9 September, 2024

Blog

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව

සකීෆ් සාම් –

සකීෆ් සාම්

IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක් අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි පැවසුව. නමුත් සමීක්ෂණය ආරම්භයේ සිට ඉකුත් අප්‍රේල් දක්වාම සියයට පනහකටත් වැඩි ප්‍රතිශතයක් අනුර දිසානයකට වැඩි තිබූ බවටයි IHP නිවේදනය කළේ. ඒ අනුව පළමුවරට සජිත් ප්‍රේමදාස ප්‍රථම ස්ථානය රැගෙන ආවෙ ජුනි වාර්තාවෙන්. ඔවුන් මාසික වාර්තාවට අමතරව 2021 සිට මෙතෙක් කළ සමීක්ෂණ සමස්ථයක් ලෙස ගෙන අවසන් ප්‍රථිපලයක් ද IHP ඉදිරිපත් කරයි. ඒ නිසා ඔවුන්ගේ සමීක්ෂණය පිළිබඳව අධ්‍යයනයක් කිරීම වැදගත්.

ජනමත සමීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ මාලාවක් World Association for Public Opinion Research (WAPOR) හඳුන්වා දී තිබෙන්නේ ජනමත සමීක්ෂණයන්ගේ වලංගුභාවය (Validity) හා විශ්වසනීයත්වය (Reliability) පිළිබඳ ගෝලීය වශයෙන් තිබෙන ගැටලු සඳහා විසඳුමක් හැටියට. එහෙත් මෙවන් නීතීමය රාමුවකට හෝ මාර්ගෝපදේශ මාලාවකට අවතීර්ණ වීමේ සූදානමක් ලංකාවේ සමීක්ෂණ ආයතනයන්ට නැතත් මැතිවරණ සමයේ මාධ්‍ය ආයතන පිළිපැදිය යුතු මාධ්‍ය උපමානවල එක් වගන්තියකින් ජනමත සමීක්ෂණ පිළිබඳව මාධ්‍ය හැසිරිය යුතු අන්දම නම් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සාධක නිසා තම ඡන්දය පිළිබඳව කිසිවෙකුට අනාවරණය නොකර එය පෞද්ගලික කාරණයක් ලෙසම තබා ගන්නා බවට ආචාර්ය උයන්ගොඩ මතු කරන කාරණයට එකඟවන ආචාර්ය ප්‍රදීප් පීරිස් පවසන්නේ “විද්‍යාත්මකව ගත්තොත් ජනමත සමීක්ෂණයකින් කියන්න බෑ මොන පක්ෂය ද දිනන්නේ කියල. ලංකාවේ වගේ රටක කොහොමත් කියන්න බෑ.” ආචාර්ය ප්‍රදීප් පීරිස් (World Association for Public Opinion Research (WAPOR)හි ශ්‍රී ලංකා නියෝජිතයා වේ. ලංකාවේ ජනමත සමීක්ෂණ කර්මාන්තය නොදියුණු තැනක තිබීම ගැනත් WAPOR මාර්ගෝපදේශ පිළිපදින කණ්ඩායමක් ලංකාවේ නැති වීම ගැනත් ආචාර්ය ප්‍රදීප් කණගාටු වෙයි. “ජනමත සමීක්ෂණ කරන අයගේ උනන්දුව තමයි Push Poll ආකාරයට ඡන්දයට කලින් කිසියම් කණ්ඩායමක් දිනනවා කියල සමීක්ෂණයකින් කිව්වට පස්සේ එකෙන් Bandwagon Effect එකට අනුව ‘යන පැත්තට හෝයියා‘ කියල ඉන්න කට්ටිය ඒ කියන කණ්ඩායම නියෝජනය කරන්න යොමු කිරීම.” ජනමත සමීක්ෂණය මැතිවරණ ප්‍රචාරණයේ එක් සංඛ්‍යා විද්‍යාත්මක සෙල්ලමක් හැටියටත් ආචාර්යවරයා දකී.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ සිදු කිරීම ආරම්භ වන්නේ 2021 සිට. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy – IHP) මාසිකව සමීක්ෂණයක් සිදු කිරීමට ආරම්භ කිරීමත් එක්ක. 2024 ජනාධිපතිවරණය අදාළව, බහුලව කතාබහට ලක් වූ සමීක්ෂණ වාර්තාවත් මෙයයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මාසිකව පිරිසක් සමඟ ජංගම දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා පවත්වා SLOT නම් මෙම සමීක්ෂණය කරනවා. වෛද්‍ය රවී රන්නන්-එළිය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂවරයා වගේම SLOT සමීක්ෂණයේත් ප්‍රධානියා. පහුගිය මාස කිහිපයක ඔවුන් කළ සමීක්ෂණ ප්‍රතිපල මාධ්‍ය වෙතත් ඉදිරිපත් කළා. ප්‍රධාන වශයෙන් මෙම ආයතනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළත් ජනාධිපතිවරණය සම්බන්ධව දැනට පිළිගත් වෙනත් ආයතනයකින් සිදුකළ සමීක්ෂණයක් නොමැති නිසා දේශීය මෙන් ම ද හින්ද් වැනි විදේශීය මාධ්‍ය ආයතන පවා ඔවුන්ගේ සමීක්ෂණය උපුටා දක්වා තිබුණා පහුගිය කාල වකවානුව තුළ.

සමීක්ෂණයක තිබිය යුතු මූලික සිද්ධාන්ත බිඳ වැටී ඇත

විද්‍යාත්මක නියැදියක් භාවිත කිරීම

2023 වසරේ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 17,088,869ක්. මිලියන 17ක ජනගහනයෙන් සංගහන සමානුපාතය 50% වන පරිදි, 95%ක විශ්වාස මට්ටමේ සහ සම්මත දෝශ 3ක් ලෙස සමීක්ෂණයක සඳහා 1068ක නියැදියක් තෝරාගත යුතුයි. ජනමත විමසුම අති සංවේදි සමීක්ෂණයක් බැවින් සමීක්ෂණ ප්‍රථිපලයේ වලංගුභාවය (Validity) වැඩි වීමට නම් නියැදිය සකස් විය යුත්තේ ජනගහනයේ සැබෑ සමාජ ආර්ථික හරස්කඩ නිරූපණය වන අයුරින්. එනම් මෙරට ජනසංයුතිය අනුව නියැදිය තුළ 52.8%ක් කාන්තා හා 47.2%ක් පිරිමි ද 18.2%ක් නාගරික‍්, 77.4%ක් ග්‍රාමීය හා 4.4% වතු ක්ෂේත්‍රය නියෝජනය විය යුතුයි. රැකියාවේ ස්වභාවය අනුව රාජ්‍ය 15.1%ක්, පෞද්ගලික අංශ 42.9%ක්, සේවායෝජක 2.9%ක්, ස්වයං රැකියා 33.1%ක් සහ සෙසු 5.9%ක් නියැදියේ සමන්විය යුතුයි. ඊට අමතර ජාතීන් අනුව සිංහල74.9%, ලංකා දමිළ 11.2%, ලංකා මුස්ලිම් 9.3% ඉන්දියානු දමිළ 4.1% හා වෙනත් 0.5% වශයෙන් ද ආගම් අනුව බෞද්ධ 70.1%, හින්දු 12.6%, ඉස්ලාම් 9.7% සහ ක්‍රිස්තියානි හා රෝමානු කතෝලික 7.6%ක් යන ප්‍රතිශතය අනුව සකස් විය යුතුයි. මීට අමතරව වයස් ඛාණ්ඩ මෙන් ම අධ්‍යාපන මට්ටම හා ආදායම් මට්ට ම ද නියැදිය තේරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු වන්නේ එකී සියලු සාධක ඡන්දදායක චර්යාවට බලපාන හෙයිනි. සියලු දිස්ත්‍රික්කවල ජනගහනයන්ට සමානුපාතික ප්‍රතිශතයක් නියැදිය තුළ නිරූපණය වීමත් වැදගත්. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් නියදිය සකස් නොකරන්නේ නම් සමීක්ෂණයේ විශ්වසනීයත්වය (Reliable) ගිලිහෙයි.

IHP ආයතනයේ සමීක්ෂණයට සහභාගි කරගත් දත්තදායකයන්ගේ සමාජ ආර්ථික හරස්කඩ නියෝජනය අපැහැදිලි ය. සහභාගීකරගත් දත්තදායකයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, අයත් වන දිස්ත්‍රික්කය, වයස් මට්ටම ආදි Demographic දත්ත ඉදිරිපත් කර නැත. WAPOR හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන විට ඒ සඳහා සහභාගී කරගත් ජනගහණයේ Demographic තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. නමුදු IHP සමීක්ෂණයට අදාළව කිසිඳු Demographic තොරතුරු ඉදිරිපත් කර නැත. සමීක්ෂණ වාර්තාවේ වැඩි විස්තර සඳහා ඔවුන් සම්බන්ධ කරගන්නා ලෙස පවසා තිබුණු හෙයින් විද්‍යුත් තැපෑලකින් එම තොරතුරු ඉල්ලා සිටියත් පිළිතුරු දුන් වෛද්‍ය රවි රන්නන් මහතා Demographic විස්තර පිළිබඳව නිශ්චිතව තොරතුරු ඉදිරිපත් නොකළේ ය. වෛද්‍ය රවී කියා සිටින්නේ දුරකතන සංවාද වයස හා ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය නියෝජනය නොවන බව පර්යේෂණ ලිපියේ සඳහන් කොට ඇති බවත් නියැදිය ජාතික ජනගහණයට සමාපත කිරීමට උත්සහ ගෙන ඇති බවත් ය.

අප්‍රේල් මස සමීක්ෂණයට යොදාගත් 444ක නියැදිය 2023 වසරේ සමස්ථ ලියාපදිංච ඡන්දදායකයන්ගෙන් 0.0025%ක් පමණි. එය මිලියන 17 නියෝජනය කිරීමට කිසිසේත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නියැදියක් ද නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍ය ආධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම IHP සමීක්ෂණය මුළුමනින්ම බැහැර කළ යුත්තක් බව පෙන්වා දෙන්නේ විද්‍යාත්මක නියැදියක් වෙනුවට IHP ආයතනයේ සායනික ප්‍රතිකාර සඳහා සහභාගී වූවන්ගෙන් තොරතුරු ලබාගෙන ඇතැයි පෙන්වා දෙමිනි. “’ඔබ කාටද ඡන්දය ලබා දෙන්නේ’ යන ප්‍රශ්නය අහන්නේ වෛද්‍යවරයා එනතුරු පෝලිමේ සිටින රෝගීන්ගෙන්. එතනදි ප්‍රායෝගිකව එම රෝගියා ලබාදෙන පිළිතුර කිසිම විදිහකින් ධනාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම මෙහිදී භාවිතයට ගෙන ඇති ක්‍රමවේදය, නියැදි සංඛ්‍යා නිවැරදි නැහැ.” සායනවල පෝලිමේ සිටි පිරිස් නියැදිය ලෙස යොදාගත් බවට නැගූ චෝදනාව ප්‍රතික්ෂේප කරන වෛද්‍ය රවී පැහැදිලි කළේ පළමු අදියරේ හෝටල්, පන්සල්, පාසල් වගේම මහජන සෞඛ්‍ය සායන ආදි ක්ෂේත්‍ර විද්‍යාත්මක ක්‍රමයකින් පර්යේෂණය සඳහා යොදාගත් බවයි.

ප්‍රශ්නාවලියේ සමබරතාව – Balance

සමීක්ෂණයක් සඳහා භාවිත කරන ප්‍රශ්නාවලිය වැදගත් වන්නේ එය සමස්ත සමීක්ෂණයේ වලංගුභාවයට (Validity) තීරණාත්මක සාධකයක් බැවින්. මොක ද ප්‍රශ්නාවලිය සමබර නොවුන විටෙක ලැබෙන ප්‍රතිචාර පාර්ෂවීය වීමේ ඉඩකඩ වැඩී. දත්ත දායකයා වෙත යොමු කරන ප්‍රශ්නයේ යම් සීමාවක් තිබෙන විටෙක ඔහුගේ පිළිතුර එක් පසකට යොමු වේ. එමෙන් ම ප්‍රශ්නය හෝ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන තැනැත්තා අනුව ද ලැබෙන ප්‍රතිචාරය වෙනස්. ප්‍රසිද්ධියේ කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ තැනැත්තෙක් ප්‍රශ්නාවලියක් යොමුකරන විට ප්‍රතිචාරය ලැබෙන්නේ ඔහු නියෝජනය කරන පක්ෂයට වාසිදායක ලෙස. එනිසා ප්‍රශ්නය වගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාත් සමබර විය යුතුයි. ඉතින් ජනමත සමීක්ෂණ වාර්තාවක් සමඟ ඒ සඳහ යොමුකළ ප්‍රශ්නය/ප්‍රශ්නාවලිය ද ඉදිරිපත් කළ යුතු බව WAPOR මාර්ගෝපදේශය නිර්දේශ කරයි. IHP සමීක්ෂණය එම අවශ්‍යතාව සපිරීමටත් කටයුතු කර නොතිබීම තවදුරටත් එම සමීක්ෂණයේ විශ්වාසනීයත්වය හීන කරයි.

වෛද්‍ය රවී කියා සිටින්නේ ඔවුන්ගේ පර්යේෂණය ජාත්‍යන්තර විමර්ශිත සඟරාවල පවා පළ වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ පර්යේෂණයට අදාළ ප්‍රශ්නාවලිය පිළිගත් කමිටු හතරකින් අනුමැතිය ලද බවයි. “මීට පෙර ලංකාවේ කළ කිසිම සමීක්ෂණයක් මේ තරම් ස්වාධීන ආචාරධර්ම විමසුමකට ලක් නොවුන බව ස්තීරවම කියන්න පුළුවන්”

මැතිවරණය පිළිබඳ කෙරෙන ජනමත සමීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමේ දී ප්‍රවේශම් විය යුතු ආකාරය මහාචාර්ය උයන්ගොඩ විග්‍රහ කළේ ය. “සමහර මාධ්‍ය ගත්තහම, රූපවාහිනිය එහෙම කැමරා අරන් ගිහින් ප්‍රශ්න අහනවා ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා. ඒක නිවැරදි ප්‍රවේශයක් නෙමේ. ඡන්දෙ දෙන්නේ කාට ද කියන කරුණ දේශපාලන සංස්කෘතිය තුළ අතිශය පෞද්ගලික කාරණාවක් කියලයි ලාංකික පුරවැසියන් හිතන්නේ. ප්‍රශ්නය අහලා බල කරද්දී බොරුවක් කියන්නත් පුලුවන්. ඒ නිසා තමයි සංවේදී දේශපාලන ප්‍රශ්න ගැන මහජන මතය විමසන්න අපි පරිස්සම් වෙන්න ඕනේ, ඍජුව ප්‍රශ්න අහනවාද වක්‍රව ප්‍රශ්න අහනවාද කියලා.

එමෙන් ම මැතිවරණයේ දී ජන්දය නොදී සිටීමට තීරණය කළ පිරිස් ද, ඡන්දය දෙන්නේ කාට දැයි අනාවරණය කිරීමට අකැමැති පිරිස් ද සිටිය හැකි වුවත් සමීක්ෂණය පුරා එවැනි පිළිතුරු ලැබුණු බවක් දක්වා නැත. එමෙන් ම සමීක්ෂණය සඳහා දී තිබෙන 4ට අමතරව වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දීමට සැලසුම් කර ඇති ඡන්දදායකයන්ට කිසිඳු වරණයක් ප්‍රශ්නාවලිය තුළ ඉදිරිපත් නොවීම මෙම සමීක්ෂයේ තවත් දුර්වලකමකි.

ක්‍රමවේදය සහ දත්ත රැස් කිරීමේ දී සිදුවන පක්ෂපාතීත්ව (Bias)

WAPOR මාර්ගෝපදේශය පෙන්වා දෙන්නේ සමීක්ෂණ ප්‍රතිඵලය සමඟ පර්යේෂණ ක්‍රමවේදය පැහැදිලිව විස්තර කළ යුතු බවයි. එමෙන්ම මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමානවලත් දැක්වෙන්නේ මාධ්‍ය ආයතනයක් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන විට ඒ සඳහා භාවිත කළ ක්‍රමවේදය සඳහන් කළ යුතු බවයි. IHP සමීක්ෂණයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන වෛද්‍ය රවී රන්නන්-එළිය මහතාගෙන් ඔවුන් භාවිත කළ සමීක්ෂණ ක්‍රමවේදය දුර්ලභ ක්‍රමවේදයක් යැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. “අපේ ප්‍රධාන වාර්තාව පිළිගත් සමීක්ෂණ ක්‍රම පාවිච්චි කර තිබෙනවා. ඡන්දය දීමේ කැමැත්ත පිළිබඳව ප්‍රතිඵල ප්‍රකාශ කර තිබෙන සමීක්ෂණයට පිළිගත් සමීක්ෂණ ක්‍රමයක් අපි භාවිත කරන්නෙ නෑ. ඒ වෙනවුට අපි පාවිච්චි කරන්නේ බහු මට්ටමේ ප්‍රතිගමනය සහ පශ්චාත් ස්ථරීකරණය Multilevel Regression and Post-Stratification (MRP) නම් ක්‍රමයක්. ඒක YouGov බහුලව භාවිත කරන ඇමරිකානු සහ බ්‍රතාන්‍ය විද්වතුන් දියුණු කළ ක්‍රමයක්. එනිසා ඡන්දය දීමේ අභිප්‍රාය පිළිබඳ ප්‍රතිඵල ආදර්ශ පදනම් වූ ඇස්තමේන්තුවක්.”

දත්තදායකයන්ගෙන් ලබා ගන්න මූලික දත්ත සමස්ථ සමීක්ෂණය තුළම පිළිඹිබු වෙයි. ජනමත විමසුම් වැනි සංවේද කරුණු සමඟ ගනුදෙනු කිරීමට පුහුණු දත්ත රැස් කරන්නන් යොදාගත යුත්තේ පක්ෂපාතීත්වයන් අවම කිරීමටයි. ජාතික වශයෙන් සිදු කරන සමීක්ෂණවල දී රැස්කරගනු ලබන දත්තවල සත්‍යතාවයේ බරපතල ගැටලු පවතින බවට ක්ෂේත්‍රය (Industry) කියා සිටියි. මෙරට ප්‍රමුඛ පෙලේ පර්යේෂණ ආයතනයක සේවය කළ සිය අනන්‍යතාව අනාවරණය කිරීමට අකමැති පර්යේෂිකාවක් කියා සිටියේ දත්ත රැස්කරන්නන් ප්‍රශ්නාවලි කිහිපයක් පුරවන විට හඳුනගන්නා රටාව අනුව සෙසු සියලු ප්‍රශ්නාවලි පිරවීම බහුලව සිදුවන වැරැද්දක් බවයි.

මහාචාර්ය ආනන්ද සිය අත්දැකීමෙන් බෙදාගනිමන් පර්යේෂණ ආයතන ලාභය වැඩි කරගැනීමට අඩු පිරිවැයකින් පර්යේෂණ අවසන් කිරීමට දුරකතන සාකච්ඡා, ගූගල් ෆේම් වැනි කෙටි ක්‍රම පාවිච්චි කිරීම හේතුවෙන් දත්ත විකෘති වන බව කීවේ ය. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනමත විමසුමක් සිදුකළ ආයතනයක් එහි ප්‍රතිඵලය පිසිද්ධ නොකිරීමට තීරණය කළේ විශ්වවිද්‍යාලවලින් සහභාගීකරගත් දත්තරැස්කන්නන් රැස්කළ දත්ත විශ්වාස කළ හැකි මට්ටමක යථාර්තවාදි නොවන දත්ත ලෙස පෙනී ගිය බැවින් යැයි එම සමීක්ෂණයට සම්බන්ධ තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකු වන මහීල් බණ්ඩාර පෙන්වා දුනි.

සමීක්ෂණ ප්‍රතිඵල වෙනස් කිරීම

රෝහන හෙට්ටිආරච්චි අවධාරණයෙන් යුතුව කිව්වේ මෙරට ජනමත සමීක්ෂණ කිසියම් දේශපාලන නැමියාවක් සහිත පිරිස් කරන බවයි. එහි දී සමීක්ෂණයෙන් තමන්ට අවශ්‍ය ප්‍රථිපල නොලැබුණත් සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට කටයුතු කරයි. මහාචාර්ය ආනන්ද ද පෙන්වා දෙන්නේ ඇතැම් විටක සමීක්ෂණ පවත්වන ආයතන මූල්‍ය වාසිය තකා ව්‍යාජ ප්‍රතිඵල ඉදිරිපත් වන බවයි. “සමහර වෙලාවට එන ප්‍රතිඵලය නෙවේ ප්‍රසන්ට් කරන්නෙ. සංඛ්‍යාත්මක විදියට තමන්ට ඕන විදියට ගළපන අවස්ථා තියනවා. දේශපාලන පක්ෂයකින් කිව්වොත් මෙහෙම දාන්න තව ලක්ෂ 10ක් අපි දෙන්නම් කියල එතකොට දානවා. IHP සමීක්ෂණයේ ජනවාරි මාසෙ 52%ක් කිව්වා අනුරට, 34%ක් කිව්වා සජිත්ට. දැන් අනුරව තිස් ගාණක් බස්සලා. එහෙම විශාල වෙනසක් වෙන්න තරම් සිද්ධියක් වුණේ නෑනෙ.” මහාචාර්යවරයාගේ තර්කය අනුව IHP සමීක්ෂණය තනිකරම මුලාව(Manipulation එක)ක්. එය ආර්ථික ප්‍රතිලාභ තකා දියත් කළ ව්‍යාපෘතියක්.

ආධාර මූලාශ්‍ර නිසා එල්ලවන බලපෑම්

ජනමත සමීක්ෂණය මුදල් උපයන, ලාභ ප්‍රතිලාභ තිබෙන කර්මාන්තයක් ලෙස ආචාර්ය ප්‍රදීප් පෙන්වා දෙයි. “මාධ්‍යයන්ට තමයි සමීක්ෂණ වැඩිපුරම ඕන කරන්නේ. ඒ හින්දා හුඟක් වෙලාවට මාධ්‍ය මේවා මෙහෙයවනවා.” ඉන්දියාව වැනි රටවල මැතිවරණ ආසන්නේ රියැලිටි වැඩසටහන් මෙන් ජනමත විමසුම් සාකච්ඡා පවත්වා දැන්වීම් මගින් විශාල ලාභයක් උපයන බව ආචාර්ය ප්‍රදීප් පවසයි. රාජ්‍ය නොවන ආයතන ද ජනමත සමීක්ෂණ කෙරෙහි මූල්‍ය සාධකය නිසා වැඩි උනන්දුවක් දක්වන බව ද හෙතෙම කියයි. “මේක හොඳ ගාණක් හොයාගන්න පුළුවන් ව්‍යාපෘති නිසා හුඟ දෙනෙක් මේ වැඩේට බැස්සා.” තවදුරටත් ඔහු කියා සිටින්නේ ජනමත සමීක්ෂණයක් කිරීම වියදම් අධික කාර්යයක් හැටියටයි. “1400-1500ක් අතර හොඳ නිරවද්‍යතාවකින් යුතු සමීක්ෂණයකට දිවයින පුරා දත්ත රැස්කරනවා නම් සතියකට ලක්ෂ 70ක් වත් අවශ්‍යයි. කාර්ය අවසන් කරන්නත් මාස එක හමාරක් ගත වෙනවා. ඒ නිසා ලංකාවේ කරපු සමීක්ෂණයක සාම්පල් එක 2500කට වැඩියි කියල කවුරු හරි කියනව නම් ඒකෙන්ම ඔප්පු වෙනවා ඒක බොරුවක් කියලා.”

ජනමත සමීක්ෂණ වාර්තාවන්ට වලංගුභාවයක් තිබේ ද?

IHP ආයතනයේ සමීක්ෂණය පිළිබඳ එල්ල වන ප්‍රබල චෝදනාවක් හැටියට 2021 සිට අද දක්වා ලබාගත් දත්ත සමුච්චියක් ලෙස ගෙන අවසන් ප්‍රතිඵල සකස් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. 2021-22 කාලය තුළ තිබූ සමාජ ආර්ථික හා දේශපාල පරිසරය අද වන විට හාත්පසින්ම වෙනස් වී ඇති බැවින් එකල ලබාගත් දත්ත අදට වලංගු කරගන්නේ කුමන පදනමකින් ද! වෙනත් කාලසීමාවක් තුළ කළ සමීක්ෂණයක් මැතිවරණයක් ආසන්නයේ ඉදිරිපත් කිරීමත් ඡන්දදායක සිතාමතා නොමඟ යැවීමක් හැටියටයි සැලකෙන්නේ. කාලයත් සමඟ සමාජ ආර්ථික කාරණා වෙනස් වීම සැලකිල්ලට ගනිමින් එය 2012 සංගණනයට ගැලපීමට කටයුතු කළ බවයි වෛද්‍ය රවී පැවසුවේ. ඒ සඳහා 2019 වසරේ සකස් කළ වත්කම් දර්ශකය යොදගත් බව ද පෙන්වා දුන්නේ ය. “මෙලෙස වසර 3-5ත් අතර ගැලපීම් කිරීම ජාත්‍යතන්තර සමීක්ෂණ සාහිත්‍යයේ පිළිගත් ක්‍රමයක්” වෛද්‍යවරයා පැවසුවා.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජනමත විමසුම් කිරීම “දේශපාලන වශයෙන් පැහැදිලි අනන්‍යතාවයක් නැති අය නැතිනම් වෘත්තීය වශයෙන් සමීක්ෂණ කරන අය තමයි කරන්න ඕනේ” යනුවෙන් අවධාරණයෙන් කියා සිටියි. ඡන්දදායකයට පමණක් නොව දේශපාලන පක්ෂවලටත් බලපාන බැවින් ජනමත විමසුම් පිළිබඳ ප්‍රවේශම් විය යුතු බව රෝහණ හෙට්ටිආචරච්චිගේ අදහසයි. “දැන් මේ වෙලාවේ අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිහක් පනහක් ඉන්නවා. කොයි දේශපාලන ධාරාවටද සහාය දෙන්නේ කියල හිතමින්. මේ පක්ෂයේම ඉන්නව ද නැත්නම් කැඩිලා අනිත් පක්ෂයට එකතු වෙනව ද. මේවා ඔක්කොම තීන්දු කරන්නේ මහජන මතය කොහෙටද කැරකෙන්නේ කියන එක මත තමයි.” එනිසා පර්යේෂණ තොරතුරු විද්‍යාත්මක පදනමකින් තොරව ඉදිරිපත් වීමෙන් ජනතාව වගේම මහජන නියෝජිතයොත් නොමඟ යනු ඇතැයි හෙතෙම කියා සිටියි.

ජනාධිපතිවණ ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය උපමාන අනුව සියලු මාධ්‍ය කටයුතු යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර.එම්.ඒ.එල් රත්නායක මහතා අවධාරණය කරයි. “ඒවා පාලය කරන්න දැනට අයිතියකුත් අපට නෑ. නීතීමය වශනේ කටයුතු කරන්න පුළුවන් මැතිවරණ කාලය තුළ. එක් එක් පක්ෂවලට එ්ක බලනවා කියන පදනමින් ඒවාට බලපෑම් කරන්න. අඩු ගාණෙ දැනුම් දීමක් හරි කරන්න පුළුවන්.” මාධ්‍ය නොවන වෙනත් ආයතන සහ කණ්ඩායම් සිදුකරන ජනමත සමීමක්ෂණ‍, මත විමසුම් ගැන කටයුතු කරන්න විශේෂ ප්‍රතිපාදනයක් දැනට නැති බවත්, එනිසා ඒවාට බාධා කිරීම අපහසු බවත් සභාපතිවරයා වැඩිදුරත් කියයි. ජනමත සමීක්ෂණ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක නියාමනයක අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිගනී. “අපි මේ ගැන හොයලා නෑ. ඒ නිසා මේ ගැන අනිත් රටවල් කටයුතු කරන්නේ කොහොම ද කියල හොයලා අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් මොන ආකාරයෙන් ද කියල ඉදිරියේ දී බලන්න පුළුවන්.”

*කථිකාචාර්ය සකීෆ් සාම් – කැළණිය විශ්වවිද්‍යාලය

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    හිතවත් සකීෆ් සාමි,
    .
    ඔබගේ උත්සාහය ඉතා අගය කරමි.
    භාෂා බෙදීම ජය ගැනීම ඉතා අපහසුය. මම මෙම අදහස ඉංග්‍රීසියෙන් ටයිප් කරන අතර, එය සිංහලට දැමීමට “Google Translate” ගෙන් අසමි. b>
    .
    මගේ මිත්‍ර ආචාර්ය අමීර් අලිට සිංහල පාවිච්චි කරන්න බැහැ. ඔබේ ත්‍රිභාෂා බව මට විශ්වාසයි. අමීර්ගේ මෙම ලිපිය බලන්න. b>
    .
    https://www.colombotelegraph.com/index.php/an-observation-on-muslim-voters/
    .
    බාධක ජය ගැනීමට හැකි දේ කරමු.
    .
    මම 75 හැවිරිදි වියේ පසුවන අතර හැකි තරම් අවබෝධය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වෙමි. b>
    .
    Panini Edirisinhe

    • 1
      1

      Safick,
      .
      Fortunately, Colombo Telegraph allows us
      to make comments in English in the Sinhala section of the website. Vice versa is not allowed! Come to think of it, why don’t I submit the original of my comment also here?
      .
      That may help you, and others, to assess the usefulness of this tool. However, it will be dangerous to use this for translation into languages that we don’t know ourselves.
      .
      Best wishes,
      .
      Panini

    • 1
      1

      Dear Sakeef Sami,
      .
      I greatly appreciate your effort.
      The language divide is very difficult to overcome. I’m typing this comment in English, and will ask “Google Translate” to put it into Sinhala.
      .
      My friend Dr Ameer Ali just cannot use Sinhala. I’m sure that your trilingual. Please see this article by Ameer.
      .
      https://www.colombotelegraph.com/index.php/an-observation-on-muslim-voters/
      .
      Let’s do what we can to overcome obstacles.
      .
      I myself am a 75-year-old who wants to promote as much understanding as possible.
      .
      Panini Edirisinhe

    • 1
      1

      What more can we expect from a lunatic whose IQ is much lower than an 8th grader?
      If you ask him (SINHALA MAN THOUGH HE CANT SPEAK SINHALA) a simple question, he will try his best to twist it.
      How many times does this guy try to correct the commenters ?
      This man is a real failure.
      :
      He fits the mindset of that abusive psychopath named Ruchira. My wish is that at least these days (worrying period ahead of PE) this so-called ex-teacher should go away and leave us alone.
      ..
      This man is completely off the topic. We respect elders, but if they don’t understand simple things, they better refrain from commenting. This alienated man does not understand the basics of anything. We at CT don’t expect an answer from you because we
      know his knowledge of most things is not beyond kindergarten level.

  • 2
    3

    //”IHP සමීක්ෂණයේ ජනවාරි මාසෙ 52%ක් කිව්වා අනුරට, 34%ක් කිව්වා සජිත්ට. දැන් අනුරව තිස් ගාණක් බස්සලා. එහෙම විශාල වෙනසක් වෙන්න තරම් සිද්ධියක් වුණේ නෑනෙ.”//
    .
    That’s true.
    .
    As a person who defended IHP here not once but twice, when two academics wrote critically about them, I too am a little sceptical about the reliability and validity of their work now.
    .
    When two articles appeared heavily condemning the IHP polls, I brought the criticisms to the attention of IHP and Dr. Rannan-Eliya, requesting that he respond to the criticisms and allegations levelled at him and his organisation but to no avail.
    .
    While I am no expert in research or opinion polls, I could clearly see the fallacies in some of the criticisms directed at the IHP Polls, themselves.
    .
    TBC

    • 1
      0

      Dear Ruchira,
      .
      I have given your comments Green Thumbs;
      that is to restore the Balance somewhat.
      .
      Every time a comment by you or me appears, a Red Thumb appears like magic.
      .
      At least I enjoyed the good times; you haven’t.
      .
      In the old days, when I lambasted the Rajapaksas, the guy who now does this to us, is probably the fellow who couriered chocolates to me.
      .
      Poor you!
      .
      Panini Edirisinhe

  • 1
    1

    In summary what I’d lke to see is a more nuanced academic analysis of the MRP method, that IHP says it uses. It’s suitability for opinion polls and whether IHP has been applying it correctly or not. If not what and where are the faults – in a technical manner. Taking into the factbit may not be the ideal method that the mentioned world authority prescribe, but given the resource constraints whether it could be used and whether it has been used (by ihp) in the optimal manner. And finally caveats in interpreting results so generated.
    .
    TY

  • 1
    1

    හිතවත් මිත්‍රවරුනි, සියල්ල පසෙකලා රටේ ආර්ථිකය ගොඩනැංවීමේ පොදු අරමුණක් වෙනුවෙන් එක් වෙමු.
    රට පුරා සිටින රැවටිලිකාර ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය ලබා දුන් එම පණ්ඩිතයන් ගෝඨාභයගේ ඉරණමට සමාන අද්දැකීම් අඩු මිනිසුන් පමණි. අපි හැමෝම ඡන්දයෙන් සෙල්ලම් කරනවාට වඩා ඡන්දදායකයින් ලෙස අපේ මොළය භාවිතා කළ යුතුයි.

    මේ දවස්වල යූ ටියුබ් හිඟන්නන් (සේපාල් සහ සුදා හෝ ඒ වගේ) විවිධ මත විමසුම් පවත්වයි. Youtubers ලංකාවේ ඉපදුනොත් විශ්වාසවන්ත නෑ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඩොලර් ලාභය සඳහා වැඩ කරති.
    .
    මීට අමතරව, ඔවුන් එවැනි ඡන්ද විමසීම්වලදී ඡන්දදායකයින් තෝරා ගැනීම බලහත්කාරයෙන් ප්රශ්න කරති.
    1989 දී තම පුතුන් විසින් අමානුෂික ලෙස මරා දමා වධහිංසාවට ලක් වූ බොහෝ වින්දිත මව්වරුන්ට තවමත් සහන ලැබී නැත.

    හිතාමතා කළ ඝාතන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමාව ඉල්ලා නැත.
    89 තරුණ අසහනය සමථයකට පත්කිරීමේ දී ඔවුන් සම්පූර්ණ වරද පටවන්නේ එකල රටේ ක්‍රියාත්මක වූ බලවේගයට හෝ වෙනත් රජයේ යාන්ත්‍රණයට ය.
    https://www.youtube.com/watch?v=5zVzAOfgruM
    කෙසේ වෙතත්, හිතාමතා ඝාතනය කර වසර 35 ක් ගතවී ඇතත්, ශ්‍රී ලංකාවේ දන්නා සහ ජීවත් වූ අයට තවමත් ඔවුන්ගේම ඇසින් දුටු සාක්ෂිකරුවන් අමතක වී නැත.

  • 1
    1

    අපේ පොඩි කාලේ අපි හැදුණු වැඩුණු ගමේ හිටියා අයාලේ යන හරක්. ගවයාගේ සම පරපෝෂිතයන්ගෙන් පිරී තිබූ අතර ඒවායින් මිදීම කිසි විටෙකත් සහනයක් නොවීය.
    කාලයාගේ ඇවෑමෙන් ගවයා වයසට ගොස් ඇති අතර ඇගේ ජීවිතය පෙර පරිදිම කරගෙන යාමට තරම් සනීපයක් දැනෙන්නේ නැත.
    ඇගේ සම මත හමුවූ කිනිතුල්ලන් “ලේ උරා බොන කිනිතුල්ලන්” විය.
    :
    දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය හෝ සංසන්දනය දෙසට හැරේ:
    .
    ඔය කියන එළදෙන 2005 ඉඳන් මහේන්ද්‍ර රාජපක්ෂ (ජාතියේ අපවාදාත්මකම දේශපාලකයා) ට 100%ක් සමානයි. මරාට ශාපයක් වී ඇති මහජන දුක්ගැනවිලි නොතකා සුපුරුදු “උඩඟුකම සහ ඉදිමුණු ගතිය” නිසා ඔහු අද ඇවිදින මළ මිනිසෙක් වැනිය. දේශපාලනය.

    තවමත් ඔහුගේ සම මත පෝෂණය වන කිනිතුල්ලන් පහත පරිදි වර්ගීකරණය කර ඇත:
    .
    1) තම සැඟවුණු අභිලාෂයන් මුදුන් පමුණුවා ගනිමින් මේ ජාතිය විනාශ කිරීමට ආත්මාර්ථකාමීත්වය තම ජීවන ආදර්ශ පාඨය කරගත් සියලු ආකාරයේ අපරාධ දේශපාලනඥයන්.
    උදා: වාසිදේව, විමල් වීරවංශ වැනි වාමාංශිකයන්,
    ජොන්ස්ටන්, රෝහිත් සහ අනෙකුත් සියලුම මැරයන් – ලැයිස්තුව ඉදිරියට යයි.

    2) ඔහුගේ කුරිරු පාලනය තුළ පවුල් කිහිපයක් ස්පර්ශ කළ නොහැකි ලෙස පොහොසත් විය – ඔවුන්ගේ පැවැත්ම සඳහා දැඩි අපවාදාත්මක දේශපාලනයක් දියත් කළ සහ ඔවුන්ගේ ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර සඳහා ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගත් ව්‍යාපාරිකයන්.
    උදා. ටියුෂන් වෙළෙන්දෝ මනින්න බැරි තරම් ධනවත් වූහ
    අනෙක් සියලුම ව්‍යවසායකයින් නීති විරෝධී ව්‍යාපාරවලින් පොහොසත් විය. MARA මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සපයා ඔහුව ජාතියේ මිනිසා බවට පත් කළ මේ මිනිසුන් සහ ගැහැනුන් ඔහුව අන්ධ ලෙස විශ්වාස කළහ.
    .
    3) තමන්ගේ රූපවාහිනී නාලිකා හංවඩු ගැසූ මාධ්‍ය සංග්‍රාම, අන්තිම ශතය පවා ඩැහැ ගැනීමට මුළු ලංකාවම සදාකාලික මෝඩයන් බවට පත් කළේය. ඔවුන් සිතිවිලිවලින් ඈත් වී සිටින නමුත් ඒ වෙනුවට ඔවුන් ටෙලිනාට්‍ය සහ වෙනත් විනෝදාස්වාද වැඩසටහන්වල ගිලී සිටිති.
    උදා. Hiru TV, Derana TV, Swarnawahini, Siras TV සහ තවත්. Mlechcha ගේ පාලනයෙන් ලාභ ලැබූ අනෙක් අය වූයේ DIVAYINA මුද්‍රණාලය සහ තවත් මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් කිහිප දෙනෙකි.

  • 1
    1

    මම හිතන්නේ නායකයෙක් වෙන්න උපාධියක් අවශ්‍ය නැහැ. මම ජීවත් වෙන තැන වුණත් දේශපාලකයෙක් වෙන්න නම් අඩුම තරමේ මූලික උපාධියක්වත් තියෙන්න ඕන. කුස්සියේ ප්‍රධානියා වැනි ප්‍රකාශවලින් බී මහත්මියට ප්‍රහාරයක් එල්ල වූ නමුත් පසුව මේ රටට නායකත්වය දීමට පැමිණි උපාධිධාරීන්ට වඩා ජාත්‍යන්තර කමිටුවේ සිත් දිනා ගැනීමට ඇය සමත් වූවාය. මහින්ද රාජපක්ෂ (මැරයෙක්, උපාධිධාරියෙක් නොවේ) හෝ වෙනත් අය Mrs B මැතිනියගේ දේශපාලනය ප්‍රාග්ධනය කළහ. CHINA srilanka පිළිගන්නේ නැහැ, එදා අගමැතිනිය ඔවුන් සමඟ හොඳ සම්බන්ධයක් නොතිබුණා නම්.. B මහත්මියට පින්සිදු වෙන්න චීනයත් ජපානයත් ශ්‍රී ලංකාව සමඟ හොඳ සබඳතා පැවැත්වූවා. ඇය පළමු දිනයේ සිට නොබැඳි ගිවිසුම අනුගමනය කළාය.
    .
    අපි දන්න විදියට බී නෝනා, එයාගේ දුව CBK, JRJ, මුදලි ඇතුළු ලලිත් ඇතුළු අපේ දේශපාලකයෝ කාටවත් ගැති නොවී ජාත්‍යන්තරයත් එක්ක ඒක සමථයකට පත් කළා.

    එවැනි රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් නොසලකා හැර, එය තමන්ගේ දේශපාලනයෙන් උදුරා දමා, මේ රට රස්තියාදුකාරයන්ගේ පාරාදීසයක් බවට පත් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලකයන්ට වඩා අපයෝජනය කරන මහින්ද රාජපක්ෂගේ ආරම්භයත් සමඟය.
    :
    ඔහුගේ RASCAL පාලන සමයේදී රටේ ආර්ථිකය නැංවීමට ඔහුගේ නූගත් ආධාරකරුවන් කෑ ගැසුවද, චීනය සමඟ වැඩ කිරීමට නොහැකි වීමෙන් MaR ද අසාර්ථක වී ඇත. ඇත්ත වශයෙන්ම, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ෆැන්ටසියෙන් ජීවත් වීමට උපකාර කිරීම සඳහා චීනය විසින් ඉදිරිපත් කරන ලද ආයෝජන උපක්‍රමය සඳහා MaRa සම්පූර්ණයෙන්ම RAWAටුණි.
    .
    ඒ අතරම, විද්වතුන්ට අනුව, ඔහුගේ යෝධ ව්‍යාපෘති කිසිවක් (සුදු අලි) මහජනතාවට හඳුන්වා දීමෙන් පසු රටට ආදායමක් ගෙන ආවේ නැත.

    කෙසේ වෙතත්, ණය මත යැපෙන ඕනෑම රටක් ඔවුන්ගේ ආර්ථික වර්ධනයට දායක වන නමුත් එය රට තුළට ගලා එන ණය මත බෙහෙවින් රඳා පවතී. iT පසුව MARA PROPAGANDA විසින් අර්ථකථනය කරන ලද්දේ චීනයට දෙවැනි වන “ආර්ථික වර්ධනයක්” ලෙසිනි.
    මෙම පැහැදිලි වෙනස ඇතැම් ආර්ථික විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන අතර අනෙක් අයට දේශපාලන වාසි සඳහා ව්‍යාජ සංජානන ධ්‍රැවීකරණය කිරීමට ඉඩ සලසයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.