18 April, 2025

Blog

කතෘකයා සහ සදාචාර ශික්ෂාවන්

සුනිල් විජේසිරිවර්ධන​ –

ආචාර්ය​ සුනිල් විජේසිරිවර්ධන​

මේ කෙටි ලිපිය ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පැන නැගී ඇති ජන අරගල ක්රියාදාමයේ සන්දර්භයට අදාළය. හුදු රාජපක්ෂ විරෝධතා ව්යාපාරයක් ලෙස ආරම්භ වුනු මෙම ක්රියාදාමය සමාජ විපර්යාසකාරක අරගලයක් බවට වර්ධනය වීමේ ලකුණු ගත වන මොහොතක් පාසා මතුවෙමින් පවතී. මතුවන අරගලය සැබෑ ලෙස මේ විපර්යාස කාර්යයට සුදුසු වීමට නම් හා සාර්ථක වීමට නම් එය සාමකාමී වීම අත්යවශ්යය සැබැවින්ම, මේ මහජන වීදි ක්රියාකාරිත්වය ප්රචණ්ඩත්වයෙන් වැළකීමට ගන්නා උත්සාහයන් අපට පෙනේ. එය ඉතා සුභ ලකුණකි. එවැනි දියුණු නිර්-ප්රචණ්ඩ අරගල සංස්කෘතියක අංග විශේෂයෙන්ම නාගරික තරුණ සහෝදර සහෝදරියන් විසින් අත්පත් කරගන්නට වෙර දරණු පෙනේ. ඒ තත්ත්වය බලාපොරොත්තු දල්වන සුළුය. එහෙත් අරගලය නිර්-ප්රචණ්ඩ විය යුත්තේ මන්ද යන ආචාර ධාර්මික තර්කනයන් ගැන අප ඒ තරම් දැනුවත් නැත. අපගේ අරගල ක්රියාකාරිත්වය ඇයි නිර්-ප්රචණ්ඩ වියු යුත්තේ? යන ප්රශ්නයට හොඳ පිළිතුරු ලබා දිය යුතුය. මේ ලිපියේ අරමුණ මේ ප්රශ්නය අරබයා ගොඩ නැගිය හැකි සාකල්යවාදී පිළිතුරක් මූලික වශයෙන් හඳුන්වා දීමයි .

සාමාන්යයෙන් ගත් කළ කතෘකයා යනු ක්රියාත්මක වීමට ශක්යතාව දරන්නා ලෙස සරලව අර්ථ ගන්වා ගන්නට පිළිවන. අප ඔබ හා කරන මෙම සංවාදය තුළ කතෘකත්වය යනු වෙසෙසින්ම ඉදිරිගාමී සමාජ පෙරළියක් සඳහා මැදිහත් විමේ ශක්යතාවයට අදාළ බව මතක තබා ගනිමු.

• අරමුණ හා මාර්ගය පිළිබඳ මුල් සූත්රය

වඩා ගැඹුරු හා විස්තීර්ණ නිදහස් භාවයක් ඉලක්ක කරගත් සමාජ පෙරළියක් උදෙසාවූ කතිකාව තුළ එකී අරමුණ සහ ඒ සඳහා ගත යුතු මාර්ගය සම්බන්ධයෙන් 19 සියවසේ යුරෝපා සමාජ ප්රජාතන්ත්රවාදී ව්යාපාරයේ නායකයන් අතර කිසියම් ආකාරයක සදාචාර සිතීමක් ව්යාප්තව තිබූ බව අප විසින් මුලින්ම සටහන් කර ගැනීම මැනවි; ‘යහපත් අරමුණක්’ උදෙසා ඕනෑම මාර්ගයක් ගත නොහැකි බවත්, ඒ සඳහා ඊට උචිත ‘යහපත් මාවත් හා උපාය මාර්ග – ක්රමවේද’ භාවිතා කළ යුතු බවත් ඔව්හු දැන සිටියහ ; මේ නිගමනය කරා ඔවුන් පැමිණියේ අහම්බෙන්ම නොව දීර්ඝ සංවාද – විමසීම් ක්රියාදාමයක් ද (discourses on the means and ends) ඔස්සේය. මේ තත්වයන් යටතේ ‘සමාජ විමුක්තිය ‘ අරමුණු කොට ගෙන යන සංවිධානාත්මක ගමනේ දී භාරගත යුතු මූලික සදාචාරමය පදනම් හා අනුගමනය කළ යුතු ආචාරධර්ම ශික්ෂාවන් ගැන කිසියම් දැනුවත් බැරෑරුම් අවධානයක් හා එකඟතාවන් ආරම්භක නූතන සමාජවාදී /මාක්ස්වාදී ව්යාපාර අතරේ පවා තිබූ බව ඉතාම පැහැදිලිව පෙනේ. මේ කරුණ සනාථ කරන අප්රමාණ සිදුවීම් ගැන වාර්තා මේ ඉතිහාසය තුළ අපට හමුවෙන අතර ඒ කරුණු අරබයා ශාස්ත්රීය මට්ටමේ සංවාද ලියවිලිද එලෙසම දක්නට ලැබේ; ( උදාහරණයට ලියෝන් ට්රොට්ස්කි ගේ Our Morals and Their Morals නම් කුඩා ග්රන්ථය මතක් කළ හැකිය) එනමුත් ඒ කතිකාව සකස් වුනේ ඉතා බරපතල ඥානමිමංසාත්මක සීමාවන්ට කොටුවී බවත් අප මෙහිම සඳහන් කළ යුතුය. ඒ ගැන වූ සමීප විමසුමක් අරමුණු කර මෙතැනින් ඉදිරියට යමු .

• සූත්‍රය​ බිඳවැටීම

ඉදින්, ඉහත සඳහන් ‘අරමුණ හා මාර්ගය සහබද්ධයි’ යන දැනුම සහ උචිත මාර්ගයක් නිර්දේශ කරන ඉතා වැදගත් ආචාරධාර්මික සූත්රය පසු කාලයේදී ලෝක සමාජවාදී ව්යාපාරය හා ජාතික විමුක්ති ව්යාපාර තුළ පිරිහී ගොස් පසුව සම්පූර්ණයෙන් පාහේ බිඳවැටුනි. එසේ වූයේ ඇයි ?

විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු මතුවන නව සංකීර්ණ ජාත්යන්තර සන්දර්භය සහ ඒ තත්ත්වයන්ට සමගාමීව විවිධ විමුක්තිවාදී ව්යාපාරවල නායක චරිත හෙවත් කතෘකයා මාරුවීම මීට අදාළ බව පෙනේ; යටත් විජිතවාදයට එරෙහි ආසියාවේ සහ අප්රිකාවේ පැන නැගුණු (ජාතික) විමුක්ති අරගල විසින් නව සංකීර්ණ සන්දර්භයන් තුළ අලුත් න්යායික ඉදිකිරීම් ඉල්ලා සිටිනු ලැබිනැයි කිව හැකිය. බොහෝ විට ජාතික විමුක්ති ව්යාපාර තුළ ඉහළ වේදිකාවට නැගුනේ එම රටවල සම්ප්රදායික ප්රභූ ස්ථර වලින් පැමිණි අයයි, ඇතැම් විටක ඔව්හු යුරෝපීය අධ්යාපනයක් ලැබ ප්රජාතන්ත්රවාදී අදහස් වෙත නැඹුරුව සිටියහ. නමුත් බොහෝ විට ඔවුන් ක්රියාත්මක වූයේ සිය සමාජ පන්තියට අයත් පටු භේදවාදී හා බලලෝභී දෘෂ්ටිවාදයන් ද උරුම කරගෙනයි. රබීන්ද්රනාත් තාගෝර් ගේ ‘ඝරේ බයිරේ’ නවකතාව චිත්රනය කරන්නේ ඉන්දීය ජාතික විමුක්ති අරගලය තුළ දේශප්රේමී සටන් පාඨ ඉදිරියට ගනිමින් ඉහළට එන නායකයාගේ බලතෘෂ්ණාව හා කුහක චර්යාව සමාජයකට විපත් කැඳවන සෝචනීය ආකාරයයි. (මේ නවකතාව එවක සිටි ඇතැම් ඉහළ මාක්ස්වාදී චින්තකයන් හට පවා ගෝචර නොවීමේ සංසිද්ධිය නැවත පෙන්වන්නේ කතෘකත්වය පිළිබඳ ජනප්රිය මාක්ස්වාදී මතයේ ගැටලුවයි. උදාහරණයක් ලෙස ජෝජි ලුකෑෂ් නම් ප්රකට හන්ගේරියානු මාක්ස්වාදි දාර්ශනිකයා, තාගෝර් මේ පොත ලියමින් බ්රිතාන්ය අධිරාජ්යවාදයේ ඒජන්තයෙකු වී ඇතැයි චෝදනා කළේය. එහෙත් බර්ටෝල්ට් බ්රෙෂ්ට් නම් අද්වීතීය කලාකරුවා මේ පොත කියවා සිය දිනපොතේ සටහනක් තබමින්; පුදුමාකාර පොතක්. බලගතු එහෙත් සෞම්ය අනතුරු ඇඟවීමක් ‘යනුවෙන් සිය ප්රසාදය පළ කළේය. හර්මන් හෙසේ ද එය ‘නිර්මල ගුණයෙන් යුතු විශිෂ්ට කෘතියක් යනුවෙන් සඳහන් කළේය )

ඒ අතර සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ අනුග්රහය සහිතව ලොව පුරා ක්රියාත්මකවුනු කොමියුනිස්ට් පක්ෂ සහ සමාජවාදී ව්යාපාර ආශ්රිත නව සන්දර්භයන් තුළ සම්භාව්ය මාක්ස්වාදය / ලිබරල් ප්රජාතන්ත්රවාදය වැනි දේශපාලන ප්රවේශ අර්බුදයට යන ලද්දේ යයිද කිව හැකිය. මෙලෙස දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ආසියාවේ ගොඩ නැගෙන සමාජවාදී ව්යාපාර තුළ ද බොහෝ විට පීඩිත පන්ති – පහළ කුල යනාදී පසුබිමින් එන නායකයින් යුරෝපා සමාජ-ප්රජාතන්ත්රවාදී ව්යාපාර තුළ සිටි බොහෝ විට සමාජයේ ඉහළ මාලයෙන් බිමට බැස, තමා සඳහා නොව අනෙකා කෙරෙහි උපන් දයාව හා සහනුකම්පනය නිසා ආත්මහරණ ගුණයෙන් යුක්තව අරගල බිමට බට උගත් අවංක හෘදයසාක්ෂිය ඉහළ මිනිසුන්ට වඩා වෙනස් අය වූහ; ඔවුන් අඳුරු මනසින් යුතු, සමාජය සමග වෛරී සම්බන්ධයක් දක්වන අතර මර්දිත අවශ්යතාවන් හා ආශාවන් නිසා නිපන් විවිධ ආත්මීය සංකූලතාවන් සහිත චරිත ස්වභාවයකින් යුක්ත බව රීතියක් ලෙස නිරීක්ෂිතය.

කෙසේ හෝ වේවා 20 වන සියවස මැද වනවිට පිටිය අරා සිටින නව කතෘකයා විසින් විමුක්ති අරගල උදෙසා නව සූත්රයක් සම්පාදනය කරගත් බව පෙනේ; එනම් – අරමුණ යහපත් නම් කවර මාර්ගයක් වුවත් කම් නැත! මේ තත්ත්වය තුළ ප්රචණ්ඩත්වය, ඝාතන හා වෙනත් බරපතළ මිනිස් විරෝධී හෙවත් සදාචාර විරෝධී ක්රියා විමුක්ති ව්යාපාර තුළ සාධාරණීකරණය කෙරෙන්නට පටන් ගන්නේය; ඒවා ව්යාපාරයන් ඉදිරියට යෑමට අත්යවශ්ය ක්රියාමාර්ග ලෙස පවා විස්තර කෙරෙන්නට ගනී, මේ තත්ත්වය කරණ කොට අතිබිහිසුණු හා දැවැන්ත පරිමාණයේ මිනිස් ජීවිත හානි ලෝකය පුරා සිදුවූ බව, අද දක්වා සිදුවන බව අපගේ බැරෑරුම් අවධානයට හසු විය යුතුය.

• කතෘකයා අතුරුදන් වූ නූතන සමාජ විප්ලව කතිකාවන්

මේකී ආචාරධර්ම පීලිපැනීම සිදුවීමට ඉඩ සපයන කිසියම් ඌණතාවක් හෝ ගැටලුවක් සම්භාව්ය සමාජ ප්රජාතන්ත්ර විමුක්ති කතිකාවට අයත් ආචාරධර්ම සූත්රයේම ගැබ්වී තිබුණේ ද? අප කියන්නේ ‘ඔව් එසේය, එහි ගැටළුවක් තිබුණි.” එම සූත්‍රයේ අරමුණ හා මාර්ගය අතර සහසම්බන්ධයක් හඳුනා ගත්තත් මේ කියන විප්ලවීය මාර්ගයේ ගමන් කරන කතෘකයා එම සූත්රයේ ලා කිසි සේත්ම දිස්වන්නේ නැත. කතෘකයා මුළු කතිකාවෙන් අතුරුදහන් වී ගොසින්ය; ඊට මූලික හේතුව කුමක්ද ? ලෝකය යනු හුදෙක් කතෘකයාගෙන් බැහැරව පවතින වාස්තවික/ භෞතික යථාර්ථයක් යන නූතනවාදී මායාව යි; මේ නිසා සමහරවිට ඔවුන්ට තමා දෙස හැරී බලා ‘අපි කවර ආකාරයේ පුද්ගලයින්ද?’ යන ප්රශ්නය නගන්නට අවශ්යතාවක් නොමැති වූවා සේය. කෙසේ නමුත් නූතන විමුක්තිකාමී කතෘකයින් ආරම්භයේදී බොහෝ ආකාරයෙන් පරාර්ථකාමී යහපත් මිනිස්සු වීමේ ඓතිහාසික හේතුව නිසා සමාජ-ප්රජාතන්ත්රවාදී විපර්යකාරක ක්රියාදාමයන් බොහෝ දුරට සාර්ථක ලෙස පල දැරූ බවක් අපට පෙනේ. එහෙත් මේ යහපත් කතෘකයා ඉතිහාස කරළියෙන් මාරුවෙන මොහොතින් පසු ප්රතිපල වෙනස් වන්නට විය. ජර්මනියේ, ප්රකට සමාජවාදී කලාකරුවෙක් වූ පීටර් වයිස් විසින්, සමාජ විප්ලවයකට උරදෙන බිම් මට්ටමෙ විවිධ කතෘකයන් පිළිබඳව මරාසාද් නාට්යයේ ලා විචිත්රවත් ලෙස නගන බැරෑරුම් ප්රශ්නය, ජීවන කරළියේ හොඳින්ම දෘෂ්යමාන වූ යුගයකට අපි අවතීර්ණ වී සිටිමු;

රොස් වෙලා ඔවුන්ගේ හොද්ද හොදි හොදි ඉල්ලා මොර දෙනවා ඔවුන් ගැහැනියකට රුස්සන්නෙ නෑ ඇගේ අඟුටු සැමියා;
ඈ සොයනවා නවරියන් සැමියෙකු ,
මිනිසෙකුට අප්පිරියයි කැහැටු බිරිඳ;
ඔහු පතනවා පුෂ්ටිමත් බිරියක් මිනිසෙකුගේ සපත්තුව හිරයි ඒත් අසල්වැසියාගේ සපත්තුව හිර නෑ කවියෙක්ගේ කවිකම හිඳිලා;

නව සංකල්පනා සොයමින් දනිපනි ගානවා ඔහු මාලු බාන්නා හෝරා ගානක් පිත්ත ලා ගෙන සිටියා, ඒත් මාලුවෝ ගිලින්නෑ ඇම. ඉතින් හැම දෙනෙක්ම එකතුවෙනවා විප්ලවයට සපයාවි යැයි සිතාගෙන විප්ලවය ඔය හැම දේම;

මාලුවෙක් කවියක් අලුත් සපත්තු කුට්ටමක් අලුත් බිරිඳක් අලුත් සැමියෙක් ලෝකයේ හොඳම හොද්ද ඉතින් පහර දෙනවා සෑම බලකොටුවකටම.

සාද් (මරාසාද්, පීටර් වෛස්) පරිවර්තනය සුගතපාල ද සිල්වා

• පාර-නූතන විමුක්ති කතෘක ප්රවාදය

මා අනුයන පද්ධති දර්ශනයේ ( systems theory) ඇසින් බලන විට කතෘකයා පිළිබඳ නූතන දැක්මේ අවුල ඉතා පැහැදිලිව පෙනීයන්නේය; කතෘකයා යනු අරමුණින්, හා මාර්ගයෙන් වෙන්ව ගන්නට නොහැකිය ; කතෘකයා – අරමුණ – මාර්ගය යන විපරිවර්තන ක්රියාදාමයේ සංරචක ත්රිත්වය සැබැවින්ම සහනුබද්ධ ගතික පද්ධතියක් වන්නේය;

බැහැරට ප්රකාශිත අරමුණ කුමක් වුවත් කතෘකයාගේ ස්වභාවය විසින් සැබෑ අරමුණ විදාරණය වෙයි, මාර්ග හෝ ක්රම යනු කතෘකයාගේම ස්වභාවයේ පැතිකඩවල් වේ.

තත්ත්වය මෙබඳු හෙයින් අපි කතෘකයා ගැන නැවත වරක් මුල සිට සීරුවෙන් සොයා බැලිය යුතුයි; නූතන ගැටලු සහිත කතිකාවේ සීමාවන් අතික්රමණය කොට ඉදිරියට යා යුතුයි. මේ කාර්යය කිසියම් පමණින් සඵල කරගැනීම උදෙසා ආරම්භයක් දැන් ගනිමු.
‘බෂෝ සහ කිකකු’ කතාව

ජපානයේ හයිකු නම් උත්කෘෂ්ට කාව්ය සම්ප්රදායය බිහිකිරීමේ සහ වර්ධනය කිරීමේ පුරෝගාමියෙකු වූ 16 වෙනි සියවසේ ජීවත් වූ මත්සුවෝ බෂෝ සහ ඔහුගේ ශිෂ්යයා වූ කිකකු පිළිබඳ රසවත් කතාවක් ඇත්තේය. එය සැකෙවින් මෙසේය.

ශරත් සමයේ එක්තරා දිනක සවස් යාමේ බෂෝ සිය ශිෂ්යයා කැටුව අස්වනු නෙලන ලද කුඹුරු යායක් මැද්දෙන් ඇවිද යමින් සිටියේය. එහිදී වී ඉපනැල්ලක සිටි රතු පැහැති බත් කූරෙක් දකින කිකකු පහත දැක්වෙන හයිකුව ගොතා ගුරුවරයාට කියයි; මෙන්න ඒ හයිකුවේ සිංහල අනුවාදයක්;

උදුරන්න පියා යුගල
රතු බත් කූරාගෙන්
මෙන්න ඉදුනු මිරිස් කරළක්

බැලූ බැල්මට හයිකුවක වින්යාසමය ලකුණු මෙන්ම ශරත් ඍතුව සමග එන රතු බත්කූරා නිමිති වීම නිසා එය සැබෑ හයිකුවක ලකුණු පෙන්වයි . එසේ කිකකු සිතන්නට ඇත. එනමුත් ගුරුවරයා සිසුවාගේ නිර්මාණයෙන් සතුටට පත් වන්නේ නැත. ‘කිකකු, රතු බත්කූරා නිමිති කොට සැබෑ හයිකුවක් බඳින්නට නුඹට උවමනා නම්, එය මෙසේ

නිමවන්න තිබුණා..’
දෙන්න පියාපත්
රතු මිරිස් කරළට
හා, මෙන්න බත් කූරෙක්

ගුරුවරයාගේ හා ශිෂ්යයාගේ උක්ත කවි දෙක වෙත ඔබේ අවධානය යොමු කොට ඒවා අතර ඇති වෙනස් කම් ගැන විමසනු මැනවි. කිකකුගේ කවිය සප්රාණික ජීව පදාර්ථය දෙස බලන බැල්ම විනාශකාරීය, නොසැලකිලිමත්ය, ගෞරවයෙන් තොරය.

ගුරුවරයාගේ ප්රති – කවිය ඊට වෙනස්ව ජීවයා දෙස බලන්නේ ආදරයෙනි, ගෞරවයෙනි, විස්මය රැඳුණු ඇසකිනි.

අපට මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ මේ කතෘකයන් දෙදෙනාගේ විඥානයේ ස්වභාවයයි. දැන් මේ කතෘකයන් දෙදෙනා, සිය කවි බඳින මොහොතේ ඒ සඳහා අවශ්ය කෙරෙන මානසික ක්රියාවක් කළ යුතුය. ඒ ක්රියාව කුමක්ද? කිකකු ගේ කවි මොහොතේ මානසික ක්රියාව ප්රචණ්ඩය. බත්කූරා දුටු මොහොතේ ඔහු මනසින් එම සතාගේ පියාපත් ඉරා දමන්නේය; ඒ ප්රචණ්ඩ මානසික චිත්රය නොමැතිව ඔහුගේ කවිය බිහිවන්නට ඉඩක් නොමැත. සැබැවින්ම ගුරුවරයා තිගැස්මෙන් දකින්නේ ඒ බියකරු මානසික ක්රියාව විය යුතුය. කිකකුගේ මනසේ රෝගී මානය ගුරුවරයා දකින්නට ඇත. එය සුවපත් කිරීමත් ගුරුවරයාට භාරය; තමන්ගේ කවිය පණ ලබන මොහොත තුළ ඔහු පෙන්වන්නේ ජීවය කෙරේ ආදරය, ගෞරවය හා විස්මයයි. එය කිකකුට තමා දෙස හැරී බැලීමේ සියුම් අභ්යාසයකට මග පෙන්වන්නටත් ඇත. දැන් මඳක් නැවතී සිතමු. සමාජයේ යහපැවැත්ම සහතික වන්නේ ඉහත කතෘකයන් දෙදෙනාගෙන් කවර කෙනා සමග එය ගමන් කළොත් ද? කිකකු සමගද, බෂෝ සමගද?

දැන් අපට සම්භාව්ය සමාජ-ප්රජාතන්ත්රවාදී ව්යාපාරය මධ්යයේ වූ අරමුණ – මාර්ගය ගැන කතිකාවේ සීමාව හා ගැටළුව වඩා හොඳින් වටහා ගත හැකි විය යුතුය. අප කීවා සේ එහි ලා කතෘකයා ගණනයට ගැනෙන්නේ නැත. ජීවධරණී දැක්ම වන්නේ කතෘකයා – මාර්ගය – අරමුණ යනු එකිනෙක හා සහබද්ධ සංරචක පද්ධතියක් බවයි. මේ ත්රිත්වයේ එක සංරචකයක් හෝ ගැටළුකාරී තත්ත්වයට පත් වුවහොත් මුළු පද්ධතියම විකරණය වී එනයින් මුළු ක්රියාකාරිත්වයම අර්බුදකාරී තත්ත්වයකට පත්වේ.

Latest comments

  • 3
    0

    Part 1

    උතුරු ඇමරිකාවේ දේශපාලනඥයන් සහ විශේෂඥයින් විසින් බොහෝ විට භාවිතා කරන දේශපාලන යෙදුමක් තිබේ.
    :
    එනම් ” post turtle”:කනුවක් උඩ ඉන්න /කනුවක් උඩ ඉන්න ඉබ්බ වගෙ . ඔබ දන්නා පරිදි, කැස්බෑවන්ට හෝ ඉබ්බන්ට ඔවුන්ගේ ස්වභාවය අනුව නැඟිය නොහැක. යමෙක් සෑම විටම අහිංසක සතුන් බිම් මට්ටමේ සිට ඉහළට ඔසවා තැබිය යුතුය. ඔවුන් එසේ කරන්නේ නම්, එය ලෝකයේ ආශ්චර්යයක් වනු ඇත. ඒ කියන්නේ කැස්බෑවෙකුට කවදාවත් බිම් මට්ටමේ සිට ඉහළ ස්ථානයකට නැගීමට නොහැකියි. උසස් තත්ත්‍වයේ සිටින්නට කවුරුන් හෝ උපකාර කළ යුතුය.

    අවාසනාවකට, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝඨාභයගේ සැබෑ තත්ත්වය “කණු කැස්බෑවෙකු” කණුවක ස්ථානගත කිරීම හා සමානය.
    – අපි ඊටත් වඩා නූගත් සිරිසේනට පහර දුන්නෙමු, සිනහවෙන් වැඩිපුරම අසු වූ නමුත් ගෝඨාභය අද වන විට සිරිසේනගේ මෝඩ වාර්තා පවා බිඳ දමා ඇත. ගෝඨාගේ කළමනාකාරීත්වයට අද තම ජනතාවට දෛනික අත්‍යාවශ්‍ය දෑ ලබාදීමට නොහැකි බව ඔහු ඔප්පු කර ඇත.
    .
    Contd.

    • 3
      0

      Part 2
      .
      2005 වසරේ ආරක්ෂක ලේකම් ධූරය ඉල්ලා සිටින තුරුම ඇමරිකාවේ මිල අධික රටවල නොයෙකුත් ආකාරයේ රැකියා කරමින් ජීවිතය බේරාගත් අයෙක් බව වාර්තා විය. වෙනත් දේශපාලඥයින් හෝ වෘත්තිකයන්ට මෙන් ඔහුට මතුකර ගැනීමට තරම් අධ්‍යාපනික පසුබිමක් නොතිබුණි. ඔහුව නතර කළ දෙයකින්.

      කෙසේ වෙතත්, බැලූනය උපරිම පරිමාවට පුම්බා ගත්තාක් මෙන්, ගෝඨාභයගේ පැතිකඩ කිසිවක් අවහිර කළ නොහැකි බැවින් වර්ධනය විය. එය ද ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතියේ ව්‍යාකූලත්වය නිසා ය. ශ්‍රීලංකන් මාධ්‍ය යනු කලෙක ලෝක සම්මතයයි. mOST සුදුසුකම් ලත් අය තමයි ප්‍රමිතියක් පවත්වාගෙන යන්න පුළුවන් විදියට මාධ්‍යයට නායකත්වය දුන්නේ. කෙසේ වෙතත්, රාජපක්ෂ දේශපාලනය විසින් කුසල් පාලනයකින් තොරව ඕනෑම මධ්‍යස්ථව එම කාර්යය කිරීමට යොදා ගනිමින් පසුගිය වසර 15 තුළ සමස්ත පද්ධති විනාශ කළේය. සිංහල අපිරිසිදු භාෂා යෙදුම් පවා රටේ ප්‍රවෘත්ති භාෂාව බවට පත්වී ඇති නිසා එදා විදේශගත වූවන් අද එය තේරුම් ගැනීමට නොහැකිව “නැවත හිටගෙන” සිටිනු ඇත.
      .
      සහ සමස්ත පවුලේ සාමාජිකයන්, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ දේශපාලනය මුළු රට තුළම ස්ථාපිත වී ඇත.
      මෙය ඊනියා “යුද ජයග්‍රහණය” මගින් දැඩි ලෙස උත්ප්‍රේරණය කරන ලදී: යුධ හමුදාවන්ගේ අත්‍යාවශ්‍යභාවය ඇතුළු විවිධ බලවේගවල සාමූහිකත්වය විසින් ඇත්ත වශයෙන්ම අත්පත් කරගත් ජයග්‍රහණයකි.
      .
      ශ්‍රී ලාංකේය මාධ්‍ය, සිංහල බෞද්ධ භික්ෂූන් වැනි අධ්‍යාපනයක් නොමැති නමුත් පණ්ඩිතයන්, ඔවුන්ගේ චෙරිපික් ස්වභාවයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ “වියත්මග” ට සමාන අනෙකුත් සියලුම ව්‍යාජ වෘත්තිකයන්.

      Contd

  • 3
    0

    Part 3

    විරෝධතාවල යම් ප්‍රත්‍යක්ෂ වෙනස්කම් දක්නට ලැබුණත්, අවාසනාවකට මෙන්, මට ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තුවක් නැත, මන්ද, අද විරෝධතාවයේ යෙදෙන අයම සිංහල අලුත් අවුරුදු සැමරුම් පැවැත්වීමේදී ඔවුන්ගේ සුපුරුදු ක්‍රමවලට ආපසු යන බව මම හොඳින් දනිමි.

    සෙල්ෆි ගන්නන්, ඔවුන්ගේ විරෝධතා පෙළපාලිවල ප්‍රීතිමත් තරුණ තරුණියන් ගායනය කිරීම මට අසාත්මිකයි. එයින් මට හැඟෙන්නේ ඔවුන් දේවල් බැරෑරුම් ලෙස නොසලකන බවයි.
    සාම විරෝධතා සාදරයෙන් පිළිගනිමු, නමුත් එකම තක්කඩි දේශපාලකයින් විසින් එකම මිනිසුන් නැවත නැවතත් අපයෝජනයට ලක් කරන්නේ මන්දැයි ජනතාව තේරුම් ගත යුතුය. දොස් පැවරිය යුත්තේ දේශපාලකයන්ට පමණක් නොව, ඔවුන්ගේ වේදිකා වාචාල කතාවලින් හලෝසයිනේට් වී, වින්දනය වී ඔවුන්ට ඡන්දය දුන් අයට ය. අද ජනප්‍රිය යූ ටියුබ්කරුවන් වන සුද්දා සහ සේපාල් අමරසිංහ රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒමට සජීවීකරණය කළ අය අතර ඉදිරියෙන්ම සිටියහ. අද එම පිරිමින් හැසිරෙන්නේ ඔවුන්ගේ වරද අමතක කළ නොහැකි තරම් කුඩා විය යුතු ආකාරයට ය. සේපාල් ඔහුගේ වීඩියෝ ක්ලිප් ගැන පුරසාරම් දොඩවන අතර, නූගත් සුද්දාට ජනතාව නොමඟ යැවීමට සමාව අයැදීමේ ධෛර්යයක් ඇති බව පෙනේ.

    මට නම්, R සහ D ව්‍යාපෘති සඳහා රැඩිකල් ලෙස නොගොස්, සෑම තරාතිරමකම මිනිසුන් සාමාන්‍ය තත්ත්වයෙන් ඈත් කළ තිස් වසරක සිවිල් යුද්ධයකින් පසු ඉරා දැමූ සමාජය නැවත ගොඩනැගීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබුණි. අවාසනාවකට, ම්ලේච්ඡ පවුල රටේ අඩු ආදායම්ලාභී බහුතරයකගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට වඩා ඔවුන්ගේ සාක්කු පුරවා ගැනීමට සහ ස්පර්ශ කළ නොහැකි ලෙස ධනවත් වීමට සිතූහ.

    contd.

    • 3
      0

      Part 4
      .
      ඡන්දදායකයින් ඔවුන්ගේ “වටිනාම සර්වජන ඡන්ද බලය” නිවැරදිව භාවිතා කළේ නම්, කිසිදු මෝඩයෙකු පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ නීති සම්පාදකයින් බවට පත් නොවනු ඇත. තණකොළ කන සත්තු ඒක පුන පුනා කරනවා වගේ අපේ මිනිස්සු දෙවියෝ දීපු මොලේ පාවිච්චි කරන්නේ නැතුව මෝඩයන්ට ඡන්දය දුන්නා. ඒ වගේම හොර හාමුදුරුවරු තක්කඩි දේශපාලකයන්ට ළං වෙලා අසරණ මිනිස්සු නැවත නැවතත් ගොනාට අන්දලා.
      උද්ඝෝෂණ කරන තරුණයන් විසින් ව්‍යාජ භික්ෂූන් වහන්සේලා එළවා දැමීම ඇත්තෙන්ම විශාල ප්‍රගතියක්. ඔවුන් “සංඝ වස්ත්‍ර” මත ලබා දී ඇති අද්භූත විශ්වාසය ගැන තැකීමක් නොකරන බව පෙනේ. ඒක අද අපේ පාගමන්වල ධනාත්මක ප්‍රවණතාවක්.

      ඒ වගේම අද මට මගේ ඇස් අදහාගන්න බැරි තරම් හොඳම දේ, එක ප්‍රජාවක් විදියට නීතිඥවරු එකතුවෙලා නිර්මාණශීලී ප්‍රසිද්ධ ප්‍රකාශ ලබා දෙමින් පාගමන්වලට සම්බන්ධ වෙලා තියෙනවා. එය ජනතාවට ආදර්ශ සපයන අතර තවදුරටත් ඉදිරියට යාමට ඔවුන්ට ශක්තියක් වනු ඇත.

      ඔවුන්ගේ විරෝධතා පාගමන වලදී අද වන විට නීතිඥ ප්‍රජාවගේ නැගීම දැකීමට මට බල කෙරුනි. ඒක ඇත්තටම හොඳ ජයග්‍රහණයක්, නමුත් අපේ මිනිස්සුන්ගේ මතකයන් සහ ප්‍රතිචාර එච්චර කල් පවතින්නේ නැහැ…. ඒවා අපේ මෑත අතීතය දිහා බලනකොට එහෙමයි.

      • 3
        0

        Dear “leelagemalli”,
        .
        As I have told you many times, I have unadulterated admiration for the way you demonstrate your respect for local culture and for our Swabasha. I have made three WhataApp calls to that idiot, Human Touch, today. Regrettably, all three ended with my having to shout at the fellow and finally cut him off.
        .
        Almost entirely because of the said idiot, I haven’t had my lunch yet. The time now? 2.35 am – “tomorrow”. What I mean is that for you in Deutchland (pardon my attempt to spell “Germany” the way that you do) this is still Tuesday, the 6th. Already I have microwaved my lunch twice (hours ago), but not had it.
        .
        I owe you an apology in respect of my insulting you about “Hirunickers”. Yes, thanks to you, I saw her leading the demonstration in Jaffna, (I made a YouTube comment on that) and having an argument with racist Sinhalese in Colombo.
        .
        You are doing a fantastically good job! Keep it up!
        .
        Panini Edirisinhe of Bandarawela (NIC 48 3111 444V)

        • 2
          0

          “….I have made three WhataApp calls to that idiot, Human Touch, today. Regrettably, all three ended with my having to shout at the fellow and finally cut him off…..”

          SM, why don’t you count 1….10 before you hit the send button? You write most of your comments agitated and stressed! There is no need to. Just relax and take a breath. We are doing a social service by writing our views here to be read by adults…..not trying to teach to stubborn school kids.
          P.S: We tend to think we are always right but it is not the truth.

          • 4
            0

            Beloved JIT and SM,
            .
            This is the reason why I repeat SM, though me being a very busy guy, him to focus on a good sleep.

            I have no doubt, he does not seem to have enough sleep on daily basis. Is it worth staying that long before the PCs, knowing that people s stupidity , indifference nature and ignorance are all not easy to correct.

            “There is no need to. Just relax and take a breath. We are doing a social service by writing our views here to be read by adults…..not trying to teach to stubborn school kids.
            P.S: We tend to think we are always right but it is not the truth”
            .
            To tell you, I am in full agreement with JIT.

            I think we should not abuse web space on CT to attack eachother… at this critical time point of srilanken politics.

            .

            • 2
              0

              leelagemalli ,

              Shall we take a second to relax our muscles ? Let us look at SM
              not sleeping till late ! At the age of 70 or more ! Did you ever
              wonder what was his next door beauty doing at the time ? Be
              alert !

              • 1
                0

                Whywhy@ thank you.
                .
                I think SM will respond to you on this next days.

                All what I was trying to say is it is no worth trying to help the majority down there. In protesting crowds, I notice a good thing, only youths are the majority.

                I have been struggling to make a real chage in my home country by having sacrificed a lot, but my empathy towards the masses down there is damaged since Nov 2019.
                :
                Be blessed,
                LM

        • 3
          0

          SM,
          .
          Please calm down.
          :
          Apology is accepted, but my kind request you not to attack anyone on this public forum.
          .
          Exception – EE, Soma, Dinuk and the like minded set that hurt minorities promoting sinhala racism

  • 1
    0

    Leelagemalli have you no comment about Tamil racism as spewed at every opportunity by Pandi Kutti? One doesn’t have to belong to the majority to be a racist.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.