25 April, 2024

Blog

බැට්ල් ඕෆ් වැටලූ

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රාජපක්ෂවරුන් නැවතත් අර්බුදයට ගොස් තිබේ. ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට පසුගිය පස්වැනිදා පවත්වනු ලැබූ ජන බලය වැඩසහටහන සාර්ථක නොවීම නිසාවෙනි. මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම පාහේ පිරී පැවතියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ හා රාජපක්ෂවරුන්ගේ බලාපොරොත්තු වලිනි. පසුගිය ආණ්ඩුවේ දුෂණ වංචා හා මිනී මැරීම් වලට සම්බන්ධ පිරිස්වල අධිකරණ ක්‍රියාදාමයන් අවසන් පියවරයන්ට පැමිණීමත්, විශේෂ අධිකරණය ක්‍රියාත්මක වීමත්, ඒවායින් බොහොමයක් මෙම කණ්ඩායම් වලට අවාසි සහගත වීමත් නිසා ඔවුන්ට දේශපාලනික හා සමාජ ආරක්ෂාවක් යොදාගැනීම මෙන්ම එමගින් ආණ්ඩුව සමග කේවල් කිරීමේ බලයක් ගොඩනගා ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුවක් විය. මීට අමතරව විපක්ෂයේ ජන සහභාගීත්වය හා එහි නායකත්වය නාමල් රාජපක්ෂට ලබා දීමද මහින්ද ප්‍රමුඛ කණ්ඩායම් වල බලාපොරොත්තුවක් විය.

විශේෂයෙන් මා මීට පෙරත් මෙම කොලමෙන් පවසා ඇති පරිදි මහින්ද රාජපක්ෂගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම ගොනුවී ඇත්තේ නාමල් රාජපක්ෂගේ අනාගතය වෙනුවෙනි. නැතහොත් නාමල්ට හෙටක් තේමාවෙනි. එම පවුලේ අභ්‍යන්තර දේශපාලනයම විපක්ෂයේ දේශපාලනය බවට පත්කොට තිබේ. මෙහිදී රට තුල ගොඩනැගී ඇති ගෝඨාභයවාදයත්, බැසිල්ගේ නායකත්වයත් වෙනුවට නාමල් රාජපක්ෂගේ නායකත්වය විපක්ෂ බලවේග ස්ථාවර කිරීම සදහා ගත් ප්‍රබලම වෑයම ලෙස මෙම ජනබලය හදුනාගත හැක. මේ වෙනුවෙන් රාජපක්ෂවරු රට පුරා බෙදා ඇති මුදල් ප්‍රමාණය මිලියන 600 ක් බව රජයේ බුද්ධි අංශ කියයි. විශුද්ධීකරණය නොකළ එතරම් මුදල් ප්‍රමාණයක් යෙදවීමට රාජපක්ෂවරු පෙළඹීමෙන් මෙම වැඩසටහනේ මහින්ද රාජපක්ෂට ඇති වැදගත්කම හා ප්‍රමුඛතාවය පැහැදිලි වේ.

එසේම එම පක්ෂය ගොඩනැගීමේදී ග්‍රාමීය මට්ටමේ ප්‍රධාන සංවිධාන යාන්ත්‍රණය වුයේ සමෘධි බලකායයි. මේ වෙනුවෙන් පළාත් පාලනයට ප්‍රථම එවකට සමෘධි ඇමති එස්. බි. දිසානායක විශාල සහයෝගයක් ලබා දුන්නේය. ඔහු ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග රාජපක්ෂ බලවේගයට වසර 13 කට වඩා වැඩි කාලයක් තිබු ග්‍රාමීය දේශපාලන යාන්ත්‍රණය අහිමි විය. එම බලවේගයේම බලය පිළිබද බැසිල් රාජපක්ෂට හැර අනිකුත් කණ්ඩායම් වලට එතරම් අවබෝධයක් තිබුණාදැයි සැක සහිතය. එම නිසාම මාධ්‍ය වලට පැමිණි දේශපාලකයින් විවිධ තර්ජන කරමින් ආණ්ඩුවට බලපෑම් කළේය. රට හා ආණ්ඩුව ආක්‍රමණය කරන බවට පාරම් පෑවේය. නමුත් මේ සියලු සිහින පුස්සක් කරමින් පස්වැනිදා කොලඹ වැටලීමේ මෙහෙයුම මේ සියවසේ ලංකා ඉතිහාසයේ විශාලම විහිළුව බවට පත්වෙමින් අවසන් විය. මෙහි ඇති අනික් ප්‍රධානම කාරණය නම් මාධ්‍යවල ආණ්ඩුව ගෙදර යවන බවට පාරම්බෑ කිසිවෙකුත් පැමිණ නොතිබීමයි. එනම් ඩලස්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පැත්ත පළාතේ නොසිටියේය. නමුත් කුමක් හෝ දේශපාලන හේතුවකට විමල් සිටියේය. එහෙත් ඔහුගේ වෙබ් අඩවිය මෙම මෙහෙයුමට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය.

මෙම තත්ත්වයන් සියල්ල මෙසේ තිබියදීත් රටේ පාලන බලය පතන දේශපාලන ව්‍යාපාරයක් පස්වැනිදා හැසුරුණු අකාරය අරුම පුදුමය. ඔවුන් ලක්ෂ ගනණක් එන බවට පුරසාරම් දෙඩුවාට තලවතුගොඩ දිලන්කා හෝටලයෙන් ඇනවුම් කොට තිබුනේ කෑම පාර්සල් 3000ක් පමණි. ඒත් හැම කෑම පාර්සලයකම මහින්දගේ නම ගසමිනි. මහින්දලා යනු ආණ්ඩුවේ සල්ලිවලින් හොරකම් කොට රටම ණය උගුලක දැමු වැඩ වල සිට තම පාක්ෂිකයන්ට දෙන බත් පැකට්ටුව දක්වා තම නම ගසන බව ඔප්පු කළ පිරිසකි. එසේම පැමිණි සියල්ලන්ම අධික ලෙස මත්පැන් පානය කොට තිබිණි. 81 දෙනෙකු අධික වෙරි මත නිසා රෝහල් ගතකිරීමට සිදුවිය. තරු පහේ හෝටල් වල ලස්සනට වවා ඇති පොල් ගස් වල පොල් කැඩීමේ සිට ලයිට් කණු වල නැගීම, රැකියා අවසන්ව යන කාන්තාවන්ට අතවර කිරීම, රජයේ දේපල වලට හානි කිරීම, නගරය මැද එලිමහනේ මල මුත්‍රා කිරීම, කාර්යාල වල සේවිකාවන්ට පෙළපාලියේ යන ගමන් රහසඟ​ පෙන්වීම වැනි අකටයුතුකම් රාශියක් සිදු කළේය. අවසානයේ මිනිසුන් සියල්ල විසිර ගිය අතර නාමල් ප්‍රමුඛ කීහිපදෙනෙක් ඉතිරිවිය. ඔවුන්ද අවට තරු පහේ හෝටල් වලට ගොස් හොදින් කා බී රමණය කොට ගෙදර ගියේය. මාගේ පෞද්ගලික තක්සේරුව වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලනය වසර ගණනාවකින් පස්සට ගිය අතර ජාතික නායකයෙකු ලෙස ඔහුට මතුවීමට තිබු අවස්ථාව අහිමි වූ බවය.

කෙසේ වුවත් දොස්තර පාදෙනියගේ නිරුවත හෙළිවීමද මෙම පෙළපාලියේ තවත්  ප්‍රතිඵලයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කල්පනා කරන ලද්දේ ආණ්ඩුවේ පැවැත්ම අවසන් බවය. මන්ද ඔවුන් සාපේක්ෂකව චීවරධාරීන් මෙන් දුර්වල දේශපාලනය මෙහෙයවන්නන්ය. ඔවුන්ට කොහොමටත් ලැබී ඇති වැදගත් සමාජ කාර්ය කොටස වර්ජනය කිරීමෙන් හා සිවිල් බලය යොදා තර්ජනය කිරීම දේශපාලනය ලෙස හදුනාගෙන රටේ සියලුම කාරනා වලට මැදිහත් වෙමින් මාධ්‍යයේ ගොදුරක් බවට පත්වෙමින් තමන්ට ඇති සමාජයීය සිවිල් බලය හා ගෞරවය චීවරධාරීන් මෙන් නැතිකරගත් සමාජ කණ්ඩායමකි. එබැවින් ඔවුන් මෙතෙක් සගවාගෙන සිටි බැටළු හම ඉවත් කොට පස්වැනිදා ආණ්ඩුව ගෙදර යැවීමට එකතු විය. නමුත් රටේ කිසිවෙකුත් එම කතාවන් සීරියස් කාරනා ලෙස නොසැලකූ අතර දොස්තර සංගමයද නාමල් සමග කුජීත විය.

අවසානයේ සිදුවුයේ නාමල්ට මෙන්ම පොහොට්ටුවට සෑහෙන කාලයකට දේශපාලන නැගිටීමකට ජනතාව ගොනුකිරීමට ඇති හැකියාව අහිමිවීමය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ හොරකම් කිරීමේ සංස්කෘතිය කෙතරම් බරපතලද යත් මෙම වැටලීමට වෙන්කල මුදල් වලින් සෑහෙන කොටසක් හොරකම් කල බවටද එකිනෙකා චෝදනා කරගන්නා බවට තොරතුරු හෙළිවෙමින් පවතී.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    තුෂාර , ජනබලය කොළඹට සම්බන්ධයෙන් “බැටල් ඔෆ් ද වැටලු” තරම් නිර්මානාත්මක උධෘතයක් දුටුවෙම නැහැ! එය නම් විශිෂ්ටයි. ඔබේ ලියවිල්ලටත් වඩා උධෘතය රස විනදා!

  • 0
    0

    විමල්ගේ වෙබ් අඩවිය ජන බලයට දිගට දිගට පහර වදින ප්‍රවෘත්ති පල කළා කියලා කිව්වා එක වැරදියි.
    ඔවුන් අළුතින් ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ නැහැ. වෙන තැන්වල තියෙන ඒවා අරන්, විශේෂයෙන් කරන්නේ මිනිස්සුන්ගේ අවධානය වැඩියම තියෙන ප්‍රවෘත්ති අරන් තමන්ගේ website එකේ දාල මිනිස්සුන්ට ඒ ගැන comment කරන්න ඉඩක් හදල දෙන එක. එහෙම කරන්න වෙන කිසිම website එකක් නැහැ LankaCNews ඇරුනහම. ඒකට විමල්ව අල්ලන එක වැරදියි.
    අනිත් එක “මොනම හරි හේතුවකට” විමල් එතන 5 වෙනිදා ජන බලයේ හිටිය කියන එකත් වැරදියි.
    විමල් මුල ඉඳන්ම ජන බලයට සහයෝගය දුන්නු කෙනෙක්.
    විමල් කොළොඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු එක්ක අගෝස්තු 2 කොළොඹ පවත්තපු විරෝධයට පස්සේ දවසේ ඉඳලම, කඩුවෙලින් පටන් අරන් “රට බෙදන – රට විකුණන – රට වනසන – වැඩ බැරි – පරගැති – හිඟන ආණ්ඩුවට එරෙහිව – ජන බලය කොලොඹට – විමල් ” කියල රට පුරා සම්මන්ත්‍රණ තිබ්බ.
    පලවෙනි එක කඩුවෙල අන්තිම එකත් කඩුවෙල තිබ්බ සැප්තැම්බර් 2 වෙනිදා. එදාම කොලොන්නාවෙත්. තව ගොඩක් පළාත් වල. කුරුණගල රත්නපුරේ වගේ ඈතත් තිබුන.
    විමල් සමහර දවස්වල, එක දවසේ මේ වගේ සම්මන්ත්‍රණ පැයෙන් පැයට තිය තියා ගමෙන් ගමට ගියා, මාසයක් තිස්සේ.
    විමල් “ජන බලය කොළොඹට” සාර්ථක කරගන්න හුගක් මහන්සි වුන.
    විමල්ගේ පක්ෂේ ප්‍රධාන පෙලේ නායකයොත් පෙළපාලියේ ඇවිදගෙන ගියා ඔවුන් එක්ක ආපු සහ ඔවුන්ට කොලොඹදී එකතු වුනු ජනතාව එක්ක.
    ඒ හින්ද විමල්ගේ website එකක් ගැන කියලා තුෂාර නිකම් වැරදි අර්ථකථනයක් දෙන්න හදන එක හරිම ලාමකයි සහ බොළඳයි. ලියන්න දෙයක් නැති නිසා ලියපු එකක්.
    ලිපියේ ඉතුරවට පස්සේ ලියනවා. හරිම දුර්වල ලිපියක් මේක.

  • 0
    0

    පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක කිව්වා කිසිම සිද්ධියක් වුනේ නැහැ. අපි පිළිගන්න ඕනේ ඔබේ හදපු කතාවද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිල ප්‍රකාශයද?
    ඔබ මෙහෙම කියනව; “රැකියා අවසන්ව යන කාන්තාවන්ට අතවර කිරීම, රජයේ දේපල වලට හානි කිරීම, නගරය මැද එලිමහනේ මල මුත්‍රා කිරීම, කාර්යාල වල සේවිකාවන්ට පෙළපාලියේ යන ගමන් රහසඟ​ පෙන්වීම වැනි අකටයුතුකම්” වුනාලු.
    රජයේ දේපලවලට හානි කරා නම් ඒවා වාර්තා වෙන්න එපෑය. එතකොට කාන්තාවන්ට අර මේක පෙන්නුවා කියන එක, මොකක්ද මේ ඕකට කියන්නේ, අටපට්ටම පෙන්නුවා කියන එක, නැහැ අටක් නැහැනෙ, මොකක්ද ඕකට කියන්නේ, පෙළපාලියේ යන ගමන් කාර්යාල සේවිකාවන්ට මේ යූඑන්පී චන්ද ලකුණ පෙන්නුවා කියන එක. ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. අනිත් එක ඔය වගේ කාන්තාවන්ට දෙනෝදාහක් ඉදිරිපිට නරක දේවල් කරපු ඉතිහාසයක් තියෙන්නේ යූඑන්පී එකට මිසක් මහින්දගේ මිනිස්සුන්ට නෙමෙයි. කොයි කාලෙද මට මතක නැහැ, වයඹ දී නේද චන්ද කාලේ මහපාරේ කාන්තාවකට නරක වැඩ කරලා කරදර කලේ? ජාත්‍යන්තර චන්ද නිරීක්ෂකයෝ ඒ කතාව වාර්තා කරලත් තිබූන.
    ඔබේ ඔය කෑම 3000 කතාව උත්තරයක් අවශ්‍ය නැති තරම් ලාමකයි.
    මහින්දට විරුද්ධව නඩු පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි 2015 ඉඳන්. තාමත් නඩු අහනව. නඩු වල අවසාන අදියරට එනවා තියා තාම investigation වත් ඉවර නැහැ. තාමත් ප්‍රකාශ ගන්නවා. නඩු වලට බය නම් මහින්ද විශ්‍රාම අරන් ගෙදර ඉන්නවා. ඒවාට බය නැති නිසා තමයි ආපහු දේශපාලනයට ආවේ, පුළුවන් දෙයක් කරපියව් කියලා.
    ප්‍රභාකරන්ට බය වෙච්ච නැති මහින්ද ඔබේ ආණ්ඩුවේ පඟර නැට්ට්න්ට බය වෙයිද? නිකම් භූත කියවන්නේ නැතුව ඉන්න. බය වෙලා තියෙන්නේ ඕගොල්ලෝ මිසක් මහින්ද නෙමෙයි. ඕගොල්ලෝ දන්නවා හිතුවට වඩා ඉක්මනට තමන්ගේ කාලේ ඉවර වේගෙන එනව කියල. පරදිනව කියලා දන්නවා. හිත හිටියේ 2030 වෙනකම් එක දිගට ආණ්ඩු කරන්න. දෙන්න එකට එකතු වෙලා මහින්දට කටු ගැහැව්වට මොකොද දැන් මෛත්‍රී ටික ටික තමන්ගේ පව් හෝදගෙන යනවා, තනියම. තනියම පව් හෝද ගන්න හදනවා. එහෙම තමයි කාලේ ලංවෙනකොට. රනිල්ට වෙච්ච දේ බලන්න. එයා හින්ද මන්ත්‍රීවරු වෙහ්ච්ච ඇමතිවරු වෙච්ච මිනිස්සු වෙන එකක් තියා අර රන්ජන් වගේ පඟර නැට්ටෙක් පවා දැන් රනිල්ට පලයන් කියලා එලවනවා.
    මහින්දට කරපුවට දෙන්නටම පළ දෙමින් පවතිනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.