Colombo Telegraph

සුන්දරලිංගම් මහතාණනි, ඔබත්, ඔබේ ප‍්‍රජාව ගැනත් මම කණගාටු වෙමි

සෝල්බරි සාමි

හිතවත් සුන්දරලිංගම් මහතාණනි,

මා කියවා බැලූ ලිපිගොනුවේ ලේඛන දුසිම, විශේෂ උනන්දුවකින් සහ කණගාටුවකින් ද යුතුව, මේ සමග ආපසු ඔබට එවමි.

සෝල්බරි සාමි

සිංහල සහ දෙමළ ප‍්‍රජාවන් අතරේ මෙතරම් දරුණු භේදයක් ඇති වෙතැ යි ලංකාවේ අග‍්‍රාණ්ඩුකාරවරයා වශයෙන් සිටි නිල කාලය තුළ කිසි විටෙක මා බලාපොරොත්තු නොවූවකි. එහි වරද, ශ‍්‍රීමත් ජෝන් කොතලාවල සහ ඔහුගේ ආණ්ඩුවට පැවරෙන බව ඔබ පැවසීම සමග මා එකඟයි. එහෙත් ඔහු දෙමළ ජනතාවට තැළුවේ කසයෙන් නම්, දිවංගත බණ්ඩාරනායක එම දෙමළ ජනයාට ගෝනුස්සන් ලවා දෂ්ට කැරැුවූ බව කිව යුතුය.

දෙමළ ජනයා කෙරෙහි සිංහලයාගේ හැසිරීම අතිශයියන් පටු, එමෙන්ම මෝඩ හැසිරීමකි. 1945 ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති වශයෙන් මා කටයුතු කරන අවදියේ මේ ප‍්‍රජාවන් දෙක අතරේ පැවති සම්බන්ධතාව ගැන මම අධ්‍යයනය කෙළෙමි. එහි දී, ලංකාවේ ආර්ථිකයට දෙමළ ජනතාව කර ඇති සහ ඒ වන විටත් කරමින් සිටි වැදගත් දායකත්වය තදින්ම මගේ හිත් ගත්තේය. එමෙන්ම, සිංහලයන්ට වඩා දෙමළ ප‍්‍රජාව, හොඳින් උගත් සහ කාර්යශූර පිරිසක් බව මට වැටහුණි. බොහෝ සෙයින්, එංගලන්තයේ ආර්ථිකය කෙරෙහි අතීතයේ දී මෙන්ම ඒ වන විටත් ස්කෝට්ලන්ත ජාතිකයන්ගෙන් සැපයෙමින් තිබූ දායකත්වයට එය සමාන විය.

ඇත්ත වශයෙන්ම, 18 වැනි සියවසේ දී සහ 19 වැනි සියවසේ යම් කාලයකදීත්, ස්කොට්ලන්ත ජාතිකයන් කෙරෙහි ඉංග‍්‍රීසි ජාතිකයන් ඊර්ෂ්‍යවකින් පෙලූණි. එංගලන්තයේ රැුකියාවන්ගෙන් ස්වකීය ජනගහනයට සමානුපාතික නොවන රැුකියා ප‍්‍රමාණයක් ස්කොට්ල්න්ත ජාතිකයෝ හිමිකරගෙන සිටියහ. මා සිතන පරිදි ඊට හේතු වුණේ, ස්කෝට්ලන්ත ජාතිකයන් වඩාත් උගත් වීමත්, කාර්යයෙහි නිපුණ වීමත් ය. එසේම දකුණේ ප‍්‍රජාවන්ට වඩා ඔවුන් වෙහෙස මහන්සියෙන් වැඩ කළ අතර, දේශගුණය සහ ඔවුන්ගේ පස ඊට තල්ලූවක් වුණේය. කෙසේ වෙතත්, ස්කොට්ලන්ත ජාතිකයන්ව තරහා කර ගැනීමට තරම් ඉංග‍්‍රීසි වැසියන් මෝඩයන් වුණේ නැත. දෙමළ ජනයා කෙරෙහි සිංහල ජනයා හැසිරුණු ආකාරයෙන් ඉංග‍්‍රීසි ජාතිකයාත් හැසිරුණේ නම්, ස්වදේශීය වශයෙන් මෙන්ම විදේශ අධිරාජ්‍ය තුළත් බි‍්‍රතාන්‍ය හිමි කරගත් සමෘද්ධිය කිසි දවසක ඔවුන්ට හිමි නොවනු ඇත.

18 වැනි සියවස ආරම්භයේ දී එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර සන්ධාන ගිවිසුම ඇති කරගන්නා කාලයේ, මේ ජාතීන් දෙක සඳහා ‘ඉංග‍්‍රීසි පමණයි’ යන රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ඉංග‍්‍රීසිකාරයන් ඉල්ලා සිටියේ නම්, සැම ස්කෝට්ලන්ත ජාතිකයෙකුම ඔහුගේ ගැලික් භාෂාවේම එල්ලෙනු ඇත. එහෙත් ඉංග‍්‍රීසි ජාතිකයා වඩාත් බුද්ධිමත් වූ නිසා, සෑම ස්කොට්ලන්ත මවක්ම තම දරුවන් ඉංග‍්‍රීසි බස උගෙන ගන්නා බවට වගබලාගත්තාය. එදා වැඩිම රැකියා අවස්ථා තිබුණේ එංගලන්තයේ ය.

සිංහල ජාතිකයාත් ඒ ආකාරයෙන් නුවණැති විණි නම්, ඉහත කී හේතු නිසාම, සෑම දෙමළ මවක්ම තම දරුවන් සිංහල උගෙන ගන්නා බවට වගබලාගන්නට ඉඩ තිබුණි. දැන් තිබෙන හොඳම විසඳුම කුමක් දැ යි මම නොදනිමි. එවැනි විසඳුමක් ඇත් දැ යි කියාවත් මම නොදනිමි.

මා නිර්දේශ කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සුළු ජාතීන් වෙනුවෙන් ප‍්‍රමාණවත් ආරක්ෂණයන් පැවති බව මට පෙනුණි. එහෙත් එම ව්‍යවස්ථාවේ 29 වගන්තිය මා බලාපොරොත්තු වූ තරම් ප‍්‍රයෝජනවත් නොවුණු බව ඇත්ත. ඉන්දියානු ව්‍යවස්ථාවේ සහ වෙනත් ඇතැම් රටවල ව්‍යවස්ථාවල මෙන්, මානව හිමිකම් වගන්තියක් ද එදා ඇතුළත් කෙළේ නම් මැනවැ යි අද මට සිතේ. එහෙත් වෙනත් රටවල මෙන් ෆෙඩරල් ක‍්‍රමයක් හෝ ස්වායත්ත දෙමළ රාජ්‍යයක් සාර්ථක වේ යැයි මම විශ්වාස නොකරමි. ෆෙඩරල් ක‍්‍රමය හසුරුවා ගැනීමට අපහසු ය. පවත්වා ගැනීමට දුෂ්කර ය. ස්වායත්ත දෙමළ රාජ්‍යයක්, ප‍්‍රායෝගික නැත.

මේ අවස්ථාවේ මට කළ හැක්කේ, ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, නියෝජන මන්ත‍්‍රණ සභාවේ කටයුතුවලට උද්‍යෝගයෙන් සහභාගී වන ලෙසත් ඉල්ලා සිටීමට පමණි. අයර්ලන්තය අපෙන් වෙන් වීමට මත්තෙන් නියෝජිත මන්ත‍්‍රණ සභාවේදී අයර්ලන්ත පක්ෂයේ ක‍්‍රියාකලාපය අනුකරණය කිරීමට ඔබට පිළිවන. ඇරත්, පාර්ලිමේන්තුවේ දෙමළ සාමාජිකයන් ඩඞ්ලි සේනානායකට සහයෝගය නොදීම අනුවණ කමක් බව මගේ හැඟීමයි. ඔවුන්ට තිබුණේ ඩඞ්ලි සේනානායකව බලයේ තබා ගැනීමයි.

වතුකරයේ දෙමළ සේවකයන්ගේ තත්වය ද සිත කළඹවයි. එතරම් විශාල ජන කොටසකට ඡුන්ද බලය අහිමි වීම ඛේදජනක ය. තමන්ගේ ප‍්‍රදේශය පිරී ඉතිරී යන සේ ඔවුන්ට ඡුන්ද බලයක් තිබීම ගැන නුවර පළාතේ සිංහල ජනයා තුළ අමනාපයක් ජනිත වීම මට තේරුම්ගත හැකිය. එහෙත් එම දෙමළ ජනයා සඳහා පමණක් ආසන හතරක් හෝ පහක් වෙනම ඇති කිරීම ඊට වඩා සාධාරණ විසඳුමක් විය හැකිය. ඔවුන් ජීවත් වන්නේ කුමන පළාතේ ද යන්න වැදගත් නැත. කෙසේ වෙතත්, මා මේ කතා කරන්නේ උතුරු නැගෙනහිර පළාත්වලින් බාහිර පෙදෙස්වල වෙසෙන දෙමළ ජනයා ගැනයි.

ඔබත්, ඔබේ ප‍්‍රජාව ගැනත් මම කණගාටු වෙමි. පිළිගත හැකි විසඳුමක් මට දිය හැකි විණි නම් මම සතුටු වෙමි. ඔබේ තත්වයේ මා සිටියේ නම්, එක්සත් ජාතික පක්ෂයට දිය හැකි හැම සහයෝගයක්ම මා දෙනු ඇත. වර්තමාන ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කරනු ඇත.
හිතවත් සුන්දරලිංගම් මහතාණනි,

මා කියවා බැලූ ලිපිගොනුවේ ලේඛන දුසිම, විශේෂ උනන්දුවකින් සහ කණගාටුවකින් ද යුතුව, මේ සමග ආපසු ඔබට එවමි.
සිංහල සහ දෙමළ ප‍්‍රජාවන් අතරේ මෙතරම් දරුණු භේදයක් ඇති වෙතැ යි ලංකාවේ අග‍්‍රාණ්ඩුකාරවරයා වශයෙන් සිටි නිල කාලය තුළ කිසි විටෙක මා බලාපොරොත්තු නොවූවකි. එහි වරද, ශ‍්‍රීමත් ජෝන් කොතලාවල සහ ඔහුගේ ආණ්ඩුවට පැවරෙන බව ඔබ පැවසීම සමග මා එකඟයි. එහෙත් ඔහු දෙමළ ජනතාවට තැළුවේ කසයෙන් නම්, දිවංගත බණ්ඩාරනායක එම දෙමළ ජනයාට ගෝනුස්සන් ලවා දෂ්ට කැරැුවූ බව කිව යුතුය.

දෙමළ ජනයා කෙරෙහි සිංහලයාගේ හැසිරීම අතිශයියන් පටු, එමෙන්ම මෝඩ හැසිරීමකි. 1945 ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති වශයෙන් මා කටයුතු කරන අවදියේ මේ ප‍්‍රජාවන් දෙක අතරේ පැවති සම්බන්ධතාව ගැන මම අධ්‍යයනය කෙළෙමි. එහි දී, ලංකාවේ ආර්ථිකයට දෙමළ ජනතාව කර ඇති සහ ඒ වන විටත් කරමින් සිටි වැදගත් දායකත්වය තදින්ම මගේ හිත් ගත්තේය. එමෙන්ම, සිංහලයන්ට වඩා දෙමළ ප‍්‍රජාව, හොඳින් උගත් සහ කාර්යශූර පිරිසක් බව මට වැටහුණි. බොහෝ සෙයින්, එංගලන්තයේ ආර්ථිකය කෙරෙහි අතීතයේ දී මෙන්ම ඒ වන විටත් ස්කෝට්ලන්ත ජාතිකයන්ගෙන් සැපයෙමින් තිබූ දායකත්වයට එය සමාන විය.

ඇත්ත වශයෙන්ම, 18 වැනි සියවසේ දී සහ 19 වැනි සියවසේ යම් කාලයකදීත්, ස්කොට්ලන්ත ජාතිකයන් කෙරෙහි ඉංග‍්‍රීසි ජාතිකයන් ඊර්ෂ්‍යවකින් පෙලූණි. එංගලන්තයේ රැුකියාවන්ගෙන් ස්වකීය ජනගහනයට සමානුපාතික නොවන රැුකියා ප‍්‍රමාණයක් ස්කොට්ල්න්ත ජාතිකයෝ හිමිකරගෙන සිටියහ. මා සිතන පරිදි ඊට හේතු වුණේ, ස්කෝට්ලන්ත ජාතිකයන් වඩාත් උගත් වීමත්, කාර්යයෙහි නිපුණ වීමත් ය. එසේම දකුණේ ප‍්‍රජාවන්ට වඩා ඔවුන් වෙහෙස මහන්සියෙන් වැඩ කළ අතර, දේශගුණය සහ ඔවුන්ගේ පස ඊට තල්ලූවක් වුණේය. කෙසේ වෙතත්, ස්කොට්ලන්ත ජාතිකයන්ව තරහා කර ගැනීමට තරම් ඉංග‍්‍රීසි වැසියන් මෝඩයන් වුණේ නැත. දෙමළ ජනයා කෙරෙහි සිංහල ජනයා හැසිරුණු ආකාරයෙන් ඉංග‍්‍රීසි ජාතිකයාත් හැසිරුණේ නම්, ස්වදේශීය වශයෙන් මෙන්ම විදේශ අධිරාජ්‍ය තුළත් බි‍්‍රතාන්‍ය හිමි කරගත් සමෘද්ධිය කිසි දවසක ඔවුන්ට හිමි නොවනු ඇත.

18 වැනි සියවස ආරම්භයේ දී එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර සන්ධාන ගිවිසුම ඇති කරගන්නා කාලයේ, මේ ජාතීන් දෙක සඳහා ‘ඉංග‍්‍රීසි පමණයි’ යන රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ඉංග‍්‍රීසිකාරයන් ඉල්ලා සිටියේ නම්, සැම ස්කෝට්ලන්ත ජාතිකයෙකුම ඔහුගේ ගැලික් භාෂාවේම එල්ලෙනු ඇත. එහෙත් ඉංග‍්‍රීසි ජාතිකයා වඩාත් බුද්ධිමත් වූ නිසා, සෑම ස්කොට්ලන්ත මවක්ම තම දරුවන් ඉංග‍්‍රීසි බස උගෙන ගන්නා බවට වගබලාගත්තාය. එදා වැඩිම රැුකියා අවස්ථා තිබුණේ එංගලන්තයේ ය. 

සිංහල ජාතිකයාත් ඒ ආකාරයෙන් නුවණැති විණි නම්, ඉහත කී හේතු නිසාම, සෑම දෙමළ මවක්ම තම දරුවන් සිංහල උගෙන ගන්නා බවට වගබලාගන්නට ඉඩ තිබුණි. දැන් තිබෙන හොඳම විසඳුම කුමක් දැ යි මම නොදනිමි. එවැනි විසඳුමක් ඇත් දැ යි කියාවත් මම නොදනිමි.

මා නිර්දේශ කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සුළු ජාතීන් වෙනුවෙන් ප‍්‍රමාණවත් ආරක්ෂණයන් පැවති බව මට පෙනුණි. එහෙත් එම ව්‍යවස්ථාවේ 29 වගන්තිය මා බලාපොරොත්තු වූ තරම් ප‍්‍රයෝජනවත් නොවුණු බව ඇත්ත. ඉන්දියානු ව්‍යවස්ථාවේ සහ වෙනත් ඇතැම් රටවල ව්‍යවස්ථාවල මෙන්, මානව හිමිකම් වගන්තියක් ද එදා ඇතුළත් කෙළේ නම් මැනවැ යි අද මට සිතේ. එහෙත් වෙනත් රටවල මෙන් ෆෙඩරල් ක‍්‍රමයක් හෝ ස්වායත්ත දෙමළ රාජ්‍යයක් සාර්ථක වේ යැයි මම විශ්වාස නොකරමි. ෆෙඩරල් ක‍්‍රමය හසුරුවා ගැනීමට අපහසු ය. පවත්වා ගැනීමට දුෂ්කර ය. ස්වායත්ත දෙමළ රාජ්‍යයක්, ප‍්‍රායෝගික නැත. 

මේ අවස්ථාවේ මට කළ හැක්කේ, ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, නියෝජන මන්ත‍්‍රණ සභාවේ කටයුතුවලට උද්‍යෝගයෙන් සහභාගී වන ලෙසත් ඉල්ලා සිටීමට පමණි. අයර්ලන්තය අපෙන් වෙන් වීමට මත්තෙන් නියෝජිත මන්ත‍්‍රණ සභාවේදී අයර්ලන්ත පක්ෂයේ ක‍්‍රියාකලාපය අනුකරණය කිරීමට ඔබට පිළිවන. ඇරත්, පාර්ලිමේන්තුවේ දෙමළ සාමාජිකයන් ඩඞ්ලි සේනානායකට සහයෝගය නොදීම අනුවණ කමක් බව මගේ හැඟීමයි. ඔවුන්ට තිබුණේ ඩඞ්ලි සේනානායකව බලයේ තබා ගැනීමයි.

වතුකරයේ දෙමළ සේවකයන්ගේ තත්වය ද සිත කළඹවයි. එතරම් විශාල ජන කොටසකට ඡුන්ද බලය අහිමි වීම ඛේදජනක ය. තමන්ගේ ප‍්‍රදේශය පිරී ඉතිරී යන සේ ඔවුන්ට ඡුන්ද බලයක් තිබීම ගැන නුවර පළාතේ සිංහල ජනයා තුළ අමනාපයක් ජනිත වීම මට තේරුම්ගත හැකිය. එහෙත් එම දෙමළ ජනයා සඳහා පමණක් ආසන හතරක් හෝ පහක් වෙනම ඇති කිරීම ඊට වඩා සාධාරණ විසඳුමක් විය හැකිය. ඔවුන් ජීවත් වන්නේ කුමන පළාතේ ද යන්න වැදගත් නැත. කෙසේ වෙතත්, මා මේ කතා කරන්නේ උතුරු නැගෙනහිර පළාත්වලින් බාහිර පෙදෙස්වල වෙසෙන දෙමළ ජනයා ගැනයි. 

ඔබත්, ඔබේ ප‍්‍රජාව ගැනත් මම කණගාටු වෙමි. පිළිගත හැකි විසඳුමක් මට දිය හැකි විණි නම් මම සතුටු වෙමි. ඔබේ තත්වයේ මා සිටියේ නම්, එක්සත් ජාතික පක්ෂයට දිය හැකි හැම සහයෝගයක්ම මා දෙනු ඇත. වර්තමාන ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කරනු ඇත.

සෝල්බරි
1964 අපේ‍්‍රල් 30

*Sinhala Stupidity; I Feel Sorry For The Tamil Community ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Back to Home page