Colombo Telegraph

තුලන සහ සංවරණ නැති චීනයෙන් ලැබෙන සීමාරහිත චෙක්පත්

රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ ප‍්‍රධානියා වශයෙන් මහින්ද රාජපක්ෂ බලයේ සිටි කාලය තුළ කෙරුණු ඔහුගේ හත් වැනි චීන සංචාරයත් පසු ගිය සතියේ සිදුවිය. මෙතරම් නිතරම චීනය පැත්තේ යාම තුළ ඇති වැදගත්කම සහ විශේෂත්වය දැන් දැන් හොඳටම කැපී පෙනේ.

සන්ඬේ ටයිම්ස්’ කර්තෘ

ජනාධිපති පදවියට පත් මුල් කාලයේ ඔහුගේ ප‍්‍රමුඛත්වය ලැබුණේ උතුරේ බෙදුම්වාදී කැරැල්ල ජය ගැනීම සඳහා චීනයෙන් ලබාගත හැකි හමුදාමය ආධාර කෙරෙහි ය. එකල, චීනයේ ‘ජනතා විමුක්ති හමුදාව’ හරහා අවිආයුධ සහ පතරොම් නිතරම ණයට ලැබුණි. ඒවා කෙරුණේ ආණ්ඩු දෙකක් අතර කෙරෙන ගනුදෙනු වශයෙනි. එහෙත් මෑතක සිට චීනයේ ආර්ථිකය වඩාත් විවෘත වීමත් සමග මෙවැනි ගනුදෙනු තුළට ජරාව කාන්දු නොවිණැ යි කිව නොහැක. එහෙත් ඒවා එලිපහලියට නොඑන සේ හොඳට වසා තිබුණි.

අළුත් තත්වය තුළ, එනම් 2009 න් පසු, ස්වභාවිකවම, රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රමුඛ අභිරුචිය ආර්ථික සංවර්ධනයට මාරු විය. කතාවට කියන පරිදි, බටහිර ලෝකය ශ‍්‍රී ලංකා ආණ්ඩුවට කකුල් මාට්ටු දාන විට සහ බටහිර ලෝකයා විසින් මෙහෙයවනු ලබන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සපයන ණය පහසුකම්වලට නොයෙකුත් කොන්දේසි එක් කරන විට, චීනය මොනම ප‍්‍රශ්නයක්වත් නොවිමසා ලංකාවට ණය දෙයි.

චීනයට ගිය ජනාධිපතිවරයාගේ අළුත්ම සංචාරය එක්තරා විදිහක රහස් සංචාරයකට සමාන විය. මේ සංචාරය සඳහා ඔහු පිටත්ව යාම ගැන වෙනදා මෙන් විධිමත් නිල නිවේදන මෙවර නිකුත් කෙරුණේ නැත. සංචාරය අවසන්ව පැමිණීමෙන් පසු, ඇමරිකානු ඩොලර් බිලියන 2.2 (රුපියල් බිලියන 278) ක ණයක් ගැන සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කෙටි නිවේදනයක් නිකුත් විය. ‘චීනය සහ ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතා වර්ධනය කරන ක්ෂේත‍්‍ර ගණනාවක් ගැනත්, රටවල් දෙක අතර මිත‍්‍රත්වයේ සහ සහයෝගීතාවයේ නව යුගයක පදනම් ගැනත්’ එහි දී සාකච්ඡුා කෙරුණු බව තවදුරටත් කියැවුණි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහණ අංශයේ වර්ධනය සඳහා සැපයෙන චීන ආධාර ගැන එම නිවේදනයේ තවත් ෙඡ්දයකින් පොදුවේ කියැවුණි. කොළඹ=යාපනේ අතර නිමවීමට නියමිත අධිවේග මාර්ගය, මහාමාර්ග සහ දුම්රිය මාර්ග පද්ධති සහ ජල සම්පාදන ව්‍යාපෘති සඳහාත්, කොළඹ ජාතික රෝහල සහ රාගම ශික්ෂණ රෝහල් ප‍්‍රවර්ධනය සඳහාත් වන ණය ආධාර ඊට ඇතුළත් ය.

‘චයිනීස් එක්ස්පෝට් ඉම්පෝට්’ (එක්සිම්) බැංකුව සමග කළ වෙනත් සාකච්ඡුාවක ප‍්‍රතිඵල ගැන ඒ වන විටමත් රටේ ප‍්‍රසිද්ධියට පත්ව තිබූ කරුණු ද ජනාධිපතිවරයා මෙවර හෙළි කෙළේය. යටත්විජිත සමයෙන් ලංකාවට උරුම වී තිබුණු සංවර්ධන මාදිලිය ශ‍්‍රී ලංකාව වෙනස් කොට ඇතැ යි ඔහු කීවේය. ඔහු මේ තත්වයට තල්ලූ වුණේ බටහිර ලෝකයා නිසා බව පැහැදිළි ය. චීනය සමග තිබෙන ආරක්ෂක සම්බන්ධතා තර කර ගැනීමක් ගැන බීජිං නුවර පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක දී අපේ විදේශ ඇමතිවරයා කී කරුණු සමග එකට ගෙන ඒ කතාව කියවන විට, මේ සංචාරයේ ප‍්‍රතිඵල, භූ-දේශපාලනික ක්ෂේත‍්‍රයේ ආන්දෝලනවලට තුඩුදෙන්නට පිළිවන් බවක් පෙනේ. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ව රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු පිළිබඳ පුහුණුවක් ලැබීමට චීනයට යැවීමට තීරණය කොට තිබීමත්, ඊටම එක් වන තවත් ප‍්‍රශ්නකාරී සාධකයකි.

කෙසේ වෙතත්, මේ ලිපියෙන් සාකච්ඡුා කෙරෙන්නේ ණය ගැනීම් ගැනයි. ඉහත කී සංවර්ධන ව්‍යාපෘති යහපත් වෙතත්, ශ‍්‍රී ලංකාවට සැපයෙන මේ ණය පහසුකම් තුළ විනිවිද පෙනෙන ස්වභාවයක් නැති වීම බරපතල ප‍්‍රශ්නයක් වන බව කිව යුතුව තිබේ. එම ණය මුදල් ලබා ගන්නේ සහ වියදම් කරන්නේ කෙසේ ද යන්න ඇත්තෙන්ම ගැටළුවකි.

අනිත් අතට, චීනයෙන් ලබාගන්නා ණය මුදල්වලින් වැඩි කොටසක් ආපසු යන්නේ චීනයටමයි. මේ කියන ව්‍යාපෘති භාරවන්නේ චීනයේ සමාගම්වලට වීම එහි දී වැදගත් වෙයි. ඒවාට ශ‍්‍රමය පවා සපයා ගැනෙන්නේ චීන ජාතිකයන්ගෙනි. පසුගිය සිව් වසරක කාලය තුළ, රුපියල් බිලියන 391.7 ක විශාල මුදලක් ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් ශ‍්‍රී ලංකාව වැය කොට තිබේ. එම මුදල් වෙන් කෙරුණේ ව්‍යාපෘති පහක් වෙනුවෙනි. එයින් අවසන් කෙරී ඇත්තේ තුනක් පමණි. එහෙත් ඒවා පවා, මේ දක්වා කිසි නිශ්චිත සේවයකට යෙදී නැත.

ඒ සියලූ ව්‍යාපෘති භාර වුණේ චීන සමාගම්වලටයි. ණය සැපයුවේ ‘චයිනීස් එක්ස්පෝට් ඉම්පෝට්’ (එක්සිම්) බැංකුවයි. එම ණයවලින් බොහොමයක් (20 අවුරුදු) දීර්ඝ කාලීන ඒවා වූ අතර, පොලිය සියයට 3 සිට 6 දක්වා විය. කෙටිකාලීන ණය සඳහා පොලිය සියයට 2 ක් විය.

හම්බන්තොට වරාය ගොඩනැගීම ‘චයිනා හාර්බර් එන්ජිනියරින් සමාගමේ’ ව්‍යාපෘතියක් වූ අතර එහි වියදම රුපියල් බිලියන 149.2 ක් විය. මුහුද ගොඩකොට දකුණු කොළඹ වරායට යාබදව වරාය නගරයක් ගොඩනැගීම සඳහා වන ව්‍යාපෘතිය පැවරුණේ ද එම සමාගමටමයි. එහි වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 85.4 කි. මත්තල ගුවන් තොටුපළ සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 22.7 කි.

‘චයිනා හාර්බර් එන්ජිනියරින්’ සමාගම සතු මේ සියලූ ව්‍යාපෘති සඳහා සියයට 3 සිට 6 දක්වා පොලී අනුපාතිකයකට ණය සැපයෙන්නේ ඉහත සඳහන් කළ ‘චයිනීස් එක්ස්පෝට් ඉම්පෝර්ට්’ බැංකුවෙනි. මේ කියන ව්‍යාපෘති සඳහා යොදාගැනෙන්නේ ද චීන ජාතික ශ‍්‍රමයයි. රුපියල් බිලියන 51.2 ක වියදමකින් නොරොච්චෝලේ විදුලි බලාගාරය ගොඩනැගීම බාරදුන්නේ, ‘චයිනා මැෂිනරි එන්ජිනියරින් කෝපරේෂන්’ සමාගමට ය. රුපියල් බිලියන 68.3 ක වියදමින් කොළඹ=ගාල්ල අධිවේගී මාර්ගය ගොඩනැගීමත් පැවරුණේ, ‘චයිනා හාර්බර් එන්ජිනියරින්’ සමාගමටයි. රුපියල් බිලියන 3.8 ක වියදමින් ගොඩනගන ලද කොළඹ නෙළුම් පොකුණ රඟහල තවත් එවැනි ව්‍යාපෘතියකි. එහි මුළු වියදමින් චීන ආණ්ඩුවෙන් සැපයුණේ සියයට 60 ක දීමනාවක් පමණි.

දැන් ආසියාවේ උසම කුළුණ ගොඩනැගීමට ලංකාව සැරසෙයි. එහි වියදම රුපියල් බිලියන 11.9 කි. එම ව්‍යාපෘතියත් භාර කෙරෙන්නේ ‘චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝර්ට් ඇන්ඞ් එක්ස්පෝට්’ සමාගම සහ ‘ඒරෝස්පේස් ලෝං මාර්ච් ඉන්ටර්නැෂනල්’ සමාගමටයි.

2007 සිට 2011 දක්වා චීනයෙන් ලංකාවට ලැබුණු මුළු ආර්ථික දායකත්වය ඇමරිකානු ඩොලර් බිලියන 2.13 කි. එයින් බිලියන 2.1 ක්ම පොලී ණය වන අතර, මිලියන 24 ක් පමණක් ආධාර දීමනා ය. ඉදිරි මාස කිහිපය තුළ, ඉහත කී චීන බැංකුවෙන් ඩොලර් මිලියන 278.2 ක ණයක් ලංකාවට සැපයෙන්නේය. ඒ, මාතර සිට හම්බන්තොට දක්වා කිලෝ මීටර් 27 ක තනි පථයේ දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට ය. ඊට අමතරව, ඇමරිකානු ඩොලර් මිලියන 240 ක තවත් ණයක්, දක්ෂිණ ලංකාවේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා චීන ආණ්ඩුවෙන් සැපයෙයි. හම්බන්තොට නගරය ප‍්‍රවාහණ මධ්‍යස්ථානයක් කිරීම අරමුණු කරගෙන එම ප‍්‍රදේශයේ ගුවන් පාලම් සහ වෙනත් මාර්ග සංවර්ධනය සඳහා චීනයෙන් ලබා ගැනීමට නියමිත තවත් ණය තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 382 ක වියදමින් නිමවෙන්ට නියමිත, විශාලත්වයෙන් ලංකාවේ දෙවැනි තැනට ගැනෙන මොරගහකන්ද ජලාශය භාර කෙරී ඇත්තේ ද, චීනයේ ‘සිනෝ හයිඩ්‍රෝ කෝපරේෂන්’ සමාගමටයි.

ලෝකයේ රටවල් 100 කට වැඩි ප‍්‍රමාණයක ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කොට තිබේ. මේ නීතිය චීනයේත් නැත, ලංකාවේත් නැත. එවැනි තත්වයක් තුළ මේ ණය මුදල් වැය කරන්නේ කෙසේ ද, මේ ගිවිසුම්වලට මැදිහත් වන පුද්ගලයන්ට ඒවායින් ලැබෙන කොමිස් මුදල් කොපමණ ද, බලයේ සිටින දේශපාලන පක්ෂවලට එයින් ගෙවන මුදල් කොපමණ ද සහ නාස්ති වන මුදල් කොපමණ ද යන තොරතුරු මහජනතාවට දැන ගැනීමේ ක‍්‍රමයක් නැත. එහෙත් මේ ණය කන්දරාව රටේ අනාගත පරම්පරාවල් විසින් කවදා හෝ ගෙවිය යුතුව තිබෙන බව අමතක නොකළ යුතුය.

ඊළඟ ප‍්‍රශ්නය වන්නේ, රටේ ඉහත කී සමස්ත ව්‍යාපෘති ප‍්‍රමාණයත්, ණය ප‍්‍රමාණයත් මේ ආකාරයෙන් එකම රටකට (චීනයට) පමණක් සීමා කිරීම කොතරම් දුරට ඥානාන්විත ද යන්නයි. ජාත්‍යන්තර සම්බන්ධතා ක‍්‍රියාවලිය තුළ ශ‍්‍රී ලංකාවට හිමිවන භූගෝලීය වැදගත්කමට එයින් ඇති විය හැකි බලපෑම එහි දී අමතක නොකළ යුතුය. ශ‍්‍රී ලංකාව වටා මුහුදු තීරය කෙරෙහි චීනයට ඇති භූ=දේශපාලනික උපාය මාර්ගික වැදගත්කම, විශේෂයෙන් සඳහන් නොකළ යුතු තරමට, අද කවුරුත් දනිති. ඉහත කී සියළු යෝධ ව්‍යාපෘති රටේ අනාගත පරම්පරාවල යහපත සඳහා ඉවහල් වන්නේ නම් කමක් නැත. එහෙත්, මෙකී චීන ණය යටතේ ගොඩනගන ලද, ලෝකෙට පරකාසේ ඇතැම් ව්‍යාපෘතිවල ඇති අදාළත්වය ගැන බරපතල ප‍්‍රශ්න මතු වී තිබේ.

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ලෝක සංවිධානවලින් ණය ලබා ගැනීමේ දී මුහුණදීමට සිදුවන එක් වේදනාකාරී, එහෙත් කාටත් වැඩදායි අංගයක් වන්නේ, ඔවුන් සපයන සෑම ණයක් සමගම එක්තරා මූල්‍යමය විනයක් ගැටගැසී පැවතීමයි. ශ‍්‍රී ලංකාව වැනි ණය ග‍්‍රාහකයන්, ණය ලබාගැනීම සඳහා තමන්ගේ කාර්යක්ෂමතාව ඔවුන්ට පෙන්නුම් කළ යුතුය. ඒ සඳහා බෙහෙවින් මහන්සි විය යුතුය. එහෙත් චීන ණය සම්බන්ධයෙන් ගත් විට පෙනෙන්ට තිබෙන්නේ, එවැනි වගකීමක් අපේ පාලකයන්ට නොපැවරෙන බවයි. හෙවත්, චීනයෙන් ලැබෙන චෙක්පත අපේ පාලකයන්ගේ හිතේ හැටියට පාවිච්චි කිරීමට කිසි බාධාවක් නැති බවයි. වෙනත් විදිහකින් කිවහොත්, එය මෙවැන්නකි: ඇමරිකාව ප‍්‍රමුඛ මූල්‍ය ආයතන අපට ණය සපයන විට, අපේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අපේ වර්තමානයට රිදවයි. චීන බැංකු කටයුතු කරන්නේ, එහි අනිත් පැත්තටයි.

අතමිට දිග හැර ණය දීමට පේවී සිටින රටකින් ණය ලබා ගැනීම අපහසු නැත. අපහසු වන්නේ, එම මුදල් රටේ ජනතාව සඳහා සහ අනාගතය සඳහා බුද්ධිමත්ව වැය කරන්නේ කෙසේ ද යන පැනය විසඳා ගැනීමයි. සෑම ණයක්ම, එය ඇමරිකාවෙන් සැපයුණත්, චීනයෙන් සැපයුණත්, කුමන ආකාරයක හෝ ප‍්‍රතිවිපාක සහිත වන්නේය.

*2013 ජුනි 02 වැනි දා සන්ඬේ ටයිම්ස්’ කර්තෘ පුවත්පතේ පළවූ China’s Blank Cheques: No Checks and Balances නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page