
පසුගිය දිනෙක සමාජගත කෙරුනු ජාතික ජනතා බලවේගය අද වන විට සටන් පාඨය කරගෙන ඇත්තේ පවතින ක‍්‍රමයට විකල්පය ඔවුන් යන කාරණයයි. ජනතා විමුක්ති පෙරමුණේ 71 සහෝදරත්ව සංසදයල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ විකල්ප කණ්ඩායම, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, වමේ කේන්ද්‍රය අලූත් පරපුර, ජනාවබෝධය ඇතුලූ විවිධ දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ වෙනත් ක්‍රියාකාරින් ගණනාවකින් සැදුම්ලත් ජාතික ජනතා බලවේගය වඩාත් ප්‍රගතිශීලී දර්ශනයකින් යුත් වැඩපිළිවෙලක් ඔවුන් කලඑළි බැසූ දින ජනතාවට එළි දැක්වූයේය.
ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ, වසර හැත්තෑ එකක තට්ටු මාරු දේශපාලනය තුල රැවටීමට ලක්ව ඇති රටෙහි ජනතාව සහ එම රැුවටිලිකාර දේශපාලන පැලැන්තියෙන් ඔවුන් මුදා ගනිමින්, නව දේශපාලන සංස්කෘතියක් තුල ප්රගතිශීලි සහ ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරිමට අඩිතාලමක් දැමීමයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රන ශාලාවේ පැවැති ජාතික ජනතා බලවේගයේ ආරම්භක උත්සවයේදී ඔවුන් විසින් ජනතාව අතට පත්කෙරුනු කෙටි ලියවිල්ලක ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයන් සම්බන්ධයෙන් සටහනක් දක්වා තිබිණි. එම සටහන සාරංශ කොට ගතහොත් එහි දක්වා ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ ලිබරල්වාදී ආර්ථක ප්‍රතිපත්තියක් තුල පසුගිය කාල පරාසය පුරාවට පැවැති ආණ්ඩු විසින් ජනතාව සහ රටෙහි ධනය මංකොල්ල කා ඇති බවයි. එසේම මේ කොල්ලකාරී ධනපති ආර්ථිකය නඩත්තු කර ගෙන යාම ස`දහා වරින්වර බලයට පත් වූ ආණ්ඩුවල කටයුතු කරන්නට, එම දේශපාලන පක්‍ෂවලටම පොදු වූ දේශපාලන පැලැන්තියකින් කටයුතු කරන බවයි.
ඔවුන් චෝදනා කරන්නේ මෙම දේශපාලන පැලැන්තිය විසින් වරින්වර වෙස් මාරු කර ගනිමින් රටෙහි දේශපාලන පක්‍ෂ දෙක තුල ආණ්ඩු කිරිමෙන්ම ඔවුන් කිසිදු ආකාරයකට දේශපාලන මත වාදයක් හෝ රට හෝ ජනතාව න`ගා සිටුවීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බඩගෝස්තරවාදී දේශපාලකයන් පිරිසක් බවයි.
පෙර ස`දහන් කල කෙටි ලියවිල්ලෙහි ස`දහන් වන ප්‍රධාන කාරණාවක් වන්නේ දුර්වල රාජ්‍ය ආරක්‍ෂණය නිසා තම තමන්ගේ ආරක්‍ෂාව පතා විවිධාකාරයෙන් බෙදී සිටින ජනතාව, ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් යටතේ ගොනු කිරිමට සවිමත් රාජ්‍ය ආරක්‍ෂන ක‍්‍රමවේදයක් සාධාරණය සහ සමානාත්මතාවය යන සිද්ධාන්ත මත ඇති කිරිමටයි. ඒ අනුව විවිධාකාර හේතුන් දක්වමින් විවිධ පුද්ගල හෝ ජනකොටස් ඉලක්ක කර ගනිමින්,රාජ්‍ය ආරක්‍ෂාවේ නාමයෙන් නීති ගත කොට ඇති විවිධ අණ පනත් සියල්ල අහෝසි කිරිමට කටයුතු කිරිමද ඔවුන්ගේ එක් ඉලක්කයක් වේ.
මෙකී ලියවිල්ලෙහි තවත් වැදගත් අදහසක් නම් ජනතාව විසින් පත් කරගනු ලබන නියෝජිතයන්ගේ ක්‍රියාකාරීත්වය, ප්‍රශ්න කලහැකි ක්‍රමවේදයක්, ජනතාවට හ`දුන්වා දීම තුලින්, අසාර්ථක ජනතා නියෝජිතයන් නැවත කැ`දවිය හැකි යාන්ත‍්‍රණයක් හ`දුන්වා දීමයි. ඒ අනුව ඒකාධිපති නායකයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අතකොලූ බවට පත්වන ජනතා නියෝජිතයන් තවදුරටත් ජනතා නියෝජිතයන් ලෙස කටයුතු කිරිම වලක්වාලමින් ජනතා බලය ආරක්‍ෂා කිරිමේ වැඩපිළිවෙලක් සකස් කිරිමයි.
නීතිය ක්‍රියාත්මක කිරිම සහ යුක්තිය පසි`දලීමේ ක්‍රියාවලිය සහ අධිකරණය සම්බන්ධයෙන් මෙහි කෙටි සටහනක් තබා ඇත. මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් සහ සමානාත්මතාවය ආරක්‍ෂා කරමින් කටයුතු කරන පද්ධතියක් තුල ස්වාධින අධිකරණයක් ගොඩ නැගීමටත්, නීතිය ක්‍රියාත්මක කිරිමේ දී කිසිදු බේදයකින් තොරව සැමට සමාන ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරිමටත් ඔවුන් කටයුතු කරන බවට ඔවුන් දක්වා ඇත.
මෙහි ඇති තවත් වැදගත් අංගයක් නම් දැනට අභාවයට ගොස් හෝ නොසලකා හැර ඇති දේශීය කර්මාන්ත නැවත න`ගා සිටුවීමේ අවශ්‍යතාවය ගැන සලකා බලා තිබීමයි. ලෝකයේ බෝහෝ දියුණු රටවල සිදුකරන ආකාරයට ලාභ උපයන කර්මාන්තයන්ට වඩා සංස්කෘතික අංගයක් වශයෙන් සලකා මෙවැනි දේශීය කර්මාන්ත න`ගා සිටුවීම සහ ඒ මත ඉදිරි පරපුර වෙතට රටෙහි පැවැති සමප්‍ර දායික කර්මාන්ත රැගෙන යාම මෙහි ඉලක්කය වී ඇත.
රාජ්‍ය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරිම සහ ව්‍යවසායකයා වික්‍ෂිපතභාවයෙන් මුදා ගන්නා නිශ්චිත , විධිමත් බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීමටද මෙම ලියවිල්ලෙහි දක්වා ඇත.
මෙහි ස`දහන් අදහස් අතර නිශ්චිත ආදායම් මාර්ග අහිමි ජේ්‍යෂ්ඨ පුරවැසියන් සහ වෙනත් අනාරක්‍ෂිත පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා සැපයීම මත ඔවුන් අනාරක්‍ෂිතභාවයෙන් මුදා ගැනීමේ අවශ්‍යතාවයද ස`දහන් කොට ඇත. එසේම රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරිමේ වගකිම සහ ලෝක ගෝලීය බල අරගලවල කොටස්කරුවෙකු නොවීමේ අවශ්‍යතාවය මෙන්ම සංස්කෘතික සමාජයක් බිහිකිරිමේ අවශ්‍යතාවයද මෙම ලේඛනයේ දක්වා ඇත.
සමස්ථයක් ලෙස මෙම ලේඛනය බැලිමේදී පෙනී යන ප්‍රධාන කාරණය වන්නේ මෙම ලේඛනයට පදනම් කොට ගෙන ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයත්, ඒසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් ස`දහන්ව ඇති හය වන පරිච්ඡේදයත්ය. මෙරටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්චේදයේ ස`දහන් මෙම මූලධර්මයන් රාජ්‍ය පාලනය සිදු කිරිමේදී ගුරු කොට ගනු ලබන ප්රතිපත්තීන් වශයෙන් සලකනු ලැබ ඇතත්, මෙම මූලධර්මයන් අයිතිවාසිකම් වශයෙන් ව්‍යවස්ථාවේ ස`දහන් කොට නොමැත්තේය.
ඇත්ත වශයෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්තිය ස`දහා වූ මූලධර්මයන් ක‍්‍රියාත්මක කරවා ගැනිමට හැකි්යාව ලබා ගැනීම යන කාරණය, රටෙහි යහපැවැත්ම ඇති කරවා ගැනීමට ඉතා වැදගත් වනු ඇත. මෙම ලියවිල්ලේහි ස`දහන් අදහස් අතර රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙය වීමේ මූලධර්මයන් ක්‍රියාත්මකභාවයට පත් කිරිමට අදහස් කර තිබීම එක්තරා සුවිශේෂීතාවයකි. එක් උදාහරණයක් වශයෙන් වැඩිහිටි ජනගහනය සහ අනාරක්‍ෂිත පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙන එනූ ලබන සාධනීය ප්‍රතිපත්තියන්, රටෙහි එම කොටසට අදාලව ¥ගීබව සහ ආනාරක්‍ෂිතභාවය නැති කිරිමට හේතු වනු ඇත.
එමෙන්ම රට, ජාතිය, ආගම, කුල සහ ප‍්‍රදේශ ආදී වශයෙන් බෙදෙන්නට සහ ඒ බෙදීම් තුල තම අනන්‍යතාවයන් ආරක්‍ෂා කර ගැනීමට, තර`ගකාරීත්වයන් ඇති කර ගැනීමට, හේතුව වන රාජ්‍යයේ ආරක්‍ෂණය ජනතාවට ඉහලින් පැවතීම යන සාධයකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරිම ඉතා වැදගත් කාරණයකි. ශ්‍රී ලංකා අනන්‍යතාවයේ මෙපිට ඇති ජන වර්ග අනන්‍යතාවය, ආගමික අනන්‍යතාවය, කුල අනන්‍යතාවය, ප‍්‍රාදේශිය අනන්‍යතාවය වැනි විවිධ අනන්‍යතාවයන් නිසා බෙදී ඇති සමාජය, පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ගෙන ඒම තුල විවිධ අනන්‍යතාවන් සම`ග ජීවත්වන විවිධ ජන කණ්ඩායම්වල පවතින වෙනස්කම් දුරු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම බලවේගය එලි දැක්වූ දා අදහස් දැක්වූ කථිකයන්ගෙන් හෙලිදරව් වු ප්‍රධාන කාරණය වන්නේ මැතිවරණ දේශපාලනයෙන් ඔබ්බට ගිය රටට ගැලපෙන තිරසාර ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට අරගලය කරන්නා වූ සංවිධානයක් වශයෙන් එය කටයුතු කරන බවය. විශේෂයෙන්ම තට්ටු මාරු පක්‍ෂ දේශපාලනය පවතින රටක නිසි ක‍්‍රම පද්ධතියක් නොපැවතීම මත රාජ්‍ය පරිපාලනය සහ ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදී ඇති වී ඇති අවුල්සහගතභාවය නිසා සමාජ දේහයට සිදු වී ඇති ව්‍යසනය ඉවත් කිරිම ස`දහා ක‍්‍රම පද්ධතිය පැවැත්මෙහි වැදගත්කම එහීදී සාකචඡා විය. එමෙන්ම එවැනි ක්‍රම පද්ධතියක ක්‍රියාකාරීත්වය ඇති කිරිමට සමාජයෙහි සිදු විය යුතු ආකල්පමය වෙනසද සාකචඡාවට භාජනය විය.
මෙම දහ අටට වන ඉරිදා දින ජාතික ජනතා බලවේගය තම පලමු මහජන රැලිය කොළඹ ගාලූමුවදොර පිටියේදී පවත්වනු ලබයි. මෙම රැලිය සුවිශේෂි වන්නේ ඔවුන් ඉලක්ක කර ගත් දේශපාලනයෙහි ප්‍රධාන පියවර වශයෙන් පවතින ක්‍රමය ඉවත් කිරිම ස`දහා තුන්කොන් සටනක කොටස්කරුවෙකු වශයෙන් ඔවුන්ද අපේක්‍ෂයෙකු ඉදිරිපත් කරන බවයි.
පවතින ක‍්‍රමයට දිය හැකි හොඳම විකල්පය ජාතික ජනතා බල වේගය බව ඔවුන් අදහස් කරන අතර ජරාජීර්ණ වී ඇති සහ දූෂිත සමාජය තවදුරටත් මේ ආකාරයට ගියහොත් රටෙහි අද පවතින බුද්ධි ගලනය මෙරට ඉතාම කෙටිකාලයකින් දූෂිත දේශපාලකයන්ගේ තෝතැන්නක් බවට පත් වීමේ අනතුර සහ රටෙහි ජනතාව හුදු ජන්දදායකයන් පමණක් වීමේ අනතුර ගැන අවධාරණය කරන ජාතික ජනතා බලවේගය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයා වටා පෙල ගැසිමෙන් අද රට ගමන් කරනු ලබන මාරාන්තික දිශානතිය වෙනස් කිරිමට ජනතා දායකත්වය ඉල්ලා සිටියි.
අද පවතින දේශපාලන තත්වයන් දෙස අවධානයෙන් සිටින්නේකුට පැහැදිලි වන එක් ප්‍රධාන කාරණයක් ඇත. එනම් එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සංවිධානයන් පසුගිය කාලය පුරාවට පවත්වාගෙන යනු ලැබු රජයන් ජනතා අභිලාෂයන් ඉටුකිරිමට පැහැර හැර ඇති බවයි. එසේම එක්සත් ජාතික පක්‍ෂය සහ ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප්රමුඛව පසුගිය කාලයේ ඇති කර ගනු රජයන්ගේ ක්‍රියාකාරීත්වය සමස්ථයක් වශයෙන් ගත් කල අසාර්ථක වී ඇති බවයි.
පසුගිය දශක හතක කාලයක් පුරා රට පාලනය කරනු ලැබු සියලූ රජයන් විසින් අද ඉතිරි කොට ඇත්්තේ රටේ මිලියන විසි දෙකක ජනගහනය සෑම පුද්ගලයෙකුම රුපියල් පන්ලක්‍ෂ හැත්තෑපන්දහසක මුදලකට විදේශයක ණය කරුවෙකු කොට තැබීම පමණි. ලෝකයේ අප හා සමානව පැවැති සමහර රටවල් අප පසු කොට පියවර දෙක තුන ඉදිරියට ගොස් ඇත. එය භෞතික සංවර්ධනයේ පමණක් නොව ආකල්පමය සංවර්ධනයෙන්ද වේ. එසේ සමහර රටවල් අප පසු කොට යන්නේ අප ඉතාම මන්දගාමී වේගයකින් ගමන් කරන්නේ ඇයිද?, හේතුව කුමක්ද කියා සොයා බැලීම මෙරට ජනතාවගේ වගකීමකි.
දේශපාලන වශයෙන් සමප්රධායන් එල්බගෙන ඇති මත වාදයන් බැහැර කිරිම ස`දහා මේ වන විට කාලය පැමිණි ඇත. පකිස්ථානයේ ප්‍රධාන ප්‍රවාහය දේශපාලන පක්‍ෂ අභිබවමින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා බවට පත්වන්නේ රටේ මිනිසුන් තවත් සමප්රධායික මතවාද පසෙක දමා රටකට ගැලපෙන නායකයෙකුගේ අවශ්‍යතාවය තම පූර්වතා ලැයිස්තුවට ඇතුලත් කර ගත් බැවිනි.
එනිසා මෙරටෙහි පුරවැසියන් කල්පනා කල යුතු වන්නනේ තමන්ගේ පුර්වතා ලැයිතුව වෙනස් කරනවාද නැතිනම් අතීතයේ මෙන්ම අනාගතයද මන්දගාමී ගමනක යෙදෙනවාද යන්නයි.