Colombo Telegraph

රනිල් යන්නේ අහවල් එකකටද..?

ප්‍රියන්ත හේවගේ මාතලන්

ප්‍රියන්ත හේවගේ මාතලන්

සිරිසේන හිතාගෙන උන්නේ ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ උන්නැහේටය කියලාය. ඒ නිසා පොලොන්නරුවේ ගොවි ගෙදරින් ආ, බෙලෙක් පිඟනේ බත් කෑ සරළ මිනිසාගේ ඔළුව ඉඳිමි, අලි ඔළුවෙන් හැම එකාටම කෙලින්නට ගියේය. ඇත්තම කතාව නම්, ඒ, 2015 මහින්ද මහත්තයාට කොහොමත් කෙල වෙන එක කෙලවෙලාම යනවා. උන්නැහෙත් උන්නැහේට වඳින පුදන ආදරය කරන ජනතාවට කොකා පෙන්නා ගජ් මිතුරු පවුල් වාදී කුප්ප දේශපලනයක් ගෙන ගිය නිසාය.

නිර්මාල්ලා, සෝභිත සාධුලා, දඹර අමිල හිමිලා, කොහොමත් උන්නේ තරඟය දිනලාය. ඕන කරලා තිබ්බේ කප් එක අරගන්න පුළුවන් එකෙක්ය. රනිල් ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් උනේ නැතිය. මොකෝ එයා කප් එක ගත්තා නම් අඩු ගානේ පොටෝ එකකටවත් ඉන්නේ නැතිව යනවාය. ඒක හරියටම හරි ක්‍රමේ උනත්, අම්මට සිරි ලංකාවට ඒක ගැලපෙන්නේ නැතිය. ඒ වෙනුවට ඕන කරලා තිබුනේ, කප් එක අතට අරගෙන, ජනතාවට පෙන්නා, ආතල් එකක් ගන්නා පොරක්ය. කලින් ගේන්න හිටියේ නිමල් නිදිපාල උන්නැහේය. චන්ද්‍රිකා එයැයිට කෝල් එකක් ගත්තාම, එයා උන්නේ නිදාගෙනය. ඒ නිසා ඊ ගාවට ගත්තේ රනිල්ගේ නෝනාටය, නමුත් කෝල් එක ගියේ අනිත් මෛත්‍රිටය. ඒ නිසා පොර ගොඩ ගියේය. රටට හැමිනිලාම ගියේය.

එහෙව් පුද්ගලයා අද රනිල්ට අස්වෙන්න කියන්නේ රෙද්ද ඇඳගෙනද කියා සාමාන්නිය ජනතාව වශයෙන් අපිට අහන්නට වෙනවාය. එයා ඉටු කලේ යහපාලනයෙන් බලාපොරොත්තු උන දේ නෙමේය. එයා කළේ, මහින්ද කළ හොඳ නරක යන දෙකෙන්, හොඳ පැත්ත පසෙක තබා, නරකම නරක පැත්ත තෝරා ගන්නා එකය. ආපු ගමන් මල්ලි ටෙලිකොම් එකට දැම්මේය. ඩඩ්ලි බැසිල්ගේ රෝල් එකට සෙට් විය. චතුරිකා යෝෂිතලා වගේ බිස්නස් පටන් ගත්තේය. දහම්, මහින්දගේ පුතාලටත් එහා යමින්, මර්වින් සිල්වාගේ එකාගේ රෝල් එකත් පටන් ගත්තේය.

බලයෙන් පිස්සු වැටි, මානයෙන් උදම් වී, මෝහයෙන් මුලාවි රඟපු රැඟුම් වලට, මේ ඡන්දයෙන් ජනතාව නියම උත්තරේ දුන්නේය. රටේ ජනතාවගෙන් සිරිසේනට කැමති උන් ඉන්නේ ජෙප්පන්ගේ ප්‍රමාණයටත් අඩු වෙනන්ය. ජෙප්පෝ ඡන්ද 693,875 ගන්නා විට, සිරිසේනගේ අතට ගහන්නේ 491,835 ක් ඉතරය. මේ උපන් ගෙයි මෝඩයන් පිරිසක්ම විය යුතුය. එය ප්‍රොකාශිත ඡන්ද ගනනෙන් 4.44% ය. ඇපත් නැත. අද හැට දෙක නොව ඇට දෙකත් නැතිය.

සිරිසේන නිසා සැටලයිට් නෝනාත් ඉල්ලාගෙනම කෑවේය. අද සිරි ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ හොරගොල්ල්ලේ නොව මැදමුලනේය. මැදමුලනට කෙලින්න පුලතිසිපුරෙන් ගෙනා ගමරාල, අවසානයේ සිරි ලංකා නිදහස් පක්ෂයේ මහ ගෙදර වන හොරගොල්ල, මහ පොලොවට සමතලා කර දැම්මේය. මහින්දට කරන්න බැරි වූ දේ, සිරිසේන ඕනාවටත් වඩා ඉහලින් කෙරුවේය.

ඒවා එසේ තිබියදි, එජාපයේ ස්ථිර ඡන්දවලටත් වඩා වැඩියෙන් ගත් රනිල් වික්‍රමසිංහට (ඡන්ද 3,612,259, ප්‍රතිශතය 32.63%) ඉල්ලා අස්වෙන්න කියන්න සිරිසේනට හෝ සිරි ලංකා නිදහස් පක්ෂයේ පිංගුත්තර කාළකන්නින්ට කිසිම අයිතියක් නැත්තේමය.

නොදි බැරිකමට රනිල්ට අගමැති කම නැවත ලබා දුන්නද, රනිල් එලවීමේ කුමන්ත්‍රණය සිරිසේන විසින් අත් හල බවක් නම් පෙනෙන්නේ නැතිය. එජාපයේ පසු පෙල හා ගේම ගහන්නේ කෙසේ හෝ රනිල් එලවා තමන් ළඟ ඉන්නා හිටගෙන නිදාගන්නා කම්බ හොරෙක්ට අගමැති කම දී රාජපක්ෂ පාලනය ආකරයේ එකාධිපති පාලනයක් ගෙන යාමය. එය සිරිසේනගේ වරදක් නොවේය. විධායක ජනපති ක්‍රමයෙන් හැදු කල්ට් එකය.

එපමනක් නොව ජඩ මාජ්ජ කාරයන්ටත් අයිතියක් නැත්තේය. ආතල් එකේ පට්ටම එක වන්නේ රනිල් එලවීමේ සටනේ පෙරමුණේ රාල වෙලා තියෙන්නේ ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයකු වෙලා තියෙනා එකය. මහා රාජා ගේ සල්ලි වලට ඇබරෙන එකෙක් පක්ෂයකින් ගතමනාවක් දුන්නා නම් එයාගෙන එන මැතිවරණ නිරීක්ෂන වාර්තාව ගැන එයැයිට බැක් කරනා ඇන් ජී ඕ එකත් පෝඩ්ඩක් හොයා බලනා එක බොහෝම හොඳය. ප්ෆරල් සංවිධානයේ ඇති මහත්මා කම් ස්වාධීන කම් මුන්නැහේ ළඟ නැතෙයි කියා මිතුරෙක් උනත් කියන්න වෙන්නේ ඉතා කනගාටුවෙන්මය.

මහින්ද රාජපක්ෂ කර තබාගෙන යන උන් රනිල්ට යන්නෙයි කියනා එක අනික් විහිළුවය. මහින්ද මලොත් එල්ලිලා මැරෙන්න බලාගෙන ඉන්නා සෙට් එකක් රනිල්ගේ පක්ෂ නායකත්වය ප්‍රශ්ණ කිරීම පුරඟනකගේ පතිවත හොයනවා වාගේ විදග්ද මැදිහත් වීමක්ය. ගම්මන්පිලලා නම් ජෝකර්ලා නිසා එයා කියන ඒවා නම් පොඩි උන් ගනන් ගන්නෙත් නැතිය.

රනිල් එලවන්න ඕනම නම් එක කරන්න ඕනා එජාපයේ උන්ය එනයින් බැලු කළ පාලිත රංගේ බන්ඩාරලා රවි කරුණානායකලා ගහනා කැරැල්ලේ කිසිඳු වරදක් ඇත්තේ නැතිය. එහෙත් එයාලා කිව යුත්තේ රනිල් එලවලා ගේන්නේ කව්දැයි කියලාය. කරු යනු සිරිසේනටත් එහා ගිය උපාසක මහත්මයෙක් පමණමය. උපාසක බක බකලාගෙන් රටට වැඩක් ඇත්තේ නැතිය.

මාතලන් නම් යෝජනා කරන්නේ, එජාපයේ පමණක් නොව අම්මට සිරි ලංකාවේ ඇති සෑම පක්ෂයකම නායකයන් හා අනෙකුත් තනතුරු සියල්ලම අඩුම ගානේ වසර දෙකකට වරක් පවත්වන රහස් චන්දයකින් තෝරා පත් කර ගත් යුතු යැයි කියාය. පක්ෂ තුල අධිපති එකාධිපති පාලනයක් ගෙන යන එකාගෙන් රටට ප්‍රජාතන්තරවාදේ බලාපොරොත්තු වීම, වමේ සැට් එක මේ රටේ සමාජවාදයක් ගොඩ නගනවා වාගේම හතර බීරී කතාවක්මය.

නමුත් එවන් ප්‍රජාන්තන්ත්‍රවාදි සිරිත් එක එල්ලේ බලාපොරොත්තු විය නොහැකි බැවින් පවතින ක්‍රමය යටතේ කළ යුතු හොඳම විකල්පය වන්නේ රනිල් 2020 වන තෙක් ඇදගෙන යාමය. ඒ අතරතුර ජේ ආර් කලාක් මෙන් නව නායකත්වයකට තරඟයක් ඇති නොකොට. නිශ්චිත පුද්ගලයකු නායකත්වය සඳහා නම් කිරීමය. රනිල්ට වැරදුන තැන් බොහෝ ඇත. එහෙත් එජාපයට රනිල් යනු වටිනා සම්පතකි. රනිල් නැති වුන දින. එජාපයේ අවසානයද සනිටුහන් වන අතර, එය තවත් පොහොට්ටු පක්ෂයක්ම වනවා ඉස්තිරය..

ඒ වගත් මෙසේය….

Back to Home page