21 January, 2026

Blog

හමාස් භීතිකාව සහ ජන සංහාරය සාධාරණීකරණය කිරීමෙහි ලා එහි කාර්යභාරය

මුල් ඉංග්‍රීසි ලිපිය: ශිෆානා නියාස් – සිංහල පරිවර්තනය: උපුල්කුමාරවික්‍රමසිංහ

මගේ පෙර ලිපියෙන්ශ්‍රී ලාංකිකයන්ට සහ මුස්ලිම්වරුන්ට යුදෙව් විරෝධී විය නොහැක්කේ ඇයි“, ශ්‍රී ලාංකිකයන්ට හෝ මුස්ලිම්වරුන්ට යුදෙව් විරෝධී විය නොහැක්කේ ඇයි දැයි මම විස්තර කළෙමි. මෙම ලිපියෙන් පලස්තීනුවන්ට ස්වයං නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම, පලස්තීන විරෝධී ජාතිවාදය අවුලුවාලීම සහ ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය සාධාරණීකරණය කිරීම සඳහා ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් හමාස් භීතිකාව ගොඩනැගී ඇති ආකාරය විමසා බැලීමට අපේක්ෂා කෙරේ. එපමණක් නොව, මෙම ජන සංහාරයට පක්ෂව පෙනී සිටින සියොන්වාදී කණ්ඩායම් පලස්තීනය පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය සාධාරණිකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් හිතාමතාම ඉලක්ක කර ගෙන ඇත. මෙම පසුබිමට එරෙහිව, හමාස් සහ පුළුල් පලස්තීන විරෝධී ව්‍යාපාර පිළිබඳ සාකච්ඡාවක නිරත වීම අත්‍යවශ්‍ය වේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසමේ වාර්තාවේ සඳහන් වූයේ, “ජන සංහාර සම්මුතියේ දක්වා ඇති නිර්ණායක සපුරාලන ක්‍රියාවන් හරහා ගාසා තීරයේ පලස්තීනුවන් විනාශ කිරීමේ අභිප්‍රායඊශ්‍රායලයට ඇති බවපැහැදිලිබවයි. මෙම තීරණය, 2024 ජූලි මාසයේදී ජාත්‍යන්තර අධිකරණය විසින් දෙන ලද තීරණය වන ඊශ්‍රායලයේ ක්‍රියාවන්ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස ජන සංහාරක ක්‍රියාවන් ලෙස යුක්තිසහගත කල හැකි හැසිරීම් රටාවක් සහ ඊට අදාළ අභිප්‍රායන් පැහැදිලි ලෙස පෙන්නුම් කරනු ලැබේසමඟ සමපාත වේ. 2025 ජූලි මාසයේදී ප්‍රමුඛ ඊශ්‍රායල මානව හිමිකම් සංවිධාන දෙකක් වන B’Tselem සහ මානව හිමිකම් සඳහා වූ වෛද්‍යවරු (Physicians for Human Rights) ද ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට නිගමනය කරමින් සොයාගැනීම් වාර්තා කළහ. එලෙසම, ජාත්‍යන්තර ජන සංහාරක විද්වතුන්ගේ සංගමය (International Association of Genocide Scholars), එහි සාමාජිකයින්ගෙන් 86% කගේ අනුමැතියෙන් ගාසා තීරයේ සිදුවීම් ජන සංහාරයක් බව තහවුරු කළේය. තවද, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච්, දේශසීමා නොමැති වෛද්‍යවරු (Doctors Without Borders) සහ රතු කුරුස සංවිධානය ද ගාසා තීරයේ සිදුවන දේ ජන සංහාරයක් ලෙස ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරමින් සිටිනවා යන්න මේ වනවිට ඒකමතිකව පිළිගත් ප්‍රකාශයකි.

ජන සංහාරයක් යනු කුමක්ද?

එක්සත් ජාතීන්ගේ ජන සංහාර අපරාධ වැළැක්වීම සහ දඬුවම් කිරීම පිළිබඳ සම්මුතියේ (UN Convention on the Prevention of the Crime of Genocide) II වන වගන්තියේ සඳහන් වන්නේ ජන සංහාරය යනු ජාතික, ජනවාර්ගික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ලද පහත සඳහන් ක්‍රියාවන්ගෙන් ඕනෑම එකක් බවයි: කණ්ඩායමේ සාමාජිකයින් ඝාතනය කිරීම; කණ්ඩායමේ සාමාජිකයින්ට බරපතල ශාරීරික හෝ මානසික හානියක් සිදු කිරීම; යම් ජන කණ්ඩායමක භෞතික විනාශය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සිදු කිරීමට බලපාන ජීවන තත්වයන් හිතාමතාම ඇති කිරීම; කණ්ඩායම තුළ උපත් වැළැක්වීමට හේතුවන පියවර ගැනීම; කණ්ඩායමේ දරුවන් වෙනත් කණ්ඩායමකට බලහත්කාරයෙන් මාරු කිරීම.

ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 60,000 ට වැඩි සහ විශේෂඥයින්ගේ මතයට අනුව ඊශ්‍රායලය විසින් සැලසුම්සහගතව නිර්මාණය කරන ලද පස්වන අදියරේ සාගත පසුබිමක (ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය, IPC වාර්තාව), ගාසා තීරය ගාල් කඳවුරක සිට මරණ කඳවුරක් බවට පරිවර්තනය වී ඇත. සියොන්වාදය (Zionism) සහ බලහත්කාරී පදිංචිකරුවන්ගේ යටත් විජිතවාදය (settler colonialism) පිළිබඳ විද්වතුන් කියා සිටින පරිදී ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්ම රඳා පවතින්නේ සෘජු ප්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් අවතැන් කිරීම හෝ ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය කොන්දේසි විනාශ කිරීම හරහා ආදිවාසී පලස්තීන ජනගහනය අඛණ්ඩව ඉවත් කිරීම මත බවයි. මේ අර්ථයෙන් ගත්කල, ගාසා තීරයේ වත්මන් ජන සංහාරය නිරූපනය කරන්නේ පලස්තීනුවන් බැහැර කිරීමෙන් යුරෝපීය යුදෙව් පදිංචිකරුවන් සඳහා භූමිය සුරක්ෂිත කිරීම සඳහා ව්‍යුහගත කරන ලද පද්ධතියක තාර්කික ප්‍රතිඵලයයි. මේ අනුව, දැනට දිග හැරෙන සිදුවීම් අනපේක්ෂිත නොවේ; ඒ වෙනුවට, ඒවා ඊශ්‍රායල බලහත්කාරී පදිංචිකරුවන්ගේයටත් විජිත රාමුවේ ඓතිහාසික, දෘෂ්ටිවාදාත්මක සහ ව්‍යුහාත්මක පදනම්වල මුල් බැස ඇත.

සියොන්වාදය: ජන සංහාරය සහ වාර්ගික අතුගා දැමීම (ethnic cleansing) පිළිබඳ දෘෂ්ටිවාදය

ඊශ්රායලයේ බලහත්කාරී පදිංචි කිරීමේ යටත් විජිත ව්යාපෘතියේ දෘෂ්ටිවාදාත්මක පදනම ලෙස සියොන්වාදය ක්රියා කරයි. එවැනි අනෙකුත් බලහත්කාරී පදිංචි කිරීමේ යටත් විජිත උත්සාහයන් මෙන්ම, මෙම දෘෂ්ටිවාදයද ගොඩනැගී ඇත්තේ ආදිවාසී ජනගහනය අවතැන් කිරීම සහ තුරන් කිරීම යන මූලික මූලධර්මය මත ය. මෙම සන්දර්භය තුළ, පැට්රික් වුල්ෆ් (Patrick Wolfe) වැනි විද්වතුන්ගේ නිර්වචනයට අනුව, බලහත්කාරී පදිංචි කිරීමේ යටත් විජිතවාදය තුරන් කිරීමේ තර්කනයක් ලෙස, එනම්, භූමියේ ආදිවාසින් භෞතික, සංස්කෘතික හෝ දේශපාලනික ලෙස මකා දැමීම සඳහා වන නෛසර්ගික තල්ලුවක් ලෙස ක්රියාත්මක වේ. සරලව කිවහොත්, ජනපදයක් බලහත්කාරයෙන් ස්ථාපිත කළ හැක්කේ වාර්ගික අතුගා දැමීමෙන් සහ ජන සංහාරක ක්රියාවලීන් හරහා පමණි. මෙම තර්කය සියොන්වාදයට පමණක් සීමා නොවන අතර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්රේලියාව ඇතුළු ඓතිහාසික හා වර්තමාන උදාහරණ සියල්ලටම ගැලපේ. මේ සෑම අවස්තාවකදීම මූලික ගතිකය එලෙසම පවතී: බලහත්කාරී පදිංචිකරුවන් විසින් හිමිකම් ආඛ්යාන නිර්මාණය කරමින් ඉඩම්වල මුල් පදිංචිකරුවන් නෙරපා හරිමින් තමන්ට උරුම නොමැති ඉඩම්වලට හිමිකම් කීමට උත්සහ කරයි.

සියොන්වාදී බලහත්කාරී පදිංචිකරුවන්ගේ යටත් විජිතවාදය විශ්ලේෂණය කරමින් ඊශ්රායල ඉතිහාසඥ ඉලාන් පපේ (Ilan Pappe) සඳහන් කරන්නේ ඇල්ජීරියාවේ ප්රංශ පදිංචිකරුවන් ද මුල් සියොන්වාදීන් විසින් හිමිකම් ප්රකාශ කරන ලද ප්රමාණයට වඩා නොඅඩු, ගැඹුරුඇල්ජීරියානු භූමියට ඓතිහාසික සහ චිත්තවේගීය සම්බන්ධතාවයක්ප්රකාශ කළ බවයි. පලස්තීනයේ සියොන්වාදී පදිංචිකරුවන්ගේ නරුම ප්රතිචාර හා සමානව, යුරෝපීය යටත් විජිත ද බොහෝ විට දේශීය ජනතාවගේ යහපත උදෙසා ක්රියාත්මක වූවක් ලෙස යටත්විජිතවාදීන් විසින් හොවා දක්වන ලදි. ලොරෙන්සෝ වේරාසිනි (Lorenzo Veracini) පැහැදිලි කරන පරිදී, මිනිසුන් සහ සම්පත් සූරාකන යටත් විජිතවාදයේ අනෙකුත් ආකාර මෙන් නොව, බලහත්කාරී පදිංචිකරුවන්ගේ යටත් විජිතවාදය ස්වදේශික ජනතාව ස්ථිරවම අවතැන් කර අනීතික පදිංචිකරුවන් නීත්යානුකූල වැසියන් ලෙස ස්ථාපිත කිරීමට උත්සාහ කරන ලැබේ. වෙනත් වචන වලින් කිවහොත්, එය ජන සංහාරය සහ/හෝ වාර්ගික පිරිසිදු කිරීම හරහා පවතින ස්වදේශීය දේශපාලනය ඉවත් කර විදේශීය ජනගහනයකින් එය ප්රතිස්ථාපනය කරයි.

බොහෝ බලහත්කාරී පදිංචිකරුවන්ගේ ජනපදවල, භූමියට අධ්යාත්මික, කෘෂිකාර්මික හෝ ශිෂ්ටාචාරමය සබඳතා ප්රකාශ කරමින් පදිංචිකරුවන් තමන් නව ස්වදේශිකයන් ලෙස නිරූපණය කරනු ලබයි.  ඕස්ට්රේලියාවේ, බ්රිතාන්ය පදිංචිකරුවන් තම පැමිණීම ක්රිස්තියානි අධ්යාත්මික මෙහෙවරක කොටසක් ලෙස හුවා දක්වන අතර, ඔවුන්ගේ සංක්රමණය දිව්යමය වශයෙන් නියම කරන ලද එකක් ලෙස නිරූපණය කළහ. ඔවුන්ගේ රැකියාව අධ්යාත්මිකව සහ දේවානුභාවයෙන් පූර්ව නියම කර ඇති බව සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් ටෙරා නුලියස් (terra nullius) මූලධර්මය දඔවුන් පැමිණීමට පෙර මහාද්වීපය හිස් භූමියක්ව පැවති බව සහතික කරන නීතිමය ප්රබන්ධයයොදා ගත්හ. කාලයත් සමඟ, විදේශික පදිංචිකරුවන් ඔවුන්ගේ යුරෝපීය සම්භවය නොතකා ස්වදේශිකව උපන් ඕස්ට්රේලියානුවන් ලෙස වැඩි වැඩියෙන් හඳුනා ගැනුණු අතර, මෙම ගොඩනඟන ලද අයිතිවාසිකම පිළිබඳ හැඟීම ශක්තිමත් කළහ. වෙරාසිනි සඳහන් කරන පරිදි, එවැනි ආඛ්යාන තීරණාත්මක විය, මන්ද පදිංචිකරුවන්ට භූමියේ නියම උරුමක්කාරයන් ලෙස තමන්ව ස්ථාපිත කිරීමේ ඔවුන්ගේ දේශපාලන ව්යාපෘතිය නීත්යානුකූල කිරීම සඳහා අධ්යාත්මික, සංස්කෘතික හෝ ස්වාභාවික සම්බන්ධතාවයේ කථා නිර්මාණය කිරීමට අවශ්ය වූ බැවිනි. සියෝන්වාදීන් විසින් පලස්තීනයේ යටත් විජිතකරණයේදී ද මෙම පදිංචිකරුයටත් විජිත තර්කනය ඒ හා සමානවම යටින් පවතී.

පපේ තර්ක කරන්නේ සියොන්වාදය ජාතික පදිංචිකරුවන්ගේ යටත් විජිතවාදයේ ආකාරයක් ලෙස තේරුම් ගත යුතු බවත්, ආගමිකජාතිකවාදී ව්යාපාරයක ලක්ෂණ යටත් විජිතවාදයේ දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන රාමුව සමඟ ඒකාබද්ධ කළ යුතු බවත්ය. ඔහු සියොන්වාදයපැහැදිලි මව් රටක්නොමැති ව්යාපාරයක් ලෙස විවේචනය කරනමුත්, “ජාතික ව්යාපාරයක් ලෙස පුරාණ නිජබිමකට නැවත පැමිණීමේ දැක්මක් සාක්ෂාත් කර ගැනීම සඳහා ලොව පුරා සංචාරය කළ නමුත් ප්රායෝගිකව දේශීය පදිංචිකරුවන් පලවා හැරීමට සිදු වූ අතර ඒ හරහා අත්යවශයෙන්ම යටත් විජිතවාදී ව්යාපෘතියක් බවට පත්විය“. පලස්තීනයේ යටත් විජිතකරණයේ ප්රධාන කාර්යභාරයක් ඉටු කළ රුසියානු සියොන්වාදී නායකයෙකු වන සීව් (එවකට ව්ලැඩිමීර්) ජබොටින්ස්කි (Vladimir Jabotinsky) 1923 දී මෙසේ ලිවීය, “විදේශීය ජනාවාසවල අනතුරෙන් මිදීමේ බලාපොරොත්තුවක් දකින තාක් කල්, සෑම ස්වදේශික ජනතාවක්ම පිටස්තර පදිංචිකරුවන්ට විරුද්ධ වනු ඇත. පලස්තීනයේ අරාබිවරුන් කරන්නේ එයයි, සහපලස්තීනය’ ‘ඊශ්රායෙල් දේශයබවට පරිවර්තනය වීම වැළැක්වීමට ඔවුන්ට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවේ ගිනි පුපුරක් ඉතිරිව ඇති තාක් කල් ඔවුන් දිගටම කරගෙන යනු ඇත. […] සියොන්වාදී යටත් විජිතකරණය එක්කෝ අවසන් කල යුතුය, නැතහොත්, ස්වදේශික ජනතාවගේ කැමැත්තට පටහැනිව කෙසේ හෝ සිදු කළ යුතුය. ”

මෙම ක්රියාවලියේ ආරම්භක අදියර වූයේ 1948 නක්බා වන අතර, එම කාලය තුළ පලස්තීනුවන් 780,000 කට අධික සංඛ්යාවක් වාර්ගිකව ඔවුන්ගේ ඉඩම්වලින් පලවා හැර අසල්වැසි රටවල ස්ථිර සරණාගතයින් බවට පත් කරන ලදී, මන්ද ඊශ්රායලය ඔවුන්ට නැවත පැමිණීමේ අයිතිය ප්රතික්ෂේප කළ බැවිනි. වාර්ගික අතුගා දැමීම (ethnic cleansing) – නිශ්චිත ජනවාර්ගික හෝ ආගමික කණ්ඩායමක් ඔවුන් පාරම්පරිකව වාසය කරන භූමියේ තවදුරටත් ජීවත් වීමට නුසුදුසුය යන පදනම මත ක්රමානුකූලව සහ බලහත්කාරයෙන් එම භූමියෙන් ඉවත් කිරීමමෙම ක්රියාවලියේ කේන්ද්රීය විය. හිට්ලර් මෙන්ම සියොන්වාදී නායකයින් ද සිතූ ආකාරයේ වාර්ගික දේශයක් ස්ථාපිත කිරීමේදී එය මූලික අංගයකි. ඊශ්රායලයේ පළමු අගමැති ඩේවිඩ් බෙන්ගුරියන් මෙම යථාර්ථය පිළිගනිමින්, “මම අරාබි ජාතිකයෙක් නම්, යම් දිනක පලස්තීනය සහ එහි සියලුම අරාබි පදිංචිකරුවන් යුදෙව් පාලනයට හරවන සංක්රමණයට එරෙහිව ඊටත් වඩා දැඩි ලෙස, කටුක ලෙස සහ අපේක්ෂාභංගත්වයෙන් කැරලි ගසමියනුවෙන් ප්රකාශ කළේය. එමෙන්ම, “බලහත්කාරයෙන් සහ කුරිරු බලහත්කාරයෙන් තොරව [අරාබි ජනගහනයන්] සාමාන්ය තත්වයන් යටතේ ඉවත් කිරීමක් සිතාගත නොහැකිබවද ඔහු පිළිගන්නා ලදි. “සියොන්වාදය යටත් විජිතකරණ වික්රමාන්විතයක් වන අතර එම නිසා එය දිගටම පවතිනවාද, නැත්නම් බිඳ වැටෙනවාද යන්න තීරණය වන්නේ සන්නද්ධ බලයට එදිරිවයියනුවෙන් ප්රකාශ කළ ජබොටින්ස්කි විසින් මෙම අභිප්රාය වඩාත් තහවුරු කරන ලදී. ඒ හා සමානව, තවත් සියොන්වාදී නායකයෙකු වන තියඩෝර් හර්සල් (Theodor Herzl) ප්රකාශ කලේ, “යටත් විජිතකරණයකින් තොරව, සියොන්වාදය යනු අහසේ බලකොටුවක් පමණි“.

බැල්ෆෝර් ප්රකාශනය (Balfour Declaration) යටතේ පලස්තීනය තුල ඊශ්රායලය පිහිටුවීමට පෙර, යුරෝපීය බලවතුන්යුරෝපයේ යුදෙව් ප්රශ්නයටසුදුසු විසඳුම් ලෙස විකල්ප ස්ථාන කිහිපයක් සලකා බැලූහ. සාකච්ඡා කරන ලද ස්ථාන අතර ශ්රී ලංකාව ද විය. 19 වන සියවසේ අගභාගයේදී යුදෙව් දානපතියෙකු වූ බාරොන් මොරිස් ද හර්ෂ් (Baron Maurice de Hirsch) විසින් යුදෙව් ජනපදකරණ සංගමය (JCA) ස්ථාපිත කරමින් ආර්ජන්ටිනාව ද තවත් විකල්පයක් ලෙස සැළකූ අතර එමඟින් ආර්ජින්ටිනාවේ කෘෂිකාර්මික ජනපදවල යුදෙව්වන් දහස් ගණනක් පදිංචි කරන ලදි. බ්රිතාන්යයන් විසින් සයිප්රසයද යුදෙව් ජනාවාස සඳහා විභව ස්ථානයක් ලෙස සැලකූහ.

හමාස්: ප්රතිරෝධී සහ විමුක්ති ව්යාපාරයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව 3314 (1974) මගින්යටත් විජිත සහ ජාතිවාදී පාලන තන්ත්රයන් හෝ වෙනත් ආකාරයේ පිටස්තර ආධිපත්යය යටතේ සිටිනසියලුම ජනතාවට ස්වයං නිර්ණය, නිදහස සහ ස්වාධීනත්වයේ අයිතිය තහවුරු කරන ලද අතරඑම අරමුණ සඳහා අරගල කිරීමට සහ සහාය ලබා ගැනීමට මෙම ජනතාවට ඇති අයිතියතහවුරු කරන ලදී. 37/43 (1982) යෝජනාව මගින් පලස්තීන ජනතාවගේසහ විදේශීය සහ යටත් විජිත ආධිපත්යය යටතේ සිටින සියලුම ජනයාගේස්වයං නිර්ණය සඳහාඅත්හිටවිය නොහැකි අයිතියනැවත තහවුරු කළේය. එය “[…] සන්නද්ධ අරගලය ඇතුළුව ලබා ගත හැකි සියලු මාධ්යයන් මගින් යටත් විජිත සහ විදේශීය ආධිපත්යයෙන් සහ විදේශීය ආක්රමණයෙන් විමුක්තිය සඳහා ජනතාවගේ අරගලයේනීත්යානුකූලභාවය ද නැවත තහවුරු කරයි. එබැවින් බලහත්කාරයෙන් යටපත් කරගෙන සිටින ජනතාවට සන්නද්ධ ප්රතිරෝධය සඳහා ඇති අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සහතික කළ අයිතියකි.

යටත් විජිතවාදීන් විසින්ත්රස්තවාදියායන ලේබලය බොහෝ විට යටත් විජිතකරණයට ලක්වුන ප්රජාවන්ට පුළුල් ලෙස යොදනු ලැබ ඇත. 1960 දී දකුණු අප්රිකාව, ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ රජයන් විසින් අප්රිකානු ජාතික කොංග්රසය (ANC) ත්රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී. ANC හි නායකයින්ගෙන් ප්රධානියෙකු වූ නෙල්සන් මැන්ඩෙලා ත්රස්තවාදියෙකු ලෙස ලේබල් කරන ලද අතර 1962 දී අත්අඩංගුවට ගෙන වසර 27 ක් සිරගත කරන ලදී. 1993 දී නොබෙල් සාම ත්යාගය ලැබුණද, ඇමරිකා එක්සත් ජනපදය විසින් 2008 දක්වා මැන්ඩෙලා ත්රස්තවාදී නිරීක්ෂණ ලැයිස්තුවේ තබා ගත්තේය. මෙය බටහිර අධිරාජ්යවාදයට විරුද්ධ කණ්ඩායම් ත්රස්තවාදී සංවිධාන ලෙස තහනම් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්රංශය සහ බොහෝ යුරෝපීය බලවතුන් අනුගමනය කරන පොදු ක්රියාපටිපාටියකි. එක්සත් ජනපදය චේ ගුවේරාව කැරලිකරුවෙකු ලෙසත් ඔහුගේ ක්රියාවන් ත්රස්තවාදී ක්රියා ලෙසත් සැළකු අතර ඔහුව තුරන් කළ යුතු භයානක විප්ලවවාදියෙකු ලෙස සංලක්ෂිත කළහ.

ශ්රී ලංකාවේ බ්රිතාන්ය යටත් විජිත පරිපාලනය විසින් ඌවවෙල්ලස්ස කැරැල්ලේ (1817–1818) නායකයි න්වූ කැප්පෙටිපොළ දිසාවේ සහ මඩුගල්ලේ දිසාව යන අයව ද්රෝහීන් ලෙස හංවඩු ගසා මරා දැමීයඑය සමකාලීන ත්රස්තවාදී පාරිභාෂිතයට සමීපව සමාන ලේබලයකි. මෙම නැගිටීම අතරතුර, බ්රිතාන්යයන් සමූහ මරණ දණ්ඩනය සහ ගම්මාන ගිනි තැබීම හරහා සාමූහික දඬුවම් පැනවූ අතර, එහි ප්රතිඵලයක් ලෙස දහස් ගණනක් මිය ගියහ. නම් නොකළ කැරලිකරුවන් ගණනාවක් ත්රස්තවාදීන් ලෙස ලේබල් කර නඩු විභාගයකින් තොරව මරා දමන ලදී. 1848 මාතලේ කැරැල්ලේදී, බ්රිතාන්ය පාලනය යටතේ පැවති ආයතනවලට එරෙහිව ප්රචණ්ඩ ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් එහි නායක පුරන් අප්පු ත්රස්තවාදියෙකු ලෙස හෙළා දකින ලදී. එම වසරේම වෙඩි තැබීමේ කණ්ඩායමක් විසින් ඔහුව අල්ලා මරා දමන ලදී. මාතලේ කැරැල්ලේ තවත් නායකයෙකු වූ ගොන්ගාලේගොඩ බණ්ඩා අත්අඩංගුවට ගෙන, කසයෙන් තළා, මලක්කාවට පිටුවහල් කරන ලදී. පෘතුගීසි පාලනයට විරුද්ධ වූ යාපනය රාජධානියේ අවසාන රජු වූ සංගිලියන් 1617 දී හිස ගසා දමන ලදී. තමිල්නාඩුවේ දෙමළ රජෙකු වූ වීරපාණ්ඩිය කට්ටබොම්මන්, බදු ගෙවීම ප්රතික්ෂේප කරමින් බ්රිතාන්ය නැගෙනහිර ඉන්දීය සමාගමට එරෙහිව සටන් කළ අතර 1799 දී ඔහුව එල්ලා මරා දමන ලදී. වන්නියේ ප්රධානියෙකු වූ පණ්ඩාර වන්නියන්, ලන්දේසි සහ බ්රිතාන්ය යටත් විජිත බලවතුන්ට විරුද්ධ වූ අතර 1803 දී බ්රිතාන්යයන්ට එරෙහි සටනේදී මිය ගියේය. මෙම පුද්ගලයින් දැන් ශ්රී ලංකාවේ නිදහස් සටන්කරුවන් සහ ජාතික වීරයන් ලෙස සමරනු ලැබේ.

යටත් විජිතවිරෝධී විරෝධය ලොව පුරා හඳුනාගෙන පිළිගනු ලැබුවමුත්, පලස්තීන විරෝධයට එම නීත්යානුකූලභාවය ලබා නොදෙන්නේ ඇයි?

හමාස්ෆෝබියාව

හමාස් යනු ලෝකයේ වඩාත්ම හිතාමතාම වරදවා වටහාගෙන ඇති සහ අපකීර්තියට පත් කරන ලද ප්රතිරෝධක දේශපාලන ව්යාපාරවලින් එකකි. මෙම සංජානනය වෛෂයික සාක්ෂි වලට වඩා සියොන්වාදී ප්රචාරණයන්, ශ්රී ලංකාවේ ප්රචාරය කරන ලද ඒවාද ඇතුළුව, මගින් හැඩගස්වා ඇති අතර, ඒවා උපායමාර්ගිකව සියොන්වාදී අවශ්යතා සඳහා සකස් කර ඇත. එක්සත් රාජධානිය විසින් 2021 දී හමාස් ත්රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද මුත් එය නිත්යානුකූලව අභියෝගයට ලක් කර ඇති තීරණයකි. මහාචාර්ය ජෙරොයින් ගනිං (Jeroen Gunning) විසින් 2025 පෙබරවාරි මාසයේදී ඊශ්රායලපලස්තීන ගැටුම සඳහා වූ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමින්, “හමාස් සංවිධානයට පැනවූ එක් කොන්දේසියක් වූයේ ඊශ්රායලයේ ස්වෛරීභාවය පමණක් නොව එහි පැවැත්මේ අයිතිය පිළිගැනීමයි. 1967 දේශසීමා වල පලස්තීන රාජ්යයක මූලධර්මය හමාස් විසින් පිළිගෙන ඇතත්, එය ඊශ්රායල රාජ්යය පිළිගැනීම ප්රතික්ෂේප කර ඇතඑහි පැවැත්මේ අයිතිය ද ඇතුළුවසහ ඓතිහාසික පලස්තීනයට නැවත පැමිණීමේ පලස්තීනුවන්ගේ අයිතිය දිගටම අවධාරනය කරයි. තම නිජබිම් මත යටත් විජිතවාදීන්ගේ ස්වෛරීභාවය හඳුනා නොගැනීම අනෙකුත් යටත් විජිත විරෝධී ව්යාපාරවල ද ලක්ෂණයක් විය. 1998 දී සුබ සිකුරාදා ගිවිසුමේ (Good Friday Agreement) කොටසක් ලෙස, අයර්ලන්තය විසින්උතුරු අයර්ලන්තය කෙරෙහි එහි භෞමික අයිතිය අතහැර දමා, ඒ වෙනුවට භූමිය වෙනුවට ජනතාව යන පදනම මත අයර්ලන්ත ජාතිය නිර්වචනය කිරීමේ මොහොත  වන තෙක් අයර්ලන්තය විසින් උතුරු අයර්ලන්ත සහ මහා බ්රිතාන්ය සංගමය පිළිගැනීම ප්රතික්ෂේප කළේය. වර්තමානයේදී පවා, අයර්ලන්තය විසින් උතුරු අයර්ලන්තය කෙරෙහි බ්රිතාන්ය ස්වෛරීභාවය පිළිගැනීමඒ සඳහා [බ්රිතාන්ය ස්වෛරීත්වය] උතුරු අයර්ලන්තයේ ජනගහනයෙන් බහුතරයකගේ කැමැත්ත ඇති තාක් කල්යන කොන්දේසියට යටත්ය. අව්ටේරෝවා (Aotearoa- මාඔරි බසින් නවසීලන්තය හඳුන්වන නම), එසේත් නැත්නම් නවසීලන්තයේ, වයිටැංගි ගිවිසුමේ මාඕරි අනුවාදයේ අත්සන්කරුවන්ටෙ ටිරිටි ඕ වයිටැංගි (te Tiriti o Waitangi) – ගෝත්රික ඉඩම් සම්බන්ධයෙන්කවනටංග (kawanatanga)” (පාලනයේ අයිතිය) පමණක් බ්රිතාන්ය කිරීටයට ලබා දුන් අතර ස්වෛරීභාවය කිසිවිටකත් පවරා නොදුනි. ; 1975 දී වයිටැංගි විනිශ්චය සභාව (Waitangi Tribunal) පිහිටුවන ලද්දේ බ්රිතාන්ය කිරීටය විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගත් ඉඩම් සහ සම්පත් සම්බන්ධයෙන් ප්රතිස්ථාපන හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන අතර, මාඕරිවරු සැබවින්ම ස්වෛරීභාවය අත්හැර නොමැති බව එමගින් තීන්දු කළහ. ඇතැම් අය මෙම විනිශ්චය සභාව මාඕරි ස්වෛරීභාවය (නැවත) ලබා දීමේ ආකාරයක් ලෙස ද සාකච්ඡා කර ඇත. මේ අනුව, ජනතාවගේ ඓතිහාසික නිජබිම (හෝ එහි කොටසක්) කෙරෙහිවූ යටත්විජිතවාදීන්ගේ ස්වෛරීභාවය පිළිගැනීම ප්රචණ්ඩත්වය පිළිබඳ ප්රශ්නයෙන් වෙන්ව සැලකිය යුතු අතර ත්රස්තවාදී ලේබලය විසින් මෙම වෙනස බොඳ කරනු ලැබේ.”

පලස්තීන ප්රතිරෝධය තුළ විවිධ දේශපාලන ආකල්ප සහිත හඬවල් රාශියක එකතුවක් හමාස් නියෝජනය කරයි. පලස්තීන ප්රතිරෝධය යනු ඒකමානීය ව්යාපාරයක් නොවේ. අබ්දුල් ජාවඩ් ඕමාර් විසින්පලස්තීන දේශපාලනය පිළිබඳ මෙම නොතකා හැරීම  හිතාමතාම සිදුවන්නකි. ඒ ඔස්සේ, ප්රතිරෝධයටවිශේෂයෙන් සන්නද්ධ ප්රතිරෝධයටඑරෙහි සතුරුකමක් ඇති කරනමුත්,  එයට සම්පූර්ණයෙන්ම වෙනස්, සමහර විට දෘෂ්ටිවාදාත්මක, හේතු මත හමාස් සංවිධානයට විරෝධයක් ගොඩ නගනු ලබයිලෙස පවසන්නේ මෙම පදනම මතයි.  හමාස් නිර්මාතෘ ෂෙයික් අහමඩ් යසින් (අංශභාග රෝගියෙකු), 1948 නක්බා හිදී අල්ජුරා (al-Jura) ගම්මානයෙන් (වර්තමානයේදී ඊශ්රායලයේ අෂ්කෙලොන් (Ashkelon) ලෙස හඳුන්වන නගරය) පලා ගිය සරණාගතයෙකි. ඔහු ගුරුවරයෙකු සහ ඉමාම්වරයෙකු විය. ඔහුගේ නායකත්වය යටතේ, හමාස් සංවිධානය 1987 දී පිහිටුවන ලද අතර, ඒ සියොන්වාදීන් විසින් පලස්තීනය යටත් විජිතකරණය කිරීමෙන් වසර 39 කට පමණ පසුවයි. බොහෝ දෙනෙකු විසින් හමාස් සංවිධානය බිහි කිරීමසියොන්වාදී බලහත්කාරී නිජබිම්කරණයට එරෙහි අරගලයේ [දිගු] දාමයකට සම්බන්ධ කිරීමක්ලෙස සැලකූහ.

හමාස් යනු පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් ප්රතික්ෂේප කරන්නන්ට පහසුබිල්ලකි“. ඕමාර් පෙන්වා දෙන පරිදි, එයඉස්ලාමීය දේශපාලන කණ්ඩායමක් වන අතර විරෝධතා දේශපාලනය කේන්ද්ර කර ගනිමින් පලස්තීන විෂය ප්රතිෂ්ටාපනය කිරීමට උත්සාහ කරන සමාජ න්යාය පත්රයක් උදෙසා ක්රියාත්මක වේ“. නමුත් ශ්රී ලංකාවේ සහ ගෝලීය සියොන්වාදී ව්යාපාර විසින් පෙන්නුම් කරන පරිදී,  ඔවුන් විරුද්ධ වන්නේ හමාස් අනුගමනය කිරීමට තෝරාගත් ප්රතිරෝධයයි, එය ස්වභාවයෙන්ම දේශපාලනික හා සටන්කාමී ය. තවද, තම යටත් විජිතවාදීන් විසින් නින්දාවට පත් කිරීම ප්රතික්ෂේප කළ පලස්තීනුවන්ගේ කණ්ඩායමක් වන හමාස්, යටත් විජිත නිජබිම්කරණයට යටත්ව නිහඬව මිය යාම ප්රතික්ෂේප කර ඇත. ෆ්රාන්ස් ෆැනන් තේරුම් ගත් පරිදි, යටත් විජිත කැරලි ගැසීම් ඇතිවන්නේ විශේෂිත සංස්කෘතික හෝ ආගමික කණ්ඩායමකට එරෙහිව නොව (මේ අවස්ථාවේ දී, යුදෙව්වන්), ඔවුන්ටබොහෝ හේතු නිසා, සරලවම, තවදුරටත් යටත් විජිත තත්වයන් යටතේ හුස්ම ගත නොහැකි නිසාය“.

පලස්තීන හිතවාදී ලිබරල් වාමාංශය ද පරිධියේ රටවල වීදිවල පෙළපාලි යාමෙන් පලස්තීනයේ යටත් විජිතකරණය පෙරලා දැමිය හැකි බව විශ්වාස කරයි. ඒ ඔස්සේ ලොව පුරා සහයෝගය සංකේතවත් කළද, පලස්තීනය තුළ එයට සැළකිය යුතු බලපෑමක් නැත. මෙම ලිබරල් රාමුව තුළ, පලස්තීන ප්රතිරෝධය, විශේෂයෙන් හමාස් වැනි කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන සන්නද්ධ ප්රතිරෝධය, බොහෝ විට භයානක දෙයක් ලෙස හුවා දක්වයි, එසේත් නැත්නම් ප්රතික්ෂේප කරනු ලැබේ. මෙම ප්රතික්ෂේප කිරීම විෂයමුලික වන්නේ  කලාතුරකිනි; එය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හැඩගස්වා ඇත්තේ සැඟවුණු ඉස්ලාමීය විරෝධී හැඟීම් සහ මුස්ලිම් විරෝධී ජාතිවාදය මගිනි. එමගින්, පලස්තීන සමාජය සමඟ ඓන්ද්රීය ලෙස සම්බන්ධ ඉස්ලාමීය ව්යාපාර පවා නෛසර්ගිකවම සුජාතවිරෝධීකරණයට ලක් කෙරේ. මෙම ලිබරල් එළඹුම් මගින් පලස්තීන දේශපාලන ආත්මීයත්වයේ විස්ථාපනය සඳහා පසුබිම් දොරක් සපයයි. එනම්, නිදහස උදෙසා වූ පලස්තීන අරගලයේ සුජාතබාවය පිළිගැනීම සහ ඔවුන්ගේ විමුක්ති අරගල මාදිලිය ඔවුන්ගේම ඓතිහාසික හා දේශපාලන අවශ්යතාවලට අනුකූල වනවා වෙනුවට විදෙස් ලිබරල් ව්යාපාරවල දෘෂ්ටිවාදාත්මක සුවපහසු කලාපවලට අනුකූල වීම අපේක්ෂා කෙරේ.  මෙම ගතිකයන් ලිබරල්වාම සහයෝගීතාවයේ ගැඹුරු ප්රතිවිරෝධතාවක් ඉස්මතු කරයි. වියුක්තව ගත්කල මේ හරහා පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන මුත්, ඒ හා සමගාමීව, ස්වදේශික ජනතාවගේ අරගලයේ සුජාතබාවය ඔවුන්ගේ කොන්දේසි මත නොව බාහිර නිර්ණායක සපුරාලීමේ හැකියාව මත විනිශ්චය කරනු ලබන යටත් විජිත තර්කනයක් ප්රතිනිෂ්පාදනය කරමින් ප්රතිරෝධී අරගලයේ සුජාතබාවයේ සීමා මායිම් මෙවැනි බාහිර බලවේග විසින් තීරණය කරන තැනට පත්වේ.

සියල්ල ආරම්භ වූයේ 1948 දීය

බලහත්කාරී අනීතික ජනපදකරණ සන්දර්භයක් තුළ පදිංචිකරුවෙකු යනු හුදු සංක්රමණිකයෙකු හෝ පුරවැසියෙකු නොව, දැනටමත් ආදිවාසී ස්වදේශික ජනගහනයක් වාසය කරන ඉඩම් මත ස්ථිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික පාලනයක් ස්ථාපිත කිරීමේ යටත් විජිත ව්යාපෘතියට බැඳී ඇති සමාජ සැකැස්මක සාමාජිකයෙකි. වෙනත් වචන වලින් කිවහොත්, බලහත්කාරී අනීතික පදිංචිකරුවන්ගේ ජනපදයක පිටස්තර පදිංචිකරුවෙකුගේ අරමුණ එහි ආදිවාසී ජනතාවගේ අධිකාරිය යටතේ සහජීවනයෙන් සිටීම නොව, ඔවුන් ප්රතිස්ථාපනය කර ස්වදේශික පැවැත්ම මකා දමන හෝ යටත් කරන නව ස්වෛරී නියෝගයක් ස්ථාපිත කිරීමය. එබැවින්, ඊශ්රායල ජනතාව අහිංසක පුරවැසියන් නොවේ. තවද, ඊශ්රායලයේ හමුදා සේවය අනිවාර්ය කර ඇත. එනම් යුදෙව් ඊශ්රායල ජාතිකයන්ගෙන් අතිමහත් බහුතරයක් හමුදා සෙබළුන් ලෙස ක්රමානුකූල හමුදා පුහුණුවක් ලබන අතර, මෙමගින් සිවිල්මිලිටරි වෙනස ගැඹුරින් බොඳ වී ඇති සමාජ සැකැස්මක් නිර්මාණය කොට ඇත. මෙම අර්ථයෙන් ගත් කල, ඊශ්රායල පදිංචිකරුවන්ගේ ජනගහනයෙන් වැඩි කොටසක් ගැටුම් කාලවලදී බලමුලු ගැන්වීමට හෝ ස්වයංබලහත්කාරයෙන් බලමුලු ගැන්වීමට හැකි අතිරේක හමුදා සංචිතයක් (සටන්කරුවන්) වේ.

යුදෙව් පදිංචිකරුවන් හමුදා උපක්රම පිළිබඳව පුහුණුව ලබා ඇතිවා පමණක් නොව, බොහෝ විට සන්නද්ධව සිටින අතර, එය ඔවුන්පුරවැසියන්කාණ්ඩයෙන් තවදුරටත් ඉවත් කරයි. මෙම මිලිටරි කොන්දේසි සමඟ ඒකාබද්ධව, ආයුධ හිමිකාරිත්වය සාමාන්යකරණය කිරීම හරහා බලහත්කාරයෙන් අත්පත් කරගත් ප්රදේශවල අනීතික පදිංචිකරුවන්ගේ ප්රජාවේ කොටස් සන්නද්ධසිවිල් මෙවලම් බවට පරිවර්තනය කරයි. එමගින්, පලස්තීනය තුල බලහත්කාරී පදිංචිකරුවන්ගේ යටත් විජිතවාදයේ ලක්ෂණයක් වන ප්රචණ්ඩ පාලනය සහ අවතැන් කිරීමේ පද්ධති තවදුරටත් තහවුරු කරයි.

ගාසා තීරය යනු අල්ලා ගත් භූමියකි. 1907 හේග් රෙගුලාසි (Hague Regulations) සහ හතරවන ජිනීවා සම්මුතියේ (4th Geneva Convention) දක්වා ඇති පරිදි, සතුරු හමුදාවක පාලනය හෝ අධිකාරීත්වය යටතට යම් භූමි ප්රදේශයක් නතුවූ විට බලහත්කාරී අත්පත්කර ගැනීම (occupation) පිලිබඳ අර්ථ දැක්වීම අදාළ වේ. වඩාත් වැදගත් කරුණ නම්, බලහත්කාරී අත්පත් කර ගැනීමට නතුවන භුමියේ  ස්වෛරීභාවය එකී බලවේගයට ලබා දීම හෝ මාරු වීම සිදු නොවේ. ඒ වෙනුවට, තම පාලනය යටතේ සිටින සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට එකී බලවේගය බැඳී සිටී. ජාත්යන්තර නීතිය යටතේ, බලහත්කාරී අත්පත් කර ගැනීම සිදු කරන බලවේගයට තමන් අල්ලාගෙන සිටින භූමිය තුළ ස්වයං ආරක්ෂාව ඉල්ලා සිටීමට නීත්යානුකූල අයිතියක් නොමැත. ඔක්තෝබර් 7 වන දින හමාස් මෙහෙයුම ගාසා තීරයේ සිදු කරන ලද අතර එය ගාසා තීරයට යාබදව සන්නද්ධ, හමුදාකරණය කරන ලද ජනාවාසයකි. ගාසා මිලිටරි ජනපද යනු යනු ගාසා තීරයේ සිට කිලෝමීටර හතක් පමණ ඇතුළත පිහිටා ඇති ඊශ්රායල ප්රජාවන්ගේ කණ්ඩායමයි.

මෙම ප්රජාවන් සාම්ප්රදායික අර්ථයෙන් මධ්යස්ථ ගම්මාන නොවේ. ඒවා දැඩි ලෙස ආරක්ෂිත කර ඇති සහ බොහෝ විට මිලිටරිකරණය කරන ලද මායිමේ කොටසක් ලෙස පිහිටුවන ලද ජනාවාස වේ. ගාසා මිලිටරි ජනපද වල පදිංචිකරුවන් බොහෝ දෙනෙක් ඊශ්රායල රාජ්යය විසින් බෙදා හරින ලද මිලිටරි ශ්රේණියේ ආයුධ වලින් සන්නද්ධව සිටිති. ඔක්තෝබර් 7 මෙහෙයුමේදී පදිංචිකරුවන් 695 ක් සහ සොල්දාදුවන් 373 ක්මරා දමන ලදි. ඊශ්රායල පුවත්පතක් වන හාරෙට්ස්ට (Haaretz) අනුව, ඊශ්රායල හමුදාව විසින් හැනිබල් නියෝගය (Hannibal directive) ක්රියාත්මක කළ අතර, එහි ප්රතිඵලයක් ලෙස මුළු ජීවිත හානි ප්රමාණයෙන් පදිංචිකරුවන් සිය ගණනක් මිය ගියහ. මෙහෙයුම අතරතුර හමාස් සටන්කරුවන් විසින් ළදරුවන් හිස ගසා දැමූ බවට සහ දූෂණයන් කළ බවට මුලින් ගොතන ලද ප්රකාශ පසුව ඊශ්රායල බලධාරීන් විසින්ම ප්රතික්ෂේප කරන ලදී. එහෙත් පලස්තීනුවන්ට එරෙහිව ඊශ්රායල ආරක්ෂක හමුදා (IDF) විසින් සැලසුම්සහගත පද්ධතිමය ලිංගික ප්රචණ්ඩත්වයන්  සිදු කල බවට (වීඩියෝ පටවල සටහන් වූ සමූහ දූෂණ සිද්ධීන් ද ඇතුළත්ව) මානව හිමිකම් සංවිධාන විසින් වාර්තා කර තිබේ. අපරාධකරුවන් අත්අඩංගුවට ගත් විට, ඊශ්රායල සමාජයේ බහුතරයක් ඔවුන්ට සහයෝගය පළ කළ අතර, ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිවිල් ගැටුම් ඇති කිරීමට පවා ආසන්න විය. වැරදිකරුවන්ගෙන් එක් අයෙකු පසුව ප්රසිද්ධියේ රූපවාහිනියේ පෙනී සිටි අතර ඊශ්රායල සමාජයේ කොටස් විසින් ඔහුව වීරයෙකු ලෙස ප්රශංසා කරන ලදී.

නිගමනය

ප්රංශ දාර්ශනික ජීන්පෝල් සාත්රේ (Jean-Paul Satre), ෆ්රාන්ට්ස් ෆැනන්ගේ (Frantz Fanon)පෘථිවි විනාශය” (Wretched of the Earth) යන කෘතියේ පෙරවදනෙහි සටහන් කරන පරිදී, යටත් විජිතවාදියා සංකේතවත් කරනයුරෝපීයයෙකු මරා දැමීමයන්නෙන් අදහස් කරන්නේඑක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමීමයි: එක් ක්රියාවකින් පීඩකයා සහ පීඩිතයා යන දෙදෙනාම තුරන් කිරීම, එක් පුද්ගලයෙකු මිය ගොස් අනෙකා නිදහස් කිරීමබවයි. ෆැනන් තර්ක කරන්නේ යටත් විජිතවාදයම මූලික වශයෙන් ප්රචණ්ඩකාරී පීඩක ක්රමයක් වන බැවින්, යටත් විජිතහරණය ද සහජයෙන්ම ප්රචණ්ඩකාරී බවයි. පලස්තීන ප්රතිරෝධක විමුක්ති ව්යාපාර පැන නගින්නේ ඊශ්රායලයේ බලහත්කාරී පදිංචිකරුවන්ගේ යටත් විජිතවාදයට ප්රතිචාරයක් ලෙස වන අතර ප්රතිරෝධයේ තීව්රතාවය බොහෝ විට පීඩනයේ බරපතලකමට පිළිඹිබු කරයි. හමාස් යනු ඊශ්රායලයේ වසර සියයකට අධික වාර්ගික පලවා හැරීම්, සමූහ මිනීමැරුම්, සමූහ දූෂණයන්, වාර්ගික බේදයන් සහ ජන සංහාරයේ ප්රතිඵලයක් සහ නිෂ්පාදනයකි. එබැවින්, ජන සංහාරය (හෝ බලහත්කාරී පදිංචිකරුවන්ගේයටත් විජිතවාදය) සාධාරණීකරණය කිරීමට හමාස් භාවිතා කිරීම, වහල්භාවය සාධාරණීකරණය කිරීමට නැට් ටර්නර් (Nat Turner) කැරැල්ල හෝ යුදෙව් සංහාරය සාධාරණීකරණය කිරීමට වෝර්සෝ ගෙටෝ (Warsaw Ghetto) නැගිටීම භාවිතා කිරීම වැනිය. ඊශ්රායල යටත්විජිත පාලනයට විරුද්ධ වීමට පලස්තීන ජනයාට ඇති අයිතිය පිලි නොගෙන පලස්තීන අයිතිවාසිකම්වලට සහාය වීම අවසානයේ අර්ථ විරහිත ය. පලස්තීනයට නිදහස සහ විමුක්තිය!

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.