
සංකල්ප මාරසිංහ
ඕනෑම රටක නීතියට ඒ රටේ පුරවැසියෝ ගරු කරනවා කියලා කියන්නේ ඒ රට බොහොම සාමකාමී නීතිගරුක රටක්.
ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නවා බොහෝ විට යුරෝපය එහෙමත් නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය වගේ බටහිර ලෝකයේ රටවල් පෙන්නලා අන්න අර රටවල් නම් හරිම නිත්‍යානුකූල රටවල් හරිම නීතිගරුක පුරවැසියන් ඉන්න රටවල්, ඒ රටවල්වල නීතිය උත්තරීතර ලෙස සැලකෙනවා, අපේ රටේ වගේ නෙමෙයි කියලා වර්ණනා කරන්න.
එතකොට අපේ රටේ නීතියට මොකද වෙලා තියෙන්නෙ? නීතිය වල් වැදිලා නීතිය, බල්ලට ගිහිල්ලා, නීතිය නමලා. මේ අපට බොහොම සුලබව අහන්න ලැබෙන වචන. ඒවා වචන විතරක් නෙමෙයි. ඒ වචන ක්‍රියාවට නංවනවා අපට නිතරම දකින්න ලැබෙනවා. කොච්චර අපට ඒවා පුරුදු වෙලාද කියනවනම් දැන් අපිට ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වෙලා.
රටක නීතියට, ඒ රටේ පුරවැසියන් වගේම නීතිය ක්‍රියාත්මක කරන, නීතිය ආරක්ෂා කරන්න සහ නීතිය පසැඳිලන්න තියෙන ආයතන නිසි වටිනාකම සහ ගෞරවය දෙනවා නම් ඒ රටේ නීතිය ආරක්‍ෂා වෙනවා. අපේ රටේ තියෙන ලොකුම ගැටළුව, මම හිතන විදිහට, කිසිම කෙනෙක්ගේ රටේ නීතිය පිළිබඳව ගෞරවයක් හෝ පිළිගැනීමක් නොදැක්වීමයි. මේ බව අපේ රටේ මහපාරක ගමන් කරනකොට, මිනිස්සු පදික නීතිය ගැන, මහා මාර්ග නීතිය ගැන ඒ වගේම පරිසරය ආරක්ෂා කරන්න තියෙන නීතිය ගැන දක්වන උනන්දුවේ, සැලකිල්ලේ ඉඳන්, මහා පරිමාණ සංවර්ධන ක්‍රියාදාමයන්, වෙළඳාම ආනයන අපනයන ක්‍රියාවලිය, පාසැලට ලමයි ඇතුලත් කිරීම ආදී එකී නොකී සියලුම තැන්වල නීතිය කඩන්න අපි රටක් වශයෙන් පැකිලෙන්නේ නෑ කියන කාරනාවෙන් පැහැදිලි වෙනවා.
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මේකට හේතු ගොඩක් තිබුණත් එයින් එක් ප්‍රධාන හේතුවක් ලෙස මට පහුගිය දවසක ඉතාමත්ම වේදනාත්මක ලෙස හඳුනාගන්න ලැබිච්ච කාරණාවක් තියෙනවා. ඒ තමයි නීතිගරුක වීමෙන් නීතියට ගරු කිරීමෙන් සහ නීතිය පිළිපැදීමෙන් අපට පුරවැසියන් හැටියට කුමන ප්‍රතිලාභයක් ලැබෙනවද කියන ප්‍රධාන ප්‍රශ්නය. ඒ වගේම රටක් හැටියට නීතිගරුකව ජීවත් වෙන මිනිසුන්ට අප කුමන ආකාරයෙන්ද සලකන්නේ කියන වග.
දැන් මගේ කතාව අහන්න
පහුගිය දිනක මගේ බිරිඳ එසේ මෝටර් රථය පදවා දෙන යන අතරතුර යතුරුපැදියක් සමග අනතුරක් සිද්ධ වුණා. මේ අනතුරෙන් යතුරුපැදි ධාවකයාට යම් බරපතල තුවාලයක් සිදුවන්නට ඇතැයි අනුමාන කළත් පසුව ඔහුට එවැනි බරපතළ අනතුරක් සිදු නොවූ බව හෙළිවුණා. කෙසේ වුවත් සිදුවූ අනතුරේ පරිමාණය අනුව ඔහුව වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ගිලන් රථයක කළුබෝවිල රෝහල වෙත ගෙන ගොස් ඇතුළු කරනු ලැබුවා.
මෝටර් රථ ධාවනය සහ මාර්ග අනතුරු පිළිබඳව කිසියම් අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙකු දන්නවා ඊට පස්සේ සිද්ධ වන්නේ කුමක්ද කියලා. මාර්ග අනතුරට වැරදිකරු කවුරුත් වුනත් එක් පාර්ශවයක් රෝහල් ගත කළොත් අනිත් පාර්ශවය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබනවා. මෙතැන් සිට කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය මාර්ග අනතුරකට ලක්වී පැමිණෙන පුරවැසියන් හට ලබාදෙන “සේවාව” පිළිබඳවයි.
කපටි ආරක්ෂකයන්
විදේශ රටවල චිත්‍රපට සහ වැඩසටහන් නරඹන කෙනෙක් නම්, ඔබ දැක ඇති, විදේශ රටවල් වලදී යම් කිසි කෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා නම්, ඔහුගේ හෝ ඇයගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ඔහුට විවෘතව හඬ නගා කියවීමෙන් පසුවයි ඔහුව අත්අඩංගුවට ගන්නේ. එහෙත් ලංකාවේ යම්කිසි කෙනෙක් අත්අඩංගුවට හෝ පොලිස් භාරයට පත්වෙන විට ඉස්සරහට වෙන්නේ මොනවාද කියලා ඔහුට මෙලෝ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිම අවස්ථාවක පොලීසි නිලධාරින් එය පැහැදිලි කරන්නෙත් නැහැ. උදාහරණයක් වශයෙන් මාර්ග අනතුරක් සිදුවූ පසුව පොලිසියට රියදුරා සහ වාහනය රැගෙන යන ආකාරය දෙස බලමු.
පොලිස් නිළධාරියා: සර් අපි පොලිසියට යමුද කට උත්තරයක් දෙන්න ?.
සර් එක වාහනෙත් අරගෙන එනවද පොලිසියට?.
බැලූ බැල්මට සාමාන්‍ය වාක්‍ය දෙකක් උනාට මේ වාක්‍ය දෙකේ තේරුම තමයි දැන් අපි ඔබව අත්අඩංගුවට ගන්නවා ඔබගේ වාහනය පොලිස් භාරයට ගන්නවා කියන එක. කිසි දවසක වාහනයක් ඇතුළට ගන්න බැරි පොලිසියේ ගේට්ටු දෙකක් හෑයි ගාලා ඇරලා වාහනය පොලිසිය ඇතුලට ගන්නවා වගේම ඔබව බොහොම සුහදශීලීව ගෙන ගොස් පොලිසියේ ඇතුළු කාමරයක වාඩි කරවන්නේ මේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහායි. හැබැයි මොනම වෙලාවකවත් ඔබට දැන් ඊළඟට සිදුවන්නේ ඔබව අත්අඩංගුවට පත්වීම සහ ඔබේ වාහනය පොලිස් භාරයට ගැනීම කියලා ඔවුන් කියන්නේ නැහැ.
සර් ලයිසන් එක පොඩ්ඩක් දෙනවද? සර් ආදායම් බලපත්‍රය පොඩ්ඩක් දෙනවද?
මේ කියන්නේ ඒවා පොලිසිය බාරයට ගන්නවා කියන එක.
හෝඩි පොතේ පාඩම්
මීළඟට සිද්ධ වෙන්නේ ඔබේ කට උත්තරයක් ගන්න එක. ශ්‍රී ලංකාවේ ඕනෑම පොලිසියකට ගියහොත් ඔබට නොවරදීම දකින්න පුළුවන් දෙයක් තමයි මහා තඩි පුස්තක. ඒවායේ කොන් නැමිලා, පිට කවර හමම ගිහිල්ලා. ඒ පොත්වලට ඔබ නොදන්නා ඉංග්‍රීසි අකුරු තුනේ නම් ART, CRB, BTC (මේ බොරු නම්) තිබෙනවා. ඔබට අදාල වන අපරාදය හෝ පැමිණිල්ල අනුව එක එක පොත් වෙන වෙනම භාවිතා කරනවා.
ඉතින් ඊළඟට වෙන්නේ පොලිස් නිලධාරියෙක් ඔබව වාඩි කරවගෙන ඔබේ කට උත්තරය ගන්න එක. ලංකාවේ ඕනෑම පොලිසියකට ගියොත් ඔබට දැක ගන්න පුළුවන් ඔබ දැකපු ඉතාමත්ම අවලක්ෂණම ඉතාමත්ම අපිළිවෙලම අත් අකුරු වලින් තමයි මේ සියලුම පොත් පිරිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අකුරු වලින් ලියල තියෙන කාරණා අඩුම තරමේ ඒක ලියපු කෙනාටවත් ලියල විනාඩියක් ගියාට පස්සේ කියවන්න බෑ. ලංකාවේ ඉන්න කැතම අකුරු ලියන අය තෝරලා පොලිසියේ මේ වාර්තා ලියන්න ගන්නවද කියලා වෙලාවකට හිතෙනවා. මුළු ලෝකයම ඩිජිටල් වෙලා තියෙන මේ කාලයේ තාමත් ලංකාවේ පොලිසිය ආදී කල්පික මේ වගේ ක්‍රමවේද තමයි පාවිච්චි කරන්නේ. ඒ ක්‍රමවේද පවා ඉතාමත්ම අවලක්ෂණ දුර්වල සහ අපිළිවෙල ආකාරයටයි සිද්ධ වෙන්නේ.
බස් හෝල්ට් පොලිසිය
ඔබේ කට උත්තරය ගැනීම සඳහා අවම වශයෙන් පැය භාගයක සිටියේ පැය දෙකක් දක්වා කාලයක් ගතවෙන්න පුළුවන්. ඒ කාලය ඔබගේ කට උත්තරය ලියාගන්නා නිලධාරියාගේ intellectual capacity එක ගැන ඔබට කියා පාන කැඩපතක් බඳුයි.
මේ සම්පූර්ණ කාලය ඇතුලත ඔබට පොලිසියේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් වල යම් කිසි සාම්පල් එකක් ඇඟේ වැදී යන ආශ්වාදය ලබාගන්න පුළුවන්. ඒ කියන්නේ පොලිසිය තුළ සිද්ධවෙන සියලුම කාරණා ඔබගේ කට උත්තරය ගන්නා නිලධාරියාගේ කුමක් හෝ මැදිහත්වීම සහිතව, ඔබගේ කටයුත්තරය ගැනීමේ ක්‍රියාවලිය සෑම විනාඩි පහකට වරක්ම කිසියම් ආකාරයකින් බාධාවකට ලක්වෙමින් ඔබ වෙත ගලා එනවා.
සාජන් මහත්තයා සී.ආර්.බී පොත කෝ?
කවුද අද පැට්‍රල් යන්නේ?
වවරෙන්තු දෙකක් තිබ්බා බැලුවද?
ජිප් එකේ යතුර කෝ?
කට උත්තරය ගැනීම සඳහා ඔබට වැයවන සමස්තත කාලයෙන් සියයට හැටක් වැය වන්නේ මෙන්න මේ අතුරු වැඩවලටයි.
මිහිපිට නිරය
ඕනෑම පොලිස් ස්ථානයක තිබෙන ඉතාමත්ම අප්‍රසන්නම අපිරිසිදුම ඒ වගේම අනීතිකම ස්ථානය රැඳවුම් මැදිරි වේ.
බොහෝ දෙනෙකුට හිතෙන්නට පුළුවන් රැඳවූම් මැදිලිවල ඉන්නේ වරදකරුවන් නිසා ඔවුන්ට කිසිදු අයිතිවාසිකමක් හෝ වරප්‍රසාදයක් සදහා හඬක් නැගීමට අයිතියක් නැති බව. නමුත් අප ජීවත් වන මේ කෙටි කාලයේ අවාසනාවකට ඔබට කෙදිනක හෝ මට ලැබුණු මේ අත්දැකීම විඳින්නට සිදුවුවහොත් ඔබට පැහැදිලි වෙයි ඔබේ අදහස කොයිතරම් වැරදිද කියල.
දෛනිකව පොලිසියට මැදරියට ගෙන එන්නේ කසිප්පු කුඩු ගංජා සහ වෙනත් අපචාරයන්හිි යෙදුණු ඒ වගේම නිතර නිතර එවැනි අපචාර වලට පොලිස් කූඩුවේ ළඟින්නට පුරුදු වුන, පොලිසිය මහත්වරුන්ව නමින්ම අඳුරන පිරිසක්. නමුත් මේ අතරින් රථ වාහන අනතුරු ඒ වගේම වෙනත් සුළු සිවිල් කටයුතු සඳහා පොලිස් අත්අඩංගුවට පත්වන කිහිපදෙනෙක් සිටිනවා.
මෙන්න මේ අයට තමා මිහි පිට අපාය පෙනෙනේ.
පොලිසියේ සිර මැදිරි කියලා කියන්නේ විවිධ ආකාරයේ ගන්ධයන්ගේ එකතුවක්. මුද්‍රා ගඳ, දහඩිය ගඳ, ගංජා ගඳ, පරණ ඇඳුම්වල ගඳ, කසිප්පු ගඳ,පුස් ගඳ ආදී විවිධ ගන්ධයන්ගේ අමුතුම එකතුවක් මේ සිර මැදිරි අසලින් එනවා. ඒ වගේම සිරකරුවන් සියලු දෙනාම වාගේ සිටින්නේ උඩුකය නිරුවත්ව. බොහෝ පොලිස් ස්ථානයන්හි කාන්තාවන් සඳහා වෙනම සිර මැදිරි නැහැ. ඔවුන් සිටින්නේ එක්කෝ පිරිමි සිර මැදිලි අසලමයි, එහෙම නැත්නම් එම සිර මැදිරි වලට යාබදව.
නිරන්තරයෙන් විවිධ අපරාධ වලට ලක්වීමක් සිර මැදිලි වලට පැමිණීමට පුරුදුකාරියන් හැරුණාම අනෙකුත් සියලුම කාන්තාවත් මේ සිර මැදරි තුළ සෑම විටම පීඩාවක සහ අපචාරයට පත්වෙයි.මේ සිර මැදිරිවල සිටින පුරුදු කාරියන් කියන්නේ බොහෝ විට “චණ්ඩි අක්කලා”. ජීවිතයට සිර මැදිරියකට තියා පොලිසියකටවත් නොගියපු කාන්තාවකට මේ අයගෙන් වෙන හිරිහැරය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්නෑ. කාන්තා සිර මැදරියක් නොමැති අවස්ථාවකදී කාන්තාවන් සිර මැදිරියෙන් පිටත රඳවා තැබුවහොත් සිර මැදිලි තුළ සිටින පිරිමි සිරකරුවන්ගෙන් මහත් පීඩාවක් එල්ලවේ. ඔවුන් රාත්‍රිය වන විට කිසිදු බාදාවකින් තොරව ශබ්ද නගා අනෙකුත් සිර මැදිරිවල සිටින අයි සමගත්, පිටත සිටින අයි සමගත් කතා කරති. පිටත සිටින අයගෙන ගින්දර්, සිගරට් ඉල්ලති. වෙලාව අසති. අමු තිත්ත කුණුහරුප සාමාන්‍ය බාසාවයි. වරින් වර පොලිස් නිළධාරීන් ඔවුන්ට අමු තිත්ත කුණුහරුපයෙන් බනී.
මෙවැනි තත්ත්වයක් යටතේ,මින් පෙර පොලිසියකට නොපැමිණී කාන්තාවක් පමණක් නොව පිරිමියෙකුටට පවා පොලිස් සිර මැදිරියක රාත්‍රියක් පහන් කිරීම කියන්නේ තමන්ගේ ආත්මය කම්පා කරවන සිදුවීමක්.
නීතිය කා සඳහාද?
රියදුරෙකු වශයෙන්, සුදු ඉරි දෙක හදිසියෙන් හෝ ඔබෙන් අතින් කැපී නැතිද? මාර්ග නීති කඩකිරීම අපගේ උවමනාව නොකලත්, සමහර අවස්ථාවලදී අප අතින් නොදැනීම මාර්ග නීති කඩ කඩවෙනවා. කෙසේ වුවත් දැනුවත්ව හෝ නොදැනුවත්ව නීති කඩ කිරීම නිසා එයට අදාළ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. නිකමට හිතන්න ඔබට සුදු ඉරි දෙක කැපීමෙන් සිදු කල වරදට රු 1000ක දඩයක් ගෙවීම සඳහා දවස් දෙකක් පෝලිමක ඉන්න වෙනවා කියා. ඔබේ විසඳුම මොකක්ද? අදාල වරද නොකිරීමට උත්සාහ කරනවාට අමතරව යම්කිසි ආකාරයකින් එවැනි වරදක් සිදුවුවහොත් කෙසේ හෝ එයින් පලායාමට එයින් බේරීමට එය මගහැර යෑමට හෝ නීතිය නැවීමට ඔබ උත්සාහ කරන්නේ නැද්ද? නීත්‍යානුකූලව ජීවත්වීමට වගේම යම්කිසි ආකාරයෙන් නීති ක්‍රියාමාර්ගයකට යටත්වනවා නම් එයද ඉතාමත්ම සාධාරණ විනිවිදභාවයකින් යුක්ත ක්‍රියාවලියක් වීම තමයි ශිෂ්ඨසම්පන්න සමාජයක තිබිය යුතු ක්‍රමවේදය වන්නේ. නමුත් නීතිය ක්‍රියාත්මක කරනවා යනු මිනිසුන් අපමණ පීඩාවට පත් කොට පත්කොට ඔවුන්ගේ ආත්ම ගෞරවය සහ මානසිකත්වය බිඳ වට්ටන අන්දමේ පීඩාවන්ට පත් කිරීම නම් සිදුවන්නේ, එතැනදී ඇති වන්නේ මිනිසුන් නීතිය ක්‍රියාත්මක කිරීම මඟහැරීමට අතුරු පාරවල් සෙවීමයි. වරදකට දඩුවම් ලැබිය යුත්තේ වරදට සාපේක්ෂවයි. වරද විනිශ්චයට ලක්වන තුරු සියලුම දෙනා නිවැරදිකරුවන් ලෙස සැලකිය යුතු බවට පිළිගත් රීතියක් ඇත. පොලිස් භාරයේ සිටින්නේ වරදකරුවන් නොව චූදිතයින් පමණයි. ඒ සෑම දෙනාටම කුමණ තරාතිරමකට අයත් වුවත්, තමන්ගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි, යුක්තියුක්ත ලෙස පොලිස් ස්තානය තුලදී සැලකුම් ලැබීමට අයිතිවාසිකමක් තිබෙනවා. එම අයිතිවාසිකම උල්ලංගනය වී, ඉතාම පහත් ලෙස ඝර්හාවට ලක්වීම මිනිසුන් නීතියේ ක්‍රියාමාර්ග මගහැර නීතිය නැවීමට පෙළභවීමට හේතුවක්.
Jit / February 22, 2025
රටක නීතිය දුප්පත්ම හිඟන්නාගේ සිට ධනවත්ම ප්‍රකෝටිපතියා දක්වා සමස්ථ සමාජ වර්ණාවලිය පුරා එක හා සමානව ක්‍රියාත්මක වන්නේ නම්, රට වැසියෝ සියල්ලෝම එය අනුමත කරයිද, අනුගමනය කරයිද?? තර්කාණුකූලව එය එසේ සිදු විය යුතු උවත් ඇයි ඒ සංකල්පය ලංකාවේ ක්‍රියාකාරී නැත්තේ??
මට නම් හිතෙන්නේ අද වන කොට අපි ජාතියක් වශයෙන්, සුද්දන් විසින් මෙහාට ගනාපු Egalitarian නැතිනම් සමානාත්මතාවාදී සමාජ ක්‍රමය තුල ඉතා දැඩි ලෙස අතරමං වී ඇති බවයි. අසරණ වෙලා කිව්වොත් වඩා නිවැරදියි. ඉතිහාසගත ලාංකීය සමාජය සමානාත්මතාවාදී සමාජ ක්‍රමයට වඩා හාත්පසින් වෙනස් වූ collectivist නැතිනම් සාමූහිකවාදී සමාජයක්. අපේ මුතුන් මිත්තන් වන සතුන්, රළු භූගෝලීය හෝ දේශගුණික පීඩාවන් සහ සතුරු මිනිසුන්, සේනාවන් එකී නොකී මේ සියලු සතුරු සාධකයන් වලට මුහුණ දීමට කරපු එකම උපාය මාර්ගික ක්‍රියාදාමය නම් තම වාර්ගික කණ්ඩායම එකට කූඩු ගැසී, තුරුලු වී ජීවත් වීමයි. එහිදී අනිවාර්යයෙන්ම වුනේ තනි තනි තීරණ වලට වඩා සාමුහික තීරණ වලට එකඟ වීමයි. නමුත් අපිට වඩා ශීග්‍රයෙන් සමාජ පරිණාම රැළ්ලට හසුවූ බටහිර ජාතීන් කුටුම්භ ආරක්ෂාව තම තමන්ම සපයා ගැනීම සඳහා පොදු ජන නීති පද්ධතීන් ඇති කළා. මෙහි ව්‍යක්ත අදහස නම් අපව මිනිසුන් ටික දෙනෙකු විසින් නොව පොදු නීති මගින් පාලනය කරනු ලැබේ යන සංකල්පය මත පදනම් වූ රටක්, ජාතියක් විය යුතු බවයි. මේක සුද්දන් විසින් අපේ රටට ගෙනැල්ලා අවුරුදු හාරසීයක් විතර ක්‍රියාත්මකත් කරලා බැලුවම පෙනෙන්නේ තවමත් අපි අර කූඩු ගැහිච්ච, බියසුළු මානසිකත්වයෙන්ම ඉන්නවා කියන එක නොවෙයිද? අපි තාමත් විනය ගරුක, සිවිල් සමාජ බන්ධිත මනසකට හුරු වෙලා නෑ . ඒකයි අපි තාමත් මේ 2025 දීත් හොඳටම බීලා, වාහනේ එළවලා, traffic cops ලාට අහු උනාම දන්නා කියන හැමෝගෙන්ම අහන්නේ පොලිසියේ අඳුරන ASP මහත්තයෙක් එහෙම නැත්ද කියල!
අපිම නීතිය නොසලකා හැරීමට තීරණය කරන විට, හැමෝම නීතියට කීකරු විය යුතු බවට අපි වෙනත් සුළුතර පුද්ගලයෙකුට කියන්නේ කොහොමද??
/
Jit / February 23, 2025
Contd…දැන් බලමු ඔබේ ලිපියේ හරය. මෙහි කොටස් දෙකක් තියෙනවා, ඒ කියන්නේ දැනුවත් (intentional) හා නොදැනුවත් (accidental) වැරදි. මුල් කාරණය ස්වායක්ත වන අතර දෙවැන්න පරායක්තයි. ඔබේ බිරිඳ අතින් වූයේ නොදැනුවත්, පරායක්ත සිද්ධියක් වුණත්, නීතිය ක්‍රියාත්මක වීමේදී ඒ දෙකේ වෙනසක් නැහැ. නීතියේ තියෙන්නේ චෝදනා ඔප්පු වන තෙක් චූදිතයා නිවැරදියි යන්නයි. සිද්ධිය වූ තැන සිටන් සාක්‍ෂි මෙහෙය විය යුත්තේ ඒ සිද්ධාන්තය මුල් කර ගෙනයි. නමුත් ලංකාවේ නිතරම සිදු වන්නේ පූර්ව විනිශ්චය මත පදනම් වූ මෙහෙයුම් නේ, ඉතින් පොලිසිය බොහෝ විට කරන්නේ කසිප්පු, කුඩු කාරයන්ට දෙකක් තුනක් හොම්බට ඇනලා කූඩුවට දාන එකනේ? ඒ කියන්නේ දීර්ඝ විභාගයක් කරලා දෙන නඩුකාරයාගේ තීන්දුවට පෙර සිටම පොලිස් කාරයන් ක්ෂණික තීන්දු දෙනවා. ඔන්න ඔය න්‍යෂ්ටිය තමා සමස්ත සමාජයේම පැතිරිලා තියෙන්නේ. මෙය තවත් උග්‍ර වී ඇත්තේ ලංකාවේ දිනකට සිදුවන දහස් ගණන් සිද්ධීන් හැසිරවීමට අවශ්‍ය සම්පත් – ඒ කියන්නේ ආයතන, ගොඩනැගිලි, නිළධාරීන් හා වෙනත් පහසුකම් ඉතා අවම මට්ටමේ පැවතීමයි. මට හිතෙන්නේ මෙය එක්තරා අන්දමක විරුද්ධාභාසයක් (paradox) කියලයි. ඒ කියන්නේ අපරාධයක් වූ තැන සිට අවසාන තීන්දුව දෙන තෙක් ඇති ඉතා අමිහිරි ක්‍රියා පද්ධතිය හා විශාල කාල පරාසයම වරදක් කිරීමට සිතක් පෙළඹීම වැළැක්වීමේ සාධකයක් (deterrent) ලෙස පුරවැසියන් සිත් තුළට කිඳා බැසීම. අපරාධයට සමගාමීවම එහි ප්‍රතිවිපාක මොනවාද කියන එක අපි කවුරුත් හිතනවනේ. එය ඉතා හොඳ දෙයක් වුනත් ඒ ක්‍රියාවලියේදී අර මම කිවූ ‘නොදැනුවත්, පරායක්ත’ අපරාධයකට මුල් වූ පුද්ගලයින් එවැනි කටුක අත්දැකීම් විඳිය යුතු නැහැ. නමුත් පුරවැසියන් ඉදිරියේ නීතිය සමාන විය යුතුය කියන තර්කය මත නොදැනුවත්, පරායක්ත හේතුන් නිසා සිද්ධීන් වලට සම්බන්ධ වෙන පුද්ගලයන්ටත් මේ විෂම කවය තුල ඇඹරීමට සිදු වනවා. අවාසනාවකට වාගේ ඔබ බිරිඳට ද සිදුවී ඇත්තේ එවන් මොහොතකට, ක්‍රියා දාමයකට ඇගේ ජීවිතයේදී මුහුණ පෑමට වීමයි.
/
leelagemalli / February 23, 2025
I think srilanka is such a primitive country today being led by real beasts in human disguise. That guy from Galle by name Nalin Hewage, who has a real filthy mouth at anyone not being able to tolerate the diversity of sinhalaya life styles, make any kind of disparaging statements in and out of the parliament. THe kind of men should not have beeen voted into to paliament. This is another real good example, where people went fully wrong. This man for some reasons, made highly displaraging statements also against former President s wife, decent Prof. Maithree Wickramasinghe. I dot mind like in medival times in Euorpe. people themselves throw stones at the kind of uncivilized men in JVP. It is the people s right in a country justice systems are not powerful enough.
https://www.youtube.com/watch?v=tDAZny8kO-c&t=183s
https://www.youtube.com/watch?v=_CY9jkmg2VU
/
leelagemalli / February 23, 2025
මම හිතන්නේ ලංකාව අද හරිම ප්‍රාථමික රටක්, මිනිස් වෙස් ගත් සැබෑ තිරිසනුන් විසින් මෙහෙයවනු ලබන රටක්. සිංහල ජීවන රටාවන්ගේ විවිධත්වය ඉවසා සිටිය නොහැකි ඕනෑම කෙනෙකුට ඇත්තටම අපිරිසිදු මුඛයක් ඇති නලින් හේවගේ නම් ගාල්ලේ පුද්ගලයා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කිසිදු ආකාරයක පහත් ප්‍රකාශ නිකුත් කරයි. මේ ආකාරයේ පිරිමින්ට රාජ්‍ය බලයට ඡන්දය නොදිය යුතුව තිබුණි. මෙය තවත් හොඳ උදාහරණයකි, එහිදී මිනිසුන් සම්පූර්ණයෙන්ම වැරදියට ගොස් ඇත. යම් හේතුවක් නිසා මෙම මිනිසා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන යහපත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව ද ඉතා අපහාසාත්මක ප්‍රකාශ කළේය. යුරෝපයේ මධ්‍යතන යුගයේ මෙන් මටත් කමක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ සිටින අශිෂ්ට මිනිසුන්ට මිනිසුන්ම ගල් ගසයි. එය රටක ජනතාවගේ අයිතියයි.
https://www.youtube.com/watch?v=tDAZny8kO-c&t=183s
https://www.youtube.com/watch?v=_CY9jkmg2VU
/