Colombo Telegraph

තියුණු අසිපත මොටවීද?

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

තමිලිනි දැන් මිය ගොසින්ය. ඇය මිය ගියේ ඉතිහාසයට යමක් එකතු කොට තබමිනි. එය සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක නායිකාවකගේ චරිතය රඟ​ දැක්වීම පමණක් නොව එම සන්නද්ධ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇයගේ විග‍්‍රහයක්ද සමාජයට ඉතිරි කරමිනි.

දෙමළ ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙතෙක් ලියැවී ඇති දේශපාලන සාහිත්‍යයට අමතරව ‘‘තියුණු අසිපතක සෙවන යට’’ ඇගේ චරිතාපදානයද යම් දිනෙක එක්වන්නේය.

‘‘තියුණු අසිපතක සෙවන යට’’ කුමන ආකාරයක විවරණයක්ද යන කාරණය පැහැදිලි කර ගැනිමේ අවශ්‍යතාවයක් තිබේ. එම අවශ්‍යතාවයට හේතු පාදක වන්නේ වසර තිහක කාලයක් උතුරෙහි වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුනු එල්ටිටීඊ සංවිධානයේ හිටපු දේශපාලන නායිකාව සහ යුද්ධයෙන් පසු රජයේ හමුදාවට යටත්වූ එල්ටිටීඊයේ ඉහලම දේශපාලන නායකත්වය විසින් අවුරුදු තිහක යුද්ධයේදී, එල්ටිටීඊයෙහි ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරිමක් මෙම පොතෙන් සිදු කර ඇති බැවිනි.

තමිලිනි තම ජිවිත කථාව ලියන්නේ මහරගම පිළිකා රෝහලේ සිටය. එසේ ලියන අවස්ථාවේදී ඇය පුනරුත්තාපනය විමෙන් නිදහස් හා සංවර ගැහැණියක් බවට පත් වී ඇති බවට රඡයෙන් සහතිකයක් ලබා දී ඇත්තේය. එල්ටිටීඊය සහ දෙමළ ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇයගේ හෙලිදරව්ව ඉදිරිපත් වන්නේ මෙවන් පසු බිමකයි.

එල්ටිටීඊය වසර තිහක් රජයේ හමුදාව සමඟ​ යුද්ධයක් කලේය. එම කාලය පුරාවට එල්ටිටීඊය විසින් උතුරෙහි සැහෙන ප‍්‍රදේශයක් තමන්ගේ පුර්ණ පාලනයට යටත් කොට තමන්ගේ පරිපාලනයක් සිදු කිරිමට සමත් වුයේය. රජයක නිලහමුදාවක් නොවන සංවිධානයකට අවුරුදු තිහක කාලයක් යුද්ධයක් කිරිම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර ඒ සඳහා ඉතා බලගතු සටන් පාඨයන් අවශ්‍ය වේ. එවැනි යුද්ධයක් වටා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාව මේතරම් කාලයක් රඳවා තබා ගැනිමට එම සටන් පාඨයන් ජනතාවට සමීප සහ බලගතු සටන් පාඨයන් විය යුතුය. එල්ටිටීඊය යන සාධකයෙන් ඔබ්බට ගිය උතුරේ ජනතාවගේ හෘදස්පන්දනය සමඟ​ සමපාත වන්නාවූ සටන් පාඨ විය යුත්තේය.

‘මෙම පොත ගැන මට වෙනත් කියවීමක් ඇත. කතව අවසන් වන්නේ අප කුඩාකල කියවූ මඩොල් දූව , හොල්මන් දූපත වැනි ළමා නවකතා අවසන් කර ඇති රටාවටය. අවුරුදු ආයුධ අතට ගෙන සටන් කළ පිරිසක් අම්මලා තාත්තලාගේ තරවටු සමඟ​ නන්දිකඩාල් කළපුව තරණය කල හමුදා රැුකවරණයට යති. පසුව ඔවුහු එකිනෙකා වෙන්ව යති.

එල්ටිටීඊය යන සාධකය සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරිත්වය මොහොතකට පැත්තකට දමා කතා කළද තමිලිනි කියන ආකාරයේ සරලභාවයක් දෙමළ ජාතිකත්වය සහ ඒ හා බැදුණු අනෙක් ප‍්‍රශ්නවලට තිබුණේද? මා හිතන්නේ එම ප‍්‍රශ්න තමලිනිගේ විග‍්‍රහයෙන් ඔබ්බට ගිය සංකිර්ණ ප‍්‍රශ්න ලෙසයි. තමිලිනි කිසිදු ආකාරයකට එම ප‍්‍රශ්න (තවමත් එකඟතාවක් ඇති කර ගත නොහැකි වී ඇති) සම්බන්ධයෙන් ඇයගේ සන්නද්ධ ව්‍යාපාරයේ දේශපාලන මතවාදය හෝ සැබැවින්ම යාපනයේ සමාඡුය තුල පැවැති අදහස කියන්නේ නැත. … මේ සියල්ල සමඟ බලන කල මේ පොතෙන් සිදු වි ඇත්තේ දකුණට ස්වයං වින්දනයක යෙදීමට වස්තු බීජයක් සැපැයීම විණා සැබෑ ගැටළුව ඉදිරිපත් කිරිම නොවේ.’

මේ ලියුම්කරු විසින් ‘‘තියුණු අසිපතක සෙවන යට’’ ගැන මුහුණු පොතෙහි සම්බන්ධයෙන් පල කරන ලද කෙටි සටහනකට කොටසකි. ඊට ප‍්‍රතිචාර කිහිපයක් පලවී තිබුණේය. ඒ බොහෝ ප‍්‍රතිචාර දකුණේ සිංහල බෞද්ධ ජාතිකත්ව මානසිකත්වයේ සිට පලකරනු ලැබූ පුද්ගලික අදහස් වේ. නිදර්ශන වශයෙන් උතුරෙහි ප‍්‍රශ්නය, ඉඩම් ප‍්‍රශ්නයක් සහ භාෂා ප‍්‍රශ්නයක් ලෙසට සමහරෙක් ලඝු කොට තිබුණේය. තවත් සමහරෙකගේ අදහස වී තිබුණේ උතුරේ සහ දකුණේ දේශපාලකයන් විසින් ඔවුන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා උතුරේ ප‍්‍රශ්ණය කෘත‍්‍රිමව නිර්මාණය කරන ලද්දක් බවයි. තවත් අයෙකුගේ අදහස වුයේ උතුරට අනේක විධ සහනයන් සැලසීම මගින් උතුර දිනා ගැනිම දකුණට හැකියාවක් ඇති බවයි.

දෙමලාට දෙමල වීම නිසා ඇති වී ඇති ප‍්‍රශ්නය සමහරෙක් ඉදිරිපත් කර තිබුණත් එයට පෙර සේම ජාතිකවාදි ප‍්‍රතිඋත්තරය ලබා දී තිබුණේය. සමස්තයක් ලෙස සලකා බැලීමේදී උතුරෙහි ප‍්‍රශ්නය ගැන දකුණ තිරණය කර ඇත්තේ එල්ටිටියෙහි ක‍්‍රියාකාරිත්වය පමණක් එකම නිර්ණායකය කොට ගෙනය.

තමිලිනිද දෙමල ජාතිකත්වය සහ එහා හා බැදුනු අනෙක් ප‍්‍රශ්න තම චරිතාපදානයෙහි සාකච්ජා කරන්නේ නැත. එම කාරණා සම්බන්ධයෙන් ඇයගේ සන්නද්ධ ව්‍යාපාරයෙහි දේශපාලන මත වාදය හෝ සැබැවින්ම යාපනයේ සමාජය තුල මේ කාරණා

සම්බන්ධයෙන් පැවැති අදහස හෝ සාකච්ජා කරන්නේද නැත. හුදෙක්ම උතුරෙහි දෙමල අනන්‍යතාවය සම්බන්ධයෙන් ඇති වූ අරගලය සම්බන්ධයෙන් එල්ටිටීඊයේ ක‍්‍රියාකාරිත්වය පමණක් තමිලිනි සිය එකම නිර්ණායකය කොට ගෙන ඇත්තේය.

තමිලිනී කියන්නට උත්සාහ කොට ඇත්තේ එල්ටිටීඊය ද්‍රවිඩ සමාඡයෙහි එකම නියෝජිතයා වශයෙන් හදුන්වා ගනිමින් සහ එසේ කි‍්‍රයාකරමින් ගෙන යන ලද සන්නද්ධ අරගලය මගින් දුවිඩ ජාතියටම විශාල වරදක් සිදු කොට ඇති බවයි. මෙම තර්කය යම්තාක් දුරකට නිවැරදියැයි කිවහැකි නමුත් දුවිඩ අනන්‍යතා අරගලය සහ එල්ටිටීඊ සන්නද්ධ අරගලය ඇය විසින් වෙන් කොට හදුනා ගෙන නැත.

තමලිනි එල්ටිටියෙහි දේශපාලන අංශයෙහි නායිකාවයි. ඇය එල්ටිටීඊයෙහි කාන්තා දේශපාලන අංශයෙහි නායිකාව වශයෙන් පත් වන්නේ දෙමල අනන්‍යතා අරගලයෙහි දේශපාලන මතවාදය සහ දේශපාලන ව්‍යවහාරය දෙමල සමාජය තුල ස්ථාපිත කිරිමට විය යුතුය. එල්ටිටීඊය සංවිධානයක් වශයෙන් මෙසේ සිදු කරන ලද බවට සාක්‍ෂි ඇත්තේය.

කෙසේ වෙතත් ඇයගේ චරිතාපදානයෙහි දක්නට ඇති ප‍්‍රධානතම විවේචනය වන්නේ සිය සන්නද්ධ ක‍්‍රියාකාරිත්වය තුල එල්ටිටීඊය ලබා ගත් පරාජයන් සහ එල්ටිටීඊ සාමාජිකයන් අතිකරගත් කලකිරිම් සහ එපාවීම් තුලින් යාපනයේ ද්‍රවිඩ සමාජය පවා එල්ටිටීඊයෙන් ඈත් වූ බවයි. මෙම රචනයෙහි කිසිදු තැනක උතුරෙහි ගැට`ඵව සන්නද්ධ අරගලයක් දක්වා පරිනාමය වූ දේශපාලනික හෝ සංස්කෘතික සාධකයන් සම්බන්ධයෙන් කිසිදු වචනයකින් හෝ අදහස් දක්වා නැත. එසේම ද්‍රවිඩයා ද්‍රවිඩයෙකු විම නිසාවෙන්ම ඓතිහාසිකව පැවත එන ප‍්‍රශ්නය ඇය කතා නොකරන්නීය. සන්නද්ධ ක‍්‍රියාකාරිත්වය යන සාධකය මත එල්ටිටීඊය පසෙකට තැබුවද යාපනයෙහි සමාජය සහ යාපනයෙහි ප‍්‍රජාතන්‍්‍රවාදි දේශපාලනය විසින් අරගලය කරනු ලබන උතුරෙහි ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඇය කථා කරන්නේ නැත.

ඇය විසින් එල්ටිටීඊ සංවිධානයේ ආරම්භය, පැවැත්ම සහ භාවිතය සන්නද්ධ සටන්කාමි සංවිධානයක් බවට ඉඟි කොට එම සංවිධානයේ විනාශය සමඟ සියල්ල අවසන් වූ බව කියා සිටින්නීය. එල්ටිටීඊ ආසියාවේ මෙතෙක් බිහිවූ අතිභයංකාර සන්නද්ධ සංවිධානය හැටියට හැදින්විය හැක. එසේම ආසියාවෙන් ඔබ්බට ගියද එල්ටිටිඊයෙහි ක‍්‍රියාකාරිත්වය නිසාම එය ජ්‍යාත්‍යන්තරව ප‍්‍රමුඛස්ථානයක තබා තිබිය හැකියි. එසේම ලෝක දේශපාලනය තුළ දැනෙන්නා වූ චලනයන් සිදුකිරිමේ හැකියාවක් සහ සංවිධානය ශක්තියක් සංවිධානයක් ලෙස එල්ටිටීඊය සතුව තිබුණේය. ජාත්‍යන්තරව එල්ටිටීඊයෙහි ක‍්‍රියාකාරිත්වය මෙහෙයවනු ලැබූ සංවිධානයන්, කණ්ඩායම් සහ පුද්ගලයන් හට තිස් අවුරුදු යුද්ධයක් තුල ජාත්‍යන්තරව ශ‍්‍රි ලංකාව යම් අකාරයක පිඩනයකට, අපහසුතාවයකට සහ අපවාදයකට ලක් කර තබා ගැනීමේ හැකියාව තිබුණේය. අප කෙසේ කීවත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනුවේදි රජයක් ලෙෂ අප සිටියේ අවාසි සහගත තැනකය.

ශ‍්‍රි ලාංකිකයන්ට වැඩි වශයෙන් අත් විදිමට සිදුවූයේ එල්ටිටීඊයෙහි සන්නද්ධ ක‍්‍රියාවලිය තුල සිදු වු සාහාසික විනාශයන් වුවද ජාත්‍යන්තරව සහ විශේෂයෙන් දෙමල ප‍්‍රජාව තුල එය දේශපාලන මත වාදයක් තුුල කටයුතු කර ඇති බව පැහැදිලිය. එහෙත් ඇයගේ විවරණයේදී ඇය සන්නද්ධව නැගිසිටිමේ ක‍්‍රියාකාරිත්වයෙන් ඔබ්බට යන කි‍්‍රයකාරිත්වයක් එල්ටිටීඊයට පැවතුනේද යන්න සදහන් කර නැත.

කෙසේ වුවත් මෙම චරිතපදානයෙහි ප‍්‍රධානතම අඩුපාඩුව වශයෙන් දක්නට ඇත්තේ උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පැවැති මතවාදී අරගලය පොත තුලට ගැනිමට ඇය අපොහොසත් වීමයි. උතුරෙහි ගැටළුව සම්බන්ධයෙන් මතවාදී අරගලය ගෙන ගියේ එල්ටිටීඊයම පමණක් නොවෙති. එය දේශපාලන පක්‍ෂ, සිවිල් සාමාජය සහ පුද්ගලයින් ඇතුළු යම් ආකාරයක දේශපාලන පරිචයක් සමඟ ඇති වූ ව්‍යාපාරයකි. උතුරේ ගැටළුව පැහැදිලි ගැඹුරකින් විග‍්‍රහ කල යුතු තත්වයකි, ගැටළුවකි. එය ඇතිවන්නා වූ ඓතිහාසික හේතූන් සහ එල්ටිටීඊය විසින් එයට සන්නද්ධ පැවැත්මක් ආරෝපනය කරනු ලැබීම තුල ඇති වූ විකරණය යනාදී සියල්ල සාකච්ජා කල යුතුව තිබුණේය. අවාසනාවකට මේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් ‘‘තියුණු අසිපතක සෙවන යට’’ දී දේශපාලන නායිකාව වශයෙන් තමිලිනි අදහසක් පල කොට නොමැත.

ඇය විසින් උතුරේ ප‍්‍රශ්නය කුමන හෝ හේතුවක් මත තම චරිතප‍්‍රධානය තුලට ගෙන නොඒමෙන් පාඨකයාට ලබා දෙන පණිවිඩය නම් මතවාදී අරගලයකින් මෙහා සිදුවූ සන්නද්ධ අරගලයක් පමණක් උතුුරෙහි පැවැති බවයි.

සමස්තයක් වශයෙන් බැලූ කල උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මතවාදි තර්කයන්හි ක‍්‍රියාකාරිත්වය ඇය විසින් නිශේදනය කොට ඇත. එවැනි ප‍්‍ර‍්‍රශ්නයක් උතුරේ සමාජයට සැබැවින්ම තිබුණේද යන ප‍්‍රශ්නය ඇයගේ කථාවෙන් දකුණේ සමාජයට ඉදිරිපත් කොට නැත්තේය. මේ බලවත් ඌනතාව හේතුවෙන් අහසේ පාවෙන චරිතාපදානයක් බවට පත් වී ඇති ඇගේ කථාව අදවන විට දකුණේ සිංහල ජාතිකත්වය තවදුරටත් පෝෂණය කිරිමේ උත්තේඡුකයක් බවටද පත්ව ඇත. පොතෙහි දිගහැරෙන විවේචන දකුණේ සිංහල බෞද්ධ ජාතිකත්වය දැනටමත් පිනවිමට සමත්වී ඇති අතර උතුර මෙන්ම දකුණ එකවිට රැුවටීමටද සමත්ව ඇත.

පෙර සඳහන් කලා සේ ඇය අතින් තම ජිවිත කථාව ලියැවෙන්නේ නිදහස් ගැහැනියක ලෙස තමා සටන් කල යුධ පෙරමුණෙහි තමාගේම සතුරු පාර්ශවය විසින් සිදුකරනු ලැබූ පුනරුත්තාපනයකින් පසු ලබා දෙන සහතිකයක් සමඟ කොළඹදීය.

Back to Home page