20 April, 2024

Blog

දොස්තර හාමුලාගේ සංගමය හා රාජපක්ෂවාදය

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

පසුගිය දින හැට තුළ මධ්‍යම කොළඹ නගර ආශ්‍රිතව සතියේ දින වල උද්ඝෝෂණ, පෙලපාලි හා පාගමන් පනස් තුනක් සිදුව තිබේ. ඒවා සමහරක් වෘත්තීය සමිති මගින්ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින්ද, වෛද්‍ය නිලධාරී සංගමය මගින්ද, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ මගින්ද සංවිධානය කරන ලද ඒවා වේ.

උද්ඝෝෂණ, පෙලපාලි, පාගමන් හා විරෝධතා දැක්වීම්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක එම රටේ ජනතාව තම පවරාදුන් පරමාධිපත්‍ය හොබවන ආණ්ඩුවට හෝ තමාට වඩා ප්‍රබල ආයතනයකට විරෝධය දැක්වීම සදහා ඇති ප්‍රබලම හා ශක්තිමත්ම උපකරණයයි. ශීලාචාර රටවල් බොහොමයක මෙම ප්‍රජාතන්ත්‍රවාදී උපකරණය ඉහල වටිනාකමකින් යුත් නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලියක් ලෙස පිළිගනු ලැබේ. ලංකාවේද එය එසේමය. නමුත් ඒබ්‍රහම් ලින්කන් කියූ පරිදි ඔබේ “ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස අනෙකාගේ නහය ලගින් අවසන් වේ” යන කියමන සනාථ කරමින් උද්ඝෝෂණ, විරෝධතාකරුවෝ මෙරට මහජනතාවගේ නිදහස, අයිතිය හා සාමකාමී ජීවිත විනාශයට පත්කර තිබේ. මීට වසර දෙක තුනකට පෙර තිබූ තරම් සමාජීය හා මාධය උනන්දුවක් අද පවතින උද්ඝෝෂණවලට නැත. ඉදහිට පොලිස් පහරදීමක් සිදුවුවද එය මහාමාර්ග අවහිරයන් වළක්වා ගැනීමට සිදුකරන ඒවා මිස මර්දනකාරී ඒවා නොවේ.

මෙම උද්ඝෝෂණවල විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මෙම සියළුම උද්ඝෝෂණවල දිනාගතයුතු ඉල්ලීම් කෙසේවෙතත් මෙම උද්ඝෝෂණ කරුවන්ගේ මුඛ්‍ය අරමුණ වන්නේ හැකිතාක් දුරට මාර්ග අවහිර කිරීමයි. පසුගිය කාලයේ සිදුවූ පනහකට වඩා වැඩි එම උද්ඝෝෂණ වැඩි සාතිශය බහුතරයක් පවත්වා ඇත්තේ පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටයි. නැතහොත් ලිප්ටන් වටරවුමේය. එසේම මෙම උද්ඝෝෂණ කරුවන් ඒ සදහා තෝරාගන්නා වෙලාව වන්නේ සවස 04 සිට රාත්‍රී 07 දක්වා කාලයයි. එම කාලය ලංකාවේ මහාමාර්ග පද්ධතියේ වැඩිම කාර්ය බහුලත්වයක් පෙන්වන කාල පරාසයයි. උදෑසන රැකියාවට පැමිණි කාන්තාවන් සහ මිනිසුන් කාර්යාලයේ, වැඩපොළේ අනේකවිධ දුක් කම්කටොලු හා පීඩනයන්ට ගොදුරුව තම රාජකාරිය ඉටුකොට, සවස් කාලයේ නිවෙස් බලා යාමට දුම්රිය පොළට පැමිණෙද්දී ඒ ආසන්නයේ ඇති සියළුම මාර්ග අවහිරවී ඇත්නම් එය කෙතරම් අභාග්‍යසම්පන්න ඉරණමක්ද? උද්ඝෝෂණ පවත්වන සතියේ දිනවල කොටුව දුම්රිය ස්ථානයට නිවෙස් බලා පිටත්ව යාමට පැමිණෙන ජනතාවට පැය එකහමාරක් දෙකක් ප්‍රමාද වූ අවස්ථාද පසුගිය කාලයේ දැකිය හැකිවිය. මව හා පියා රැකියාව නිමවී ගෙදර පැමිණෙන තෙක් මග බලා සිටින දූදරුවන්ද, තම දුදරුවන් නිවෙස් බලා පැමිණෙතැයි බලාසිටින දෙමව්පියෝද, වෙළද ව්‍යාපාරිකයෝ ඇතුලු බොහෝදෙනා මෙම උද්ඝෝෂණවලින් මහත් පීඩාවට පත්ව තිබේ. මෙහි අපූරුම කාරණය වන්නේ උද්ඝෝෂණවලින් පීඩාවට පත්වන ජන සංඛ්‍යාව උද්ඝෝෂණකරුවන්ට වඩා බොහෝ ඉහල අගයක් ගැනීමයි. ඉතින් මෙවැනි ගැටළු විසදීමට රජයකට හෝ පාලන අධිකාරියනට විශේෂ අවධානමක් ගතයුතු නොවේ. මන්ද මෙම උද්ඝෝෂණකටයුතු සදහා කිසිවිටෙකත් මහජන සහයෝගය නොලැබෙන බව ඔවුන් හොදාකාරවම දන්නා නිසාය.

පසුගිය සතියේ දින ගණනාවක් ලංකාවේ වෛද්‍ය වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබූ අතර එමගින් රට පුරා සියළුම රෝහල්වල ප්‍රතිකාර කටයුතු ඇණහිට තිබුණි. එම තත්ත්වය පදනම් කරගනිමින් ජනතාව විශාල පීඩනයකට ලක්විය. වෛද්‍ය සංගමයේ ප්‍රමුඛ ඉල්ලීම වන්නේ සයිටම් ආයතනය වසාදමන හෝ විධිමත් කරන ලෙසයි. සැබවින්ම සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ අධිපතිවාදී මතයද වන්නේ එයයි. ආණ්ඩුවද උත්සහකරනුයේ සයිටම් ආයතනය විධිමත්කොට දැනට වෛද්‍ය සංගමය හා අනෙකුත් සිවිල් සංවිධාන යෝජනාකරනු ලබන වෙනස්කම් සිදුකර හැකි ඉක්මනින් එය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස රටේ දූදරුවන්ට අධ්‍යාපනය ලබාදීමයි.

එසේනම් වෛද්‍ය සංගමය රෝගී ජීවිත සිය ගණනක් ඝාතනයකරමින් උද්ඝෝෂණ සිදුකරන්නේ ආණ්ඩුවට බලපෑම් කිරීමටනම් ආණ්ඩුව සිටිනුයේද ඔවුන් සිටිනා මතේමය. මෙම වෛද්‍ය සංගමයේ උද්ඝෝෂණ තුළ විශාල යටි අරමුණක් ඇතිබව මාගේ අවබෝධයයි. සැබෑ ලෙසම රටේ සතුරෝ වන්නේ ඔවුන්ය. වෛද්‍ය සංගමය නර්ස්ලාගේ නිල ඇදුමට එරෙහිව උද්ඝෝෂණ කරයි. රටේ සමසෞඛ්‍ය අධ්‍යාපනයට විරුද්ධය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධය. ආර්ථික ගිවිසුම්වලට එරෙහිව මාරාන්තික විරෝධයක් පලකරයි. පාසල්වලට ළමයින් ඇතුළත්කරගැනීමේ විධිමත් ක්‍රමවේදයට ඔවුන් විරුද්ධය. වෛද්‍ය මාරුවීම් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට ඔවුන් විරුද්ධය. පෞද්ගලික අධ්‍යාපනය, ටියුෂන් හා අනෙකුත් වෘත්තිකයන්ගේ වරප්‍රසාදවලට ඔවුන් මාරාන්තික විරෝධයක් පලකරයි. බැලු බැල්මට වෛද්‍ය සංගමය හා එහි නිලධාරීන් මේ මුළු ලෝකයටම විරුද්ධය. වෛර සහගතය. නමුත් ඔවුන් එකදෙයකට පක්ෂය. එනම් පෞද්ගලික වෛද්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හා පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට පක්ෂය. ශ්‍රී ලංකාවේ දොස්තර හාමුලා සිතනුයේ මේ ලෝකයේ විධිමත් අධ්‍යාපනය ලද එකම වෘත්තීයවේදීන් වන්නේ ඔවුන් බවය. එසේම ඔවුන් සිතනුයේ මෙම ලෝකය භ්‍රමණය වන්නේ ඔවුන් වටා බවයි. නමුත් එවැනි පටු, විනාශකාරී, සතුරු වෛද්‍ය සංගමය පවතිත්දීම රටට ආදරයකරන, සමාජ සාධාරණය දකින, වැරදි ක්‍රමවේදයන් ප්‍රශ්නකරන, යහපත් දොස්තරවරුන් නැතුවාම නොවේ. මේ රටේ පසුගිය දශකය තුළ තිබූ මර්දනකාරී, පීඩාකාරී, විනාශසහගත ආණ්ඩුවට එම ආණ්ඩුව පවත්වාගෙන යාමට රාජපක්ෂවරුන්ට උදව් උපකාර කළ එක් ප්‍රධාන කණ්ඩායමක් වන්නේ මෙම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයයි. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව විසින් සයිටම් වැනි වෛද්‍ය ආයතන බිහිකරද්දී එයට විරුද්ධව කිසිදු හඩක් නොනැගුවේය. සැබවින්ම ඒවාට උල්පන්දම් දුන්නේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, අ‍නෙකුත් උත්ඝෝෂණ කරුවන් කිසිවෙකුට ඔවුන් මුහුණදෙමින් තිබෙන ප්‍රශ්න විසදීමට අවශ්‍යතාවයක් හෝ උවමනාවක් නැත. එම නිසාම ඔවුන් කිසිවිටෙකත් ආණ්ඩුව සමගත් මෙම පිළිබදව සාකච්ඡාකොට විසදුමකට ඒමට උනන්දුවක් දක්වනනේද නැත. ඔවුන්ගේ එකම උවමනාව විරෝධතා ක්‍රියාවලියක් මගින් ජනතාව පීඩාවට පත්කිරීමත්, එමගින් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමත්ය. ආණ්ඩුවට ආර්ථික පාඩු සිදුකිරීමත්ය. ත්‍රස්තවාදය ලෙස ලොව පිළිගත් මූලධර්මයේ පදනම වන්නේ එයයි. එසේනම් මෙම විරෝධතා කරුවන්ට වඩා සතුරන් රටට කොයින්ද? ඔවුන් විසින් සේවය කරනු ලබන රාජපක්ෂවරුන්ට වඩා සතුරන් රටට කොයින්ද?

ඉතින් මෙවැනි වතාවරණයක් තුල තුනෙන් දෙකේ බහුතරයක් යුත් මේ ආණ්ඩුව මේ රට පෙළෙමින් තිබෙන අනේකවිධ ව්‍යාධීන්ගෙන් රට ගලවාගනිමින් රජයේ කටයුතු හා රටේ දිනපතා කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාමට උපරිම උත්සහය යොදයි. මගේ මතයට අනුවනම් අගමැතිවරයා ඔහුගේ සාර්ථක වෘත්තීය ජීවිතයේ අපහසුම කාලය ගෙවමින් සිටී. අත්දැකීම් සහිත කෘතහස්ථ දේශපාලඥයකු වන අගමැතිතුමා මෙම තත්ත්වයට හොදින් මුහුණදෙමින් සිටින බව මාගේ හැගීමයි.

 

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    me hungak dostarala duppath meda pnthiye pawulwala aya.dostarala wela hitagena inne lokayema rrajawaru kiyala. wena ratawala guruwaruntath pahala medical officersla. ema ratawala Dr. kiyanne PHD ethi ayata pamanai…. ape salliwalin ugath mun padayak giyath STRIKE. hena gahanna oone.munta siyaluma waraprasad illanawa, den beheth nowe aanduperalanna desapalanaya karanna patan aran
    padi kapapalla.
    JANATHAWANI MUNG GEWAL WATA KARA EDAGENA ROHAL WETHA GEAWAREW

  • 0
    0

    අද දේසපාලන භේදයකින් තොරව පොදුවේ දැවෙන ප්‍රශ්ණය සය්ටමේ නෙවෙය්, දොස්තර වර්ජනයත් නෙවෙය් රටේ අාර්තිකයය්: රාජපක්ෂ පාලනයෙ වසර නවයටම ඩොලරයට සාපේක්ෂව රැපියල අවපාත උනේ රු.29ය්. යහපාලන වසර දෙකට රුපියල රු.24/-කින් අවපාත උනා. 2004දි GDPයට සාපේක්ෂව චන්ද්‍රිකා රනිල් පාලන සමයෙ 101% ට නැග්ග රටේ ණය බර 2015 වෙන කොට මහින්ද 70% ට අඩු කොලා. යහපාලනය එම ණය බර වසර දෙක්ක තුල 80%ට වැඩි කොලා. 2014 දි රු.මි.1,650 ක් වෙච්ච විදේස අායෝජන 2016 දී රු.මි.450ට අඩු උනා. 2015 වෙනකොට 1%ක් වෙච්ච උද්ධමනය 2017 වෙනකොට 8% කට නැග්ගා. අපනයනත් රාජපක්ෂ කාලෙට වඩා මේ වසර දෙක තුල අඩු වෙලා.

    අද හැම දේකම මිල වැඩි වෙලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුය්. ඉතින් බිම් බෝම්ඹ නැති වෙලා, ගමේ ගොඩේ මං මාවත් හැදිල ඉදිරියට ගිය රට අද කඩා වැටී ගන යන බව නම් බන්ඩය්යලටත් තේරිලා. අැය් එහෙම උනේ, කවුද වග කියන්න ඔිනැ?

    යහපාලනය බලය ගත්ත ගමන් සහන මල්ලක් දුන්නා රජයේ සේවකයන්ට දෙන්න බැරි රු.10,000/-ක පඩි වැඩි කොලා. බැඳුන්කර කියල බැංකු මගඩියක් කොරල බිලියන ගනනක් හොරා කෑව. පෝට් සිටිය වහල ධනවත් චීනය අප්සෙට් කොලා. රනිල්/සිරාගෙ තකතිරැ වැඩ දැක්ක විදේස අායෝජකයො තමන්ගෙ සල්ලි අරන් යන්න ගියා.
    බලා ඉන්දැද්දි මහ බැංකුව හිස් උනා.

    ඉතින් වැරැද්ද මහින්ද ගත්ත ණය කියල රනිල්/සිරා tv එකේ අැඩ් දමල හංස නඩෙය් හංසයට කඩේ ගිය උනුය් අැමති කටු සූප්පු කරන ශ්‍රිලංකා උනුය් මහින්දට දෙස් දෙවොල් තිබ්බට වැඩක් නැහැ. මොකද මහින්ද වසර නවයක් තුල යුද්දෙ ඉවර කොරල රටේ දේපොල විකුනන්නෙ නැතුව කලින් රජයන් ගත්ත ණයත් ගෙවල දිගින් දිගටම රටත් සංවර්ධනය කලා කියල බන්ඩය්යලට විතරක් නෙවෙය් සිදාදියෙ සිල්වාලටත් පෙරේරලටත් අද වෙනකොට මතක් වෙන බව රටේ තොටේ කතා වලින් පැහැදිලිය්.

    • 0
      0

      සැ.යු: “2014 දි රු.මි.1,650 ක් වෙච්ච විදේස අායෝජන 2016 දී රු.මි.450ට අඩු උනා.” හි ‘රු.මි.’ යන්න අැ.$ මි. ලෙස වෙනස් විය යුතුය්.

  • 0
    0

    Though the PM has lot of experiences , he makes them for deals with MR & Co. Ultimately he will be a another failure this time also, and this will be his last chance.

  • 0
    0

    මමත් මේ සංගමයේ ක්‍රියාකාරියෙකුව සිට ඇත.එහෙත් පටු දෙශපාලන අරමුනු කරා තම සාමාජිකත්වය යොමු කරන මෙවන් GMOA නායකත්වයක් මම කිසිදා දැක නැත.මොවුන්ගේ සෑම ක්‍රියාවක්ම රාජ්‍ය විරෝධී පදනමක් මත බව ටිකක් සිතා බලන විට පෙනේ.අර ඉන්දියන් ඇම්බියුලන්ස් ප්‍රශ්නයේදි මොවුන් ජනතා විරෝධී ලෙස බොරැ වපුරමින් කල මගඩි අමතක නැත.මොවුන්ට කුමන හේතුවක් නිසා හෝ රජය පෙරලා දැමීමට අවශ්‍යව ඇත.මොවුන් ගේ අමන තක්කඩි කම් එලි දැක්වීමට බයෙන් හෝ නැතිවු වරප්‍රසාද යලි ලබා ගැනීමට කරන කූට වෑයමකි මෙය.SAITM ප්‍රශ්නය මෙම මේ සඳහා මොවුන් ඉත්තෙක් ලෙස පාව්ච්චි කරන ආකාරය නින්දිතයි.

  • 3
    0

    Sri Lanka is a poor Country..that is the truth..

    The what we see is an illusion and in that illusory state of mind we do not see that there is 80% of our population do not have access to basic human needs…

    just one example ; during the recent drought most of the wells in the country ran dry…but Colombo the 20% had an uninterrupted supply of water. Why is that..? Because of a proper supply of clean water..

    Colombo consists of 20% of our population and none had to go begging for water..besides the people in Colombo / suburbs do not suffer from CKD..however do understand that those purification plants have been built on huge borrowings that the entire Population pay…?

    Similarly SAITM has been constructed with loans by Bank of Ceylon ..approx LKR 1.5bn has been granted.. same way IF foreign unis are established they need to be granted huge tax concessions and those who could afford such unis are the 20% …but burden of loans is passed on to the entire population…why should 80% contribute to a facility that benefits only 20% ..? what about the inflation as a result..?

    The agitation of the GMOA/SLMC / Student unions are based on this and justifiable ..the responsibility of resolving this lies with the Govt.. But instead the govt pit the doctors against the poor patients..in actual fact it is the Govt inability that makes the poor people suffer….

    The docs strike affect mostly on those 80% Who cannot afford private hospitals.

    do you understand the problem..? students of the 80% who cannot afford will be left out..what do you expect them to do..?

    As such Sri Lanka cannot afford the Private Unis of any Field at present.. besides who demand or protest for the establishment of same..? It is the Govt that want not for the love of the students but due to the drain of Exchange..

    The GMOA /SLMC action in this situation is absolutely right.

    • 0
      1

      Lion, ඔබලය් GMOAය් අන්තරෙය් කියන්නෙ සයිටමේ රජයට ගන්න නැත්නම් වහන්න කියන එකනෙ. ඔබල කියන විදිහට සයිටමේ රජයට පවර ගත්තම ලංකාව පොහොසත් වෙනවද? 20%ක් වතුර නැති දුප්පත් අයට වතුර දිය හැකි වෙනවද?

      කොම්පැනි (ජාත්‍යන්තර විශ්ව විද්‍යාල) ලංකාවට නාවොත් රජයට ලාබයක් වෙනනවද දුප්පතුන්ට සහන ලැබෙනවද? අැත්ත, බදු සහන සහ ණය නොදුන්නොත් කොම්පැනි ලංකාවට එන්නෙ නැහැ. රටට පාඩු වෙනව නම් අැය් මැලේසියාවෙ පුද්ගලික මෙඩිකල් කොලෙජ් දහයක් සහ උසස් ජාතියන්තර පාසල් ගනනාවක්ම තියෙන්නෙ.

      සියලුම බැංකු ජාත්‍යන්තරයෙන් පොලිියට ණය ගන්නවා. ඉතින් ලංකා බැංකුව සයිටමේට පොලි නැතිව ණය දෙන්න බැහැ. නමුත් සයිටමේ විතරක් නෙවෙය් ලංකාවෙ බිස්නස් කොරන හැම කොම්පැනියක්ම හැම ජාතියන්තර පාසලක්ම රජයට 15%ක් VAT ගෙවනවා. ලංකා බැකුව නොමිලේ වතුර පෙරනවල් බෙදුවොත් ඔබ එහි මුදල් තැන්පත් කොරනවද? ඒනිසා කුහක කමට බයිල කියවන්න එපා.

      අධ්‍යාපනයට වියදම් කොරන්න හැකි සල්ලි තියන පවුල් අද ලංකාවෙ සෑහෙන්න සිටින බව අද තිබෙන ඉන්ටනැෂනල් පාසල් ප්‍රමානයෙන්ම පෙනෙනවා. හොරණත් එකක් තියනවා. ලකුනු කිහිපයක් අඩු නිසා ‘නොමිලේ’ මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච දරැවන්ගෙ අම්මලා තාත්තල තමන්ගෙ ඉඩමක් කඩමක් විකුනල හරි දරැව රට යවල දොස්තර කරනවා.

      ඉතින් රටේ විනිමය නාස්ති කොරල රට ගිහින් දොස්තර වෙනවට වැඩිය ලංකාවෙ සය්ටම් එකේ ඉගන ගෙන දොස්තර වෙන එක වැරදි වෙන්නෙ කොහොමද? අැතුල්වීම, කරකියුලම්, අාචාරි මහාචාරි වරැන්ගෙ අවම ප්‍රමිතියක් තියනව නම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයක (සයිටමේ) අැති වැරැද්ද මොකක්ද?

      GMOAය් අන්තරේය් මේ දඟලන්නෙ තනිකරම ජෙප්පො බෝ කල ඊර්ෂියාවෙන් සහ කුහකකමෙන් භරිත වෙලය්.

  • 0
    0

    කිසිම හේතුවක් නිසා වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරයි නම් ඔවුන් වෛද්‍යවරුන් නොවේ.

  • 0
    0

    Only way to controlling those bastards is to use a bicycle chain gang, like in 80’s

  • 0
    0

    selfish rascals. no hearts. please dont allow govt medical officers to do private pracices( they ARE NOT docors No PHD)

    Teachers

    dont teach their children

    police –arrest and fine them for all mistakes
    people hit with poles your money made them M.Os

  • 0
    0

    g.m.o.a members and their suppoters are scared of saitm doctors for obvious reasons.if gmoa would agree to anything less than complete abolishment of saitm sun will rise from west next day.

  • 0
    0

    UNP Ranil W..was an e-Accountability of killed 80,000 to 90,000 youth and Students in during UNP-rule in 1988/89/90.

    He is NOT man of an innocent.

    The Man of his politics of UNP responsible of those killing including Battlandaa massacre.

    Lost of One generation is Crime of Genocides of Sinhalese youth by politics of UNP’s “good governances”? And “rule of Law”

    People should not forget past of Ranil Wicks ….UNP’s.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.