19 April, 2024

Blog

හඬ ඊසොප්ගෙ වුනාට අත ජාකොබ්ගෙ

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය සතියක දෙකක කාලය තුළ බෞද්ධ භික්ෂූන් නිසා රටේ දේශපාලන තත්ත්වය අලුත් වටයකින් ධ්‍රැවීකරණය විය. එක් පැත්තකින් ගලගොඩ අත්තේ ඥාණසාර අපරාධමය වරදක් කළ නිසා බරපතල වැඩ ඇතිව මාස හයකට සිර ගෙට නියමවීම අගනාගරික භික්ෂූන් ප්‍රකෝප ගැන්වීමට හේතුවක් විය. අනෙක් පැත්තෙන් පසුගිය බදාදා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඩරුවේ උපාලි භික්ෂුව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට ප්‍රකාශ කළේ හිට්ලර් කෙනෙක් බවට පරිවර්තනය වී හෝ මේ රට හදන ලෙස ය. 

අපරාධමය වරදක් කළ ගලගොඩ අත්තේ ඥණාසර සම්බන්ධයෙන් කලබල වී කටයුතු කරන භික්ෂූහු බන්ධනාගාර නීතිය අනුව ඥාණසාරගේ සිවුරු ගලවා ජම්පරය ඇන්දවීම ගැන පරළ වී සිටිති. එහෙත් ඥාණසාර චීවරය දරමින්ම රටේ නීතිය පමණක් නොව භික්ෂු විනය පවා කඩ කරමින් අශ්ලීල ලෙස හැසිරීම බෞද්ධාගම විනාශ කිරීමක් ලෙස නොදැකීම හාස්‍යයට හේතුවකි. බෞද්ධ දර්ශනයේ සදහන් ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් වලට පවා හරස්ව යන ඥාණසාර වීරයකු වී ඇත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ජනමනසට අවශ්‍ය ලෙස හැසිරෙන නිසා ය. 

වෙඩරුවේ උපාලි හිමි හා ඥාණසාර

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමියන් පැවසූ දේශපාලන අදහස ද මෙරට සිංහලබෞද්ධ සමාජ තීරුවේ ජන මනස නියෝජනය කරන සංකල්පයකි.  සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය බොහෝවිට ප්‍රිය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් නොවේ. වර්ගවාදය මූලික කර ගත් දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී විය නොහැක. ප්‍රජාත්න්ත්‍රවාදී වුවහොත් සියළු ජන කොටස් වල අයිතීන් පිළිගත යුතුය. එසේ වූ විට දේශපාලන වශයෙන් වෙනස් මත දරන්නන්ට පවා සමාජ අවකාශය තුළ ඉඩක් හිමි වේ. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය තුළ වෙනස් මතයන්ට ඉඩක් නොමැත. එනිසා වෙඩරුවේ උපාලි හිමියන්ගේ අදහස ද ජන මනස ප්‍රබෝධ කරන්නකි.

මෙම දේශපාලනික අවදිවීම නිහඩව සිටි භික්ෂූන් පිරිසකගේ ක්ෂණික නන්දෙඩවීමක් ලෙස අර්ථ දැක්වීමකට යෑම පවතින බැරෑරුම් තත්ත්වය නොසලකා හැරීමක් විය හැකිය. පළමුව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් ද දෙවැනිව ත්‍රෛයි නිකායික භික්ෂූන්ගෙන් ද සමාජය මතු පිටට ආ පණිවුඩය හුදු ආගමික උනන්දුවකින් දැක්වූ සරළ ප්‍රතිචාරයක් නොවේ. මෙරට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ ඉතිහාසගත මතවාදය ත්‍රෛයි නිකායික භික්ෂූන් විසින් තම කරමතට ගනිමින් එය නියෝජනය කිරීම සදහා පෙරට ඒමක් ලෙස මෙම හැසිරීම අර්ථ දැක්විය හැකිය.

ලංකාවේ භික්ෂු සංස්ථාව කෙතරම් කඩා වැටීමකට පත්ව ඇතත් අද ද ධර්ම ධර විනය ධර භික්ෂූහු විශාල සංඛ්‍යාවක් විශාල කාර්යභාරයක් කරමින් සිටිති. එහෙත් ඔවුහු දේශපාලනික වශයෙන් උනන්දු නොවීම කනගාටුවට කරුණකි. කලක් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ශක්තිමත් භික්ෂු චරිත ලෙස ක්‍රියාකාරීව සිටියේ  මහාචාර්ය වල්පොල රාහුල, උඩකැන්දවිල සිරි සරණංකර, හේන්පිටගෙදර ඥාණසීහ වැනි යතිවරයෝ ය. උන් වහන්සේලා බෞද්ධ ඉගැන්වීම් වලට පරස්පරව නොගිය අතර සමාජයට විශාල සේවයක් කළ බුද්ධිමත්හු වෙති. එහෙත් අද දේශපාලනය තුළ ශක්තිමත් චරිත බවට පත්ව ඇත්තේ බුද්ධිමය චරිත නොවේ. ඔවුහු බුද්ධිමය ආයතනයන්හි උසස් තනතුරු දැරුවත් ගිහියන්ටත් වඩා පරිභවයට ගොස් ඇති චරිත වේ. එනිසාම ඔවුහු බෞද්ධ දර්ශනයේ සදහන් ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් වලට අනුව කටයුතු කරන්නෝ නොවෙති. ඔවුහු කොයි ආකාරයකින් හෝ පාදඩ හැසිරීමකට අනුව කටයුතු කරන්නෝ වෙති.

මේ පරාජිකාවට ලක් වූ බෞද්ධ භික්ෂූන් පිටුපස සිටින්නේ රාජපක්ෂ පාලනය තුළ ශක්තිමත් ලෙස වැඩුණ පාතාල ආර්ථිකයේ අයිතිකාර මුදලාලිලා ය. ඔවුන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ ධනය උපයන්නට ය. කොටස් වෙළෙද පළෙන්, ව්‍යාපාර වස්තු හුවමාරුවෙන්, විදේශ ආයෝජනයන්ගෙන් ධනය කොල්ල කෑ විශාල ව්‍යාපාරිකයෝ කුලප්පු වී සිටිති. තමන්ට හිතවත් පාලනයක් බිහි කර ගැනීම සදහා ආයෝජනයක යෙදෙන්නට ඔවුහු බිය නොවෙති. ඒ බල හවුලේ ප්‍රකාශකයා වී ඇත්තේ භික්ෂු පරපුර ය.

ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්ගේ මතයට ජන මනසට බලපෑමක් කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින අතර එම සිවිල් බලය ආණ්ඩුවක ජනවරමකට එරෙහිව පාවිච්චි කිරීමේ අප්‍රසන්න උත්සාහයක මේ මොහොත තුළ භික්ෂු සංස්ථාව යෙදී සිටී. එම උත්සාහය වඩා පිළිකුල් වන්නේත් වඩා භයානක වන්නේත් මිනිස් ප්‍රජාව අරගල කොට දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී යහ ගුණයට පවා එරෙහි වෙමින් අදහස් ප්‍රකාශ කිරීමයි.

භික්ෂූන් හඩ දෙන්නේ ස්වෝත්තමවාදය වෙනුවෙන්

විධායක ජනාධිපති ක්‍රමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරන මූලික මිනිස් නිදහසට තර්ජනක් වන පාලන ක්‍රමයක් බව මුල් වරට විශ්ලේෂණාත්මකව ප්‍රකාශ කළේ ලංකා සමසමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන් එම් පෙරේරා ය. ඉන් අනතුරුව ඔහු කී දෙය ප්‍රායෝගිකව ඔප්පු කළේ 17 වසරක් තිස්සේ පීඩාවිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂගේ නායකකාරකාදින් ඇතුළු සමස්ත ජනතාවයි. අනතුරුව 1994 දී බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය යොදා ගනිමින් ගෙනගිය පාලනය නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් මෙන්ම සමස්ත ජනතාව පීඩා වින්දහ.

මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයත් එහි රස බැලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන ප්‍රධාන පක්ෂ දෙකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට එකග වී තිබේ. එහෙත් මහින්ද චින්තනය විසින් ශක්තිමත් කළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කොටස් තම ආත්මය ලෙස විධායක ජනාධිපති ක්‍රමය තෝරාගෙන තිබේ. රාජපක්ෂ පාලනය තුළ දී මෙන්ම ඉන් අනතුරුව ද මේ ස්වෝත්තමවාදී මතධාරීහු විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතු බවට කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටියහ. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රැක ගැනීම සදහා  ඒකාධිපති ෆැසිස්ට් පාලනයක් අවශ්‍ය වන අතර විධායක ජනාධිපති ක්‍රමය ඊට මහගු පරිසරයක් නිර්මාණය කරයි.

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මූලිකවත් ත්‍රෛයි නිකායික භික්ෂූන් මූලිකවත් මේ අවස්ථාවේ දේශපාලන අරමුණු සදහා ඒකාරාශීවීම හුදු සරළ කාරණාවක් නොවන්නේ මේ වපසරිය යටතේ තත්ත්වය විශ්ලේෂණය කරන විට දී ය. ඒ නිසා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමිගේ දේශපාලන ප්‍රකාශය හුදු ආගමික නායකයින් රටේ පාලනයට ලබාදුන් තවත් එක් අනුශාසනාත්මක අවවාදයක් ලෙස බැහැර කළ යුතු නොවේ. එම ප්‍රකාශය මේ මොහොත තුළ රට මුහුණ දෙන බරපතල දේශපාලන අර්බූදයට මුළුමනින්ම අදාළ විෂය මූලික කරුණු වලට සමීප සබදතාවක් පෙන්නුම් කරන්නකි. ඒ නිසා ත්‍රෛයි නිකායික මහා සංඝරත්නයේ දේශපාලන ප්‍රකාශය හා දේශපාලනිකව අවදිවීම බරපතල ලෙස සලකා බැලිය යුතුය.

භික්ෂු සංස්ථාවේ වෙහෙස මහන්සිය

කෝපි කඩේ දේශපාලන විවේචකයන්ගේ හා දිවයින පුවත්පතේ ලිපි වලට සීමා වී තිබූ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් ශක්තිමත්ව නැගී සිටියේත් ඊට රාජ්‍යයේ මූලික හැඩතල වල ක්‍රියාකාරීත්වය කළමනාකරණය කළ හැකිවූයේත් රාජපක්ෂ රෙජීමය 2005 දී බලයට පත්වූ විට ය. රාජ්‍යයේ න්‍යායාත්මක දේශපාලන හැසිරීම එතෙක් නන්නත්තාරව සිටි දේශපාලන ආන්තික තීරුවක අවශ්‍යතා මත තීරණය වූ අතර රාජ්‍යයේ සියළු ක්‍රියාකාරීත්වයන් ඒ වටා ගොනු වුණි. මේ නිසා සමාජ බෙදුම්කරණයට ලක්වන හැගීම් හා මතවාද සමාජය තුළ වර්ධනය වූයේ පිමි වශයෙනි. යම් මතවාදයකට රාජ්‍ය පිළි ගැනීම ලැබුණ විට එය සමාජය තුළ ශක්තිමත්ව ස්ථාපිතවීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසා එම විශේෂ වරප්‍රසාදය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයටත් උදාවුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය විසින් කොටි සංවිධානයට එරෙහිව රජය විසින් ගෙන ගිය යුද්දය ශක්තිමත් කරන්නටත් යුද්දය විසින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය ශක්තිමත් කරන්නත් එකිනෙක දායකවීම ආකර්ශනීය දේශපාලන භාවිතාවකි. ඒ නිසා සමාජයේ දේශපාලන සංස්කෘතිය, නීතියේ ආධිපත්‍ය ඇතුළු සියළු භාවිතයන් යළි අර්ථදැක්වුණි. එහි සමස්තයක් ලෙස රාජපක්ෂ රෙජීමය ව්‍යුහමය ලෙස සකස් වූ අතර සමාජය තුළ එය ස්ථාවර වීමේ පදනම ද එයයි. ඒ අනුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ දේශපාලන ප්‍රකාශයකයා වූයේ  මහින්ද රාජපක්ෂයි.

රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ තැතක්

2015 ජනවාරී 08 වන දා රාජපක්ෂ රෙජීමය බිද දැමීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී කොටස් ශක්තිමත්ව කටයුතු කිරීමෙන් පසුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පසු බැසීමකට ලක්වුණි. එහි මතවාදී ශක්තිමත්භාවය මෙන්ම ක්‍රියාකාරීභාවය ද රුවලක් නැති ඔරුවක් සේ විවිධ දිශානතියන්ට ගමන් කරමින් තිබුණි. යම් මතවාදයකට ඉන්ධන සැපයූ රාජ්‍ය බලය බිද වැටීම එම මතවාදයේ පැවැත්මට බලවත් තර්ජනයකි. රාජපක්ෂවරුන්ට රාජ්‍ය බලය අහිමිවීම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට බලපෑවේ කනගාටුදායක ලෙස ය.

අළු ගසා දමා රාජපක්ෂ දේශපාලනය කෙළින් කර ගැනීමට කොතෙක් මහන්සි ගත්තත් මහින්ද සුළග වාසුළියක් සේ එතැනම කැරකෙයි. එනිසා උත්සාහය ලත්තැනම ලොප් කරමින් රාජපක්ෂ දේශපාලනය කඩා වැටේ. ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂට තරග කරන්නට නීතිමය හැකියාවක් නොමැත. එහෙත් ඒ වෙනුවට වෙනත් සුදුස්සෙක් නම් කර ගැනීමට පවා රාජපක්ෂ දේශපාලනය අපොහොසත් වී සිටී. ක්‍රමයෙන් වයෝවෘද්ධ වෙමින් සිටින මහින්ද රාජපක්ෂ වෙනුවට අවම වශයෙන් තම සහෝදරයා වන ගෝටාභය රාජපක්ෂ හෝ තෝරා ගැනීමට ඔහු අකැමති ය. පවුලේ අභ්‍යන්තර දේශපාලන තොරතුරු වලට අනුව බැසිල් රාජපක්ෂට හෝ ගෝටාභය රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩකඩක් නොමැත. ඒ තරමට රාජපක්ෂ දේශපාලනය ව්‍යාකූලත්වයෙන් හා අර්බූදයන්ගෙන් පිරී ගොස් ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මේ අර්බූදයට මහින්ද රාජපක්ෂ සතු පිළිතුරයි. එවිට අග්‍රාමාත්‍ය ධූරය සදහා තරග කරන්නට ඔහුට හැකිය. යම් හෙයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තම වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂට කල් පිරෙන තෙක් අල්ලාගෙන සිටීම ඔහුගේ උපක්‍රමයයි. ඒ උපාය උපක්‍රමයන්ගෙන් පිරි රාජපක්ෂ දේශපාලනය තුළ අනෙකුත් බලවේග ශක්තිමත් වුවද මුළු එකක් ලෙස සමස්ත ව්‍යාපාරය ව්‍යාකූලත්වයෙන් ද ගැටුම්කාරීත්වයෙන් ද පිරී යමින් පවතී.

මේ නිසා මහින්ද රාජපක්ෂ වැටී ඇත්තේ අලි අමාරුවක ය. තමන් වටා ශක්තිමත් ජන කොටසක් සිටිය ද ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා නිසා එය කළමනාකරණය කර ගැනීමට ඔහු අසමත්ව සිටී. තමන් වටා සිටින ජන පිරිස කුල්මත්ව තබා ගැනීම සදහා වරින් වර උද්යෝගීමත්ව ජන රැළි පැවැත්වීම හැරුණ කොට වෙනත් ඵලදායි දේශපාලනයක යෙදෙන්නට ඔහු කිසිවක් සිදු කරන්නේ නැත. ඔහුගේ එකම අරමුණ වන්නේ කල් ගැනීම පමණ ය.

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කරමු

එහෙත් ජනතාව උසි ගැන්වීම සදහා මහින්ද රාජපක්ෂ අත ප්‍රබල යතුරක් පවතී. ඔහු එය වරින් වර පාවිච්චි කරයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ අල්ලා හිටින එකම උපක්‍රමය වන්නේ ජාතිවාදය ඇවිසීමයි. ලංකාව වැනි සමාජයක ජාතිවාදයට ලොකු ඉල්ලුමක් පවතී. තම්න්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගනිමින් ජාතිවාදය තුළින් දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීම ඔහුගේ හැකියාවයි. එය බිහිසුණු දේශපාලනයකි. එනිසා සමාජය තුළ ඇති කරන්නේ පරිහානිදායි තත්ත්වයකි.

මීට බොහෝ කලකට පෙර සියම් මහා නිකාය විසින් සම්මානයක් පිරිනමමින් මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ දේශපාලකක නායකයකු ලෙස ඉහළින් ඔසොවා තැබීම මේ මොහොතේ දී අමතක කළ නොහැක. මෙරට භික්ෂ සමාජය ආධිපත්‍යවාදී ලෙස නියෝජනය කරන්නේ ජාතිවාදයයි. මහාචාර්ය වල්පොල රාහුල වැනි විශිෂ්ට සංඝ නායකයන් සිටි භික්ෂු සංස්ථාව අද දේශපාලන විකටයන්ගේ පාංකඩ බවට පත්ව ඇත. එනිසා කල්යල් බලා සියම් නිකාය තෝරා ගත් සිංහලබෞද්ධ නායකයා අමතක කරන්නට ඔවුනට තවමත් නොහැකිවීම තේරුම් ගන්නට අපහසු කරුණක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන සමාජ ක්‍රමයක්.

අද දවසේ ලාංකික සමාජය තුළ මුහුණ දී කළමනාකරණය කරගත යුතු ප්‍රබලම අභියෝගය වන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. කලක් ප්‍රබලව රාජ්‍ය බලය දරා එය අහිමිවීම ඔවුන්ව කුලප්පු කිරීමට සමත්ව ඇත. එනිසා කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ රාජ්‍ය බලය යළි ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. එනිසා භික්ෂු සමාජයේ  දේශපාලන මැදිහත්වීම සමාජය විසින් සැලකිය යුත්තේ තමන්ගේ පැවැත්මට එල්ල කළ ප්‍රබලම අභියෝගය ලෙස ය. 

2015 ජනාධිපතිවරණය වටා එක් රොක් වූ මහජන අභිලාශය නියෝජනය කළේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන සමාජ ක්‍රමයකි. එහෙත් ඒ මහජන අභිලාශයන් පසෙකට තල්ලු කළේ රාජපක්ෂ දේශපාලනය වටා බල මුළු ගැන්වී සිටින ගෝත්‍රික දේශපාලන මතවාදය විසින් නොවේ. එය සිදුවූයේ අභ්‍යන්තරික දෙදරා යෑමක් නිසා ය. ඊට ජන සමාජයේ පැවැති ප්‍රති විරෝධය ප්‍රකාශ වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලිනි.  එනිසා 2015 මහජන අභිලාශයන් විසින් ප්‍රතික්ශේප කළ සමාජ සංකල්ප වලට යළි ශක්තිය ලැබී ඇත.

භික්ෂු සමාජය මැදිහත් වී මේ රට හදන්නැයි ගෝටාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ සමාජ ප්‍රතිසංස්කරණයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදිමින් ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන යන්නට නොවේ. ඔවුන් වෙහෙස මහන්සි වී දරදිය ඇදමින් කාලය අයෝජනය කරන්නේ රට ඒකාධිපති යක්ෂයාගේ මුඛයට තල්ලු කිරීමට ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඔබේ ලිපියේ හුඟක් වැරදි මත තියෙනව බෞද්ධයන් ගැන.
    මහාසංඝරත්නය, බෞද්ධයන්, දේශපාලකයන් ඥානසාර හාමුදුරුවෝ වෙනුවෙන් කතා කලේ හාමුදුරුවන්ගේ කලින් ක්‍රියාකලාපය අනුමත කරන නිසා නෙමේ.
    සමහරු විරුද්ධ වුනේ සංඝනීතියට එරෙහිව බෞද්ධ භික්ෂුවකගේ සිවුරට අත තියන්න හදපු නිසා.
    සමහරු විරුද්ධ වුනේ ඥානසාර හාමුදුරුවන්ට වඩා බරපතල අපරාධ කරපු මිනිස්සු ආණ්ඩුවේ ඉන්දැත්දී ඥානසාර හාමුදුරුවන්ට බරපතල වැඩසහිත සිර දඬුවමක් නියම කරපු නිසා.
    තව සමහරු විරුද්ධ වුනේ ඇප ඉල්ලුම්පත විභාග කරන දවසේ ආණ්ඩුව උවමනාවෙන්ම නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියාව නොඑවපු නිසා.
    තව සමහරු හාමුදුරුවෝ වෙනුවෙන් ඉදිරිපත් වුනේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමට එරෙහිව නගපු ප්‍රබල හඬට ගෞරවයක් විදියට. සමහරු හතරටම.
    ඔය කියන ස්වෝත්තමවාදය මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මමත් ඇතුළුව ඥානසාර හාමුදුරුවන්ට සහයෝගය දක්වපු, කතා කරපු කිසි කෙනෙක් ප්‍රචණ්ඩත්වයවත්, ආගම මුල් කරගත් කලකෝලාහලවත් අනුමත කරන්නේ නැහැ.
    .
    ඊළඟට පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ කියපු කතාව. අබෞද්ධ මංගල වගේ බුදුදහමට විරුද්ධව පහුගිය අවුරුදු 31/2 පුරාම වැඩකරපු රනිල් එක්ක එකතු වෙලා රට අනාගාමික කරන්න හදපු, සමහර බෞද්ධ හාමුදුරුවරුන්ට මැරවරයන් සහ සතුන්ගේ නම් වලින් කතා කරපු මිනිහෙක්ට අනුනායක හාමුදුරුවෝ කියපු කතාව විවේචනය කරන්න අයිතියක් නැහැ.
    .
    රාජපක්ෂ-අන්ධ-භක්තිය නිසා සමහරු වහන්න හැදුවට මම බෞද්ධයෙක් විදියට හාමුදුරුවරුන්ගෙ කතාව අනුමත කරන්නේ නැහැ. ඒ කතාව බුදු දහමේ ඉගැන්වීම් වලට සම්පූරණයෙන්ම විරුද්ධයි කියල කියන්න මම බයත් නැහැ.
    .
    “අපට පේනවා රටේ දහම ක‍්‍රියාත්මක වෙන්නේ නැති බව. අපරාධ රැුල්ලක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවා. සමහර මිනිස්සු ඔබතුමාට හිට්ලර් කියලා කියලා තියෙනව මම දැක්ක. මම මතක් කරන්න කැමතියි ඔබතුමා හිට්ලර් කෙනෙක් වෙලා හරි මිලිටරි පාලනයක් ගෙනැල්ල හරි මේ රට ගොඩ නගන්න.” මේක තමයි කිව්වේ. මේ කතාව වැරදියි.
    .
    බුදුදහමේ හැටියට අනුනායක හාමුදුරුවන්ට කියන්න තිබුනේ “මිනිස්සු ඔබට හිට්ලර් කියලා කිව්වට ඔබ කවදාවත් හිට්ලර් කෙනෙක් වෙන්න එපා. ඔබ කවදාවත් මිලිටරි පාලනයක් මේ බෞද්ධ රටට ගේන්න එපා. රටේ අපරාධ රැල්ලක් තියෙන බව ඇත්ත. මිනිස්සු අපරාධ කරන්න පෙළඹෙන හේතුව හොයල ඒකට පිළියම් යොදන්න. බුදුදහමට අනුව මේ රට ගොඩ නඟන්න” කියලා. නැතුව හිට්ලර් කෙනෙක් වෙලා හරි මිලිටරි පාලනයක් ගෙනල්ල හරි මේක ඉවර කරපන් (කරන්න) කියල නෙමෙයි.

  • 0
    0

    Phillip: you name says who you are. YOu are just writing CRAP. Because buddhists are silent and laid back people and intersting in looking after they themselves and not screwing uo others as ALMIGHTY WANTS TO DO BY CONTROLLING THE DEVOTEES. So, you work for Tele Evangelistsand protestants. IT is the corrupt Mahinda Rajapakse the best suited PResident for Sri lanka. [edited out]

  • 0
    0

    අනිත් අතට රටේ අපරාධ රැල්ලක් තියෙනව කියල ඒක මර්දනය කරන්න මිලිටරි ආඥාදායකයෙක් ඉල්ලන බෞද්ධයන් හෝ වෙනත් කිහිපදෙනෙක් ඇති fb එකේ.
    හැබැයි රටේ සමස්ත ජනතාව වුනු බෞද්ධයන් කවදාවත් හිතන්නේ නැහැ භීෂණය මර්දනය කල යුත්තේ භීෂණයෙන් හෝ අපරාධ මර්දනය කලයුත්තේ මර්දනයෙන් කියලා. එහෙම කරන්න පුළුවන්. නමුත් ඒක තාවකාලිකයි.
    .
    මිලිටරි ආඥාදායකය ඉන්නකම් බයේ ඉඳල නැතිවුනාට පස්සේ ආපහු අපරාධ රටේ ඇති වෙනවා නම්, ඒ කියන්නේ අපරාධ නවත්තන්න දීඝකාලීන වැඩපිළිවෙලක් යොදල නැහැ කියන එක.
    රටේ අපරාධ රැල්ලක් තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා.
    යල් පැනල ගියපු නීති යාවත්කාලීන නොකරපු නිසා.
    ඕනෑම අපරාධයක් කරලා රටින් පැනල යන්න නීතිය ඉඩ දීල තියෙන නිසා.
    භයානක අපරාධ වලටත් ඇප දෙන්න තරම් නීතිය ලිහිල් නිසා.
    ඇයි අපරාධකාරයෙක් නැවත නැවත එම අපරාධයම කරන්නේ? ඇයි හොරෙක් නැවත නැවත හොරකම් කරන්නේ?
    ඒකට හේතුව දඬුවම් දීම මිසක් අපරාධකාරයා පුනරුත්ථාපනය කරන වැඩ පිළිවෙලක් නැති නිසා. හිරේ ගිය මිනිහ එලියට එන්නේ කලින්ටත් වඩා දරුණු මිනිහෙක් වෙලා.
    ඒකට විසඳුම මිලිටරිකාරයෙක් ජනාධිපති කරලා හැම දෙයක්ම මර්දනයෙන් නවත්තන්න හදන එක නෙමේ.
    .
    අනිත් අතට රට ගොඩ නඟන්න මිලිටරි පාලනයක් ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ මේ රට ගොඩ නඟල ඉවරයි. මේ ආණ්ඩුව ඇවිල්ල කලේ මහින්ද ගොඩ නඟපු රට විනාශ කරපු එක.
    යුද්ධෙන් පස්සේ මහින්ද රට ගොඩනැඟුවේ හිට්ලර් කෙනෙක් වෙලාවත් මිලිටරි ආඥාදායයෙක් වෙලාවත් නෙමේ.
    ගෝඨාභය කලේ ඒකෙ අනිත් පැත්ත. මිනිස්සු කොළොඹ හැම තැනම කුණුදාන එක නැවැත්තුවේ තමන් කරන්නේ වැරැද්දක් කියල හිතුනු නිසා නෙමෙයි. ගෝඨාභයට තිබ්බ බය නිසා. ඒකයි මහින්දගේ ආණ්ඩුව වැටුණු ගමන්, ගෝඨාභය ගියපු ගමන්, මිනිස්සු පරණ විදියට පාර පුරා කුණු දාන්න පටන් ගත්තේ.
    .
    රටට ඕනේ මහින්ද වගේ එඩිතර නමුත් අනිත් අතට උණු වෙන හදවතක් තියෙන, මිනිස්සුන්ට කිට්ටු නායකයෙක් මිසක්, ගෝඨාභය වගේ මර්දනයෙන් රට සහ තමන්ගේ විරුද්ධවාදීන් පාලනය කල හැකියි කියලා හිතන, එන්නත් ඉස්සෙල්ල තමන්ට විරුද්ධ මත දරන මිනිස්සු පස්සේ ඔත්තුකාරයො යවන, විවේචනය නොඉවසන දරදඬු පාලකයෙක්වත්,
    බැසිල් වගේ මුදලට මුල්තැනදෙන, මිනිස්සුන්ව සල්ලි වලට ගන්න පුළුවන් කියලා හිතන, එන්නත් ඉස්සෙල්ල මාධ්‍ය ආයතන මර්දනය කරන්න හදන, ආත්මාර්ථකාමී පාලකයෙක්වත් නෙමෙයි.

  • 0
    0

    Champa@, ඔබ කවුරු වුනත කාටහරි පුද්ගල හෝ පක්ශ බැලමෙහෙවර කම් කලත් ඔබ ලන්කානු පුරවැසියෙකු බව අදවත් වටහා ගත යුතුයි. පුරවසියන් දනගත යුතුයි නීතිඅයක් හා විනයක් මේ රටට අදුන්වා දියා යුතුබව. මේ රට මේ ආගදයට යන්නට හේතුව හැම දෙයකටම රටේ ඉන්න භික්ෂූන් වාහන්සෙලා හා එලෙස කියාගන්න නමුත් චීවරය මුවාවෙන එවුන්ගේ හැන්ගවුනු ඇජෙනඩ වලට වැඩ කරන ආත්මර්ත කාමීන නිසා බව ඔබට පැහැදිලිවිය යුතුයි. මට පිටරට සිට බලන විට ලන්කාවෙ භික්ෂූන් අතර සත්ය භික්ෂූන් ඇත්තේ 10% කටත් අඩු ප්රමනයක්. ඒ අය ජීවත් වන්නෙ, බුදුරදුන්ගේ අවිහින්සා වාදය ප්රගුන කරමිනුයි. ඒ අය ඔය ඥාණසාර වාගෙ බේබදු තක්කඩියන්ට එක දසමයක් වත් සම කල නොහැකිය. මා යුරෝපනු රටක මගේ අධ්‍යාපන පසුව මුලුලොවටම සෙතවීම උදේස වැඩ කරන කෙනෙකු හැටියට මා මේ මොහොතේ ලන්කාව දෙස බලන්නෙ හරිම පිලිකුල් සහගත වයි. අපිදන්නව විදියට වැරදි කරන කවුරුත් නීතිය ඉදිරියේ තානාන්තර පක්ශ්බේහ්ද නැතිව කට යුතු කල යුතු අතර, රටේ අඩිකරනයට එහා බලයක් සන්ගරත්නයට හිමිවිය යුතු නැත. මෙලෙස ගිය හොත අපේ තරුන කොටවලට මේ රට හිමිවන්නෙ පුන්චි පාකිස්තනයක් විදියට බව කිව්වොත් නිවැරදියි. අද රටේ බුදුරජුන්ගේ දම කියල ප්රවර්දනය වෙලා තිබෙන්නෙ බඩගෝස්තර හා බලතන්හාව වට කත් අදින ජීවන රටාවක් කිව්වොත් නිවැරඩියි. මේ දේවල් මෙලෙස නොවී, දියුනු යුරෝපීය රටක තත්වයට අපේ ජනතාවට ඉඩිරියට යන්න නම් විනය හා නීතිය ප්රමුඛ කොටගත් පාලන් තන්ත්රයක් ඇති විය යුතුයි. එය කෙලෙස හෝ රටේ ඇති සුවිශේශි තත්වයන් අනුව ක්ශනිකව ඇති විය නොහැකිබව පැදිලියි. එනමුත් ඔබ වැනි අය පිරිසිදුව ඤාණ වන්තව වැඩකලහොත් රට එය කරා ලන්ගා වීමට අපහසු වන්නෙ නැත.

  • 0
    0

    මම ලියපු එකයි ඔබ ලියපු එකයි බලපුවහම ඕනේ කෙනෙකුට තේරෙනව පුද්ගල/පක්ශ බැලමෙහෙවරකම් කරන්නේ, බෞද්ධයන් ගැන හෑල්ලු කරලා හිතන්නේ, රටේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැත්තේ ඔබට මිසක් මට නෙමෙයි කියල.
    .
    ඔබ ලංකාව දිහා පිළිකුල් සහගත විදියට බැලුවට මම කවදාවත් මගේ රට දිහා පිළිකුල් සහගත විදියට බලන්නේ නැහැ.
    .
    මම කොහෙද කියලා තියෙන්නේ රටේ අධිකරනයට එහා බලයක් සංඝරත්නයට හිමිවිය යුතුයි කියලා. ඥානසාර හාමුදුරුවන්ට දඬුවම් නියම වුනා. බෞද්ධයන් ඒ තීන්දුව විවේචනය කලේ නැහැ. ඔබ කියන විදියට නීතිය හැමෝටම එක හා සමාන නම් අපරාධකාරයෝ, ස්ත්‍රීදූෂකයෝ, ත්‍රස්තවාදියෝ ජනාධිපති සමාව ලැබිල ගෙදර යද්දී දුප්පත් මිනිහ දඩේ ගෙවා ගන්න බැරුව හිරේ යන්න බැහැ. අනිත් එක රටේ නීතියේ හැටියට අඩුවයස් විවාහ තහනම් වුනාට, මුස්ලිම් මිනිස්සුන්ට ඉඩ දීල තියෙනව රටේ නීතියට විරුද්ධව අඩුවයස් විවාහ කරගන්න. ඊළඟට තේසවලාමේ නීතිය තනිකරම ව්‍යවස්ථාවේ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් හිමියි කියන කතාවට විරුද්දයි. සංඝ සභාව කිව්වහම ඥානසාර හාමුදුරුවන්ට කහසිවුර හැර වෙන ඇඳුමක් සිරගෙදරදී අන්දවන එක වැරදියි කියලා ඒක විවේචනය කරන මිනිස්සු රටේ නීතියට උඩින් යන මුස්‌ලිම් අඩුවයස් නීතිය සහ තේසවලාමේ නීතිය ගැන කතා කරන්නේ නැහැ.
    .
    ඔබේ අනිත් කතාව “ලන්කාවෙ භික්ෂූන් අතර සත්යභික්ෂූන් ඇත්තේ 10%කටත් අඩුප්රමනයක්” කියන්නේ ඔබ බෞද්ධයෙක් නොවෙන නිසා. හාමුදුරුවන්ගෙන් 99% බුදුදහමට එකඟව ජීවත් වෙනවා. 1%ක මට්ටමෙන් මුළු මහාසංඝරත්නයම මනින එක වැරදියි. අනිත් එක ඔබ නොදන්නවා වුනාට බුදුහාමුදුරුවන් වැඩහිටපු කාලෙම දෙව්දත් 500ක් හාමුදුරුවරු අරගෙන බුදුදහමට විරුද්ධව නොමඟ යැව්වා.
    .
    ඔබේ මේ කතාවටත් මම විරුද්ධයි. “අද රටේ බුදුරජුන්ගේ දහම කියල ප්රවර්දනය වෙලා තිබෙන්නෙ බඩගෝස්තර හා බලතන්හාවවට කත්අදින ජීවන රටාවක් කිව්වොත් නිවැරඩියි.”
    රටේ බඩගෝස්තරවාදය සහ බලතණ්හාවට කත් අදින ජීවන රටාවක් තියෙනව නම් එකට වග කියන්න ඕනේ යූඑන්පී ආණ්ඩුව ගෙනාපු විවෘත ආර්ථිකය මිසක් බුදුදහමවත් මහා සංඝරත්නයවත් නෙමෙයි. අපේ රටේ බෞද්ධ සංස්කෘතියට ඉහලින් මුදලට මුල් තැන දෙන ආත්මාර්ථකාමී අසංවර දේශපාලන සංස්කෘතියක් හැදුනේ විවෘත ආර්ථිකය නිසා රට තුලට ආපු දුරාචාරය, අපචාරය සහ විෂමාචාර නිසා. මේ තත්වය දිගටම තියෙනවද නැත්නම් යටපත් කරලා තියෙන සිංහල බෞද්ධ සමාජය නැවත ගොඩනඟනවද කියලා තීරණය වෙන්නේ මහින්ද තෝරන ජනාධිපති අපේක්ෂකයා මත.

  • 0
    0

    නීතියට හා විනයට ගරු කරන යුරෝපයේ ජීවත් වන මට ඔබ සිතන ආකරයන් හරිම පරස් පර විදියට පේනෙ. මෙය මා හට හැම විටම වැටහෙනව.. රටට එන අයන හැම විටම. ඔබ කියන්නෙ හිතන්නෙ අසදාරනය තමන්ගේ වාසියට හසුරුවන බහුතරයක හන්ඩ වාගෙ කියල හිතෙනව.

    රට්ටු මයි මුලු ලෝකයටම පෙන්වා දෙන්නෙ රටේ අදිකරන නියෝගයට විරුද්ධ්ව බෞද්ධ කියන අන්තවාදි කොටස් ක්රීයාත්මක වී අදිකරන තීන්ඩු වල අර්තය බෙලනීන කරන බව. මෙය පිටතින් බලන අපිට හරියට පැහැදිලියි. ඒකට යුඑන්පිය වත සිරිසෙන ජනපතිවත් වැඩකල යුතු නැහැ. අද රට යන්නෙ ප්රපාතයට. ඔය කියන විදියට හිටපු තක්කඩි රාජපක්ශෙ වරු රටට කරපු හානින් ට අමතරව- ඔවැනි හාමුදුරු කිය කිය ඇන්ත්වාදි කොටස් ඔය විදියට හැසිරෙන කොට, ලන්කාව් ලෝකයාට පේන්නෙ පකිස්ටානය නොදෙවිනි විදියිඅට. මෙය රටට එන අදායම් මාර්ග වලට ජාත්‍යාන්තර ව ඉදිරියට බලපානව. අපිට සිදුවන්නෙ, කාන්තාවො මැඩපෙරදිග පෙරදිග නැමති දූශිට ලෝකයට පටවල ඒ වායින් පමනක් ජීවත් වන්නට.මෙය ඉතාමත්ම කනගාටු දායකයි.

    දේශපලනය පැත්තකට දැම්මත් පොදු රටවැසියා දැනුවත් වී ප්රන්ශයේ වාගේ කවුරුවත් නොදන්නා නායකයෙක් රටට බිහිවේවයි මා ප්රාර්තනා කරනව. .. එතකොට උගතාට උගත් විදියටත් .. නූගත රාජපකශ් තිරිසන්නුන්ට ඒ විදීයට කට යුතු කරන දේශපලන වාතාඅරනයක් ගොඩ නැගේවි. එය විය යුතුමයි අද්දියේන් වලෙන් ගොඩ වෙන්නට නම්..

  • 0
    0

    baabalathappu. I THOUGHT BABALTH PEOPLE ARE WOMEN. anyway, you are a fan of major AMerican news channels. So, write those things.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.