19 April, 2024

Blog

සිරිසේන, 2020 ආයේ එන්ඩනන් හිටන්….

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව ජනෙල් පොල්ලේ එල්ලුවේ එයැයිට වඩා ජනතාව ක්‍රිකට් දන්නා නිසාමය.

තත්වය එසේ වූවද හදිසි ටෙස්ට් වරම් ලැබ පිටියට පිවිසි සිරිසේන උන්නැහේ නම් කන්න යන්නේ ඉනින්ග්ස් වලින්මය. ඒ බව මනාව පෙනුනේ පලාත් පාලන විස්සයි විස්සේ තරඟයෙන්නය. එම තරඟයේදි සිරිසේනට රැස් කළ හැකි වූයේ ළකුණු හතරක්ම ඉතරය. ටීම් එකටම ගන්න පුළුවන් උනේ ළකුණු 14 ක්ම ඉතරය.

මාතලන් ජනාධිපති උපසේන (උපදේශක)  කෙනෙක් නොවුනත්, මහින්ද මහත්තයාටත්, මේ දෙන්න යනවා වගේම උපදෙස් ටිකක් දුන්නේය. මාතලන් මහින්ද මහත්තයාට කිව්වේ අත්තියාවස්සම අහාර වර්ග 10 ක බදු ඉවත් කර, අඩුවට දෙන්නෙයි කියලාය. ඒ උනාට උන්නැහේ අපිව බල්ලා මාක් එකට දමා, බල්ලන්ගේ කෑම අඩු කර දුන්නේය. අද ඒ පව ගෙවන්න, උන්නැහේට දිනපතා පන්සල් වලට යන්න වෙලා තියෙනවාය. අපි කීව දේ අහුවා නම්, අදටත් පන්සල් ඔක්කෝම ආරලිය ගහ මන්දිරයට වඩිනවාය.

විධායකයේ තටු කැපුවායයි කීවාට තාමත් වෙන්නේ ලොක්කාට ඕන දේ කියා හොඳටම තේරෙනවාය. බාර් මහ රෑ වෙනකන් අරින්න ගිය එක නැවැත්තුවේ එයාය. ඔය වගේ කේස් තා.. අටෝරාසියක් මැද්දේ, ඊයේ පෙරේදා ටෙලිනාට්ටිකාරයන්ගෙන් බදු ගහන එකත් නවත්තලා දැම්මේය. හෙට අනිද්දා දොස්තරලාගෙන බදු ගහන එකත් අකුලා ගන්න පුළුවන්ය. මේ විගඩන් කෙරුවාවලින් වෙන්නේ පුකත් නැතිව ඉන්නා සාමාන්‍ය ජනතාවට තව තවත් කෙලවීමය.

උන්නැහේට ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේය. අද උන්නැහේ විසින් ආරක්ෂා කිරීමට දඟලන පිරිස, ආන්ඩු පක්ෂ මැති ඇමතිවරු, උන්ගේ පවුල්, උපදෙශකවරු, අරුන් මුන් සියල්ලෝම ඇතුලුව 50,000 -100,000 ක් අතර පිරිසක් වෙන්න පුළුවන්ය. ඔය 4% හම්බ උනේ ඒ පිරිසගෙන්ය.

2020 උන්නැහේ ඡන්දයකට ඉදිරිපත් උනොත් ඒ 4 % ලැබෙනා එක ෂුවර්ය. මොකෝ ටැට්ටර් සාධුටත් ඡන්දේ දෙන උන් අම්මට සිරි ලංකාවේ ඉන්නා නිසාය. මාතලන් මේ දෙන උපදෙස් ටික පිලිපැද්දෝත්, ඝෝටා තියා මොන එකා ආවත් උන්නැහේ 75% විතර අරගෙන ආයෙත් උඩින්ම දිනනවාය. ඒකට මේ ඉතිරි වී තිබෙන කාලය හොඳටෝම ප්‍රමාණවත්ය. මාතලන් කියන්න යන්නේ ඔක්කෝම කරන්න පුළුවන් දේවල්ම ඉතරය.

  • හාල්, කිරිපිටි, සීනී, අර්තාපල්, පරිප්පු, කරවල, සැමන්, හාල්මැස්සා, යන අත්‍යාවශ්‍යම භාන්ඩ මත පනවා ඇති බදු සියල්ල ඉවත් කරන්න
  • පාටී පොලිටික්ස්, වේදිකාවේ කතා කිරීමෙන් වලකින්න (ආන්ඩුව විවේචනය කිරීමෙන් කරන්නේ තමන් විසින් තමන්ගේම වල කපා ගැනීමය)
  • ආන්ඩුවේ මැති ඇමතිකම් වලින් සිරි ලංකා එකේ උන් සියල්ලම ඉවත් කර ගන්න.
  • එජාපයට තනි ආන්ඩුවක් සමඟ නාන්න දෙන්න (මෙලෝ දෙයක් බැරි එජාපය, ඉදිරි වසර වලද කිසිවක්ම කරන්නේ නැත. ඒ ඡන්දද ඔබට ලැබෙනු ඇත.)
  • ආදායම මත පනවා ඇති බද්ධ විශේෂත්වයක් නොදක්වා සියල්ලන්ගෙන්ම අය කරන්න (මන්ද සියළුම දෙනා කරන්නේ රැකියාවක් වන බැවිනි. එක් එක් ක්ෂේශ්ත්‍රයන් වෙන වෙනම ගෙන, විශේෂ වරප්‍රසාද ලබා දීම, මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමකි. මෙයින් නැති වන්නේ සුළු ඡන්ද ප්‍රමාණයකි. එහෙත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන්, අති බහුතරයකගේ ඡන්ද ඔබට ලැබෙනු ඇත.)
  • මැති ඇමති වරුන්ගේ විශේෂ දීමනා සියල්ල කපා හරින්න. (ඉන්නේ එජාපයේ උන් නිසා ලේසියෙන්ම කළ හැකිය)
  • පොලිස් කෝලම ඉවත් කර, පාතාලය මර්ධනය කිරීම පොලිස් විශේෂ කාර්ය බලකායට පවරන්න.
  • උතුරට හා නැගෙනහිරට කඩිනම් නිවාස යෝජනා ක්‍රම කීපයක් හඳුන්වා දෙන්න. පොරොන්දු වූ ඉඩම් මුදා හැරීම කඩිනම් කරන්න. එහි ආයෝජන සඳහා විශේෂ වරප්‍රසාද ලබා දෙන්න. 
  • විදෙස් ශ්‍රමිකයින්ට ලබා දිය හැකි සෑම සහනයක්ම ලබා දෙන්න (රෙගු බදු අයකිරීම් ඉවත් කිරීම, රැකියා නියෝජිත ආයතන විසින් ලබා ගන්නා බ්‍රෝකර් මුදල් අඩු කිරීම)
  • කුඩා මෝටර් රථ, මෝටර් සයිකල් හා ත්‍රී රෝද රථ සඳහා පනවා ඇති බදු අඩු කිරීම
  • රාජ්‍ය වියදම, හැකි තරම් කපා හරින්න.
  • හැකි නම් පමණක් සොයා බලා ගෑස් හා ඉන්ධන මිළ අඩු කරන්න
  • ආයෝජන මන්ඩලය තමන් යටතට ගෙන, ආයෝජයන්ගෙන් කප්පම් ඉල්ලීම හා රස්තියාදු කිරීම නවතා දමා සියළුම දේ එකම ස්ථානයකින් මසක් තුල සිඳු කිරීමට හැකි පරිදි ෆෝන්සේකා වැනි සෘජු තනි පුදගලයකුගේ පාලනය යටතට පත් කරන්න. (විදෙශ් ආයෝජන නොමැතිව රට හදන්නට හැකි යයි සිතන්නේ නම්, එයිට එහා ගොන් කමක් තවත් ඇත්තේ නැතිය.)
  • ගල් අරක්කු හා බියර් වල මිළ අඩු කරන්න. (මේවා වැඩි කොට ඉල්ලාගෙන කෑ හැටි සිහි තබා ගන්න. මොකා මොන බයිලා ගැහුවත්, බියර් අඩු කිරීම නිසා කසිප්පු ගහනා උන් ප්‍රමාණය අඩු වූ අතර කසිප්පුවල ගුණාත්මක බවද වැඩි විය.)
  • අනෙකුත් බීම වල මිළ වැඩි කරන්න (කිසි අවුලක් නැත. ඒවා බොන්නේ සල්ලි තිබෙනා උන්ය.)
  • “හැකිනම්”, වී වෙනුවට ගංජා වගා කිරීම නීතී ගත කොට, අස්වැන්න ඔස්ට්‍රේලියාවට හා ඊශ්‍රායලයට අපනයනය කිරීමට හෝ ඔවුන්ගේ ඖෂධ නිශ්පාදන සමාගම් මෙරටට ගෙන ඒමට කටයුතු කරන්න. (ගොවියා පළමු ගංජා අස්වැන්නෙන්ම රජ වනු ඇත.)
  • ගංජා වගාව හා පානය නීතී ගත කරන්න (ගංජා බී මැරුණ එකෙක්වත් මේ වන තෙක් ලංකාවෙන් වාර්ථා වී නැත.)
  • පක්ෂය හැදීම පසෙක තබා. රට හැදීමට මුල් තැන දෙන්න. (කල්පනා කර බලන්න, ඔබේ වටිනා කාළයෙන් කෙතරම් ප්‍රමාණයක් මේ කාළකන්නින් වෙනුවෙන් වෙන් කරනවාද කියා. තමන්ට එරෙහි සියල්ලන් එලවා දමන්න. නම මෛත්‍රී වූවට, නයින්ට කිරි පොවා පසුවට පසුතැවිලි නොවන්න. ලිස්ට් එකෙන් ගත් උනුත් දැනටත් ඇරලා අවසානය.)

මේ සියල්ලම කිසි අවුලක් නැතිව තනී තීරණයට කළ හැකි දේවල්ය.

මෙවන් වටිනා උපදෙස් පයිසෙකට මායිම් නොකල රජෙකුට ජනෙල් පොල්ලක එල්ලීමට සිඳූ බවටත්, අදටත් පන්සල් පල්ලි කෝවිල් පමණක් නොව මුස්ලිම් පල්ලිවල බිස්බිල්ලා රහ්මානූ රහිම් කියා යාඤ්ඤා කරමින් පව් සමා කර ගන්නා බවත්, මේ උපදෙස් පිලි නොපැද කටයුතු කලහොත් 2020 දි අඩි හයක් යට සැතපීමට සිඳු වන බවටත් අනතුරු හඟවා මාතලන්ගේ ජනාධිපති උපදේශණ සේවය මෙයින් නවතා දමනවාය..

විශේෂ – ඝෝඨාගේ ආශීර්වදය සමඟ පැමිනියද… මේ කිසිවක් නොකලහොත් පළමු ඉනිමෙන්ම ගෙදර යන්න වෙන බවට මෙන්න කැට. වෙන්නේ සිරිමාට වූ දේ, අනික් එකය…

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    MAthalan: You, in your writings, looks a very unhappy individual. anotehr point is destroying Sinhala language. In North america, what you write is caleld TABLOID news. In Sri lanka a Writer is a very important person and he is a celebrity in western vocabulary. I do not feel commenting anything on what you write. Just garbage

    • 0
      0

      But you have made not only one… there are two comments for this garbage article

      love you Jim softy

  • 1
    0

    List එක බලපුවහම පෙන්නේ හොඳ බෙබේ කෙනෙක් ලියපු එකක් කියලා. බියර් මංගලගේ සහ කංසා රාජිතගේ ගානට ගැලපෙනවා.
    බදු අඩු කරන්න කියල කියල තියෙන හැම භාණ්ඩෙම ගේන්නේ පිටරටින්.
    මෛත්‍රී වේදිකාවේ ආණ්ඩුව විවේචනය කරපු හින්ද තමයි ඔය ගානටවත් චන්ද හම්බවුනේ.
    හොඳට තියෙයි කැබිනට් එකෙන් ශ්‍රීලංකාකාරයෝ ටික අයින් කරගත්තොත්. රනිල් සහ ඇමතිවරු දැනටමත් කැබිනට් එක රවට්ටනවා. සමහර පනත් ගේන්නේ කැබිනට් එකටත් හොරාට. උදා: ICPPED එක ratifyකරලා signකලේ ජනාධිපතිගේවත් අවසර නැතුව. පස්සේ ඒක රටේ නීතියට ඇතුල් කරන්න විතරයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ එහෙම නොකර බැරි නිසා. ආසන්නම කාරණාව ශ්‍රී ලංකා-සිංගප්පුරු වෙළඳ ගිවිසුමට පස්සේ එකතු කරපු දේවල් වලට කැබිනට් අනුමැතිය නැහැ. ශ්‍රීලංකා කාරයෝ කැබිනට් එකේ ඉන්න නිසා තමයි රනිල් කරන ඒවා මේ තරමටවත් රටේ මිනිස්සු දැන ගන්නේ. නැත්නම් රනිල් ඔක්කොම UNPකාරයෝ විතරක් ඉන්න Cabinet එකෙන් පාස් කරගෙන, එහෙම නැත්නම් Cabinetඑකට නොකියම ලංකාවම විකුණනකම් කවුරුවත් දැන ගන්න එකක් නැහැ.
    අලුත් බදු ගහන්න ඉස්සෙල්ල කරන්න තිබ්බේ දැනට තමන්ගේ ආදායම හන්ගන් ඉන්න, බදු ගෙවීම පැහර හැරලා තියෙන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් හරියට බදු අය කරගන්න එක. පුදුම වැඩේ කියන්නේ කිසිම ආණ්ඩුවක් මේ වැඩේට ඇත නොගහන එක. විදෙස් ආයෝජකයන්ට බදු සහන දෙන එක නවත්තන්න ඕනේ. ඊළඟට දැන් කරල තියෙන මෝඩ වැඩේ කොටස් වෙලඳ පොලේ කොටස් විකිනුවහම ඒවා බද්දෙන් නිදහස් කරපු එක අයින් කරලා ආපහු ඒ බද්ද ගහන්න ඕනේ. විදේශිකයන්ට මෙහෙ ඉන්දිද්ත්දී ගත්ත බඩු වලට ගෙවපු බදු airportඑකේදී ආපහු දෙන මෝඩ යෝජනාව නවත්තන්න ඕනේ. එහෙම කරන්න තරම් අපි සංචාරයකයන්ගෙන්වත් රජයට ලැබෙන ආදායම් වලින්වත් ස්වයංපෝෂිත නැහැ.
    අනිත් ලියලා තියෙන යෝජනා හොඳයි බේබද්දන්ගෙන් ස්වයංපෝෂිත වෙන්න කැමති රටකට සහ බත් වෙනුවට කංසා ප්‍රධාන ආහාරය කරගන්න කැමති පිස්සන්ට සහ සල්ලි හෙවීම මිසක් රටක් ආගමක් සංස්කෘතියක් දහමක් මුකුත් නැති ඕපපාතිකයන්ට.
    .
    හොඳ වෙලාවට මහින්ද මේවා කලේ නැත්තේ. නොකර ගෙදර ගිය එක ඊට වඩා නම්බුයි. පැරදිලා ගෙදර ගියත් මුළු රටම ආදරය කරන මහින්ද පැරදිච්ච එක ජනේලේ එල්ලීමකට සමාන කරනවා නම්, මෛත්‍රීයි රනිලුයි පැරදුනාහම මිනිස්සු දෙන්නවම කුදලාගෙන ගිහින් බෙල්ලේ ගල් දෙකක් ගැට ගහල මහ මුහුදට අතෑරියා කියලා ලියන්න වෙයි.

    • 0
      0

      මහින්දට මෙච්චර ඒවා ලිව්වේ නෑ චම්පෝ…
      මහින්දට කිව්වේ බඩු දහයක මිළ අඩු කරලා දෙන්නය කියලා…
      එහෙම කළා නම් පොර තාමත් කින්…. අද බොදෝමකින්

      • 0
        0

        අයියෝ, දැන් බඩුමිල අඩු කරා නෙමෙයි ආණ්ඩුව නොමිලේ බඩුකඩුත්තු මල්ල මල්ල ගානෙ ගෙදරවල් වලට ගෙනත් දැම්මත් මිනිස්සුන්ගේ හිත හදන්න බැහැ. බඩයි-පඩියි ගැන හිතල චන්දෙ දීපු කාලේ ඉවර වුනා 2015 දී. මිනිස්සුන්ට රට ඊට වඩා ලොකුයි.
        පොතේ හැටියට නම් රටේ ඊළඟ ජනාධිපති තේරෙන්න ඕනේ මහින්දගේ පැත්තෙන්. හැබැයි රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. ඇත්ත තත්වය බලමු. ගෝඨාභය දැම්මොත් විරුද්ධවාදීන්ට කියන්න හුඟක් දේවල් තියෙනවා හරියට මහින්දට කිව්වා වගේ. ඒක හරියට තමන්ට ගහන්න මහින්දම අනිත් පැත්තට ආයුධයක් දෙනවා වගේ වැඩක්. එතකොට රාජපක්ෂලාට එරෙහි බලවේග එකට එකතු වෙන්න ඉඩ තියෙනවා. කරන්න ඕනේ එහෙම එකතු වෙන්න ඉඩ නොදෙන එක. එහෙම එකතු වුනොත් ගාන 50% හෝ ඊට චුට්ටක් වැඩි වෙන්න වුනත් පුළුවන්. මම කියන දෙයක් නෙමෙයි, පළාත් පාලන මැතිවරණයෙදී එහෙම පෙන්නලා තියෙනව. එහෙම නැත්නම් වෙන්නේ අනිත් පැත්තේ රනිල් හිටියොත් දෙවෙනි ගණන් කිරීමකට යන්න සිද්ධ වෙන එක. අනිත් එක තවත් අවදානමක් තියෙනවා. දේශපාලකයෝ තිත්ත වෙලා ඉන්න පාවෙන චන්ද දායකයන්ගේ චන්ද විසිරිලා බෙදිලා යන්න පුළුවන්. දැනටම දේශපාලනයට කවදාවත් සම්බන්ධ වෙලා නැති දෙන්නෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. තව ඉඳියි අනාගතේ.
        2019 අග ඊළඟ වේදිකාවත් ලෝකෙම හිනස්සමින්, ලංකාවේ නමත් කැත කරමින්, එකිනෙකාගේ කුණු කන්දල් අදින, එකිනකට මඩ ගහන, අපහාස කරන, චරිත ඝාතන කරන, තමන් කරපුව ගැන පම්පෝරි ගහන, කරන්න බැරි වෙච්ච දේවල් කරන්න ආයේ අවස්ථාවක් ඉල්ලන සම්ප්‍රදායික ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවක් නොවිය යුතුයි. දැන් ඉන්නේ 2015 හා ඊට කලින් හිටපු බඩ අතගාල අතමිට මොලවපු ගමන් පැනල චන්දෙ දෙන චන්දදයකයෝ නෙමෙයි. හැම පක්ෂේකටම තියෙන චන්ද පදනම ටිකක් එහා මෙහා වෙලා වුනත් එහෙමම තියෙන්න පුළුවන් කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් ජනාධිපතිවරණෙ දිනන්න එක පක්ෂේකටවත් බැහැ.
        ලංකාවේ චන්දදායකයන්ගේ දේශපාලන චර්යාව හුඟක් සංකීර්ණයි. තේරුම් ගන්න අමාරුයි. 2010 මහින්දව දිනවන්න චන්දදායකයෝ ස්වේච්චාවෙන් වැල නොකැඩී ආව වගේම, 2015 ඒ මහින්දවම පරද්දන්නත් ඒ චන්දදායකයොම ස්වේච්චාවෙන් වැල නොකැඩි ආව. පැහැදිලිවම පේන දේ තමයි කලින් මොන තරම් සූදානම් වෙලා හිටියත් ජනාධිපතිවරණයේ අවසාන සති කිහිපයේදී ජන මනස නොහිතන විදියකට වෙනස් වෙන්න පුළුවන් කියන එක. මහින්දගේ පැත්තට කරන්න තියෙන්නේ සම්ප්‍රදායිකව හිතන එකෙන් මිදෙන එක.

    • 0
      0

      මට නම් ලංකාවට තියෙන ලොකුම අභියෝගය විදියට පේන්නේ ආර්ථිකය නෙමෙයි. හොඳ දැක්මක් තියෙන මිනිහෙකුට ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන්.
      ලංකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ සංවිධානාත්මකව විනාශ කරගෙන යන සිංහල බෞද්ධ සංස්කෘතිය බේර ගන්න එක. ලංකාවේ මිනිස්සු හුඟක් පසුගාමියි. සිද්ධ වෙන විනාශේ දැක දැක නිශ්ශබ්දව ඉන්නවා. ලංකාවේ මුළු තරුණ පරම්පරාවෙම මනස විකෘති කරන දේවල් කරද්දීත් නිශ්ශබ්දව ඉන්නවා. කම්මුලේ අත තියාගෙන ඔහේ බලන් ඉන්නවා. මට නම් තියෙන ලොකුම දේ විකෘති කරන සමාජය නැවත ප්‍රකෘති තත්වෙට ගන්න එක. තරුණ නෙමෙයි ඉතා කුඩා ගෑනු දරවෙකුටවත් අද ගෙදරක්වත් ආරක්ෂාවක් නැහැ. පහුගිය දවසක කියව්ව අහස පොලොව නුහුලන කතාවක් අම්ම කෙනෙක් තමන්ගේම දුවල දෙන්නව නරුමයෙකුට බිලි දීපු. මේවා ඇත්ත කතාද ප්‍රබන්ධද කියල හිතෙන තරමට අස්වාභාවිකයි. මේ සිංහල බෞද්ධ රටේ අම්ම කෙනෙක්ටම මෙහෙම දේවල් කරන්න පුලුවන්ද? මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ? හරිම ලොකු කම්පාවක් දැනෙනවා.
      .
      ඉතාම නොදියුණු සමාජයකවත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ලංකාවේ අහිංසක දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ගේනුයි වැඩිහිටියන්ගේනුයි බේරිලා ජීවත් වෙන්න බැරි සමාජයක් මේ රටේ හැදීගෙන යන එක තරම් කම්පා හිතෙන දෙයක් තවත් නැහැ. දැන් නම් බණ කියලා නවත්තන්න බැරි තැනට ඒගෙන එන්නේ. ඉතාම තදබල දඬුවම් දෙන්න ඕනේ දරුවන්ට විනාශ කරන සහ දරුවන් යොදාගෙන වෙනත් දේ කරන ගෑනු පිරිමි හැමෝටම. “අවම දඬුවම” බරපතල වැඩ ඇතුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් වෙන්න ඕනේ. බෞද්ධයෙක් නොවුන නම් මම කියන්නේ මරණ දඬුවම දෙන්න කියලා. හයක් හතරක් නොතේරෙන් දරුවන්ට අතවර කිරීම විතරක් නෙමෙයි, අවිනීත පින්තූර ගැනීම වැනි දෙයක් වුනත් සමාන කරන්න ඕනේ මිනීමැරුමකට. ඒ මොකොද කිව්වා නම් ඊට පස්සේ ඒ දරුවාගේ ළමා කාලය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන නිසා. විනාශ වෙන නිසා.

      Contd’ …… 1/3

      • 0
        0

        Contd’ …. 2/3

        ඊළඟට අනිත් පැත්තෙන් නිරුවත සමාජගත කරනව කිසි ප්‍රශ්නයක් නැතුව. සල්ලි තියෙනවා නම් තමන්ට ඕනේ විදියට ඕනේ තාලෙට පාටි දාන්න පුළුවන් කියලා කවුරුවත් හිතනවා නම් ඒක වැරදියි.
        හැම මිනිහම දැන ගන්න ඕනේ තමන්ගේ නිදහස තමන්ගේ නහය ලඟින් ඉවරයි කියල.
        “Adults Only” Birthday Party එකක් දාල ඒක රූපවාහිනී නාලිකාවක පෙන්වන කොට ඒක නවත්තන්න මේ රටේ නීති තියෙනවා. ඊළඟට Adults Only පාටියේ නිරුවත් පින්තූර පවුලේ පුවත්පත්වල පලවෙනකොට ඒක තහනම් කරන්නත් මේ රටේ නීති තියෙනව..

        මේ රටේ ජීවත් වෙන්නේ ප්‍රසිද්ධ ගණිකාවොයි, මෝස්‌තර නිරූපණය කියන්නේ ඇඳුම නැතුව ඇඟ පෙන්නන එකයි කියලා හිතන මෝඩ නිරූපිකාවොයි, පොඩි කාළෙම සිල් බිඳගෙන අතින් අතට යන නිළියොයි, සල්ලි දෙනවා නම් ඇඳුම නැතුව හරි යන්න ලෑස්ති ගෑනුයි, පිම්..යොයි විතරක් නෙමෙයි.
        මේ රටේ කුඩා දරුවෝ ඉන්නවා, පාසල් ළමුන් ඉන්නව, රටෙන් සියයට 98ක් විතරම තවම ලැජ්ජා බයට හැදෙන තරුණ ළමයි මේ රටේ ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, ආගමික නායකයන් ඉන්නවා, බෞද්ධයන් විතරක් නෙමෙයි මුස්ලිම් හින්දු සංස්කෘතියට අනුව ජීවත් වෙන මිනිස්සු මේ රටේ ඉන්නවා. පිටදූව බුදු දහමට නිගා කරමින් හැසිරුණ වගේ පිටදූවගේ අනුගාමිකයෙකුත් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරමින් හැසිරෙන කොට ඒකටත් කට වහගෙන හිටියොත් මේ රට පිම්..යන්ටයි ගනිකාවන්ටයි මුදලට නිරුවත විකුනන ගෑනුන්ටයි ගිය රටක් වෙයි.
        .
        අනිත් එක මේ Adults Only පාටියේ කුඩා දරුවෝ දෙන්නෙක්ගේ නිරූපණ හරි නැටුම් හරි තිබුන කියල කියනව. එතකොට මේ පාටියේ තමන් නැටුවේ sexy dance හෙවත් Adults Only නැටුම් කියල ප්‍රසිද්ධියේම කියපු ගෑනුන් ඉන්නවා. ළමා ආරක්ෂණය අධිකාරියක් මේ රටේ තියෙන්නේ මොන මඟුල් ගෙදරකටද? අර විදිහේ නැටුම් පෙන්වනකොට අර කුඩා දරුවෝ දෙන්නත් එතන තියාගෙනද එහෙම කලේ කියන එක හොයල එහෙම කරා නම් නීති මගින් දඬුවම් දෙන්න ඕනේ. ඒ දරුවන්ගේ දෙමව්පියන්ටත් දඬුවම් දෙන්න ඕනේ. එහෙම කරන්න මේ රටේ ඕනේ තරම් නීති තියෙනව. නීතිය ක්‍රියාත්මක කරන්න පැමිණිල්ලක් ඕනෙයි කියන එක පල් බොරුවක්.

        රටේ ඉහලම තැන් දෙකේ පඹයෙක් සහ බැංකුමංකොල්ලකාරයෙක් ඉන්න රටක මේවා ගැන කම්පා වෙන්න එපා කියලා මිනිස්සු කියනවා.

        Contd… 3/3

      • 0
        0

        Contd’ 3/3

        ලංකාවේ කාන්තාවෝ හරිම පසුගාමියි. කාලෙකට ඉස්සෙල්ල එක්තරා බටහිර රටක පවුලේ සඟරාවක මුල් පිටුවේ අඩ නිරුවත් කාන්තා පින්තූරයක් තිබිල ඒ සඟරාවට සුදු ජාතික අම්මල විරෝධය පල කරලා සිය ගණන් ලිපි ලියලා තිබුන. එක අම්ම කෙනෙක් කියලා තිබුන මේ සඟරාව පවුලේ සඟරාවක්. පාසල් යන මගේ දරුවොත් මේක බලනව. ඉස්සරහ පිටුවේ මේ වගේ ඇඳුම් අඩුවෙන් ඇඳල ඉන්න කාන්තා පින්තූරයක් දැම්මහම මට මේ සඟරාව සාලේ මේසේ උඩ තියන්න බැහැ කියලා. පස්සේ සඟරාව සමාව ඉල්ලුව.
        .
        බටහිර සමජයකත් වෙන්නේ නැති විදියට මේ රටේ ගණිකාවෝ, නිරූපිකාවෝ සහ නිළියො සිංහල බෞද්ධ සමාජය විනාශ කරනවා. තියෙන එකම ප්‍රශ්නේ සිංහල බෞද්ධ අපේ සංස්කෘතියට ආදරේ කරන, ඒක රැකගන්න උවමනාවක් තියෙන, රට ජාතිය ආගම ගැන හිතන විදියේ නායකත්වයක් රටට නැතිකම.
        .
        ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා එක පාරක් කිව්වා කිම් කර්දාශියන්ගේ රූපවාහිනී වැඩසටහන් එයාගේ දුවල දෙන්නට බලන්න දෙන්නේ නැහැ කියලා. ලංකාවේ නිරුවත් අඩ නිරුවත් චරිත ඉන්න චිත්‍රපටි වලට මොකක්ද (නම මතක නැහැ) මණ්ඩලයකින් අවසර ගන්න ඕනේ. ඊට පස්සේ ඒ චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණයි කියලා ලේබල් කරනවා. හැබැයි මේ වැඩිහිටියන්ට පමණයි බර්ත් ඩේ පාටියේ පින්තූර සහ video හැම තැනම දානවා. කිසි වාරණයක් නැහැ. මේ රටේ නීතිය වල් වැදිලා.
        .
        අවන්තගේ cartoon එකක් තිබුන “අද” පත්තරේ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විදියට අතු බෙදිච්ච ගහක කොළ ඔක්කොම වැටීගෙන යනව. ඒක තමයි අද මේ රටේ සිද්ධ වෙන කතාන්තරය.

  • 0
    0

    MATHALAN: the most important problem is in 1972, JRJ destroyed the constitution. that needs to be re introduced and not writing a new constitution, Parlaiament and the bureaucrats are corrupt, I Mean beureaucrats are ministers relative and look after accounting too. Why Mangala Samaraweera reduce Tax by 20% in 2020 instead he can collect all the donations businesses giving to one fund and cut down taxes. Do you understwand how politicians are investing all over the world. They can invest in Sri lanka but that is not proper as it is corrupt money. Anothe rproblem is Parliament is the LAW maker or the executive. Whp is the BOSS in that. Ranil wickramsinghe is the PM and the BOss of the speaker. HAve you ever heard MAithripala Sirisena ordering to introduce a LAW (I am not talking about Mahinda Rajapakse). ITis Ranil and IF Ranil is sabotaging the PResident since the day CIABOC was introduced, what can the PResident do. Before that do you remember how John amratunga, Kiriella, Ravi Karunanayake, COPE committee NO 2, COPE #1 what all did. Even now there is one well swindler, Hyena – PAskralingam (HE is said to be bought three houses for children in UK and Australia when RP was the BOSS). working for Ranil.

    • 0
      0

      // the most important problem is in 1972, JRJ destroyed the constitution //

      Mahawamsa… new edition..
      by
      Jim.softy

  • 0
    0

    MAthalan: That is all for the rebuttal.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.