3 December, 2022

Blog

පාර්ලිමේන්තුවාදයේ සීමාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

අරගලය අපට ලබා දුන් පණිවිඩය කුමක්ද? සීමිත අරුතින් ගත් කල එම පණිවිඩය වන්නේ රාජපක්ෂ පාලනාධිකාරය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති බවයි. එබැවින් මේ මොහොතේ සැබෑ ජනමතය නියෝජනය කෙරෙන නව ආණ්ඩුවක් තෝරා පත් කර ගත යුතුව ඇති බවයි. බොහෝ විට සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට සම්බන්ධ බොහොමයක් බුද්ධිමතුන් අරගලයේ පණිවිඩය අර්ථකථනය කරනු ලබන්නේ මෙම සීමිත අරුතිනි. එබැවින් ඔවුන් අරගලයේ අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාම සඳහා යෝජනා කරන විසඳුම වන්නේ ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමයි.

නමුත් අරගලයේ පණිවිඩය සහ එහි අපේක්ෂාවන් පිළිබඳ වඩා පුළුල් සහ ගැඹුරු අර්ථකථනයක්ද දැන් මතුව තිබේ. එනම් අරගලය විසින් මෙරට ‘සැබවින්ම පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ’ සීමාවන් විචාරයට ලක් කොට ජනතාවගේ සෘජු දේශපාලන මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කරන ලද බවයි. එම පුළුල් හා ගැඹුරු අර්ථකථනයට අනුව මැතිවරණයක් මගින් ආණ්ඩු බලය මාරු කිරීමෙන් පමණක් මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැත. එබැවින් වසර පහකට වරක් ජන්දය ප්‍රකාශ කොට ඉන්පසුව නිහඬ නිෂ්ක්‍රීය ප්‍රේක්ෂකයෙකුගේ භූමිකාවට පණ පොවන ජන්දදායකයෙකු වෙනුවට පොදු ජීවිතයේ ගැටළු කෙරෙහි නිරන්තරව මැදිහත් වන සක්‍රීය ජනතාවක් වුවමනා වී තිබේය යන්න මෙම දෙවන අර්ථකථනය තුළින් පැන නගින අවධාරණය යි. “දියවන්නාවෙන් එපිට ජනතා බලයක්”, “මහජන කවුන්සිල ගොඩ නැගීමක්”, “නව ජනරජයක්”, “සංවිචාරණීය සමාජයක්” වැනි උද්දෘත මගින් කියැවෙන්නේ එයයි. සැබවින්ම දැන් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා සංකීර්ණ ගැටළු ආමන්ත්‍රණය කෙරෙන බුද්ධිමය සංවාදයක් නිර්මාණය වෙමින් තිබෙන්නේ අරගලය පිළිබඳ මෙම දෙවන අර්ථකථනය කේන්ද්‍ර කොටගෙනය. මෙම ලිපියේ අරමුණ වන්නේ මැතිවරණ දේශපාලනයේ සීමිත රාමුව ඉක්මවා ගොස් හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් දිනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නා වූ එම බුද්ධිමය සංවාදයට කිසියම් දායකත්වයක් සැපයීමයි.

නිර්-ප්‍රජාතාන්ත්‍රික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීම

මෙරට දැනට ක්‍රියාත්මක වන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආශ්‍රිත ගැටළු කිසිවෙකුට අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැත. එක් අතකින් ආසියානු සහ අප්‍රිකානු ලෝකයේ පැරණිතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාව තුළ නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සෑම නෛතික සහ ආයතනික අංගයක්ම පාහේ පවතී. අනෙක් අතින්, නිදහසින් පසු ඉතිහාසය තුළ කිහිප වරක්ම කල් පවතින සිවිල් යුද තත්ත්වයක් නිර්මාණය කරන්නට පවා හේතු වූ තරමේ බරපතල සමාජ ආර්ථික සහ දේශපාලන පීඩනයන්, බැහැර කිරීම් සහ ගැටුම්ද ලාංකීය සමාජ සැකසුම තුළ නිරීක්ෂණය කළ හැකි අතර ඒවා පැන නැගී ඇත්තේ නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාමුවට පිටතින් නොව එහි ඇතුළතිනි. නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාමුව තුළින්ම පැන නැගී එම රාමුව අභියෝගයට ලක් කරන්නා වූ එකී නිර්-ප්‍රජාතාන්ත්‍රික අංගයන් අප සමාජයේ දෛනික ජීවිතයේ අත්දැකීම් බවටද පත්ව තිබේ. ඒ අනුව ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ උභතෝකෝටිකය වන්නේ එක් අතකින් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයත් අනෙක් අතින් සමාජයීය තලයේ නිර්-ප්‍රජාතාන්ත්‍රිකරණයේ ප්‍රවාහයනුත් එකවර පවතින්නේ කෙසේද යන්නයි. මේ උභතෝකෝටිකය පිළිබඳව ලාංකීය දේශපාලන විද්‍යා සාහිත්‍ය තුළ ඇති තරම් දේ ලියැවී තිබේ. එබැවින් මගේ ප්‍රයත්නය වන්නේ මේ ගැටළුවට අදාළව මෙතෙක් එතරම් සාකච්ජාවට ලක්ව නොමැති කාරණයක් ගැන අවධානය යොමු කිරීමය. එනම්, මෙරට ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජයීය නිර්-ප්‍රජාතාන්ත්‍රිකකරණයත් සමාන්තරව පවතිනවා පමණක් නොව පළමුවැන්න විසින් දෙවැන්න පුනර්-ක්‍රියාත්මක වීමටද ලක් වන්නේය යන්නයි.

මේ කාරණය පැහැදිලි කිරීම පිණිස ආචාර්ය නිව්ටන් ගුණසිංහ දේශපාලන ආර්ථිකය විෂය ක්ෂේත්‍රයට අදාළව ඉදිරිපත් කළ ප්‍රවාදයක් දේශපාලන විද්‍යාවට අදාළව යොදා ගන්නට මම බලාපොරොත්තු වෙමි. නිව්ටන් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය තුළ ඉදිරිපත් කළ මූලික ප්‍රවාදය වන්නේ ලංකාව වැනි පරිවාර ධනවාදී සැකසුම් තුළ වැඩවසම් නොහොත් පූර්ව-ධනවාදී සබඳතා මුළුමනින්ම අහෝසි වී යනවා වෙනුවට ඇතැම්විට ඒවා නව ආකාරයකින් නැවත ක්‍රියාකාරී වන්නේය යන්නයි. නිදසුනක් ලෙස, මුලින් බ්‍රිතාන්‍ය පාලකයින් විසින් අහෝසි කර දමනු ලැබූ වැඩවසම් ශ්‍රම මාදිලියක් වූ රාජකාරී ක්‍රමය පසුව යටත්විජිත ආණ්ඩුවේම අවශ්‍යතා සඳහා නැවත යොදා ගනු ලැබීම ගැන නිව්ටන් කතා කරයි. මෙය ඔහු හඳුන්වන්නේ ‘පෞරාණික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමක්’ (reactivation of archaic relations) ලෙසයි. මෙහිදී කලින් එම පෞරාණික සම්බන්ධය පැවතුණේ පූර්ව-ධනවාදී ව්‍යුහයක් තුළ නම්, දැන් එය පුනර්-ක්‍රියාත්මක වන්නේ පරිවාර ධනවාදී ව්‍යුහයක් තුළය. මෙම පුනර්-ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලය වන්නේ බොහෝ දුරට අහෝසි වී යාමට ඉඩ තිබූ පෞරාණික සබඳතා මාදිලියක් නව ස්වරූපයකින් පැවතීම මිස අන් කිසිවක් නොවේ.

නිව්ටන්ගේ ප්‍රවාදය සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු තවත් කාරණයක් නම් පුනර්-ක්‍රියාත්මක වීම යනු කිසියම් තත්ත්වයක් නොව ක්‍රියාවලියක් බවයි. එබැවින් එයින් පැහැදිලි කෙරෙන්නේ හුදෙක් එකතැන නතර වී පවතින සබඳතා ව්‍යුහයක් නොව ගතික ක්‍රියා සන්තතියකි. මේ ප්‍රවාදය ඇසුරු කරමින් ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අදාළව මා අසන්නට කැමති ප්‍රශ්නය මෙයයි; මෙරටට නූතන නියෝජන ප්‍රජාතාන්ත්‍රික මොඩලය හඳුන්වා දීමෙන් පසුව දේශපාලනික අවකාශය තුළ සිදුව ඇත්තේද ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ පූර්ව-ප්‍රජාතාන්ත්‍රික නොහොත් නිර්-ප්‍රජාතාන්ත්‍රික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමක් නොවේද?

ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්හරණයේ ඉතිහාසය

ගතානුගතික කුළ සබඳතා නිදසුනක් ලෙස ගන්න. පශ්චාත් යටත් විජිත යුගයේ සංකීර්ණ සමාජ ආර්ථික පරිවර්තනවල බලපෑම හමුවේ යටපත් වී යාමට ඉඩ තිබූ කුළ සබඳතා පුනර්-ක්‍රියාත්මක කිරීමට මැතිවරණ දේශපාලනය කොතරම් දායක වී තිබේද? වත්මන් යුගයේ කුළය බොහෝ විට වැදගත් වන්නේ විවාහයේදී හැරුණු කොට මැතිවරණවලදීය. විවාහය සහ විෂමලිංගික පීතෘමූලික පවුල ධනවාදයේ ප්‍රබලතම දෘෂ්ටිවාදී උපකරණය ලෙස සැලකිය හැකිය. එබැවින්, පරිවාර ධනවාදය තුළ පෞරාණික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමේ ප්‍රධාන මාධ්‍යයක් බවට පවුල පත්වීම පුදුමයට කරුණක් නොවේ. නමුත්, ප්‍රජාතාන්ත්‍රික නවීකරණයේ මාධ්‍යයක් ලෙසින් සලකනු ලබන මැතිවරණ ක්‍රියාවලිය, පෙරළා කුළ සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් බවට පත් වීම සරදම්ජනක නොවේද?

ලාංකීය සංධර්භය තුළ මැතිවරණ දේශපාලනය ඔස්සේ ගතානුගතික ජනවාර්ගික සහ ආගමික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමේ ඉතිහාසය ඉතාම ප්‍රචලිතය. විශේෂයෙන්ම 1950 දශකයේ මැදභාගයෙන් පසුව මෙරට ජනවාර්ගික සහ ආගමික අනන්‍යතා දේශපාලනිකව පෙළ ගැස්වීමේ, සංවිධානය කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධාන මාධ්‍යයක් වූයේ මැතිවරණ දේශපාලනයයි. 1948 පුරවැසි පණතද, 1956 ‘සිංහල පමණක්’ පණතද, බෞද්ධාගමට රාජ්‍යයේ ප්‍රමුඛත්වය ලබා දුන් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, 1979 ත්‍රස්ත විරෝධී පණතද ඇතුළු ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ සීමා මායිම් නියම කළා වූ සියළුම නීතීන් සම්මත කරනු ලැබ ඇත්තේ ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ විධි විධානවලට අනුකූලවය. මෙයට එකතු කළ යුතු කාරණයක් නම් මැතිවරණ තරඟය අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයක් ඔස්සේ සංවිධානය වීමේ ලාංකීය අත්දැකීමද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය තුළින්ම නිර්-ප්‍රජාතාන්ත්‍රික ගතිකත්වයන් පැන නැගීම පිළිබඳ තවත් අනර්ඝ නිදසුනක් බවයි.

මැතිවරණ දේශපාලනයේ ඉන්ද්‍රජාලික පඩිපෙළ

මේ අනුව, ලාංකීය මැතිවරණ දේශපාලනයේ ඉතිහාසය යනු ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්හරණය වීමේ ඉතිහාසයක් ලෙස අර්ථකථනය කිරීම සාධාරණය. මෙම රැඩිකල්හරණයේ දේශපාලනය මගින් ප්‍රතිස්ථාපනය වන්නේ පන්තිමය, ජනවාර්ගිකමය, සමාජ ලිංගිකමය බලාධිකාරය බව අමුතුවෙන් කිව යුතු නැත. එලෙස සංස්ථාපිතයේ බලයම ප්‍රතිස්ථාපනය වීම වනාහී වරක් සිදු වී නතර වන්නක් නොව දිගින් දිගටම ක්‍රියා සන්තතියක් ලෙස සිදුවෙමින් පවතින්නකි.

මෙම රැඩිකල්හරණයේ ක්‍රියා සන්තතිය තුළ බරපතලම අභියෝගයකට ලක් වන්නේ පවතින ක්‍රමය වෙනස් කිරීම අරමුණු කොටගෙන දේශපාලනයේ නිරත වන වාමාංශික පක්ෂ හා කණ්ඩායම්ය. ලාංකීය අත්දැකීම වන්නේ සමාජ වෙනසක් අරමුණු කොටගෙන දේශපාලනයේ නිරත වූ බොහෝ වාමාංශික පක්ෂ හා සංවිධානවලට මැතිවරණ මගින් රාජ්‍ය බලය දිනා ගැනීම සඳහා තම මූලධාර්මික අරමුණු සම්මුතිගත කරන්නට සිදු වූ බවය. මේ සඳහා නිදසුන් එමට ඇත. වඩා ප්‍රචලිත නිදසුන වන්නේ ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1960 දශකයේ මැදභාගයේදී එකල ශ්‍රී.ල.නි.පය විසින් නියෝජනය කරන ලද සිංහල බෞද්ධ ජාතිකවාදය සමග සම්මුතිගත වීමයි.

මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක් වන්නේ පරමාදර්ශ සම්මුතිගත කිරීම යන්නෙන් අදහස් වන්නේ සංස්ථාපිතය නියෝජනය කරන පක්ෂ සමග සන්ධාන ගැසීම හෝ විවිධ ගැටළු මුල් කොටගෙන එක් වේදිකාවකට නැගීම නොවන බවය. කුමාරි ජයවර්ධන පෙන්වා දෙන පරිදි ලංකා සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ සම්මුතිවාදී දේශපාලනයේ බරපතලම ගැටළුව වූයේ ඔවුන් නිදහස් පක්ෂය සමග සභාගයකට ඇතුල් වීම නොව ඊටත් පෙරම මැතිවරණ දේශපාලනයේ පෙළඹවීම්වලට ලක්ව සිංහල බෞද්ධ ජාතිකවාදය සමග සම්මුතිගත වීමය. වාමාංශික ව්‍යාපාර මෙසේ ස්වකීය ප්‍රාරම්භක දේශපාලන පරමාදර්ශ සම්මුතිගත කරනු ලබන්නේ මැතිවරණ දේශපාලනය මාධ්‍යය කොටගෙන පමණක් යැයි මෙයින් අදහස් වන්නේද නැත. නමුත්, ලාංකීය නූතන දේශපාලන ඉතිහාසය තුළ සම්මුතිවාදයේ ප්‍රධානතම මාධ්‍යය වී ඇත්තේ මැතිවරණ දේශපාලනයයි. මන්දයත්, මා කලින්ද තර්ක කළ පරිදි මෙරට මැතිවරණ දේශපාලනය හැඩ ගැසී ඇත්තේම ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්හරණයට ලක් වීමේ අභ්‍යන්තර තර්කනයකට අනුවය.

එවිට මැතිවරණ මගින් රාජ්‍ය බලය දිනා ගැනීම තම ප්‍රධානතම උපායමාර්ගය බවට පත් කරගන්නා වාමාංශික පක්ෂයකට සිදු වන්නේ කුමක්ද? ඉතිහාසය සාක්ෂි දරන පරිදි එවන් පක්ෂයකට තම මැතිවරණ උපායමාර්ගයට සමගාමීව ‘සමාජය වෙනස් කිරීමේ’ දේශපාලන ව්‍යාපෘතියක් නොතිබුණහොත් සිදු වනු ඇත්තේ ඔවුන්ගේ මැතිවරණ භාවිතය වඩා බලවත් වී එමගින් ඔවුන්වම ක්‍රමානුකුල පරිවර්තනයකට ලක් වීමය. මා මෙරට මැතිවරණ දේශපාලනය ඉන්ද්‍රජාලික පඩිපෙළකට සමාන කරන්නේ එබැවිනි. එම ඉන්ද්‍රජාලික පඩිපෙළෙහි පහළම අඩියේ සිට ඔබට ක්‍රමානුකූලව ඉහළට නැගිය හැකිය. නමුත්, නගින සෑම පඩියක් පාසාම එම පඩිය වෙනස් කිරීමේ ප්‍රති-හෙජමොනික භාවිතයක්ද ඔබ සතු විය යුතුය. නොඑසේනම්, එම පඩිය විසින් ඔබවම පරිවර්තනයට ලක් කරනු ඇති අතර, ඔබ ඉහළම පඩියට නගින විට ඔබටම නොදැනී ඔබ සංස්ථාපිතයේ නියෝජිතයෙකු බවට පරිවර්තනය වී සිටිනු ඇත්තේ ජෝජ් ඕවල්ගේ ‘Animal Farm’ (මෙය ‘ගොවිපළේ පෙරළිය’ නමින් සිංහලට නැගී ඇත) නවකතාව සිහිගන්වමිනි.

සමාජය වෙනස් කිරීමේ දේශපාලනයක් වෙත

මෙයින් අදහස් වන්නේ සංස්ථාපිතයට එරෙහි වන්නන් මැතිවරණ ප්‍රතික්ෂේප කළ යුතු බව නොවේ. රාජ්‍ය බලය ප්‍රතික්ෂේප කරන ප්‍රති-හෙජමොනික දේශපාලනයක් ගැන කතා කිරීමෙන් පලක් නැත. රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ ක්ෂේත්‍රය මුළුමනින්ම සංස්ථාපිතයේ නියෝජිතයින්ට පවරා තමන්ව හුදෙක් බලපෑම් කණ්ඩායමක් බවට පරිවර්තනය කරගන්නා දේශපාලනයක් යනු අවසාන වශයෙන් සංස්ථාපිතයේ අඛණ්ඩ පැවැත්මට වක්‍රව සහාය දක්වන දේශපාලනයකි. (නිර්ප්‍රභූ අධ්‍යයන ඇතුළු විවිධ ධාරාවල පශ්චාත්-යටත් විජිත න්‍යායික ධාරාවල ගැටළුව වන්නේ මෙයයි). එසේම සන්නද්ධ අරගල උපායමාර්ගයක් මගින් රාජ්‍ය බලය සෘජුව අත්පත් කරගැන්මට ප්‍රයත්න දරන දේශපාලනයද සමාජය තුළ පැතිර පවතින රාජ්‍යය පරිවර්තනයට ලක් කරන්නට සමත් වන්නේ නැත. එබැවින්, එවන් ව්‍යාපාරයකට තම බලය පවත්වා ගන්නට සිදුවනු ඇත්තේ බලහත්කාරය සහ මර්දනය මගින් පමණි. විසිවන සියවසේ ‘සැබවින්ම පැවති සමාජවාදයේ’ අසාර්ථකත්වය මගින් අපට පෙන්වන්නේ එම මාර්ගයේ අභාවවාචක ඉරණමයි.

එසේනම්, අප කළ යුත්තේ කුමක්ද? මගේ යෝජනාව නම් අප දැන් ‘සමාජය වෙනස් කිරීමේ දේශපාලනය’ පිළිබඳ තරමක් යටපත් වී ගොස් තිබෙන සාකච්ජාව යළිත් මතු කොට ගත යුතු බවය. සමාජය වෙනස් කිරීමේ දේශපාලනය සහ මැතිවරණ දේශපාලනය සැමවිටම එකට ගමන් කරන්නේ නැත. නිදසුනක් ලෙස, අප සමාජයේ මුල් බැසගෙන තිබෙන පීතෘමූලික බල සම්බන්ධතා වෙනස් කිරීමට ප්‍රයත්න දරන ව්‍යාපාරයකට ඒ සමගම බහුතරයේ ජන්දවලට ආමන්ත්‍රණය කිරීම අසීරු වනු ඇත. නමුත්, වෙනස් කිරීමේ දේශපාලනය මුල් කොටගෙන මැතිවරණ දේශපාලනයේ නිරත වීම පිළිබඳ නිදසුන්ද නැතිවාම නොවේ. සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමාජයේ සංස්ථාපිත කුළ ධූරාවලිය අභියෝගයට ලක් කරමින් ආන්තික යැයි සැලකුණු කුළවලට අයත් අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් මැතිවරණ දේශපාලනයේ නිරත වීම එවන් එක් නිදසුනකි. වත්මන් අර්බුදයේ තීව්‍රතාව අනුව ඇතැම්විට සමාජය වෙනස් කිරීමේ සහ සමාජය පහළ සිට ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ ව්‍යාපාරයකට නව මුහුණුවරකින් ජාතික දේශපාලනයට කඩාවැදීමේ හැකියාවක්ද පවතිනු ඇත. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ගැන අපේක්ෂා රඳවා නොගත්, අළුත දේශපාලනීකරණය වූ පුළුල් තරුණ ප්‍රජාවක් සිටින බව අරගලය අපට පසක් කළේය. එම ප්‍රජාව ආකර්ෂණය කරගත හැකි නව දේශපාලන ආකෘතිය සහ නායකත්ව රටාව කුමක්දැයි කල්පනා කළ යුතුව ඇත.

අරගලය විසින් නව දේශපාලන සංවාද අවකාශයක් විවෘත කරනු ලැබ තිබේ. එම අවකාශය තුළ ගැඹුරු බුද්ධිමය මැදිහත්වීමක් කිරීමේ කිසියම් හෝ ශක්‍යතාවක් පෙන්නුම් කරන්නේ මැතිවරණ දේශපාලනයට වැඩි අවධානයක් දක්වන දක්ෂිණාංශික සහ වාමාංශික පක්ෂ විසින් නොව විකල්ප දේශපාලන අවකාශයක් සහ සක්‍රීය ජනතා ක්‍රියාකාරීත්වයක් වෙත වැඩි අවධානයක් යොමු කරන බලවේග විසිනි. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී පරිකල්පනයකට ඉඩ හසරක් සපයන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදය මැතිවරණවාදයෙන් ඔබ්බට රැගෙන යන්නට සමත් කණ්ඩායම් විසිනි. ශන්තාල් මූෆ් පවසන පරිදි, වාම ජනතාවාදයක (ජනප්‍රියවාදයක නොවේ) මාවත තැනිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ උපායමාර්ගයක් ඔස්සේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Dear SM,
    .
    I was too late to add my comments to one yours. Please read it below

    “Dear Leelagameli, there are many places where you give us target practice.”

    Totally disagree with you, I don’t consider a GLP academic just because he has a few prefixes and suffixes hanging next to his nameplate. Just opposing the current government cannot make him better.

    https://www.youtube.com/watch?v=yFTu6CiaVv0

    I strongly disagree before, each of us evolves during our lifetime. I am now sharing my thoughts with Reverend Siridhamma, forgetting his past but focusing only on the past 6 years. He has proven it in practice. And the message he issued is very big. We don’t need to hang on to our past for not doing what should have been done. Our people are not working properly and wasting their precious time. This monk is 100% right, even if his dharma is not the best. He has set an example for the agricultural experts of the country. He promoted RAJAKASHES but only to some extent. All other Sanghas did more harm than that.
    .

    • 1
      0

      “අරගලය හෙවත් අරගලය” සහ එහි ධනාත්මක ජයග්‍රහණ රට බේරා ගත්තේය. සමහර සැඟවුණු දේශපාලන පක්ෂ එහි ප්‍රතිරූපය විනාශ කළා. ඒ නිසා තමයි අවසාන අදියරේ සිදුවුණු අපචාර මේ ජාතියට නීතියක් හා සාමයක් නැහැ කියන පණිවිඩය මුළු ලෝකයටම දුන්නේ. “පිරිසිදු කිරි මුට්ටියකට ගොම බිංදුවක් දැමුවොත්” යනුවෙන් සිංහල ව්‍යවහාරයේ කියමනක් තිබේ – ඒ සියල්ල අපිරිසිදු වේ.

      රාජපක්ෂ පවුලක් විසින් අපගේ සැබෑ සාරධර්මවලින් අපව පන්නා දැමුවේ මන්දැයි දැන් අප සැවොම ප්‍රශ්න කළ යුතුය. ඊනියා කලාකරුවන් සහ අනෙකුත් කැපී පෙනෙන අය ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පවුලේ අය විසින් උපකරණ සහ හීලෑ කරන ලදී. ඔවුන්ගේ දූෂණයට හා අපරාධවලට සීමාවක් තිබුණේ නැත. මිනීමැරුම්, මුදල් විශුද්ධිකරණය වැනි ඉහළ අපරාධ ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද අතර බලය කොල්ලකෑමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක විය.
      .
      දූෂිතයන්ගෙන් ජාතිය ගලවා ගැනීමට ආගමික පූජකවරුන් ප්‍රමාණවත් දෙයක් කර නැති බව පැහැදිලියි නේද?

      අදටත් සමාජයේ ඉහලින්ම සිටින්නේ මෙලේචා පවුල පමණයි – බුදුන් වහන්සේ ඔවුන්ව ඉහලට දැම්මා කියලා කවුරුත් විරෝධය දක්වන්නේ නැහැ.

      ව්‍යාජ බුදුහාමුදුරුවෝ අපේ සමාජයේ නීතියට ඉහළින් ඉන්නවා. අවාසනාවකට මේ රටේ හොඳ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හිඟයක් තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලබාලයන් ලබාදුන් වරදාන පසුපස ගොස් අපේ බදු ගෙවන ජනතාවගේ මුදල් නාස්ති කරනවා. රාජපක්ෂලාට සමීප බොහෝ භික්ෂූන් වහන්සේලාගේ ගමනාගමනය සඳහා V8 මෝටර් රථ ආශිර්වාද කර ඇත.

      ඔවුන් එය “ඔක්තෝබර් 2018 කුමන්ත්‍රණයට” සම්බන්ධ කළා. මන්ත්‍රීවරුන් එකිනෙකාට “මිරිස් කුඩු සහ මුත්‍රා” ගසන “මාළු කඩේ” මන්ත්‍රීවරු හැසිරෙමින් සිටියහ.
      මීගමුව සහ ගාල්ල මාලු මාර්කට් වල මගේ නෙත ගැටුන සිදුවීම් ලේසියෙන් මැකී යන්නේ නැහැ. ශිෂ්ටාචාරය ඔවුන්ගෙන් සැතපුම් ගණනක් දුරින්. පසුගිය දශක 3 තුළ අපේ ජාතියේ එම කොටසේ මානව සංවර්ධනය සම්බන්ධයෙන් කිසිවක් කර නැත.

      දැන් අපේ ජාතියට සිදුවූයේ කුමක්දැයි නැවත සිතා බැලීමට කාලයයි. ඔවුන්ගේ ජනාධිපති ලෙස රනිල් පත්කළේ කෙසේ වෙතත් “මලේච රාජපක්ෂ යුගල” වෙනුවට ඉදිරිපත් වීමට කිසිදු නායකයෙකුට ධෛර්යයක් නොතිබුනේ නම් කතාව ධනාත්මකව අවසන් නොවනු ඇත. අපේ මිනිස්සු මතක නැති කරන්නන් ලෙස හැඳින්වේ. එය ඔවුන්ට වඩාත් ගැලපේ.
      .
      අරගලය මුලින් පටන් ගත් ආකාරය අන් කිසිවකට සාම්ප්‍රදායික නොවන බව මම සිතුවෙමි, නමුත් පසුව එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ වෙනත් වංචාකරුවන්ගේ හොට්ස්පොට් එකක් ලෙස සැලකේ.

  • 1
    0

    මූලික ආකල්ප වෙනස් නොකර සිස්ටම් වෙනස් කිරීම සාර්ථක නොවනු ඇත.
    .
    සෑම පුරවැසියෙක්ම සංවර්ධනයට දායක විය යුතු බව සහ දායක විය යුතු බව පැහැදිලි විය යුතුය. ඉතියෝපියානුවන් දැන් ඔවුන්ගේ සමහර ප්‍රගතිශීලී ආසියානු සගයන් අත්පත් කර ගන්නා ආකාරය පෙන්නුම් කරමින් පැරණි මානසිකත්වය නවීන එකක් සමඟ ප්‍රතිස්ථාපනය කළ යුතුය. ඉතියෝපියානුවන් ආදර්ශ සපයන්නේ නම් අපට බැරි ඇයි?
    ?

    ඕනෑම ආයෝජනයක් සහිත බලවත් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් ගැන ඇති වන ව්‍යාජ බිය සහ තැතිගැන්ම අපේ සිතුවිලිවලින් බැහැර කළ යුතු අතර විමල් බෘවන්සේ හෝ තක්කඩියන් පින්තාරු කිරීමට උත්සාහ කරන විදේශ ආක්‍රමණ අප රටට කිසිදා සිදු නොවනු ඇත. එය ඌරන්ට සමානය එක් දිනක් පියාසර කළ හැකිය: කෙසේ වෙතත් එවැනි වාචාල කතා මේ ජාතිය උඩු යටිකුරු කර අද වන විට ප්‍රපාතයකට බැඳී ඇත.

    බටහිරයන් ආයෝජනය කිරීමට අදහස් කරන්නේ නම් ලොව පුරා වඩාත් ආකර්ෂණීය භූගෝලීය ස්ථාන තිබේ. නිවාස සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන බලාපොරොත්තු වන්නේ අප පමණක් නොවේ. මේ දවස්වල මගේ මතකයට එන දේ, විශ්‍රාම ගිය පසු ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ට පවා සංවර්ධන ව්‍යාපෘති සඳහා නිර්මාණකරුවන්ගේ අභිප්‍රේරකයක් ලෙස හෝ දිරිගන්වන්නෙකු ලෙස සහභාගී විය හැකිය. අපගේ ඊනියා “උරුමක්කාරයන් 2500 ක බොරු පුරසාරම් දොඩන්නන්, රාවණා හෝ එවැනි අය” සමඟ සිටීම අපට ඉඩ සලසා දෙන්නේ කලාප සඳහා එකතැන පල්වීමට සහ ගඳ ගසන්නට පමණි.
    :
    මගේ පැතුම තව අවුරුදු 5කින් සමන්ත බද්ද පන්නයේ හාමුදුරුවරු තව තවත් මේ සමාජයෙන් බිහිවේවා, තව අවුරුදු 5ක් ඇතුළත අපේ කෘෂි සංස්කෘතීන් ස්වයංපෝෂිත කිරීමට අපට නායකත්වය දිය හැකියි. ඔහුගේ අක්කර 80 ක හිස් ඉඩම සැබෑ ආදර්ශ ගම්මානයක් බවට පත් කිරීමට ඔහුට ගත වූයේ වසර 6 ක් පමණි. එය දැන් කාටත් ආදර්ශයක් වී ඇත. ඒ ඔහුගේ මහන්සිය සහ දැනුමෙන් පිරි නායකත්වය සහ ඔහුගේ දියුණුව නිසාය. එය මේ රටේ ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධනයට ආදර්ශයක් වේවා.

  • 1
    0

    මේ අවුල ඇති කළේ වත්මන් ජනාධිපතිවරයා නොවන බව සිහි නුවණ ඇති ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. වෙන කවුරුත් නෙවෙයි රාජපක්ෂ. රාජපක්ෂලා බලය අල්ලා ගත්තේ මහා අපරාධවලට එරෙහිව තම අධිකරණය නිදොස් කිරීමටය. ඒ වගේම පසුගිය රජය යන්න දුන්නේ නැහැ. ඒ අය ගිය ආණ්ඩුවේ කැරලිකාරයෝ වගේ. මුන්ට ඕන අද රටේ තියෙන මගුලට බනින්න. ඔවුන් කිසිම සමාවක් දිය යුතු නැත.
    මුන් කරල තියෙන්නෙ ජාතිය අවුල් කරන එක විතරයි.
    නිකමට හිතන්න කෝවිඩ් 19 ට එරෙහිව සටන් කිරීමට නිසි ඖෂධ නොමැතිකම නිසා ජීවතුන් අතර සිටිය හැකි අපේ ආදරණීයයන් කී දෙනෙක් මිය ගියාද යන්න. පළමු එන්නතෙන් පවා ගෝඨාභය සහ ඔහුගේ බලු හෙංචයියන් එන්නතට ප්‍රමුඛත්වය දුන්නේ නැත. අවදානමට ලක්විය හැකි කණ්ඩායම්. ඒ වෙනුවට සාධාරණ මිනිසුන්ගේ ජීවිත සමඟ එය සිදු කරන ලදී. මට මගේ පියා අහිමි වූ අතර ඔහුගේ වයස බාධාවක් වූ නිසා ඔහුට එන්නත් නොතිබුණි. මම රාජපක්ෂලාට සහ ඔවුන්ගේ අපවාදාත්මක ස්වභාවයට මුල සිටම වෛර කරනවා. මම අද කිසිම ආගමක් අදහන්නේ නැහැ, මොකද රාජපක්ෂ මේ ජාතියට කරලා තියෙන හානිය ගණන් කරන්න බැරි තරම්. අප පුදුමයට පත් කරමින්, එම කුරිරු පවුලෙන් එක මිනිසෙකුවත් කොවිඩ් විසින් පැහැරගෙන ගියේ නැත. මිථ්‍යාව අපායක් බඳු අපේ රටේ සාමාන්‍ය විශ්වාසයක් වුවත් මම කිසිම කර්ම විපාකයක් විශ්වාස නොකරමි.

  • 1
    0

    මගේ නව යොවුන් වියේ සිට 20 දශකයේ මුල් භාගයේ අපේ මාතෘ භූමියේ මිනිසුන් අද දකින තරම් අන්ධ නොවීය. මිථ්‍යාවන් පසුගිය දශක කිහිපය තුළ ඔවුන් බොහෝ වෙනස් කර ඇත.
    .වැඩිහිටියන්ට ගරු කළත් ඔවුන්ගේ හැසිරීම් රටාව මනාව සකස් වුණා. අද නාගරික ප්‍රදේශවල පවා “තරුණයා හැසිරෙන්නේ කාටත් දණ ගහලා” වැනි දර්ශන දෙමාපියන් සහ ඕනෑම වැඩිහිටියෙකු ඉදිරියේ වුවද සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. ව්‍යාජ භික්ෂූන් වහන්සේලා දණ ගැස්වීමට සමාජය විසින් ප්‍රවර්ධනය කරන්නේ ඇයිද යන්න අද වන විට දැඩි ප්‍රශ්නාර්ථයකි.
    .
    මෙය පුද්ගලයාගේම සංජානනය සමඟ සම්බන්ධයක් නැත, නමුත් දණහිස් ප්‍රතික්‍රියාව වැනි ක්‍රියා.

    එසේ කළහොත් පමණක් ඔවුන් සමාජයේ කොටසක් බවට පත්වන බව ඔවුන්ට දැනෙන්නට පුළුවන. මිනිසුන් කිසිවක් කිරීමට පෙර සිතන්නේ නැත. ඔවුන් කරන්නේ අනෙකා අනුකරණය කිරීම පමණි. වෙනත් වචන වලින් කිවහොත්, මොළය සේදීම පූර්ව වැඩසටහන්ගත කර ඇත.

    පසුගිය දශක දෙක තුළ විප්ලවීය තොරතුරු තාක්‍ෂණය සමඟ මහජනතාවගේ යහපත සඳහා දේවල් වැඩිදියුණු වනු ඇතැයි මම සිතුවෙමි, අවාසනාවකට එය අපේ සංස්කෘතියේ නරකම වී ඇත.
    .
    කෙසේ වෙතත්, රට පුරා සංස්කෘතියක් හඳුන්වා දුන්නද, තරුණයින්ට නැවත වරක් තමන් ආචාරශීලී යැයි හඳුනා ගැනීමට නොහැකි විය.
    කවුරු හඳුන්වලා දුන්නත් නියම බුද්ධාගමට වඩා ජෛන ආගමෙන් එන්න ඕන.
    අපි වැඩිහිටියන්ට ගරු කළ යුතුය, නමුත් “පුහුණු සතුන්” මෙන් නොව: මෙම සංස්කෘතිය ඔවුන්ට හඳුන්වා දුන්නේ කවුද? උතුරු කොරියානුවන් ගැන සිතන්නට මට බල කෙරුනි, ඔවුන්ගේ නායකයා මිය යාමට පෙර ඔවුන් හැඬූ ආකාරය, ලෝකය වෛරස් වූ ආකාරය, ඔවුන් එසේ කිරීමෙන් වැළකී සිටියහොත් ඔවුන් එකිනෙකාට වඩා හොඳ නොවනු ඇත. මෑත කාලයේ අප දිවයිනේ ජාතිය තුළ වර්ධනය වූ සමාන ප්‍රවණතා කිහිපයක් තිබේ.

    අද පවා සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ඔහුගේ ම්ලේච්ඡ ආත්මාර්ථකාමී සැඟවුණු න්‍යාය පත්‍රවලට අභියෝග කරන්නේ නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියා කරන ආකාරය මට තවමත් විශාල අභිරහසක්. දීර්ඝ කාලයක් සිරගතව සිටිය යුතුයි කියලා අපි හිතන සමහර අය ප්‍රසිද්ධියේ ප්‍රබල ප්‍රකාශ කරනවා.

    ඇත්ත වශයෙන්ම, ඉන්දීය උප මහද්වීපයේ ආන්දෝලනාත්මක චරිතයක් වන ආචාර්ය කුමාරස්වාමි පසුගිය සතියේ හම්බන්තොටදී පැවති පවුලේ මන්තර ගුරුකම් උත්සවයකට සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කළේය. ආචාර්ය කුමාරස්වාමි ඉන්දීය දේශපාලනයේ අපවාදාත්මක චරිතයක් වන අතර ඔවුන්ගේ රජය විසින් හඳුනා නොගත් නමුත් ඔහුගේ ක්‍රියාවන් මෑත කාලයේ ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා ආක්‍රමණශීලී විය.

  • 2
    0

    අධ්‍යාපනය පමණක් නොව මිනිසුන්ට මඟ පෙන්වන විශ්වාසයන් දුර්වල මනසක් බවට පත්වේ. එය වෘත්තිකයන් විසින් සවි කළ යුතුය. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ව්‍යුහයන් ගොඩනඟන සිවිල් ඉංජිනේරුවන්ට වඩා මනෝ විද්‍යාඥයන් සහ සමාජ නිර්මාණකරුවන් ය.

    සමාජය නැවත නැවතත් බෙදීමට තුඩු දුන් දිගු සිවිල් යුද්ධයකින් පසුවද එය සිතාගත හැකිය. අපරාධ ඉහළ ගිය අතර මිනිසුන්ගේ උඩඟුකම සහ උදාසීනත්වය වේගයෙන් වර්ධනය විය. එවැනි පරිසරයක් තුළ ප්‍රතිවිරුද්ධ පරිසරයට වඩා පහසුවෙන් cRIMES බෝ වේ.

    මන්ත්‍රකාරයෙක්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෙක් මොනවා කිව්වත් මිනිසුන්ගේ යටි සිත නියාමනය වන්නේ ඔවුන් මත තබා ඇති පැහැදිලි කිරීම් මගිනි.

    බොහෝ මන්තර ගුරුකම් කරන්නන්, පිරිමි සහ ගැහැණු, දුර්වල පුද්ගලයෙකු තමන් ඉදිරිපිට සිටින විට ඔවුන්ගේ හඬ නඟයි. එබැවින් ඔවුන් තත්පර කිහිපයකින් හීලෑ කර පහසුවෙන් ගොදුරු බවට පත් කිරීමට ඔවුන්ට හැකි විය. රාජපක්ෂ අල්ලාගෙන වසර දෙකක් ඇතුළත රට කාලකණ්ණිකත්වයට ගෙන ගියේ එයයි.
    ව්‍යාජ හැකියාවන් උපකල්පනය කර, ව්‍යාජ මහජන මතයක් ඇති කළේය. රාජාක්‍ෂ පාලන සමයේදී හතු පිපෙන්නාක් මෙන් හතු පිපෙන්නාක් මෙන් හතු පිපෙන්නා වූ රාවණා ඇතුළු නාඳුනන බලවේග ගැන පක්ෂග්‍රාහී රූපවාහිනී නාලිකා හරහා වාර්තා විය.

    ඔවුන්ගේ මූලික සුදුසුකම් පවා අවධානයට ලක් නොවූ නමුත් ඔවුන්ගේ නැගීම නොසලකා හරින ලදී. නායකයො අහු උනොත් ඇයි අපි පස්සෙන් යන්නෙ නැත්තෙ කියල ඕන බයගුල්ලෙක් විශ්වාස කලා. …. මේකයි අයාලේ ගියේ…. ​​රට කෑලි වලට කැඩුවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.