Colombo Telegraph

රාවය අර්බුදය

නිර්මාල් රංජිත් දේවසිරි

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

රාවය හිටපු කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන කර්තෘ තනතුරෙන් ඉල්ලා අස්වීම මෙන්ම රාවයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කිරීම පසුගිය රාවය පුවත් පතට ප්‍රවෘත්තියක් වී නොතිබුණි. එය ඉතාම සිත්ගන්නා සුළු දෙයකි. අඩුම තරමින් එය ප්‍රවෘත්තියක් ලෙස පළ කරනවාද යන්න රාවය තුළ සැලකිල්ලට හෝ භාජනය වූවා යන්න හෝ මම නොදනිමි.

කෙසේ වෙතත් රාවය අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම අතිශයින් වැදගත්ය. රාවය සමග මගේ සම්බන්ධය තරමක් සංකීර්ණ එකකි. මා රාවය පුවත්පතට ලියනවාට අමතරව වසර කීපයකට පෙර ගොඩනැගුණු රාවය සහයෝගීතා ව්‍යාපාරයේද ක්‍රියාකාරීව කටයුතු කළෙමි. මගින් ගොඩ නගනු ලැබූ රාවය සුරැකීමේ අරමුදළට මගේ මූල්‍ය දායක්තවය රුපියල් තිස්දහසක් වැනි සුළු එකක් වීම මෙහි දී අදාළ නොවේ යැයි සිතමි.

රාවය අරමුදල ගොඩ නගන අවස්ථාවේ දී ඊට විරුද්ධව චෝදනා එල්ල විය. එහි දී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ උවිඳු කුරුකුලසූරිය වෙතිනි. ඔහුගේ ප්‍රධාන චෝදනාව​ වූයේ මෙම අරමුදලින් කොටසක් වික්ටර් අයිවන් වෙත, අයිවන්ගේ රාවයට ඇති කොටස් අයිතියට හිලවුවට ලබා දීම ප්‍රශ්ණකාරී බවයි. විශේෂයෙන්ම සඳහා කිසිදු නෛතික පදනමක් නොමැති බව ඔහු තර්ක කළේය. කෙසේ වෙතත් මා අවස්ථාවේ අදාළ මුදල වික්ටර් අයිවන් වෙත ලබා දීම වෙනුවෙන් පෙනී සිටියෙමි. උවිඳුගේ තර්කයට පදනමක් ඇතිය යන අදහසද දරාගෙන, එබැවින්ම අවධානමක්ද ඇතිවයි. මගේ ක්‍රියාව මූලික වශයෙන්ම තීරණය වූයේ මොහොතේ රාවය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බවත්, මිලින්ද මොරගොඩ රාවය මිලදී ගැනීමට තීරණය කර ඇති බවත්, එසේම වික්ටර් අයිවන්ට විශ්‍රාම යාමට අවශ්‍ය වී ඇති බැවින් ඔහුට රාවයේ ඇති අයිතිය මූල්‍යමය වශයෙන්, සිය විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් යන තොරතුරු මත පදනම් වෙමිනි. මේ තොරතුරු මට මුළින්ම ලබා දී, රාවය බේරාගැනීම සඳහා වූ ක්‍රියාකාරී වැඩපිළිවෙළකට එක්වන්නැයි යෝජන කළේ විමලනාත් වීරරත්නයි.

අනුව ගොඩ නැගුණු රාවය සහයෝගීතා ව්‍යාපාරය තුළ මේ තොරතුරු දීර්ඝ වශයෙන් සාකච්ඡාවය භාජනය විය. උවිඳුගේ විවේචන මතුවන්නේ එම සංදර්භය තුළයි. කෙසේ වෙතත් දැන් මගේ නිරීක්ෂනය වන්නේ මෙහි දී වික්ටර් අයිවන් අතිශය වංචනික හැසිරීමක නිරත වී ඇති බවයි. උවිඳු ප්‍රකාශ කරන ආකාරයට රාවය මිලින්ද මොරගොඩ විසින් මිලදී ගැනීමට සූදානම් වනවාය යන්න වික්ටර් අයිවන්ගේම ප්‍රබන්ධයක්ද යන්න මම නොදනිමි. කෙසේ වෙතත් රාවයෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ අයිවන්ගේ පොරොන්දුව කිසිසේත්ම අව්‍යාජ එකක් බව නොපෙනේ. ජනරංජන පිළිබඳ සිදුවීමෙන් පැහැදිළි වන්නේ රාවය මෙහෙයවීමේ ප්‍රමුඛ බලවෙගය වන්නේ අයිවන් බවයි. මෙය රාවය අරමුදල ගොඩ නැංවීමට දායක වූ පිරිස් සහ රාවය අතර ඇති වූ අප්‍රකාශිත ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

රාවය ආරම්භයේ පටන්ම සම්බන්ධව වික්ටර් අයිවන් ඉතා දැඩි පුද්ගල පාලනයක් මත  පවත්වාගෙන ගිය බව නොරහසකි. ඔහු එය සාධාරණීකරණය කිරීමට ඉඩ ඇත්තේ රාවය යනු ඔහුගේ තනි පුද්ගල පරිශ්‍රමයේ නිර්මාණයක් වේය යන්න විය හැක. එම සිතීමට සාධාරණ පදනමක් ඇත. පසුපස බොහෝ දෙනෙක් සිටියා විය හැකි වුවත් සම්බන්ධයෙන් අයිවන්ගේ දායකත්වය අඩු තක්සේරු කිරීමට නොහැක. නමුත් රාවය සහයෝගීතා ව්‍යාපාරය සහ රාවය සහයෝගීතා අරමුදල පිහිටුවීමෙන් පසු තත්වය මීට වෙනස්ය. තුළ රාවය පිළිබද අයිතිය නෛතික මෙන්ම ආචාරධාර්මික අරුතින් පැහැදිළි ලෙස පුළුල් වීමක් සිද්ධ විය. ඉන් පසුව රාවය සම්බන්ධව කලින් ආකාරයෙන් සිය බල පරාක්‍රමය පැතිරවීමට වික්ටර් අයිවන්ට කිසිසේත්ම අයිතියක් ඇත්තේ නැත.

කෙසේ වෙතත් රාවය සම්බන්ධ මේ සිදුවීම ලංකාවේ ඊනියාසිවිල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීකතිකාවේ සීමාවන් කදිමට එළිදරව් කරන්නකි. මෙම ඊනියාසිවිල් සමාජයකිසි විටෙක තමන්ට විරුද්ධව එල්ලවන චෝදනා සම්බන්ධව විවෘත හා පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු නොකරයි. එසේ වුවත් එසේ ක්‍රියා නොකිරීම සම්බන්ධව සෙසු අයට විවේචන එල්ල කරයි. සාමාන්‍ය යෙන් මෙය මනුෂ්‍යයන් වන අප සැමදෙනෙක්ම තුළ ඇති ගැටලුවක් වුව මේවා පිළිබද ප්‍රසිදිදියේ කතා කිරීම වැදගත්ය.

Back to Home page