
බ්‍රිතාන්‍යයේ පිහිටි, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල සිදු වූ ගැටුම රාජපක්ෂ හිතවාදීන්ට “නැටුමක්” වී ඇති බව පෙනෙන්නට තිබේ. නිශ්චිත දේශපාලන මතවාදයක් නොමැති රාජපක්ෂ කඳවුර මේ වනවිට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටීම, යනු කිසිසේත් ම “අහිංසක” නොවන හුදු දේශපාලන වාසිය වෙනුවෙන් සිදු කරන නිර්ලජ්ජිත රංගනයක් පමණි. රාජපක්ෂ පාලන සමයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සැලකූ ආකාරය අමතක නැති අයට මේ “මොණර නැටුම” පහසුවෙන් හඳුනාගත හැකිය. 2010 ජනාධිපතිවරණ සමයේදී මේ හමුදා නිලධාරියා රාජකාරි කටයුතු කළේ මුල්ලන්කෝවිල් කඳවුරේ අණදෙන නිළධාරියා ලෙස ය. ඒ ජනාධිපතිවරණ සමයේදී ඔහුගේ කඳවුරට ප්‍රසංගයක් සඳහා පැමිණි රටේ සුප්‍රකට ගායන ශිල්පියකු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙස “අනවශ්‍ය” ඉල්ලීමක් කළ මොහොතේ කඳවුර තුළ දේශපාලනය නොකරන ලෙස කියමින් ඔහු ව වේදිකාවෙන් බැස්සවීමට ප්‍රනාන්දු මහතා කටයුතු කළේය. කිසිසේත්ම අසාධාරණ නොවූ ඒ ඉල්ලීමට මහින්ද රාජපක්ෂලා එදා ප්‍රතිචාර දැක්වූයේ ඉතා සාහසික ලෙසට ය. දේශප්‍රේමය හා රණවිරුවන් ගැන පැය විසිහතර පුරා දොඩවන රාජපක්ෂවරු හැරෙන තැපෑලෙන්ම බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීමට එදා කටයුතු කරන ලදී. අද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව උත්කර්ෂයට නංවමින් සිටින පුද්ගලයන්, කණ්ඩායම් එදා ඔහුට සැලකුවේ ඒ ආකාරයට ය. ඒ අතීත කතාවය. දැන් වර්තමාන කතාවට පැමිණෙන්නෙමු.
බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල සිදු වූ මත ගැටුමේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විරෝධතාකරුවන්ගේ ගෙල සිඳින බව අභිනයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරයි. කිසිසේත්ම එය සරල සිදුවීමක් නොවේ; මරණීය තර්ජනයකි. විරෝධතාකරුවන් එහිදී කවර ලෙස හැසිරුණේදැයි අප දන්නේ නැත. එහෙත් බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරීන් ද මැද එවැන්නකු එසේ හැසිරීම ඉතා ඛේදනීයය.
දූත මණ්ඩල හැසිරිය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික ව ය. ඊට වෙනම ආචාර ධර්ම පද්ධතියක් පවතී. එනිසා දූත මණ්ඩල සේවයට වෙනම සංස්කෘතියක් ද පවතී. ඒ සංස්කෘතිය මුළු වැර යොදා ආරක්ෂා කළ යුත්තේ එය රටේ ගෞරවයට මෙන්ම කීර්තියට ද හේතු වන නිසා ය. එහෙත් අද ඉන් පැතිරෙන්නේ දුගඳකි. ඒ දුගඳ හමන්නේ අපට පමණක් නොවේ; මුළු ලෝකයට ම ය. බරපතල වන්නේ එයයි.
මේ නොසරුප් ලෙස හැසිරුණු පුද්ගලයා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකයකු මෙන්ම ශ්‍රී ලංකා හමුදාවේ බලලත් නිලධාරියෙක් ද වේ. අප ලෝකයට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස ය. එහෙත් ඇස්පනාපිට සිදුවන මෙවැනි රංගනවලින් අප තවදුරටත් අපේ ආරක්ෂක හමුදා ආරක්ෂා කරන්නේ කෙසේද? සතුරා පිරිස් බලය සමඟ අවි අමෝරාගෙන පැමිණේ නම් අප කළ යුත්තේ වැදි සේනාව අබියස මනමේ කුමරු මෙන් හැසිරීම නොවේ; උපාය මාර්ගිකව කටයුතු කිරීම ය. අනෙක විරෝධතාවේ යෙදෙන පාර්ශ්වය කෙබඳු පිරිසක්දැයි අපට නොව ලෝකයටවත් කිව යුතු නොවේ. ඇත්ත වශයෙන් අපට ලකුණු වැටෙන්නේ ප්‍රතිවාදියා නිහඬ ව සිටින විට නොව ඔහු මේ ආකාර උද්ඝෝෂණවලින් හෝ ප්‍රතිචාර දක්වන විට ය. එය මේ දූත මණ්ඩල නිලධාරීන් අවබෝධ කොට නොගැනීම අභාග්‍යයකි.
තව ද මහා බ්‍රිතාන්‍යය වැනි රටක දූත මණ්ඩල නිලධාරීන් ඉටු කරන්නේ සෙසු රටක දූතයන්ගේ කාර්යය නොවේ. ඔවුනට, බ්‍රිතාන්‍යයෙන් ම මේ රටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ඇතුළු නොයෙකුත් චෝදනාවලින් රට රැක ගැනීමේ කුදු මහත් වගකීමක් තිබේ. එසේම රාජ්‍යයේ අර්ථ දැක්වීම මත වුවද ත්‍රස්තවාදයට පිළිතුරු දෙන්නට අන්තර්ජාතික රීති සමුදායක් තිබේ. අපට එය මඟහැර ඉදිරියට යන්නට නුපුළුවන.
නිසැක වශයෙන් මෙවැනි හැසිරීම් මගින් ලෝකයාට ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය අශ්ලීල හා මිලේච්ඡ රටක් ලෙස ය. එහෙත් රටේ කීර්ති නාමයට හානි කරන මෙවැනි ක්‍රියා ආස්වාදයෙන් සිහි කරන පිරිසක් ද මෙරට සිටිති. ඔවුන් තෘප්තියට හා ආඩම්බරයට පත් වන්නේ මව්බිමේ කීර්තිය දසත පැතිරෙන විට නොවේ, මව්බිමට කැළලක් ඇති වන විට ය. අප ආරක්ෂාකාරී විය යුත්තේ මෙරටට බැහැරින් නොව, මෙරට ඇතුළතින් ම වී ඇත්තේ සතුරු බලවේග සතර අත පැතිර ඇති නිසා ය.
KEERTHI / February 9, 2018
එදා මුලතිව් කදවුර බිදවැටෙන විට කොටි ඉදිරියට යාමට එකදු බ්‍රිගේඩරයෙකු සිටිය නැත. මුලින්ම පැන ගියේ ඔවුන්න්ය. ඔවුන් පැනගියේ කාලතුවක්කු සහ යුද්ධ ටැංකිද සතුරා අතර පත් කරමිනි. අලිංමංකඩ තත්වයද මීට නොදෙවෙනිය . 2000 වර්ශයේ කොටි නොනවතින රැල්ල ඉදිරියේ මන්කුලම් සිට ඕමන්තෙයි දක්වා කි.මී 52 ක් පසුබැස ගියේ සතුරාට දෙසට එකදු වෙඩිල්ලක් පත්තු නොකරය. මෝටර් සයිකලයෙන් ගිය සෙසු නිලධාරියෙකු බිමට බස්වා උසස් නිලධාරියෙකු පන බයේ පැන ගිය ආකාරය මා ඇසින් දැක ඇත. වෙනතක් තියා රතුපස්වල ගමේ ගෝරියේදී බ්‍රිගෙඩියර් එලියට බැස්සේ නැත, වාහනයක සැගවී සිටියේය
/
Jim softy / February 11, 2018
Chamara: did you check the both vedioes in which LTTE is protesting and in another the Army officer is giving a threatening gesture. Are both vedios on the same day and time etc., Can you prove that he made this gesture for Tamils protesting there. How about that he was saying stop vedioing with that signal. Besides why politicians are trying to gain out of that. YOu say He is not a “BALALAth Niladhariaya”. what is the meaning of that. He is a Diplomat, military attache and is a Brigadier. check whether you know what you were writing.
/