19 March, 2024

Blog

වික්‍රමසිංහගේ 2%  පංතිය සහ ප්‍රේමදාසගේ බහුතර ජනතාවාදය

අතුලසිරි සමරකෝන් –

ආචාර්ය අතුලසිරි සමරකෝන්

අවසානයේ දී රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර ඇත. මහා මැතිවරණය පැවැත්වීමෙන් පසු ගෙවී ගිය දීර්ඝ කාලය තුළම මෙම තීරණයට එළඹීමට නොහැකිවුණේ එක්සත් ජාතික පක්ෂය තුළ පැවති අතීරණය සහ අර්බූදය නිසා විය හැක. අවසානයේ නායකත්වය වෙනස් වීමක් හෝ පාර්ලිමේන්තු අසුනට තරුණ නායකයකු පත්වීම සිදු නොවන අතර වික්‍රමසිංහ විසින්ම තනතුර දරනු ඇත. මෙම තීරණය ගැනීම නිසා විපක්ෂයේ බලය හොබවන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජන බලවේගයට හෝ සමස්ථ විපක්ෂයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවිය හැකි බලපෑම කුමක්ද? මේ වනවිට සමාජ මාධ්‍ය සහ හිතවත් ජනමාධ්‍ය භාවිතා කරමින් ගෙනයන ප්‍රචාරණ ව්‍යාපාරය විසින් හඟවන පරිදි වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආගනමය කිසියම් පෙරළියකට හේතු විය හැකිද? එසේම, අර්බූදමය අවස්ථාවක විපක්ෂයේ ආසනයක් වැඩිවීම යහපත් මුත් එය සැබවින්ම ප්‍රජාතන්ත්‍රීය කඳවුරේ ආරක්ෂාවට නැත්නම් ස්වාර්ථකාමී බල ව්‍යාපෘතියේ උපක්‍රමයක් පමණක් ?

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නායකත්වය

මෙරට දේශපාලනයේ ප්‍රධාන බලවේග දෙක මූලිකවම ජාතිකවාදී සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී යන ලේබල් දෙකින් හැඳින්වීමට හැකිය. පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සංධානය ජාතිකවාදී දර්ශනයක් හරහා බලය පැමිණි අතර, එජාපය දිගින් දිගටම ලැබූ පරාජයන් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් එල්ලවිණ. වික්‍රමසිංහ දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව තම නායකත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ නිසා ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ සංවිධානාත්මක ශක්තිය පිරිහුණු බව පිළිගැනීමට සිදුවෙයි. නායකයා වශයෙන් ජනාධිපතිවරණ තුනක දීම (2010, 2015, සහ 2020) වික්‍රමසිංහට ඉදිරිපත්වීමට නොහැකිවීම තුළ මෙරට බහුජන දේශපාලනය තුළ ඔහු ලැබ තිබු ජනප්‍රියත්වය සහ ජනතා විශ්වාසය පිළිබඳ අදහසක් අපට ලැබෙයි.

පාර්ලිමේන්තු ආගමනය සහ පරාජය

එජාපය තුළ දෙවන පෙළක් ගොඩ නැගීමට හෝ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නොහැකි වීම නිසා ඇතිවූ අර්බූදය හමුවේ සමඟි ජන බලවේගය මෙරට දෙවන විශාලතම පක්ෂය වශයෙන් ජනතාවගේ පිළිගැනීමට ලක්වී තිබේ. එහි නායකයා වන සජිත් ප්‍රේමදාස ඉතා කෙටිකලකින් පක්ෂයක් බිහිකොට විපක්ෂ නායකත්වයට පැමිණීම ඓතිහාසිකව බණ්ඩාරනායක මහතා එදා සිදුකළ කර්තව්‍යට සමාන එකකි. සමඟි ජන බලවේගය විසින්  නාගරික ප්‍රභූ සහ ධනපති ආධිපත්‍යය යටතේ පැවති එක්සත් ජාතික පක්ෂය පොදු ජනතා පෙරමුණක් වශනේ සංවිධානය කිරීම අරඹා තිබේ. තුළ එජාප දේශපාලනය නව සුසමාදර්ශමය විතැන්වීමකට ලක්වීම ආරම්භ වී ඇත. කෙසේමුත් එජාපය සහ සමඟි ජන බලවේගය අතර සිදුවූ බලය පිළිබඳ අරගලය තවම නිමා වී නොමැත. එම බල අරගලය ජනතාව සමඟ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකින් ඔබ්බට ගමන් කරමින් තිබෙන බවක් දැන් නිරීක්ෂණය කළ හැකිය.  වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආගමනය එබැවින් මූලිකව යොමුවනු ඇත්තේ සමඟි ජන බලවේගය ලබමින් තිබෙන ජනතාවාදී ජනප්‍රියවාදයට ධනපති ප්‍රභූ තන්ත්‍රයේ ප්‍රහාරයක් එල්ල කිරීම විය හැකිය. නමුත් සඳහා ගන්නා සෑම උපක්‍රමයක්ම සමඟි ජන බලවේගය දුර්වල කිරීමට වඩා ආණ්ඩුවේ බලය සුජාත කිරීමට හේතු විය හැකිය.

එජාපය 2% බැසීම

2020 මැතිවරණයේ දී එජාපයට ඡන්දය නොදුන් විශාල පිරිසක් සිටින බවත්, එම පිරිස නැවත එජාපයට යොමු කරගත හැකි බවත් වික්‍රමසිංහ කඳවුර සිතන බව පෙනී යයි. නමුත් 2001 සිටම මැතිවරණ දත්ත පිළිබඳව අධ්‍යනය කරන විට අපට පෙනී යන්නේ 2020 දී අනෙකුත් සියළු මැතිවරණ දී වලට වඩා විශාල පිරිසක් මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කොට තිබෙන බවයි. 2001 සිට හා ඊට පෙරසිටමත් පවතින ප්‍රවණතාව නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70% හෝ 75% අතර ප්‍රමාණයක් ප්‍රකාශයට පත්වීමයි. එම අගය 2020 දී 75.83% තරම් ඉහළ අගයකි. ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය ඇති විශාල ලෙස ඉහළ ගොස් තිබුණත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතාත්මක අගය සමාන මට්ටමක දිගින් දිගටම පවතී.

එසේම 2010 දී ලක්ෂ 50 ජනතාවක් ඡන්දය ප්‍රකාශ නොකළත්, 2020 දී එම අගය ලක්ෂ 39 දක්වා අඩු වී තිබේ. කෙසේමුත් මෙරට ඡන්දදායකයාගෙන් 25% ක් ඡන්දය ප්‍රකාශ නොකිරීම සහ එම අගය විපක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අභිබවා ගොස් තිබීම හේතුවෙන් හෙළිවන්නේ එජාපයට ඡන්දය නොදුන් බව නොවේ. එජාපයේ බලය සමඟි ජන බලවේගයට මාරු වී ඇති අතර, වික්‍රමසිංහට ඉතිරව ඇත්තේ 2% ක් පණක් බව එහි සරළ සත්‍යයි. එයට ප්‍රධානතම හේතුව සජිත් ප්‍රේමදාස පොදු ජනතාව අතර ගොඩ නගාගෙන තිබෙන පෞර්ෂය යි. නමුත් ජනතාව මැතිවරණ ක්‍රමය සහ දේශපාලනය පිළිබඳව සමස්තයක් ලෙස සිතන ආකාරය වෙනස් වී ඇති බව ඉන් පැහැදිළි වෙයි. බවයි. ඔවුන්ව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට කැඳවා ගැනීමට වික්‍රමසිංහ ඇතුළු සියලු නායකන්ට නොහැකි වීම පිළිබඳව අපට ගැඹුරින් සිතා බැලීමට සිදුවෙයි.

සාමාන්‍ය ජනතාව අතට බලය මාරුවීම වැළක්වීම

වර්ෂය

ලියාපදිංචි ඡන්ද

සංඛ්‍යාව 

ඡන්දය භාවිතාකළ   

   සංඛ්‍යාව 

ඡන්ද භාවිතාකළ   

   සංඛ්‍යාව 

(%)

ඡන්දභාවිතා නොකළ    සංඛ්‍යාව 

ඡන්ද භාවිතා නොකළ    සංඛ්‍යාව  (%)

2020

16,263,885

12, 343,309

75.83

3920576

24.10

2015

15,044,490

11,166,975

74.23

3877515

25.77

2010

14,088,500

  8,630,689

61.26

5457811

38.73

2004

12,899,139

  9,797,680

75.96

3101459

24.04

2001

12,428,762

  9,449,813

76.03

2978949

23.96

ප්‍රජාතන්ත්‍රවාදය තුළ වර්තමානයේ ඇතිවී ඇති විශාල අර්බුදයන් වග කිව යුතු පිරිස අතර ධනපති ප්‍රභූ තන්ත්‍රය ඉදිරියෙන්ම සිටී. සාමාන්‍ය ජනතාව අතට බලය මාරුවීම වැළක්වීම සඳහා ඩීල් දේශපාලනයක නිරතවීමට ප්‍රධාන පක්ෂ දෙක වූ එජාපය සහ පොදුජන පෙරමුණ

වගුවමහා මැතිවරණ වලදී ලියාපදිංචි සහ ප්රකාශිත ඡන්ද  සංඛ්යාව

2005න් පසුව ක්‍රියාත්මක වී තිබේ. එහි දී රාජපක්ෂවරු බලය ලබාගත් අතර වික්‍රමසිංහ විපක්ෂයේ බලය ලබා ගත්තේය. නමුත් 2020 දී ඇතිවූ පිපිරීම තුළින් එජාපය දරණු පරාජයකට පත්වී 2%ක් දක්වා පහත වැටී තිබේ. අතිවිශාල අර්බූද මධ්‍යයේ වුවත් සමඟි ජන බලවේගය විපක්ෂයේ බලය ලබා ගෙන තිබේ. නමුත් දැන් අර්බූදය පවතින්නේ එජාපයේ සම්ප්‍රදායික පංති පදනම තුළ දිගින් දිගටම බලයට පැමිණි පිරිස සහ ජනප්‍රිය ජනතාවාදී සටන් පාඨ හරහා බලයට පත්වූ කණ්ඩායම් දෙක අතරයි.

සමඟි ජන බලවේගය පැහැදිළිවම ජනතාවාදී මාර්ගයක් වෙතට අවතීර්ණය වෙමින් බලය ලබා ගන්නා විට ප්‍රභූ කඳවුර තුළ අසරණවී සිටින වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු තුළ කිසියම් ආකාරයක විප්ලවයක් තනිව  කිරීමට උත්සාහ ගන්නේ දැයි අප නොදනිමු. කෙසේමුත් තමන්ගෙන් ගිළිහී  ගිය බලය නැවත මුදල්, ජනමාධ්‍ය සහ වෙනත් අයුතු ක්‍රම හරහා ලබා ගැනීමට ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය වී තබිය හැක. එම තත්වය කිසිසේත්ම ජනතාවගේ විශ්වාසය නැවත දිනා ගැනීමට නම් ප්‍රමාණාත්මක නොවණු  ඇති.

අර්බුදයන් ගේ ස්වභාවය

වසංගත සමය තුළ විපක්ෂය අද දවසේ මුහුණ දෙන අර්බුදයන් ගේ ස්වභාවය අතිශය සංකීර්ණය. වසංගත දේශපාලනය දිගටම පවත්වා ගැනීම ආණ්ඩුවේ උපක්‍රමය වන අතර එම සංදර්භයේ හැකි තරම් විපක්ෂයට ප්‍රහාර එල්ල කිරීම එහි අරමුණයි. දැනටමත් විපක්ෂයේ ඉදිරි පෙළ ප්‍රහාරකයන් වශයෙන් සිටි රංජන් රාමනායක, හරීන් ප්‍රනාන්දු , සහ මනුෂ නානායක්කාර  තර්ජනයට ලක්වී සිටිති. පාඨලී චාම්පිකට එරෙහිව, රාජිත සේනාරත්නට එරෙහිව නඩු කටයුතු නිරන්තරයෙන්ම සිදුවෙයි. බදුර්දීන් වැනි මුස්ලිම් මන්ත්‍රීවරුන් පීඩාවට පත් කොට ඔවුන්ගේ බිය ආණ්ඩුවේ වාසියට හරවාගෙන තිබේ. රන්ජනට සමාවක් දීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැත. එවැනි ජනප්‍රිය කථිකයන්ට සහ ඔවුන්ගේ සීමාරහිත වාග් ප්‍රහාරයන් ආණ්ඩුව මුහුණ දෙන්නේ ආකාරයට බව පෙනෙයි. මර්දනය කරමින් විපක්ෂය දුර්වල කරන අතරම අභ්‍යන්තර අර්බුදයන් ඇතිකිරීමටත් පසුබට නොවෙයි. මෙම සංදර්භය තුළ එජාපය නැවත ඔසාවා තැබීමට ආණ්ඩුවේ මාධ්‍ය ක්‍රියාත්මක වනු ඇත. නමුත් ජනතාව විසින් ප්‍රතික්ෂේප වන බලයකට ප්‍රජාතන්ත්‍රවාදය තුළ හිමිවන ස්ථානය පිළිබඳව වික්‍රමසිංහට විශාල අවබෝධයක් තිබිය යුතුය.

අර්බූදය තුළ දුර්වලයා

සමස්ථයක් වශයෙන් මෙරට දේශපාලන පද්ධතිය දැඩි ව්‍යාකූල අවධියකට අවතීර්ණය වෙමින් තිබේ. විපක්ෂයේ විවිධ කඳවුරු සහ පිල් බෙදීම් ස්වභාවික සංසිද්ධියකට වඩා ආණ්ඩුවේ බලය හොබවන පාර්ශවයේ උවමනාවට සහ ඔවුන්ගේ තර්ජනයන්ගෙන් බේරීමට සිදුවිය හැකි දේවල්ය. අර්බූදය තුළ දුර්වලයා තෝරා ගන්නේ බේරී සිටීමේ දේශපාලනයයි. සමඟි ජන බලවේගය මාවතේ යා යුතු නැත. වික්‍රමසිංහ තමන්ගේ 2% සමඟ තෝරා ගන්නේ නොනැසී සිටීමේ උපක්‍රමය වන අතර, එහිදී ආණ්ඩුවේ දුර්දාන්ත භාවයට එරෙහිව ක්‍රියා කරනවා වෙනුවට විපක්ෂය තුළ පොර ඇල්ලීමට එම බලවේගය ක්‍රියාත්මක වනු ඇත.

නමුත්, විපක්ෂයේ බලය හොබවන පාර්ශවය වශයෙන් සමඟි ජන බලවේගය ඇතුළු සියළු ප්‍රජාතන්ත්‍රීය පක්ෂ සහ සිවිල් සමාජ අවකාශයට එළඹෙන අභියෝගය තුළ ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ සටනට පණ පෙවීමට සිදුවෙයි. එය සිදු කළ  හැක. මන්ද 2%  පංතියට වඩා මෙරට දුක්විඳින ජනතාවගේ බලය සතු ශක්තියට විශාල ශක්‍යතාවක් පවතින බැවිණි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    අපේ මිනිස්සු කවදාවත් ඒක ඉගෙන ගන්නේ නැහැ. නැතහොත් ඔවුන්ට තවත් දශක කිහිපයක් ගතවනු ඇත. සංවේදී ගීතයක ගීතයෙන් ජාතියේ හද ගැස්ම බොහෝ වෙනස් කළ හැකිය. නමුත් මෙම උත්සාහයන් අද විකල්පයක් නොවනු ඇත, මන්ද රාජපක්ෂ දේශපාලනයේ විෂම චක්‍ර සඳහා වැඩ කිරීමට ඊනියා කලාකරුවන්ට ද බල කෙරී ඇති හෙයිනි. මගේ ඉලක්කය වන්නේ නන්දමලිනියා සහ ඒ හා සමාන සැබෑ ගායන හ.
    අවාසනාවකට මෙන්, මහින්ද චින්තනයා ඔවුන්ගේ දේශපාලනයට ප්‍රසිද්ධියේ ඇදී යාම සඳහා කලාකරුවාට අල්ලස් දුන්නේය. තවද, ජනමාධ්‍යවේදීන්ට කැරට් ලෙස ලැප්ටොප් සහ වෙනත් උපකරණ ලබා දෙන ලදී. අවසාන වශයෙන් නොව, ඔවුන් එම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය වෘත්තිකයින්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මිලියන ගණනක් වටිනා දීමනා ලබා දුන්හ.
    එම පවුලේ අයහපත් සහෝදර සහෝදරියන්ගේ රූප ගොඩනැගීමේදී.

    ඔවුන්ගේ මොන්ටිසෝරි දිනයේ සිට ඔවුන් හැසිරවූයේ ඔවුන්ට ඉන් ඔබ්බට නොපෙනෙන ලෙස ය. එය වැඩිහිටියන්ගෙන් ලැබෙන්නේ නම් ඔවුන් ප්‍රශ්න නොකරනු ඇත. මේ රටේ සාමාන්‍යයාගේ මනෝ විද්‍යාව මෙයයි. අපගේ සමහර විචාරකයින් පැහැදිලි කරන පරිදි, කිසිදු ශාස්ත්‍රීය මාතෘකාවක් හෝ වෙනත් මාතෘකා හෝ ජයග්‍රහණ වටින්නේ නැත, නමුත් සාම්ප්‍රදායික මානසිකත්වය. සමහර දේශපාලන .යන්ට පහර දීමට පෙර එකම ජනතාව දෙවරක් නොසිතනු ඇත. වේරකෙටියා ගව සොරුන් විසින් අපිරිසිදු භාෂාවක් භාවිතා කරන්නේ නම්, කිසියම් අසත්‍යයක් සහ මුසාවාදයක් කෙටි කාලයක් තුළ මහජන මතය බවට පත්වේ. පණිවිඩයේ විද්‍යාත්මක පදනම හෝ සත්‍යවාදී සහ අර්ථවත් බව ඔවුන්ට ද්විතියික වේ. දවසේ ප්‍රවෘත්ති රටාවන්ගෙන් පෝෂණය කිරීමෙන් ඔවුන් වසර ගණනාවක් තිස්සේ අත්කර ගෙන ඇති මනෝභාවයන් මෙයයි.

    • 2
      0

      අන්තරාය අධීක්ෂණය නොකිරීම, වැට් බද්ද අඩු කිරීම, ජනතාවට තෙල් මිල අඩු නොකිරීම, ඔවුන්ගේ මිනීවළට පිවිසීම මෙම රජයේ විශාලතම ගැටළුවයි. වඩා හොඳ අනාගතයක් සඳහා පවත්නා පද්ධතිවල පැහැදිලි හා රසවත් වෙනස්කම් කිරීම පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් ඇති අන්තර්භාෂාකරුවන්ගේ ව්‍යාජ කමිටුවට සිදු වූයේ කුමක්ද?

      විෂම චක්‍රයේ උපක්‍රම සඳහා ගොදුරු වන්නේ ගොන්තඩිපිල සහ සාගල බල්ලා ය. නායකත්වයේ සිටින මෙම මැලේචා අපරාධ නායකයින් පහසු ඉලක්කයන්හි කොන්දේසි සහිත මානසිකත්වය විකෘති කිරීමේ ලෝක ශූරයන් වේ. ඔවුන්ගේ දේශපාලනය හා දේශපාලන ක්‍රීඩාවලින් නොනැසී පැවතීම සඳහා මිනිසුන්ගේ මෝඩකම සහ අවදානම ඔවුන්ගේ මිනිස් පලිහ බවට පත්ව ඇත.

      ගොන්තඩිපිල සහ සාගල බල්ලා ඔවුන්ගේ ස්වාමිවරුන්ට සේවය කිරීම සහ ආරක්ෂා කිරීම හැර ඔවුන්ගේ දුෂ්ට න්‍යාය පත්‍ර සඳහා වෙනත් විකල්පයක් නොමැත. මෙම පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් උරුජුවා සහ මාකන්දරේ මාධුෂ්ගේ ක්‍රියාකාරකම් වලට වඩා වෙනස් නොවේ. වෙනස වන්නේ උරුජුවා සහ මාකන්දරේ මදුෂ්වරේ පන්නකු පානීය බහුතරයෙන් තේරී පත් වූ දේශපාලන politicians යන් නොවේ.
      අද වන විට GOSL හට ඔවුන්ගේ ආදායම සඳහා මාර්ග නොමැත. ඔවුන්ගේ දේශපාලනය තුළ ප්‍රායෝගිකවාදයක් හෝ පුරෝකථනය කිරීමේ උපක්‍රම නොමැත. සියලු දුෂ්කරතා මධ්‍යයේ පෙර රජය එය උපරිමයෙන් කළේය. නමුත් මාධ්‍ය වංචාකරුවන් පණිවිඩය ජනතාවගේ බිම් මට්ටමට ගෙන ගියේ නැත. ඔවුන් මාධ්‍ය මාෆියෝසිස් මඩ සහිත ජලයේ මසුන් ඇල්ලූහ. දැන් මිනිසුන්ට වැටහෙනු ඇත … එය ප්‍රමාද වැඩියි. කාටද දොස් පැවරිය යුත්තේ .. …

    • 2
      0

      ග්‍රීසිය එම ගැඹුරු, යුරෝපීය සංගමය පහත වැටෙන බව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී එම රජයට කොන්දේසි පැනවීය. කප්පාදු සැලසුම් සඳහා ඔවුන් සෑම පියවරක්ම ගත යුතු අතර, මෙය දැන් ග්‍රීක රජය විසින් අනුගමනය කර ඇති අතර එය සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. කෙසේ වෙතත්, එය යුරෝපයේ රටක් වුවද එහි මිථ්‍යා කථා එවකට ජාතියට දැන සිටියේය. අපි දකුණු ආසියානු කලාපයේ සමිතියකට අයත් නොවේ. කිසිම මූල්‍ය ආයතනයක් අපේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට ඉඩ දෙන්නේ නැත. මෙම භූමි යථාර්ථයන් දැනගෙන, අපගේ නායකයන් එය තව දුරටත් ගැඹුරට නොපැමිණීමට උපරිම උත්සාහයක් ගත යුතුය. ජුන්ටා තන්ත්‍රය විසින් කාලයේ අවශ්‍යතාවය තවදුරටත් නොසලකා හැරියහොත්, ජනතාව මුළු අවුලටම ඔවුන්ට ශාප කරනු ඇත.

      කෙසේ වෙතත්, ගෝටා සහ මාරේට එය වඩා හොඳින් කළ නොහැකි වනු ඇත, නමුත් රාජපක්ෂේ විසින් කොල්ලකෑමට හා විනාශයට පත් වූ සෑම අවස්ථාවකම මෙතෙක් දෙවරක් ද්‍රෝහීත්වය කළමනාකරණය කළ රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂාවක් ලබා දිය හැකිය. නමුත් සීරියල්කා සහ මිනිසුන් පාලනය කරන මිථ්‍යාවන් පහසුවෙන් නොමඟ යවනු ලැබේ. ඔහුට එල්ල වූ සියලු ප්‍රහාර අතහැර දමා ඔහුට ගරු කිරීමට කාලය එළඹ ඇත. මෙම පෙළපාළියට භික්ෂූන් වහන්සේලා නායකත්වය දිය යුතුය. ආර්ඩබ්ලිව් කිසිවක් කර නැති දේ ගැන වැරදි අර්ථකථනයක් ලබා දෙන ස්ථානය නැවත නිවැරදි කිරීමට කාලයයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.