19 April, 2025

Blog

ජනාධිපති අනුර කුමාර සහෝදරය “ඔබ කළ යුතු හා නොකළ යුතු දේ”

රාජසිංහ බණ්ඩාර

ආචාර්ය රාජසිංහ බණ්ඩාර

මීට වසර කිහිපයකට උඩ දී ඔබ ලන්ඩනයේ සම්මන්ත්‍රණයක් ඇමතීමට පැමිණි විට මම පළමුවරට ඔබ මුණ ගැසී කතා කළෙමි. ඔබගේ මුළු දේශනයට ම සවන් දුන් මා එම දේශනයෙන් පසු ඔබ අමතා මෙසේ පැවසුවෙමි. සහෝදරයා රට ගැන ඉදිරිපත් කළ වැඩ පිළිවෙල මම ඉතාම ඕනෑකමින් අහගෙන හිටියා. ඒ වගේ රටක් බිහිවෙනවා දකින්නයි අපේ සිහිනය.” එවිට ඔබ, එහෙම නම් අපිට බලය දෙන්න සහෝදරයා.” කියා පැවසුවා.

පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජනතාව ඒ බලය ඔබ සහ ඔබ නායකත්වය දෙන ජාතික ජන බලවේගයට ලබා දී ඇත. එම රැස්වීමේ දී මම නිරීක්‍ෂණය කළ තවත් දෙයක් වූයේ ඔබ ඉතා දක්ෂ කථිකයෙකු බවයි. ජාතික ජන බලවේගය වටා ජනතාව පෙළගැසුණේ දශක ගණනාවක් දිගින් දිගට ම පවත්වාගෙන ගිය ම්ලේච්ඡ හා දූෂිත පාලනයන්ගෙන් හෙම්බත් වී සිට නව ලොවක හිරු උදාවක් අපේක්ෂා කරමිනි. එම අපේක්ෂාව සාක්ෂාත් කර දීමට ඔබගේ නායකත්වයෙන් ආණ්ඩුව කටයුතු කරන අයුරු එංගලන්තයේ සිට මා නිරීක්ෂණය කරමින් දැනටම ඔබ රජයේ ඇතැම් වැඩපිළිවෙළවල් වඩා අර්ථවත්ව ක්‍රියාවට නැගිය හැකි ආකාරය ගැන අධ්‍යාපනඥයෙකු මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කොට ඇත. ඉන් එක් ලිපියක් වන සතුන්ගෙන් වගාවලට හා ජන ජීවිතයට වන හානිවලට ඇති විසඳුම් පිළිබඳ වවන අතර අනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ කොවිඩ් එන්නත් ආනයනයේ දී සිදු වූ දූෂණ ගැන මා හොඳින්ම දන්නා කරුණක් පිළිබඳවයි.

ඔබගේ අයවැය කතාවෙන් රට හැරගොස් සිටින ලාංකිකයින්ට විවෘත ආරාධනයක් කරමින් ඉල්ලා සිටියේ යහපත් රටක්, සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට ඔබ රජය ගෙන යන වැඩ පිළිවෙලට සහය දෙන ලෙසයි. එම ඇරයුම මා පුද්ගලයෙකු වශයෙන් ගෞරවයෙන් පිළිගන්නේ අප රටේ ප්‍රජා අයිතිය ගරු කරන සෞභාග්‍යමත් සමාජයක් ගොඩනැගෙණු දැකීමේ ඒකායන අරමුණ ඇතිවයි. මෙය හුදු වචන මාත්‍රයක් නොව. මා හා මාගේ පවුලේ සාමාජිකයෙන් ජාතික සමගිය හා සමාජ යහපත වෙනුවෙන් ලෙයින් හා කඳුළින් කළ කැප කිරීම්, දේශපාලන පළිගැනීම් හේතු කොට පණ බේරා ගැනීමට මා එංගලන්තයට පැන ආ පසුව පොදුරාජ්‍ය මණ්ඩලයේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රවෘත්ති සඟරාවේ ප්‍රධාන කතෘ David Spark එම සඟරාවේ ප්‍රධාන ලිපියක් මගින් ප්‍රසිද්ධ කොට ඇත.  මෙම තොරතුරු ඔබගේ අවධානයට යොමු කරනු ලැබුවේ මා හා මාගේ පවුලේ සාමාජිකයෙන් ප්‍රාර්ථනා කළ ලෝකය කුමක්දැයි එයින් දල වැටහීමක් ලබාගත හැකි බැවිණි.

ඔබ පක්ෂයට සම්බන්ධව දැඩි ක්‍රියාකරුවකු වශයෙන් මාගේ සොහොයුරෙකු ක්‍රියා කිරීම නිසා ද, හිරෙන් පැනවිත් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ට රැකවරණ සැලසීම නිසා ද ඔහුට සිරගත වීමටත් වධ බන්ධනවලට මුහුණ පෑමටත් සිදුවිය. හිරෙන් පැනවිත් සැඟවී සිටි ඔබ පක්ෂයේ සාමාජිකයින් මගේ අම්මාට ආදරයෙන් ඇමතුවේ මැක්ෂිම් ගෝර්කිගේ (Maxim Gorky) “අම්මා” නැමැති නවකතාවෙ හි අම්මාට සමාන කරමිනි. අම්මා සමහර දිනවල රසට කෑම හැදුවේ ඔවුන්ට ද සමඟ ය. එම කෑම රස විඳිමින් ඔවුන් පැවසූයේමධ්‍යම පාන්තික ආහාර වේලක්” ලෙසයි.

අනුර සහෝදරය, ඔබට මා සහෝදරයා යැයි ඇමතුවේ ඇයි ද යන්න ඔබට ද, ඔබගේ පක්ෂයේ සාමාජිකයන්ට ද දැන් වටහා ගැනීමට හැකි වනු ඇත.

පාර්ලිමේන්තුවේ ආසන තුනකට පමණක් හිමිකම් කියමින් ඔබ විවාද කරන කාලයේ මා ඔබ පක්ෂයේ පුවත්පත වූලංකා” පුවත්පතට එංගලන්තයේ සිට ලිපි ලියා එව්වෙමි. ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදනියක වන පද්මා වේරගොඩ මිතුරියගෙන් ඔබට මාගේ වෘත්තීය පසුබිම හා ලේඛන කලාව පිළිබඳව දැන ගැනීමට හැකි වනු ඇත. පසුගිය වසරේ අගෝස්තු මස ප්‍රසිද්ධ කළමණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපු 1975 – 75 පේරාදෙණි ශිෂ්‍ය අරගලයකෘතියෙහි කර්තෘවරයා මම වෙමි. මා ඔබට කිව යුතු ප්‍රධානත ම කරුණ පටන් ගනුයේ එතනිනි.

මා මෙම ලිපියෙහි මාතෘකාව ලෙස යොදා ඇත්තේඔබ රටේ ජනාධිපතිවරයා වශයෙන් කළ යුතු හා නොකළ යුතු දේලෙසයි. ඔබ රට වෙනුවෙන් කළ යුතු දහසක් දේ ඇතත් සෞභාග්‍යය අරමුණු කොටගත් රටේ අනාගත ගමන් මඟ රඳා පවත්නා බලවත් ම කුළුණු හෙවත් ටැම් කිහිපයක් මා තෝරා ගන්නේ විවිධ ජන කණ්ඩායම්, දේශපාලන පක්ෂ හා ඇතැම් ආගමික නායකයින් ද හදිසියේ ම ක්‍රියාත්මක කිරීමට බලපෑම් කරමින් ඔබට කරන යෝජනා අසා සිටීමෙන් පසුවයි.

විධායක ජනාධිපති ක්‍රමය

මෙසේ කරන යෝජනාවලින් එකක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තුවට  පූර්ණ විධායක බලය පවරාදීමට නොපමාව ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවයි.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ඔහුගේ දේශනයක දී මේ පිළිබඳව ප්‍රබලව අවධාරණය කළ සැටි මා අසා සිටියෙමි. ඔබගේ පක්ෂයේ ප්‍රචාරක රැලිවල ද, දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද ඒ පිළිබඳ ප්‍රතිඥාවක් දී ඇත. කාදිනල් මැල්කම් රංජිත් පියතුමාගේ මතයටත්, ඔබ පක්ෂයේ පැලපදියම් වී ඇති මතයටත් බලපා ඇත්තේ 1977 බලයට පත් වූ ජූනියර්ස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කළ තැන් පටන් රටවැසියාගේ සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අයිතිවාසිකම් උදුරා ගැනීම තුළ රට ලේ ගංගාවක් වූ සැටි ගැන ඇති සදා නොමැකෙන අමිහිරි මතකයන් බව නිසැක ය. එහෙත් ඉන් මදක් ඔබ්බට ගිය තැන ඇත්තේ අප රටේ ප්‍රථම වතාවට ඒකාධිපති පාලනයක් පවත්වාගෙන ගිය සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවයි. රටේ මැතිවරණ සිතියම අවුරුදු දෙකකට හකුලා දමා ගෙන ගිය දුර්දාන්ත පාලනය ජේ.ආර් ජයවර්ධන වැනි ඒකාධිපතියෙකුට බලයට පැමිණීමට මං හෙළි කළ ප්‍රබල හේතු කාරකය විය. සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය හෑල්ලු‍ කොට විශ්ව විද්‍යාල වෙනුවට මණ්ඩප ක්‍රමයක් හඳුන්වා දී ගෙන ගිය ශිෂ්‍ය මර්දනයේ උච්චකම අවස්ථාව වූයේ 1976 නොවැම්බර් 12 දා නිමිතිරි උදෑසන සන්නද්ධ පොලිසිය යොදවා කළ ශිෂ්‍ය ඝාතනයත්, මහා ලේ වැගිරීමත් ය. ජේ.ආර්. බලයට ආවේ මෙම මෘග ප්‍රහාරයේ දී ඔලු‍ පැලීමට ලක්වූ හාමුදුරුවන්ගේ සිවුරු වේදිකාවල පෙන්වමිනි. එවැනි ඒකාධිපති බලයක් සිරිමා බණ්ඩාරනායකට ගෙනයාමට හැකි වූයේ පාර්ලිමේන්තුවට පූර්ණ විධායක බලය පැවරී තිබුණු ක්‍රමයක් යටතේ ය.

මෙහි දී ඔබ මෙන්ම ඔබ පක්ෂයත්, රජයත් තේරුම් ගත යුතුව ඇත්තේ තනි පුද්ගලයකුට සමස්ත විධායක බලය හැසිරවීමට බලය පැවරෙන කුමන ව්‍යවස්ථාවක් වුව ද ඒකාධිපති ක්‍රමයකට මං පාදන බවයි බවයි. සැබවින් ම සිදුවිය යුත්තේ දැනට සම්මත කරගෙන ඇති ව්‍යවස්ථාව රැකගෙන ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් අතර බලය සමානව බෙදී යන පරිදි හා පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට ඒකාධිපති බලය පාවිච්චි කිරීමට ඉඩ ලබාදෙන තැන් ඇත්දැයි ගැඹුරින් අධ්‍යනය කොට ඒවා සංශෝධනය කිරීමයි.

මා පෙරත් සඳහන් කළ පරිදි විධායක ජනාධිපති ක්‍රමය රකුෂකු ලෙස ජනතාව තුළ පැලපදියම් වී ඇත්තේ ජේ.ආර්. ජයවර්ධනත් ඉන්පසු බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි පාලකයින්ගේ අත්තනෝමතික හා දූෂිත පාලනයන් හේතු කොට ගෙනයි. එසේ වුවද දියුණු, ශිෂ්ට සම්පන්න දේශපාලන ක්‍රම ඇති රටවල විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වනුයේ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙසයි. එංගලන්තයේ ජීවත් වෙන මා පාර්ලිමේන්තු ක්‍රමය මෙහි ක්‍රියාත්මක වන සැටිත්, ඇමරිකාවේ හා ප්‍රංශයේ විධායක ජනාධිපති ක්‍රම ක්‍රියාත්මක වන හැටි ගැනත් ප්‍රායෝගිකව දනිමි. ඇමරිකාවේත්, ප්‍රංශයේත් ව්‍යවස්ථාවන් ගැන ගැඹුරින් අධ්‍යයනය කළ මා විධායක ජනාධිපතිවරයාට කිසි විටෙකත් ඒකාධිපතියකු ලෙස ක්‍රියා කිරීමට නොහැකි ලෙස පාර්ලිමේන්තුවත් (Congress and Senate)  විධායක ජනාධිපතිවරයාත් අතර බලය බෙදී යන පරිදි පනවා ඇති ව්‍යවස්ථාමය විධිවිධාන ගැනත් ඒවා සැබැවින් ක්‍රියාත්මක වන හැටි ගැනත් පසක් කොට සිටිමි. මෙය එසේ නොවේ යැයි කියන ඕනෑම දේශපාලන විශාරදයෙකු, මහාචාර්යවරයෙකු සමඟ විවෘත විවාදයකට මා සූදානම් ය.

ඔබ පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට දී ඇති ප්‍රතිඥාව බයිබලයක් කරගත යුතු නොවේ

එංගලන්තයේ රජු හෝ රැජිණ රට පාලනය නොකරන අතර එම බලය පවරා ඇත්තේ පාර්ලිමේන්තුවට ය. එහෙත් රටේ මහජනතාව ඉහළින් ම ගරු කරන උත්තරීතර ආයතනය වන්නේ කිරීඨයයි. එනම් රජු හෝ රැජිණයි. එවැනි ගෞරවයක් රබර් මුද්‍රාවක් ලෙස ක්‍රියා කරන යටත්වීජිත ලෙස පැවති රටක ජනපතිවරයෙකුට කිසිසේත් ම හිමි වන්නේ නැත. විධායක ජනාධිපතිවරයෙකු රටක ප්‍රෞඩත්වයේ සංඛේතය විය යුතුය. අප රට වැටී ඇති ආගාධයන් ගොඩ ගැනීමට ඔබ කල යුතු බොහෝ දේ ඇත. ඒ සඳහා ජනාධිපතිවරයා ලෙස දැනට ඔබ හොබවන බලතල තවදුරටත් එසේම රැක ගත යුතු වන්නේ ය. මාක්ස්වාදී දේශපාලන විඤ්ඤාණයකින් පන්නරය ලබා ඇති ඔබ පක්ෂයේ සාමාජිකයන්ට කාල් මාක්ස් මිනිසුන් ඉතිහාසයේ වැරදි පුන පුනා කිරීම ගැන දැක්වූ අදහස උපුටා දක්වමි.

“History repeats itself, first as tragedy, second as farce.”

1987 ප්‍රංශ විප්ලවයේ අත්දැකීම් සහිතව මාක්ස් පැවසුවේ,

ඉතිහාසයේ කළ වැරදි මිනිසුන් පුන පුනා කරනුයේ පළමු වතාවට ඛේදවාචකයක් ලෙසත්, දෙවන වතාවට විගඩමක් ලෙසත්බවත් ය.

මෙහි දී මා දෙන පණිවිඩය වන්නේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි.

ඩිජිටල්කරණය තුළින් සංවර්ධන වේගය වැඩි කිරීමේ ඔබගේ ප්‍රතිඥාව

පරිඝණක විද්‍යාව පිළිබඳව කථිකාචාර්යවරයෙකු වන මා ඔබගේ රජයේ ඒ සඳහා ඇති කැපවීම ගරු කරමි. මෙම කාර්ය මුලින්ම පටන් ගත යුත්තේ ජනාධිපති කාර්යාල තුළින් බව මාගේ පිළිගැනීමයි. රටේ මහජනතාවගේ, සැබෑ බුද්ධිමතුන්ගේ හඬ ඔබ කාර්යාලය තුළ සේවයේ නියුතු දෙවන පාර්ශවයකට පෙරීමකට ඉඩ නොතබා ඔබ වෙත සන්නිවේදනය වන ක්‍රමයක් සැකසිය යුතුය.

වන සතුන්ගෙන් වගාවලට වන හානියට විසඳුම කුමක්ද යන්න පිළිබඳව මා පුවත්පතකට ලියූ ලිපියක් ඔබගේ දැන ගැනීම සඳහා ඔබගේ නිල ඊමේල් ලිපිනයට එව්ව ද එය ලැබුණු බවක් දැන්වීමට හෝ කෘතඥ වීමට හෝ ඔබ කාර්යාලයේ සේවයේ නියුතු කිසිවෙකු ක්‍රියාකර තිබුණේ නැත. මෙහි පහත ඇති විද්‍යුත් ලිපිනයේ එය කියවා ගත හැකිය. ……

https://www.colombotelegraph.com/index.php/rajasinghe-bandara-2-january-2025/

2024 පෙබරවාරි 19 දින ගල්ඔය ප්‍රදේශයේ දුම්රියක ගැටී වන අලි පැටවෙකු ඇතුලු අලි හත් දෙනෙකු මැරී තිබුණි. ඩිජිටල්කරණය මෙවැනි අනතුරු වැළැක්වීමට දුම්රිය පද්ධතියට ඉතා සාර්ථකව යොදා ගත හැක.

අපගේ වටිනා කාලය කැප කොට රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වන අදහස්වලට ජනාධිපතිවරයා සක්‍රීයව ඇහුම්කම් දෙන බව විදේශගතව සිටින අපට වැටහිය යුතුය. එංගලන්තයේ රජයේ හෝ පෞද්ගලික අංශවල කුමන අංශයකට හෝ යවන සෑම විද්‍යුත් පණිවිඩයකට (Email Messages) ලැබුණ බව තහවුරු කොට පිළිතුරු ලැබේ. එසේ වුවද ලංකාවේ කිසිම ස්ථිර ලේකම්වරයෙකු හෝ අමාත්‍යාංශ නිලධාරියෙකු ඒ බව තහවුරු නොකරන්නේ වගකීමෙන් මිදිය හැකි හොඳම උපක්‍රමයක් ලෙස බව මා කල්පනා කරමි. රාජ්‍ය සේවයේ ඇති අකාර්යක්ෂමතාවය දුරලීමට ඩිජිටල්කරණය ඉතා සාර්ථකව යොදාගත හැකි බව මා පිළිගනිමි. එසේ වුවද ඊට අවශ්‍ය සම්පත් ලබා දීමටත්, නිසි පුහුණුවක් කාර්යාල සේවකයින්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ලබා දීමටත් තවත් වසර ගණනාවක් ගතවනු ඇත.

අකාර්යක්ෂම රාජ්‍ය සේවය

ලංකාවේ පවතින රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ඔබ රජයේ මෙන්ම පසුගිය රජයවල ද ප්‍රභල අවධානයට යොමු වූ කරුණකි. එසේ වුවද විශාල සිරස්තලවලින් පසුව මහජන අවධානයෙන් ගිලිහෙන එම මාතෘකා යට ගිය පසු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට ලිපිකරුවන් දක්වා ඔවුන් පුරුදු වී ඇති රටාවෙන් වෙනස්වීමට කිසිදු උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැත. චක්‍රලේඛණ පතුරු ගසමින් ඔවුන් කරනුයේ කිසිදු සාධාරණ ඉල්ලීමක් ඉටු කළ නොහැකි බවට කරුණු සෙවීම ය.

මෙම තත්ත්වය පැහැදිලිව දක්නට ඇති අමාත්‍යාංශයක් වන්නේ රටේ විශාලම රාජ්‍ය සේවක සංඛ්‍යාවක් පත් කොට ඇති අධ්‍යාපන අමාත්‍යංශයයි. මෙම අකාර්යක්ෂමතාව කොපමණදැයි යන්න තේරුම් ගැනීමට රාජ පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හිටපු සභාපති ධර්මසේන දිසානායක මහතා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය ගැන මා දැක්වූ අදහසට පිළිතුරු දෙමින් කියා සිටියේ,

ඔය තත්ත්වය වැඩියෙන්ම තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ. එක මේසයක තියෙන ෆයිල් එකක් ඊළඟ මේසයට එන්න අවුරුද්දක් විතර ගත වෙනවා.” ලෙස ය.

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙම තත්ත්වය වෙනස් කිරීමට ක්‍රියා කරනු ඇතැයි මා අපේක්ෂා කරමි.

ජාතියේ කොඳුනාරටිය බඳු කෘෂිකර්මාන්තය හා ලංකාව කාන්තාරයක් වීමේ අවදානම

මා සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලිපි ගනනාවකින් ම මීට පෙර පෙන්වා දී ඇත්තේ දූෂිත දේශපාලනඥයන් විසින් තම දේශපාලන අභිමතාර්ථ සපුරා ගැනීමට කිසිදු සැලසුමකින් තොරව ඝන වනාන්තර කර්මාන්තකරුවන්ට මෙන්ම සාමාන්‍ය මිනිසුන්ට අත්පත් කර ගැනීමට ඉඩ දී බලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට ඉතිරිව ඇති අප රටේ වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 16% ටත් අඩු ය. අලි මිනිස් ගැටුමටත්, වන සතුන් ගම් වැඳීමටත් ප්‍රභලව හේතු කාරකයක් වී ඇත්තේ අවුරුදු පතා අඛන්ඩව කෙරෙන දැවැන්ත වන විනාශයයි. විශාල ව්‍යාපාරිකයින් මෙන්ම සාමාන්‍ය ගැමියන් ද වැව් තාවුළුවල මෙන්ම වැව් රක්ෂිතවල පවා ජනාවාස ඉදිකොට ඇත. ඔබ රජයේ ප්‍රමුඛ ම අවධානය යොමුව ඇත්තේ මිනිසුන් සුඛිත මුදිත කිරීමට වන අතර මිනිසුන් හා පරිසරය අතර සමතුලිතතාවය රැක ගැනීමට නම් මෙම තත්ත්වයන්ට තිරසර විසඳුමක් ලබා දිය යුතු ය. වැව් තාවුළුවලින් හා වැව් රක්ෂිතවලින් එසේ පදිංචිව සිටින මිනිසුන් ඉවත් කොට තවදුරටත් කැලෑ එළිපෙහෙළි කිරීම වැළැක්වීමට ඔවුන් මහල් නිවාසවල පදිංචි කිරීමට පියවර ගැනීම සිදු විය යුතු ය. අප රට කාන්තාරයක් වීම වැළැක්වීමට නම් සීඝ්‍රයෙන් වැඩිවන ජනගහනයේ නිවාස ප්‍රශ්නය විසඳිය යුත්තේ තවදුරටත් කැලෑ නොකපා මහල් නිවාස ඉදි කිරීමෙනි.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන අනවශ්‍ය දැවැන්ත නාස්තිය

නිදහස් අධ්‍යාපනය ඉදිරි පරපුර වෙනුවෙන් ද රැක ගත යුතු බව සැබෑවකි. එසේ වුව ද ඒ වෙනුවෙන් මුග්ධ ලෙස කෙරෙන නාස්තිකාර වියදම් කපා හැරීමෙන් පාසැල්වලට අවශ්‍ය සැබෑ සම්පත් ලබා දීමටත්, යටිතල පහසුකම් දියුණු කිරීමටත් හැකි ය. පාසල් සිසු සිසුවියන්ගේ පවුල්වල වත් පොහොසත්කම් ගැන සොයා නොබලා හැම සිසු සිසුවියකට ම නොමිලේ පාසල් පොත්පත්, නිල ඇඳුම්, දිවා ආහාර ලබා දීමෙන් රජයට අවුරුදු පතා දැරීමට සිදුවන අනවශ්‍ය වියදම රුපියල් බිලියන කොපමණදැයි සොයා බැලීම රජයේ යුතුකම කි.

එංගලන්තයේ පාසල්වල සිසුන්ට දිවා ආහාර දීම නොමිලයේ සිදු කරනුයේ ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් රජයේ ආධාර මත (Social benefits) යැපෙන්නන් බව තහවුරු කිරීමෙන් පසුවයි. පාසල් නිල ඇඳුම් සහන මිලක් යටතේ පාසලේදී ම ඔවුනට මිලදී ගත හැක. නොමිලේ පාසල් පොත්පත්, නිල ඇඳුම් දිවා ආහාර ලැබිය යුත්තේ දරිද්‍ර දෙමාපියන්ගේ දරුවන්ට පමණි.

අප රටේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන් බිහි කිරීමට එරෙහිව විශාල මහජන මතයක් ගොඩනැගී ඇත. ඊට ප්‍රබල හේතු සාධකයක් ලෙස දක්වන්නේ ඒවායින් ලබන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අඩු බවයි. කණගාටුවට කරුණ එසේ කරුණු දක්වන බොහෝ දෙනකු ලෝකය ගැන දන්නේ අල්පමාත්‍රයක් වීම ය. එංගලන්තයේ සෑම විශ්ව විද්‍යාලයක් ම ක්‍රියාත්මක වනුයේ පෞද්ගලික සමාගමක් හෙවත් කොම්පැනියක් ලෙසයි. සෑම ශිෂ්‍යයෙකුට ම තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙන්ම විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීමට රජයෙන් ණයක් ලබාගත හැකි අතර රැකියාවක් කරන විට වාරික වශයෙන් එම ණය රජයට ගෙවිය යුතු ය. පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉහළ ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය නීති රජයට ඕනෑ තරම් සම්පාදනය කළ හැක.  සැබැවින්ම විය යුත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට තහංචි පැනවීම නොව එංගලන්තයේ විශ්ව විද්‍යාලවල මෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලවල ද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබා දෙන බවට සහතික කෙරෙන අධීක්ෂණ (Monitoring) වැඩ පිළිවෙලක් විශේෂඥයින් යොදවා ක්‍රියාවට නැංවීමයි. ඒ තුළින් අවුරුදු පතා විදේශ අධ්‍යාපනය ලබා ගැනීමට වැය කරන අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ඉතිරි කර ගත හැකි වනු ඇත.

පාස්කු ප්‍රහාරය හා දේශපාලන ඝාතකයන්ට දඬුවම් පැමිණවීම

පාස්කු ප්‍රහාරයෙන් පසුව එම ම්ලේච්ඡ ඝාතනය වළක්වා ගැනීමට පියවර නොගැනීම ගැන සම්පූර්ණ වගකීම ගත යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ලංකා පුවත්පතට ලිපියක් ලියමින් මුලින්ම කියා සිටියේ මා ය. ඔබ රජය මෙම ඝාතන ගැනත්, ලසන්ත වික්‍රමතුංග ඇතුළු ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන හා අතුරුදහන් වීම් ගැනත් ඊට සම්බන්ධ අපරාධකරුවන් සොයා දඬුවම් පැමිණවීමට ප්‍රතිඥා දීම ගැනත් දැඩි සේ අගය කරන අතර මෙකී ඝාතනයන් ලංකාවේ පසුගිය කාල වකවානුව තුළ සිදු වී ඇති දේශපාලන අපරාධ හා ඝාතන ගැන සැලකූ විට මුහුදේ උඩට මතුව ඇති අයිස් කන්දක මුදුනට (Tip of the Iceberg) සමාන කළ හැක. බටලන්ද, වැලිකඩ හා මහරසිරගෙදර සිරකරුවන් ඝාතන ඒ අතර වේ. මා පෞද්ගලිකව දන්නා එවැනි මිලේච්ඡ ඝාතන ගණනාවක් ඇත. මාගේ පවුලට සිදු වූ කුරිරු දේශපාලන පළිගැනීම් ඊට එක් නිදසුන කි. පසුගිය අගෝස්තු මාසයේ මාගේ ග්‍රන්ථය හෙළිදැක්වීමේ උත්සවය නිමිති කර ගනිමින් ලන්ඩනයේ සිට මා ලියා එවූ අප පවුලේ කඳුළු කතාව Colombo Telegraph හි පල කොට ඇති පහත ලිපිය ගැන අප රටේ විධායක ජනාධිපතිවරයා ලෙස ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනුයේ එකී දේශපාලන අපරාධකරුවන්ට එරෙහිව ද පියවර ගැනීමට ඔබහට බලය ඇති බව දන්නා බැවිනි.

https://www.colombotelegraph.com/index.php/rajasinghe-bandara29-august-2024/

හිටපු දිසා ඇමතිවරයෙකු හා පොලිසිය සම්බන්ධ වී දුන් කොන්ත්තරාතුවක් මත මාගේ බාල මල්ලි නාලක මහින්දගේ අත කපා දැමූ රණරාජා නම් අපරාධ කරුවා තවම නිල නිදැල්ලේ ය. ඔහු නීතිය ඉදිරියට පමුණුවන ලෙස මා ඔබගෙන් ඉකා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

යහපත් සමාජයක ප්‍රබල අංගයක් වනුයේ දේශපාලන අපරාධකරුවන් හා දූෂිතයින් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් පැමිණවීමයි. ඒ සඳහා පවතින නීති බාධකයක් වේ නම් ඒ සඳහා සුදුසු නීති සම්පාදනයක් කිරීමට ද ඔබ රජයට බලය ඇත.

නීතියේ ආධිපත්ත්‍ය රැකීම ජාතික ජන බලවේගය මහජනතාවට දුන් ප්‍රබල ප්‍රතිඥාවකි. පසුගිය පෙබරවාරි මස 21 දින කොටහේන පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ආයුධ පෙන්වීමටයැයි කියා ගෙන ගොස් වෙඩි තබා මරා දමා තිබුණි. වටිනා සාක්ෂි යට ගැසීමට මෙතෙක් පැවති ආණ්ඩු පවත්වාගෙන ගිය මෙම ම්ලේච්ඡ ක්‍රමයට තවදුරටත් ඔබ රජය යටතේ ඉඩ නොතැබිය යුතුය.

කළ යුතු තවත් වැදගත් යෝජනා ගණනාවක් ඇතත් දැනට නිහඬවන්නේ මා ඉහතින් කල යෝජනාවලට විසඳුම් අපේක්ෂා කරනුයේ ඔබ රජයෙන් ම බව ගෞරවයෙන් සිහිපත් කරමිනි.

Latest comments

  • 3
    3

    The writer is trying his best to table the snapshot of the wider picture. Writer is proactive in many occasion come to the picture with well drafted facts. This is one of such and just glanced many key issues which current presidency need to act.
    Apart of the key matters mentioned on the letter, it is the dream of all Sri Lankans who live in Sri Lanka and overseas, and also a request from the president to safeguard this beautiful island as a respective country among other countries in the world economically, politically, legally and ecologically to the future generation. Writer is stressed in many occasions that president by himself will not be able to do all that and must be a concerted effort of the all the stake holders.

  • 4
    3

    මේ රටේ මිනිස්සු කාලයත් එක්ක මෝඩයෝ වෙනවා. මහින්ද රාජපක්ෂ අපේ රටට අනන්‍ය සංස්කෘතියක් ලෙස පෙනී සිටිමින්, තවත් මන්තර ගුරුකම් සහ ජ්‍යොතිෂය පොරොන්දු වී ජාතිය මෝඩයන් කිරීමේ බීජ වැපිරුවා. කෙසේ වෙතත්, ඔහුගේ සැඟවුණු න්‍යාය පත්‍රය වූයේ වැරදිකරුවන් රාජපක්ෂ ඡන්දදායකයින් බවට පත් කිරීමයි. අද තඹුත්තේගම තක්කඩියා විසින් ද එයම සිදු කරනු ලැබේ. ජනතාව අමූලික බොරු හමුවේ කැටි වී සිටිති.

    ජෙප්පෝ එය නොසැලකිලිමත් ලෙස අර්ථකථනය කරයි. සෑම විටම එසේමය. පැහැදිලි සාක්ෂි සංසරණය වන විට පවා ඔවුන් වගකීම භාර නොගනී. මාධ්‍ය ලොක්කන් පවා එය නිවැරදි නොකරයි.

    මෙය ව්‍යාජ මහජන මතයක් බවට පත්ව ඇත. ඔවුන් ඊටත් වඩා විශාල බොරු පතුරුවා හැරියත්, මිනිසුන් එය ගණන් ගන්නේ නැත. ජවිපෙ ප්‍රමුඛ NPP එහි විශ්වසනීයත්වය නැති වී ඇති අතර, අද මිනිසුන් එයට වෛර කිරීමට පටන් ගෙන තිබේ.

    මෙය සමාජයට දිගුකාලීන ඍණාත්මක බලපෑමක් ඇති කරන අතර ඉක්මනින් හෝ පසුව අරාජිකත්වයට තුඩු දෙනු ඇත. ඊයේ පාර්ලිමේන්තුවේ AKD කතාව අතරතුර විපක්ෂයේ නිහඬතාවය සිදු නොවිය යුතු යැයි මම සිතමි. මහා බොරුකාරයෙක් පාර්ලිමේන්තු ප්‍රේක්ෂකයින් ඉදිරිපිට තම ජීවිතය ගත කරන විට මෙතරම් කටුක නිහඬතාවයක් මම කිසි විටෙකත් අපේක්ෂා නොකළෙමි.

    චම්පික රණවක, හිටපු ජනාධිපති ආර්.ඩබ්ලිව්., දිවංගත අමාත්‍ය මංගල සමරවීර හෝ ඒ හා සමාන අය පාර්ලිමේන්තුවේ සිටියා නම්, AKD හට තම වලිගය කකුල් අතරට ඇද ගැනීමට උත්සාහ කරන පරාජිත බල්ලෙකු මෙන් හැසිරීමට සිදුවනු ඇත.

    විපක්ෂය එහි දුර්වල ප්‍රතිරෝධය ගැන ලැජ්ජා විය යුතු යැයි මම සිතමි.

    • 2
      0

      රට වෙනුවෙන් වටිනා මෙහෙයක් ඉටුකරන රාජසිංහ බන්ඩාර සර්ගේ ගෝලයෙකු වීම මට මහත් ආඩම්බරයකි.

      තිලකරත්න අවුසදපිටිය

  • 4
    2

    1

    “නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම ජාතික ජන බලවේගය විසින් මහජනතාවට ලබා දුන් ප්‍රබල ප්‍රතිඥාවකි. පෙබරවාරි 21 වන දින, කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ආයුධ ප්‍රදර්ශනය කිරීමේ මුවාවෙන් පොලිසිය විසින් රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලදී. වටිනා සාක්ෂි යටපත් කිරීම සඳහා පෙර රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම කුරිරු ක්‍රමය ඔබේ රජය යටතේ නැවත ඉඩ නොදිය යුතුය”


    සිංහලෙන් කියමනක් තිබේ, යකඩ බෑගයට හානි වූ විට, සලබයා කෑ වියන ලද බෑගය ප්‍රශ්න කරන්නේ ඇයි? අද අපට ඇත්තේ එයයි… නේද?

    NPP හෝ No Proper Plan, පෙට්‍රල් ලීටර් 1 ක මිල රු. 160 කින් අඩු කිරීම; සහ ඩඩ්ලි සිරිසේන හෝ ඒ හා සමාන මාෆියාව අත්සනක් පමණක් භාවිතා කරමින් සිරගත කිරීම වැනි තවත් බොහෝ පොරොන්දු, මේ සියල්ල සිදු කරන ලද්දේ රටක පාලනය නිසි ලෙස අධ්‍යයනය නොකර ය. මගේ අවුරුදු 15 ක බෑණා පවා AKD ගේ තීරණ වලට සමාන තීරණ ගනී, එබැවින් අපි තවදුරටත් ඔහු කෙරෙහි අපගේ බලාපොරොත්තු තබා ගන්නේ ඇයි? එපමණක් නොව, 89-92 කැරැල්ලේදී JVP වෙඩික්කරුවන් තම ආයුධ භාර නොදුන් බවට ඕනෑ තරම් වාර්තා තිබේ, ඔවුන්ට ඇත්තටම මේ ජාතිය නැවත මාර්ගයට ගෙන ඒමට අවශ්‍ය නම්, ඔවුන් තවදුරටත් එවැනි දේවල් ඔවුන් සමඟ තබා ගන්නේ කෙසේද? මෝඩ ජාතියට පොරොන්දු වූ දේට උදාහරණ, විනිවිදභාවය සහ නිරවද්‍යතාවය ලබා දීමට සිදු වූයේ කුමක්ද?

    Tbc

  • 3
    2

    2
    හිටපු ජනාධිපති RW ට සාපේක්ෂව දුර්වල AKD (මිනියන්) පුද්ගලයෙකුගෙන් අපි විශාල දේවල් අපේක්ෂා කරන්නේ නම්, එය ස්වයං රැවටීමකි.
    ඩනිං කෘගර් ආචරණය පහසුවෙන් හසුරුවා ගත හැකි ජාතියක් ඉදිරියේ තැබීමෙන් AKD නායකයෙකු බවට පත්විය.., එය මිරිඟුවකින් රැවටීමකට සමානයි… අවාසනාවකට; මෙම ජාතිය පහසුවෙන් හසුරුවා ගත හැකි අතර ඔවුන් ඉදිරියේ ඇති අනතුර ගැන තැකීමක් නොකරයි.
    . ඔවුන්ගේ ආදරණීයයන් වධ හිංසාවට ලක් කළත්, ඔවුන් තම දේශපාලනඥයින් සතුටු කිරීමට පෙළ ගැසෙනු ඇත. යටත් විජිත ස්වාමිවරුන් ඒ දිනවල අපේ ජනතාවගේ කම්පන සහගත මානසිකත්වය අධ්‍යයනය කර ඇති බව පැහැදිලිය. වසර 76 කට පසුවත්, ඔවුන් එසේ පැවසීමට නිවැරදි මනසෙහි සිටිති.
    .
    tbc

    • 3
      2

      3
      මම හිතන්නේ AKD ඔහුගේ හැකියාවන් පුම්බා නැති අතර ඔහුගේ කටකාර සහ අපහාසාත්මක මුඛය අහිංසක ජනතාව සම්පූර්ණයෙන්ම නොමඟ යවා ඇති අතර ඔහුගේ කටකාර සහ අපහාසාත්මක මුඛය අහිංසක ජනතාව සම්පූර්ණයෙන්ම නොමඟ යවා ඇති බව ඔප්පු කර ඇත. අද අපි ඔහුව හිටපු ජනාධිපති සිරිසේන සමඟ සංසන්දනය කළහොත්, ඔහු AKD ට වඩා හොඳින් කටයුතු කර ඇත.
      .
      ඔහුගේ ඉතා කෙටි කාලීන රජය තුළ සියලු දෙනා සිරගත කිරීමට ඔහුගේ දැඩි පොරොන්දු තිබියදීත්, පෙර නායකයින්ගේ උපක්‍රම භාවිතා කිරීමේදී AKD කෙතරම් නිර්ලජ්ජිතද?
      අද වන විට, ඔහුගේ බලවත් වාචාලකමෙන් කිසිවක් සිදුවී නැත. පොරොන්දු වූ පරිදි IMF සමඟ නව DSA එකක්වත් සාකච්ඡා කර නොමැත. වික්‍රමසිංහ මහතා කළ සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම උඩින් ලියා ලෝකයට පැවසූ අතර, ඔහු එය සහ මෙය කිසියම් හේතුවක් නිසා ඔවුන්ගේ දිගුකාලීන නිද්‍රාශීලී විශේෂඥයින් සමඟ කළේය.

  • 3
    2

    Since the joker Lester has commented on the false information regarding the end of the war in Sri Lanka, I have to add the following to his article….. This is why I believe Lester is a paid henchman of the Rajapaksa clan.
    .
    Qutoed by his comment:
    https://www.colombotelegraph.com/index.php/the-push-from-batalanada-for-accountability/comment-page-1/#comment-2519314
    “Gotabhaya launched a war on terrorism with the mandate of the majority community. He successfully completed his mission.”

    This is completely false information.
    :
    It was not Gotabaya who gathered the collective forces to defeat the LTTE militarily, but various civil societies and movements by strengthening the hand of Mara, the then elected head of state. Gota, WHO had left the army and was looking for his greener pastures in America, and since he had lived in the US for 15 years, he had no earthly information about the military offensive in the North and East of the country. He was struggling to survive in the US as an illiterate person.

  • 3
    1

    Possible Challenges Under AKD Leadership:
    Economic Stability: The JVP’s socialist policies could face significant hurdles in terms of attracting investment, especially in a global environment where competition is increasing, and the effects of Sri Lanka’s debt crisis are still lingering.
    International Relations: A Leftist government could face difficulties in balancing the geopolitical interests of China and India. While AKD may prefer neutrality, Sri Lanka’s economic ties to China and security ties with India may make neutrality a difficult stance to maintain. The risks of upsetting either country could be significant.
    Debt and Infrastructure Development: Sri Lanka’s current debt crisis is a product of heavy borrowing from international lenders, including China. A shift to Leftist policies might prioritize renegotiating loans or focusing on domestic welfare programs, but it could also strain relations with creditors and foreign investors.

    Opportunities for Sri Lanka:
    Revitalizing the Economy Through Domestic Focus: By focusing on domestic production, local industries, and social welfare, AKD’s leadership could aim to create a more sustainable economy that is less reliant on foreign debt. This would be a difficult but potentially rewarding path.
    Neutral Diplomacy: If Sri Lanka can successfully navigate its relations with China and India, it could become a hub for regional cooperation and neutral diplomacy.

  • 2
    0

    The Article is very good and I hope the president should work on this in a systematic manner. if he doesn’t act straight forward to the point he will not succeed as you have seen the entire system is corrupted and unbelievable. Police, part of Army, STF, government staff, legal system, procurement, transportation, banking, sports , you name it …all corrupted as HELL. until you get in a certain level in civil law enforcement body and legal system, you will not get the justice. Now it’s time for the president to listen to the voice of the people

  • 0
    0

    I coul dnot add this elsewhere.
    https://www.colombotelegraph.com/index.php/doctor-in-the-house-missing/
    Thanks, Chiv. I also heard about this a few months ago from a colleague in Brussels. He is a nutritionist by profession and very interested in learning more about the Moringa plant and various other plants that are now part of Asian cuisine.
    “The small leaves of the Moringa plant are packed with nutrients: They contain more protein than eggs, more iron than spinach, more vitamin A than carrots, and more calcium than milk.”
    https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC8373516/#:~:text=The%20small%20leaves%20of%20Moringa,and%20more%20calcium%20than%20milk. However, there are also cross-reactions with some liver medications. I’m sure pompous women like DS, who constantly criticize Indian and South Asian food but eat it behind the counter, will soon spend their vacations on a moringa tree, eating moringa leaves like a goat. IMAGINE OUR Brit getting stuck on a moringa tree in Sri Lanka… haha… The plant is probably only found in dry regions of Sri Lanka. Even thanakola is said to be high in protein these days. Although we criticized Desperate aka Shodhi for her usual derogatory remarks, many ultimately focused on moringa husks and leaves and their healing potential.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.