Colombo Telegraph

මත්ස්‍යයෝ දිය බොත් ද? ඥාති සංග‍්‍රහයේ වරද කිම?

සරත් ද අල්විස්

සරත් ද අල්විස්

තරුණ දහම් සිරිසේන සිය පියාණන් කැටුව නිව්යෝක් බලා යාම ගැන මෙතරම් කතාබහට ලක් වූ හේතුව මුල දී මෙම ලියුම්කරුට වටහාගත හැකි නො වී ය. ජනාධිපතිවරයා ගේ පුතනුවන් වීමට අමතරව එතුමන් ගේ පෞද්ගලික ලේකම් ද වීම එයට හේතුව වූවා විය හැකි ය. පෙනෙන්නට තිබෙන ආකාරයට එය එතරම් සැලකිය යුතු කාරණයක් වන්නේ නැත.

හිතවතුනි, ඥාති සංග‍්‍රහය යනු කුමක් ද?’ යනුවෙන් දහම් සිරිසේන මහතා විමසා ඇත්තේ එය ඥාති සංග‍්‍රහයක් වශයෙන් සැලකීම තමන්ට එරෙහිව නැෙ`ගන අසාධාරණ හා අයොග්‍ය විවේචනයක් වෙතැයි යන හැ`ගීමෙන් මෙන් ම සිත් තැවුලකින් ද යුතුව ය. සයිබර් අවකාශයේ එන මෙම ප‍්‍රශ්නය විසින් ප‍්‍රශ්න වැලක් සහිත අලූත් සංවාදයකට දොර විවර කරන්නේ ග‍්‍රීක දේව කතාවන් හි එන පැනඩෝරා ගේ පෙට්ටිය හා සමානව ය. පැනඩෝරා ගේ පෙට්ටිය විවර කළ විට අභාග්‍යය හා ශෝකය ඉන් මතුව එන නමුදු එම`ගින් අපේක්ෂාවක් ද ශේෂ කරනු ලබයි. ඥාති සංග‍්‍රහය පිළිබඳව නිර්මාණය වන ජන සංවාදය තුළ කිසියම් අපේක්ෂාවක් ඇති කරගැනීමේ හැකියාව මෙහි දී අපට ද ලැබෙන්නේ ය. දහම් සිරිසේන මහතා ගේ ප‍්‍රතිචාරය හුදෙක් ඔහු තුළින් ම මතු වූවක් වීමට තිබෙන ඉඩකඩ බෙහෙවින් අඩු ය. ප‍්‍රතිරූප නිර්මාණය කරන්නන් ගේ ප‍්‍රයත්නයන් තුළින් විෂම ප‍්‍රතිඵල ද ඇති විය හැකි ය. මෙය ලෙහෙසි සංවාදයක් වන්නේ නැත. එයට හේතුව ඒ ඒ පුද්ගලයන් තුළ පවත්නා කුහකත්වයත් නූතන විශ්ව සම්මතයත් අතර පරස්පරතාවක් පැවතීමයි.

ඥාති සංග‍්‍රහය යනු කුමක් ද? මෙම වචනය ඥාති පුත‍්‍රයා යන අර්ථය දෙන ’නෙපෝට්’ යන ඉතාලි වචනය ආශ‍්‍රයෙන් ව්‍යවහාරයට පැමිණ තිබේ. ඈත අතීතයේ දී පාප්වරුන් ගේ අනියම් පුත‍්‍රයන් හඳුන්වන ලද්දේ ඥාති පුත‍්‍රයන් (nephews) හැටියට ය. ඔවුනට බොහෝ විට පීතෘත්වයේ සැලකිල්ල ලැබිණි. මෙකල අප වහරන ඥාති සංගහය යන යෙදුමෙහි ඉංග‍්‍රීසි යෙදුම වූ ’නෙපොටිස්ම්’ යන්න භාවිතයට එක් වූයේ ඒ ආකාරයට ය.

අප ගේ සංස්කෘතිය නීතිය පදනම් කොට ගෙන සකස් වූවක් නොවේ. එහි පදනම වන්නේ ඥාති සම්බන්ධතාවයි. පරම්පරා ගණනාවක් තිස්සේ මහනායක හිමිවරු පැවැත එන්නේ මාතලේ දිස්ත‍්‍රික්කයේ කුඩා පැලැන්තියකින් විනා වෙනත් තැනෙකින් ද? සියම් නිකාය තුළ දක්නට ලැබෙන පරම්පරා අනු පිළිවෙළ වනාහි ඥාතිවාදය සිංහල බෞද්ධ ආකල්පයන් හි මුල් බැසගෙන තිබෙන ආකාරයට සාක්ෂියකි. වත්කම් සහිත විහාරස්ථානයන් හි නායක කම පැවැරීම සඳහා ඥාති පුත‍්‍රයකු පැවිදි කරවාගැනීම පිළිගත් සම්ප‍්‍රදායයකි. මෙවැනි උත්සව මෙකල රූපවාහානියෙන් ද සජීවීව විකාශනය වේ.

ගිහි ජීවිතයෙන් මිදුණු ඒ අනගාරික තුමන් ගේ ඥාති මුණුබුරන් ගෙන් සැදුම්ලත් අනගාරික ධර්මපාල භාර අරමුදල දැනට යෝජිත මහා නගරය තුළ පිහිටි විහාර දේපළවල අයිතිය සම්බන්ධයෙන් මහබෝධි සංගමය සමග කොළඹ දිස්ත‍්‍රික් අධිකරණයේ නඩුවක පැටැලී සිටියි. බෞද්ධ හාමු පැලැන්තියේ ඥාතිවාදය එසේ ය.

අප මේ ජීවත් වන්නේ අපූරු යුගයක ය. නුමුහුන් අය දෙමුහුන් අයට එරෙහිව දැඩි විරෝධයක් දක්වති.

යහපාලන කතිකාව ද ඥාතිසංග‍්‍රහය ද මිත‍්‍රසංග‍්‍රහය ද දූෂණය ද එසේ ම මානව හිමිකම් ද යන විෂයයන් සාර්වත‍්‍රික රාමුවක් තුළට ගෙන එමින් අප ගේ පොදු ආචාර ධර්ම අතර වූ ප‍්‍රතිවිරොධයන් සමථයකට පත් කරගත යුතු කාලය දැන් එළැඹ තිබේ.

යහ පාලනය යන්න අප රට තුළ ම නිර්මාණය වූ සංකල්පයක් නොවන බව මුලින් ම කිව යුතු ය. ජිනීවා හි දී ද අප මුහුණ දෙන ගැටලූව මෙයයි. අධිරාජ්‍යවාදී හා අසංවර අපරදිගයන් ගේ චින්තනය වන්නේ සමාජය විශ්ව සාධාරණ ආකාරයකට ක‍්‍රියාත්මක විය යුතු බවයි. මෙම නව යටත්විජිතවාදී හා අපරදිග ආණඩු මෙහෙයවන්නන් හා න්‍යායවාදීන් කියන ආකාරයට සෑම කෙනෙකුට ම බලපාන පරිදි දේශපාලන චර්යාව සකස් විය යුතු ය. පැහැදිලිව ම අසරණ රාජවරෝදියම් සම්පන්දන් මහතාට එරෙහිව ගුණදාස අමරසේකර සහ විමල් වීරවංශ යන මහත්වරුන් ගේ මැසිවිල්ල වන්නේ මෙයයි.

ලොව වෙනත් රටවල පවතින තත්ත්වයන්ට සාපේක්ෂව යහ පාලනය තහවුරු කරලීමෙහි ලා රජය සතු හැකියාවේ ප‍්‍රමාණය විසි වැනි සියවසෙහි අවසාන ම භාගයේ හා විසි එක් වැනි සියවසෙහි මුල්භාගයේ දී ව්‍යවහාර වූ යෙදුමකින් පැහැදිලි වේ. ‘‘මාමා බෑණා පක්ෂය’’ යන්න එකල එජාපය නොරුස්සන විකට පදයක් වූයේ නැත. පුංචි පේ‍්‍රමදාස ජේ ආර් ගේ බෑණා සම`ග අදත් නොකැමැත්තෙන් හෝ එක්ව කටයුතු කරමින් සිටී. ට්‍රොට්ස්කිවාදියකු ගේ බෑණා වන තිස්ස විතාරණ සහෝදරයා ලංකා සමසමාජ පක්ෂයෙහි නාමික නායකත්වය දරයි. මුසම්මිල් ෆෙරෝස් මහත්මිය දැරූ උත්සාහය සාර්ථක වී නම් සිය නෑනා පාර්ලිමේන්තුවට පත්කරගැනීමට කබීර් හෂීම් මහතාට හැකි වන්නේ ය.

පිය පුතු සම්බන්ධතාවන් ද සැමියා හා බිරිඳ හවුල් ද එසේ ම පුතුන් හා දූවරුන් පවුල් පැලැන්තියේ කීර්තිමත් අඩිපාරේ ඉදිරියට යාම් ද විසින් අප ගේ පාර්ලිමේන්තුව නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා වැඩවසම් පවුල්වාදයේ සම්මිශ‍්‍රණයක් බවට පත් කරනු ලැබ තිබේ. ඥාතිවාදය අප අනුමත නොකරන නමුදු අපි එය ඉවසා දරාගනිමින් සිටිමු. ඥාතිවාදය ද දූෂණය ද මානව හිමිකම් උල්ලංඝනය ද අප ඉවසමින් සිටින්නේ ඒවා නිවරද කිරීමේ පියවරයන් සඳහා සූදානමක් අප තුළ නොමැති බැවිනි. ඒ වෙනුවට අප කරන්නේ අප හැරුණු කොට අපරදිග දාර්ශනිකයකු වූ ඉමැනුවෙල් කාන්ට් ගැන කියවා හෝ අසා හෝ ඇති වෙනත් කෙනෙක් නැතැයි යන හැ`ගීම මත ඉබාගාතේ යන අප ගේ මානසිකත්වය සාධාරණීකරණය කිරීම ය.

දූෂණය, ඥාතිවාදීත්වය හා අහේතුක දේශමාමකත්වය යනු විවිධ චර්යා ලක්ෂණයන් ය. ඒ ඒ සමාජ ක‍්‍රියාකාරකම්වලට සාපේක්ෂව විනා මේවා එකිනෙකින් වෙන් කොට ගැනීම හෝ විශ්ලේෂණයට භාජන කිරීම හෝ කළ හැකි වන්නේ නැත. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ බටහිර රටවල ය. පුනරුද යුගයන් ද ප‍්‍රබුද්ධත්වයන් ද ගවේෂණයන් ද ඔස්සේ නිර්මාණය වූ බටහිර සංස්කෘතියට පදනම් වී තිබෙන්නේ නීතියයි. එම රටවල ජීවත් වන්නෝ සිය ක‍්‍රමය පිළිබඳව විශ්වාසයෙන් සිටිති.

පළමුව සිය පවුලටත් ඊළ`ගට හිතමිතුරන් ඇතුළු සෙසු අයටත් ප‍්‍රමුඛත්වය ලබා දීම අප සමාජයේ සුපුරුදු පිළිවෙතයි. අප ගේ දේශපාලනය පෞද්ගලික සම්බන්ධතාවන් පදනම් කොටගෙන සකස් වූවකි. මැතිවරණයෙන් ප‍්‍රතික්ෂේප වූවන් හත් දෙනෙකු පාර්ලිමේන්තුවට පත්කොට ඇමැතිකම් ද ප‍්‍රදානය කිරීමෙන් එය පැහැදිලිව පෙනේ. ඒ වනාහි පෞද්ගලික සම්බන්ධතා පමණක් නොව එකිනෙකා අතර වූ බැඳීම් ද රාජ්‍ය පාලන සංවිධානය කෙරෙහි බල පා ඇති බවට කදිම නිදර්ශනයකි. මිතුරන් කෙරෙහි වූ හිතෛෂී භාවය තහනම් කිරීමත් දූ දරුවන් හෝ පවුලේ අය කෙරෙහි වූ බැඳීම නොසලකා හැරීමත් කළ හැකි ද?

අන්‍යොන්‍ය වශයෙන් වූ වගකිවයුතු බවෙහි ද ගෞරවනීයත්වයෙහි ද මානව හිමිකම්හි ද මූලය වූ සාධාරණ පුද්ගල අපේක්ෂාවන් පදනම් කොටගෙන ලොව පිළිගත් ආචාර ධර්මමය සම්මතයන් නිර්මාණය වී තිබේ.

සර්වසම වූ විඥානමය පැවැත්මක් හා ගෝත‍්‍රමය වූ බන්ධනීය භාවයක් වශයෙන් විනා තනි තනි පුද්ගලයන් වශයෙන් සිංහල බෞද්ධ දෘෂ්ටිය තුළ මනුෂ්‍ය වර්ගයා සැලැකෙන්නේ නැත.

නිදහස් විමර්ශනය පිළිබඳ බෞද්ධ දාර්ශනික පිළිගැනීම කාලාම සූත‍්‍රයෙහි දැක්වේ. ‘‘නිතර නිතර ශ‍්‍රවණය වූ පමණින් හෝ සාම්ප‍්‍රදායිකව පැවැත ආ පමණින් හෝ ආරංචි වූ පමණින් හෝ පොතපතෙහි සඳහන්ව තුබුණු පමණින් හෝ සැකයක් ඇති වූ පමණින් හෝ සම්මතයක් වූ පමණින් හෝ හේතු දැක්වුණු පමණින් හෝ කිසියම් පිළිගැනුණු මතයක් දෙසට නැඹුරු වූ පමණින් හෝ වෙනත් කෙනෙකු සතු හැකියාවක් ලෙස පෙනුණු පමණින් හෝ මෙම ශ‍්‍රමණයා අප ගේ ගුරුවරයා වෙතැයි යන හැ`ගීම තුබුණු පමණින් හෝ කිසිවක් නො පිළිගන්න. මේ මේ දෑ නො සුදුසු ය. මේ මේ දෑ ගර්හා කටයුතු ය. මේ මේ දෑ නුවණැත්තන් ගේ අප‍්‍රසාදයට ලක් වන්නේ ය. මේ මේ දෑ නපුරට හේතු වන්නේ ය. යන්න ඔබට ම ප‍්‍රත්‍යක්ෂ වන්නේ නම් ඒවා අත්හරින්න.’’ යනුවෙන් කාලාම බ‍්‍රාහ්මණයා වෙත බුදුන් වහන්සේ දේශනා කළ ආකාරය එම සූත‍්‍රයෙහි දැක්වේ. නිදහස් විමර්ශනය වනාහි ශ‍්‍රි ලංකාව තුළ මුළුමනින් ම විකෘතියට භාජන වී ඇති එක් බෞද්ධ චින්තනයකි.

දහම් සිරිසේන සිය පියා කැටිව යාම එතරම් විශාල ලෙස තැකිය යුතු සිද්ධියක් නොවේ. සිය රටෙහි තරුණ පරපුර වෙනුවෙන් ජාත්‍යන්තර සමුළුවක් අමතා කථා කරන්නට ඔහුට අවකාශ ලබා දීම ද ඔහුට එරෙහිව දොස් නැ`ගීමට හේතුවක් වන්නේ නැත. ඇතැම් විට නිව්යෝක් හි දී කිසියම් වැඩදායක කාර්ය භාරයක් තම පුත‍්‍රයා වෙත පැවරිය යුතු බවට ජනාධිපති තුමා වෙත උපදෙස් ලැබී තුබුණා ද විය හැකි ය. ජනාධිපති සිරිසේන ක‍්‍රියා කළ යුතු වන්නේ, මත්ස්‍යයා දිය බී ඇති බව හෝ මත්ස්‍යයින් දිය බොන්නේ ද යන්න හෝ සොයාගැනිමෙහි දුෂ්කරතාව සිය රජතුමා වෙත පෙන්වා දුන් කෞටිල්‍ය ප`ඩිවරයා ගේ මතයට අනුව ය.

ඥාති සංග‍්‍රහය ඇතැම් රටවල සැලැකෙන්නේ වරදක් ලෙස ය. අප අතර නම් එය යහ ගුණයකි. අප ගේ අවධානයට යොමු විය යුතු ධර්මතාව ලයාන්විත තාලයකට අනුව විකටර් රත්නායක ගේ හ`ඩින් ගැයෙන පහත දැක්වෙන ගීතයේ පද වැලෙහි කැටි වී තිබේ. එහෙත් අත්හැරීම මුල් කොටගත් සිද්ධාර්ථ කුමරුන් ගේ අභිලාෂය ඉන් උඩු යටිකුරු කැරෙන්නේ ය.

‘‘ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා
අද මෙන් පැමිණෙන්නෙමි
සුළැ`ගිල්ලේ එල්ලී . . . ෟ

Back to Home page