4 September, 2026

Blog

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට​

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

හිටපු  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුද්ධ දෙකකට උරදී නැමැති කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  2028 දී බැඳුම්කර ණය ගෙවීම පටන් ගැනීම  තවත් යුද්ධයක්  විය  හැකි බවත් රට ඉදිරියේ ඇති සැබෑ ප්‍රශ්ණය එය බවත් ඒ ගැන කිසිවකු පාර් ලිමේන්තුවේ හෝ පිටත හෝ කතා නොකරන බවත් කීයඒ ගැන පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ 2028 වසරේදී අපගේ විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 15ක් වියයුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමඟ එකඟ වී ඇති බවත් දැන් ඇති සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් බවත් මේ වසර අවසානයේ එය ඩොලර් බිලියන 10 දක්වා ඉහල නැංවිය යුතු බවත්ය. ඒ ගැන තව දුරටත් පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ රාජ්‍යයට මූල්‍ය ස්ථාවරත්වය ලබාදීම ඔහුගේ යුගයේ ආරම්භ කල බවත් රටට එපමණකින් සෑහීමට පත්විය නොහැකි බවත් ණය ගෙවීම පහසු වීම සඳහා ආර්ථිකය වර්ධනය විය යුතු බවත්ය. එම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔහු ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කළ බවත් වත්මන් ආණ්ඩුව එය නොසලකා හැර තිබෙන බවත් මේ කාරණය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ විෂය පථයට ඇතුලත් නොවන බවත් ඔහු තවදුරටත් කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවූ නිර්නායක ඉලක්ක පසුගිය ආණ්ඩුව විසින්ද මේ ආණ්ඩුව විසින්ද බොහෝ සෙයින් ලඟා කරගෙන තිබේ. එවකට ආණ්ඩුව විසින් මූල්‍ය අරමුදල වෙත යෝජනා කර තිබුනේ ආණ්ඩුවේ ආදායම් වැඩි කිරීම මත පදනම් වූ යෝජනාවලියකි. එය පිළිගන්නා ලදී. එම  එකඟතාවයේ අරමුණ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමයි.එම තත්ත්වය අප අනුක්‍රමයෙන් ලඟා කර ගනිමින් තිබේ. රටේ ආර් ථිකය වැඩි දියුණු කිරීම හෙවත් විශාල ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමට ගතයුතු පියවර වර්තමාන ආණ්ඩුව විසින් අතපසු කරමින් තිබේ. එම අතපසු කිරීම කරන ආකාරය පළමුවද එම අතපසු වීමේ ප්‍රතිඵල දෙවනුවද සාකච්ඡා කරමු.

ආණ්ඩුව ආර් ථික වර් ධනය අතපසු කරන ආකාරය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්  2026 මැයි මස නිකුත් කරන ලද පස්වන සහ හයවන විමර් ශන සඳහා වන වාර්තාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම මගින් දල දේශීය නිෂ්පාදිතය කෙටි කාලීනව4% කින්ද දිගු කාලීනව 8% කින් ද නැංවිය හැකි බව කියා ඇත. ආණ්ඩුව වෙළෙඳාම ලිහිල්කරණය සහ ඩිජිටලි කරණය පිලිබඳ යම් පියවර ගෙන ඇතත් කළ යුතු දේ තවත් බොහෝ ඇත. තීරුබදු අඩු කිරීම සිදුවන්නේ වක්‍ර සහ කල්ගතවන ක්‍රමයකට වන  අතර ඩිජිටලි කරණය වඩා ඉක්මන් වීම රටට හොඳය.

මිට කලින් තිබු ආණ්ඩුව රටේ මුල්ය ස්ථාවරත්වය සහතික කිරීමෙන් පසුව රටේ ආර්ථික වර්ධනය සඳහා ගත යුතු ක්රියා මාර් ග සඳහන් කරමින් ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගත්තේය. එහි ප්රධානත්වය දෙනු ලැබුවේ අපනයන සංවර් ධනයට සහ විදේශ ආයෝජන වැඩි කිරීමට යි. ලංකාව වැනි විදේශවිනිමය හිඟය නිසා ආනයන වලට ගෙවීමට නොහැකිවූ රටක ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ අපනයන ක්ෂේත්රය පාදක කර ගෙනය. මෙම අපනයන වර් ධනය පාදක විය යුත්තේ හුදු ලියැවිල්ලකට නොව වැඩ පිළිවෙලකටය

එම පනත  අනුව ආයෝජන ප්රවර්ධනය සහ මෙහෙයවීම සඳහා.වත්මන් ආයෝජන මණ්ඩලය අහෝසි කර ශ්රී ලංකා ආර්ථික කොමිෂන් සභාව  ස්ථාපිත කිරීමටත් නිදහස් වෙළඳ කලාප සහ ආයෝජන කලාප වඩාත් කාර් යක්ෂමව පාලනය කිරීමට ශ්රී ලංකා ආයෝජන කලාප ආයතනය ස්ථාපිත කිරීමටත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුම් සම්බන්ධ කටයුතු සඳහා ජාත්යන්තර වෙළඳ කාර් යාලයක් ස්ථාපිත කිරීමටත් රටේ සමස්ත ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා උපායමාර් ග සකස් කිරීමට ජාතික ඵලදායීතා කොමිෂන් සභාව ස්ථාපිත කිරීමටත් වෙළඳ ප්රතිපත්ති පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට ශ්රී ලංකා ආර්ථික  විද්යා හා ජාත්යන්තර වෙළඳ ආයතනය  ස්ථාපිත කිරීමටත් යෝජනාවී තිබුණි.

ආණ්ඩුව විසින් මෙම පනත ක්රියාත්මක වීම අත්හිටවා ඇති අතර යම් කාරනා වලට එකඟ නොවන්නේ නම් එයට සංශෝධන හෝ ඉදිරිපත් කර නොමැත.

පොහොසත් ලස්සන ජිවිතයක් මැතිවරණ ප්රකාශනයේ 106 වන පිටුවේ අපනයන විවිධාංගිකරණය  මගින්  විදේශ වෙළෙඳ පංගුව වැඩි කිරීම සඳහා පවත්නා වෙළෙඳ ගිවිසුම් නැවත සලකා බැලීම සහ නව ගිවිසුම් වලට එළඹීම සිදු කරන බව දක්වා ඇත. එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැත. ඉන්දියාව ජපානය සහ ශ්රී ලංකාව ආවරණය වන පරිදි එකඟවූ ආර්ථික කොරිඩෝවේ වැඩ කඩිනම් කරන්නැයි ජපන් තානාපති වරයා පසුගියදා ශ්රී ලංකාවෙන් ප්රසිද්ධ ඉල්ලීමක් කළේය. කටයුතු සිදුවන ආකාරය ගැන ජපානයේ කලකිරීම මෙයින් ප්රකාශ වේ. එමෙන්ම ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ ගිවිසුමේ අනෙක් අදියරට පිවිසීම ඉක්මන් කරන්නැයි ඉන්දීය තානාපතිවරයාද ශ්රී ලංකාවෙන් විවෘත ඉල්ලීමක් කළේය.

ආර්ථික පරිවර්තන පනත අනුව 2030 දී රටේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස 40% ක්  ලෙස ඉහල යායුතුය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඔවුන්ගේ අපනයන වර්ධන සැලැස්ම අනුව පුරෝකථනය කර ඇති 2030 දී ඩොලර් බිලියන 36 ක අපනයන ඉලක්කය මෙය  සමග සමපාත වන නමුත් අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය වැඩ පිළිවෙලක් නොමැති හුදු ඉලක්කයක් පමණි. ඒවා සාර්ථක වීමේ  ඉඩකඩ අල්පය.

ආණ්ඩුවේ මැතිවරණ ප්රකාශනයේ 108 වන පිටුවේ රාජ්ය හිමිකාරිත්වය සහිත ව්යවසායයන් සම්බන්ධව මෙසේ සඳහන් වේ. “උපාය මාර්ගික වැදගත්කම, ආර්ථික වර්ධනයේ විභවතාවය, නිෂ්පාදන ආර්ථිකය උත්තේජනය කිරීමේ හැකියාව, මූල්ය ස්ථාවරත්වයට ඇති බලපෑම සහ ජාතික ආරක්ෂාවට ඇති අදාලත්වය සලක බලමින් එක්  එක් ආයතනය සම්බන්ධයෙන් ගත හැකි ක්රියාමාර් ග තීරණය කිරීම

ආණ්ඩුවට ප්රසංශා වක් වශයෙන් වසා දැමිය යුතු හෝ ප්රතිසංවිධානය කල යුතු ආයතන 33ක් හදුනාගැනීම දැක්විය හැක. නමුත් හුදු හඳුනා ගැනීමකින් පලක් නොවේ. මේ වැඩ පිළිවෙල වහා ක්රියාත්මක කළ යුතුය. ආණ්ඩුව පොරොන්දු වූ රාජ්ය වාණිජ ව්‍යාපාර​ කළමනාකරණ පනත තවමත් පැමිණ නැත. විදුලිබල මණ්ඩලය සමාගම් කිහිපයකට වෙන් කිරීම තවත් පැසසිය යුතු කාරණයකි. මෙහි අවසන් වෙන්කිරීමේ සැලසුම ආණ්ඩුව විසින් 2027 මාර්තු මස ක්රියාත්මක කළ යුතුව ඇත.

ශ්රී ලංකන් ආයතනය සම්බන්ධ  ආණ්ඩුවේ ප්රතිපත්තිය ජාතික ප්රතිපත්තියකට වඩා හුදු දේශපාලනික අරමුණු සහිත එකක් බව ජනාධිපති වරයා විසින් මුල්වතාවේ පත්කරනලද සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය , ඔවුන්ගේ ව්යාපාරික බැඳියාවන් සහ පත්කිරීමට පසු සිදුවූ දේ ආශ්රයෙන් සිතාගත හැක. ආණ්ඩුවේ ප්රථම අයවැයෙන් මෙම ආයතනයට රු. බිලියන 20ක් වෙන් කරන ලදී. මෙම ආයතනයේ ශේෂපත්රය පරික්ෂා කිරීමෙන් විශාල මුදල් ආයෝජනයකින් තොරව මෙය පවත්වාගෙන යාම අපහසු බව පැහැදිලිය. ආණ්ඩුවට මුදල් ආයෝජනය නොකළ හැකි බැවින් මෙය පුද්ගලීකරණය කිරීම විසඳුම වේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ශ්රී ලංකන් ගුවන් සේවය ගැන ගත්තේ වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය වැන්නකි.

ලාභ උපයන ආයතන කිහිපයක් නිසා මෙවැනි ආයතන විශාල ප්රමාණයක පාඩු සැඟව තිබේ. ජනාධිපතිවරයා මැතිවරණ යුගයේ වේදිකාවල ප්රකාශකලේ උපාය මාර්ගික වැදගත්කමක් ඇති ආයතන පමණක් රජය සතුව තබාගන්නා බවයි.ලාභ ලබන ආයතන වුවද උපරිම ශක්තියෙන් නොදුවන බව ශ්රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ද රක්ෂණ සංස්ථාව සහ සෙලින්කෝ රක්ෂණ සමාගමද සැසඳීමෙන් වටහා ගත හැක.

අනෙක් අතට මෙම ආයතන කොටසක් හෝ මුළුමනින් පුද්ගලීකරණය කිරීමෙන් දශක ගණනාවක් තිස්සේ පුද්ගලික අංශයෙන් රජය විසින් පවරාගත් ධනය ආපසු ඔවුන්ට පවරා ජාතික සංවර්ධනයට ඔවුන්ද දායක කර ගත හැක. බැංකු ක්ෂේත්රයේ ඉක්මන් පරිවර්තනයක් සඳහා ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් 50% කට අඩු ප්රමාණයක් පුද්ගලීකරණය කළ යුතු යයි මම සිතමි. ආයතන පුද්ගලීකරණය කිරීමෙන් ලැබෙන මුදල්  රට අනාගතයේදී අපහසුතාවකට පත්විය හැකි ණය කළමනාකරණය සඳහා පාවිච්චි කල හැක.

ආර්ථික වර්ධනය මහා බැංකුවේ වගකීමක් නොවනවා සේම එය මූල්ය අරමුදලේ ඉලක්කයක්ද නොවේ. එය ආණ්ඩුවේ වගකීමකි. මහා බැංකු අධිපතිවරයා පසුගියදා කිහිප වරක්ම ආර්ථික වර්ධනය මහා බැංකුවේ වගකීමක් නොවන බව ප්රකාශ කළේය. එම ප්රකාශයෙන් ගම්ය වන අප්රකාශිත කරණය නම් ආණ්ඩුව ආර් ථික වර් ධනය පිලිබඳ සිය වගකීම නිසියාකාරව ඉටු නොකරන බවයි.

අප මෙතෙක් සාකච්ඡා කලේ ආණ්ඩුව ආර්ථික වර්ධනයක් ඇතිකිරීම සඳහා ගත හැකි ක්රියාමාර්ග අතපසු කරන ආකාරයයි. එහි ප්රතිඵල ගැන දැන් සාකච්ඡා කරමු. එහි ප්රතිඵල දෙආකාරවේ. පළමුවැන්න ණය ආපසු ගෙවීමට ඇතිවන බලපෑමයි. දෙවැන්න සාමාන්ය පොදු ජනයා ගේ ජිවන මට්ටමට ඇතිවන බලපෑමයි.

ණය ආපසු ගෙවීමට ඇතිවන බලපෑම

මුල්ය අර් බුදයට  මුහුණ දුන් පසුවත් ජාත්යන්තර සංවිධාන වලට ගෙවිය යුතු ණය අපි ගෙවමින් සිටියෙමු. උමේෂ් මොරමුදලි පසුගිය කතිකාව වැඩසටහනකදී පෙන්වා දුන් පරිදි 2024 දී අපි චීනයට ගෙවිය යුතු ද්විපාර්ශ්වික ණය පොලි ගෙවීම ආරම්භ කල අතර 2025 දී අනෙක් රටවලට ගෙවියයුතු ද්විපාර් ශ්වික ණය පොලි ගෙවීම ආරම්භ කළෙමු. 2026 සිට ප්රතිව්යුහගත කරණ ලද බැඳුම්කර සඳහා ගෙවීම් ආරම්භ විය. 2028 සිට ද්විපාර්ශ්වික ණය වාරික ගෙවීම ආරම්භ වේ. මේ ණය ගෙවීම සඳහා සැලැස්මක් සකසා ඇත. 2027 දී යම් හිඟයක් පුරෝකථනය කර ඇති අතර ඒ අනුව 2027 සහ 2028 වසර වල ඩොලර් බිලියන 1.5 බැගින් බැඳුම්කර නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මේ බව ජාත්යන්තර මූල්ය අරමුදල විසින් 2026 මැයි මස නිකුත් කළ වාර් තාවේ 6 වන වගුවේ දැක්වේ.

මේ ණය ගෙවන්නේ විදේශ සංචිත වලින් නොවේ. එදිනෙදා වෙළෙඳ පොළේ ඇති ඩොලර් වලිනි. ඒ සඳහා පළමුව වෙළෙඳපොළේ ඩොලර් තිබිය යුතුය. අර් බුදයෙන් පසුව රාජ්ය ගිණුම් වල පොලී හැර ආදායමෙන් වියදම අඩු කිරීමෙන් පසුව අතිරික්තයක් තිබුනා සේ විදේශ ගිණුම් වලද අපනයන ආදායම සහ සංචාරක කර් මාන්තය  හා විදේශ ප්රේෂණ වලින් ලැබෙන ආදායමෙන් අපනයන වියදම් අඩුකළ විට අතිරික්තයක් තිබේ. මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා විදේශ ගිණුම් වල ශේෂය හිඟයක් බවට පත්වී තිබේ. මෙයට ප්රධාන හේතුව වන්නේ මැද පෙරදිග යුද්ධයයි. අපේ ආර් ථිකය කෙතරම් අස්ථාවරද යන්න මෙයින් පැහැදිලිවේ. එය ඉදිරියේදී අතිරික්තයක් වේ යයි උපකල්පනය කළ හොත් වෙළෙඳ පොළේ ඩොලර් ද ඒවා මිලදී ගැනීමට රුපියල් ද තිබේ.

ප්රශ්ණය වන්නේ පුරෝකථනය කරන ලද  එල්නිනෝ තත්ත්වය සහ දික්ගස්සුනු මද පෙදිග යුද්ධය වැනි දේශීය සහ විදේශීය අවිනිශ්චිත තාවයන් මත මේ මුදල් ප්රමාණවත් නොවිය හැකි වීමයි. මේ තත්ත්වයන්ට බොහෝ විට අපට මුහුණ දීමට සිදුවනු ඇත.

මූල්ය අරමුදල සමඟ ඇතිවූ එකඟතාව මත රටේ විදේශ සංචිත අවශ්ය පමණ ගොඩනගා ගැනීමට අපට් නොහැකි විය. 2025 දී පාවිච්චි කළ හැකි ඩොලර් බිලියන 8.5 ක සංචිතයක් තිබිය යුතු වුවත් අප සතුව තිබුනේ ඩොලර් බිලියන 6.8 ක දළ සංචිතයකි. එයින් යම් ප්රමාණයක් පාවිච්චි කළ නොහැක. මේ පාවිච්චි කළ හැකි සංචිත මට්ටම 2026 දී ඩොලර් බිලියන 10.8 මට්ටමටද, 2027 දී ඩොලර් බිලියන 14.2 මට්ටමටද, 2028 දී ඩොලර් බිලියන 15.8 මට්ටමටද තිබිය යුතුය. විදේශ සංචිත අවශ්ය ප්රමාණයට නොතිබීම රුපියල අව ප්රමාණයට ද හේතුවක් විය හැක.

මේ මට්ටමට එන විට ණය ගෙවීමේදී අප සුරක්ෂිත වන අතර ජාත්යන්තර රේටින් ඒජන්සි වලින් හොඳ රේටින් එකක් ලබා ගැනීමට හැකිවේ. රේටින් එක හොඳ වන තරමට ජාත්යන්තර බැඳුම් කර (ඩොලර් බිලියන 3 ක ණය ඇස්තමේන්තු කර ඇත.) වලට ගෙවිය යුතු පොලිය අඩුවේ.

ෆිච් රේටින් ඒජන්සිය විසින් ලංකාවට දී ඇති රේටින් එක CCC වේ. අවසන් බැඳුම්කරය නිකුත් කරන විට අප සිටියේ B රේටින් එකේ ය. එබැවින් අඩු වශයෙන් අප B මට්ටමට ලඟා විය යුතුය. දැන් තිබෙන තත්ත්වය අනුව විදේශ සංචිත බලාපොරොත්තු මට්ටමට වැඩි කර ගැනීමට හෝ ඒ අනුව අපේක්ෂිත බැඳුම්කර සඳහා සාධනීය පොලි අනුපාතයක් ලබාගැනීමේ හැකියාවක් නැත. අර් බුදය  මෙයයි.

යම් හෙයකින් අපේ විදේශ වෙළෙඳාම වැඩි වුයේ නම් විදේශ සංචිත ද ණය ගෙවීමේ හැකියාවද වැඩි කර ගත හැක. වැඩිවන ආනයන නිසා ඒවා ආවරණය කිරීමට සංචිත කෙසේ නමුත් වැඩි විය යුතුය. ආණ්ඩුව විදේශ වෙළෙඳාම වර් ධනය කිරීමට පියවර නොගැනීමේ පාඩුව එයයි. අනපේක්ෂිත සිදුවීම් මත මෙය බරපතල තත්ත්වයකට පරිවර් තනය විය හැක.

පොදු ජනයා ගේ ජිවන මට්ටමට ඇතිවන බලපෑම

ජාජබ මැතිවරණ ප්රකාශනයේ 101 පිටුවේ මෙසේ සඳහන්වේ. “උද්ධමනය පාලනය කර ඇති බවට විවිධ තර් ක ඉදිරිපත් කළද යථාර්ථය වන්නේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබීමයි. මූලික අවශ්යතාවයන් ප්රමාණාත්මකව සපුරා ගැනීමට නොහැකි පරිදි ජනතාවගේ සැබෑ ආදායම පහළ වැටී ඇත.” ජනතාවගේ සැබෑ ආදායම පහළ වැටී තිබීමද එමෙන්ම උද්ධමනය පාලනය කර තිබීමද සත්යයකි. උද්ධමනය යනු මිලෙහි වැඩිවීමේ වැඩිවීමයි. එය පාලනය කලද මිලෙහි වැඩිවුන ප්රමාණය එලෙසම පවතී. පසුව පැවතුන අවධමන තත්ත්වය නිසා වැඩිවුණ මිල යම් පමණකට අඩුවිය.

දරිද්රතා මට්ටමෙන් පහලට වැටුන ජනතාව ඉහළට එසවීමට ගත හැකි තාවකාලික ක්රියා මාර්ග මෙම ආණ්ඩුව ගෙන නැත. ඒවානම් මැතිවරණ ප්රකාශනයේ පොරොන්දු වූ පරිදි අත්යවශ්ය ආහාරද්‍රව්‍ය​ ද්රව්ය හා වෙනත් දේ සඳහා වැට් 0% අනුපාතයට ගෙන ආවේ නැත. නමුත් ආදායම් බද්ද පොරොන්දු වූ ප්රමාණයට නොව යම් ප්රමාණයකට අඩු කරන ලදී. මූල්ය අරමුදල සමඟ පසුගිය ආණ්ඩුව එකඟ වූයේ 15%ක වැට් අනුපාතයකටයි. නමුත් පසුගිය ආණ්ඩුව විසින් එය 18% දක්වා ඉහළ නංවන ලදී. එය අඩු කිරීමටද මේ ආණ්ඩුවේ උනන්දුවක් නැත. වැට් පසෙක තැබුවත් එකතු කළ අගය මත නොවන සමාජ ආරක්ෂණ බද්ද වත් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන නැත. එසේ නමුත් මුල්ය අරමුදල සමඟ එකඟ වූ දේපල බද්ද පැනවීම ආණ්ඩුව විසින් දිගින් දිගටම අතපසු කරමින් තිබේ. මෙය ධනපති කොටස් මත පැනවෙන බද්දකි.

ඒ අතර ඩොලරයේ මිල අනුක්රමයෙන් ඉහළයාම ආනයනික ආහාර වල මිල වැඩිවේ. 2025 සඳහා මහා බැංකුව විසින් ඩොලර් බිලියන දෙකක් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇත. ඩොලරය ඉහල යාමට එයද හේතුවේ. මේ මිල වැඩිවීම පහල ආදායම් ලබන ජනතාවට කෙලින්ම බලපායි. ආණ්ඩුවට මෙයට ප්රතික්රියාවක් නැත. එබැවින් රටේ සාමාන් ජනතාව පිලිබඳ හැඟීමක් පාලකයන්ට නැත. ඔවුන්ගේ ඉලක්කය මධ්යම පන්තියයි.

දරිද්රතා මට්ටමෙන් පහලට වැටුන ජනතාව ඉහළට එසවීමට ගත හැකි දිගු කාලීන ක්රියා මාර් ගය වන්නේ රටේ ආර් ථිකය නැංවීමයි. ඒ සඳහා අප ඉහත සාකච්ඡා කළ පරිදි ක්රියා කිරීමයි. සටන් පාඨ කීම නොවේ.

සමාප්තිය

එක අතකින් සාකච්ඡා කළ පරිදි සංවර්ධනය කරා  යන මාවත අපෙන් ගිලිහි යමින් තිබේ. අනෙක් අතින් ආණ්ඩුව බලය රඳවා ගැනීමට උත්සාහ කරන්නේ රටක ආර්ථික සංවර්ධනයට වඩා සොරුන්ට දඬුවම් කිරීම යෙහෙකැයි  සිතු ජනතාවකට ආමන්ත්රණය කිරීමෙනි. සොරුන්ට දඬුවම් කිරීමට සොරු හැර කිසිවකු විරුද්ධ නොවෙති. නමුත් එය දේශපාලන පළිගැනීමක් දක්වා ලඝු වෙමින් තිබෙන්නේ ආණ්ඩුව සිය කණ්ඩායමේ වැරදි සම්බන්ධයෙන් අනුගමනය කරන සහන ශීලි ප්රවේශයයි.

අපි ස්ථාපිත ප්රජාතන්ත්රවාදී රාජ්යයක් වමු. ආර්ථික සංවර්ධනය කරා යන මාවත මිට පෙරද අපට මගහැරී ඇත.   අතර ආණ්ඩුක්රම ව්යවස්ථාවට යෝජිත 22 සංශෝධනය හරහා අපි අධිපතිවාදී රාජ්යයක් කරා පිය නගමින් සිටිමු. මා එසේ කියන්නේ සංශෝධනයට එරෙහි සියලු විරෝධතා ආණ්ඩුව ව්යවස්ථාදායක තලයේ නොසලකා ඇති අතර ශ්රේෂ්ඨාධිකරණය විසින් ක්රියාපටිපටිමය තලයේ නොසලකා හැර ඇති බැවිනි. රට මුහුණ දෙන ඊළඟ අර්බුදය මේ පැති දෙකේ සංකලනයක් විය හැක.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment