Colombo Telegraph

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්‍තියක අවැසිකම

උදය ආර්. තෙන්නකෝන් –

උදය ආර්. තෙන්නකෝන්

දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධ යි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම් කරමින් සිටී. ජාතිවාදය හා අවස්ථාවදය ද, බලය හා මුග්ධත්වය ද යන ගැටලූවන් පිරි ඇති නූල් බෝලය නැමැති ලංකා සමාජය ගැට ගැසී ඇති ස්වභාවය හා එම ගැට ලෙහා දැමීමට ගන්නා ක්රි යා මාර්ග වෙනුවට, ඉවසිල්වන්ත කමක් හා ගැට ලෙහීම සඳහා ක්ර මවේදයක් නැති තැන කරනු ලබන සරල දෙය වන, ගැට තවත් තද කිරීම කරමින් සිටී.යුද්ධය නැමැති ගැටයට වැඩිම කාලයක් හිරව ඒ හේතුවෙන් ඇති වූ තවත් ගැට රාශියක අඩංගුව බවට මෙකී නූල් බෝලය පත්ව ඇත. ලෙහා දැමීමට හැකි ගැට පවා ලෙහා දමන බව පෙන්වමින් කරනු ලබන්නේ, එම ගැට තව තවත් තද කරමින් සිටීමය. එනම් ගැටලූ යටපත් කිරීමය. මර්ධනය කිරීමය. අවසානයේ දී ඒවා කපා දැමීමය. නැතිනම් විනාශ කිරීමය. කපා දැමීම සිදුවන්නේ කිසිවක්ම කරකියාගත නොහැකි වූ විටකය.
දැන් කල්පනා කළ යුත්තේ සැබැවින්ම අප පසුකරමින් සිටින්නේ එම අවධියේ ද යන්න ය. එම කල්පනාවට උත්තරය නම් ඔව් යන්න ය. ලෙහන්නට බැරි, ලෙහන්නට උවමනාවක් නැති, එය සමඟ සෙල්ලම් කරන රාජපක්ෂ ඔබරය වැල්ලේ කැරකෙන්නේය. නොයෙක් ආකාරයේ මැජික් සංදර්ශන වලින් ආකර්ශනය ලබා ගැනීමට විශේෂ හැකියාවක් ඔහු සතුව පවතී. හිරි වැටුණු සමාජය එදිනෙදා අරගලයට එක්ව ජීවිතයේ ශිකරය තරණය කරද්දී, ඔවුන්ව සතුටු කිරීමට පහසුම මැජික් සංදර්ශනය වන ජාතිවාදය අලූත් ආකාරයකින් කරලියට ගෙනවිත් ඇත. සුළු ජාතීන් දෙකක් දෙපස තබා ගෙන සිංහල මහ ජාතිවාදය විසින් ඔවුන්ව පාලනය කිරීම හා එහි ප්රතිවිරෝධයන් තම පැවැත්මේ අනාගත ආශිර්වාදය කරගැනීමට රාජපක්ෂ පවුල් පාලනය සිය උපාය මාර්ගය කර ගන්නේ නම්, ඔහුගේ පමණක් නොව මුළු මහත් සමාජයේ ඛේදවාචකය අලූත් වටයකින් ආරම්භ වීම නො වැලැක් විය හැකි වනු ඇත.

නිදහසින් පසු ලංකාව සරළ සමාජ වර්ගීකරණයකට ලක් කළ හොත් විවිධ විෂයයන් හා කාලවලට අනුව බෙදා වෙන්කර එකට මුසු කර විග්රහ කළ හැකි අතර එම වර්ග කිරීම් බෙදීම් හා න්‍යාය ගත කිරීම සියල්ල එකට මුසු වූ එකම තැනක් බවට පත්ව ඇති යුගය ලෙස රාජපක්ෂ පාලන කාලය වන මෙම විනාශයේ අරම්භක යුගය ලෙස සැකිය හැකිය. මතුපිටින් දකින ආගන්තුකයෙකුට හෝ ඉතාලියේ සිට මැදපෙරදිග සිට නිවාඩුවක් ලබා මව්බිමට පැමිණෙන සිංහ කොඩිය අතට ගත් සිංහල බෞද්ධයෙකුට ද යුදධයේ පිහිටෙන් සරණාගතව යුරෝපා රටක පුරවැසිකම ගත්ත හා පවතින වාස්තවික තත්ත්වයන්ට අනුව ආරක්ෂාකාරී දේශපාලනයට අනුගත වූ දමිළ සංචාරකයන්ට නම් ලංකාව දියුණුව කරා යන සේද මාවතකි. එසේම වංචාවෙන් ¥ෂණයෙන්, දේශපාලනික පිහිටෙන් කූඨ ව්‍යාපාර, කුඩු ජාවාරම්කරුවන්ට නම් ආශ්චර්යයක් වී ඇත. එහෙත් රටක්, සමාජයක්, සංස්කෘතියක් කියා කියනු ලබන්නේ එයට නම් ලංකාව දියුණව කරා ගමන් කරන අඩු ආයුෂ සහිත රටකි. එහෙත් ඊට වඩා වෙනස්ව බුද්ධිමත්ව සන්සුන් සිතින් රටක් ලෙස සමාජයක් ලෙස මනුෂ්‍යයින් ලෙස කල්පනා කරන්නන්ට අවශ්‍ය නම්, මෙම ගෙවී යන නිමේෂය පිළිබඳව ඇති වන්නේ තැති ගැන්මකි.බියකි. දුක මුසු වූ තරහකි. අපේක්ෂා භංගත්වයකි. චලිතයේ ස්වභාවය අනුව මොනයම් ආකාර හෝ යහපතකට නැමීයාවක් දක්වන ස්වභාවයක සලකුණක් නැත. මෙම තත්ත්වය යහපත උදෙසා හැරවීමේ ක්රමවේදයක් ද නැත. තිබෙන ක්රමවේද ප්රමාණවත් නොවන අතර එය මාරාන්තික රෝගයක් ඇති ලෙඩෙකුට දෙන පැනඩෝල් පෙත්තක් වැනි ය. එම නිසා දැන් උදා වී ඇත්තේ හදිසි අවස්ථාවකි.

හදිසි අවස්ථාව හඳුනා ගැනීම

සිදු වෙමින් යන විනාශය විසින් අනාගතයේ සිදුවීමට නියමිත විනාශය හඳුනා ගැනිම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. බහුතර සමාජය විනාශයේ සහභාගී කොටස් කරුවන් වීම තුල මෙහි ඇති අනතුරේ ප්රමාණය දැනෙන්නේ නැත. සමාජ විනාශය සඳහා සහභාගිත්වයෙන් මෙපිටට විත් ඊට විරෝධය දක්වන්නාගේ ආස්ථානයට ගොනු කිරිම හදිසි අවස්ථාව සඳහා ඇති දේශපාලනික ක්රියා මාර්ගය වනු ඇත. එහෙත් දිනෙන් දින දකින්නට ලැබෙන සිදුවීම් මඟින් ගම්‍ය කරන යථාර්ථය වන්නේ විරුද්ධාභාෂය ය.
එලියෙන් හා කාර්කික ඥාණයකින් බැලීමේ දී ලංකා සමාජ දයලෙක්තිකය ඉතා කැමැත්තෙන් තෝරා ගෙන ඇත්තේ විනාශයම ය. මෑත ඉතිහාසයේ අත්දැකීම්වලට අනුව අප හැම සියලූ දෙනාට සමාජයක් ලෙස මිනිසුන් ලෙස ජීවත් විමට ඉගෙන ගත හැකි පාඩම් ඉතිහාසය විසින් ඇති තරම් කියා දි තිබුණ ද නැවතත් එවැන්නකටම අත වැනීමේ සංඥාවක් ලෙස බොදු බල සේනා නම් අන්තවාදී කණ්ඩායම් මතු වීම හා ඊට රාජ්්‍ය අනුමැතිය හා නිහඬතාවය විසින් සාධාරණීයකරණය කර ඇත. නීතියක් යුක්තියක් ධර්මයක් නැති සමාජයක බිහිවනු ඇත්තේ ම්ලේච්ඡුයන් පිරිසකි. එය දිනෙන් දින පෙන්නුම් කිරීම මුළු මහත් සමාජ දේහය පුරාම පැතිර ඇත. හිංසනය ජාති මාමක වීර ක්රියාවක් බවට පත් කරමින් සාධාරණිය කරණය කිරීම රාජ්‍ය අනුග්රහය ලැබීමේ භයානක ප්රවණතාව පැපිලියාන සිද්ධියේ දී සිහිගන්වනු ඇත්තේ 83 ජූලි කෝලහාලය ය. බෞද්ධ සංඝයාවහන්සේ නමක් ගල්වලින් අදාල ගොඩනැගිල්ල විනාශ කරද්දී, පොලිස් ආරක්ෂකයින් බලාගෙන සිටිති. ඇත්තටම සමහර විට පොලිසියට එම අවස්ථාව පාලනය කිරීමට උවමනාවක් තිබුණ ද එසේ කළ නොහැකි වී ඇති අදිසි බලයේ පාලනය සම්මත නීතියෙන් ඔබ්බට ගොස් ඇති බව කදිමට පෙන්වන අතරම, එයින් ගම්‍ය කරන නපුර මොන තරම් විශාල විය හැකි දැයි අද ගණන් බැලීම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. ඒ අනුව හදිසි අවස්ථාවක දී ක්රියා කිරීම, සාමාන්‍ය අවස්ථාවක දී ක්රියා කරන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස්ය. ගෙයක් ගින්නකට හසුව ඇති විටක, මුලින්ම කළ යුත්තේ ගිනි නිවා දැමීමට ක්රියා කිරීමය. එවැනි අවස්ථාවක් වනාහි කොන්දේසි විරහිත තත්ත්වයකි. වාද බේදකම්, දර්ශන මතවාද පසෙක ලා අනතුරින් ගෙදර ගලවා ගැනීම ය. මේ මොහොත තවත් ගින්නක් ඇවිලිමට පටන් ගන්නට සැරසෙන වෙලාවකි. දේශපාලනයේ දී මෙම තත්ත්වය කෙසේ වැදගත් වේද, කෙසේ ක්රියා කළ යුතුද යන්න විවාධ සම්පන්න කාරණයක් වුවත් විනාශයේ හදිසි අවස්ථාව දැන් සමාජීය වගකීම අභ්‍යුන්තරික වශයෙන් ලාංකීය දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වී ඇත. එනම් ආරාක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම( Responsibility to Protect ) යන මානව වාදී සංකල්පය පිළිබඳව දේශීය දේශපාලනය තුල සිතා බැලීමය.

සාමාන්‍ය ලෙස මෙම වගකීම පවතින්නේ ගැටලූව පවතින රටෙහි රාජ්‍යයටය. සියලූ ජනයාගේ වගකීමට නෛතිකව බැඳී ඇත්තේ වෙනස්කමකින් තොරව සැලකීමටය. වර්තමාන රජය දෙමළ ජනයාගේ සුවිශේෂී වූ මූලිකම අයිතිවාසිකම් පවා කඩකරමින් පීඩිතයන් බවට ද ඔවුන් තවදුරටත් සවකීය රටවැසියන් ලෙස කල්පනා කරනු වෙනුවට යටත් වැසියන් කර ඇති අවස්ථාවක් එක් පසකින් නිර්මාණය කර තිබෙන අතර අනෙක් පසින් එම ලබ්බට තැබූ අතම පුහුලට තැබීමේ අවස්ථාව මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරමින් සිටී. ඒ සඳහා රාජ්‍ය අනුග්රහය ලැබෙන හා ආරක්ෂාව සැලසෙන බව සාක්ෂි සහිත රහසකි. මෙකී රාජ්‍ය ආරක්ෂාව සරල බවේ සිට සංකීර්ණත්වය දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය ඓතිහාසික සාධක ද සිය පැවැත්ම පදනම්කර ගෙන ජාතියේ ආරක්ෂාව බවට විතැන් කිරීම නැවත වටයකින් කළ හැකිය. ඒ සඳහා වන නියම මෙවලම අන්කිසිවක් නොව සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයම ය. ලෝකෝත්තර දර්ශනයක් ලෙස බිහිව ව්‍යාප්ත වූ බුදු දහම, ලාංකීය සංදර්භයේ දී රාජ්‍ය සමඟ මිශ්රව ලෞකික ආයතනයක් වීමෙන් හා ආගම හා රාජ්‍ය අනතර් පැවැත්මක් ඇති කරගැනීමේ ඓතිහාසික සංදර්භයේ දී ඇති වූ දෘෂ්ටිවාදය එහි ප්රකාශනය වන්නේය. ආගම බුදු දහම වන විට රාජ්‍ය සිංහල වීම තුලින් උපන් සිංහල බෞද්ධ මතවාදය රාජ්‍යයේ මතවාදය බවට පත්වීම යනු ෆැසිස්ට් තත්ත්වයකි. පාලකයා හා රාජ්‍ය ෆැසිස්ට් වීම හා මහ ජාතියේ දෘෂ්ටිවාදය ෆැසිස්ට් වීමෙන් ඇතිව ඇති ප්රතිථලය වන්නේ මහ සමාජය ද ෆැසිස්ට් වීම ය.

ෆැසිස්ට්වාදයේ නැඟීම

එම නිසා ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම යන ප්රවාදය රාජපක්ෂ පවුල් රාජ්‍යයට වලංගු වන්නේ නැත. එබැවින් මෙම අවස්ථාව හඳුනා ගැනීම පවුල් රාජ්‍යය හැරුණු විට සෙසු දේශපාලන බලවේගවල වගකීමේ කොටසකි. රාජ්‍යයක්, පාලකයෙක්, පාලක පවුලක් හා සමාජයක් මහ ජාතියේ ෆැසිස්ට් හිස්ටීරියාවෙන් පෙළෙමින් සිටින අවස්ථාවක දී, දේශපාලනය කිරීම යනු තමන් සිතා සිටින පරමාදර්ශිය, අනාගත අපේක්ෂණයන් සහිත ව්‍යාපෘතිය නොවනු ඇත. එසේම එයට අවස්ථාව ද නො සලස්වනු ඇත.
එල්ටීටීය විනාශ කිරීමෙන් පසුව උතුරේ දේශපාලනය කිරීමට සැලසුම් කළා නම්, එම ෆැසිස්ට් සැලසුමේ ප්රතිපලයේ යථාර්ථය දැන් තේරුම් ගත හැකි ය. අනෙක් අතට බොදු බල සේනා වැනි අන්තවාදී ක්රියාවන් තුලින් ඇති කරනු ලබන විනාශයේ අප්රසාදයෙන් අඩපණ වන ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමට න්‍යාය සැකසෙන දේශපාලනය ද, පාලකයන් මාරු වීමෙන් හෝ ආණ්ඩු මාරු වීමෙන් තමන්ට බලයක් ලාබා ගත නො හැකි බැවින් විනාශයෙන් පසුව ඇතිවන අලූත් තත්ත්වය තමන්ට අවකාශය උදාකර දේ යන න්‍යායෙන් න්‍යායය සැලසුම් කරන දේශපාලනය ද, එක් සුළු ජාතියකට විනාශය සිදු වෙද්දී අනෙක් සුලූ ජාතිය මහා ජාතියේ හිංසනයට සයෝගය දීම යන විනිච්ඡුයෙන් ”දැන් උඹලගෙ වාරය” යන නිහඬ සතුටු සිතිවිල්ලේ ඇති දමිළ දේශපාලනය ද, මේ සියල්ල තුල විදේශ මැදිහත් වීමකින් වෙනසකට බලාපොරොත්තු තබන දේශපාලනය ද යන මෙකී නොකී න්‍යායපත්රවලින් වර්තමානයත් අනාගතයත් නිශ්චය කරනු ඇත. එහෙත් එයට ඉඩක් ලැබේද, අවකාශයක් ඇති වේද යන්න මෙම හදිසි අවස්ථාවම තීරණය කරනු ඇත.

පාලක පංතීන් මෙන්ම සෙසු බලවේගයන් ද අධිනිෂ්චය වන්නා වූ ප්රධාන සමාජ දයලෙක්තිකය තම උපාය මාර්ගය බවට පමණක් පත්කර ගනිමින් දේශපාලනය තේරීම යනු තම අරමුණට ලඟාවිම නොව තමන් ඇතුලූ සමාජයම විනාශයකට ගමන් කිරීමකි. මන්ද රට ඇත්තේ ෆැසිස් තත්ත්වයකය. මෙය තේරුම් ගැනීමට ෆැසිස්ට්වාදය යන්න පිළිබඳව ද තේරුම් ගැනීම වැදගත් වනු ඇත. මෙම යෙදුම මුලින්ම භාවිත කරනු ලැබුවේ ඒකාධිපති දක්ෂිණාංශික ජාතිවාදී පාලන ක්රැුමයන් වූ ඉතාලියේ මුසොලෝනි ( 1922-43*, නාසි ජර්මානු පාලන කාලයේ දී වූ අතර ස්පාඥ්ඤයේ ෆ්රැුනන්කෝ ද ෆැසිස්ට්වාදීන් වීය. ෆැසිස්ට්වාදය එක ජාතියක් හෝ ජනවර්ග කණ්ඩායමක් ශ්රෙ ෂ්ඨය යන විශ්වාසයෙන් යුක්ත වීමත්, ප්රයජාතන්ත්රජවාදය හෑල්ලූවට ලක්කිරීමත්, බලසම්පන්න නායකයෙකුට අවනත වියයුතු බවට බලකිරීමක් සහ බලවත් විප්ලවකාරී ප්රෙතව්ශයකට ඇතුලූ වීමේ ප්රරවණතාවය දක්වනු ඇත.

එසේම ජෝර්ජ් ඕවල්ගේ විග්රහයට අනුව, ජාතිවාදය යන්න විශ්වීය ලෙසම සලකනු ලබන්නේ නෛසර්ගිකවම ෆැසිස්ට්වාදී ලෙසය. නමුත් මෙය ජාතික ව්‍යාපාරයන්ට ආදේශ කිරීමේදී ප්රකාශකයා ලෙස පිළිගැනීම නොකරීම තුල පමණක් පවතිනු ලැබේ. අරාබි ජාතිවාදය. පෝලන්ත ජාතිවාදය, ෆින්ලන්ත ජාතිවාදය, ඉන්දියානු කොන්ග්රස් පක්ෂය, මුස්ලිම් ලීගය, යුදෙව්වාදය, සහ අයි. ආර්. ඒ යන සියල්ල විස්තර කරනු ලබන්නේ ෆැසිස්ට්වාදි ලෙස නමුත් එකම ජනතාව ලෙස නොවෙති.

බැලූ බැල්මට අර්ථකථනය කිරීමට හෝ තේරුම් ගැනිමට නොහැකි බවක් ෆැසිස්ට් ක්ර මයක් තුල දක්නට ලැබීම සුවිශේෂත්වයක් ද වන අතර ආර්ථික දියුණුවක් ද පෙන්නුම් කරනු ලැබේ. අනෙක් අතට ෆැසිස්ට් යන සංඥාර්ථයෙන් ජර්මනිය ඉතාලිය මතකයට නැඟුණ ද, ෆැසිස්ට් සමාජයක් නිශ්චිත නිර්වචයකට යටත් කිරීමට ද අසීරු බවට ද නිදසුන් ඇති අතර ලංකාව ද අප හමුවේ ඇති තවත් නිදසුනකි. ඉතාලිය, ජර්මනිය හා ස්පාඥ්ඥය සම්බන්ධයෙන් ට්රොට්ස්කිගේ විග්ර්හයට අනුව පොදු ලක්ෂණයක් වන්නේ සුළු ධනේෂ්වර කොටස් වන නව මධ්‍යම පංතික කොටස්, රාජ්‍ය ආයතන හා පරිපාලන, පුද්ගලික අංශවල කොටස් ඉතා පහසුවෙන් මෙම බහුජන ව්‍යාපාරයන් සඳහා යොමු වීම කැපී පෙනෙන්නකි. එක් අතකින් ධනේශ්වර නිෂ්පාදන ක්රමයේ දී ලාභය හා තරඟය අතර ඇති ගැටුමේ එක් ප්රතිථලයක් යැයි ද බොදුබල සේනා වැනි ෆැසිස්ට් කල්ලි මෙහෙයවන ආකාරයෙන් පෙනී යන්නකි. මුස්ලිම් වෙළෙඳ ආර්ථිකයට බෞද්ධ වෙළෙඳ ආර්ථිකය මහා ජාතියේ උරුමයක් ලෙස කඩා පැනීම මුස්ලිම් විරෝධයේ එක් වැදගත් ලක්ෂණයක් ද වන්නේය.

බුද්ධිමතුන්ගේ නායකත්වය

මෙම භයානක තත්ත්වය තව තවත් වර්ධනය විමට ඇති ප්රවණතාත්මක වර්ධනයන්ට රාජ්‍ය අනුග්රහය ලැබීමේ ද, සම්ස්ථයක් ලෙස පවතින පාලන ක්රමයේ විනාශකාරීත්වය හේතුවෙන් ද විය නොහැකි බලකිරීමකට පවත්නා දේශපාලනයන්ට එක් විය යුතු යැයි යෝජනා කළ යුතු වුවද පවත්නා දේශපාලනික සතුරුභාවයන් හේතුවෙන් එක්වීම යන්න අති මහත් දුෂ්කර තත්තවයක් වුවද, තම තමන්ගේ න්‍යාය පත්රයන්ගෙන් වියුක්තව පොදු නපුර පැරදවීමට අවශ්‍ය ක්රමවේදයකට සූදානම් විම ප්ර්ගතිශීලින්ගේ කාර්යභාරයක් ද වන අතර මෙතෙක් සමාජයේ නිහඬව සිටින බුද්ධිමතුන්ගේ පුනරුදයකට කාලයක් ද වනු ඇත. පුද්ගලයා පිළිබඳ ඇති විශ්වාසය බිඳිම හා පලූදුවිම තුල දැන් කළ යුතුව ඇත්තේ රටෙහි යහ පැවැත්ම උදෙසා යාන්ත්රයණයක් සැකසීම හා එය ජයග්රහණය කරවීමට අවමයේ සිට උපරිමය දක්වා කැප කිරීමය. ඒකාධිපතිවාදයෙන්, ෆැසිසිට්වාදයෙන්, පවුල්වාදයෙන් යුක්ත විනාශයෙන් රට බේරා ගැනීමට සාමුහිකත්වයෙන් තොරව ජයග්රහණයක් නොමැත. එසේම දාර්ශනිකයන් පාලකයන් වන තුරු හෝ ලෝකයේ පාලකයන්ට හා කුමාරවරුන්ට දර්ශනයේ බලය හා ආත්මය තිබෙන තුරු, සෙසු ලෝකය පාපයෙන් තුරන් නොවනු ඇත. ප්ලේටෝ නම් දාර්ෂනිකයාගේ මෙම අදහසේ යථාර්ථය ලංකාවට අතිශය වලංගුවක්ව ඇත. ඥාණවන්තයින්ගේ, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ හා දාර්ශනිකයන්ගේ සේවාව අවශ්‍ය කරන හදිසි අවස්ථාවකි.

Udaya R. Tennakoon

Back to Home page