Colombo Telegraph

දේශපාලන සංක්‍රාන්තිය

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

මෙවර සිංහල අවුරුදු සංක්‍රාන්ති සමය ගෙවී ගියේ රට තුළ විශාල දේශපාලන ප‍්‍රශ්න උත්සන්න වී තිබියදී ය. රටේ අනාගතය තීරණය වන බොහෝ දේ තවමත් අවිනිශ්චිතම පවතී. නැකැත් සංක්‍රාන්තිය ගෙවී නව අවුරුද්දක් උදා වූ නමුත් දේශපාලන ලෝකයේ සංක්‍රාන්තිමය තත්ත්වය තවමත් දිග් ගැස්සෙමින් පවතී. බැලූ බැල්මට ක්ෂිතිජය දක්වා දිග ඇදෙමින් පවතින ව්‍යාකූලත්වය කවදා නිමාවක් දකීදැයි සිතා ගැනීම පවා අපහසු වී ඇත.

සෑම ප‍්‍රශ්නයකටම හේතුවක් ආරම්භයක් මෙන්ම විසඳුමක් ද තිබිය යුතුය. මේ අප ගතකරන්නේ සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් සතියයි. බුදු දහම ලොවම පිළිගත් හේතු ධර්ම ශාස්ත‍්‍රයකි. දර්ශනයකි. එනිසා දහම තුළ පවතින ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම දෙසට මේ උතුම් කාල වකවානුව තුළදී ප‍්‍රවේශයක් ගැනීම ඉතා කාලෝචිත බැව් සිතමු.

බුදුන්ගේ ධර්මය​ දර්ශනවාදයකට වඩා ආචාරධර්මී විද්‍යාවක් ලෙසින් වැඩි දෙනෙක් සලකනු ලැබේ. බුද්ධෝත්පත්තියට කලින් ඉන්දියාවේ ආචාර ධර්ම පදනම් වූ ඉගැන්වීම් නොතිබුණා නොවේ. එහෙත් ඒ සඳහා ධර්ම ශාස්ත‍්‍රයක් වශයෙන් ක‍්‍රමවත් ව්‍යවස්ථික බවක් නොපැවතුණි. බුදුන් වහන්සේ මෙම ඌණතාවය ඉවත් කරමින් හඳුන්වා දුන් ධර්මය​ අවසානයේ දී දර්ශනවාදයකටත් වඩා ආචාරධර්ම විද්‍යාවක් ලෙසින් පිළිගැන්මකට භාජනය විය. එය සෑම අතින්ම පරිපූර්ණ වූ ධර්මයක් විය. ලෝකයේ පැවති ආචාර ධර්ම පදනම් වූ ඉගැන්වීම් බොදු යතිවරුන්ගේ විග‍්‍රහයන් වලදී කාණ්ඩ 3 ක් යටතට ගොනුකර පෙන්වා දී ඇත.

01. බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේගේ දේශනාතුළ අඩංගු හරයක් වූයේ අනර්ථය හා නපුර නැති කිරීමට යහපත් ප‍්‍රත්යුපකාර දැක්වීම, දුසිරිත හා පාපය සදාචාරය හා යහපත්කම තුළින් තුරන් කිරිම. ඒ සඳහා අවශ්‍ය යහපත්කම හා සද්ගුණය එදිරිවාදීකම වෙනුවට මිත‍්‍රත්වය තුළින් වර්ධනය කර ගැනීම සහ ජනයාට සීමාවලින් තොර වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසක් ලබා දීමය.

02. මැකියාවෙලි ඇතුළු සමාජ දේශපාලන දර්ශනවාදීන්ගේ දැක්ම වූයේ දුසිරිත හා අනර්ථය බලහත්කාරයෙන් යටපත් කිරීම. සදාචාරය බලතල තුළින්ම ඇති කර ගැනීම. ශක්තිමත් එහෙත් හිතකාමී වංශවතුන්ගේ පාලනයක් ජනතාව වෙනුවෙන් ඇති කිරීමයි.

03. සොක‍්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වැනි මානව දාර්ශනිකයන්ගේ දැක්ම වූයේ සදාචාරය හා යහපත්කම බුද්ධිය හා උගත්කම තුළින් ඇතිකර ගැනීම සහ ජනතාව වෙනුවෙන් ප‍්‍රභූත්වය/රදලපන්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මිශ‍්‍රණයකින් යුත් පාලන ක‍්‍රමයක් තිබිය යුතු බවය.

මෙම දෙවන සහ තුන්වන දැක්මවල් ජනතාවගේ බහුතරයකට යහපත සැලසීමට නොගැළපෙන ක‍්‍රමවේද බවට ඔප්පු වී ඇත. එම දර්ශන පදනම් වූ පාලන යුග අභව්‍ය ලෙසින් අසාර්ථකත්වයට පත් වී හමාර ය.

ගත වූ සියවස තුළ අප විසින් ලොව පුරා අත්දකිමින් පවතින තත්ත්වයන් අනුව වඩ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට නැබුරු වීමේ ප‍්‍රවණතාවයක් මෙන්ම, පිළිගැනීමක්ද ඇතිවෙමින් පවතින බව පැහැදිලි වී ඇත. බලයේ බලයෙන් රැුඳී සිටීම ප‍්‍රතික්ෂේප කෙරෙන සහ වඩාත් මානව හිතවාදී පාලන ක‍්‍රම දෙසට නැඹුරු වීම අද සමාජයේ පොදු දැක්ම වෙමින් පවතී.

බුදු දහම පදනම් වී ඇත්තේ සත්‍ය බවට පිළිගත් කරුණු හතරක් පදනම් කරගෙනය. දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය එම පදනමය. මෙම සත්‍යය වටහා ගැනීම තුළ මූලික ලක්ෂණය වී ඇත්තේ කිසියම් හෝ දෙයක හේතුව සොයා ගැනීම පිළිබඳ වැදගත් කමයි. එනිසා බුදු දහම අනුව උද්ගත වී පවතින ඕනෑම තත්ත්වයකට හේතු වූ කාරණයට අවතීර්ණ වීමකින් තොරව විසඳුමක් කරා ලඟා විය නොහැකි බව අපට පිළිගැනීමට සිදුවන සත්‍යයකි. එය ලෝකෝත්තර මෙන්ම ලෞකික කාරණා කෙරෙහි ද එක සේ අදාල වන ධර්මතාවයකි. කල් දැමීම, මඟහැරීම, වංචනික ලෙස යටපත් කිරීම වැනි සියලූ උපක‍්‍රම, කිසිම ප‍්‍රශ්නයකට විසඳුමක් ගෙන එ්මට සමත් නොවනු ඇත. එය හුදු ආත්ම වංචාවක් පමණක් වනු ඇත. ලෙඩකට නියමිත බෙහෙත නොගෙන සුවයක් ලබා ගැනීමට උත්සාහ දැරීම එය උත්සන්න කිරීමට හේතුවක් වන්නේ ය. තණ්හාව – බල කාමය – ජනතා සේවයට කැප වූ සියලූදෙනා විසින්ම තුරන් කර ගත යුතු බරපතල ගණයේ අඩුපාඩු බව සිහිපත් කරගත යුතුය. යමෙක එල්ලී සිටීමට කිසිවෙකු දරණ උත්සාහය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය ඉක්මවා නොයා යුතුය. එමගින් තාවකාලිකව කිසියම් අම්බලමකට ලඟාවීමට හැකි වුවද දිග ගමනකට එවැනි ජනමත පිටුදැකීම් කිසිම ආකාරයකින්වත් විසඳුම් ලබා නොදෙනු ඇත. යමෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උපක‍්‍රමයෙන් යටපත් කරගෙන, බලය රැුක ගැනීමට කටයුතු කරන්නේ නම් එය යම් දිනක ඔහු ඉවත් කිරීම සඳහා ජනතාව තුළ ගොඩනැගෙන බලවේගයක් ද වන බව අමතක නොකළ යුතු ය.

බුදුන් වහන්සේගේ සංවිධාන හා ප‍්‍රචාරණ බලය සදාකාලික ලෙසින් ජන සමාජය අගය කරමින් පිළිගැනීමට භාජනය වී ඇත. බුදුන් වහන්සේ ධුරානුක‍්‍රමය තරයේ ප‍්‍රතික්ෂේප කළ අතර, ආගමික සංවිධාන වලට නායකයින් නම් කිරීම තරයේ ම ප‍්‍රතික්ෂේප කළෝය. බුදුන් වහන්සේ සෘජු ලෙසින් උග‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වූ අතර උන්වහන්සේගේ දේශනාව වූයේ, තමන් වහන්සේගේ නිර්වාණ ගාමීත්වයෙන් පසුව ධර්මය හා විනය ගුරුකොට ගත යුතු බවය. උන්වහන්සේ අනුප‍්‍රාප්තිකයෙක් නම් කිරීමෙන් වැළකී සිටියෝ ය. මහා සංඝයා සතු වගකීම් හා ක‍්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා සෑම භික්ෂු කණ්ඩායමක් ම සිය නායකයා තෝරා ගැනීමේ නිදහස උන්වහන්සේ විනය නිතියක් ලෙසින් හඳුන්වා දුන් සේක.

පැවිද්දන් පිළිබඳ වූ සෑම සමයානුකූල කටයුත්තක්ම භික්ෂූන් වහන්සේලාගේ නිකායක් විසින්ම කළ යුතු බවත් තනිව හා පුද්ගලිකව නොකළ යුතු බවත් උන්වහන්සේ දේශනා කළහ. උන්වහන්සේ මෙම දේශනයේදී සඳහන් කර ඇති තවත් එක් කාරණයක් වූයේ පුද්ගලයෙක් හැටියට එ් භික්ෂුන් වහන්සේ කොතරම් උත්තරීතර අධ්‍යාත්මික තත්ත්වයකට පත්ව සිටියද තනිව තීරණ ගැනීමක් නොකළ යුතු බවය.

උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය, වසර දහස් ගණනක් තිස්සේ ස්වාර්ථය ගැන නොසලකන අවිචින්න​ භික්ෂු පරම්පරාවක් සහිත බොදු සංවිධානයක් සංස්ථාපනය වී පැවතීමට හේතුවීඇත. ඉන්දීය සමාජය තුල ඓතිහාසික වැදගත්කමක් සහිත, තක්ෂලා, මධුරා, නාලන්දා, වික‍්‍රමශිලා සහ අමරාවතී වැනි දැවැන්ත විද්වත් පර්ශද, විද්‍යාපීඨද බිහි වූයේ උන්වහන්සේගේ මෙම දර්ශනය පදනම් කරගත් නිසා ය.

මේ ශ්‍රේෂඨ වෙසඟ පෝ සතියේ දී, එම ගුණාංග සහ ධර්ම දේශනා සිහිපත් කර ගනිමු. බුදු බව ලැබීමට උන්වහන්සේට දස බිම්බරක් මාර සෙනග පරාජය කිරීමට සිදු විය. තණ්හා, රති, රඟා යටපත් කර දැමීමටසිදු විය. බුද්ධත්වය ලැබීමෙන්පසුව නිහතමානීව කෙළෙහි ගුණ දැක්වීමට සිදු විය. දෙව්දත්ලා, අජාසත්ලා පණ පිටින් මිහිදන් වන තෙක්ම ඔවුන්ගේ අතවර විඳීමට සිදු විය. නොදැරිය යුතු තත්ත්වයන් මඟ හැරීමට වනගත වීමට සිදු විය. දෙවියන්, බ‍්‍රහ්මයන් කිසිවෙකුටත් නොතිබුණ ශක්තියක් හා බලයක් තිබුණද, අල්පේච්ඡුව සසුන් කාය ර්‍්‍යභාරය තුලින් ජනයා සුඛිත මුදිත කිරීමට පිරිනිවන් පාන තෙක්ම කැප වී සිටියහ.

අපි ඒ දහම ඉත සිතින් මෙනෙහි කරමු. ගුණ ධර්මය රකිමු. ජනතා ශුභ සිද්ධිය ලඟාකර ගැනීම සහ ඉටුකර දීම, බලයේ රැුඳී සිටීමට වඩා වැදගත් ලෙසින් සලකමු.

දුෂ්ට බලවේගයන් මෛත‍්‍රියෙන් යටපත් කරමු.

සැමට ශුභ වෙසක් මගුලක් වේවා !

Back to Home page