25 April, 2024

Blog

හොරා හොරා අපි ද හොරා?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

මහ බැංකුවේ සිදුවූවා යැයි කියන බැදුම්කර අක්‍රමිකතාව සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂා  කිරීමට පත් කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමත් සමග ඔහු සමාජය හමුවේ ප්‍රකාශයක් කළේ . එම ප්‍රකාශය බරපතල හා ඉලක්ක කර ගත් ප්‍රකාශයක් නොවුන දේශපාලන ලෝකයේ අර්බූදයක් නිර්මාණය කිරීමට එය සමත්ව තිබේ. එම වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් සදහා පාර්ලිමේන්තුව කැදවුවද එම පාර්ලිමේන්තු සැසිය අසාර්ථකව අවසන් විය.

පාර්ලිමේන්තු සැසියේ දී එකසත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ මහින්ද රාජපක්ෂව නැවතත් වටයකින් හොරකු ලෙස කිරුළු පළදවා ඇග බේරා ගැනීමට . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විමතික කණ්ඩායම උත්සාහ ගත්තේ රනිල් වික්‍රමසිංහ හොරකු ලෙස හංවඩු ගසමින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංගල මැතිවරණ රැළිය අනුරාධපුරයේ දී අමතමින් පිට් පොකට් කතාවක් උදාහරණයට ගනිමින් අමුතුම ආකාරයකින්අන්න හොරායැයි කීමට පටන් ගත්තේ . ඔහුගේ උත්සාහය වූයේ මහබැංකු බැදුම්කර අක්‍රමිකතාවට අදාළ කොමිසන් සභා වාර්තාවෙන් උණුසුම් වූ දේශපාලනයට අනුව තම රොටිය පුච්චා ගැනීමට . අනුව සම්මුතික ආණ්ඩුවේ පාර්ශ්වයන් දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකම ආකාරයකින් එහෙත් දෙපැත්තක සිට ඇග බේරා ගැනීමේ දේශපාලන ක්‍රීඩාව අරඹා තිබේ.

හොරකම් හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්මුතික ආණ්ඩුවට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එකිනෙක පාර්ශ්වයන්ට ඇගිල්ල දිගු කර තම වගකීමෙන් ගැලවීමට කිසිම පාර්ශ්වයකට නොහැකිය. ආණ්ඩුවකට එරෙහිව චෝදනා එල්ල වන්නේ නම් වෙස්මිනිස්ටර් ක්‍රමයේ අමාත්‍ය මංඩලය ඊට සාමූහිකව වගකිව යුතුය. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයන් දෙක ළදරු උත්සාහයක යෙදෙන්නේ එල්ල වන චෝදනා වලින් සාමූහික වගකීමෙන් ගැලවී එකිනෙක පාර්ශ්වයන්ට ඒවා යොමු කර සැනසී සිටීමට . මේ උත්සාහය නිර්ලජ්ජී බව කිව යුතුව ඇත්තේ රාජ්‍ය පාලනයේ මූලික මූලධර්මයන්ට පවා එය එකග නොවන බැවිනි.

මේ අතර සම්මුතික ආණ්ඩුවේ ඇමතිවරයකුවන සුසිල් ප්‍රේමජයන්ත  අනුරාධපුර රැළියේ දී ඝෘජුවම කියා සිටියේ තම පක්ෂය සටන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කරන්නේ නම් එකට ආණ්ඩු කරන්නේ මොන පදනමකින් යන්න ගැටළුකාරී . අවම වශයෙන් තමන් ආණ්ඩු කරන දේශපාලන පදනමේ අවම එකගතාව තුළ හෝ සම්මුතිකව වැඩ කිරීමට නොහැකි දේශපාලකයන්සම්මුතික දේශපාලනයක්ගැන කතා කිරීම තක්කඩිකමක් බව හැගේ.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් හා බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි වැනි නවක මන්ත්‍රීවරුන් ආවේගයෙන් ප්‍රකාශ කරන්නේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිට විය යුතු බව . ඔවුන් දෙදෙනාට සම්මුතික ආණ්ඩුවක දේශපාලනය තේරුම් ගැනීමට හා ඉවසීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව හැගේ. අනුව ඉල්ලා සිටින්නේ දේශපාලන දිය වලේ ඇති තරම් දිය බුං ගැසීමට නිදහස ඇති තමන්ගේ වූ තනිකර ආණ්ඩුවකි.

ප්‍රධාන පක්ෂ දෙකේම බොහෝ පිරිස් අවිඥාණිකව කැමැත්තක් දක්වන්නේ තමන්ගේ තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට . එහි යටි අරමුණු ඉතා සරළව අවබෝධ කර ගත හැකි අතර ඒවා ළද බොළද බවට සැකයක් නොමැත. එහෙත් එමගින් ප්‍රකාශමාන වන්නේ සම්මුතික ආණ්ඩු සංස්කෘතියට දෙපාර්ශ්වයේම දේශපාලකයන්ගේ ඇති නුහුරු නුපුරුදු අකැමැත්තයි. මෙතෙක් ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා මේ ළාබාල බොළද දේශපාලන ක්‍රීඩාවෙන් මිදී වගකිවයුතු හා ප්‍රශස්ත දේශපාලකයන් ලෙස හැසුරුණි. එහෙත් මැතිවරණ අවකාශය තුළ ඔවුන් පක්ෂ දේශපාලනයෙන් ධ්‍රැවීකරණය වෙමින් පවතී. ඊට හොදම උදාහරණය වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු හැසිරීමත් ජනාධිපතිවරයාගේ අනුරාධපුර මැතිවරණ රැලියේ හැසිරීමත් .

නමුත් ඇත්ත කතාව වන්නේ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධයෙන් ආණ්ඩු කරන සියළු පක්ෂ වගකීමට යටත් වන බව . අනුව තම පක්ෂ නිවැරැදි යැයි කියමින් අත සෝදා ගැනීමට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් නොහැකිය. ඔවුන් රාෂ්ඨ පාලනයේ පරිණතයන් ලෙස කළ යුතුව ඇත්තේ එල්ල වන චෝදනා පෙරලා එකිනෙකාට යොමු කරමින් වගකීමෙන් ගැලවීමට නොවේ. ඔවුන් කළ යුතුව ඇත්තේ වංචා, දූෂණ හා හොරකම් ජාතික ප්‍රශ්නයක් ලෙස දකිමින් හා තේරුම් ගනිමින් ඒවා වැළැක්වීමට පුළුල් ක්‍රමවේදයක් සකස් කිරීමයි. ඔවුන්ට සදහා ඇත්ත වුවමනාවක් තිබේ නම් සංවිධිත යාන්ත්‍රනයක් සකස් කර චෝදනාවන්ට මුහුණ දිය හැකිය.

2015 ජනාධිපතිවරණයේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එල්ල වූ බරපතල චෝදනාව වූයේ වංචා, දූෂණ හා හොරකම් . එම චෝදනාව ප්‍රබල එකක් වූ බැවින් සමාජයේ මධ්‍යම පාන්තික ඡන්ද ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාට පක්ෂව ලැබීමට එය හේතුවක් විය. ජනාධිපතිවරණය අවසන් වී වසර තුනක් ගෙවී ගිය පසුව මහින්ද රාජපක්ෂට චෝදනා පමණක් එල්ල කර රග මඩල වසා දැමීමට අග්‍රාමාත්‍යවරයාට සිදුවීම අභාග්‍යසම්පන්න . යහපාලනය ගෙන ඒමට සම්මුතික ආණ්ඩුවක් පිහිටුවා වසර තුනක් ගිය පසුත් රාජපක්ෂ ආණ්ඩුවේ චෝදනාලාභීන් අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු නොකිරීම ලැජ්ජා සහගත .

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කටයුතු කිරීමට සම්මුතික ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබුනා නම්  එම චෝදනා සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට සම්ප්‍රදායික, ගතානුගතික හා ඕලාරික විමර්ශන රාමුව යොදා ගන්නේ නැත. එසේ නම් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් පිහිටුවා වෙනම අධිකරණයක් මගින් යුක්තිය පසිදලන්නට හොදටම ඉඩකඩක් තිබුණි. ඒත් ශ්‍රී ලංකාවේ යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයේ අවලංගුතාව හොද හැටි දැන දැනම රාජපක්ෂ දේශපාලනයේ හොරුන්ට එරෙහිව කටයුතු කිරීම පවතින ක්‍රමයටම භාර දුනි. අනුව යුක්තිය පසිදලීමේ ඉබිගමන තුළහොරා හොරා කව්ද හොරාකියමින් ෆැන්ටසිමය ආශ්වාදයක් ලබමින් සියල්ලෝ බලා සිටිති.

මේ ක්‍රියාවලිය තුළ හොදටම පැහැදිලි වන්නේ හොරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන ඔවුන්ට දඩුවම් දීමට සම්මුතික ආණ්ඩුවට හෝ ඒකාබද්ධ විපක්ෂයට හෝ අවශ්‍ය නැති බවකි. සියල්ලන් කරන්නේ චෝදනාව එල්ල කරමින් සමාජය රවටා ඡන්දය ලබා ගැනීමට මිස සත්භාවයකින් කටයුතු කර යහපාලනය ස්ථාපිත කළ හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර ගැනීමට නොවේ. එවැන්නක් අවශ්‍ය වූවා නම් ශක්තිමත් පදනමකින් කටයුතු කර පසුගිය ආණ්ඩුවේ චෝදනාලාභීන්ට දඩුවම් පැමිණවීමට වසර තුනක් හොදටම ප්‍රමාණවත් . එසේම සම්මුතික ආණ්ඩුවෙන් ක්‍රියාව නොවන්නේ නම් තමන් අනාගතයේ බලයට පත් වී යහපාලනය නිර්මාණය කරන යාන්ත්‍රණය මෙන්න මේක යැයි කීමට ඒකාබද්ධ විපක්ෂය සමත් විය යුතුය. එහෙත් සම්මුතික ආණ්ඩුව පමණක් නොව ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් කණ් බිහිරි කරවන නිහඩතාවක සිටී.

මේ තත්ත්වය තුළ සම්මුතික ආණ්ඩුවේ අර්බූදයක් ඇතිවේදෝයි ඇතිවන සැකය සාධාරණය, තාර්කික . ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන බලවේගයන් එකිනෙකාට චෝදනා කරමින් සිටින විට බාහිර බලවේගයන් ශක්තිමත් වන අතර රාජ්‍යයේ ගමනට එය බලපාන්නේ ඝෘණාත්මක ලෙස . එසේම 2015 ජනවාරී 08 වන දා ශක්තිමත් වූ මහජන අභිලාශයන් ඉක්මවා යෑමකි. ජනාධිපතිවරණයේ දී එක් රොක් වූ දේශපාලන බලවේගයන් මහන්සි වූයේ චෝදනා එල්ල කරමින් අලුත් දේශපාලන ක්‍රීඩාවක යෙදීමට නොවේ. ඔවුන්ට අවශ්‍ය වූයේ එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා විධිමත් පරිදි වරදකරුවන්ට දඩුවම් පැමිණවීමට . එසේම යළි එවැනි වැරදි නොවන ලෙස ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම . එහෙත් වසර තුනක් ගෙවී ගිය මොහොතක සිදුව ඇත්තේ කිසිවක් නොමැතිව එකිනෙකාට චෝදනා එල්ල කර ෆැන්ටසිමය ආශ්වාදයක් ලබා ගැනීමට .

රට පැමිණ ඇත්තේ තීරණාත්මක මොහොතකට . රාජපක්ෂ දේශපාලනය සමාජය විසින් පරාජය කළේ යළි විකල්පයක් ලෙස එයම තෝරා ගන්නට නොවේ. එහෙත් සම්මුතික ආණ්ඩුව ක්‍රමයෙන් හා සියුම් ලෙස උත්සාහ ගන්නේ විකල්පයක් ලෙස රාජපක්ෂ දේශපාලනය කරා සමාජය යළි තල්ලු කරන්නට . එය සිදු කරන්නේ සවිඥාණිකව නොවන බව ඇත්තකි. එහෙත් යළි රාජපක්ෂ දේශපාලනයට ඉල්ලුමක් ලැබුනහොත් ආණ්ඩුවේ අවිඥාණිකය විසින් සිදු කරන මේ බරපතල වරද විචාරශීලීව සොයා බලන්නට හෝ සංවේදී ජන කොටසක් ලාංකික සමාජයේ ඉතුරු නොවන බව  සහතික .

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් නියෝජනය කරන දේශපාලන බලවේගයන් දෙක මේ මොහොත තුළ පරිස්සම් විය යුත්තේ එම වරද නොකිරීමට .

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Ranil was trying to mislead the parliament by making his own statement which he tried to get into the discussion and not the final report. IT looks he did not want Even the president to submit the report to the public.

  • 0
    0

    Prominent politicians in both parties seem to be very ignorant of reading the public mind. While they are thinking about establishing either a SLFP or “UNP govt, they do not think about the reality for some tine they could not establish that instead they had only the alliances. those alliances affected the country and Only JRJ like people cheat the public ad could win 5/6 of the seats. Even now see, there 64 parties out of which 62 are three wheeler parties. Presidents and PMs are dumb people and they could only MPs with Minister posts or with money. They do not think about chainging their policies to fit the public. they do not think about changing the laws to exclude three wheeler parties. they can talk to the public straight saying do not vote three wheelers because they will never be able to establish a govt. their only solution even this time was to increase the number of MOs so that they have advantages over the other parties. Sri lankan parliament is suffering because of lack brains or lack of intelligent people among the politicians. See how stupid Ranil is for three years continuously he is doing best to cover the bond Scam even as the final report is out. they do not have proper excuses instead of blaming the previous govt for everything and every way.

  • 0
    1

    හොරු නෙමෙයි රට කන්න ආපු කාලකන්ණි. මුළු සමාජයම විනාශ කරන්න හදනව.
    මේ කාන්තාවෝ ගැනයි බාර් ගැනයි කියන කතාව මම දැක්කේ නැහැනේ. කාන්තාවන්ට මත්පැන් විකිණීම තහනම් කියල මම දැනගෙන හිටියේ නැහැ. දැන් ඒ තහනම ඉවත් කරලලු. මුන්ට නම් පිස්සු. බියර් මිල අඩු කරලා ඉස්කෝලේ යන ළමයින්ට පැණි බීම හොඳ නැහැ කියල බියර් පොවන්න හැදුව. දැන් කාන්තාවන්වත් සූර් කරන්නද කොහෙද හදන්නේ. හොඳට තියෙයි තාත්තයි අම්මයි දෙන්නම වැඩ ඇරිල බාර් එකකට ගිහින් බීල වැනි වැනී ගෙදෙර එනකොට. නෙද්දකින් විතරක් මුන්ට නම් අමු කැවිලා.
    යහපාලන ආණ්ඩුව බටහිර රටවල් වලින් contract එකක් අරන් තියෙනවා සිංහල බෞද්ධ ජන සමාජය විනාශ කරලා දාන්න. නැතනම් රටක නායකයෝ තියා සිහියක් තියෙන මිනිහෙක් හිතනවද මේ වගේ දේවල් කරන්න. ලංකාව කඩා නොවැටී තියෙන්නේ සිංහල බෞද්ධයන්ගේ හයිය නිසා. ඒනිසා සිංහල සමාජය විකෘති කරලා විනාශ කරලා දාන්න හදනවා. මේ ලඟදි දවසක කජු කිරි නළු බට්ටෙක් කියලා තිබුන තාත්ත කෙනෙක් වෙන්න විවාහ වෙන්නම ඕනේ නැහැ කියලා. දැනටම දරුවෙකුත් ඉන්නවා හම්බ වෙන්නත් ගෑනු ළමයෙකුට. මේ හදන්නේ රටේ ඊළඟ පරම්පරාව විනාශ කරන්න. අවජාතක දරුවෝ පොකුරු පිටින් බිහි කරන්න. හරි ලේසි වැඩේ. දැන් නළුවන්ගේ අලුත්ම trend එක විවාහ නොවී තාත්තල වෙන එකද? නළු නිලියෝ ගැන වැඩිය දන්නේ නැති නිසා මම හරියට දන්නේ නැහැ. නළුවෝ කරන කරන දේ කරන තරුණ සමාජයක්ද තියෙන්නේ කියල මම දන්නේ නැහැ. හැබැයි මේ වගේ අසම්මත දේවල් වලට තමන්ගෙ දරුවන්ව බිලි ගන්න ඉඩ නොදෙන්න වැඩිහිටියෝ විදියට අපි මීට වැඩ ක්‍රියාකාරී වෙන්න ඕනේ. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කියල දෙන්න ඕනේ මේ හැදීගෙන එන විපරීත සමාජය ගැන සහ ඒවායින් වැලකී ඉන්න හැටි. අවුරුදු 13 14 කිරි දරුවොත් අම්මලා වෙනවා. පත්තර වල තියෙන දේවල් කියවනකොට ඇඟ හිරි වැටෙනවා. සමහර පළාත්වල තරුණ ගෑනු දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටි කාන්තාවන්ටත් කිසිම හව්හරණක් නැති තැනට වැටිලා. කොහොමද මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නේ?

  • 0
    1

    I have seen countries have all party committees to looks after the finance related issues, foreign relations related issues, In the Yahapalana govt, PResident does not know what Ranil or Avamnagala are doing. It is they all are pulling in different directions. Popularization of Liquor among children, and women is Avamangala agenda. I don’t know why MATARA voters are this destructive to the country.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.