Colombo Telegraph

අපේ මාධ්‍ය මගින් ලිංගිකත්වය ප‍්‍රචණ්ඩත්වය මෙතරම් විකිණෙන්නේ ඇයි?

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

යක්ෂයන්, භූතයන්, පේ‍්‍රතයන් ආදී අමනුෂ්‍යයන් අරක් ගෙන ඇතැයි පැවසෙන නිවාස ගොඩනැගිලි ස්ථාන ආදිය ( Hunted places )පිළිබඳව අපි අසා ඇත්තෙමු. ලෝකයේ බොහෝ රටවල ඇතැම් නගර වල සේම ග‍්‍රාමීය ප‍්‍රදේශ ආශි‍්‍රතව ද මෙබඳු ස්ථාන තිබේ. එහෙත්, මෙලෙස අමනුෂ්‍යයන් අරක් ගත් බව විශ්වාස කිරීම නිසා ජනශුන්‍ය බවට පත් ලොව ප‍්‍රධාන පෙළේ නගරයක් හෝ වෙනත් ප‍්‍රසිද්ධ ජනගහන කලාපයක් පිළිබඳව අසන්නට නැත. ඉන් අපට හැඟී යන්නේ ලොව සෑම ජන සමාජයක් තුළම යම් යම් ප‍්‍රමාණ වලින් අද්භූතවාදී සංකල්ප රැුඳී පවත්නා බව ය. නමුදු එම සංකල්ප වලින් සමාජ ප‍්‍රගමනයට සැලකිය යුතු බාධාවක් හානියක් සිදු වී නොමැති බව ය. එමෙන්ම මෙහිදී විශේෂයෙන් පැවසිය යුතු තවත් කරුණක් තිබේ. එනම් අද්භූතවාදී විශ්වාස වලින් මුලූමනින්ම අත්මිදුණු සමාජයක් පිළිබඳව ලොව මෙතෙක් වාර්තා වී නොමැති බව ය.

සාමාන්‍ය තත්ත්වය එය වුව ද මෑතක සිට ශී‍්‍ර ලාංකීය ජන විඥනය තුළ අද්භූත සංකල්ප පිළිබඳ ප‍්‍රවණතාව සැලකිය යුතු අගයකින් වර්ධනය වී තිබේ. ඉන් හැෙඟනුයේ අප රට තුළ පවත්නා යක්ෂ , භූත, පේ‍්‍රත ආදී විශ්වයේ ඇතැයි සැලකෙන ගුප්ත බලවේග පිළිබඳ විශ්වාස සැලකිය යුතු කුළුගැන්වීමකට ලක්ව ඇති බවකි.

එය වත්මන් සමාජයේ ජීවත් වන අප කවුරුත් ඉතා පැහැදිලි ලෙසම අත්දකින තත්ත්වයකි. එහෙත් එම අත්දැකීමෙන් ඔබ්බට විහිද ගිය එ් සම්බන්ධ විශ්ලේෂණාත්මක දැනුමක් නූතන ජන සමාජයෙන් සියයට දශකම එකක් වත් සතුව ඇතැයි මම නොසිතමි. නූතනයේ සිට ශීඝ‍්‍ර කුළු ගැන්වීමකට ලක් වෙමින් පවතින ‘ජනමාධ්‍ය භාවිතයේ අද්භූත සංකල්ප ප‍්‍රවණතාව’ මෙම තත්ත්වය විදහා පාන කැඩපතක් මෙනි. රූපවාහිනිය, ගුවන් විදුලිය සහ පුවත් පත යන ප‍්‍රධාන ජන මාධ්‍යයන් තුළින් මෙලෙස අද්භූත සංකල්ප එළි දැක්වීම ගත වූ වසර කිහිපය පුරා ප‍්‍රමාණාත්මක අයුරින් වර්ධයනට ලක්වූ බවක් පෙනේ. එසේම මෙම ලක්ෂණය සිංහල ජන මාධ්‍යයන් කෙරෙන් සුවිශේෂී ලෙස ඉස්මතු වී තිබීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය. නිදසුනක් ලෙස අප රටේ පළවන සිංහල ඉරිදා පුවත් පත් වල පොදු සංයුතිය විශ්ලේෂණය කළ හොත් එ්වායේ පළවන කරුණුවලින් සියයට දහයක් පමණ ප‍්‍රමාණයක් තුළ සෘජු හෝ වක‍්‍ර අද්භූතවාදී නැඹුරුවක් දක්නට ලැබේ. එක් එක් පුවත් පත සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ හොත් ඇතැම් පුවත් පත් සම්බන්ධයෙන් මෙම අගය සියයට තිහ, හතලිහ ආදී වශයෙන් ඉහළ නැංවෙන අවස්ථා ද තිබේ. වර්තමානයේ සිංහලයෙන් පළවන දිනපතා , පුවත් පත්, සතිපතා වාර ප‍්‍රකාශන ආදිය තුළින් ද මෙම අද්භූත වාදී නැඹුරුව යම් යම් ප‍්‍රමාණයන් ගෙන් ඉහළ නැංවී ඇති බව ඉතා පැහැදිලිවම දැක ගත හැක. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයන් හි තත්ත්වය ද මීට බෙහෙවින් සමාන්තරය. පොදුවේ සලකන විට මෙය වසර දෙදහසේ දී දක්නට ලැබුණු තත්ත්වය මෙන් සියයට තුන්සියයක පමණ වර්ධනයකි. මෙම ප‍්‍රස්තුතය මුල්කොට ජාතික කතිකාවට ඉතා සුදුසු වටපිටාවක් මෙසේ නිර්මාණය වී ඇතත් කිසිවකුත් මෙතෙක් එ් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පියවරක් ගෙන නැත.

ඕනෑම සමාජ ප‍්‍රපංචයක් නිර්මාණය වනුයේ ඊට අදාළ සමාජ ආර්ථික සංස්කෘතික සාධක පදනම් කරගනිමිනි. මම මෙහිදී මීට දේශපාලනික යන වදන එක් කර නොගනිමි. ඕනෑම රටක ඉහත සඳහන් සාධක සඳහා යම් යම් ප‍්‍රමාණ වලින් දේශපාලනය ඉවහල් වෙයි. නමුත් අද වන විට අප රටේ තත්ත්වය අතිශයින් බරපතල ය. සිවිල් පරිපාලන සහ අධිකරණ යන ව්‍යුහයන් තුළට ද දේශපාලන අධිකාරියේ බලය අයථා අන්දමින් වේගයෙන් සම්පේ‍්‍රෂණය වෙමින් තිබේ. එ් අනුව එක් අතකට මේ සියල්ලටම මුල දේශපාලනය යැයි කීමට ද බැරි කමක් නැත. එහෙත්, එසේ කීමෙන් මෙම මාතෘකාව නිසි විශ්ලේෂණයකට ලක්කිරීමට නොහැකි වනු ඇත. එවිට මෙය ද හුදු දේශපාලන කතාවක් ම වනු ඇත. මාතෘකාව හුදු දේශපාලන කතාවක් වශයෙන් මෙහෙය වන සෑම අවස්ථාවකම විශේලේෂණාත්මක බව තහනම් වචනය බවට පත්වන තත්වයට අද අප රටේ සෙද්ධාන්තික සහ විද්‍යාත්මක දේශපාලනය බංකොලොත් වී තිබේ.

නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙන සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් ගේ පටන් පොදුවේ මනෝ විද්‍යාඥයන් විසින් පිළිගනු ලබන මිනිසා තුළ ද කි‍්‍රයාත්මක වන ප‍්‍රධාන භාවමය ආවේග තුනක් වේ. මෙම ආවේග නම් කළ හැක්කේ
1. ලිංගිකත්වය
2. ප‍්‍රචණ්ඩත්වය
3. බිය
යනුවෙනි. බුදු දහමට අනුව නිවන් මඟට බාධා පමුණුවන පංච නීවරණ නම් වන කරුණු පහක් තිබේ. ඉන් පළමුවැන්න කාමඡුන්දයයි, එනම් ලිංගිකත්වයයි. දෙවැන්න ව්‍යාපාදයයි, නැතහොත් අධික කෝපයයි. ප‍්‍රචණ්ඩත්වයේ ගාමක බලය ද අධික කෝපය මිස අනෙ’කක් නොවේ.

ලොව ජන මාධ්‍යයන් තමන් සතු පුවත් , තොරතුරු සහ කරුණු ජනගත කිරීම පිණිස යොදා ගනු ලබන ප‍්‍රධාන ක‍්‍රමෝපායන් දෙකකි. ඉන් පළමුවැන්න බුද්ධිමය ප‍්‍රවේශය (Intellcetual approach) වන අතර දෙවැන්න භාවමය ප‍්‍රවේශය ( Immotional approach ) ය. නමුදු මේ අතුරින් යම් කරුණක් වඩාත් වේගයෙන් ජනහදවත් වලට පිවිසුවිය හැක්කේ දෙවනුව කී භාවමය ප‍්‍රවේශය ඔස්සේ බව අද වන විට ලෝක පිළිගැනීමක් ඇති වී තිබේ.

ලෝකයේ බොහෝ රටවල මේ වන විට තුරන් කොට ඇති ජල භීතිකාව රෝගයට අද වන විටත් වාර්ෂිකව අප රටේ ජනතාව අතුරින් පනස් දෙනෙකුවත් බිලිවෙති. එ් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීම පිණිස එ් සම්බන්ධ ජාත්‍යන්තර සහ දේශීය තත්වයන් සහිත සංසන්දනාත්මක වගුවක් ඔබ හමුවට ඉදිරිපත් කළ හැක. නැතිනම් මේ මොහොතේ ඔබ වාඩි වී සිටින අසුන යට ජල භීතිකාව වැළ`දුණු සුනඛයකු සිටිය හොත් ඔබට ඇති වන හැඟීම කුමක්ද? යනුවෙන් විමසමින් ද එම මාතෘකාවට පිවිසිය හැක. මේ ප‍්‍රවේශ මාර්ග දෙක අතුරින් වඩාත් ප‍්‍රබලව ඔබ වෙතට තොරතුරු සංනිවේදන වන්නේ කුමන ප‍්‍රවේශ මාර්ගය ඔස්සේද යන්න සිතා බැලීම ඔබටම භාර කරමි.

මේ සංනිවේදන ක‍්‍රම දෙකෙහි වෙනස තව දුරටත් විස්තර කළහොත් බුද්ධිමය ප‍්‍රවේශය ඔස්සේ කරුණු ජනතාව අතර පැතිර යන්නේ සංඛ්‍යාත්මක නිදසුනක් ලෙස ගත හොත් 2,4,6,8,10,12 ආදී අගයන් වර්ධනය වන ලෙසිනි. එහෙත්, භාවමය ප‍්‍රවේශය ඔස්සේ සිදු කෙරෙන සංවේදනයන් ප‍්‍රවේශ වනුයේ ඊට වඩා අතිශයින් වේගවත් ලෙසිනි. සංඛ්‍යාත්මක නිදසුනක් ලෙස එය දැක්විය හැක්කේ 2,4,6 ලෙසින් නොව 2,4,16 , 256 , 65536 ආදී සංඛ්‍යාවන් එකි’නෙකෙන් වැඩිවන ආකාරයටය. ඊට පැහැදිලි මනෝ විද්‍යාත්මක හේතුවක්ද තිබේ. එනම් දැනුම සැමවිටම අපට බාහිරින් හා භාවයන් සැමවිටම අප තුළින්ම පිබිදීම එම හේතුව ය. එ් සඳහා අප ශරීරයේ ජෛව රසායනික කි‍්‍රයාදාමයක් මුල් වන අතර අප කවුරුත් දන්නා ඇඞ්රිනලීන් හෝමෝනයෙන් එ් සඳහා පුරෝගාමී මෙහෙයක් ඉටුවෙයි. එනිසාම ජන සංනිවේදනයේ එක් අංගයක් වන ප‍්‍රචාරණ කලාවේ දී මුළුමනින්ම යොදා ගැනෙනුයේ ඉහත සඳහන් දෙවන උපාය මාර්ගය වූ භාවමය ප‍්‍රවේශ සංනිවේදනයයි. සමාජමය පැත්තෙන් බැලූවහොත් මෙම බුද්ධිමය විෂය පථය ගොඩ නංවා ගැනීම ගංගාවක උඩුගං බලා පිහිනීමකි. එහෙත් භාවමය විෂය පථයට නතුවීම හැදින්විය හැක්කේ ජල පහරකට හසුවී ගසා ගෙන යෑමක් ලෙසිනි.

එ් කෙසේ හෝ මා ඉහත සඳහන් කළ ලිංගිකත්වය, ප‍්‍රචණ්ඩත්වය, බිය වන මිනිසා තුළ පවත්නා නෛසර්ගික සත්ව ගති භාවිතා කිරීම සහ කළමනාකරණය කිරීම ජන මාධ්‍යය මගින් නිරතුරුව සිදුවන්නකි. එහෙත් එම භාවිතය සහ කළමණාකරණය ලොව රටින් රටට සමාජයට වෙනස් වෙයි. එ් අනුව එය විධිමත් හා නොවිධිමත් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක.

අප කවුරුත් අවිවාදයෙන්ම පිළිගත යුතු අන්දමට ගත වූ දශක තුනක කාලය පුරා අප රටේ ජන මාධ්‍ය මගින් ප‍්‍රචණ්ඩත්වය සහ භීතිය මුල් කොට ගත් තොරතුරු අති ප‍්‍රාමාණික ලෙස ජනතාව වෙත සම්පේ‍්‍රෂණය කෙරිණ. එ් කාල සීමාව පුරා අප රටේ පැවැති යුදමය වාතාවරණය එ් සඳහා මහඟු පිටිවහලක් විය. නොවිධිමත් යුද තොරතුරු වාර්තාකරණය මත පදනම් වූ ජනතාව තුළ ප‍්‍රචණ්ඩත්වය සහ භීතිය කුළු ගැන්වෙන අයුරින් සිදු වූ මාධ්‍ය භාවිතය නිසා ශී‍්‍ර ලාංකීය ජන විඥනයට සිදු වූ බලපෑම සුළු පටු නැත. එමගින් ශී‍්‍ර ලාංකික ජනතාව ඔවුන් ද නොදැන කෙතරම් ප‍්‍රචණ්ඩත ලෝලී වී සිටියේ ද යත් එ් සමයේ බෝම්බයක් පිපිරී දෙදෙනකු මළ පුවතක් අසන්නට ලැබුණු විට ‘අපොයි දෙන්නද මැරිලා තියෙන්නේ?” යන හැඟීම යම් සිතින් පිබිද එ්මට තරම් ශී‍්‍ර ලාංකික පොදු ජන විඥනය ප‍්‍රචණ්ඩ ලෝලී වූ බව නොරහසකි.

නමුත් අද වන විට එම යුදමය තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇත. නමුත් නමුත් ස්විචියක් නිවා දැමූ විට නිවෙන විදුලි බුබුලක් සේ එ් භීෂණ සමයේ මාධ්‍ය භාවිතාව නිසා ඇති වූ ජන විඥනමය කැළඹීම එක්වරම සංසිඳෙන්නේ නැත. එම කැළඹීම තුළින් ජන විඥානය තුළ හටගත් ප‍්‍රචණ්ඩ ලෝලීත්වය සංසිඳෙන්නේ ද නැත. එනිසා එම ප‍්‍රචණ්ඩ ලෝලීත්වය සංසඳුවීමට අවශ්‍ය ගොදුරු දඩයම් කරමින් ද ජනතාවට සැපයීමට මාධ්‍ය කරුවන්ට ඉන්පසුව ද සිදුවිය. අප රටේ ජන විඥනය තුළට කිඳා බැස තිබූ මෙම ප‍්‍රචණ්ඩ ලෝලී බව කෙතරම් ප‍්‍රබල වී තිබුණේද යත් ශී‍්‍ර ලාංකීය ඉතිහාසයේ හුදෙක් අපරාධ වාර්තාකරණය ස`දහාම වෙන් වූ සතිපතා පුවත්පතක් එළි දක්වීමට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් යුහුසුළු විය. එ් ශී‍්‍ර ලාංකීය පාඨකයන් තුළ ඇති වූ මෙම ප‍්‍රචණ්ඩ ලෝලී මානසික අවශ්‍යතාවයේ ඇති ඉඩැස රික්තය පුරවාලනු පිණිස බව පෙනේ. එම පුවත් පත අලෙවිය අතින් අතිසාර්ථකත්වයට පත් වීම තුළින් මෙම කරුණේ සත්‍යතාව මනාව සනාථ වෙයි. එ් කෙසේ හෝ මිනිසා තුළ පවත්වා ප‍්‍රචණ්ඩත්වය කුළු ගැන්වෙන පුවත් සංඛ්‍යාත්මකව යුද සමයේ දී තරම් අද වන විට නොලැබේ. එනිසා ලැබෙන පුවත් වලින් උපරිම ප‍්‍රයෝජන ගනිමින් එ්වා ජනතාව අතරට සම්පේ‍්‍රෂණය කිරීමට මාධ්‍යවේදීන් දරන ලද උත්සාහයන් පිළිබ`ද නිදසුන් කිහිපයක් තිබේ.

පසුගිය කාලයේ කහවත්ත ප‍්‍රදේශයේ සිදු වූ ස්තී‍්‍ර ඝාතන පෙළ සම්බන්ධ තොරතුරු වාර්තාකරණය සහ විශේෂාංගකරණය මෙහි දී අපගේ විශේෂ අවධානයට යොමුවිය යුතු ය. එහිදී ඝාතනයට ලක්වූ කාන්තාවන් ගේ නම් ගම් සේම ඡුායාරූප ද ඔවුන් ඝාතනයට ලක්වූ ආකාරය සේම ඊට පෙර දූෂණයට ලක්වූ ආකාරය ද අකුරක් නෑර විස්තර කරමින් එම ලිංගික ප‍්‍රචණ්ඩත්වය තර`ගකාරී ලෙසින් පුවත් පත් මගින් ජනතාව අතරට ගෙන එන්නට මාධ්‍ය කරුවන් යුහුසුළු වූ අන්දම ජනතාවට රහසක් නොවේ. එමෙන්ම එසේ දූෂණයට ලක්ව ඝාතනය කෙරුණු එක් තරුණ දියණියකගේ සහ මවකගේ ඡුායාරූපය තම පුවත් පතේ නාම ලාංඡුනය සමඟම ප‍්‍රදර්ශනාත්මකව පළ කිරීමට ද පුවත් පත් කිහිපයකම මාධ්‍යවේදීන් කටයුතු කර තිබිණ. නමුදු එම මවට සහ දියණියට මරණයට පෙර අපරාධකරුවන් වෙතින් එල්ල වූ කුරිරු ලිංගික අපරාධ පිළිබඳව මිස මරණයෙන් පසු ඔවුන්ගේ නාමයන්ට මාධ්‍ය මගින් එල්ල වූ බිහිසුණු අපරාධය පිළිබ`ද අප සමාජයේ කිසිවෙක් කිසිදු හඬක් නොනැගූහ. අප සමාජයේ සියළුම දෙනා තුළ යම් යම් ප‍්‍රමාණවලින් ශේෂව පවත්නා ප‍්‍රචණ්ඩත්ව හෝ ලිංගික ප‍්‍රචණ්ඩත්ව ලෝලීත්වය එ් සඳහා හේතු වන්නට ඇත. මෙහි දී මගේ මතකයට නැෙඟනුයේ මීට මඳ කලෙකට ඉහත ඉන්දියාවේ මුම්මායි හිදී බස් රියැදුරන් කිහිප දෙනකුගේ සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක් වූ භෞත චිකිත්සක ශිෂ්‍යාව පිළිබ`ද ඛේදවාචකයයි. එහිදී ඇයට සිදුවූ එම අතවරය පිළිබඳව මිස ඇගේ ඡුායාරූප පවා මාධ්‍ය මගින් ඉදිරිපත් නොකිරීමට ඉන්දීය මාධ්‍යකරුවෝ සාමූහිකව වග බලා ගත්හ. එම සිද්ධියේ දී ‘නිර්භයා’ යන ආරූඪ නමකින් හැඳින්වුණු ඇයගේ අවමගුල සම්බන්ධයෙන් ද කිසිදු මාධ්‍ය ආවරණයක් සිදු නොවිණි. නමුදු එ් පෞද්ගලික තොරතුුරු සියල්ල වසන් කොට අතිශය සදාචාරාත්මක ලෙස මාධ්‍ය මගින් නිශ්කාශණය කළ ස්ත‍්‍රීත්වය පිළිබඳ එම ඛේදවාචකයෙන් මුළු භාරත දේශයම දෙදරුම් කෑවේය. අපරාධ කරුවන් අප‍්‍රමාදවම අධිකරණය හමුවට ඉදිරිපත් කොට මරණීය දඬුවමටද යොමු කෙරිණ. අවසානයේ රෝහලේ දී එම තරුණිය විසින් පෞද්ගලික මට්ටමින් කරන ලදැ යි පැවසෙන කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ අභීත ප‍්‍රකාශයක් පදනම් කර ගනිමින් භාරතීය කාන්තා වීරවරියන් ගේ නාම ලේඛනයකට ද එම තරුණියගේ නම එක් කෙරිණ. එහෙත්, අප රටේ සිදුවූයේ කුමක්ද? අශීලාචාර තිරිසනුන් බඳු මිනිසුන්ගෙන් දඩයම් වූ එම මිනිස් ජීවිත දෙක දෙවනුව මාධ්‍යවේදීන් ගෙන් ගොදුරු බවට පත්වීම නොවේද? මෙහිදී එම මාධ්‍යවේදීන් සාහසිකයන් ගේ ගොදුරු බවට පත් එ් ස්තී‍්‍ර මෘතදේහයන් දෙකට ඉව අල්ලන්නට ඇත්තේ කුමක් පිණිසද? නිසැක ලෙසට මෙරට පොදු ජන විඥනයේ ඇති ම්ලේච්ඡු ලිංගික ප‍්‍රචණ්ඩ ලෝලීත්වය සංසිඳුවනු පිණිස ය.

මෙබඳු ම්ලේච්ඡු වනචාරී ගතිවලින් පිරී ඇති ජන සමාජයක් තුළින් ආසියාවේ ආශ්චර්ය නිර්මාණය වන තෙක් බලා හිදීම තරම් තවත් ශෝචනීය සරදමක් මොලොව තිබේද?

*‘නූතන ජන මාධ්‍ය භාවිතයේ අද්භූත සංකල්ප ප‍්‍රවණතාව’ යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ විසින් පසුගිය දෙසැම්බර් 23 සඳුදා කොළඹ 8, ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වූ දේශනයේ මුල් කොටස. මෙම දෙසුමේ තවත් කොටසක් මීළඟ කලාපයෙන්

Back to Home page