Colombo Telegraph

අගමැතිතුමනි, දෝෂය ඇත්තේ ඔබේ දොරකඩමය

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය නමැති කෘතියේ එක් තැනක මෙසේ සඳහන් වේ. ‘‘වෙළඳ ව්‍යාපාරවල නියැලෙන්නන් සතුටුවීමට හෝ විනෝදවීමට හෝ ඔවුනොවුන් මුණගැසෙන්නේ කලාතුරකිනි. නමුත් මෙම සාකච්ඡුාවන් බොහෝ විට අවසන් වන්නේ මහජනතාවට එරෙහි වන කුමන්ත‍්‍රණයකින් හෝ මිල වැඩි කිරීමේ සැලැස්මක් සමගිනි’’.

ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය කෘතිය රචනා කොට සැලකිය යුතු කාලයක් ගතවී ඇතත් යම් යම් කරුණු තවමත් වෙනස් වී නැත. අද අපට ඇත්තේ ලැජ්ජාසහගත අතීතයකි. අපට එය අකාමකා දැමිය නොහැක. නමුත් අපට ඒවා නිවැරදි කළ හැක. මේ නිසාම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයන්ගේ ප‍්‍රතිශෝධන න්‍යායය පත‍්‍රයේ විශ්වසනීයත්වය පළුදු කිරීමට හේතු වූ අපකීර්තිමත් ගනුදෙනුව සම්බන්ධයෙන් වගකීම ගන්නා ලෙස අප රනිල් වික‍්‍රමසිංහ මහතාට බල කළ යුතු වෙමු.

මහබැංකුවල දූෂණ සිදුවීම අලූත් දෙයක් නොවේ. එය බොහෝ රටවල දක්නට ලැබේ. අපේ රටේ ද එසේමය. තීරණ ගැනීම සම්බන්ධයෙන් අධිකාරීන්ට ඒකාධිකාරී බලයක් පවතින විට සහ වගවීම දුර්වල අවස්ථාවන්වල දී දූෂණය දළුලා වැඩෙන බව විද්වතුන් සහ විශේෂඥයින්ගේ මතයයි.

අපගේ මහබැංකුව දශකයකට ආසන්න කාල සීමාවක් අතිශය රෝගාතුර ව්‍යාධි තත්වයෙන් පැවතුණි. මෙය ආරම්භ වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වකීය මහබැංකු අධිපති පත් කිරීමෙන් පසුවය. රනිල් වික‍්‍රමසිංහ මහතා ද ඔහු හොඳින් හඳුනන අයකු නම් කරන ලදුව මෙම ධුරයට පත් කරමින් මෙම අසාමාන්‍ය තත්වය චාරිත‍්‍රයක් බවට පත් කරන ලදී. අතිශය උනන්දුවකින් හා උද්යෝගයකින් කටයුතු කරන අගමැතිතුමා පළමු දින 100 ඇතුළත දී ම තම දෑත් කිළිටි කර ගත්තේය.

මෑතකදී සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට රටේ ප‍්‍රධානතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සම්බන්ධ වුණි. නීතිඥවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරී කමිටු සාමාජිකයකු ප‍්‍රධානත්වය උසුලන ලංකා බැංකුව, මහබැංකුවේ භාණ්ඩාගාර බිල්පත් ටෙන්ඩර කමිටුව විසින් පිිළිගන්නා ලද ලංසුව තබන ලද ගනුදෙනුකරුට විදුලිසැරයක වේගයෙන් රුපියල් බිලියන 3 ක ණය මුදලක් අනුමත කර ඇති බව පෙනේ.

නව මහබැංකු අධිපතිවරයා විසින් ටෙන්ඩර් කමිටුවේ සංයුතිය වෙනස් නොකළේ නම් එහි සාමාජිකයන් වන්නේ නියෝජ්‍ය මහබැංකු අධිපති සහ මහජන ණය පිළිබඳ අතිරේක අධීක්ෂකට අමතරව උසස් නිලධාරීන් ගණනාවක් මීට ඇතුළත් වේ. මේ අය නම්, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ, මහජන ණය පිළිබඳ වගකීම් දරනු ලබන සහකාර මහබැංකු අධිපති, දේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ සහ ටෙන්ඩර් කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන මහජන ණය අංශයේ අධීක්ෂකවරයාය.

අද අප ගත කරන්නේ මීට ටික කලකට පෙර පැවති සමාජ දේශපාලන වාතාවරණයට වඩා සහමුලින්ම වෙනස් වූ වාතාවරණයකය. 2015 ජනවාරි 09 වැනි දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිදහස් චතුරශ‍්‍රයේ දී දිවුරුම් දීමත් සම`ගින් ඇරඹුණු විනිවිදභාවය සහ යහපාලනයෙන් යුතු සමාජ දේශපාලන පරිසරයකය.

මූලික නියෝජිතයකු සම`ගින් හවුලේ ලංසුවක් ඉදිරිපත් කිරීම වැනි අතිශය අසාමාන්‍ය ක‍්‍රියාවක් ලංකා බැංකුව විසින් සිදු කළේ ඇයි? මෙම නියෝජිතයා විසින් ම ලංසු ඉදිරිපත් කිරීම මෙහි දී අපේක්ෂා කෙරුණි. සත්‍යය වළ දැමූ විට එය වර්ධනය වේ. එමගින් ඇතිවන්නා වූ පීඩනය එක්රැුස් වෙමින් යම් දිනක ඒ හා සම්බන්ධව ඇති සියලූම දේ සම`ග පුපුරා විනාශ වේ. සත්‍යය එයයි.

අනෙකුත් අයට ක්‍සඑස‘ැබ ක්‍්බැ කියවීම මතක් කිරීම පසෙක තබා අගමැතිතුමා ෑපසකැ ’දක් කියවිය යුතුයි. මෙය සැකයකින් තොරවම මහා පරිමාණයේ අපකීර්තියකි. ටෙන්ඩර් කමිටුවේ සඳහන් වූ කරුණු මාධ්‍යයට අනාවරණය විය. මූල්‍ය අධිකාරිය තුළ මෙවැනි කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව ක‍්‍රියා කරන අනතුරු සංඥාකරුවන් :උයසිඑකැ ඉකදඇරි* සිටින බව මෙමගින් පසක්වීම යහපත් තත්ත්වයකි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ඉකුත් සඳුදා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද ආවේගශීලී ඉරියව් හා අත්තනෝමතික චෝදනාවල තියුණු ඉලක්කයක් සහ එක් පරමාර්ථයක් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ ලංකා බැංකුවේ සභාපති සහ එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රියාකාරී කමිටු සාමාජික ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා මෙම අවමානයේ කිරණවලින් ආරක්ෂා කර ගැනීමයි.

මේ පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ නීතිඥයින් සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් දක්වන ලද සුදුසුකම් සහ පළපුරුද්දට වඩා ඔවුන් මේ සඳහා තෝරා ගැනීමට වැදගත් වූ මූලික හේතු වූයේ ඔවුන් එක්සත් ජාතික පාක්ෂිකයින් වීම සහ අන් අයට වුවමනා පරිදි හැසිරවීමට හැකි වීමයි. මෙම සිද්ධියේ පසුබිම පැහැදිලි කිරීමේ දී අගමැති රනිල් ඉතා සැලසුම් සහගතව ප‍්‍රධාන ගනුදෙනුකරුවා සහ ලංකා බැංකුව අතර පවත්නා සුපැහැදිලි සම්බන්ධතාවය පිළිබඳ කිසිදු සඳහන් කිරීමක් නොකිරීමට වගබලාගත්තේය.

ඉලක්ක කිරීමට බලාපොරොත්තු වූ පුද්ගලයින්ගේ නම් සඳහන් කරමින් ඔහු ලංකා බැංකුවේ, භාණ්ඩාගාරයේ සහ ඒවායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිබඳ සඳහන් කිරීමෙන් සූක්ෂම ලෙස වැළකී සිටියේය.

මෙම ත‍්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පත් කිරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම එහි සිටි බව සඳහන් කිරීමට ඔහු අසමත් විය. එහෙත් ඔහු සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පුන පුනා ප‍්‍රකාශ කරන ලදී. ඉහළ පෙළේ මූල්‍ය කටයුතුවල නියැලෙන බැංකු සභාපතිවරුන් පිළිබඳව උපහාසයෙන් කතා කළ අගමැති දැනට පරීක්ෂාවට ලක්වී සිටින ලංසුව සහ ලංකා බැංකුව අතර පවතින සම්බන්ධතාවය පිළිබඳව තොරතුරු ලබා දුන්නේ ඉතා ස්වල්ප වශයෙනි.

මෙම කරුණු සම්බන්ධයෙන් තමන් අඳ, බිහිරි හෝ ගොලූ පුද්ගලයකු නොවන බව පැවසූ අගමැතිවරයා මෙම ගනුදෙනුවට ඍජුවම බිලියන 2 ක භාණ්ඩාගාර ලංසු තැබූ අයට ලංකා බැංකුව හරහා තව බිලියන 3 ක් ලබා දුන් බව පැහැදිලි කළේ නැත.

මෙම වෙළඳ ගනුදෙනුව පිළිබඳව කරුණු ඔහු පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන විට මෙම වැදගත් කරුණු ඔහුගේ රේඩාර් තිරයට හසුවී නොතිබුණි.

මෙම මූලික නියෝජිතයා ඔහුගේ ලංසුව ඔහු විසින්ම ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරනු ලැබිණි. මෙය රජයේ ප‍්‍රමුඛතම බැංකුව සම`ගින් සහයෝගයෙන් සිදු කිරීම අසාමාන්‍ය සහ සැකයට තුඩු දෙන්නකි. මෙම අවස්ථාවේ දී සිදුවී ඇත්තේ මූලික නියෝජිතයාට ලංසුව තැබීමට අවශ්‍ය අරමුදල් නොතිබීම විය හැකිය.

ඒ අනුව මූලික නියෝජිතයා ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 3 ක ණයක් ලබා ගැනීමට සූදානම් කරගෙන ඇත. මෙය අගමැතිවරයා විසින් තමන්ගේ ස්වාමියා යැයි හඳුන්වනු ලබන ඔබ සහ අප වැනි මහජනයාට කිසිදු දිනක අහම්බෙන් හෝ හිමිවන වරප‍්‍රසාදයක් නොවේ. මෙහි දී පැනනගින ප‍්‍රශ්නය වන්නේ ලංකා බැංකුව විසින් බිලියන 3 ක ණය අයිරාවක් දීමට පෙර ණය ලබාදීමේ යෝග්‍යතාවය පිළිබඳ තක්සේරුවක් සිදු කළේ ද යන්නයි. මෙවැනි පසුබිමක් යටතේ අගමැතිතුමා විසින් පත් කරන ලද නීතිඥයින් තිදෙනා විසින් ලංකා බැංකුව සම්බන්ධ මෙම පරීක්ෂණය නිවැරදිව සිදු කරන්නේද යන්න පිළිබඳව අපි උනන්දුවෙන් පසුවන්නෙමු.

මෙම විශාල ගනුදෙනුවේ කොටස්කරුවකු වන මහබැංකුවේ සභාපතිවරයාගෙන් මෙම නීතිඥයින් තිදෙනා කරුණු විමසනු ඇත. වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ සාමාන්‍යයෙන් බැංකුවක් විසින් ණයක් ලබා දීමේ දී අනුගමනය කරනු ලබන ක‍්‍රියාවලියවත් මහබැංකුව විසින් අනුගමනය කර නොතිබීමයි. ණය මුදල ලබා දීමට පෙර ඊට අදාළ ණයක් ලබා දීමට තරම් ඉල්ලූම්කරු සුදුසු ද යන්න සොයා බැලීම අවශ්‍යය. එම කරුණ සපුරාලනු ලැබූව ද ඉතා විශාල වටිනාකමක් සහිත ණයක් ක්ෂණිකවම ලබා දීමට තරමක කාලයක් ගත වේ. එහෙත් පුදුමයට කාරණය වන්නේ මහබැංකුව විසින් අදාළ ණය මුදල මිනිත්තු පහකටත් අඩු කාලයක දී අනුමත කර ඇත. මෙය පුදුමසහගත බැංකු පහසුකමකි. මන්ද යත් ටෙන්ඩර් කමිටුව ලංසුව පිළිගත් සැනින් එම බිලියන තුනක මුදල ලංකා බැංකුවේ අයිරාවකින් ඉදිරිපත් කිරීම සහ එය ඉතා වේගයෙන් අනුමත කර තිබීමයි. මෙම ගනුදෙනුව හේතුවෙන් අගතියට හා අපහසුතාවට පත් වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන විශ්වාසය තබමින් යහ පාලනය සහිත ව්‍යවස්ථාමය සංශෝධන උදෙසා වූ අපේක්ෂාවෙන් ඔහුට ඡුන්දය දුන් ලක්ෂ හැටදෙකක ජනතාවය. අද රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇත. ශ‍්‍රී ලංකාවේ වෙසෙන සම්මානිත ආර්ථික විශේෂඥවරයකු වන ආචාර්ය උස්වත්තෙ ආරච්චි මහත්මාත්, වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ චන්ද්‍රා ජයරත්න මහතාත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයෙකු හා කීර්තිමත් ඉංජිනේරුවරයෙකු ද වන ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් මහතාත් මෙම ගනුදෙනුව හා සම්බන්ධ සියලූ තොරතුරු අනාවරණය කිරීම සඳහා විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ වන විට පෙත්සමක් ගොනු කර ඇත. මෙවැනි කීර්තිධර ප‍්‍රාඥයින් තිදෙනෙකු මෙවැනි ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණ වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව යහ පාලනය උදෙසා යැයි පත් කළ අගමැතිතුමා කෙරෙහි පැවති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇති නිසාය.

අගමැතිතුමනි, මෙම ගනුදෙනුවේ දෝෂයක් ඇත්නම් එම දෝෂය ඇත්තේ වෙනතක නොවේ, ඔබගේ දොරකඩ අභියසමය!

Back to Home page