
අයේෂ් ඉන්ද්‍රනාත් රණවක
සාගරයේ මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා කිසිදු තාක්ෂණික මෙවලමක් දැනට ලොව භාවිතයේ නොමැති බව මාගේ දැනීමයි. එනමුත් ධීවර යාත්‍රාවල සවි කරනු ලබන Fish Finders මඟින් අදාළ යාත්‍රාව අවට ගැඹුරෙහි සීමිත ප්‍රදේශයක මත්ස්‍යයන් සිටින බව හඳුනාගත හැකි වුවද, එමඟින් විශාල සාගර ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකියාවක් නොමැත.
කෙසේ වෙතත්, චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් සාගර ජලයේ මතුපිට උෂ්ණත්වයSea Surface Temperature (SST) හඳුනාගෙන, ඒ අනුව විවිධ මත්ස්‍ය විශේෂ එකතු වන උෂ්ණත්ව කලාප නිර්ණය කිරීමේ හැකියාව පවතී. එසේම, සාගර ජලයේ මතුපිට වර්ණය මගින් (Chlorophyll Concentration හරිතප්රද සාන්ද්‍රනය ) විශ්ලේෂණය කිරීමෙන් එම ආහාර අනුභව කිරීම සඳහා පැමිණෙන කුඩා මසුන් සහ එම කුඩා මසුන් ආහාරයට ගැනීමට පැමිණෙන විශාල මත්ස්‍යයන් සිටිය හැකියැයි අනුමාන වශයෙන් හඳුනාගත හැකිය.
එසේම, සාගර දියවැල් (Ocean Currents), පිළිබඳ දත්ත සහ සාගර මතුපිට රළවල උස (Wave Height) විශ්ලේෂණය කිරීමෙන් ද මත්ස්‍ය ගහනය වැඩි ප්‍රදේශ පිළිබඳව සාමාන්‍ය අනාවැකි ලබාගත හැකි අතර ඔවුන්ගේ migratory pattern එකද අනුමාන කලහැක.
ඉහත දත්ත විස්ලේෂණ මගින් අදුනාගන්නා මත්ස්‍ය කලාපද අනුමාන ප්‍රදේශ වේ.එය ආයතන රැසක් ඒකාබද්ධව සිදු කලයුතු 24×7 සංකීර්ණ ක්‍රියාවලියක් වේ .එමෙන්ම චන්ද්‍රිකා දත්ත ලබාගැනීමට හා එම මත්ස්‍ය ප්‍රදේශ යාත්‍රා වලට චන්ද්‍රිකා හරහා සංනිවේදනයටද අධික මිලක් වැයවනු ඇත.
එයට අමතරව ,රාත්‍රී කාලයේදී ලබාගන්නා චන්ද්‍රිකා ඡායාරූප සහ Visible Infrared Imaging Radiometer Suite (VIIRS) වැනි චන්ද්‍රිකා තාක්ෂණයන් උපයෝගී කරගනිමින් මුහුදේ ක්‍රියාත්මක වන ධීවර යාත්‍රා ඇති ප්‍රදේශ හඳුනාගත හැකිය. ඒ හරහා ද ධීවර ක්‍රියාකාරකම් සිදුවන ප්‍රදේශ පිළිබඳ දත්ත ලබාගෙන මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ නිර්ණය කිරීමට හැකියාව පවතී.
තවද, යාත්‍රා නිරීක්ෂණ පද්ධති (Vessel Monitoring Systems) සහ ස්වයංක්‍රීය යාත්‍රා හඳුනාගැනීමේ පද්ධති (Automatic Identification System – AIS) මඟින් යාත්‍රාවල ගමන් මාර්ග සහ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් ඒවා වෙන්කර හඳුනාගත හැකිය.
මෙයින් වඩාත් ප්‍රායෝගික වන්නේ VMS හරහා හදුනාගන්නා යාත්‍රා පොකුරු තිබෙන ප්‍රදේශ, යාත්‍රාවලට සංනිවේදනය කිරීමයි .එය ඉදිරියේදී ඇතිවිය හැකි සලාක ක්‍රමයටද පිළිතුරක් වනු ඇති අතර ලාභදායි ක්‍රමයක් ද වනු ඇත.
මත්ස්‍ය ගහණ ප්‍රදේශ නිර්ණය සදහා යෙදවුමක් නිර්මාණය කිරීම පහසු කාර්යයක් නොවන අතර, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය වේ. මෙම පද්ධතිය නිර්මාණය කරන ආයතනය හෝ නිර්මාණකරුවන් අනිවාර්යයෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ධීවර දෙපාර්තමේන්තුව (VMS),නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතුය.
එසේම, දැනට භාවිතයේ පවතින Vessel Monitoring System (VMS) ඇතුළු අදාළ තාක්ෂණික පද්ධති සමඟ ද මෙම යෙදවුම සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය කරුණකි.එමෙන්ම මෙය නීති විරෝධී ක්‍රියාවන් සදහාද භාවිතා නොවනු ඇතැයි බැහැර කල නොහැක.
2018 වර්ෂයේදී ද මේ හා සමාන යෙදවුමක් ධීවර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලදී. එහෙත් එවකට පැවති නිලධාරීවාදී බාධා සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එම අවස්ථාව මෙරට ධීවර ක්ෂේත්රයට අහිමි විය.
එතැන් පටන් වසර අටක කාලයක් පුරා මා විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සමාගම් සම්බන්ධ වෙමින් ධීවර ජනතාවට උපරිම මිලක් ලබාදීමට හැකිවන ලෙස වෙන්දේසි වේදිකාවක් blue biz lanka නමින් නිර්මාණය කරන ලදී. එය දැනටමත් පර්යේෂණ මට්ටමේ ක්‍රියාත්මක වේ.
මත්ස්‍ය ගහනය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා අවශ්‍ය යෙදවුම් පිළිබඳව දැනට සිදුවන කටයුතු සලකා බැලීමේදී, පුද්ගලික සමාගමක් විසින් ඉදිරිපත් කර ඇති ජංගම යෙදවුම පිළිබඳව ද සඳහන් කළ යුතුය. එය 2020 වර්ෂයේදී, මිලියන 100 පමණ වැයකර, කාලගුණ දත්ත සැපයීම සහ අනතුරකදී ඔවුන්ගේ ස්ථාන නිර්ණය සදහා නිර්මාණය කරන ලද ජංගම යෙදවුමකි(mobile app). කෙසේ වෙතත්, වෙරළේ සිට නාවික සැතපුම් 20–25ක් පමණ දුරට ගමන් කිරීමේදී ජංගම දුරකථන සංඥා අහිමි වීම හේතුවෙන් එමඟින් සිදුකරන සන්නිවේදන කටයුතු සීමා සහිත වේ. නාරා ආයතනය මෙම මත්ස්‍ය ගහන ප්‍රදේශ ධීවර ජනතාව වෙත ලබා දීම ආරම්භ කලේ 2008/2009 කාලයේදී බව මගේ මතකයයි.එම දත්ත 2025 සිට මෙම ඇප් එක හරහා ධීවර ජනතාවට සංනිවේදනය සිදු වෙතත් GSM කලාපයෙන් ඔබ්බට දුරකථන ක්‍රියාත්මක නොවීම නිසා මෙය වෙරළ ආසන්නයේ යාත්‍රා සදහා පමණක් සීමා වේ.
දැනටමත් වෙබ් යෙදවුම ක් නිර්මාණය කර අත්දැකීම් ඇති අප හට මෙවැනි නවීන තාක්ෂණික යෙදවුමක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම, පර්යේෂණ පසුබිම සහ අත්දැකීම් පවතින බැවින්, නිසි අනුග්‍රහයක් ලැබෙන්නේ නම් මෙම ව්‍යාපෘතිය අප හට ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව අපගේ විශ්වාසයයි.