20 April, 2024

Blog

ජනාධිපතිගෙන් වැදගත් පණිවිඩයක්

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ගුණ සමරු උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල​ සිරිසේන මැතිතුමා ජාතියට වැදගත් පණිවිඩයක් නිකුත් කළේ ය. දේශපාලන කරලියේ කාලීන සංවාද හා ක‍්‍රියාකාරකම් මෙම පණිවිඩයට පාදක කරගෙන ඇත. එහි මුඛ්‍ය අරුතටත් වඩා ගැඹුරු තේරුමක් ගැබ් වී ඇත. රජය තුළ හැංගිමුත්තම් කෙළියක යෙදී සිටින කොටස් එල්ල කරමින් ජනාධිපතිවරයා කළ කතාව බොහෝ දෙනෙකුට අභියෝගයක් වන බවට නිසැකය. එමෙන්ම ජනතාවටත්, රාජ්‍ය වෙනස තුළින් යහපතක් අපේක්ෂා කළවුන්ටත් එය මහත් අස්වැසිල්ලක් ලබා දුන් ප‍්‍රකාශයක් ද වෙයි.

මඩ ව්‍යාපාරවල නිරත වී සිටින කොටස් දැනටමත් එයින් කලබලයට පත් වී ඇත. නවතම මඩ ප‍්‍රවාහරවලින් ඒ බව තහවුරු වන්නේ ය. මේවායේ නිරතවන කොටස් කිහිපයක්ම ඇත. වංචනික හා දූෂිත කටයුතුවල යෙදී සිටින්නන් ප‍්‍රධාන වන අතර, ඔවුන්ගේ අයථා බලපෑම්වලට යටත් වූවන්ද එයට අයත් වේ. ඒ අතරම කල දුටු වළ ඉහ ගැනීමට බලා සිටින අවස්ථාවදීන්ද එම මඩ ව්‍යාපාරයට දායක වෙති. කොතරම් එබඳු ඒවා දියත් කළද, ජනාධිතිවරයාගේ එක් ප‍්‍රබල ප‍්‍රකාශයක් ඒ සියල්ල නිශේධනය කිරීමට සමත් වන බවට නම් කිසිම සැකයක් නැත.

අප රටේ දේශපාලනයට එක් වී ක‍්‍රියාත්මක වෙමින් පවතින සම්මුතිවාදී රාජ්‍ය පාලනය නවතම අත්දැකීමකි. එය අත්හදා බැලීමකටත් වඩා අවස්ථානුකූලව උද්ගත වූ අවශ්‍යතාවයකි. අභිප‍්‍රායය ඉක්මවා බලපෑමට යටත් වී ක‍්‍රියාත්මක වූවකි. එහි හොඳ නරක ගූණ දොස් ඇගයීමකට වඩා ඒ තුළ පවතින්නේ කෙසේද යන්න අද ප‍්‍රධානතම ප‍්‍රශ්නය වී ඇත. විවිධ විෂම පාර්ශවයන්ගේ අදිසි හා අනිසි බලපෑම් වලට යටවීමට හැකියාවක් නැත. මක් නිසාද සම්මුතිය බිඳ ගැනීම අසම්මත පාලනයකට අත වැනීමක් විය හැකි හෙයිනි.

එහෙත් සම්මුතිය කෙසේ හෝ රැුක ගැනීමට සිදුවී තිබීම දඩ මීමා කර ගැනීමට මාන බලන දූෂිතයන්ගෙන් සහ වංචනිකයන්ගේ බලපෑමට යට වෙමින් එය ආරක්ෂා කරගත යුතු නැත. රජය පිහිටුවා ගැනීමේ ප‍්‍රධානතම ජනතා අභිලාෂය වූයේ එවකට පැවති ඉහවහා යන දූෂණයත්, ඒකාධිපති වියරුවත් පරාජය කිරීමයි. පවුල් වාදය හා ගජ මිතුරු සංග‍්‍රහයද ජනතා අප‍්‍රසාදයට පත්ව තිබුණ පසුගිය පාලනයේ පිටුදැකිය යුතුව තිබූ කරුණු ය. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශනයේ අතිශයින් වැදගත්ම අවධාරණය වූයේ ‘‘කීප දෙනෙකුගේ’’ අකටයුතුකම් පිළිබඳව වීම මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණය වන්නේ ය. එය කිසිසේත්ම සම්මුතිවාදයට එරෙහි හෝ එයට අභියෝගයක් එල්ල කරන ප‍්‍රකාශනයක් නොවන්නේ ය. මෙය සමාජ බලවේග විසින් සහ දේශපාලන පක්ෂ විසින් ඉතා පැහැදිලිව අවබෝධ කරගත යුතු වේ.

සමාජයටත්, යහපාලනයටත් දූෂණ පිටු දැකීමේ පියවර වලටත් අභියෝගයක් එල්ල වන්නේ ‘‘කීප දෙනෙක්’’ වෙතින් පමණක් නම් එකඟ වී ඇති සම්මුතිය තුළින්ම එබඳු කොටස් ඉවත් කිරීමට ද සම්මුතියක් ඇතිකර ගත හැකිය. පෙරමුණේ ක‍්‍රියාකාරීන් හා බලවතුන් හැටියට පෙනී සිටිමින් යහපාලන ගමන් මගට අවහිර කරමින් විවිධ ක‍්‍රියා කාරකම්වල යෙදී සිටින කොටස් බැහැර කර ගැනීමට දරණ අවංක උත්සාහයකදී රටේ අති බහුතරය කිසිම පක්ෂ පාට වෙනසකින් තොරව එයට උපරිම සහයෝගයක් දක්වන බවට කිසිම සැකයක් නැත. සුළුතරයක් වන කීපදෙනෙකුගේ බලපෑමට යටවී සම්මුතිවාදී රජය විනාශ කර ගැනීමට අකමැති බහුතරයක් එම සම්මුති වාදයට එකඟ වී සිටින පක්ෂ දෙකේම සිටින බව පැහැදිලිය. එම නිසා ජනාධිපතිවරයා විසින් අනතුරු හැඟවීමට භාජනය කළ ‘‘කීප දෙනා’’ කවුරුන්ද යන වගට සමාජය විශ්වාස කරගෙන සිටින ආකාරය පැහැදිලි ලෙස සමාජ බලවේග මගින්ම හෙළිදරව් කිරීම ආරම්භ කළ යුතුය. විවිධ වෙස් මුහුණු වලින් සැරසී සමාජයේ ඇස්වලට වැලි ගසමින් මෙබඳු කීප දෙනෙක් ගෙන යමින් සිටින නින්දිත ව්‍යාපාරයන් එමඟින් පරාජය කළ හැක. සමාජ වෙබ් අඩවි හා කුලී හේවායන් යොදවා ගනිමින් මොවුන් ගෙනයන මඩ ව්‍යාපාරය රට තුළත් ජාත්‍යන්තරය තුළත් පරාජය කිරීමට යහපාලන හිතවාදී අවංක ජනතාවට හා සමාජ බලවේගවලට කිසිම අපහසුවක් නොවන බවද සඳහන් කළ යුතුය.

ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාලව කොමිෂන් සභාව පත් කිරීම මේ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ගත හැකි හොඳම උදාහරණය වේ. විශාල චෝදනා රැුසක්ම එල්ල වී තිබූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ සීමිත රාජකාරි කාලය අවසන් වීමේදී ඔහු යළිත් එම තනතුරට පත්කර ගැනීමට මෙම ‘‘කීපදෙනා’’ මුල් වූ බව පැහැදිලි විය. එහෙත් එයට තීරණාත්මක ලෙසින් මැදිහත් වූ ජනාධිපතිවරයා එම ‘‘කීපදෙනා’’ ගේ සහ කීපදෙනාගේ බලපෑමට යටත්ව සිටියා වූ අයගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට කටයුතු කළේ ය.

ඊළඟට දෙවන කෝප් කොමිටියේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සුදුසු තීරණයක් ගැනීමට අවස්ථාව සලසමින් ජනාධිපතිවරයා නිහඬ විය. එහෙත් පාර්ලිමේන්තුව එය මඩ ප‍්‍රහාර එල්ල කර ගැනීමට යොදවා ගත් අවස්ථාවක් කර ගත් නිසා එම ඊනියා විවාදයෙන් දින කිහිපයකට පසුව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළේය. මෙම කාරණයේදී බොහෝ දෙනෙක් අපේක්ෂා කළ ආකාරයට කලබලයෙන් කිසිම පියවරක් නොගත් ජනාධිපතිවරයා, සම්මුතිවාදී රජය දෙදරා නොයන ආකාරයට ඉතා පරිස්සමින් අවශ්‍යම පියවර ගත් බව පැහැදිලි වන්නේය.

ජනාධිපති කොමිසම පත් කිරීමේ ගැසට් නිවේදනයේ අඩංගුව ඇති විෂයයන් හා විධානයන් සුපරික්ෂාකාරීව බැලීමේදී ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන්නේ කුමන අරමුණකින්ද යන වග ඉතා හොඳින් පැහැදිලි වේ. ඒ අවස්ථාව වන විටත් යහපාලන රජයේ ‘‘කීපදෙනා’’ පිළිබඳව එතුමාට අවබෝධයක් තිබී ඇති බවද පෙනේ. පළමු කොටම එබඳු කොමිෂන් සභාවක් පත්කර මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීම ජාතික වගකීමක් වන බවත්, ඒ වන විට එල්ල වී පැවති විවිධ චෝදනා විභාග කළ යුතු හා විමර්ෂණය කළ යුතු එ්වා බවත් එම ගැසට් නිවේදනයෙන් සඳහන්ව ඇති බව සිහි තබාගත යුතුය. ඊළඟට එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

1. සිදුවී ඇති අක‍්‍රමිකතා හෝ දූෂණ කවරේද?

2. ඒවාට අදාල පුද්ගලයින් කවුද?

3. ඒවා සිදු වී ඇත්තේ ආයතන හෝ වගකිව යුත්තන්ගේ පැහැර හැරීම් නිසාද?

4. රටට හා මහ බැංකුවටත් වෙනත් ආයතන වලටත් සිදු වී ඇති පාඩුව කොපමණද?

5. මෙම පාඩුව කිසිවෙකුගේ නොසැලකිලිමත්කම හා වගකීම පැහැර හැරීම මත සිදුවී තිබේද?

6. එම අක‍්‍රමිකතාවන්ට හේතුවන ආකාරයේ බලපෑම් කිසිවක් සිදුවී තිබේද?

යනාදී වශයෙන් සොයා බැලිය යුතු සහ විමර්ෂණය කළ යුතු දේ හැටියට පෙන්වා දී ඇති කාරණා වලින් පැහැදිලි වන්නේ මහ බැංකු බැඳුම්කර මගඩිය පිටුපස හෙළිදරව් කරගත යුතුව තිබූ වැසී ගිය සංසිද්ධීන් පැවති බවය. එනිසාම ඕනෑම තරාතිරමක නිලධාරියෙක් හෝ වගකිවයුත්තෙක් කොමිසම ඉදිරියට කැඳවීමටත් ජනාධිපතිවරයා බලතල පවරා තිබුණි.

එබඳු ක‍්‍රියාවක් ජනාධිපතිවරයා නොකර සිටියා නම් ඒ ගැන බලවත් ලෙස සතුටට පත්වන බලවතුන් සිටිනා බවට ජනතාවට සැකයක් නැත. එහෙත් ඒ කීපදෙනා සතුටු කිරීම වෙනුවට රටේ යහපත මුල් කරගත් පියවරක් වශයෙන් ද රටේ ජනගහණයෙන් අති බහුතරයක් කිසිම විවාදයකින් තොරව මහා වංචාවක් සිදුකර ඇති බවට එදා ඇතිකර ගෙන තිබූ මතවාදයට ගරු කිරීමක් වශයෙන් ද කොමිසම පත්කළ බව ජනතා විශ්වාසයයි. එසේම ‘‘කීපදෙනා’’ ගැන නොතකා එම පක්ෂවල සිටින නායකත්වය ගැනීමට සමත් පිළිගැනීමක් සහිත කොටස් සමග යහපාලනය ඉදිරියටම ගෙන යාමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ජනාධිපතිතුමාට වෙන විකල්පයක් දැන් නැහැ, බැඳ ගත්ත බේරේ ගහනව ඇරෙන්න. ඒ මොකොද කිව්වා නම්, කොච්චර මොනව කලත් දැන් UNP ආණ්ඩුව එක්ක ඉන්න වෙන නිසා. 19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුව 2020 මුල වෙනකම් විසිරුවන්න බැරි නිසා. නමුත් ඒකාබද්ධ විපක්ෂයයි හිටපු ජනාධිපතිතුමයි ජනතාව 2015 බලාපොරොත්තු වෙච්ච විදියට රනිල්ට එරෙහිව වැඩ කළා නම්, මෙතන වෙන තත්වයක් ඇති වෙන්න තිබ්බ. බැසිල්ව අල්ලන් කෙටි මාර්ග වලින් බලය අල්ලන්න පුළුවන් කියලා හිතපු ඒකාබද්ධ විපක්ෂෙ නිරපරාදේ දුර්වල වෙලා ගියා. හැබැයි සිංහලයන්ට දැන් තියෙන එකම පිළිසරණ – ඒ කියන්නේ 62ටයි 58ටටයි දෙකටම, විධායක ජනාධිපති ධූරය කියලා දැන් නිකම් සාමාන්‍ය මිනිහා පවා දන්නා නිසා, ඒකාබද්ධ විපක්ෂය විධායක ජනාධිපතිට පහර ගහන්න හදන හැම වෙලාවෙම, හෝ, විධායක ජනාධිපතිධූරය අහෝසි කලයුතුයි කියන හැම වෙලාවෙම ඒකට උඩින් ඊට වඩා වැඩි පහරක් ගහලා ඒකාබද්ධ විපක්ෂය දුර්වල කරන්න වෙනවා. ඒ මොකොද කිව්වා නම් එහෙම නොකොළොත් ඒ හරහා රනිල් සහ UNP එක ශක්තිමත් වෙන නිසා. 2015 ජනාධිපතිතුමා එක්ක තද තරහකින් හිටියත් හැබැයි අද වෙනකොට ජනාධිපතිතුමා සිංහලයන් සහ රට රැක ගන්න ඉදිරපත් වෙලා ඉන්න කොට, සරලව කියනවනම් අපි හිටපු ජනාධිපතිතුමාගෙනුයි ඒකාබද්ධ විපක්ෂයෙනුයි බලාපොරොත්තු වෙච්ච දේ අද ජනාධිපතිතුමා කරන්න ඉදිරපත් වෙලා ඉන්න කොට, විධායක ජනාධිපති ධූරය දුර්වල කරන්න ඒකාබද්ධ විපක්ෂය කරන උත්සාහය පරද්දන්න වෙනවා.
    .
    එදා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියන කොට රනිල් රට බෙදන්න, රට ෆෙඩරල් වලට හරවන්න ව්‍යවස්ථාවක් ගෙනෙන බවක් කියලා තිබුනේ නැහැ කොහෙකවත්. එදා විදියට ඒ පොරොන්දුවේ වැරැද්දක් හුඟක් මිනිස්සුන්ට පෙනුනේ නැහැ. හැබැයි අද තත්වය හුඟක් වෙනස්. අද සිංහලයන්ට වැටහෙනවා රනිල් ඉන්නකම් විධායක ජනාධිපති ධූරය අහෝසි නොකළ යුතුයි කියලා. ඒ විතරක් නෙමෙයි මුදලට බලතල වලට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විකිනෙන හැටියට, පැති මාරු කරන හැටියට දැන් සිංහලයන්ට තේරෙනව විධායක බලය තියෙන අගමැතිවරයෙක් ඇති කලොත් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් පැවතෙන්නේ නැති බවත් මන්ත්‍රීවරු ලෙහෙසියෙන්ම මුදලට අරන් රටේ බලය සම්පූරනයෙන්ම රටට අහිතකර ද්‍රෝහී දේශපාලකයෙකුගේ අතට යන්න පුළුවන් බවත්. ඒ නිසා අර විධායකය අහෝසි කරන කතාව දැන් කියන එක වැරදියි.
    .
    Contd’ 1/3

  • 0
    0

    Contd’ 2/3
    .
    දේශපාලකයො රට වෙනුවෙන් කතා කලාට වැඩක් නැහැ, ක්‍රියාවෙනුත් ඒක පෙන්න ඕනේ. හොඳම උදාහරණෙ මුළු රටම රනිල් පාර්ලිමේන්තුවට ගෙනපු පෙඩරල් ව්‍යවස්ථා කමිටු වාර්තාව/විවාදය/චන්දය ගැන හුඟක් බය වෙලා ඉන්න කොට, මොකින් මොකක් වෙයිද කියල උඩට ගත්ත හුස්ම එහෙම්ම අල්ලන් ඉන්න කොට, බලපොරොත්තු නැති විදියට ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළු තුනක් පවත්තනවා කියපුවහම තමයි සිංහල මිනිස්සුන්ගේ භය නැතිවෙලා මිනිස්සුන්ට හුස්ම වැටුනේ. රනිල් මොනව කලත් ජනාධිපතිතුමා අවශ්‍ය අවස්ථාවේ සිංහලයන් වෙනුවෙන් ඉදිරපත් වෙනවා කියලා මිනිස්සුන්ට ලොකු විශ්වාශයක් ඇති වුනේ ඒ වචන කිහිපය නිසා. හැබැයි ඒ අවස්ථාව හිටපු ජනාධිපතිතුමාට ලේසියෙන්ම ගන්න තිබුන. ඒ වගේ ඉතාම තීරණාත්මක අවස්ථාවක රටේ ජනතාව තනි කරලා රටෙන් එලියට යන්නේ නැතුව, හිටපු ජනාධිපතිතුමා කිව්වා නම්, රට වෙනුවෙන් රනිල්ගේ ව්‍යවස්ථාදායක සභාවෙන් අයින් වෙනව කියලා එහෙනම් මුළු රටම එක මොහොතෙන් ආපහු දිනා ගන්නවා. ඒ මොකොද ඒකාබද්ධ විපක්ෂෙ සහයෝගය තමයි ෆෙඩරල් ව්‍යවස්ථාවට රනිල්ට තිබ්බ හයිය. මිනිස්සු රතිඤ්ඤා පත්තු කරන්නත් ඉඩ තිබුන. මම වුනත් එහෙනම් පරණ තරහා අමතක කරනවා. රට වෙනුවෙන් ඉන්නවා නම් පණත් දෙනවා, විරුද්ධ වුනොත් කෙලින්ම පහර ගහනව. එහෙම කළා නම් එහෙනම් සිරිසේන ජනාධිපතිතුමාට sixer එකක් ගහන්න පුළුවන් විදියට පිටිය හැදෙන්නේ නැහැ. රනිල්ගේ ව්‍යවස්ථාදායක සභාව ඇතුලේ ඒකාබද්ධ විපක්ෂෙ හිටිය කියල ඒගොල්ලන්ට ලැබුණු දෙයක් නැහැ, තිබුන දේවලුත් නැති වුනා මිසක්, හිටපු ජනාධිපතිතුමා සහ ඒකාබද්ධ විපක්ෂේ රනිල්ට විරුද්ධව මහජන නැගිටීමකට වඩා යටින් game ගහන බැසිල් ගැන විශ්වාසේ තියපු නිසා.
    .
    අපේ දේශපාලකයෝ වැඩි දෙනෙක්ගේ මනස එක තැන පල් වෙනවා. දේශපාලකයන්ට තර්කානුකූලව, විවේචනාත්මකව, විශ්ලේෂණාත්මකව සහ විචාරශීලීව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අද ජනතාව එහෙම හිතන්න පුරුදු වෙලා ඉන්නවා. දේශපාලකයන්ට පුළුවන් වෙන්න ඕනේ කාලානුරූපව හැඩ ගැහෙන්න. ඉස්සර වගේ තමන්ගෙ මතය ජනතාවගේ ඔළුවට දාන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් ජනතාව ඉන්නේ දේශපාලකයන්ට වඩා හුඟක් ඉදිරියෙන් නිසා. එක තැන පල්වෙන දේශපාලකයෝ තනි කරලා දාලා මිනිස්සු ඉස්සරහට යනව. සමහර වෙලාවට ලොකු කනගාටුවකුත් ඇති වෙනවා, එහෙම කරනකොට. හැබැයි කරන්න දෙයක් නැහැ. හිත දැඩි කරගන්න වෙනවා. දේශපාලකයන්ට වඩා අපිට වටින්නේ රට. ඒ හින්දා අපි වෙනස් වෙන්නේ නැහැ, වෙනස් වෙන්න ඕනේ දේශපාලන නායකයො.

  • 0
    0

    Contd’ 3/3
    .
    මිනිස්සු අද බඩට වඩා හිතන්නේ රට ගැන. හොඳම උදාහරණෙ, මේ අයවැය. දීල තියෙනවා කියල කියන ඒවායින් වැඩක් නැහැ, ඊට උඩින් ගහල තියෙන බදු බර එක්ක. සහන වගයක් දීල තියෙනවලු මිනිස්සුන්ට. හැබැයි කවුරුවත් ඒ ගැන කතා කරන්නේවත් නැහැ. මොකොද මිනිස්සුන්ට බඩට වඩා වටින්නේ රට සහ රටේ අනාගත පරම්පරාව. බියර් මිල අඩු කලේ මේ ආණ්ඩුවේ තියෙන මුග්ධකම නිසා නෙමෙයි, තරුණ පරම්පරාව මත්පැනට ලොල් කිරීමට බව සහ ඒ මගින් විශාල අදායමක් ලබා ගැනීමට බව ඕනේ මිනිහෙකුට වැටහෙනවා. මංගල කෙලින්ම කියනව පැණි බීම අතහැරලා බියර් බොන එක හොඳයි කියලා. පැණි බීම බොන වැඩි දෙනා පාසල් දරුවන් සහ තරුණ වයසේ දරුවන්. ඒ කියන්නේ ඉල්ලක්කය ඒ දරුවන් කියන එක. ඊළඟට රජයට අදායම් එන්නේ නැහැ කියලා සිගරට් සහ non-potable alcohol වලට බද්දක් ගහන එකෙන් කරන්නේ ඒවාට නීත්‍යනුකූල භාවයක් දෙන එක. කිසිම නීතියක් මුකුත් නැහැ, බද්ද ගෙවලා ඕනේ දහජරාවක් රටට ගේන්න පුළුවන්. මේ අයවැයෙන් පස්සේ මහ පොළොවයි, මහ මුහුදයි, නිල් අහසයි තුනම පෞද්ගලීකරණය වෙනවා, විදේශිකයන් අතට යනවා. දේශීය ව්‍යාපාරවලට දෙන ණය ඇතුලෙත් තියෙන්නේ මහා ප්‍රෝඩාවක්.
    .
    එකක් තියෙන්නේ මංගල විවෘතවම රටට කියනව තමන්; රට ගැන, රටේ දරුවන් ගැන, අනාගත පරපුර ගැන, සිංහල සමාජය සහ සාරධර්ම ගැන, රාජ්‍ය ව්‍යවසායකත්වය ගැන, දේශීයත්වය ගැන, කිසිම හැඟීමක් හෝ තැකීමක් නැති අන්තිම අප්‍රසන්න නරුමයෙක් කියල. නරුමයෙක් ගෙනාපු ව්‍යවස්ථාවට වගේම නරුමයෙක් ගෙනාපු රටට අහිතකර, දරුවන්ට අහිතකර අයවැය යෝජනා වලට විරුද්ධ වෙන එක මංගල වගේ නරුමයෙක් නොවෙන අනිත් මන්ත්‍රීවරුන්ගේ යුතුකමක්.

  • 0
    0

    පහුගිය දවස් වල පෝයට තැබෑරුම් අරින්නත් ඕනේ කියල බෙබේ ඇමතිවරු කිව්වා. ක්‍රිස්තියානි රටවල ඉරිදා දවස්වලට කිසිම super market එකක මත්පැන් විකුණන්නේ නැහැ. ඒ පැත්ත වහල තියෙනව. ඒ කියන්නේ මාසෙකට දවස් හතරක් මත්පැන් විකුණන්නේ නැහැ. Sabath Day (7th Day in the Early Christian & 1st Day according to Georgian Calendar) කියන ඉරිදා දවස වෙන් කරලා තියෙන්නේ ආගමික කටයුතු වල නියලෙන්න සහ විවේක ගන්න. බටහිර රටක සිංහල කෙනෙක් තමන්ගේ ගෙදර ඉස්සරහ පාරේ තියාගෙන ඉරිදා දවසක වාහනේ හෝදන කොට අල්ලපු ගෙදර සුදු කාන්තාවක් ඇවිල්ල කියල තියෙනවා අද සබත් දවසේ ඕව කරන්නේ නැහැ නවත්තන්න කියල. අපේ සිංහල බෞද්ධ රටේ මාසෙකට එක දවසක් විතරක් තියෙන පෝයට, වහල තියෙන මත්පැන්හලුත් අරින්න කියලා ඇමතිවරු කියනව. පෝය නිවාඩුව දෙන්නේ ආගම අදහන්න මිසක් booze දාන්න නෙමෙයි. අනිත් ආගමිකයන් වුනත් ඒකට ගරු කරන්න ඕනේ. මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ මොන ජාතියේ මිනිස්සුන්ටද කියල දැන් තමයි වැටහෙන්නේ.
    .
    මැල්කම් රංජිත් අගරදතුමා හොඳ යෝජනාවක් කළා ඉරිදට සහ පෝයට ටියුෂන් නවත්වන්න කියල. ඒකට ආණ්ඩුවෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ. ජනාධිපතිතුමා අවලාද කියනවා මිනිස්සු හැම එකටම එයාට බනිනවලු, හැම එකම එයාට කියනවලු, එයාට බලන්න බැරිද අහනවලු, පත්තරෙන්වත් දැක්කේ නැත්ද අහනවලු (ඒක මම දමපු කෑල්ලක්). මක් කරන්නද ජනාධිපතිතුමා, රනිලුයි UNP කාරයොයි කිසි කෙනෙක්ට රටේ මිනිස්සු කැමති නැහැ, ඒ ගොල්ලෝ කිසි දවසක ජනතාව කියන හොඳ දෙයක් අහන්නේ නැහැ. ඉතින් ඊට උඩින් ඉන්න ජනාධිපතිතුමාට මිනිස්සු ගතු කියනවා, අවලාද කියනව. රනිලුයි රනිල්ගේ ඇම්බැට්ට ඇමැතිවරුයි කරන වැරදි හරි ගස්සන්න කියනව. මම වගේ නම් එහෙම කියන එක ගැන ආඩම්බර වෙනවා.

  • 0
    0

    Dear Champa,

    As I’ve already stated, I greatly admire your commitment and sincerity. Yes, this discussion should be carried on in the Swabasha media.

    I agree with what you say about this being a budget that will encourage young people to ultimately turn in to drunks. I said that many days ago in my instinctive and initial comment on Prof. Chandare Dharmawardene’s assessment of the budget.

    However, don’t you exaggerate the extent to which the Sabbath is observed in the countries usually designated as Christian? In fact, I’ve never been outside Asia myself, but one reads, of course:

    Oh, dear the malady that’s been affecting my computer for the past week. I just can’t paste anything on to CT! By the way, it was the Gregorian Calendar that replaced the Julian Calendar, for good practical reasons.

    *

    And I’ve neglected getting myself the fonts necessary to type in Sinhala.

    • 0
      0

      Sinhala Man
      Thanks for your this comment and the other elsewhere.
      No, my mentioning about Sabbath Day was not an exaggeration. I mentioned about it to show that how sensitive are these Western countries when it come to their religion plus the ban on selling liquor on one Poya Day a month should not be a big deal for UNP Ministers. I heard on TV one habitually drunk Minister saying that it was good to reduce beer price which is a big boost to tourists as Rs. 400 a beer bottle or a can, I don’t know, is too much, which might even make tourists choosing other countries where beer is cheap. What an idiotic thought!

  • 0
    0

    Mr. President you are talking a lot. but, nothing comes out of you work and result. Even your ministers are out of control. YOur PM is a thief. YOur former FM is a thief. YOur present FM has his own agenda. YOur minister of Commerce and industry is doing resettling. YOur UNP member of yahapalanaya is totally thieves. E.g COPE commiitte. It says, the two un explained CAR (NAMAL RAJAPKSE) and the other are Mahinda Rajapakse. Ajith Nivarrd Cabraal is also implicated for taking bribes from PTL. Nimal siripala De silva is another. but, you have not mentioned anything. Just declare emergency and get rid of all the thieves. If need cancel 19th amendment. If you get late they may get you. Even if you have got money from PTL we will forgive you if you dothe job properly.

  • 0
    0

    Champa: YOur comment looks very good. It should be in Sinhala newspapers for sinhala readers. I think the author of this article is bit off. there is no Sammuthivadaya. that has completely a different meaning. It is Lichchavi Style and Yahapalanaya which is not sammuthi-vada. Ranil the CLEAN MAN man is a cunning LOOTER. HE asked state banks to lose, he asked PENTHOUSE RAVI to get his money and hide it. HE hired a singaporean with unknown qualifications and unknown track record. His only qualification was both from the same school, for the primary education.————– with respect to Liquor, they drink Whiseky and beer in other countries. We should have promoted our coconut arrack ( a portugeuse word) and coconut toddy. but, the idiot and stupid minister does not know those.———-PResident MY3 also should think about continuing this FCID to investigate who was Tango, Who was Car, Mahind Rajapakse, NAMAl Rajapakse, Cabrall and the gang. I don’t know as Wijewardane was the deputy governor whether he will like that. This author also was bank manager. He also may have taken some dough for him.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.