Colombo Telegraph

වාරණයේ රටා: ගෝඨාභය රාජපක්ෂ ගැන කතා බැහැ?

එස්. රත්නජීවන් එච්. හූල්

මහාචාර්ය එස්. රත්නජීවන් එච්. හූල්

‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට නිතිපතා ලියන තීරු රචකයෙකු වශයෙන්, එම පුවත්පතේ කතුවරිය ගෝඨාභය රාජපක්ෂ ගැන දක්වන ඉමහත් බිය මම දැක්කෙමි. ඔහු ගැන මොනම විවේචනාත්මක අදහසක් වුව, එය අපහාස නඩුවකට නිමිති නොවන්නක් වුව, ඇය කපා දමයි. එවැනි කපා හැරීම් නොවන්නට විවේචනාත්මක ලිපි විය හැකිව ඇති එම ලියවිලි, ලේඛකයාගේ නිදහස් අදහස්වල ප‍්‍රකාශනයක් බවට සාමාන්‍ය පාඨකයා තුළ හැඟීමක් ඇති කරවයි. එහෙත් ඇත්ත තත්ත්වය කොහෙත්ම එය නොවේ. අපේ පුවත්පත් කතුවරුන්/කතුවරියන් අනුගමනය කරන මේ ස්වයං=වාරණය, මීට කලකට ඉහත අප අත්දැක ඇති නිර්ලජ්ජී වාරණයට වඩා නරක ය. එදා පත්තරයක, වාරණයට ලක්වන කොටස, කළු පාට හිස් අවකාශයක් වශයෙන් ඉතිරි කර තැබුණි. නැත්නම්, සුදු හිස් අවකාශයක, ‘වාරණයට ලක්වුණි’ යැයි මුද්‍රණය වුණි. එවිට, එම ලිපියේ කොටසක් වාරණය වී ඇති බව පාඨකයා දැනගන්නේය. දැන් මේ ස්වයං=වාරණය තුළ එවැනි සංඥාවක් නැති නිසා, මාධ්‍ය නිදහසක් ඇතැ යි පාඨකයා තුළ වැරදි හැඟීමක් ඇති කෙරෙන්නේය.

වෙනත් පුවත්පත්වලත් මේ ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ විවේචන නොඉවසන ගතියක් ඇති බවක් දැන් මට දැනගන්නට ලැබේ. එය පැහැදිලි කිරීම සඳහා, 2013 මාර්තු 02 වැනි සෙනසුරාදා දා ‘දි අයිලන්ඞ්‘ පුවත්පතේ ‘සොච්චමෙකුගේ සටහන් පොත’ මැයෙන් ශානී ලියූ තීරු ලිපිය පහත පළකරමි. පුවත්පතේ කතුවරයා විසින් කපා දමා ඇති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ කොටස යටින් ඉරි ඇඳ තද කළු අකුරින් සටහන් කොට තිබේ.
මානව හිමිකම් පිළිබඳ කාරණා පසෙකට දැමිය යුතු නැත:
ඒවා අප සියල්ලන්ටම බලපාන්නේය
සොච්චමෙකුගේ දිනපොත
ශානී විසිනි
කිසිවෙකු තමන්ගේම වන
කොදෙව්වක් නොවේ.
හැමකෙක්ම
මහද්වීපයක කොටසක්,
සමස්තයේ කොටසක්…
හැම මිනිසෙකුගේම මරණය
මාව හීන කරයි,
සමස්ත මනුෂ්‍යත්වයට මා
ගැටගැසී ඇති නිසා.
එනිසා,
සීනුව හැඩවෙන්නේ කා සඳහා දැ යි
නොබලන්න.
එය හැඩවෙන්නේ නුඹටයි.

ජෝන් ඩෝන් (1572=1631*
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැුස්වන හැම වතාවකමත්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන යම් ප‍්‍රකාශයක් නිකුත් කරන හැම වතාවකමත්, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රහාරක පන්නයකට මාරු වෙයි. මේ ප‍්‍රතිචාරය වනාහී, ‘හොඳම ආරක්ෂාව වන්නේ පහර දීම ය’ යන රීතියට අනුගත වීමකි. මානව හිමිකම් ආරක්ෂකයන් වෙත එල්ල කෙරෙන පුද්ගල බැණවැදීම්වලට සීමා වෙනවා මිස, මතු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිතා බැලීමකට කිසි ප‍්‍රයත්නයක් නොගැනේ. මේ හැසිරීමට ආවඩන්නන් සහ පන්දම්කාරයන් කරන්නේ ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ජාත්‍යන්තර ප‍්‍රජාවට සහ දේශීය මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි වියරුවෙන් දෙසාබෑම ය. මේ කිසිවෙකු, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිෂන් කාර්යාලය හෝ වෙනත් මානව හිමිකම් සංවිධාන මගින් නිකුත් කරනු ලබන වාර්තා කියවන්නට තරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. එබැවින්, එම වාර්තා පිළිබඳ ඔවුන්ගේ විවේචන දැනුවත් ඒවා නොවෙනවා සේම, පවතින ගැටළු නිරාකරණය කරගන්නවා වෙනුවට ඔවුන්ගේ මේ හැසිරීම අළුත් ගැටළු ඇති කිරීමට තුඩුදෙන බවක් පෙනේ. සාමාන්‍යයෙන් මහින්ද සමරසිංහ එවැනි ඔල්මාද ප‍්‍රතිචාර දක්වන්නෙකු නොවේ. දැනට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරය තුළ ඔහු කළ ඉදිරිපත් කිරීම ඔහුට තරම් නොවන බවක් පෙනී යන්නේ එබැවිනි.

මානව හිමිකම් යනු මේ රටේ සියලූ පුරවැසියන්ගේ සැලකිල්ලට ලක්විය යුතු ගැටළුවකි. අපේ රට සංවර්ධනය වීමට නම් සහ අපේ ජනතාව දැනුවත් පුරවැසියන් වීමට නම්, සිදුවී යැයි කියන සියළු මානව හිමිකම් උල්ලංඝනයන් ස්වාධීනව සහ අපක්ෂපාතීව විභාග කළ යුතුය. ආණ්ඩුවෙන්ම පත්කළ ‘උගත් පාඩම් සහ සංහිඳියා’ කොමිසමේ නිර්දේශය වුණේ ද එයයි. එම නිර්දේශය මත පදනම්ව ආණ්ඩුව ‘ජාතික කාර්ය සැලැස්මක්’ සකස් කෙළේය. ඇතැම් නිර්දේශ ගැන මේ සැලැස්ම තුළ කිසිවක් සඳහන් නොවෙතත්, ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ නිර්දේශ සම්බන්ධයෙන් පවා ආණ්ඩුව පැත්තෙන් ගෙන ඇත්තේ අවම උත්සාහයකි. එම කොමිසම, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමේ අවශ්‍යතාව තදින්ම අවධාරණය කෙළේය. ඒ ගැන එහි මෙසේ සඳහන් වෙයි: ‘‘ජාතීන් අතර අර්ථවත් සංහිඳියාවක් ඇති වීමට නම්, සාමය සහ ස්ථාවරත්වය සඳහා නැතිවම බැරි, ස්වාධීන අධිකරණයක් සහ නීතියේ ආධිපත්‍යයට තදින්ම යටත් පාරදෘෂ්‍ය නෛතික ක‍්‍රියාවලියක් අවශ්‍ය කරන්නේය.’’ එහෙත් ඊට ප‍්‍රතිපක්ෂව අපට දක්නට ලැබෙන්නේ, එක දිගටම දෙපැත්තෙන්ම උල්ලංඝනය කෙරෙන නෛතික ක‍්‍රියාවලියකි. මේ ගැන අළුත් හෙළිදරව් වීම් ද කරලියට පැමිණෙමින් තිබේ. ඒවා නොසලකා සිටීමට ආණ්ඩුවට පුලූවන් කමක් නැත. ආණ්ඩුවක් එසේ කළ යුත්තේ ද නැත.
මාතලේ සමූහ මිනී වළවල්

මෑතක දී මාතලෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි සහිත සමූහ මිනීවළවල් සැලකිල්ලට ගන්න. විද්‍යාඥයන් සහ වෝහාර විද්‍යාඥයන් කළ මූලික පරීක්ෂණවලින් අනතුරුව, මේවා දකුණේ දෙවැනි කැරැුල්ලට සම්බන්ධ ‘අපරාධ අඩවියක්’ බවට යෝජනා වී තිබේ. එහෙත් මෙය විභාග කළ යුතුව තිබේ. මේ සොයාගැනීම යට ගැසීමටත්, ඊට අදාළ පරීක්ෂණ නතර කිරීමටත් යම් උත්සාහයක් මෑතක දී ගැනුණි. විශේෂයෙන්, මෙහි දී යුද අපරාධ සිදුව ඇති බවට සැක කෙරෙන නිසාම, එවැනි උත්සාහයන් මැඩපවත්වමින්, ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතුව තිබේ.

හමු වී ඇති ඇටසැකිලි දකුණේ දෙවැනි කැරැුල්ලට සම්බන්ධ බවට වන මූලික පරීක්ෂණයේ නිගමන නිවැරදි යැයි පෙන්නුම් කෙරේ නම්, මේ පරීක්ෂණ දිගටම පවත්වාගෙන යෑම වඩාත් වැදගත් වන්නේය. සැකකාර කැරලිකරුවන්ට සහ අපරාධකරුවන්ට පවා නෛතික හිමිකම්වලට අයිතිය තිබේ. මොන තත්ත්වයක් යටතේවත් අනීතික ඝාතන පිළිගත නොහැක්කේය. මෙය, 1946 සිදුවූ භූමිකම්පාවක් තුළ වැළලී ගිය සිරුරු විය හැකි බවට එක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයෙකු යෝජනා කොට තිබේ. එහෙත් මේ කියන කාලයේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ එවැනි කිසිවක් වාර්තා වී නැත. කෙසේ වෙතත්, සෑම සැකයක්ම දුරු කර ගැනීම සඳහා, ස්වාධීන මණ්ඩලයක් මගින් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කෙරේ.

(පුවත්පතේ කතුවරයා අතින් වාරණයට ලක්ව ඇති ෙඡ්දය*

උතුරේ කැරැුල්ල කුඩුපට්ටම් කිරීම සඳහා සැපයූ ගෝඨාභය රාජපක්ෂගේ දායකත්වය ප‍්‍රශස්තියට නගමින්, ගිය වසරේ, දේශපාලන ලේඛක සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම, ‘ගෝඨාගේ යුද්ධය’ මැයෙන් පොතක් ලීවේය. ඒ හමුදා ජයග‍්‍රහණයේ ප‍්‍රධාන නිර්මාපකයා, එවක හමුදාපති සරත් පොන්සේකා බවට වන හැඟීම ඒ මගින් ව්‍යංගයෙන් අහක දැමුණි. එහෙත් මේ පොත ලියැවුණේ සහ ප‍්‍රකාශයට පත්වුණේ, මාතලේ සමූහ මිනීවළවල් සොයා ගැනීමට මත්තෙනි. ‘ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැුල්ල’ මැයෙන් එහි එන විසිඅට වැනි පරිච්ෙඡ්දයේ දී, කතුවරයා නොසිතන ආකාරයේ දිසාවකට යොමු විය හැකි අනපේක්ෂිත හෙලිදරව්වක් ඔහු අතින් කෙරී ඇත. 173 වැනි පිටුවේ ඔහු මෙසේ ලියයි: ‘‘1989 මැයි 1 වැනි දා, කර්නල් විමලරත්නව බි‍්‍රගේඩියර් තනතුරට උසස් කිරීමත් සමග ගෝඨාව ගජබා රෙජිමේන්තුවේ පළමු බලඇණියේ අණදෙන නිලධාරී තනතුරට පත්කරන ලදි. මේ උසස් වීමත් සමග, ඔහුව දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක නිලධාරියා වශයෙන් මාතලේට අනුයුක්ත කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණ පාලනය කිරීමේ රාජකාරිය භාරව ය. අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් ත‍්‍රිකුණාමලයේ සිටි ගජබා රෙජිමේන්තුවේ ප‍්‍රථම බලඇණිය මාතලේට ගෙන එන ලදි. ෂවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් සහ සුමේධ පෙරේරා වැනි ලූතිනන්වරු ඔහුගේ යටතේ මාතලේ සිටි ප‍්‍රධානීන් ය…. (පිටුව 177* ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැුල්ල අවසන් වන තෙක් මාතලේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා වුණේ ගෝඨා ය. 1990 ජනවාරි මාසයේ මාස තුනකට නිවාඩු ඉල්ලා සිටි ඔහු පවුල බැලීමට ඇමරිකාවට ගියේය.’’ මේ කරුණු සළකා බලන විට, රාජපක්ෂ හෝ වෙනත් ඕනෑම කෙනෙකු 1989 යුද අපරාධවලට සම්බන්ධයක් නැති අයවළුන් වශයෙන් හඳුනා ගැනීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම කොහොමත් වැදගත් වන්නේය. අද යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන්ම එදා මාතලේ භාරව සිටීම උත්ප‍්‍රාසාත්මක ය. ඔවුන් අහිංසක බව ස්වාධීන පරීක්ෂණයකින් මගින් හෙළිදරව් විය හැකිය. එහෙත් එය පෙන්නුම් කිරීම සඳහා මොවුන්ට සම්බන්ධයක් නැති පිරිසක් විසින් කෙරෙන පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය වන්නේය.
ආචාර්ය නවී පිල්ලේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය

1994 දී රුවන්ඩාවේ අති ඝෝර හිංසනයක් දියත් වූ බව පාඨකයාට මතක ඇති. එරටේ බහුතර ජනතාව වන හුටු ජාතිකයන් රජයේ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව එහි විසූ සුළුතර ජාතිය වූ ටුට්සි ජාතියට එරෙහිව හිංසනය දියත් කොට ඔවුන්ව සංහාරයට ලක්කළ බවට චෝදනා එල්ල විය. මේ ආශ‍්‍රයෙන් ඇති වී යැයි කියූ බරපතල ක‍්‍රියා විභාග කිරීම සඳහා ඊළඟ වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාවක් රුවන්ඩාවේ පිහිටුවන ලදි. මේ විනිශ්චය සභාවට ලෝකයේ විවිධ රටවලින් විනිශ්චයකරුවන් දොළොස් දෙනෙකු පත්කෙරුනු අතර එයින් එක් අයෙකු වූයේ එක්සත් ජාතීන්ගේ වර්තමාන මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නවී පිල්ලේ ය. ඒ වන විට ඇය, දකුණු අප‍්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මහත් ගෞරවයට පාත‍්‍ර විනිසුරුවරියකි. වැදගත්ම කාරණය වන්නේ, මේ විනිශ්චය සභාව සඳහා පත්කරගත් විනිසුරුවරුන් දොළොස් දෙනාගෙන්, එදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් පහළොවෙන්ම ඒකමතිකව පත් වූ එකම විනිසුරුවරිය ඇය වීම යි.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇය අපක්ෂපාතී නොවෙතැ යි කියන විවේචකයන් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, ඇගේ අධිකරණ වෘත්තීය ජීවිතය තුළ කිසි විටෙක පක්ෂපාතීත්වයක් පිළිබඳව ඇය චෝදනාවට ලක්ව නැති බවයි. 1994 දී දකුණු අප‍්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් ප‍්‍රථම කාන්තාව වීමේ සිට 1996 දී රුවන්ඩාවේ ජාත්‍යන්තර විනිශ්චය සභාවටත්, අනතුරුව 2003 දී හේග් නුවර අළුතින් පිහිටුවන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියක ලෙසත් ඇයව පත්කෙරුණි. යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය කෙරෙහි කවදත් ඇය වෙතින් ප‍්‍රකාශයට පත්වුණේ නොසැලෙන කැපවීමකි. 1988 දී හාර්වර්ඞ් සරසවියට ඇය ඉදිරිපත් කළ ‘දකුණු අප‍්‍රිකානු අධිකරණයේ දේශපාලනික භූමිකාව’ නැමැති ආචාර්ය උපාධි නිබන්ධනය තුළ, අසාධාරණ සහ සදාචාර විරෝධී නීති ක‍්‍රියාත්මක වන තාක් කල් විනිසුරුවරුන්ට ස්වකීය සැබෑ අධිකරණමය කාර්යභාරය ඉටු කිරීමට නොහැකි වන බව ඇය පෙන්වා දුන්නාය.

රුවන්ඩාවේ සංහාරය පිළිබඳ පහළොස්වැනි සැමරුමේ දී ඇය එම සිද්ධිය විභාග කිරීම සම්බන්ධයෙන් තමන් ඉටු කළ වැඩ කොටස ගැන මෙසේ කතා කළාය: ‘‘සිදු වූ අති බිහිසුණු සිදුවීම් ගැන සාක්ෂි දීමට ඉදිරියට පැමිණි අයට ප‍්‍රණාමය දැක්වීමටත් මම මේක අවස්ථාවක් කරගන්නවා. මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැන නිශ්ශබ්දව ඉන්න එක සහ ඒවා ව්‍යංගයෙන් ඉවසං ඉන්න එක මේ මිනිස්සු ප‍්‍රතික්ෂේප කළා. ජාතීන් අතර සංවාදය ගොඩනගාගන්නත්, සාමකාමී සහජීවනයේ මූලික අඩිතාලම් පිළිසකර කරලා ඒවා නැවත ස්ථාපනය කරගන්නත් උදව් වුණේ ඔවුන් දුන් ඒ සාක්ෂි. මොකද කියනවා නං, සංහිඳියාවක් පෝෂණය කෙරෙන්නේ, සත්‍යය ස්ථාපිත කරගැනීමෙන් නිසා. තමන් මුහුණදුන් රුදුරු අත්දැකීම් සහ කම්පාව ගැන කීමෙන්, පළිගැනීමේ නිසරු මාවතට ඔවුන් බැස්සේ නැහැ. ඔවුන් කළේ, යුක්තියේ මාවත තෝරාගෙන, ජාතීන් අතර නැවත ගොඩනැංවිය යුතු පාර එලිපෙහෙලි කිරීමයි. ඔවුන්ගේ ඒ උත්සාහයට රුකුලක් ඔවුන් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් බලාපොරොත්තු වුණා. මිනිස් චර්යාවේ ප‍්‍රමිතියක් විදිහට නීතියේ ආධිපත්‍යයට ජීවය පිඹින්න දිරිය දුන්න වීරයෝ වුණේ ඔවුන්.’’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වර්තමාන සැසිවාරයේ ආරම්භක දේශනය පවත්වමින්, මානව හිමිකම් ආරක්ෂකයන්ට ඒ අයුරින්ම ඈ සිය ප‍්‍රණාමය පිදුවාය: ‘‘දැනට අවුරුදු 20 කට කලින් තිබුණාට වඩා, ක‍්‍රියාන්විත ජාතික මානව හිමිකම් සංවිධාන වඩ වඩාත් බිහිවීමෙන්, අද වෙනකොට සිවිල් සමාජය පුළුල් වෙලා තියෙනවා, ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපේ කාලයේ වීරයෝ වෙන්නේ අන්න ඒ මානව හිමිකම් ආරක්ෂකයෝ. එහෙම තියෙද්දී, සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය මර්දනය කරන්නට හා නොතකා හරින්නට මේ තරම් රාජ්‍යයන් ඉස්සරහට එන එක බරපතල කාරණයක්. මානව අයිතිවාසිකම් තුළට ජීව රුධිරය එන්නත් කරන්නේ, මේ සංවිධාන සහ පුද්ගලයන්. සමාජ පරිවර්තනයේ අනුග‍්‍රාහකයෝ වෙන්නේ ඔවුන්. බලය අපහරණය කිරීම් ගැන, දුර්වල අණපනත් ගැන, ටිකෙන් ටික හිස ඔසවන ඒකාධිපතිවාදයන් ගැන අනතුරු සීනු හඩවන්නේ ඔවුන්. ඒත් එක දිගටම මට අහන්න ලැබෙන්නේ, අනුන්ගේ අයිතිවාසිකම් ගැන වැඩ කරන ඒ වගේ නිර්භීත අයට තර්ජනය කරන, අඩන්තේට්ටම් කරන සහ ඔවුන්ව හිරභාරයට ගන්න සහ ඝාතනය කෙරෙන කතා. ඒ වගේ බිය ගැන්වීම්, සමහරවිට මේ රැුස්වීම් පැවැත්වෙන අතරේ පවා සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ බලපෑම් කිසි දවසක අපි ඉවසිය යුතු නැහැ.’’

සෑම ක‍්‍රියාකාරී මානව හිමිකම් ආරක්ෂකයෙකු තුළම තිබිය යුත්තේ එම දැක්ම සහ කැපවීමයි. එය, සෑම රටකම මානව හිමිකම් කොමසාරිස්වරුන් සතු විය යුතු වැදගත්ම පන්නරයයි. මේ අනම්‍ය කැපවීම සහ දැක්ම ඇගේ පුරෝගාමීන්ට සේම නවි පිල්ලේට ද තිබීම එක්සත් ජාතීන්ගේ වාසනාවකි. රුවන්ඩාව, කොසෝවෝ, සර්බියා සහ කාම්බෝජය වැනි රටවල රුදුරු භීෂණයේ ක‍්‍රියාකාරීකයන්ට සහ වින්දිතයන්ට යුක්තිය ගෙනාවේ එම දැක්ම මගිනි. නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම්වලට විරුද්ධව නොව, අසරණ ජනතාවට විරුද්ධව රාජ්‍ය හිංසනය යොදාගන්නා අපරාධකරුවන්ට එරෙහිව ඇති වඩාත් සවිමත් තනි අවිය එයයි.

අර්ථවත් පරීක්ෂණ සඳහා පවතින අවශ්‍යතාව

ගිය වසරේ සම්මත කරගත් යෝජනාවත්, මේ වසරේ පැමිණීමට නියමිත යෝජනාවත්, ලංකා ආණ්ඩුවට සිය මානව හිමිකම් වාර්තාව එකලස් කර ගැනීම අරභයා වන අර්ථවත් පියවර ගැනීම සඳහා සැපයෙන අවස්ථාවන් බව අවධාරණය කළ යුතුව තිබේ. ඒවා රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව ගන්නා පියවරයන් නොවේ. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එහි ප‍්‍රතිපක්ෂය යි. එනම්, එම යෝජනා තුළත්, ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමේ වාර්තාව තුළත් අඩංගු නිර්දේශ අනුව ක‍්‍රියා කරන්නේ නම් එය ලංකාවට අභිවෘද්ධියක්ම වන්නේය.

මානවවාදී නීති උල්ලංඝනය කළ බවට දැක්වෙන ඝාතන පදනම් කරගත් චිත‍්‍රපටියක් ගිය වසරේ ආවේය. මේ වසරේ තවත් චිත‍්‍රපටියක් ප‍්‍රදර්ශනය කෙරේ. එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන්ගේ පුතා යැයි කියන කුඩා පිරිමි දරුවෙකු, නීතියට පිටතින් ඝාතනය කිරීමට පෙර සහ පසුව ගත් ඡුායාරූප එහි දැක්වේ. ගිය වසරේ දී මෙන්ම මේ වසරේ දී ද, එම චිත‍්‍රපටයේ සත්‍යතාව ආණ්ඩුව ප‍්‍රශ්න කරයි. මේ මතභේදාත්මක කාරණය සැලකිල්ලට ගනිමින් ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ මෙසේ නිර්දේශ කෙළේය: ‘‘මේ චෝදනාවල ඇත්ත නැත්ත සනාථ කර ගැනීම සඳහාත්, රටේ පවතින නීතිය ප‍්‍රකාරව පියවර ගැනීම සඳහාත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව ස්වාධීන පරීක්ෂණ ආරම්භ කළ යුත්තේය. එසේම, සැපයෙන තොරතුරු සහ තොරතුරු සපයන්නන්ගේ ආරක්ෂාවත්, රහස්‍ය භාවයත් ආරක්ෂා වන පරිද්දෙන් කටයුතු සම්පාදනය විය යුතු බවත් කොමිසම විශ්වාස කරයි. ඊට අදාළ සියල්ලන්, විශේෂයෙන් මේ රූප රාමු සැපයූ සංවිධාන සහ චිත‍්‍රපටිය විකාශය කළ සංවිධාන, අවශ්‍ය කරන තොරතුරු සැපයීමෙන් පූර්ණ සහාය දිය යුතුව තිබේ.’’ කණගාටුවට මෙන්, මෙම නිර්දේශය අනුව කටයුතු කිරීමට ආණ්ඩුව පියවර ගෙන නැත.

තමන්ට පෙර පත්කරන ලද කොමිෂන් වාර්තා අනුව බලධාරීන් කටයුතු කර නොමැති බව ද, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පෙන්වා දුන්නේය. ඒ ගැන එහි සඳහන් වන්නේ මෙසේ ය: ‘‘2005 අගෝස්තු මාසයේ සිට සිදුවී යැයි කියන බරපතල මානව හිමිකම් උල්ලංඝණනයන්, විශේෂයෙන්, 2006 ජනවාරි මාසයේ ත‍්‍රිකුණාමලේ ශිෂ්‍යයන් 5 දෙනාගේ මරණ සහ 2006 අගෝස්තු මාසයේ, ‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතයේ’ සහනාධාර සේවකයන් 17 දෙනාගේ මරණ ගැන පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා මගින් යෝජිත නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස මෙම කොමිසම තදින්ම නිර්දේශ කරයි. එවැනි පියවරක් මගින්, නීතියේ ආධිපත්‍යය සඳහා වන ගෞරවයේ ඇති වැදගත්කම පිළිබඳ ප‍්‍රබල සංඥාවක් නිකුත් කෙරෙනු ඇත. එයම, ජාතීන් අතර විරසකය සමනය කිරීමට දායක වනු ඇත.’’

ශ‍්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිසෙන්නට නම්, තමන් නීතියේ ආධිපත්‍යය බරසාරව පිළිගන්නා බව, දේශීය සහ විදේශීය මානව හිමිකම් ආරක්ෂකයන්ට පෙන්නුම් කළ යුතුය. අලංකාර ප‍්‍රලාප කතා හැරුණු කොට, එවැන්නක් සඳහා වන අර්ථවත් පියවර කිසිවක් මේ දක්වා ගෙන ඇති බවක් මේ දක්ව . 43 වැනි අගවිනිසුරුවරියට එරෙහිව දියත් කරන ලද අශෝභන දෝෂාභියෝගය සහ ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමේ බොහෝ නිර්දේශ ප‍්‍රතික්ෂේප කිරීම මගින් ශ‍්‍රී ලංකා ආණ්ඩුව පෙන්නුම් කොට ඇත්තේ, කැමැත්තක් ඇතොත්, තවත් උගෙනීමට බොහෝ පාඩම් ඇති බව යි.

*2013 මාර්තු 02 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Patterns Of Censorship: Gotabaya Rajapakse Off Limits? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page