Colombo Telegraph

‘බලන් කඩ තුරා හැර දෑසේ’ – කසල ව්‍යාපෘති පිටුපස ‘ජරාව’ කන්දරාවකි

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

අද අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විෂයය ඉතා බරපතල අන්දමින් සාකචඡාවට භාජනය වී පවත්නා මාතෘකාවකි. එය වටා ගොඩ නැගී පවතින මත ගැටුම්, විවාද, විවේචන හා අර්බුද රැුසකි. ප‍්‍රශ්නය අමානුෂික මට්ටමකට පත්කරමින් විශාල කුණු කන්දක් අවට පදිංචිකරුවන්ගේ නිවාස මතට කඩා වැටී සියයකට අධික මිනිස් ජීවිත හානියක් ඇති කළේ මීට වසර දෙකකටත් අඩු ආසන්නතම කාලයකදීය.

එම අතිශයින්ම ශෝකජනක හා අවාසනාවන්ත සිද්ධියත් සමගම මෙම කාරණය දෙසට සමාජයේ සියලූ කොටස් වලම දැඩි අවධානයක් යොමු වූ බව පෙනී ගියේ ය. වහ වහා යෝජනා රැුසක්ම ඉදිරිපත් විය. විවිධ චෝදනා සහ පහර ගැසීම් අතරේම ක්ෂණික විකල්ප පිළියම් දෙසටද සැලකිල්ල යොමු විය. එහෙත් ඒවා සම්බන්ධයෙන් ජනිත වූ වේග ශක්තිය අද මන්දනයක් බවට පත් වී ඇත. කොලොන්නාවේ ඛේදවාචකය ඉතිහාසයට එක්වන තවත් එක් පරිච්ෙඡ්දයක් පමණක් විය හැකිද? ප‍්‍රශ්නය පෙර පැවති තත්ත්වයටම යළිත් පත්වී ඝනීභවනය වීමේ ප‍්‍රවණතාවයක් ද පවතී. එනිසාම මෙම ගැටළුව දෙස සාධනීය ඇසකින් බැලීමේ වැදගත්කමක් ඉස්මතු වේ. ඉදිරිපත් වී තිබෙන විවිධ යෝජනාද දිගු ගැබ්දැරීමේ කාල පරිච්ෙඡ්ද වලට ඇදෙමින් තිබෙන බව පෙනී යන නිසා එම විමසීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්වී ඇත.

මෙහිදී අපට පෙනීයන ප‍්‍රධාන සාධක දෙකක් ඇත. මහා පරිමාණ විසඳුම් ව්‍යාපෘති සඳහා විශාල ප‍්‍රමාණයේ ආයෝජන තිබිය යුතුය. අපට එබඳු මුදල් වැය කිරීමේ ශක්තිය අඩුය. එනිසා ණය සහනාධාර දෙසට ඉමේබ යොමු වීමට සිදු වේ. පවතින ගෝලීය සංකල්පයන් අනුව පරිසරය සම්බන්ධයෙන් වන අවධානය ඉතා ඉහල මට්ටමක පවතී. නගරයෙන් දුර බැහැර ස්ථානයකට කසල රැුගෙන යාම සඳහා යෝජනා වන විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙම පාරිසරික බලපෑම් සහ පරිසරවේදීන්ගේ මැදිහත්වීම් ඉතා තදබල ලෙසින් අදාල වී තිබේ. මෙයට උදාහරණයක් වශයෙන් දැනට යෝජිතව සලකා බැලෙමින් පවතින කසල හා අපද්‍රව්‍ය පුත්තලම ප‍්‍රදේශයට රැුගෙන යාම සම්බන්ධයෙන් උද්ගත වන පාරිසරික සැලකිල්ල තුලින් යමක් පෙන්වා දිය හැකිය. ජාත්‍යන්තර සංවිධාන මෙම කාරණයේදී මතු කරන විවිධ දේ අතර කුණු බැහැර කිරීම නිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දෙන ගෙම්බන්, කටුස්සන් ගැන සැලකිල්ලක් දැක්වීම පෙන්වා දිය හැකිය. එබඳු පාරිසරික ගැටළු නිසා කසල බැහැර කිරීමේ ව්‍යාපෘතියට ආධාර කිරීම ප‍්‍රශ්නයක් ලෙස ඉදිරිපත් වී ඇති බවක්ද දැන ගන්නට ඇත.

තවත් පැත්තකින් එල්ලවන තර්ජනයක් ද ඇත. එයද මෙම ප‍්‍රශ්නය විසඳීමට බාධා පමුණුවන සාධකයකි. කසල හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපාරය පිටුපස කලක් සිට රසැති මස් වැදලි ගිල දමමින් සිටින ගිජුලිහිණියන් රැුසක්ම සිටී. ප‍්‍රශ්නයට විසඳීමක් ලැබීම ඔවුන්ගේ උදර පෝෂණයට බාධාවක් බැවින් පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම ඔවුන්ගේ අභිලාෂය වී ඇත. ඒ සඳහා කල හැකි සෑම දෙයක්ම කිරීමට මෙම මාෆියාව පසුබට නොවනු ඇත. ප‍්‍රශ්නය නොවිසඳී තිබීම ඔවුන්ගේ ගසාකෑම ස්ථාවර කර ගැනීමකි. විසඳුම් දිග්ගැස්සීමද ඔවුනට වාසිදායකය.

මෙම සාධක ඇසුරින් කසල කඳු දෙස බැලීමේදී ඒවා පිටුපසින් ගොඩ නැගෙන ජරාව කන්දරාව හොඳින්ම දැකගත හැකිය. කසල ප‍්‍රශ්නය උග‍්‍රවන තරමටම දූෂිතයන්ගේ අවිධිමත් හා අප‍්‍රසන්න කොල්ලකෑම්ද වර්ධනය වන්නේය. මෙම කණගාටුදායක චිත‍්‍රය ක්ෂිතිජය දක්වා දිගුවී පවතී. ඉහල තැන්වල අය වංචාවට හා දූෂණයට යටවීම නිසා සෞඛ්‍ය, පරිසරය, පිරිසිදුකම වැනි ශිෂ්ට සම්පන්න මානව දිවියකට අවශ්‍ය මූලික සාධක කොතරම් දුරකට යටපත් වී පවතින්නේද යන කාරණය ජනතාව අවිනිශ්චිතභාවයකට පත්කර ඇත.

කොළඹ නගරයේ හා තදාසන්න ප‍්‍රදේශ ආශ‍්‍රිතව කසල බැහැර කිරීමේ ක‍්‍රියාවලිය කොළඹ නගර සභාවට අයත් භූමිකාවක් ලෙසින් පිළිගැනේ. එනිසා මෙම කාරණය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ ඇලලීම අතිශයින්ම වැදගත්කමක් උසුලයි. කිසිවකුටත් චෝදනා එල්ල නොකරමින් සත්‍ය තත්ත්වය තහවුරු කර ගැනීම අවශ්‍ය වී තිබේ. එයට අදාලවන සංඛ්‍යාලේඛන හා තොරතුරු කීපයක් දෙස අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

ඉතිහාසගත කරුණු

2010 ජුනි මස 22 වන දින එවකට බලයේ සිටි පළාත් පාලන මහ ඇමති නගර සභාව විසුරුවා හැරීමට තීරණය කළේය. ජුනි මස 23 වන දින විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරමින් නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වරයෙකුගේ භාරයට පත් කළේය. එදා නගර සභාව විසුරුවා හැරීමට මුල් වූ වෙනත් චෝදනා හා අවිධිමත් ක‍්‍රියා අතර ප‍්‍රධාන කාරණයක් වූයේ 2007 වසරේදී නගරයේ ප‍්‍රදේශ දෙකක ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම ටෙන්ඩර් පටිපාටියකින් හා නගර සභා අනුමැතියකින් තොරව සී/ස කෙයාර් ක්ලීන් පුද්ගලික සමාගම නම් වූ ආයතනයකට ප‍්‍රදානය කිරීමයි. ඉතිහාසය පුරාම මෙම කසල ප‍්‍රශ්නය විවිධ ආකාරයට වෛශ්‍යාකරණයට භාජනය වී තිබීම මෙයින් පැහැදිලි වේ. නැවත නගර සභා ඡුන්දයක් පැවැත්වූයේ 2011 දීය. එම වාරයේ නගර සභා නිල කාලය අවසන් වීමට නියමිතව තිබු 2015 දී බලයේ සිටි රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් නගර සභා නිල කාලය 2016 ජුනි 30 දක්වා දීර්ඝ කරන ලදි. එම දිනයෙන් නිල කාලය අවසන් වී නගර සභාව විසිර ගිය අතර එතැන් පටන් ඊළඟ ඡුන්දය පැවැත්වූ 2018 පෙබරවාරි දක්වා නගර සභාවේ කටයුතු පාලනය වූයේ පත්කරන ලද විශේෂ කොමසාරිස්වරයෙක් යටතේ ය.

මෙම කාලවකවානු පිළිබඳව විස්තර වශයෙන් සඳහන් කිරීම අවශ්‍ය වන්නේ මෙම ලිපියෙන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වලට එම පාලන කාලවලදී කටයුතු මෙහෙයවූ අය පිට පැවරෙන වගකීම අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා ය.
කසල ටොන් එකක් බැහැර කිරීම සඳහා මුළු පිරිවැය ගණනය කිරමේදී, කසල එක්රැුස් කිරීම සඳහා වන පිරිවැය, ඒ සඳහා නගර සභාව වැය කරන ඉන්ධන ගාස්තු, වසරකට එක්රැුස්වන කසල ටොන් ප‍්‍රමාණයේ සාමාන්‍යය, කසල බැහැර කරන ස්ථාන කුලිය යන සියළු කාරණා අදාල වේ.

මේ එක් එක් කාරණයට අදාල සත්‍ය සංඛ්‍යා ලේඛන දෙස විමසුම් ඇසකින් බලමින් අවබෝධ කර ගැනීමේ පහසුව පිණිස සරල වගුවක් මගින් පෙන්නුම් කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

1. කසල රැුස්කිරීම සඳහා වියදම (2009 සිට 2016 දක්වා) – වගුව අංක I

2. කසල රැුස් කිරීම සඳහා නගර සභාවේ ඉන්ධන පිරිවැය – වගුව අංක II

අවුරුද්ද​            2009         2010       2011        2012         2013        2014       2015         2016

රුපියල මිලියන    54             67           71             89            108          96           77              81

3. ඒ අනුව කසල රැුස් කිරීමේ මුළු පිරිවැය – වගුව අංක III

4. කසල ටොන් එකක් රැුස් කිරීමේ සාමාන්‍ය පිරිවැය – වගුව අංක IV

අවුරුද්ද​                      2009         2010        2011      2012       2013       2014         2015            2016

රුපියල මිලියන            1832        2115         2228      2680       3188       3256         3744            5015

5. කසල බැහැර කරන ස්ථානයට අදාල වියදම – වගුව අංක V

6. කසල බැහැර කිරීම සඳහා ටොන් එකක සාමාන්‍ය පිරිවැය – වගුව අංක VI

7. කසල කළමණාකරණය සඳහා නගර සභාව විසින් කුලී පදනම මත යොදවා බැකෝ යන්ත‍්‍ර සඳහා ගෙවන ගාස්තු – වගුව අංක VII

මෙම සංඛ්‍යා ලේඛනවලට අදාලව විමසුම් ඇසකින් බැලිය යුතු අදාල කරණාද මෙහි සඳහන් කිරීම වැදගත් යයි සිතමි.

2009 වසර දක්වා කසල බැහැර කිරීමේ ගාස්තු ගෙවමින් සියලූ කසල බ්ලූමැන්ඩල් බැහැර කරන ස්ථානයට යවා ඇත.

2009 සිට 2016 දක්වා කසල බැහැර කර ඇත්තේ මීතොටමුල්ල කසල බැහැර කරන ස්ථානයටය. එම බැහැර කිරීම සඳහා කොළඹ නගර සභාව කිසිම ගෙවීමක් කර නැත. නගර සභාවට දැරීමට සිදු වූ එකම වියදම වූයේ මීතොටමුල්ල කසල රැුස් කරන ස්ථානය නඩත්තු කිරීමේ පිරිවැය පමණකි.

2012 වසරේදී මාස 6 ක කාලයක් සඳහා පැය 8 ටේ දිනකට ඞීසල් ලීටර් 200 බැගින් සපයා දෙමින් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුල්ඩෝසර් රථ 3ක් යොදවා තිබී ඇත.

2013 දක්වාම දිනක කසල ප‍්‍රමාණය සාමාන්‍ය වශයෙන් ටොන් 700 ක් හැටියට ගණන් බලා තිබුණද 2014 සිට එය දිනකට ටොන් 800 ක් වශයෙන් වැඩි වීමක් පෙන්නුම් කරයි.

මෙම මහා දැවැන්ත ව්‍යාපෘතිය පිටුපස කසල් රැුස් කරන්නන්, කසල ප‍්‍රවාහනය කරන්නන්, ඉන්ධන සැපයුම් කරුවන්, බැහැර කිරීමට ඉඩකඩ ලබා දෙන්නන්, Excavators – Bull Dozers කුලියට දෙන්නන්, විෂයට අනුබද්ධ වී සිටින නිලධාරීන් හා නාගරික මන්ත‍්‍රීවරුන්, දේශපාලන බලධාරීන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන් ඇතුළු සමාජ කණ්ඩායම් රැුසක්ම ඇත. ඒ සෑම ස්ථරයක්ම තම තමාගේ වපසරිය ඇතුලත යහපත් හා අයහපත් ලෙසින් තම තමන්ගේ බල පරාක‍්‍රමය යෙදවීම සිදුකර ඇත. යහපත් ලෙස කටයුතු කළ අය ස්වර්ග ගාමී වීමද සෙසු අය අපාය ගාමී වීමද අපේක්ෂා කළ හැක. ඒ අතර සාපරාධී ලෙසින් මෙම ක‍්‍රියාවලියට දායක වන කිසිවෙක් වේ නම් ඵබඳු අයට දිට්ඨධම්ම වේදනීය කම– විපාකය පටිසන් දෙමින් මෙලොවදීම කිසියම් අවස්ථාවකදී අපාගත වීම හා සමාන දුක් වලට භාජනය වීමටද සිදුවනු ඇත.

අද මෙම කසල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් එළඹෙන ඕනෑම තීරණයකදී අදාල දත්ත, සංඛ්‍යාලේඛන හා තොරතුරු දැඩි අවධානයකට යොමු කිරීම අතිශයින්ම වැදගත් කාරණයක් වී ඇත. කසල බැහැර කිරීමට සම්බන්ධවන ඕනෑම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයකට ගෙවීමට අනුමත කරන ගාස්තු, කුලී හෝ වෙනත් වියදම් සාධාරණ හා පිළිගත හැකි අයුරින් නිගමනය කර තීරණය කළ යුතුව ඇත. ඒවා තාවකාලික හෝ දීර්ඝ කාලයන් හැටියට වෙනස් ලෙසින් සලකා බැලීම සාවද්‍ය ක‍්‍රියාවකි. රාජ්‍ය ආයතනයකට වේවා කිසියම් ගෙවීමක් තීරණය කර එකඟ වූ විට එය අනාගතයට බලපවත්නා මිණුම් ලකුණක් බවට පත්වෙනු ඇත. තීරණ ගැනීමේදී බලධාරීන් සැලකිල්ලට ගත යුතු ප‍්‍රධානම කාරණය වන්නේ වැය කරන සෑම මුදලක්ම කොළඹ නගරයේ ජනතාවගේ බදු මුදල් වලින් ගෙවන එ්වා බවත් එම පිරිවැය වෙනත් ජනතා ශුභ සිද්ධියකට ඉවහල් වන යෝජනා ක‍්‍රමවලට යෙදවීම සීමා කරන බවත් සිහියේ තබා ගත යුතුය.

දැනට මෙම ප‍්‍රශ්නය තවත් ගැටළුකාරි අදියරකට පත්වී තිබෙන්නේ කසල බැහැර කිරිම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරිම් හා සංවර්ධනය කිරිමේ සංස්ථාවට කසල බැහැර කිරිමේ ගාස්තුව වශයෙන් ටොන් ඵකකට රැුපියල් 5,000ක් බැගින් ගෙවන ලෙසට ඉල්ලිමක් ලැබී ඇති නිසාය. දැනට නගර සභාවේ ඵම පිරිවැය ටොන් ඵකකට රැුපියල් 1,050ක් දක්වා වැඞී වී තිබියදි මේසා විශාල ප‍්‍රමාණයකට වැඞීවීම දරාගත නොහැකි තරමේ පිරිවැයකි.

ගෙවිම කරනු ලබන්නේ රාජ්‍ය​ සංස්ථාවකට වුවද ඵය නගර සභා අරමුදල් වලට බරපතල දැරිය නොහැකි තත්වයක් උදා කරනු ඇත. නගර සභාවේ බදු ගෙවන පුරවැසියන්ටත් ඉතා දිළිඳු මට්ටමින් දිවි ගෙවන විශාල සංඛ්‍යාවක් වු පැල්පත් වාසීන් ඇතුළු දුප්පත් නගර වාසීනටත් නගර සභාව විසින් සලාසා දිය යුතු සේවාවට මෙම අතිරේක පිරිවැය මගින් ප‍්‍රබල තර්ඡනයක් ඵල්ල වනු ඇත.

ඵබැවින් ඉහල මට්ටමේ මැදිහත් විමකින් රාජ්‍ය ආයතන අතර ප‍්‍රශ්ණයක්ව පවතින මෙම ගැටළුව විසදා ගත යුතුය. මොනම හෙතුවක් නිසා වුවද ඵය පොදුවේ ඡුනතාවට සහ නගර වාසීන්ට අහිත කර ප‍්‍රථීපල ගෙන දෙන්නක් නොවිය යුතුය.

Back to Home page