍්‍රධාන වශයෙන් අඩංගු වන්නේ ද සිංහල ජාතිවාදී විඤානයකින් දෙන ලද ජන්දයන්ය. සරත් ෆොන්සේකාට ජන්දය දුන් ග‍්‍රාමීය ජන්දදායකයා ඔහුට ජන්දය දෙනු ලැබුවේ රට දෙමළ ත‍්‍රස්තවාදයෙන් මුදවා ගත් අභීත සෙන්පතියෙකුට දෙන සිංහලයකුගේ ජන්දයක් වශයෙනි. මෙවැනි පසුබිමක දෙමළ ජාතික සන්ධානය ලැබු මෙම මැතිවරණ ජයග‍්‍රහනයෙන් පසු අනාගත ලංකාවේ දේශපාලන වර්ධනයන් කුමන ස්වරූපයක් ගනු ඇතිද?

දෙමළ ජාතික සන්ධානය උතුරේ ලැබූ විශීෂ්ඨ මැතිවරණ ජයග‍්‍රහනය ස්ව්‍යංනීර්න අයිතිය සම්බන්ධව උතුරේ දෙමළ ජනයාගේ අභිලාශය නැවත ප‍්‍රකාශවීමක් බව ඉතා පැහැදිලිය. මින් අනතුරුව මහින්ද රාජපක්ෂගේ සිංහල උත්තමවාදී රජය තවදුරටත් ‘උතුරේ වසන්තයක් ’ වෙනුවෙන් මුදල් වැය නොකෙරුනු ඇත. උතුරේ සංවර්ධනය ස`දහා රජය මගින් වෙන්කරන ප‍්‍රතිපාදන ඉදිරියේදී  සිමා කිරීමක් බලාපොරොත්තු වියහැක. එවැනි තත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානයේ පදනම උතුර තුළ පවත්වා ගැනීමට දෙමළ ජාතිකත්වය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය ස`දහා වැඩි අවධානයක් දීමට දෙමළ ජාතික සංධානය යොමුවනු ඇතැයි සිතමි. මෙහි ප‍්‍රථිපලය වනු ඇත්තේ උතුරේ දෙමළ ජාතිකත්වය ගොඩනැගීමේ ක‍්‍රියාකාරීත්වයන්ට එරෙහිව දකුණේ සිංහල අන්තවාදී කොටස් විසින් සිංහල සමාජයේ මතවාදය සංවිධානය කිරීමට උත්සහා කිරීමයි. දරුණු ආර්ථික අර්බූදයක ගිලීයමින් සිටින රාජපක්ෂ රෙජීමයේ පදනම දකුණේ සිංහල ජනයා මත නැවත වටයකින් තහවුරු කරගැනීම ස`දහා මෙම තත්වය ඉතා උපක‍්‍රමශීලී ලෙස රාජපක්ෂ රෙජීමය විසින් කලමණාකරනය කරගැනීමට උත්සහ දරනු ඇත. මෙවැනි තත්වයක් තුළ දකුණේ වාමාංශික ව්‍යාපාරයන් දකුණේ වැඩකරන ප‍්‍රජාවන්ගේ ප‍්‍රශ්න මත ප‍්‍රධන වශයෙන් පදනම්ව තම දේශපාලන අරගලයන් ඉදිරියට ගෙනයාම තුළ පමනකි මෙම පවතින රෙජීමයට එරෙහි පැහැදිළි විකල්පයක් ගොඩනගාගත හැකිවනු ඇත්තේ. මෙවැනි විකල්පයක් ගොඩනගා ගැනීමකින් පමනකි පීඩිත ජාතීන්ගේ සමඅයිතීන් වෙනුවෙන් ශක්තිමත්ව පෙනීසිටිය හැකිවනු ඇත්තේ.

සිංහල උත්තමවාදයෙන් සිංහලයාව ‘ගලවා ගැනීමටනම්’ දකුේණ් වාමාංශික ව්‍යාපාරයන් දකුණේ සමාජය මුහුන දෙන සමාජ, දේශපාලන හා ආර්ථික ප‍්‍රශ්න කෙරෙහි මුල්තැන දී එම ප‍්‍රශ්න සම්බන්දයෙන් අරගල කර යුතුය යන්න මාගේ විශ්වාසයයි. දකුනේ වෙසෙන ප‍්‍රජාවන්ගේ සමාජ, දේශපාළන සහ ආර්ථික ප‍්‍රශ්න කෙරෙහි මූලිකත්වය දී අරගලකරන දේශපාලන ව්‍යාපාරයන් සමග නිර්මාල් විසින් ජාතික චින්තන මතවාදය ප‍්‍රශ්නකරනු ලබන ප‍්‍රවේශය වැනි ප‍්‍රවේශයන් සමපාතවීමෙන් පමනකි අපට දකුනේ සැබෑ විකල්පයක් ගොඩනගාගතහැකි වනුඇත්තේ.

Back to Home page