
අමිල මුතුකුට්ටි
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ශවයෙන් මේ දිනවල දකින්නට ඇත්තේ දැඩි දේශපාලන නිහඬතාවයකි. එනම් මැතිවරණයට පෙර ජනතාව හමුවේ වූ පොරොන්දු ඉටු කිරීමේ නොව ඉටු කිරීමට සූදානම් වීමක හෝ ධනාත්මක ප්‍රතිචාරයක මන්දගාමී වීමක් මෙම නිහැඬියාව විසින් ජනගත කොට තිබේ. ඕනෑම තැනක ඇතිවන නිහැඬියාව මඟින් පිළිබිඹු කරන්නේ අනතුරක සේයාවකි. එය මාගේ මතකය 2015-2019 කාල පරිච්ඡේදයේ වූ යහපාලන සමය වෙත දිව යයි. එහිදී පුරවැසියන් ලෙස අප විසින් උගත් පාඩම් කිහිපයක් යළි සිහි කැඳවීම අතීතය යළි යළිත් සිදු වීම වළක්වා ගැනීමට උපකාර වන බව මගේ අදහසයි.
මහජන මුදල් වංචා කළ සොරුන් අල්ලා දඬුවම් දීම සහ යහපාලනයක් රට තුළ ස්ථාපිත කිරීම තම ප්‍රධාන තේමාව කර ගනිමින් බලයට පැමිණි මෛත්‍රීපාල-රනිල් හවුල් ආණ්ඩුව සොරුන්ගේ පාලනයට නතු වීමට ගියේ ඉතාමත්ම සුළු කාලයකි. ඊට හේතුව වූයේ සොරුන් ඒ තුළම සිටීමත්, රාජ්‍ය සේවය තුළ විවිධ තරාතිරම්හි සොර ඒජන්තයන් සිටීමෙන් අපේක්‍ෂිත ඉලක්ක එලෙසින්ම ක්‍රියාවේ නොයෙදීමත්ය. එනිසාම ලසන්ත වික්‍රමතුංග ඇතුළු ඝාතනය වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වී විමර්ශන මගින් සිදු වූයේ ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ වීම වෙනුවට ඔවුන්ගේ සහෘදයින්ගේ සිත් තව තවත් පෑරීමට ලක් වීමයි.
කිරි කලයට වැටුණු එක් ගොම බිඳුවකින් සමස්ත කිරි කලයම නරක් වන්නා සේ ම ඕනෑම ආණ්ඩුවක් පිරිහීම කරා ගෙන යාමට පුද්ගලයන් කිහිප දෙනෙකු හොඳටම ප්‍රමාණවත් වේ. යහපාලන සමයේ එවැනි ගොම බිඳුවක් වූයේ හේමසිරි ප්‍රනාන්දුය. ඔහු මෛත්‍රීපාල විසින් ලබා ගත් පළමු පත්වීම වූයේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ධූරයයි. අනතුරුව මහජන බැංකුවේ සභාපති ධූරය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය ලබා ගත්ත ද ඔහුට ස්වාධීන රූපවාහිනිය අමතක කළ හැකි තැනක් නොවීය. ඒ ඕනෑම කෙනෙකුට වන පරිදි, හේමසිරිට ද සිත ගිය තැන මාළිගාවක් වූ නිසා විය හැකිය. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල තනතුරු රැසක් දැරූ හේමසිරිගේ හොට පැටලෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය නිසාය. ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම වෙනුවෙන් තම රාජකාරිය පැහැර හැරීම සඳහා චෝදනාවට ලක් වීමත් සමඟය. නැවතත් හේමසිරි සහ පූජිත ජයසුන්දර අධිකරණය හමුවට ගෙන ඒමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමඟ ඔහුගේ විශ්‍රාම දිවිය අඳුරු වී තිබේ. ඉහතින් දක්වන ලද්දේ එක් පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය වූවද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ සියලුම පුද්ගලයන් ද යහපාලන රජයේ පිරිහීමට වගකිව යුතුය.
ඒ අනුව වත්මන් රජය විසින් කරනු ලබන පත් කිරීම් සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතුය. මේ වන විටත් ඇතැම් අමාත්‍යංශ සඳහා ලේකම් වරුන් පත් කොට නැත. එසේ පත් කිරීමට නියමිත පුද්ගලයන්ගේ අවංක බාවය සහ ජනතාවට ඇති වගවීම ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් හා පළපුරුද්දට වඩා ඉහළින් සලකා බැලිය යුතුමය.
යහපාලන රජය තුළ රනිල් පිල සහ මෛත්‍රීපාල පිල ලෙස පිල් බෙදීමක් සිදු වූ අතර එහි කුඨප්‍රාප්තිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් යමින් මෛත්‍රීපාල විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරෙන් නෙරපා හරිමින් මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමයි. එම දේශපාලන අස්ථාවරත්වයෙන් ඇති වූ ආර්ථික අස්ථාවරත්වය ඉතා විශාලය. වත්මන් රජය තුළ එවැනි පිල් බෙදීමක් දකින්නට නොලැබෙන අතර එවැන්නක් පිළිබඳව අනාවැකි කීමට ද ඉක්මන් නොවිය යුතුය. කෙසේ වෙතත් ඇතැම් විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රධාන කණ්ඩායම් දෙකක් ලෙස ගෙන විශ්ලේෂණය කළ හැකි බව සහ ඔවුන්ගේ එකිනෙකට වෙනස් සාමාජීය ගති ලක්ෂණයන් ද පවතින බවයි.
අවුල් වියවුල් වලින් පිරුණු යහපාලන රජය තමන්ගේ ධූර කාලය හමාර කරන්නේ ඊළඟ ආණ්ඩුව වෙනුවෙන් සටන් පාඨයක් ද නිර්මාණය කරමිනි. සැම විටම අසාර්ථක රජයන් ඊළඟ රජය පිහිටුවීමට බලා සිටින දේශපාලන පක්ෂය වෙනුවෙන් සටන් පාඨ නිර්මාණය කරන ආකාරය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය විශ්ලේෂණයේ දී මනාව අවබෝධ කරගත හැකිය. සැකෙවින් මෙකි කරුණ දක්වන්නේ නම් වර්තමාන රජයේ ප්‍රධානතම දුර්වලතාවය ඊළඟ රජයේ සටන් පාඨය වන බවයි. ඒ අනුව පාස්කු ප්‍රහාරයත් සමඟ ඇති වූ ජාතික ආරක්ෂාව පිළිබඳව ඇති වූ රික්තකය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා ඉවහල් වූයේ කෙසේද යන්න අපි හොඳින්ම අත්දැක්කෙමු. එබැවින් ජාතික ජන බලවේගය බලයට පැමිණීමේ ප්‍රධාන සටන් පාඨය වන “ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම” ඔවුන් විසින් ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් එයම ඊළඟ ආණ්ඩුව සැකසීම සඳහා සටන් පාඨය වන බව ඔවුන් විසින් අමතක නොකළ යුතුය.
leelagemalli / December 2, 2024
පෙර මැතිවරණ වේදිකාවේ දී පොරොන්දු වූ පරිදි සහල් සහ ඉන්ධන මිල අඩු කිරීමට අද ඔවුන්ට නොහැකි වන්නේ ඇයි?
ඒ පිටුපස ඇති තර්කය AKD සහ Dudly sirisena අතර සැගවුණු සම්බන්ධය නම්, දැන් හදන STRUGGLE II ට රටම හසුවේ.
අපේ රටේ මිනිස්සු කවදාවත් තමන්ගේ අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. අවසානයේදී ඔවුන් තමන්ගේම වැරදි සඳහා සෑම කෙනෙකුටම පහර දෙයි. මම හිතුවා, JVP කාරයින් බලයට පත් වූ වහාම, ඔවුන් ඔවුන්ගේ පූර්ව මැතිවරණ රැස්වීම්වලදී පහර දුන් මහා අපරාධකරුවන් කොටු කිරීමට පටන් ගනීවි. අවාසනාවකට මෙන්, සමහර පිරිමින්ට මැතිවරණයට නාමයෝජනා ලබාදීමට බාධා එල්ල වීම හැරුණු විට, අදටත් ඒකේඩී විසින් නිර්භීතව හෝ බලවත් ලෙස කිසිවක් ගෙන නැත. ඔහු වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබූ IMF නිර්දේශවල රූකඩයක් බවට පත්ව ඇත.
/
leelagemalli / December 2, 2024
අහෝ, තේරී පත් වූ සියලුම අපේක්ෂකයින් තමන් මුහුණ දෙන දෙයට මුහුණ දීමට නොහැකිව, මැතිවරණයට පෙර ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රකාශ කළ දේට මුහුණ දීමට නොහැකිව දඟලනවා.
–
https://www.youtube.com/watch?v=N0V1kDkPA2M
–
නාමල් කරුණාරත්න – අද ගොළුයි
–
නලින් ජයතිස්ස – වෛද්‍ය උපාධියක් තිබුණත් කිසිදා ප්‍රැක්ටිස් නොකළ ගොළුවෙක්
–
සමන් විද්‍යාරත්න- ඌව පළාත, ගොළුය
–
ලාල් කාන්ත – මහනුවර – ගොළු.
–
නලින් හේවගේ – පිළිතුරක් නැහැ.
–
Sunil Handunetti- DUDLY sirisena ගොළුයි, හිරේ දාන්න බෑ
–
වසන්ත සමරසිංහ – ළඟදීම මැර පිරිසක් විසින් මරා දමන තුරු බොරු කියනවා.
.
–
/