20 April, 2024

Blog

සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක්

සජීව චාමිකර

සජීව චාමිකර

පසුගිය වසරේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ වනවිට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන දකුණ ග‍්‍රාම නිලධාරී වසමේ පන්නිල වනාන්තරයේ රොස්මේරිය කොටසේ ස්ථාන හතරක අක්කර 85 ක් පමණ වන වනාන්තර එළිපෙහෙළි කර ගිනි තැබීම සිදු කරමින් තිබේ. ගොඩකවෙල, ලලිත් රාජපක්ෂ, ගොඩකවෙල, කුරුප්පු ජයරත්න හා කහවත්ත, කොටකෙතන පන්සලේ නායක ස්වාමීන්වහන්සේ විසින් මෙම වනාන්තර විනාශය සිදු කරමින් පවතී.

මීට අමතර ව කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී. මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත. මෙලෙස එළිපෙහෙළි කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප‍්‍රධාන අතු ගංගා වල ජලපෝෂක වනාන්තර පද්ධතියයි. කලවාන ප‍්‍රදේශයේ පදිංචි දෙල්ගොඩ අප්පු ලෙස හඳුන්වන පුද්ගලයකු සහ පානදුර, මතුගම, නුවර හා කොළඹ යන ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසේ ව්‍යාජ ඔප්පු මගින් වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන එළි කිරීම සිදු කරයි.

දැනට මාස දෙකක පමණ කාලයක සිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සිරිපාල අමරසිංහ මහතාගේ අනුග‍්‍රහය යටතේ සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නග් සයිඩ් ප‍්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප‍්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප‍්‍රධාන අලි මංකඩ වන මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එළි කර හෝටල් දෙකක් ඉදි කිරීම සිදු කරමින් පවතී. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග‍්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් එළි කර කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරුගේ බෑනනුවන් විසින් එක් හෝටලයක් ඉදි කරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප‍්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට බැකෝ යන්ත‍්‍ර භාවිත කර වනාන්තර එළි කිරීම, භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරමින් පවතී. 

අනෙක් හෝටලය ඉදි කරන්නේ බෝටියතැන්න අලි මංකඬේ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප‍්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළි කරමින් ගොඩකවෙල, ලලිත් රාජපක්ෂ නම් ව්‍යාපාරිකයකු විසිනි. 

සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප‍්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඩේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේ‍පොළ හානි කිරීම් වලට මුහුණ දීමට සිදු වනු ඇත.    

සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබිය දී මේ ආකාරයෙන් ඒ වටා පිහිටි වනාන්තර එළි කිරීම, තේ වගාව ව්‍යාප්ත කිරීම හා හෝටල් ඉදි කිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිත කරමින් සිදු කරමින් පවතී. 

මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

සුවිශේෂී වනාන්තර සිංහරාජයට අහිමි කිරීම

“ගම සමඟ පිළිසදරක්” වැඩසටහන මගින් අතිගරු ජනාධිපතිතුමන් විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීම හා රක්ෂිත වල මායිම් සංශෝධනය කර නීති විරෝධී හා අනවසර වගා බිම් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසට නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් සිංහරාජය වටා වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලු ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (tA) වගන්ති ප‍්‍රකාරව පසුව වන්දි ගෙවීමේ පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දෙශ ලබා දෙන ලෙස ය. ඒ සඳහා නිර්දේශ ලැබුණ මුත් ඊට අදාළ ලිපි ගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබෙන නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වීම නිසා මෙම වනාන්තර දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී. 

වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

සිංහරාජ රක්ෂිතයට අලූතින් වනාන්තර එක් කිරීම

සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටන රක්ෂිත නොවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 2508.4 ක නැතහොත් අක්කර 6200 ක නොයිඳුල් වනාන්තර විශාල ප‍්‍රමාණයක් 2004 වසරේ කැබිනට් අනුමැතියට අනුව සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ.

එම වනාන්තර රත්නපුර දිස්ති‍්‍රක්කයට අයත් මුරකැළේ වත්ත ^50.4 ha&, ෆැබ් වත්ත ^181.3 ha&, ඉළුබකන්ද වත්ත ^567 ha&, මෝර්නිග්සයිඞ් වත්ත ^55.4 ha&, කැන්ටර් වත්ත ^130 ha&, ගේස් වත්ත ^137.5 ha&, ගොන්හෙළ වත්ත ^137.9 ha&, ඇබරොස් වත්ත ^35.4 ha&, බැක්වෙයා වත්ත ^109.9 ha&, කෝදුරුගල වත්ත ^99ha& හා දඹහේන වත්ත ^8.6 ha&, මාතර දිස්ත‍්‍රික්කයට අයත් එන්සල් වත්ත ^436 ha&, කුරුගල වත්ත ^188 ha&, බෙවර්ලි වත්ත ^28 ha& හා හේමගිරි වත්ත ^40 ha&, ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හෝමදොළ වත්ත ^304 ha& යන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් වතු සමාගම් වලට ලබා දුන් ඉඩම් වල පිහිටා තිබේ. අද වන විට මෙම ඉඩම් පවරා ගැනීමට නිර්දේශ ලබා දී වසර 16 ක් ගත වී ඇතත් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එය පමා වන සෑම මොහොතක ම විශාල වැසි වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කරමින් තේ හා එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීම සහ හෝටල් ඇතුළු ඉදි කිරීම සිදු කරනු ලැබේ.  

සිංහරාජයේ ජෛව විවිධත්වය

ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් සියයට 0.17 ක් පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් සියයට 38 ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් සියයට 37 ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් සියයට 53 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි. එම සියලූ ම විශේෂ වාර්තා වන්නේ දැනට සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය ලෙස හා සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති සීමාවේ පමණක් නොවේ. බොහෝ ස්ථානීය ආවේණික විශේෂ සිංහරාජ රක්ෂිත භූමි වලින් පිටත පිහිටි රක්ෂිත නොවන වනාන්තර ප‍්‍රදේශ වලින් වාර්තා වේ. මේ නිසා සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 40 ක් මේ වන විට පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 25 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 11 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුලූවන් හා ක්ෂීරපායීන් විශේෂ එක බැගින් වේ. 

ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාපතනයක් හිමි වන නිරිතදිග මෝසම් සුළං මගින් ගෙන එන වළාකුළුවල ජලය වර්ෂාව ලෙස ලබා ගැනීම හා එම වර්ෂා ජලය භූගත කිරීමේ යාන්ත‍්‍රනය ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන සිංහරාජ අඩවිය ඒ අවට ජනතාවගේ ජල අවශ්‍යතාවන් හා පහතරට සුළු පරිමාණ තේ වගාවට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් ව ලබා ගැනීමට මනා දායකත්වයක් සපයයි. 

ලංකාවේ ප‍්‍රධාන ගංගාවක් වන කළු ගෙඟ් හා ගිං ගෙඟ් ප‍්‍රධාන ජල පෝෂක අතු ගංගා ජලයෙන් පෝෂණය කරන සිංහරාජ අඩවිය මේ ගංගා ද්‍රෝණිවල ජීවත් වන ජනතාවට අවශ්‍ය පානීය හා දෛනික ජල අවශ්‍යතාවන් ප‍්‍රමාණාත්මක ව හා ගුණාත්මක ව ලබා දේ. 

සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප‍්‍රදේශයේ හොර ශාක ප‍්‍රජාව, නා-දුන් ප‍්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප‍්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප‍්‍රජා ත‍්‍රිත්වයක් පවතී. මීට අමතර ව සිංහරාජ අඩවියට අයත් නමුත්, රක්ෂිත ප‍්‍රදේශයට ඇතුළත් ව නොමැති සිංහරාජවත්ත හා එන්සල්වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප‍්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් (Shorea gardneri) හා යකහලූ දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප‍්‍රජාවක් දැක ගත හැකි ය. මේ අනාරක්ෂිත ශාක ප‍්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනා ව විද්‍යමාන කරන කැටපතක් බඳු ය. මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කැරේ. එකී වනාන්තර පවරා ගැනීමට සැලැසුම් සකස් වන විට මේ සියල්ල වැනැසී ගොස් අවසාන වීමට ඉඩ ඇත. 

ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 926 අතුරෙන් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් පමණ ලංකාවට ආවේණික වේ.

දැනට ඇති වාර්තාවලට අනුව සිංහරාජ අඩවියේ මීවන හෙවත් පර්ණාංග ශාක විශේෂ 42 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 10 ක් පමණ ලංකාවට ආවේණික වෙයි. පාත‍්‍රා කොකු (Cyathea crinita), ගිනි හොට (Cyathea spp), වල් මැඩ (Angiopteris evecta), බරු කොකු (Blechnum orientale), කුරුලූ කූඩු මීවන (Asplenium nidus), මහ හැඩයා (Huperzia phlegmaria) වැනි මීවන ශාක අති බහුතරයක් සිංහරාජ අඩවියේ වාර්තා වේ. ලංකාවේ කුඩා ම මීවන ශාකය වන අපිශාකීය Microgonium motleyi ශාකය ද සිංහරාජයේ දැකගත හැකි වේ. 

ලංකාවේ වාර්තා වන උඩවැඩියා ශාක විශේෂ 173 අතුරෙන් 80 කට වැඩි ප‍්‍රමාණයක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. වනරාජ (Anoectochilus setaceus), ඉරුරාජ (Zeuxine regia),  මහාපද්ම (Podochilus malabaricus), කුඩාපද්ම (Podochilus saxatilis), ජටාමකුට (Flickingeria macraei), වෙසක් මල් (Dendrobium maccarthiae) ඇතුළු ආවේණික හා ඉතා දුර්ලභ උඩවැඩියා විශේෂ රාශියක් සිංහරාජ අඩවියේ දැකගත හැකි ය.

ලංකාවේ වාර්තා වන වේවැල් ශාක විශේෂ දහය අතුරෙන් නවයක් ම සිංහරාජ අඩවියෙන් හමු වේ. වඳවීමේ තර්ජනයට දැඩි ලෙස පාත‍්‍ර වූ ලංකාවට ආවේණික කුකුළුවැල් (Calamus pachystemonus) ශාකයේ සිට ලංකාවට ආවේණික තම්බොටුවැල් (Calamus zeylanicus),  තුඩරෑන (Calamus ovoideus), නරවැල් (Calamus delicatulus), මා වේවැල් (Calamus thwaitesii) වැනි දුර්ලභ වේවැල් විශේෂ සිංහරාජයෙන් වාර්තා වේ.

සිංහරාජයේ දියපහරවල ලංකාවට ආවේණික ඉතා දුර්ලභ අති උඩයන් විශේෂ පහක්, කෙටල විශේෂ තුනක් වෙයි. ලංකාවට ආවේණික දුර්ලභ කෙකටිය ශාක විශේෂයක් වන Aponogeton rigidifolius, ලංකාවට ආවේණික දුර්ලභ කෙටල ශාක විශේෂ වන Lagenandra praetermissa, Lagenandra lancifolia, Lagenandra koenigii, Lagenandra thwaitesii, Lagenandra bogneri ශාක ද මෙහි වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික දුර්ලභ අති උඩයන් විශේෂ වන Cryptocoryne beckettii, Cryptocoryne thwaitesii, Cryptocoryne bogneri    දියපහරවල දැකගත හැකි වේ. මේ දැනට සිංහරාජ අඩවියෙන් හඳුනාගත් අති විශාල ශාක විවිධත්වයෙන් ස්වල්පයක් පමණි.

සිංහරාජයේ සත්ත්ව විවිධත්වය ද මීට නොදෙවැනි තත්ත්වයක පවතී. මත්ස්‍යයන්, උභයජිවීන්, උරගයන්, පක්ෂීන්, ක්ෂීරපායීන් හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 455 ක් සිංහරාජයේ වාර්තා වන අතර, ඉන් විශේෂ 144 ක් නැතහොත් 32% ක් ලංකාවට ආවේණික වෙයි.

ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 එක ම කලාපයක දී වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ හා ශ‍්‍රී පාද අඩවියේ පමණි. මෙපමණක් නො ව සිංහරාජයේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරෙන් නවයක් සිංහරාජ අඩවියට ආවේණික වෙයි. උරගයන් අතුරෙන් විශේෂ 11 ක් මුළු ලොවින් ම දැක ගත හැක්කේ සිංහරාජ අඩවියෙන් පමණි. ක්ෂීරපායී සතුන් අතුරෙන් එක් විශේෂයක් (කුණු හික් මීයා – Crocidura hikmiya) හා ලංකාවේ මිරිදිය කකුළුවන් අතුරෙන් විශේෂ තුනක් (Ceylonthelphusa savitriae, Perbrinckia quaratus හා Perbrinckia rosae) සිංහරාජ අඩවියට පමණක් සීමා වී ඇත. මීට අමතරව Onomustus nigricauds නම් මකුළු විශේෂය සිංහරාජ අඩවියට ආවේණික වේ. මේ අනුව දැනට හඳුනාගත් හා පර්යේෂණයන්ට ලක් කර ඇති සත්ත්ව කාණ්ඩ අතුරෙන් විශේෂ 25 ක් මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් සීමා වී තිබීම සිංහරාජ අඩවියේ අද්විතීය වූ ද අමිල වූ ද ජෛවීය වටිනාකම විද්‍යමාන කිරීමට ඇති ප‍්‍රධාන සාක්ෂි අතුරෙන් එකකි.

සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba)” කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපී ගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කරුණාරත්නගේ මුව පටු මැඩියා (Microhyla karunaratnei) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය. 

සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ 11 ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන දැරණියගල ගේ වල්ගා ඇඹයා (Rhinophis tricoloratus), එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), රුක්වාසී සර්ප විශේෂයක් වන සිංහරාජ පදුරු හාල්දණ්ඩා (Dendrelaphis sinharajensis),  සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඞ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඞ් මහකැළෑ හූනා (Cyrtodactylus subsolanus), සිහින් මහකැළෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිගිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිගිති හිකනලා (Lanakascincus sameerai)  යන විශේෂ වේ. නවතම පර්යේෂණ වාර්තාවකට අනුව මෙතෙක් කලක් සබරගමු කඳුවැටියට ආවේණික විශේෂයක් ලෙස හඳුනාගෙන සිටි රළු අඟ කටුස්සා (Ceratophora aspera) සිංහරාජයට පමණක් ආවේණික විශේෂයක් ලෙසත් සබරගමුව කඳු වැටියේ අනෙක් ප‍්‍රදේශ වලින් වාර්තා වන විශේෂය නව විශේෂයක් ලෙසත් හඳුනාගෙන ඇත. මීට අමතර ව සිංහරාජ අඩවියට ආවේණික Rhinophis ගණයට අයත් පාංශුවාසී තුඩුල්ලන් විශේෂ දෙකක් අලූතින් සොයා ගෙන ඇති අතර මෑතක දීම එම විශේෂ නාමකරණයට ලක් කළ පර්යේෂණ වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

මෙරටට ආවේණික මේ සියලූ දුර්ලභ ජීවීන්ගේ හා ජලපෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව මෙන්ම සුළු පරිමාණ තේ වගාබිම් වල සුරක්ෂිතතාව උදෙසා මේ සියලූ වනාන්තර සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු ය. සිංහරාජ වන රක්ෂිතය වටා ඉඩම් වලට විශාල වාණිජ වටිනාකමක් ලැබෙමින් පවතින නිසා එම වනාන්තර ඉඩම් රක්ෂිත බවට පත් කර ගැනීමට දැවැන්ත අරගලයක් කිරීමට අපට සිදු වනු ඇත. ඒ සඳහා සියලූ ජනතාවගේ සහයෝගය මේ වන විට අවශ්‍යය.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    අද වෙනකොට මේ රටේ අපිට දැනගන්න ලැබෙන්නෙ, කොල්ල කැම හා හිටපු හොරු එක එකා එවුන්ගේ නඩු හබ වලින් නිදහස් කරගැනීමයි පමමන්යි.

    ඒ ඇර මහ ලොකු යුධවිරුවා, නන්දසේනට බැරි උනා, කෝවිඩ් වලින් වත් රටේ ජනයා බේරගන්නට, ඒ වෙනුවට එවුන්ගේ පරපුර හා එවුන්ගේ වහල්ලුටික රැකගන්න, හැම කුරුමානමක්ම අල්ලමින් “ කාලය විනාශ කරනව“. අර ගම සමග පිලිසන්දරක් කියල එකක් දමාගෙන, ඉතා නොදියුනු රටවල් වල නායකයන් වත් නොකොරන විදියට, සහෝදරය, කරපු විදියට එහාට ගිහින් අසරන මිනිසුන්ගේ ඔලුගෙඩි සෝදල ත්රුප්තිමත් වෙනව – මුන්ගේ අම්ම අප්පගෙ මුදල්ද මේව දෙවියනේ ? එකවතාවක් උන්ගේ මහැවුන්ගේ ස්මාරක් හදල රටේ මුදල් මිලියන ගානක් විනාශ කල.. මේ රටේ මිනිසුන්ගේ බදු සල්ලි මේ විතිය නාස්ති කරන එක රටේ ජන මාධ්‍ය හරහ මිනිසුන්ගේ ඔලුගෙඩි වලට දැමීම කල යුතුයි… ඒක හරිවැඩගත්.

    – ඇයි කිසිම විදියේ සාකජ්ජා වලට රටේ නායකයා කියල “මුහුනදෙන්න බැරි“ ? ඔබ කවුරුත් දන්නවද? දැක තිබෙනවාද ගෝටබය මාධ්‍ය සාකජ්ජා වලට බය මුරන්න්ඩු මිනිහෙක් කියල? මේ මේ රටේ පුරවැසියන් වන අපිට ලොකු ලැජ්ජාවක් නොවේද ?
    .,
    කාටත් ප්රශන ගොඩ ගැහිලා… ඒ ප්රශන වලට උත්තර මේ තිරිසන් සත්වයා ගෙන දැනගත යුතු වෙනව. … ජිනීව වලින් තියා කිසිම රටකට අපි ජාතියක් හැටියට පිලිනොගන්නා තැනකට මේ මැඩමුලන වානරයො ටික අපි පත් කරනව. මගේ මේ යුරෝපානු ජාතිකයඔ අහනව, රටේ තිබුන යුද්දය නිමා කරලත් අපේ වාගෙ රටකට ඔය තරම් වියදම් යන්න හේතුව කුමක්ද කියල ?ඇයි රට චීනගේ නය උගුලට අසුවුනේ කියල ? මම කිව්ව, රටේ ඇති යුද්ධය ජයගත්ත කියල රට පුරා මිනිසුන්ගේ මොලගෙඩි වනසල පාහර පවුල කලේ.. එවුන් රට විකුනා ඩති දනවත් උනා… අපිට නම් කිසිම කෙනෙකු ගෙන් මුදල් අරගෙන සොරා කාල සුඛෝපබෝගි වෙන්න බැහැ, ඒ ක හිතට වදයක්.

    • 3
      0

      පැස්කූ ඉරිදා බෝම්බ පිපිරීමෙන් සිය ගණනක් මිය ගොස් පල්ලියේ නමස්කාරකයන්ට තුවාල සිදු වන තුරු රට හොඳ තත්ත්වයේ පැවතුනි. අද එය සුනාමි රළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයට පහර දීමෙන් පසුව සුන්බුන් හෝ රටක් බවට පත්ව ඇත. අපරාධ නූගත් පවුල්වලට රාජපක්ෂවරුන්ට උපත ලැබූ මැර කණ්ඩායමක් ඔවුන්ගේ අපරාධ විමර්ශනවලින් නිදහස් කිරීම සඳහා නැවත බලයට පැමිණියහ. ඔවුන් කෙතරම් අසාධාරණ වී ඇත්දැයි බලන්න. මෙම අපරාධකරුවන්ට ද ished ුවම් කළ යුත්තේ කෙටි කාලයක් තුළ අහස පොළොව පොරොන්දු වීමෙන් අහිංසක ජනතාව නොමඟ යැවීම නිසා ඔවුන්ව අමු පුළුස්සා දැමීමෙනි.

  • 3
    0

    රටක් ජාතියක් ඉදිරියට ගෙන යන්න පුලුවන් වන්නෙ, බලයට පත්වන නායකයන්ට ඔලුගෙඩියක් හරිවිදියට පාවිච්චි කරල තීරන ගන්න තරම් පලපුරුද්දක් තිබුනොත් බව පාසැල් යන දරුවන් පවා දනිති.
    එනමුත් මේ රටේ ඉන්න බෙලෙහීන, තිරිසන්නු හපන් මෝඩ තකතිරු බහුතරයට මෙය වැටහුනා නම් අද වන විට ඇද වැටී ප්රපාතයට ඇද වැටෙන්නෙ නැති බව කිව යුතුයි.
    .
    රටේ පුරසාරම් කට මැද දොඩන තිරිසන්නු, බොරු තව දුරත් වපුරවමින් ඒ ජාවරම් වැඩ ගෙන යන පව පෙනුනත්, පිටර විචාරකයන්ට අනුව, රටට ඇතිවී ඉරනම, හිටප් මීහරක් නායකයකු වන මහින්ඩ රාජපක්ෂ නිසා ඇති වුන නය තොගය ගෙවීමට බැරිව දන්ගල ආයාසය නිසා බව කිව යුතුයි.. එවුන් දනවත් උනා රටේ ඉන්න ඉතාමත් දුප්පත් මිනිසා පවා,… චීනට නය කරල… අද වෙනවිට හැම ඒකකයකින්ම මේ රට ආර්ජන්ටිනාව ට වඩ පහත් ලෙස රැන්ක් කරල…. වැටෙන්න තිබෙන ඊලන්ග රට කියල ලෝක පුවත් පත්වල දකින්නට ලැබෙනව.. මේ වෙලා මේ රට ගොඩ ගන්නට නම්, රනිල්, චන්ඩ්රිකා හා එවැනි උගත් නායකයන් නැතිව බැරි බව, තිරිසන්නු මෙන් හැසිරෙන රාජපක්සවරු දැනගත යුතුමයි… මේ රටට කිසිවෙකු අද වෙනවිට නය දෙන්න තරම් ඉදිරියට එන්නෙ නැහැ… චීනට රට විකුනා නය ගැනීම තමයි මැඩ මුලන බැල්ලිගෙ පුතාල කරන්නෙ බව කාටත් පැහැදිලියි.

  • 0
    0

    අතිගරු හොරුන්ගෙත් ඇස ඇරෙන්න ලියල තියෙන ඉතාම වටිනා ලිපියක්. මේ දත්ත සමහර වෙලාවට එකම තැනකින් හොයා ගන්නත් නැහැ. ඒ හින්ද මේ ලිපිය හුඟක් වටිනවා.
    සිංහරාජ මුල් වනාන්තරය හෙක්ටයාර් 100,000ක්, එනම් අක්කර 247,105ක් තරම් විශාල වනාන්තරයක්. අද කොයි තරම් සොච්චමක්ද ඉතුරු වෙලා තියෙන්නේ?
    සිංහරාජ වනාන්තරය, ලෝක ජෛවගෝලීය රක්ෂිතයක් විදිහට යුනෙස්කෝව නම් කරලා තියෙන්නේ 1978දී. ඒ වගේම යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන්නේ 1988දී. ලංකාවට පමණක්ම ආවේනික විශේෂ ගණයේ ශාක සහ සත්ව විශේෂ 830 ක්ම සිංහරාජ වනාන්තරයේ පමණක් තියෙන එක ඉතාම අසාමාන්‍ය තත්වයක් විදිහටයි ලෝකයා සලකන්නේ.
    දේශද්‍රෝහී රාජපක්ෂ පාලකයන් මේ වනාන්තරයේ වටිනාකම දන්නේ නැහැ කියන්න බැහැ. ඔවුන් දන්නවා සිංහරාජ රක්ෂිතයේ ඉඩම් අනාගතයේ ඩොලර් මිලියන් ගණන් වලට ගන්න විදේශිකයන් ඉන්නවා කියල.
    දේශද්‍රෝහී ගෝඨාභය කරන්නේ ගම්මුන්ට ඉඩම් දෙනවා කියලා විවිධ පුද්ගලයන්ගේ නම් වලට ඔප්පු දීල ඊට පස්සේ රාජපක්ෂ පවුල, හිතවතුන් සහ නෑදෑයන්ට මේ ඉඩම් ලබා ගැනීම වෙන්න පුළුවන්.

    • 0
      0

      මුළු රටේම මිනිස්සු විරුද්ධ වෙත්දී, දිනපතා මේ විදිහට මහා වනාන්තර ඩෝසර් කරමින්, අලුත් ඉඩම් හදමින්, අලුත් ඔප්පු හදමින්, විවිධ පුද්ගලයන් සහ කොම්පැනි නමට මේ ඉඩම් ගත්තට, ඇත්තටම මේ ඉඩම් ගන්න රහසේ සල්ලි යොදවන්නේ රාජපක්ෂලාම වෙන්න ඕනේ.
      මුදල් වලට ඉතාම ගිජුකමක් දක්වන රාජපක්ෂලා සිංහල බෞද්ධයන් නොවෙන නිසා, ඔවුන් මේ විදිහට මුළු රටෙම ඉඩම් වෙනත් පුද්ගලයන් යොදවා (proxies) ඔවුන් නමට මුලින් අරන්, ඊට පස්සේ මිනිස්සුන්ට නොදැනෙන්න තමන්ගේ නමට හරවා ගන්නවා වෙන්න පුළුවන්.
      “අනුන්ට” මෙතරම් වටිනා ඉඩම් අරන් දෙන්න රාජපක්ෂලා මේ විදහට රක්ෂිත විනාශ කරනවා වෙන්න බැහැ.
      හැබැයි මට මේ සැකය දිගටම තිබුන. සංගක්කාරගේ ඉඩම් පලහිලව්ව ගැන දැන ගත්තහම මට හිතුන මගේ සැකය හරි, රාජපක්ෂලාම තමයි මේ ඉඩම් ගන්නේ, වෙනත් පුද්ගලයන් නමට කියලා. මම හිතන්නේ සංගක්කාරල ඒ ඉඩමේ සැබෑ අයිතිකරුවන් නෙමෙයි, රාජපක්ෂ proxy විදිහට පෙනී හිටියා විතරයි කියලා.
      ඒ හින්ද රටේම වටිනා රක්ෂිත ඉඩම්, තෙත්බිම්, ජල නිම්න ඉඩම්, ජලපෝෂක සහිත ඉඩම්, කඳුවැටි ඉඩම්, සියල්ල එක තනි පවුලක් අයිති කරගන්න කරන මේ මහා වනාන්තර විනාශය නවත්වන්න තරුණ පරම්පරාව ඉස්සරහට ඇවිල්ල පරිසරය ආරක්ෂා කරන්න කැප වෙලා ඉන්න සංවිධාන එක්ක එකතු වෙලා දීප ව්‍යාප්ත විරෝධයක් දක්වන්න ඕනේ.
      මේ විනාශ කරන සියලු ඉඩම් විස්තර පරිස්සම් කරලා තියාගෙන අනාගතේ දවසක රාජපක්ෂලා සහ ඔවුන්ගේ නෑයන් හිතවතුන් නීති විරෝධිව අයිති කරගත්ත මේ සියලු ඉඩම් ජනසතු කරන්න ඕනේ.

  • 0
    0

    උඩින් පේනවට වඩා හුඟක් භයානක කතාවක් තමයි ලංකාවේ රක්ෂිත වනාන්තර එලි කිරීම පිටිපැස්සේ තියෙන්නේ.
    රාජපක්ෂලා proxies යොදවලා රජයේ ඉඩම් අල්ලා ගැනීම විවිධ තැන්වල කරලා තියෙනව. තව භයානකම දේ තමයි මේ විදිහට ඉඩම් අල්ල ගැනීම කරන්නේ කොටි ඩියස්පෝරාව ඔවුන්ගේ කළු සල්ලි යොදවලාද කියන එක. ඊළඟට විවිධ මුස්ලිම් ජාතිකයනුත් ඉන්න පුළුවන් මේ පිටිපැස්සේ. සංගක්කාරත් නිකරුනේ රාජපක්ෂලාගේ උගුලකට අහු වෙලා ඉන්නේ.

  • 0
    0

    මේ ලිපියට සම්බන්ධ නැති වුනත් මේ ටිකත් ලියන්න හිතුව.
    කොටස් වෙළඳපොලේ වැඩිම ආයෝජන ඇවිල්ල තියෙන්නේ එංගලන්තෙන්ලු.
    හා හා හා බැසිල්-කොටි හවුල තමයි එංගලන්තේ ඉඳන් කොටි සල්ලි ආයෝජනය කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ කොටි ජිනීවා වල තිබ්බ “බැසිල් රාජපක්ෂ වර්ගයේ විරෝධතාවය” තමයි අනිත් එක. රාජපක්ෂ ආණ්ඩුව හැදුවේ කොටි හරහා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් ලව්වා ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව විවිධ දඬුවම් සහ ලංකාවට එරෙහිවත් සම්බාධක පනවනවා කියලා මිනිස්සු බය කරලා, කොටින් එක්ක එකතු වෙලා “සම්මුති යෝජනාවක් – Consensual Resolution” එකක ගේන්න. හැබැයි වැඩේ වැරදුනා. හේතුව සම්බාධක කතාව සිංහලයෝ තඹ සතේකට ගණන් ගත්තේ නැති නිසා. මේ සම්මුති යෝජනාව සභාගත කළා නම් බැසිල්ට කොටින්ගෙන් හම්බ වෙන කුට්ටිය කොහොම වෙන්න තිබ්බද? පෙනෙන්න තියෙන කරුණු අනුව නම්, ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුධ අපරාධ යෝජනා ගෙන ඒම පිටිපැස්සේ ඉන්නෙත් රාජපක්ෂලාමමයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.