3 August, 2021

Blog

ජනතාවාදී වාමාංශය හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක් වටා ගොණු විය යුත්තේ ඇයි?

ශන්තාල් මූෆ් –

[2020 සැප්තැම්බර් 15 වෙනිදා ‘Open Democracy’ වෙබ් සඟරාවේ පළ වූ ශන්තාල් මූෆ්ගේ “Why a populist Left should rally around a green democratic transformation” නම් ලිපියේ සිංහල පරිවර්තනය]

මෑතකදී වාමාංශික ජනතාවාදයේ විවේචකයින් කිහිපදෙනෙකු විසින් එහි අවසානය නිවේදනය කරනු ලැබෙමින් තිබේ; ඔවුන්ගේ කියා පෑම වන්නේ වාමාංශික ජනතාවාදී පක්ෂවලට තම අරමුණු කරා ළඟා වීමට නොහැකි වී ඇති බැවින් දේශපාලනය පිළිබඳ සාම්ප්‍රදායික පන්ති සංකල්පය වෙත ආපසු හැරෙන්නට දැන් කාලය උදාව ඇති බවයි. මේ මතය අභියෝගයට ලක් කරන්නට මට වුවමනාය; තවද, වත්මන් සංධිස්ථානය තුළ වාමාංශික ජනතාවාදී උපායමාර්ගයක් අන් කවරදාකටත් වඩා වලංගු වන්නේ යැයි තර්ක කරන්නටද මට වුවමනාය. කොවිඩ් 19 විසින් පවත්නා සමාජ අසමානතාවන් උග්‍ර කරනු ලැබ පවතී; එසේම නවලිබරල්වාදයේ ඓන්ද්‍රීය අර්බුධය කුපිත කරනු ලැබ පවතී. වසංගතයෙන් පසුව පැරණි තාලයට ආපසු හැරීමක් නොමැති වනු ඇත.

ඇත්ත. 2008 ආර්ථික අර්බුධයෙන් පසුව සිදු වූයේ මෙයයි. නමුත්, ඒ කාලයේදී නව ලිබරල්වාදයේ හෙජමොනිය තවමත් අභියෝගයට ලක්ව පැවතුණේ නැත. අද දවසේ දේශපාලන සංධර්භය වෙනස්ය. 2008 අර්බුධය විසින් මූල්‍ය ධනවාදයේ සීමාවන් කරළියට ගෙන එන ලදී; තවද, නව ලිබරල් ගෝලීයකරණය අපගේ දෛවය යැයි සැලකීම අවසන් විය. වාමාංශික සහ දක්ෂිණාංශික ප්‍රතිපත්තීන් අතර මූලධාර්මික වෙනසක් නොමැති වූ ‘පශ්චාත්-දේශපාලනයේ’ කාල පරිච්ජේදයෙන් පසුව අද අපි “දේශපාලනිකයේ පුනරාගමනයක්” අත්දකිමින් සිටින්නෙමු. මේ දිනවල රටවල් කිහිපයකම මධ්‍ය-වාමාංශික පක්ෂවල සමාජ-ලිබරල්වාදය අභියෝගයට ලක් කරන රැඩිකල් වාම ව්‍යාපාර පවතී; තවද, විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරීත්වයේ විවිධාකාර ආකෘතීන් විකසිත වේ. කාලගුණයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින තරුණ ව්‍යාපාරයක් වන “අනාගතය උදෙසා සිකුරාදාවන්” යන ව්‍යාපාරයත් වර්ගවාදයට එරෙහි ගොණුවීමක් වන “කළු ජීවිත වටී” ව්‍යාපාරයත් විසින් එකී අරගල ජාත්‍යන්තර අවධානයට රැගෙන විත් තිබේ.

තරඟකාරී උපායමාර්ග

මා සිතන පරිදි, කොවිඩ්-19 න් පසුව අපට දෘෂ්‍යමාන වනු ඇත්තේ වසංගතය විසින් කරළියට ගෙන ‘විත් තිබෙන ආර්ථිකමය, සමාජමය සහ පාරිසරිකමය අර්බුධය සමග ගණුදෙණු කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳ වෙනස් උපායමාර්ග සඳහා වන අභිමුඛ වීමකි. නව ලිබරල්වාදීන් නිසැකවම ප්‍රාග්ධනයේ ආධිපත්‍ය නැවත තහවුරු කරගැනීමට රාජ්‍ය බලය භාවිතා කරන්නට ප්‍රයත්න දරනු ඇත. ඇතැම් රටවල මෙම “රාජ්‍ය නව-ලිබරල්වාදය” අධිකාරීවාදී ක්‍රියාමාර්ගවල අනුබලය ලැබිය හැකිය; ඒ, ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය එකට නොපෑහෙන දේ බවට පත්ව තිබේය යන වුල්ෆ්ගන් ස්ට්‍රීක්ගේ ප්‍රවාදය සනාථ කරමිනි. නව-ලිබරල් අධිකාරීවාදය ඩිජිටල් ආකෘතියක් ගත හැකිය; නයෝමි ක්ලේන් “Screen New Deal” කෘතිය තුළ පෙර දුටු පරිදිය. සනීපාරක්ෂක අර්බුධයට ගැලපෙන තාක්ෂණික ප්‍රතිචාරයක් පිළිබඳ වත්මන් විවාදයෙන් පෙන්නුම් කෙරෙන පරිදි, ජනයාගේ සෞඛ්‍යය පාලනය කිරීමේ මෘදුකාංග නිපදවීමද විසඳුමේ අංගයක් ලෙස සලකා බැලීමේ වැඩෙන නැමියාවක් තිබේ. කොරෝනා වෛරස් අර්බුධය ඩිජිටල් ලෝකයේ පතාකයන් හට පෙනෙන්නේ සහමුළින්ම පරිගණකකරණය වූ සෞඛ්‍ය ප්‍රතිපත්තියක නියෝජිතයින් ලෙස තහවුරු වීමට ඔවුන්ට ලැබුණු පුළුල් අවස්ථාවක් ලෙසයි. සෙසු ක්ෂේත්‍ර කරා තම පාලනය ව්‍යාප්ත කිරීම සඳහා ඔවුනට තිබෙන විජිගීෂාව එව්ගිනි මොරොසොව් විසින් විශ්ලේෂණය කරන ලද “තාක්ෂණික විසඳුම්වාදය” සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමෙන් යුක්ති සහගත කරගත හැකිය. මොරසොව් ඔහුගේ “To Save Everything” නමැති කෘතිය තුළ සිලිකන් නිම්නය විසින් ප්‍රවර්ධනය කෙරෙන මෙම විසඳුම්වාදය පිළිබඳ දෘෂ්ටිවාදයේ අනතුරු ගැන අපට අනතුරු හඟවයි; එම දෘෂ්ටිවාදයට අනුව, දේශපාලන ගැටළුද ඇතුළත්ව සියළුම ගැටළුවලට තාක්ෂණික විසඳුම් තිබේ. විසඳුම්වාදීන් පශ්චාත්-දෘෂ්ටිවාදී ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙනී සිටින අතර දේශපාලනය මග හැර යාම සඳහා තාක්ෂණය ආදේශ කරන බව ඔහු පෙන්වා දෙයි.

ඩිජිටල් වේදිකාවලට දේශපාලන පර්යාය සඳහා පදනමක් සැපයිය හැකිය යන විශ්වාසය, තමන් දේශපාලන පසමිතුරුතා ඉක්මවා ගොස් තිබේ යැයිද වම සහ දකුණ යන්න දැන් “සොම්බී සංඝටක” බවට පත්ව තිබේ යැයිද “තුන්වන මාවතේ” දේශපාලකයින් කළ කියා පෑම් ප්‍රතිරාව නංවයි.

ඒ අනුව, විසඳුම්වාදය යනු 1990 ගණන්වලදී පෙරට ආ පශ්චාත්-දේශපාලනික සංකල්පයේ තාක්ෂණික අනුවාදයකි. එය ප්‍රජාතාන්ත්‍රික පාලනයෙන් නිර්මුක්තව පවතින තාක්ෂණ-අධිකාරීත්වවාදයේ පශ්චාත්-ප්‍රජාතාන්ත්‍රික ආකෘතීන් පිළිගැනීමට සලස්වයි. තාක්ෂණ-අධිකාරීත්වවාදයේ නව-ලිබරල් අනුවාදය තවමත් ඇතැමුන් බියට පත් වන ආකාරයේ තාක්ෂණ-ඒකාධිපතිවාදී සුපරීක්ෂණ රාජ්‍යයක් බවට පත්වී නොමැත; නමුත්, එය ඒ දිශාවට යන පළමු පියවර විය හැකිය.

මෙයට වෙනස් පිළිතුරක් දක්ෂිණාංශික ජනතාවාදී පක්ෂ වෙතින් පැමිණේ. ජනතාවගේ හඬ තමන් යැයි කියා පාමින් ඔවුන් චෝදනා කරමින් සිටින්නේ නව-ලිබරල් ප්‍රභූන් හටය; එම චෝදනාව වන්නේ නව-ලිබරල් ප්‍රභූන් නිරත වූ ගෝලීයකරණයේ දේශපාලනය නිසාත් ඔවුන් ජාතික ස්වාධිපත්‍යය අත හැර දැමීම නිසාත් ඔවුන් වත්මන් අර්බුධයට වග කිව යුතුය යන්නයි. එම ස්වාධිපත්‍යය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඔවුන් යෝජනා කරන්නේ නිර්මුක්තකරණයේ දේශපාලනයකි; ඒ වනාහී ඇතැම් කණ්ඩායම්වලට දරුණු ලෙස ප්‍රජාතාන්ත්‍රික හිමිකම් අහිමි කරමින් සහ සංක්‍රමණිකයන්ට දැඩි ලෙස වැට කඩොළු බඳිමින් ජාතියට අයත් වූවන් ආරක්ෂා කරන දේශපාලනයකි. ඔවුනගේ සංස්ථාපිත-විරෝධී කතිකාව සහ ඔවුන් පාරජාතික සමාගම්වල රීතීන් ප්‍රතික්ෂේප කිරීම ඇතැම් කණ්ඩායම් විසින් සාදරයෙන් භාරගනු ලැබ තිබේ; ජනතා කොටස් අතර ඒවා ප්‍රතිරාව නැංවේ. ඇතැම් විට, ඔවුනට අධි-තාක්ෂණික අධිකාරීවාදයේ පශ්චාත්-දේශපාලනයට එරෙහි බලවේගයක් තැනිය හැකි වනු ඇත; නමුත්, ඒ සඳහා ගෙවිය යුතු මිළ වන්නේ අන්‍යයන් නොරුස්සන සහ සමාජ ගතානුගතිකවාදී ස්වභාවයේ ජාතිකවාදී ආකෘතියේ අධිකාරීවාදයක් තහවුරු වීමයි.

ස්වයං-ආරක්ෂණය

අධිකාරීවාදයේ එකී ආකෘතීන් දෙකට එරෙහි වීම සඳහාත් වසංගතයෙන් පසුව අපගේ සමාජයන් ගනු ඇති දිශානතිය කෙරෙහි කුමන හෝ බලපෑමක් කිරීම සඳහාත් වාමාංශයට හොඳ ප්‍රතිපත්තීන්ට වඩා යමක් වුවමනාය. කොවිඩ්-19 විසින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී වර්ධනයන් සඳහා ඉවහල් කරගත හැකි ආකාරයේ හැඟීම්මය ප්‍රතිචාර නිර්මාණය කෙරෙන්නේ කෙසේද යන්නද වාමාංශය දැන ගත යුතුය.

මෙහිදී කාල් පොලන්යී අපට වටිනා විදර්ශනා සපයයි. ඔහුගේ “The Great Transformation” නමැති කෘතියේ ඔහු දහ නම වන සියවසේ ලිබරල්වාදය විසින් භූමිය, ශ්‍රමය සහ මුදල් හුවමාරු භාණ්ඩ ලෙස සැලකීමට නැඹුරු වීමේ විනාශකාරී විපාක විශ්ලේෂණය කරයි. පොලන්යී මෙහිදී හුවමාරු භාණ්ඩකරණයේ වර්ධනය විසින් නිර්මාණය කෙරුණු විස්ථාපනයෙන් අනතුරට පත් වූ සමාජයක් 1930 ගණන්වලදී ස්වයං ආරක්ෂණය සඳහා වූ ප්‍රති චලනයක් මගින් ප්‍රතිචාර දක්වන ලද්දේ කෙසේදැයි අවධානයට ලක් කරයි; ඒ, සමාජ අවශ්‍යතා සමග ආර්ථිකය නැවත ගැලපීමෙනි; වෙළඳපල නැවත සමාජ ව්‍යුහයන්ට ඇතුළත් කර ගැනීමෙනි. හුවමාරු භාණ්ඩකරණයේ වර්ධනය විසින් නිර්මාණය කෙරුණු විස්ථාපනයට දක්වන්නා වූ විරෝධය ප්‍රජාතාන්ත්‍රික ආකෘතියක් ගැනීමට බැඳී නැති බවද ඔහු සඳහන් කළේය. සැබවින්ම, 1930 ගණන්වලදී එම විරෝධයන් රූස්වෙල්ට්ගේ “නව ගණුදෙණුව” ප්‍රතිපත්ති වෙතට සේම ෆැසිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය වෙතටද දිශානත විය.

ප්‍රති-චලනයක් පිළිබඳ පොලන්යීගේ අදහස මෑත කාලයේදී නව-ලිබරල්වාදයට එරෙහිව ගොඩ නැගුණු සමකාලීන ගෝලීය සමාජ ව්‍යාපාරවල වර්ධනය තේරුම් කිරීමේදී විශාල පිළිගැනීමකට ලක් විය. ඔහුගේ තර්කයේ එක් පැතිමානයක් මා අවධාරණය කරන්නට කැමැත්තෙමි. එනම්, ඔහු ප්‍රති-චලනයක ගාමක බලවේගය ලෙස දකින ස්වයං-ආරක්ෂණය පිළිබඳ සංඝටකයට දෙන වැදගත්කමයි. ඔහුගේ විශ්ලේෂණයෙන් පෙන්වා දෙන්නේ සමාජයක පැවැත්ම බරපතල බාධාවන්ට ලක් වූ විට ආරක්ෂණය සඳහා වන අවශ්‍යතාව කේන්ද්‍රීය සමාජ ඉල්ලීම බවට පත් වන බවත් එම ආරක්ෂණය වඩාත් හොඳින් ලබා දිය හැකි යයි ජනතාව විශ්වාස කරන අයවළුන් පසුපස එකී ජනතාව ගමන් කරන බවත්ය.

මා පොලන්යීගේ මේ අදහස පරිශීලනය කරන්නේ අද දිනයේ අපද ඊට සමාන වාතාවරණයක සිටින්නේ යැයි මා කල්පනා කරන නිසාය. සැබවින්ම, වසංගතයේ එක් ප්‍රතිපලයක් වන්නේ ආරක්ෂණය සඳහා වූ අවශ්‍යතාව වර්ධනය වීමයි. මෙම ආරක්ෂණය සඳහා වූ අවශ්‍යතාව අනුසාරයෙන් බොහෝ ජනයා මෙතෙක් කලක් විරුද්ධ වී සිටි ඩිජිටල් පාලන ආකෘති පිළිගැනීමට දැන් ඔවුන් සූදානම්ව සිටින්නේ මන්දැයි පැහැදිලි කළ හැකිය. එය නිසැකවම දක්ෂිණාංශික ජනතාවාදීන්ට වාසි සහගත විය හැකිය; ඒ ආරක්ෂණය සඳහා අනෙකාව බැහැර කරන ආකාරයේ ජාතිකවාදී ස්වරූපයක් සහිත ස්වාධිපත්‍යය පිළිබඳ දැක්මක් ප්‍රවර්ධනය කළ යුතු යැයි ජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුන් සමත් වේ නම්ය.

ස්වාධිපත්‍යය උදෙසා සටන් කිරීම

අර්බුධයට අධිකාරීවාදී විසඳුම් ඉදිරිපත් වීමේ අනතුර ඉදිරියේ වාමාංශය මෙකී ආරක්ෂණය පිළිබඳ ඉල්ලීමට ආමන්ත්‍රණය කිරීම ඉතාම අවශ්‍ය වේ. අවාසනාවන්ත ලෙස, වාමාංශයේ වැදගත් කණ්ඩායම් නව-ලිබරල්වාදී පශ්චාත්-දේශපාලන ලෝක දැක්ම වැළඳගෙන තිබේ. ඒ දැක්මෙන් උපකල්පනය කෙරෙන්නේ දේශපාලනයේ එදිරිවාදීමය ආකෘතිය අවසන්ව ගොස් ඇති බවයි; තවද එය සදාචාරමය වර්ධනය වනාහී සෑම දෙයක්ම කිසිම බාධාවකින් තොරව නිදහසේ චලනය වන්නා වූ සීමා ඉරි නැති ලෝකයක් නිර්මාණය කිරීමක් ලෙස දකියි. ඔවුනට අනුව නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීම විශ්වාසයේ අංගයකි; තවද, සාමාන්‍ය පන්තීන්ගේ ආරක්ෂණය උදෙසා වූ ආශාව සැක කරන්නට ඔවුන් පෙළඹේ. ඔවුන් එය දකින්නේ ඔවුන් විසින් පෝෂණය කෙරෙන විශ්වසාධාරණ වටිනාකම් ප්‍රතික්ෂේප කිරීමක් ලෙසයි.

මා තරයේ කියා සිටින්නේ ස්වාධිපත්‍යය සහ ආරක්ෂණවාදය වැනි සංකල්ප දක්ෂිණාංශයට අත් පත් කර ගන්නට ඉඩ දීම වාමාංශය කරන බරපතල දේශපාලන අත් වැරැද්දක් විය හැකි බවයි. එයින් වැළකෙන්නේ සාමාන්‍ය පන්තිවල ඉල්ලීම් සමග ඒකාත්මික වීමේ ශක්‍යතාව ඇති දේශපාලන ව්‍යාපෘතියක් විස්තාරණය කිරීමයි. එබැවින්, ස්වාධිපත්‍ය සහ ආරක්ෂණවාදය නැවත අරුත් ගන්වන දෘෂ්ටිවාදී අරගලයක නිරත වීම ඉතාම හදිසි අවශ්‍යතාවකි. ඒ, එකී සංකල්ප අධිකාරීවාදී ලෙස අරුත් ගැන්වීම වැළකෙන පරිදි ඒවා ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායේ මූලික වටිනාකම් සමග සුසම්බන්ධ කිරීමෙනි. මෙය දක්ෂිණාංශික ජනතාවාදයට තැරැව්කාරකම් කිරීමක් ලෙස දැකිය යුතු නැත; ඇතැම් විට වාමාංශික ජනතාවාදීන් එසේ කරන්නේ යැයි චෝදනා එල්ල වන බැවිනි. නිරන්තරයෙන්ම මූලික දේශපාලන සංකල්පවල අරුත් නිර්මාණය වන්නේ දේශපාලන සටන් තුළිනි; එම සංකල්පවල අරුත් ගැන්වීම අරභයා වන අභිමුඛ වීම් හෙජමොනික අරගලයේ තීරණාත්මක පැතිමානයකි.

ආවේගයන්හි වැදගත්කම

වත්මන් අර්බුධය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ වාමාංශික ජනතාවාදී උපාය මාර්ගයකි. එය ප්‍රජාතන්ත්‍රවාදය යළි අත්පත් කොටගෙන ගැඹුරු කිරීම සඳහා නව හෙජමොනියක් ගොඩ නැගිය හැකි සාමූහික ජනතා බලවේගයක් නිර්මාණය කිරීමට සමත් වූවක් විය යුතුය. වාමාංශික ජනතාවාදී උපායමාර්ගය දේශපාලනය යනු පාර්ශවීය ක්‍රියාකාරීත්වයක් බව පිළි ගනී. ඒ තුළ ආවේගයන් වැදගත් භූමිකාවක් ඉටු කරන බවද පිළි ගනී. “අපි” සහ “ඔවුන්” අතර, නොහොත් “ජනතාව” සහ “ප්‍රභූන්” අතර දේශපාලන සීමා මායිම් අඳිමින් ආවේගාත්මක පැතිමානය සංවිධානය කිරීමට එය සමත්ය; එම පැතිමානය සාමූහික අනන්‍යතා ආකෘතීන් නිර්මාණය කිරීමේදී ක්‍රියාකාරී වන්නකි. මේ වනාහී නිරන්තරයෙන්ම වමේ දේශපාලනය ආභාසය ලබන්නා වූ සබුද්ධිකවාදී න්‍යායික රාමුව විසින් සැළකිල්ලට ගන්නට අසමත් වන කාරණයකි. නිවැරදි අදහස් තිබීම ප්‍රමාණවත් වන්නේ නැත. ස්පිනෝසා අපට සිහිපත් කරන පරිදි අදහස්වලට බලයක් ලැබෙන්නේ ඒවාට ආවේගයන් මුණ ගැසුණු විටදී පමණි. දේශපාලනයේදී මනාව සංගෘහිත වැඩ පිළිවෙලක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැත. මිනිසුන්ගේ පක්ෂපාතීත්වය ජනනය කොටගෙන ඔවුන්ව ක්‍රියාවට පෙළඹවීම සඳහා ඔවුන්ගේ ආශාවන් සමගත් ඔවුන්ගේ පුද්ගලික ජීවිත සමගත් අනුනාද නංවන ආවේග මුදා හැරිය යුතුය.

දේශපාලනයේ ප්‍රධාන හැඟීම් දෙක වන්නේ බිය සහ අපේක්ෂාවයි. බිය මගින් මෙහෙයවනු ලබන්නේ නැති දේශපාලන ව්‍යාපෘතියක් වටා ජනතාව ඒකාබද්ධ කිරීම වාමාංශයට තීරණාත්මක වේ. ඒ වෙනුවට, සමනාත්මතාව සහ ජනතා ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම ක්‍රියාවට නැගෙනු ඇති වෙනස් ලෝකයක් පිළිබඳ පර්යාලෝකයක් මගින් මෙහෙයවෙන දේශපාලන ව්‍යාපෘතියක් වටා ජනතාව ඒකාබද්ධ කළ යුතුය. නව-ලිබරල්වාදයට එරෙහි වාමාංශික ජනතාවාදී ප්‍රති-හෙජමොනික ප්‍රහාරයක් දියත් කළ යුත්තේ “හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක” නාමයෙනි. ඒ, සොබාවික පරිසරයේ ආරක්ෂාව යන්න අසමානතාවයෙහි විවිධ ආකෘතීන්ට එරෙහි ප්‍රජාතාන්ත්‍රික අරගලයන් සමග සම්බන්ධ කිරීමෙනි. අවශ්‍යව ඇත්තේ සාමූහික අධිෂ්ඨානයක් ගොඩ නැගීමයි; “ජනතාවක්” ගොඩ නැගීමයි; ඒ තුළ සමාජ-ආර්ථික ස්වභාවයේ අරගලවලට පමණක් නොව ස්ත්‍රීවාදී, වර්ගවාද විරෝධී, වෙනස් ලිංගික නැමියාවන් වෙනුවෙන් වූ අරගලවලටද ප්‍රකාශමාන වීමට හැකි විය යුතුය.

‘හරිත ප්‍රජාතාන්ත්‍රික’ විපරිවර්තනය

නිසැකවම එකී ඉල්ලීම් ඉතාම විසමජාතීය වේ. තවද, ඒවාට කිසියම් ආකාරයක සුසම්බන්ධකරණයක් වුවමනා වේ. ‘හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක්’ ගැන කතා කිරීමත් පාරිසරිකවාදී විපරිවර්තනය ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීමේ ක්‍රියාවලියක් ලෙස කල්පනා කිරීමත් විසින් මෙම සුසම්බන්ධකරණයේ මූලධර්මය අපට සැපයිය හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. මන්ද යත්, එම ව්‍යාපෘතිය වටා විවිධාකාර ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් කැටි ගැසිය හැකි බැවිනි. අපගේ සමාජවල සමානාත්මතාව සහ නිදහස උදෙසා වූ අරගලවලට මග පෙන්වා ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනයේ ආවේගාත්මක බලවේගයයි. හරිත ප්‍රජාතාන්ත්‍රික ආකෘතියක් සහිත අත්‍යවශ්‍ය පාරිසරික විපරිවර්තනයක් දෘෂ්‍යමාන කිරීමෙන් ප්‍රජාතාන්ත්‍රික පරිකල්පනය සක්‍රීය කළ හැකිය; තවද, බොහෝ කණ්ඩායම් අතර බලවත් ආවේග ජනනය කළ හැකිය. ඒ, ආරක්ෂණය සඳහා වන ඔවුනගේ ආශාව සමානාත්මතාවාදී දිශානතියකට තිරව ඉලක්කගත කිරීමෙනි.

හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක අරමුණ වන්නේ සමාජය සහ එහි පැවැත්මේ භෞතික කොන්දේසි සුරැකීමය. ඒ, ජනතාව ආරක්ෂක ජාතිකවාදයක් වෙත අපගමනය වීම හෝ නිෂ්ක්‍රීය ලෙස තාක්ෂණික විසඳුම් පිළි ගැනීම වෙනුවට ඔවුන්ව බල ගැන්වෙන ආකාරයෙනි. ඒ වනාහී කිහිප දෙනෙකු උදෙසා වූ ආරක්ෂණයක් නොව බොහෝ දෙනෙකු උදෙසා වූ ආරක්ෂණයකි. සමාජ යුක්තිය සලසමින් සහ සහයෝගීතාව වර්ධනය කරමින් ඇති කෙරෙන ආරක්ෂණයකි.

එක්සත් ජනපදයේ ඇලෙක්සැන්ද්‍රියා ඔකේෂියෝ-කෝටෙස් සහ සූරියමල් ව්‍යාපාරය විසින් යෝජනා කෙරෙන ‘හරිත නව ගණුදෙණුව’ එවන් ව්‍යාපෘතියක් සඳහා හොඳ නිදසුනකි. මන්ද යත්, එය හරිතාගාර ගෑස් විමෝචනය අඩු කිරීම සමග අසමානත්වය සහ වාර්ගික අයුක්තිය වැනි සමාජ ගැටළු විසඳීමේ අරමුණ සම්බන්ධ කරයි. වැදගත් යෝජනා කිහිපයක්ම එහි අර්තර්ගතය. හරිත ආර්ථිකය තුළ රාජ්‍යය විසින් සියළු දෙනාට වැටුප් ලබන රැකියා සහතික කරනු ලැබීමේ යෝජනාව එවැන්නකි. එය ස්වකීය රැකියාවලට බලපෑම් සිදු වීමට යන ජනතා කොටස්වල බැඳීම ගොඩ නගා ගැනීමේදී තීරණාත්මක වේ.

මහා බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින්ගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ කම්කරු පක්ෂ වැඩ පිළිවෙළේ කේන්ද්‍රීය අංගයක් වූ හරිත කර්මාන්ත විප්ලවයද සමාජ සහ ආර්ථික යුක්තිය පාරිසරික යුක්තියෙන් වෙන් කළ නොහැකි බව පිළි ගත්තේය. එය ආර්ථිකය වේගවත්ව කාබන්හරණය කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කළේ තිරසාර වූත්, හොඳ ගෙවීම් සහිත වූත්, වෘත්තීය සමිති තුළ සංවිධානය වූත් රැකියා වෙනුවෙන් ආයෝජනය කිරීම සමග බද්ධ වෙමිනි. වෙනත් බොහෝ හරිත යෝජනාවලට වෙනස්ව යමින් ඉහත කී යෝජනා දෙකම ක්‍රමයෙහි රැඩිකල් වෙනසක් වෙනුවෙන් ඇරයුම් කරයි; එසේම, සැබෑ පාරිසරික පරිවර්තනයක් සඳහා මූල්‍ය ධනවාදයෙන් කැඩී වෙන් වීමක් අවශ්‍ය වන බව හඳුනා ගනී.

පන්ති අරගලය සහ පාරිසරික අර්බුදය​

වාමාංශික ජනතාවාදී උපායමාර්ගයක් වෙනුවෙන් පෙනී සිටින්නන් පන්ති අරගලයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන්නේ යැයි මාක්ස්වාදීන් නගන චෝදනාවට නිරන්තරයෙන්ම ලක් වේ. නමුත්, මේ චෝදනාව පදනම් වී ඇත්තේ දුස්-සංකල්පයක් මතය. වාමාංශික ජනතාවාදී උපායමාර්ගය සමාජය පසමිතුරුතා මගින් දිගට හරහට කැපී ගොස් ඇති බව පිළි ගනී. එම ඇතැම් පසමිතුරුතා සමාජ-ආර්ථික ස්වභාවයේ ඒවාය. ඒවාට ‘පන්ති’ පසමිතුරුතා යැයි කිව හැකිය. ඒ, මෙම යෙදුම නිර්ධනයා සහ ධනපතියා අතර පසමිතුරුතාවට සීමා වන්නේ නැති නම් ය. කෙසේ වුවත්, එම සමාජ-ආර්ථික පසමිතුරුතාවන් ළඟට වෙනස් සමාජ සබඳතා තුළ ස්ථානගත වූ වෙනත් පසමිතුරුතාද පවතී. ඒ, අධිකාරීත්වයේ සෙසු ආකෘතීන්වලට එරෙහි අරගල ඉස්මතු කරලමිනි. 1985 දී රචිත “හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ග” කෘතියේදී අප කම්කරු පන්තියේ ඉල්ලීම් සමාජ ව්‍යාපාරවල ඉල්ලීම් සමග සුසම්බන්ධ කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් තර්ක කළේ මේ නිසාය. ඒ, සමාජවාදය ‘ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණය’ ලෙස නැවත සූත්‍රගත කරන්නට යෝජනා කරමිනි. එහි අදහස වන්නේ ප්‍රජාතාන්ත්‍රික පරමාදර්ශ සමාජ සබඳතාවල පුළුල් පරාසයක් කරා විස්තාරණය කිරීමයි.

මේ කාලයේදී පාරිසරික අර්බුධය සමග එවන් ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් නව පැතිමානයක් අත්පත් කරගෙන තිබේ. විසි වන සියවසේදී සමාජවාදී ව්‍යාපෘතියේ කේන්ද්‍රයේ පැවතියේ අසමානතාව පිළිබඳ ප්‍රශ්නයයි. තවද, සමාජ යුක්තිය උදෙසා වූ සටන වටහා ගනු ලැබුවේ වෘද්ධියේ පල සමානව බෙදා ගැනීමක් ලෙසයි. නව සමාජ ව්‍යාපාරවල අරගල විසින් සමාජ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට නව මානයන් එකතු කෙරිණ. නමුත්, ඒවායෙහි එල්ලය වූයේ ස්වෛරීත්වය සහ නිදහසයි. ඇතැම් පාරිසරිකවාදී ව්‍යාපාර හැරුණු කොට ඒවා මූලධාර්මික වශයෙන් වෘද්ධියේ ස්වභාවය ඉලක්කගත කර ගත්තේ නැත.

පසුගිය දශක දෙක තුළදී අපි කාලගුණික හදිසි තත්ත්වය සමග නව අදියරකට ප්‍රවේශ වී ඇත්තෙමු. ඒ තුළ සමාජ යුක්තිය උදෙසා වූ අරගලය නිෂ්පාදනවාදී සහ අධික්‍රියාකාරීවාදී ආකෘතිය ප්‍රශ්න කිරීමට වුවමනාය. වෘද්ධිය යන්න ආරක්ෂණයේ මූලාශ්‍රයක් ලෙස සලකනු ලැබීම අවසන්ව පවතී; එය දැන් සමාජයේ පැවැත්මේ භෞතික තත්ත්වයන්වලට අනතුරක් බවට පත්ව තිබේ. සමාජයේ පැවැත්ම අනතුරට හෙළන්නා වූත්, එහි ව්‍යසනකාරී බලපෑම් විශේෂයෙන්ම වඩාත්ම අසරණ සමාජ කණ්ඩායම් විසින් විඳිනු ලබන්නා වූත් වෘද්ධි ආකෘතියක් අවසානයට පත් කිරීම ඇතුළත් කර නොගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් ගැන තව දුරටත් කල්පනා කළ නොහැකිය.

නව-ලිබරල් පර්යායෙන් ප්‍රජාතාන්ත්‍රිකව කැඩී වෙන්වීමක් සාක්ෂාත් කර ගන්නා දැක්මක් සහිතව පීඩනයට සහ අධිකාරීත්වයට එරෙහි බහුවිධ ව්‍යාපාර හරිත ප්‍රජාතාන්ත්‍රික විපරිවර්තනයක් වටා සුසම්බන්ධ කිරීම අරමුණු කොට ගත් වාමාංශික ජනතාවාදී උපායමාර්ගයක් වැදගත් වන්නේ එබැවිනි. අද දිනයේ ‘පන්ති අරගලය’ සිදු වන්නේ මෙලෙසය.

*පරිවර්තනය: සුමිත් චාමින්ද

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    අපේ සමාජය අද වන විට ද්වේෂයෙන් හා වෛරයෙන් පිරී තිබේ. උත්ප‍්‍රාසාත්මක ලෙස මෙය සිදු කරනු ලබන්නේ අප “බෞද්ධයන් හෝ සිංහල බෞද්ධයන්” යන බැනරය පැළඳ සිටියදී ය. මෙය “බුදුසර්නායි” ලෙස සලකුණු කරන ලද ලොරියකට සමාන නමුත් එය tered ාතනය කරන ලද ගවයින්ගේ ලොරි රථයක් බව සනාථ වේ.
    ප්‍රසිද්ධියේ වෛර කරන ඕනෑම කථිකයෙකු අපරාධකරුවන් ලෙස සැලකිය යුතුය. පුනරුත්ථාපන කඳවුරු දැමීමේ ද ments ුවම් වලට ඔවුන් යටත් විය යුතුය. ඔවුන් සිටින්නේ ආගමික භික්ෂූන් හෝ නායකයන් හෝ වෙනත් අයෙකුට ඒ ආකාරයටම ද ished ුවම් කළ යුතුය. භික්ෂුව විනාශ කරමින්, තම භික්ෂුව අපයෝජනය කරන අයට සිරගත කිරීමෙන් ද ished ුවම් කළ යුතුය. නූගත් ඉහළ පරිච්ඡේදයේ භික්ෂූන් වහන්සේලාට අද පසුබිම තුළ ක්‍රියාකාරී විය යුතු බව පැහැදිලි කළ යුතුය.

    Our society is filled with malice and hatreds as of today. ironically this is being done while we are wearing the banner ” buddhists or sinhala buddhists”. This is similar to a lorry marked as “budusarnayi” but it is proved to be a lorryload of slaughtered cattle.
    any hate speechers in public should be considered as criminals. They should be subjected to punishments putting the rehab camps. There be them religious monks or leaders or someone else should be punished to the same manner. Destroying monkhood, those who abuse their monkhood should be punished by putting them in jails. Uneducated high chapter monks should be made clear that they should be pro active in today s backdrop.

    to be contd.

    • 2
      0

      II
      ප්‍රේමයට වඩා වෛරය දිගටම පවත්වා ගැනීමෙන් සාමය අත් කරගත නොහැකිය. පිරිත් නූල් වෙනුවට ශ්‍රී ලංකාවේ මිනිසුන්ට එය නැවත නැවත මතක් නොකළ යුතුය. මෙය සත්‍ය ඉගැන්වීම් පදනම් කරගත් බුද්ධාගමේ මූලික කරුණු වේ. මගේ සමීප නිරීක්ෂණවලට අනුව, සැබෑ බුද්ධාගම අද කොන් වී ඇති අතර ව්‍යාජ බුද්ධාගම අපේ කුඩා රට තුළ ජයගෙන තිබේ.
      මම ඉපදුණේ බෞද්ධයෙක්, නමුත් මම ජීවත් වන්නේ ක්‍රිස්තියානි ධර්මය පාලනය කරන රටක. වෛරය පදනම් කරගත් ව්‍යාජ විශ්වාසයන්ට වඩා ආදරය හා රැකවරණය සමාජයක පැහැදිලි වෙනස්කම් ඇති කළ හැකි යැයි මම විශ්වාස කරමි. මම ගරු කරන්නේ බුදුන්ගේ සැබෑ ඉගැන්වීම්වලට පමණයි. ඕනෑම ජ්‍යෙෂ් politicians දේශපාලන politicians යෙකුගේ බල අරගලය සහ දේශපාලන මත්ද්‍රව්‍ය පිළිබඳ සිතුවිලි අපේ සමාජයෙන් ඉලක්ක කර ඉවත් කළ යුතුය. නිසි දැනුවත් කිරීමේ වැඩසටහන් ලබා ගැනීමෙන් මෙය ඉක්මනින් සාර්ථක කර ගත හැකිය.
      continuance of hatreds above love can not achieve peace. instead of pirith noole People in SL should not be reminded it repeatedly as this is the basics of true teachings based buddhism. To my close observations, true buddhism is today marginalized and fake buddhism is conquered in our small country.
      I was born buddhist, but I live in country where christianity is governing. I believe, love and care could make tangible changes in a society than, hatreds based fake beliefs. I respect only true teachings of buddha. mlechcha thoughts of any senior politicians for their power struggle and political intoxications should be targeted and eleminated from our society. This could soon be succeeded by achieving proper awareness programs.

      tbc

  • 2
    0

    III
    එය ක්‍රියාත්මක කළ හැකි සෑම ආකාරයකින්ම සෑම දිනකම පාහේ ප්‍රවර්ධනය කළ යුතුය. එය විශාල කාර්යයකි. කෙසේ වෙතත්, සෑදී ඇති කඹයක් බර හා වැළඳගත් නැවක් ගැට ගසන්නේ නම්, සමාජයේ සෑම කෙනෙකුටම මෙම උත්සාහය සඳහා ඔවුන්ගේ කොටස දායක විය හැකිය. එය අත්‍යවශ්‍ය හා වේලාවේ අවශ්‍යතාවයයි.
    ආගමික නායකයෙනි, මේ මුළු හදවතින්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, සියලු මිථ්‍යා මතයන් පසෙකට දමා, එක් වී මේ ජාතිය බේරා ගැනීම සඳහා, සියලු වෙනස්කම් පසෙකට දමා ඔවුන්ට උදව් කිරීමයි. ඔබ ක්‍රිස්තියානි, බෞද්ධ, මුස්ලිම්, හින්දු හෝ කුමක් වුවත් වැදගත් වන්නේ ඇයි, නමුත් අපි සියල්ලෝම ආගම් විසින් මෙහෙයවනු ලබන මනුෂ්‍යයෝ වෙමු. අපගෙන් බොහෝ දෙනෙක් මෙහෙයවනු ලබන්නේ ආගම් සහ එවැනි ආගම් පදනම් කරගත් සංස්කෘතීන් මගිනි.

    people building and society building should be the foundation and the primary target for a healthy future/nation after the war is over. All other physical constructions come secondary. bESIDEs, all other giant physical road and construction should be subjected to proper feasiblity studies, else, our great country would be destroyed with the time. Floods as no times inthe past are connected with new road constructions and soil diggins.
    our people should be taught to see it right. awareness programs should not be limited to few discussion rounds. that should be a non-stop process. today s information technology could make this very efficient. if a whatsup message could revolutionize the village-mind set, there our success is there. We should be transparent and fact-based, then nothing can go wrong.

    Tbd

    • 2
      0

      IV
      දැනුවත් කිරීමේ වැඩසටහන් සෑම දිනකම පාහේ ප්‍රවර්ධනය කළ යුත්තේ හැකි සෑම ආකාරයකින්ම ය. මාධ්‍ය මාෆියාවට වෙනත් ආත්මාර්ථකාමී වාසි තිබේ නම්, අපගේ අරමුණු සාර්ථක නොවනු ඇත. ඔවුන්ගේ ආයතනික වාසි පසෙකට දැමිය යුතු බව රජයට පැහැදිලිවම කිව හැකිය.
      එය විශාල කාර්යයකි. නමුත් මෙය කළ නොහැකි දෙයක් නොවේ. කෙසේ වෙතත්, කුඩා කෙඳි වලින් සාදන ලද කඹයකට බර හා වැළඳගත් නැවක් ගැටගැසීමට හැකි නම්, සමාජයේ සෑම කෙනෙකුටම මෙම උත්සාහය සඳහා ඔවුන්ගේ කොටස දායක විය හැකිය. එය අත්‍යවශ්‍ය හා වේලාවේ අවශ්‍යතාවයයි.
      ආගමික නායකයෙනි, මේ මුළු හදවතින්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, සියලු මිථ්‍යා මතයන් පසෙකට දමා, එක් වී මේ ජාතිය බේරා ගැනීම සඳහා, සියලු වෙනස්කම් පසෙකට දමා ඔවුන්ට උදව් කිරීමයි. ඔබ ක්‍රිස්තියානි, බෞද්ධ, මුස්ලිම්, හින්දු හෝ කුමක් වුවත් වැදගත් වන්නේ ඇයි, නමුත් අපි සියල්ලෝම ආගම් විසින් මෙහෙයවනු ලබන මනුෂ්‍යයෝ වෙමු. අපගෙන් බොහෝ දෙනෙක් මෙහෙයවනු ලබන්නේ ආගම් සහ එවැනි ආගම් පදනම් කරගත් සංස්කෘතීන් මගිනි.
      awareness programs should be promoted almost everyday through all the possible means, the state could implement them. if media mafia would have other selfish gains, our aims would not be succeeded. GOVT can made the very clear that their institutional gains should be kept aside.
      It is a mamooth task. but this is not impossible. however, if a rope made out tiny fibres can tie up a heavy and hug ship, each and everyone of the society could contribute their portion in this endeavour. That is a must and the need of the hour.
      Religious leaders, this whole hearted appeal over to you, leave all the supertious myths aside, and join and to save this nation, helping them leaving all differences aside. Why should it matter you be christian, buddhist, muslim, hindu or whatever, but we are all human beings guided by religions. Most of us are guided by religions and the cultures based on such religions.

  • 2
    0

    V
    සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් මහජන පුද්ගලයින් විසින් ගංගාවලට හෝ ගංගා අතු වලට පිරිත් වතුර පුරවා ඇති මැටි භාජන” හෝ “ඕනෑම සිරප්, මානසික රෝගීන්ගේ ඕනෑම ප්‍රමිතියකින් තොරව මිශ්‍ර කිරීම” මගින් ජාතිය සුව කළ නොහැකි නමුත් එන්නත් ලබා ගත හැකිය. අද වන විට විශේෂ expert මතය එයයි.

    කිසියම් මාධ්‍යයක් කිසියම් අසත්‍ය මුසාවක් පතුරුවා හැරීමට වැරදි උත්සාහයක් දරන්නේ නම්, ගෙයි මිදුලේ විෂ සර්පයෙකු සොයාගත් ආකාරයටම එම ස්ථානයේදීම කපා කොටා මරා දැමිය යුතුය. ඕනෑම ආකාරයක සතුරන්ට එරෙහිව ක්‍රියාශීලී වීමට මිනිසුන් නැවත ගොඩනඟා ගත යුතුය. මෙය සාර්ථක කර ගත හැක්කේ කරුණු පදනම් කරගත් තොරතුරු ඔවුන්ට පෝෂණය කිරීමෙන් පමණි. අපේ ජනතාව සහ සමාජය බලවත් නම්, අද අපට නොපෙනේ, එම අමාත්‍යවරයා එම අමාත්‍යංශයේම දිගටම සිටිය යුතුද නැද්ද? අයුක්තියට එරෙහිව සටන් කිරීමට තරම් ඔවුන් බලවත් නොවන බව විශ්වාස කිරීමට මිනිසුන්ට බල කෙරෙයි, මෙයට හේතුව රටේ මාධ්‍යවල මාෆියාවයි. මිනිසුන්ගේ අවශ්‍යතාවය මුළුමනින්ම නොසලකා හරිමින් ඔවුන්ට විශාල මුදලක් පිරිනැමීම ඔවුන් භුක්ති විඳිති.

    Throwing ” clay pots filled with pirith water to rivers or river branches by minister of health or other public figures” or ” any syrups, mixed up withhout any kind of standards by mental patients ” cant heal the nation, but vaccinations; THAT IS THE expert view as of today.

    And if any media makes wrong effort to spread any blatant lies should be hacked to death on the spot to the manner a poisonous snake was found in the backyard. People should be rebuilt to be proactive against any kind of enimies. This can only be succeeded through feeding them with facts based information. if our people and society are powerful, yet today, we cant see, the same minister be continued in that ministry or not ? people are forced to believe that they are not powerful enough to fight against injustice, this is due to mafia in country s media. They just enjoy huge sums being offered to them totally ignoring people s need.

    ctd

  • 2
    0

    VI
    සංවර්ධිත ජාතීන් දැන් එක්රැස් වෙමින් සිටින්නේ සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට, දුර දිළිඳු ජාතීන්ට වඩාත් හොඳින් උදව් කරන්නේ කෙසේද යන්නයි. අප්‍රිකාවේ දුප්පත් රටවලට එන්නත් විශාල ප්‍රමාණයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. සමහර ධනවත් රටවලට දැන් දුප්පත් රටවලට ලබා දිය හැකි එන්නත් අතිරික්තයක් ලැබී තිබේ. එම රටවල් විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත පදනම්ව, එම ජබ් බෙදා හැරීම සිදු කරනු ලැබේ. මෙහිදී ජ්‍යෙෂ් senior රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ කාර්යභාරය විශාල විය හැකි අතර නියමිත දේ කිරීමට අපේ රජයට මොළයක් තිබිය යුතුය. දෙවියන් වහන්සේට ද ished ුවම් කරන ලද අපේ ජාතියේ අද තත්වය, මා සම්බන්ධයෙන් ගත් කල, මැර කණ්ඩායමක් විසින් මංකොල්ල කෑ නිවසක්, නමුත් සමහර අයිතිකරුවන්ගේ වැඩි සහයෝගය ඇතිව.

    කාලයෙහි අවශ්‍යතාවය වනුයේ එක් එක් ප්‍රජාවේ ආගමික සම්භාවනීයයන් වන අතර ඔවුන්ගේ ගිහි ජනයා ආපසු හැරී බැලීමට සහ අප වැරදුනේ කොතැනදැයි බැලීමට මග සලසයි. බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානියාට හෝ ඒ හා සමාන අන්තවාදී කණ්ඩායම්වලට තත්වය පිළිබඳව අනතුරු ඇඟවිය යුතුය. ජාතිය, ආගම හෝ වෙනත් බාධක නොසලකා මෙම රට සියලු ශ්‍රී ලංකාවන්ට අයත් විය යුතුය. උපත සහ බවට පත්වන සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුය. වතුකරයේ ද්‍රවිඩයන් යටත් විජිත ස්වාමිවරුන් විසින් ගෙන එන ලද නමුත් ඔවුන් ද පසුගිය දශක කිහිපය තුළ මේ රටේ ජීවත් වූහ. ඔවුන් ද දැන් ශ්‍රී ලංකන් වන අතර, ශ්‍රී ලංකන් ලෙස අප භුක්ති විඳින අයිතිය ඔවුන්ට තිබිය යුතුය.

    . සිවිල් යුද පක්ෂවල දෙපාර්ශ්වයම විවේචනය කිරීමට බොහෝ දේ ඇත. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ජනතාව කබලෙන් ලිපට ගින්නට තල්ලු කිරීම කිසිදු ආකාරයක වැරදිකරුවන්ට ඉඩ දීම සාධාරණ නැත.

    ආගමික නායකයෙනි, එක මේසයකට පැමිණ ජාතියට ආදර්ශයක් වීමට එක්සත් වන්න, එවිට ගිහි ජනතාවට ආදර්ශයක් විය හැකිය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.