23 April, 2024

Blog

බලතල අවභාවිතය නාස්තිය හා දූෂණය

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

දූෂණය මාතෘකාවක් වශයෙන් සාකච්ඡුාවට භාජනය කිරීම පවා කොලොප්පමක් වී ඇත. එය නිතර කියැවෙන දෙඩවිල්ලක් බවට පත් වී අවසානය. දූෂණ ගැන සෙවීම හෙළිදරව් කර ගැනීම පිළිබඳ උනන්දු වීමට ජනතාවට තවදුරටත් අවශ්‍යතාවක් පවතී ද? ඊළඟට හෙළිදරව් වන්නේ කාගේ අල්ලස හෝ දූෂණය ගැනද යන්න පමණක් දෙස ජනතාව බලා සිටින තරමට මෙම පාපකම–ය වධ–නය වී ඇත. සිල් රෙදි බෙදීම දූෂණයක් ලෙසින් සලකමින් දඬුවම් පැමිණ වූ රටේ සිල් රෙදි පොරවාගත් අයගේ දූෂණ අමු අමුවේ දිග හැරෙමින් පවතී. එක් අතකින් යම්තාක් දුරකට මෙහෙයවීම් තුළින් හෝ ස්වාධීන ක‍්‍රියාන්විත තුළින් හෝ එබඳු කාරණා හෙළිදරව් වීම සහ දූෂිතයන් නීතියේ රැුහැණට හසුකර ගැනීම පිළිබඳව සතුටු විය හැකි වුවද කෙතරම් දුරකට දූෂන ක‍්‍රියා වධ–නය වෙමින් පවතින්නේද යන කාරණය දෙස බලන විට බලවත් දුකක් ඇති වන්නේය. දූෂිත ක‍්‍රියාවලින් පිරුණු යුගයක් වෙනස් කරමින් එ්වා පිටු දැකීම සඳහා පිහිටුවා ගත් පාලනය තුළ ප‍්‍රබල වගකිවයුත්තන් හා වගකිවයුත්තන්ගේ අනුග‍්‍රහයෙන් පත්වීම ලබා ගන්නා අය පෙර කාලයකට නොදෙවිනි ආකාරයේ දූෂිත ගණුදෙණු වල යෙදී සිටින බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක් වී ඇත. එසේ නම් හෙළිදරව් වන දූෂිතයා පිළිබඳව ගොඩනැගෙන පිළිකුල ඔවුන්ව ප‍්‍රබල ස්ථානවලට පත්කළ වගකිවයුත්තන්ට ද හිමිවිය යුතු නොවන්නේ ද? රාජ්‍ය පාලනයේ දී වගකිවයුත්තන්ට කිසියම් දූෂිත ක‍්‍රියාවක නියැලෙන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පිට මෙම වරද පටවා වගකීමෙන් නිදහස් විය හැකි ද? තනතුරු තානාන්තර වලට පත් කිරීමේදී හා නම් කිරීමේදී අදාල පුද්ගලයන් පිළිබඳව නිසි සොයා බැලීමක් නොකිරීම අද බරපතල ප‍්‍රශ්නයක් බවට පත් වී තිබේ. පත්කරන්නා සහ නම් කරන්නා පිට කිසිම ආකාරයක වගකීමක් නොපැවරුනද සදාචාරාත්මක නිර්ණායකනයට අනුව ඔවුන්ද සාපරාධී ක‍්‍රියාවක හවුල්කරුවන් බවට සමාජය තුළ මතයක් ඇතිවීම අසාධාරණ නොවේ.

හිටපු ප‍්‍රධාන රාජ්‍ය නායක චරිතයක්, කුරුණෑගල ප‍්‍රදේශයේ පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන ලද මහජන රැුස්වීමකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති පත් කිරීම සහ ඔහුගේ සාපරාධී ක‍්‍රියා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘‘අපි පත්කරන කොට කාලා බැලූවේ නෑ…’’ යනුවෙනි. මේ කියමන මගින් බරපතල වංචනික කටයුත්තකට සම්බන්ධ වූ පුද්ගලයා පත් කිරීම හා නම් කිරීමේ වගකීමෙන් අගමැතිවරයා නිෙදාස් කිරීම එම හිටපු රාජ්‍ය නායක චරිතයේ එකම අභිප‍්‍රාය විය. මේ ආකාරයට ඕනෑම තීරණයක් සම්බන්ධ වගකීමෙන් නිෙදාස් වීමේ උවමනාව කොතරම් දුරකට එ් අයට තිබෙනවාද යන්න හොඳින්ම පැහැදිලි වන්නේ ය. අපරාධයේ පරිමාව කොතරම් විශාල වුවද කිසිම ආකාරයක සමාජ වගකීමක් එබඳු අපරාධකරුවකු එවැනි අපරාධයක් කළ හැකි තැනකට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් භාර ගැනීමට සූදානම් නැත.

මෑතකදී හෙළිදරව් වූ කාරණා කීපයකදීම රාජ්‍ය ආයතනවල වගකිව යුතු තරාතිරම්වලට පත්කර සිටි කීප දෙනෙක්ම නීතියේ රැුහැණට හසු වීමෙන් ඔවුන් එම තරාතිරම් වලට තෝරා පත්කළ අයගේ කීර්ති නාමයන්ටද කැලැල් ඇති විය. එමනිසා තමන්ට කොයිතරම් සමීප වුවද, සිය සමීපයන් විසින් නිර්දේශ කරනු ලැබුවද, ස්වාධීන හා නිසි සොයා බැලීමකින් තොරව පුද්ගලයන් තනතුරුවල එල්ලීම නොකළ යුතු වන්නේ ය.

ජාතික රජය පිහිටුවා ගැනිම සඳහා ජාතික ලැයිස්තුව හරහා කරන ලද පත්වීම් තුළින් ලබාගත් සහයෝගයද එබඳුම තත්ත්වයකට අද පත්ව ඇත. එම වැරදි තීරණ නිසා මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වයන්ගෙන් ගැලවීමක් ද නැත. මේවා ක්ෂණික තීරණවලින් පෙළඹවී දුරදිග නොබලා ගත් පියවර බව අවබෝධ වීම නිසැක වුවද එම ප‍්‍රමාද වූ අවබෝධයෙන් පලක් වේ ද?

සෑම රාජ්‍ය ආයතනයකටම ප‍්‍රධානියෙකු ලෙස පත්වීමක් ලබන පුද්ගලයෙක් එම රාජ්‍ය ආයතනයෙන් සැලසෙන සේවාවන්ට අදාල කිසියම් හෝ අත්දැකීම් ප‍්‍රමාණයක් ලබා තිබීම සහ ක්ෂේත‍්‍රයට සම්න්ධ කෙනෙක් වීමද, අවංක පසුබිමක් තිබීම තරමටම වැදගත් වේ. ජාතික සම්පත් උපයෝගී කර ගනිමින් රටේ ආර්ථික ක‍්‍රියාවලියට දායක විය යුතු ආයතනයක ප‍්‍රධානියෙක් පක්ෂ දේශපාලනයේ සමීපයෙකු වීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. එවැන්නෙක් පත් කිරීමෙන් අදාල ක්ෂේත‍්‍රයේ වර්ධනයට තබන නැවතීමේ තිත සම්බන්ධයෙන් පත්වීම කරන්නා ජාතියට වගකිව යුතුය.

අද විශාල ලෙස වාණිජමය ලාභ උපයන රාජ්‍ය ආයනවලට පත්වී සිටින සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් සිය කාය ර්‍්‍යයන් වල යෙදෙන්නේ ඔවුන් ඉක්මවා යන වගකීමක් නොමැති සෙයින්ය. තීරණ ගැනීමට නීතියෙන් සැලසී ඇති ඉඩකඩ තුළ

අසීමිත නාස්තිකාරී වියදම් මගින් ප‍්‍රබල දූෂණ කටයුතු පවත්වාගෙන යාම යුගයේ සම්ප‍්‍රදායයක් ලෙසින් මොවුහු සිදු කරති. අවශ්‍යතාවය, සත්‍යතාවය සහ ජාතික වශයෙන් සලකා බැලිය යුතු ප‍්‍රමුඛතාවය යන කිසිම කාරණයක් ඔවුන්ට වැදගත් වන්නේ නැත. දන්සැලට වැදුන යාචකයින් මෙන් ඉවක් බවක් නැතිව භුක්ති විඳ ගැනීම එකම අරමුණ හා අභිප‍්‍රායය කර ගන්නා මොවුන් විශාල සම්පත් ප‍්‍රමාණයක් අවිධිමත් ලෙසින් කාබාසිනියා කර දමති. එ්වා නාස්තිකාරී වියදම් ලෙස පෙනී ගියද එම කාර්ය ර්‍්‍යයන් පිටුපස රාජ්‍ය තන්ත‍්‍රයේ ඉහල තැන් දක්වා විසිරී ගිය සාක්කු පුරවා ගැනීම මෙන්ම තමනට රිසි සේ එම අවස්ථාවාදී ක‍්‍රියාවල නිරතව සිටීමට ඉඩදී බලා සිටින දේශපාලන බලවතුන්ගේ සාක්කු වලටද කිසියම් ප‍්‍රතිශතයක් යැවීමට මොවුන් වගබලා ගනිති. මේවා හෙළිදරව් කරන කිසියම් සංවිධානය වූ සේවක කොටසක් වේ නම්, එ්වා බලය හා පීඩනය යොදවමින් නිහඬ කරවීමට ද මොවුන් පියවර ගනිති. වෘත්තීය සංගම් දඩයම ආරම්භ වන්නේ එසේය. එපමණක් ද නොවේ, මෙලෙස දකින, ඇසෙන, එ්වා සම්බන්ධ තොරතුරු ලැබෙන මාධ්‍ය ව්‍යාපාරයද මොවුන් සිය ග‍්‍රහණයට නතුකර ගනිති. එ් සඳහා ඔවුන්ගේ බලපෑම යටතේ පවතින අසීමිත ප‍්‍රචාරක වියදම් පිරිවැය යොදවා ගනිති. මාධ්‍ය කරුවන්ට සංග‍්‍රහ කිරීම, ෙදාල පිදේනි දීම මෙන්ම ප‍්‍රචාරක දැන්වීම් ව්‍යාපාරය හරහා මාධ්‍ය ආයතන නිහඬ කරවීමටද මොවුන් පියවර ගනිති. කිසි දිනෙක වත් ඔවුන්ගේ අක‍්‍රමිකතාවයන් සමාජගත නොවන්නට ඔවුන් වගබලා ගන්නේ මේ අයුරිනි.

විගණනය යනු ලැබී ඇති බලතල යටතේ වියදම් සිදුකර තිබේ ද යන්න සොයා බැලීමට පමණක් සීමා ඇති කාර්ය ර්‍්‍යයක් වී ඇත. එ්වා නිසිද, අනිසිද, ව්‍යාපාරමය ලෙසින් ශක්‍යතාවයකින් යුක්තවන්නේද යන්න සොයා බැලීම විගණකයින්ගේ විෂයයට අයත් නොවන බවට පිළිගැනීමක් ඇති කිරීමට ද මොවුන් වග බලා ගෙන ඇත. එනිසාම වර්ෂ අවසානයේ දී දස ලක්ෂවලින් වියදම් කරනු ලැබූ ඉතා දර්ශනීය ලෙසින් හා ආකර්ෂණීය ලෙසින් නිකුත්වන මනබන්දනීය දැකුම්කළු විගණන වාර්තා ජනතාව අතට පත් කිරීමට මොවුන් වගබලා ගනිති. ඉතා සුන්දර චිත‍්‍රයක් එ්වා මඟින් ඉදිරිපත් කිරීමට ද ඔවුන් සමත් වේ. ගිණුම්කරණයේ මායාකාරී ඉදිරිපත් කිරීම් හරහා තුවාල, ලෙඩ රෝග අසනීප මනා ලෙස යටපත් වී යන ආකාරයට සරසා අන්දා ඔප දමා ඉදිරිපත් වන එම වාර්තා අපගේ ව්‍යවස්ථා දායකයද හිස් මුදුනින් හා වර්ණනා මුඛයෙන් පිළිගනිති. එ්වා සකස් කරන වංචනිකයින් දෙකොනින් සිනා සෙමින් එ් දෙස බලා සිටිති. බලය හා බලකාමයෙන් උන්මත්තකයින් වී සිටින දේශපාලූවන් ඔවුනට නොදිරවන ගණන් ඉලක්කම් දෙස උඩින් පල්ලෙන් බලා එ්වා අනුමත කරන බව මෙම තක්කඩියන් ඉතා හොඳින් දනිති.

මුදල් කොල්ල කා ගැනීම සඳහා මෙම තක්කඩියන් විවිධ උපක‍්‍රම අනුගමනය කරති. නව ගොඩනැගිලි ඉදි කරති. නාම පුවරු වෙනස් කරති. සෑම අස්සක මුල්ලකම යන්ත‍්‍ර හා ගණුදෙණු කුටි සවි කරති. එ්වාට ආම්පන්න මිලදී නොගෙන හිතවතුන්ගෙන් කුලියට ගනිති. එමගින් අලූතින් ගන්නවාට වඩා මුදලක් ආයතනයට අහිමි කරමින් සාක්කු පුරවා ගනිති. කල්ලි කණ්ඩායම් යොදා ගනිමින්ද, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින්ද, ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ හා උපකරණ මිලදී ගනිමින්ද, යස රඟට සුද්ධ කිරීමේ ව්‍යාපාරය කරගෙන යති. බලය අවභාවිතා කිරීම යස රඟට සිදුවන්නේය. එහෙත් මුළු ලොවම නිදි කරවා ඇති බැවින් එ් අඳුර ඔවුන්ට එලියක්ම වී ඇත.

අපට කියන්නට ඇත්තේ ඉතා සරල කියමනකි. ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද එ් අමාරුව’’ යයි කියමින් සැනසී සිටීමට හුදී ජනයාට සිදු වී ඇත. දූෂිතයින් පත්කළ වුන්ද නෙත් පියා සිටිති. දූෂිතයින් සීමාතික‍්‍රාන්තික ලෙසින් සිය ඛාදනය කරගෙන යති. රජයද තවත් ණය වෙමින්ද, ජනතාව මත බදු බර පටවමින්ද මෙම බලතල අවභාවිතය හා ඉහවහා පවතින නාස්තිය හා දූෂණය ඉවසා වදාරමින් කල් ගෙවති.
ජනතාවටත්, රටටත්, දෙවියන්ගේ පිහිටයි !. රාජ්‍ය ආයතනවල බෝඞ් ලෑලි ටිකවත් යහපාලනයට මුවා වී සිටින මෙම වංචනිකයින් ඉතිරි කළොත් පුදුමයකි !.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Dear Mr. Susiripala
    At the very beginning, you boldly say that distributing ‘sil redi is identified as ‘corruption’, in this country. You were very clever to ignore that the 800 million rupees worth sil redi distributed before the Jan.8 election was paid by each and every commoner like us, but not by Rajapakse trust fund. Basically with all your fluency, you want us to forget all the financial crimes by the Rajapakse thugs and goondas, but to harp only on the misdeeds of ‘Yahapalana’ idiots. I am sure that you are aware of the $500 million payments from Chinese contractors to the Rajapakses just before the elections. Ask JVP if you have forgotten.

    • 0
      0

      Dear Mr Somapala
      I think you have not understood my Mission
      I quoted the sil redi example only to show how the law can b used to catch any misdoings
      I have not justified the sil redi episode
      The govt people elected should not do what the previous govt rejected by the people did
      No need to harp on the misdeeds of previous fellows
      They have been consigned to the political dust bin .
      My only worry is if the new govt does the same it will only help the former culprits to come back
      Let us try to understand things in a broader manner
      We try to correct what we want to preserve only
      Others we simply allowe to rot and we do not waste time on those
      Thank you and regards

  • 0
    0

    Mr. Thennekon: Now, they do it in the open. That anyone inquisitive can catch it. both the PResident and PM are silent. PM says I am not the president. PResident says Ranil doe snot let me do anything. where is Team effort. See how many ministers are openly steal. See Rosie, since the day she came what we hear is Money money money. Finally we heard that house owned by Wijayapala Mendis is now her OFfcial home when her home is just a few miles away and she needs 57 lakhs to reapr it when the owner says that house is fine. It is like foxes jumped into a chicken coup. the system is buit for them. It looks they changed the system since 1948 to steal. Ministers of the all three factions have stolen and looking for opportunities to steal. Daya Jayasekara says he was just a provincial council member. Now he is going to fight the first general election as a parliamentary member his check of Rs One million received from PTL was caught. HE is not happy.

  • 0
    0

    The need is completely new system without corruption free. The parliamentary privilages laws, party constitutions, a proper 19th amendment should be in place. I heard since MRs B times, CJ is influenced by the PM or the president.

  • 0
    0

    අපරාධ යනු නීතිය මගින් දඩුවම් ලෑබිය ක්‍රියාවක් හෝ අතපසුවීමකි.. …මෙහිදි මිනීමෑරුම්…ස්ත්‍රී දූෂණ…වංචා …මූල්යමය වංචා…. ආදිය පමණක් නොව වගවීම් සහ වගකීම්ද අපරාධ ගණයට වෑටේ… වගවීම සහ වගකීම ගණයට ….දන්නේ නෑහෑ…දෑක්කේ නෑහෑ… සහ නොදන්නා.. නොදෑක්කා වාගේ සිටීමද ….ගත යුතු ක්‍රියා මාර්ග නොගෙන සිතාමතා පෑහෑර හෑරීම තුලින් ඈතිවන හානි අපරාධ ගණයට වෑටේ..

    මෙහිදි අගමෑති තුමා විසින් මහ බෑංකුවට පත් කල අධිපති විසින් රජයට ඈති කරනා ලද මූල්යමය පාඩුව ගෑන සදහන් කරමින් එහි වගකීම අගමෑතිතුමා දෑරිය යුතුයි කියමින් ඔහුට චෝදනා නගයි.. ඈත්ත රටේ ප්‍රධාන පුරවෑසියෙකු ඒවා ගෑන ක්‍රියාත්මකවීම සිතාමතා පෑහෑර හරින්නේ නම් ඔහු කරන්නේ අපරාධයකි.. කාලය විසින් බොහෝ දෑ සගවනු බෑවිනි..

    ඒ හා සමානව එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝටාබය රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුල ඔහු යටතේ පෑවෑති හමුදා විසින් ඉතා දරුණු ගණයේ අපරාධ සිදු කලා…ඉතා ආසන්නතම සිද්ධිය නම් බන්ධනාගාර රෑදෑවියන් 27 දෙනෙකු ඝාතනයයි.. එහිදී ඔහු ඒ ගෑන නොදන්නා බව ප්‍රකාශ කලා ..නුමුත් ඈසින් දුටුවන් කියා සිටියේ එම හමුදා පසුදින උදෑසනද බොරෑල්ල කෑම්බල් පිටියේ හමුදාව ගාල් කර සිටිය බවයි…දෑන් එතෑනදී අපරාධයක් සිදුවී නොමෑති ද..? ආරක්ෂක ලේකම් වගකිව සහ වගවිය යුතු නෑත්ද..? මොකෝ හමුදාව සිටියේ ඔහු හා ඔහුගේ ජනාධිපති සහෝදරයා යටතේයි..ඈයි ඒගෑන ඔබ හෝ පුද්ගලික රූපවාහිනි නාලිකා සාකච්ජා වෑඩ සටහන් තුල ඒ අපරාධය ගෑන කිසිවෙක් හඩ නොනගන්නේ..? ..

    ඒවා ඔබේ ඈසින් හෝ මනසින් අපරාධ ලෙස දකින්නේද නෑතිනම් අනාගත පුද්ගලික වාසි බලාපොරොත්තුව නොදෑක්කා සේ සිටින්නේද? එසේ නෑතිනම් ඔබ මූල්ය අංශයේ සේවය කල අයෙකු බෑවින් මූල්ය වංචා පමණක් අපරාධ සේ ඔබ දකින්නේද..?

    මනුශ්ය ස්වභාවය අනුව සියල්ලෝම මුදල් වංචා කරයි…එය සාපාරාධි නීතිය යටතට දඩුවම් දීමට ඈතුලත් වූයේ සිදුවන වංචාවේ පරිමාවේ විශාලත්වය නිසාවෙනි……කෙසේ හෝ මුදල් උපයා ගත හෑකියි…. නුමුත් මනුශ්ය ජීවිතයක් එසේද..? විනාශ කල පසු කෙදිනකවත් මියගිය පුද්ගලයා නෑවෑත නොලෑබේ… එයින් ජීවත් වන්නන්ට ඈතිවන පීඩාවන් ඉමහත්ය….එවිට එම ක්‍රියාව සිදුකල හමුදාවන් භාරව සිටි පුද්ගලයා එයට වගවිය සහ වගකිව යුතු නේද..?

    මෙතෑනදී තියෙන්නේ නීතියට වඩා හර්ද ශාක්ෂිය පිලිබද ගෑටෑලුවකි…. එවන් පුද්ගලයෙකුට රටේ මුල්පුටුව හෑබෑවීමට ආරධනා කිරීමට සෑදි පෑහෑදී සිටින්නෙක්ද..?

    • 0
      0

      Lion
      Not at all
      I do not want to attribute relativity to crime
      We need not debate on the past crimes
      People who were given a mandate to charge them should b castigated for not doing so
      Rusiri

  • 0
    0

    Mr. Thennekon: as I heard this happened during the night/day of NAVARATHI. Thilanga sumathipala had said, probably to Ranil, I was asked whether you need money from Bonds scam. fortunately I said NO. Ranil had said. I know you got money and how much you got and someone from Jaffna told me..This came from Ranil’s mouth.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.