2022 වසරේ ඇතිවුන ගෝල්ෆේස් අරගලය ලෙසින් ජනප්‍රිය නාමකරණය වූ අරගලය/මහජන නැගිටීම/දේශපාලන පෙරළිය පිළිබඳව අදහස් ධාරා තුනක් පවතී;
1). ආර්ථික අර්බුදය හමුවේ ස්වයංසිද්ධව නැගුණු මහජන විරෝධය මත ගොඩනැඟුණු අරගලයක් බව,
2). ආර්ථික අර්බුදය භාවිතා කරමින් විදේශීය බලවේග විසින් නිර්මාණය කල අරගලයක් බව,
3). ස්වයංසිද්ධව ගොඩනැඟුණු අරගලයේ ගමන්මඟ තුලදී යම් විදේශ මැදිහත්වීම් සිදුවිය හැකි බව.
මෙයින් විදේශීය මැදිහත්වීම පිළිබඳ අදහස් ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශයකු වන්නේ ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශය (නවය ; සැඟවුණ කතාව – 2023 අප්‍රේල් ; ප්‍රකාශනය – නිදහසේ නියමුවෝ). හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රකාශ කළේ තමා බලයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර දේශපාලන බලවේග මැදිහත්වීම සිදුවූ බවය (ගෝඨාභය රාජපක්ෂ – ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය – 2024: ප්‍රකාශකයෙකු සඳහන් නොවේ).
එවැනිම මතයක සිටින ආචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර විසින් “අරගලයේ බලය – ගෝඨාභය නෙරපීමේ සිට රනිල් සිරගත කිරීම දක්වා” නමින් වන කෘතිය පලකළේ 2025 නොවෙම්බර් මස වන අතර පසුගිය දිනෙක එම කෘතිය එළිදැක්වීම සිදුවූයේ ය. මද්දුමබණ්ඩාර යනු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු සේම කැළණි විශ්ව විද්‍යාල හිටපු උපකුලපති වරයෙකු හා ආර්ථික විද්‍යාඥයෙකු ද වේ. මාගේ ලිපිය මූලික වශයෙන්ම පදනම් වන්නේ එම කෘතියේ සඳහන් කර ඇති අරගලයේ විදේශ මැදිහත්වීම් සම්බන්ධ කරුණු මතය.
මේ කෘතිය ආරම්භ වන්නේ 2022.03.31 දින මිරිහානේ සිදුවීම සම්බන්ධ කතාබහෙනි. ගෝඨාභය, වීරවංශ මෙන්ම මද්දුමබණ්ඩාර ද එය අරගලයේ කේන්ද්‍රීය සිදුවීමක් වූ බව සලකති. රටේ පැවති ආර්ථික අර්බුදය, ආරක්ෂක තත්ත්වය, IMF සහය ලබාගැනීම ගැන ගෝඨාභය සමඟ එදින සිදුවු සාකච්ඡාවෙන් අනතුරුව තම නිවසට යන අතරතුර මිරිහානේ උද්ඝෝෂණය ගැන රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූ බවත් ඒ වනවිටත් එදින උදෑසනම රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් මේ උද්ඝෝෂණය ගැන බුද්ධි වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදී තිබුණ බවත් කතුවරයා සඳහන් කරයි (පි. 11). එහෙත් මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත් පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුවකදී නීතිපති වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කළේ උද්ඝෝෂණය පිළිබඳ තොරතුරු ජාතික බුද්ධි තොරතුරු සේවයට නොලැබුණ බවය. කෙසේ හෝ මෙම මිරිහාන උද්ඝෝෂණය සම්බන්ධව ගත්විට පූර්ණ බලැති විධායක ජනාධිපති, රටේ සියළුම සන්නද්ධ හමුදාවල සේනාධිනායකවරයා ද වූ ගෝඨාභය රාජපක්ෂ වෙත නිසි ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශ වලට නොහැකි විය .
රටේ පැවති ඉන්ධන, ගෑස් හා ආහාර ද්‍රව්‍ය හිඟය, විදුලිබල කප්පාදුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළයාම ආදී ආර්ථිකමය බලපෑම මත තැන තැන විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍රීයව හා තදාසන්න නගරවල, පිටත ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ වූ මහජන උද්ඝෝෂණ ආරම්භයේදී අසංවිධානාත්මක නමුත් සංවිධිත ආර්ථික ඉල්ලීම් මත පදනම් විය. පෙරකී මිරිහාන උද්ඝෝෂණය වනවිට අරගලය සංවිධිත මෙන්ම දේශපාලන බලවේග ද කරළියට පැමිණ තිබිණි. මද්දුමබණ්ඩාර සඳහන් කරන්නේ 2022.03.15 දින සමගි ජන බලවේගය විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ රජයට එරෙහිව පැවැති ආරම්භක උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨය වූයේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවය. මේ වනවිට අරගලය පිටුපස යම් බලවේග සිටි බවද ඔහු සඳහන් කරයි ( පි. 51). ජනාධිපතිවරයා ඉවත්විය යුතුය යන ඉල්ලීම අඛණ්ඩව අරගලය පැවතී කාලය පුරාම පැවතියේය.
2022.04.09 කොළඹ ගෝල්ෆේස් පිටියෙහි පැවති මහජන උද්ඝෝෂණය ගෝල්ෆේස් අරගලයේ ආරම්භය සහ “ගෝඨා ගෝ ගම” තවත් එක් තීරණාත්මක අවස්ථාවක් විය. එවක පටන් රනිල් වික්‍රමසිංහ ජනපති වූ 2022 .07.21 දින දක්වා මාස ගණනාවක් පුරා ඒ අරගලය පවත්වාගෙන යාමට දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ විදේශීය මූලාශ්‍ර වෙතින්, ශ්‍රී ලංකා විරෝධී මූලාශ්‍ර වෙතින් ලබාගත් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වියදම් කල බව මෙන්ම එල්ටීටීඊ ඩයස්‌පෝරාවෙන් සහ මැදපෙරදිග රටවලින්ද අරගලයට අතිවිශාල මුදලක් ලබාදී ඇති බව එහි සාමාජිකයෙකු වන විශ්වනාදන් ගේ කතාබහක් පදනම්ව කතුවරයා පවසයි. (පි.56-57). විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් පොදුවේ ඩයස්‌පෝරාව ලෙසින් හැදින්වූවත් මද්දුමබණ්ඩාර අරගලය සමග සම්බන්ධ කරන්නේ එල්ටීටීඊ හිතවාදී කණ්‌ඩායමය. අනෙක් අතට මෙහි සඳහන් මැදපෙරදිග රටවල්, මූලාශ්‍ර හෝ මෙරට සංවිධාන කවරේද පුද්ගලයන් කවුරුන්ද යන්න ඔහු හෙළිකරන්නේ නැත. ඒවා හුදු උපකල්පන හෝ ජනප්‍රිය මත පමණක් බවට පත්වන සීමාවෙන් එපිටට තමන්ගේ අදහස් හා තර්කනය විස්තාරණය කිරීමට මද්දුමබණ්ඩාර අපොහොසත් වේ. ගෝඨාභය ගේ අදහස වන්නේද දෙමළ ඩයස්‌පෝරාවේ න්‍යාය පත්‍රය අරගලය තුල ක්‍රියාත්මක වූ බවය (ගෝඨාභය – 2024,පි.95). ආචාර්ය උදන් ප්‍රනාන්දු සමග කල සාකච්ඡාවේදී Global Tamil Forum හි ප්‍රකාශක සුරේන් සුරේන්දිරන් පැවසුවේ ඔවුන් අරගලයට ආධාර උපකාර නොකල බවය (අනිද්දා -2022.08.28 ).
ගෝඨාභය රාජපක්ෂ ගේ රජයේ අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ 2022.05.09 දින ධූරයෙන් ඉවත්වූ පසු රනිල් වික්‍රමසිංහ අගමැති බවට 2022.05.12 දිනදී පත්කළේය. අගමැති ධූරය භාරගන්නා මෙන් එයට පෙර සජිත් ප්‍රේමදාස සහ සරත් ෆොන්සේකා හටද ගෝඨාභය ආරාධනා කර තිබුණු ද ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළේය. ගෝඨාභය ඒවා ප්‍රතික්ෂේප කළේය. එසේම මහින්ද රාජපක්ෂ අගමැතිධූරයෙන් ඉවත්කරන මෙන් ඇතැම් විදේශීය තානාපති වරුන් ජනපති ගෝඨාභය ගෙන් ඉල්ලා සිටියේය (ගෝඨාභය – 2024 පි.188). ඉන්දියාව ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂ අගමැති ධූරයට පත් කරන ලෙස බව වීරවංශ කියයි (වීරවංශ – 2023; පි.57-58).
රනිලාගමනය සමගම අරගලයේ තීව්‍රතාව අඩුවූ බව කියැවේ. එසේම මද්දුමබණ්ඩාර පවසන්නේ රනිල් ද අරගලයට සහාය දුන් බවයි (පි. 85). ගෝඨාභය ද එය පිළිගනියි (ගෝඨාභය-2024 පි. 97). රනිල් අගමැති වීමත් සමගම ඔහුගේ හිතවාදීන් ගෝල්ෆේස් අරගල භූමියෙන් හා කොළඹින් බැහැරව තිබූ අරගල භූමි වෙතින් ද ඉවත්විය; යටිතල පහසුකම්, ආහාරපාන සැපයීමෙන් ඉවත්විය; එසේවුවත් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අරගලය තවදුරටත් පැවතිය යුතු බවය.
2022.07.09 දින අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටලෑමත් සමග ගෝඨාභය හමුදා ආරක්ෂාව ඇතිව එයින් ඉවත් විය. එදිනම අරගලකරුවෝ විසින් අගමැති රනිල් ගේ නිවස ගිනි තබා විනාශ කළෝය. එදින රනිල් රූපවාහිනිය මගින් කල විශේෂ ප්‍රකාශය මද්දුමබණ්ඩාර තම කෘතියෙහි ඇතුළත් කර ඇති අතර එහි ඇති වැදගත් කරුණක් නම් රනිල් සමග පැවති රැස්වීමේදී පක්ෂ නායකයින් විසින් කල යෝජනාවයි. එනම් ජනාධිපති හා අගමැති යන දෙදෙනාම ඉවත්ව කතානායක වරයාට රටේ පාලනය භාර ගෙන පසුව ආණ්ඩුව ඇති කරන ලෙසය. රනිල් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය (පි 88-92). ගෝඨාභය රටින් පළාගිය පසු ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් කතානායක අබේවර්ධන හමුවී කළේද මේ යෝජනාවමය. පක්ෂ නායකයන් සහ ඉන්දියාව අතර මේ යෝජනාව ගැන පොදු සම්මුතියක් එකඟතාවයක් තිබුනේ ද? නැතිනම් අහඹු සිදුවීමක් ද?
ගෝඨාභය ගේ පලායාම සමග ඉන්දියාව කල බලපෑමක් ගැන මද්දුමබණ්ඩාර සඳහන් කරයි. ගෝඨාභය ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ මාලදිවයිනට යාමට බලාපොරොත්තුවූ හෙයින් ඒ සඳහා ගුවන් යානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇත. එම එකඟතාවය ඉටුකිරීමට නම් ගෝඨාභය සමග රනිල් ද අගමැති ධූරයෙන් ඉවත් කල යුතු බවට ඉන්දියාව යෝජනා කලද ගෝඨාභය එකඟ නොවීය. අවසානයේ ගුවන් හමුදාවේ යානයකින් මාලදිවයිනට ගියේය. එතැන් සිට පෞද්ගලික ගුවන් යානාවකින් තම ගුවන් සීමාව හරහා සිංගප්පූරුවට යාමට ඉන්දීය රජය අවසර දුන්නේ නැත (පි.93-94). අනතුරුව සෞදි ගුවන් සේවයේ යානාවකින් සිංගප්පූරුවට ගියේය. අවසර නොදුන් හේතුව සඳහන් කරන්නේ නැත (ගෝඨාභය-2024 , පි.169). ඉන්දියාවට රනිල් වික්‍රමසිංහ ද ඉවත් කිරීමට අවශ්‍ය වූයේ ඇයිද යන්න ගැන මද්දුමබණ්ඩාර ගේ කෘතියෙන් සොයාගැනීමට නොහැකිය. සමහරවිට තමන්ට පාලනය කල හැකි පුද්ගලයෙකු පිලිබඳ අදහසක ඉන්දියාව සිටියා වන්නට හැකිය. මෙතෙක් ඉන්දීය අභිප්‍රාය ඉටු වූවාදැයි දන්නේ ඔවුන්ම පමණි. කෙසේවුවද මේ සිදූවීම් ගැන වික්‍රමසිංහ මෙන්ම රාජපක්ෂවරුන් ද සෘජුවම අනාවරණය කරන්නේ ද නැත. මාලදිවයිනේ සිටම ගෝඨාභය විසින් රනිල්ව වැඩබලන ජනාධිපතිධූරයට පත් කළේ ඉන්දියාවේ බලපෑමට නතූ නොවීය. මෙයට වඩා වෙනත් අදහසක් ගෝඨාභය ගේ පොතෙහි සදහන්ව ඇත. ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් නොවෙන ලෙස එක් “ප්‍රධාන විදේශ බලවතෙක්” ඉල්ලා සිටි බවත් එම විදේශ බලවතා ඒ වනවිටත් ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයමින් සිටි බවත්ය (ගෝඨාභය – 2024 පි. 185). ඔහු කෙලින්ම නොකීව ද එම බලවතා නම් ඉන්දියාවයි. ඒ කියමන අනුව නම් ගෝඨාභය රාජපක්ෂ පාලනය ඉවත් කිරීමට ඉන්දියාවට අවශ්‍ය නොවූ බව පැහැදිළිය.
මද්දුමබණ්ඩාර ගේ පොතේ “විදේශ අදිසි හස්ත කුමන්ත්‍රණය” නම් එකොළොස්වන පරිච්ඡේදය වෙන්වන්නේ 2022 වසරේ ගෝල්ෆේස් අරගලයට සිදුවූ මේ ආකාර විදේශ මැදිහත්වීම ගැන සාකච්ඡාවටය. ඉන්දීය සාගරයේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම සහ ඉන්දියාවට ආසන්නයේම පැවතීම මත ලංකාව දේශපාලන යුධමය වශයෙන් වැදගත්කමක් දරන බව සඳහන් කරන මද්දුමබණ්ඩාර 2022 අරගලය පිටුපස පැවති විදේශ බලපෑම් හඳුනාගැනීමට හැකි බව කියයි. පසුගිය කාලයේ ආර්ථික දේශපාලන වශයෙන් ලංකාව තුල චීනය විසින් කල මැදිහත්වීම ගැන ඉන්දියාව මෙන්ම එක්සත් ජනපදයද නොසතුටෙන් සිටිය බව හෙතෙම දක්වයි. චීන ආර්ථික මැදිහත්වීම සඳහා ඉඩකඩ දුන්නද ඉන්දියාව සඳහා එවැන්නකට ඉඩ ලබාදීම සතුටුදායක නොවීම නිසා ගෝඨාභය සහ රනිල් ගැන ඉන්දියාවේ කැමැත්තක් නොවූ බව පවසයි.
එක්සත් ජනපද USAID – එක්සත් ජනපද ජාත්‍යාන්තර සංවර්ධනය සදහා වූ ඒජන්සිය – වෙතින් ලංකාවේ ඇති විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබෙන බව සහ ඒවා යොදවන ලද්දේ 2015 වසරේ ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් රාජපක්ෂ පාලනය පරාජය කිරීමට බව සඳහන් තොරතුරු ප්‍රචාරය වී තිබුණු බවත් වත්මන් එක්සත් ජනපද ජනාධිපති එම ඒජන්සිය වසාදැමීම සමගම එහි අරමුදල් අති විශාල ප්‍රමාණයක් 2022 ලංකාවේ අරගලයට යොදවා ඇති බව අණාවරණය වූ බවත් මද්දුමබණ්ඩාර පවසයි. නමුත් ඒ පිළිබඳව කිසිඳු තොරතුරක් හෝ මූලාශ්‍රයය හෝ සංඛ්‍යාලේඛණමය සාධක හෝ ඔහු සඳහන් නොකරයි. එය හුදෙක් අරගලයේ විපාක්ෂිකයන් කල චෝදනාවක් , ඕපාදූපයකට වැඩි යමක් නොවන බව ඔප්පු කිරීමට ඔහු අසමත් වේ. ඔහුගේ සඳහන් කිරීම් හුදෙක් අඩමාන ප්‍රකාශයන් පමණක් වන්නේය. එසේම අරගලය තුළ සිටි ඇතැම් සමාජ මාධ්‍ය කරුවන්ට විදේශ මුදල්, ආධාර සහ විදේශීය පුහුණුව ද සැපයුණු බවට හෙතෙම සඳහන් කර ඇත පි 21).
ඒ ආකාරයෙන්ම, එක්සත් ජනපද තානාපතිනිය ජුලි චන්ග් අරගලයට “සෘජුවම සහාය දුන් බව ප්‍රකාශ වී තිබේ” යැයි තවත් කවුරුන් හෝ කියූ දෙයක් කොතනක හෝ සඳහන් කල දෙයක් ආකාරයට ලියා තබයි. තවත් දුර යමින් ඔහු සඳහන් කරන්නේ “ඇතැම් ලේඛකයන් විසින් ප්‍රකාශයට පත්කර ඇති ග්‍රන්ථ හා ප්‍රකාශන මගින් හෙළිදරව් කර තිබෙනුයේ මෙම අරගලය මෙහෙය වූයේ ඇය විසින් බවය” යනුවෙනි. කවුද මේ ලේඛකයන් මොනවාද මේ ග්‍රන්ථ හා ප්‍රකාශන? යන්න මද්දුමබණ්ඩාර සඳහන් කරන්නේ නැත. ඇයගේ මැදිහත්වීම හෝ මෙහෙයවීම සිදුවූයේය යන්න ඔහු පිළිගන්නේ අරගලයේ විවිධ අවස්ථාවල දී ඇය විසින් නිකුත්කල නිවේදන මත පදනම් වෙමිනි. එම නිවේදන වල සමහර කොටස් ඔහු තම කෘතියේ 150 – 152 පිටුවල දක්වා ඇත. රටේ සාමකාමීව උද්ඝෝෂණය කරන අරගල කරුවන්ට සිදුවූ පහරදීම් වලට , හිංසනයන්ට විරුද්ධතාවය ඇය පළකල බව සත්‍යයකි. ඇය පමණක් නොව බ්‍රිතාන්‍යය, ජපානය, ඔස්ට්‍රේලියාව, යුරෝපා සංගමය, එක්සත් ජනපදය තානාපතිවරුන්ද එවැනි නිවේදන නිකුත් කළෝය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නේවාසික නියෝජිත ද එසේ කළේය. මද්දුමබණ්ඩාර ගේ තර්කය අනුව ඔවුන්ද අරගලය මෙහෙයවූවෝ විය යුතුය. නමුත් මද්දුමබණ්ඩාර ඒ නිවේදන මඟහැර යන්නේ ඇයි ?
මද්දුමබණ්ඩාර තම කෘතියේ 152 පිටුවේ ලියා තබන්නේ ලංකාවේ බල පෙරළියක් ඇති කිරීමට එක්සත් ජනපද තානාපතිනිය ජුලි චන්ගේ ක්‍රියාත්මක වූ බවය. ඇය පමණක් නොව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද මැදිහත්ව සිටි බවය. මද්දුමබණ්ඩාර ඉන්දීය මැදිහත්වීම ගැන කරන හෙළිකිරීම බරපතලය. ඔහු සඳහන් කරන ආකාරයට පළමුව බල පෙරළියක් කිරීමට ඉන්දියාව දැඩිව මැදිහත් වූයේ අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වූ මොහොතේය. එහිදී නව අගමැතිවරයා ලෙස රාජපක්ෂ පවුලේ අයෙකු පත්කරන ලෙස ඉන්දියාව දැඩි ලෙස ඉල්ලා සිටියත් ජනපති ගෝඨාභය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කල බව ඔහු කියයි. රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස 2022.05.12 වෙනිදා පත්කළේ ගෝඨාභය විසිනි.
රනිල් බලයට ඒම ගැන ඉන්දියාව සහ එක්සත් ජනපදය නොකැමැත්තෙන් සිටි බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන වැඩබලන ජනාධිපති ලෙස පත්කර “අලුත් පාලනයක් ඇතිකිරීමට” ඔවුන්ට අවශ්‍ය වූ බව මද්දුමබණ්ඩාර සඳහන් කරයි. රනිල් නිවෙස ගිනි තැබීම මගින් ඇතිවන පීඩනය මත ඔහු අගමැති ධූරයෙන් ඉවත්වෙනු ඇතැයි ඇතැමෙක් බලාපොරොත්තු වූ බව පවසන කතුවරයා ඒ කවුදැයි නොකීවද රනිල්ට අකමැති එක්සත් ජනපදය හා ඉන්දියාව විය හැකිය. මෙය කුමන්ත්‍රණයක් ලෙස දකින කතුවරයා අබේවර්ධන ජනපති වනු ඇතැයි යන මාධ්‍ය ප්‍රචාරක මෙහෙයුම දියත් කලේද මහ මොළකරුවන් බව සඳහන් කරන්නේය; එනම් එක්සත් ජනපදය හා ඉන්දියාව යි.
2022.07.13 දින පෙරවරුවේම කතානායක අබේවර්ධන ගේ නිලනිවසට පැමිණි ඉන්දීය මහ කොමසාරිස් බග්ලේ විසින් ජනාධිපතිධූරය භාරගන්නා ලෙස අබේවර්ධන ගෙන් ඉල්ලා සිටි බවත් එසේ එකඟ වන්නේ නම් “විනාඩි හතලිස් පහක්” තුල පවතින අර්බුදය සමථයකට පත්කරන බව ඉන්දීය මහ කොමසාරිස් බග්ලේ දැන්වූ බවත් මද්දුමබණ්ඩාර සඳහන් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ විට ජනාධිපතිධූරයට පත්විය යුත්තේ අගමැතිවරයා හෙයින් තමාට ඒ ඉල්ලීම භාරගත නොහැකි බව අබේවර්ධන පවසා ඇත. (පි. 98, 154-157). වීරවංශ සඳහන් කරන්නේ එක්සත් ජනපද තානාපතිනිය ජුලි චන්ග් පැමිණි බවය (වීරවංශ – 2023 , පි .96). මද්දුමබණ්ඩාර කියන මේ සමස්ථ සිදුවීම අනුව කවරාකාරයෙන් හෝ ගෝල්ෆේස් අරගලය ආරම්භ වුවත් එම අරගලය පාලනය කිරීමේ හැකියාව ඒ වනවිට ඉන්දියාවට තිබූ බව පැහැදිළිය. එයට එක්සත් ජනපදයේ අනුබලය ද තිබුණ බව පෙනේ. ඒ වනවිට කතානායක නිලනිවස හා පාර්ලිමේන්තුව වටකරමින් අරගලකරුවන් සිටියද මහ කොමසාරිස්වරයා ඒ නිලනිවසට පැමිණි ආකාරය අද්භූත බව මද්දුමබණ්ඩාර ගේ සටහන අනුව පෙනේ (පි.98). ඉන් මඳ වේලාවකට පසුව පැමිණි ඕමල්පේ සෝභිත හිමි ඇතුලු පිරිසද ඉහත යෝජනාවම කල බවතා කතානායක වරයා එයද ප්‍රතික්ෂේප කල බවත් මද්දුමබණ්ඩාර කියයි (පි 99). අරගලකරුවන්ටත්, ඔවුන් පසුපස සිටි විදේශ බලවේගවලටත් අවශ්‍ය වූයේ ගෝඨාභය සහ රනිල් බලයෙන් ඉවත් කිරීම බව; දුර්වල පාලනයක් ඇති කිරීම බව ඔහු සදහන් කරයි (පි.103). එය වැලකී ගියේ ගෝඨාභය, රනිල් සහ අබේවර්ධන යන තිදෙනාගේ තීරණ නිසාය (පි.110).
රටේ තරුණ පිරිස්, මධ්‍යම පංතික ජනයා ඇතුලුව ජනතාව සහභාගී වුවත් ඔවුනට කවර දේශපාලන අපේක්ෂා තිබුණත් අරගලය මෙහෙය වූයේ “තමන්ට අවශ්‍ය රූකඩ පාලනයක් රටතුල ඇති කිරීමට උත්සාහ කල විදේශ බලවේග” බව මද්දුමබණ්ඩාර පවසයි. එපමණක් නොව ගෝඨාභය ගේ රජය පෙරලා දැමීමට මැදිහත්වූ එම බලවේග නමින්ම සෘජුවම ඔහු විසින් සඳහන් කර ඇත. ඒවා නම් එක්‌සත් ජනපද තානාපතිනි ජුලි චන්ග්, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, එම රටවල ඔත්තු සේවා, විදේශ සම්බන්ධතා ඇති දේශීය ආයතන සහ පිරිස් ආදියයි (පි157). තානාපතිනි ජුලි චන්ග් 2026.02.16 දින ලංකාවේ සේවා කාලය නිමකර එක්සත් ජනපදය වෙත ගියාය. ගෝපාල් බග්ලේ 2020 මැයි සිට 2023 දෙසැම්බර දක්වා ලංකාවේ සිටි අතර දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයාය. සන්තෝෂ් ජා වර්තමානයේ ලංකාවේ සිටින ඉන්දීය මහා කොමසාරිස්වරයා වන්නේය.
මද්දුමබණ්ඩාර නගන මේ චෝදනාව බරපතල වන්නේ ලංකාවේ ජනතාව ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පත්කල ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පලවා හැරීමට ඒ ජනතාවම ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ ඉත්තන් බවට නොදැනීම පත්වූ බව මේ කෘතිය මගින් කියැවෙන බැවිනි. මේ මාතෘකාව ගැන තවත් පොත් කිහිපයක්ම ලියවිණි. බූපති නලින් වික්‍රමගේ ලියූ “අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් ” සහ (පළමු මුද්‍රණය – 2022; විදර්ශන ප්‍රකාශන), පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලියූ “මන්දිර කැළඹූ අරගලය” (පලමු මුද්‍රණය -2023 ජූලි) යන කෘතීන් ඉන්දීය සාගර භූ දේශපාලන තත්ත්වය තුල 2022 අරගලයට විදේශීය මැදිහත්වීම බලපෑම ප්‍රතික්ෂේප කරන්නේ නැත. “නවය; සැඟවුණ කතාව” යන කෘතියෙන් කතුවර විමල් වීරවංශ සෘජුවම පවසන්නේ එක්සත් ජනපදය 2022 අරගලයේ ප්‍රධානතම කාර්යයක් ඉටුකල බවය.
CChampa / January 12, 2026
තව එකක් එනවා අනුරව අයින් කරන්න. දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ, විශාල ජන විරෝධයක් අනුරට විරුද්ධව එයි කියලා විදේශ රටවල් හිතපු බව හොඳටම පැහැදිලියි. දිට්වා ගැන මම ඉංග්‍රීසි පැත්තේ ලියපු මුල් අදහසේම ජනාධිපතිට හෝ නිලධාරීන්ට විරුද්ධව කරන නඩුවකට සහයෝගය දෙන්නේ නැහැ කිව්වේ හේතුවක් ඇතුව.
දැන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් රට හෙල්ලිලා. මම ඒ ගැන මගේ අදහස් ලිව්වා මෙහෙම.
/
CChampa / January 12, 2026
ජේවීපී/මාලිමා ආණ්ඩු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිටිපැස්සේ තියෙන්නේ රටේ අනාගත පරපුර අඳුරට ඇද දමන උත්සාහයකටත් වඩා වැඩි භයානක කුමන්ත්‍රණයක් බව ජනාධිපති අනුර කුමාරම තහවුරු කරලා තියෙනවා. රිදීගම, දොඩම්ගස්ලන්ද තිබ්බ රැස්වීමකදි අනුර කුමාර මෙහෙම කියලා තියෙනවා.
1. “ලංකාවේ පාසල් 1150ක් විතර තියෙනවා, ළමයි පනහට වඩා අඩුයි. අපේ හාමුදුරුවනේ, ළමයි පනහට වඩා අඩු පාසල පාසලක් වෙනවද? සාහිත්‍ය උත්සවයක් තියන්න පුළුවන්ද? ක්‍රීඩා උත්සවයක් තියන්න පුළුවන්ද? ඒ පාසල් ගැණත් අපි කල්පනා කරන්න ඕනි. ඒ පාසලෙන් ඒ දරුවන්ට වැඩක් නෑ.”
.
අනේ මිනිහෝ, ඔඹ රටේ ජනාධිපති නේද? සාමාන්‍ය ගණිතයවත් බැරිද? ඔඹ කියන පාසැල් 1150, දරුවෝ 50න් වැඩි කරලා ගාණ බලාපන් ඉස්සෙල්ල. 1150X50 = දරුවෝ 57,500ක්!!!!
ඔඹ කියන්නේ පැරණි ගම්බද පාසැල් 1150ක් වහලා දරුවෝ 57,500කට අධ්‍යාපන අයිතිය අහිමි කරනවා කියන එකද? එහෙම කොහොමද?
.
දරුවෝ 50ක් ඉන්න පාසැල්, පාසැල් නෙමෙයිලු.
දරුවෝ 50ක් නෙමෙයි 5ක් හිටියත් ඒ පාසැල, පාසැලක්. අනික් හැම පාසැලකටම තියෙන අයිතිය ඒ පාසැලටත් තියෙනවා. රටේ හැම දරුවෙකුටම අධ්‍යාපනය ලබන්න අයිතියක් තියෙනවා. රටේ ජනාධිපතිට බැහැ දරුවන්ට අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය නැති කරන්න. කොහෙන් ආපු බලයක්ද?
අනුර කුමාර එන්නේ මොකාටද කියලා ගමේ පොඩි සිංඤ්ඤෝටත් තේරෙනවා. එකක් තමයි ගම්බද පාසැල් වහලා, පොඩි ගාණක් නෙමෙයි, 1150ක්! වහලා ඒ පාසල් වල ඉගෙන ගන්න සිංහල බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන එක.
අනික් හේතුව තමයි, සිංහල නම ඉවත් කරන එක.
1/6
/
CChampa / January 12, 2026
2. මේ බලන්න, අනුර කුමාර මෙහෙම කියනවා. “අලුත් පාසල් පද්ධතියකට අපි යන්න ඕනෑ. පැරණි පාසල ගමේ පාසල කියා රැකගෙනම වැඩක් නෑ.” මේ කියන්නේ මොකක්ද?
ගම්බද තියෙන “සිංහල පාසැල්” වහලා, අහල පහල තියෙන දෙමල, මුස්ලිම් පාසල් එකතු කරලා, ත්‍රෛභාෂා පාසැල් පිහිටුවලා සිංහල භාෂාවෙන් සිදු කරන අධ්‍යාපනයට තුන්වෙනි තැන දෙන එක තමයි කුමන්ත්‍රණය. පොළොන්නරුවේ ත්‍රෛභාෂා පාසැලක් ආරම්භ කලේ අනාගත අරමුණක් වෙනුවෙන්. මේකට ඉන්දියාව සල්ලි දුන්නේ නිකම්.
ගමේ සිංහල පාසැල් විතරක් නෙමෙයි, නගරබද සිංහල පාසැල් සංහාරයත් පටන් අරගෙන දැනටම.
දැන් “දෙහිවල සිංහල මහා විද්‍යාලයට” නියෝගයක් එවලා අහල පහල ඉන්න දෙමල සහ මුස්ලිම් ළමයින්ව සිංහල පාසලට ඇතුල් කරගන්න කියල. මේ නියෝගය දීල තියෙන්නේ දෙහිවල දෙමල සහ මුස්ලිම් පාසැල් ගණනාවක් තියෙත්දී. ඒ හින්දා මෙතන යටි අරමුණක් තියන බව පේනවා. ඒ තමයි සිංහල පාසැලේ සිංහල කියන නම වෙනස් කිරීම.
මේ උදාහරණ දෙකක් විතරයි. “අලුත් පාසල් පද්ධතියක් හදනවා” කියලා අනුර කුමාර කියන්නේ සිංහල පාසල් ඉවත් කරන එකට.
අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් සිංහල ඉතිහාසය සහ බුදු දහම ඉවත් කලෙත් ගම්බද සිංහල පාසැල් වහලා හදන්න යන අලුත් ත්‍රෛභාෂා පාසැල් පද්ධතියට ගැලපෙන ව්දිහට සහ සිංහල ඉතිහාසය සහ බුදු දහම පාසල් විෂය මාලවෙන්ම අයින් කරලා සිංහල කියලා රටක් තිබුනේ නැහැ කියල අලුත් ඉතිහාසයක් හදන්න.
2/6
/
CChampa / January 12, 2026
3. ඊළඟට අනුර කුමාර මෙහෙම කියනවා. “මේ අධ්‍යාපන ක්‍රමය අපේ දෙමව්පියන්ට බරක්. දරුවන්ට දුකක්.”
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්මයා ලංකාවට දායාද කල නිදහස් අධ්‍යාපනය දෙමව්පියන්ට බරක්, දරුවන්ට දුකක් කලේ දේශපාලකයෝ.
ජේවීපී/මාලිමා ආණ්ඩුවද ඇතුළුව පත් වුනු හැම ආණ්ඩුවම කලේ ඔවුන්ගේ බත්බැලයන්ට මූල්‍යමය වාසි ලැබෙන විදිහට සහ සිංහල බෞද්ධ විරෝධී අනාගමික බලවේග වලට සහ විදේශ රටවල උසිගැන්වීම් වලට ගැලපෙන විදිහට අධ්‍යාපනය වෙනස් කරන එක.
පාසල්වල අඩුපාඩු, ගුරු හිඟය සහ ක්‍රීඩා ඇතුළු බාහිර ක්‍රියාකාරකම් සඳහා ඇති පහසුකම් වැඩි කරන්නේ නැතුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගත්ත.
දෙමව්පියන්ටත් දරුවන්ටත් අද තියෙන බරපතලම බර තමයි ටියුෂන්. ටියුෂන් කියන්නේ තනිකරම ජාවාරමක්. අද පාසල් ගුරුවරු පවා තමන් උගන්නන දරුවන්ටම මුදල් අය කරලා ටියුෂන් දෙනවා. ඉස්සෙල්ලම කරන්න තිබුනේ ටියුෂන් තහනම් කරන එක.
නිකම් බලන්න, ගමේ සිංහල බෞද්ධ පාසලෙන් නොමිලේ ඉගෙනගෙන, විශ්ව විද්‍යාලයෙනුත් නොමිලේ ඉගෙන, රටේ ජනාධිපති වෙච්ච අනුර කුමාර තමන් නැග්ග ඉනිමඟට පයින් ගහනවා විතරක් නෙමෙයි අනුන්ට නඟින්න තියෙන ඉනිමං ටිකත් කඩලා බිඳලා දාන්න හදන හැටි. මේකට ඉඩ දෙනවද?
3/6
/
CChampa / January 12, 2026
4. මේ සිංහල ජාතිය වනසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාපු අගමැති සහ අධ්‍යාපන ඇමති හරිනි කියනවා කවුරු විරුද්ධ වුනත් ඒක නවත්තන්නේ නැහැලු. එහෙම කොහොමද?
නිදහස් අධ්‍යාපනය මේ රටේ ජනතාවගේ පරම අයිතියක් මිසක් පාලකයන්ගේ අයිතියක් නෙමෙයි.
හරිනිට පාසැල් දරුවන්ගේ දෙමාපියෝ ලිඛිතව බලය දුන්නද අවුරුදු දහයේ කිරි දරුවන්ට LGBTQ මිතුරු මිතුරියෝ හොයලා දෙන්න? එහෙම නැත්නම් තමන්ගේ ආගමට අමතරව අන්‍ය ආගම් ගැන තමන්ගේ දරුවන්ට බලෙන් ඉගැන්වීමට එකඟයි කියලා.
ව්‍යවස්ථාවෙන් බලයක් නැති අගමැති හරිනිට සංඝරත්නයද ඇතුළුව සිංහලයන්ට මෙහෙම තර්ජනය කරන්න හයියක් ආවේ කොහොමද?
එකක්, හරිනිට සහයෝගය පල කරලා ප්‍රකාශයක් නිකුත් කරපු 58 දෙනෙකුගේ කල්ලියේ ඉන්නේ ඊළාම්වාදීන්, බෞද්ධ විරෝධීන්, අනාගාමික රටක් වෙනුවෙන් පෙනී හිටින්නන්, LGBTQ ප්‍රචාරකයන් සහ රාජ්‍ය නොවෙන සංවිධාන වලින් යැපෙන්නන්. අනික, මේ කල්ලිය මේ අවුරුද්දේ තානාපති කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශීය ඔත්තුකරුවන් එක්ක එකතුවෙලා අනුර කුමාරව මහජන විරෝධයකින් හෝ ඝාතනයකින් බලයෙන් පහ කලහම, ජනාධිපති වෙන්නේ හරිනි. ප්‍රමාද නොවී අනුර කුමාර ව්‍යවස්ථාවේ කරුණු දෙකක් වෙනස් කරන්න ඕනේ. එකක්, ජීවත් වෙන තුරු ජනාධිපති මුක්තිය ලබා ගන්න ඕනේ. අනික, ජනාධිපති මහජන කෝලාහලයකින්, ඝාතනයකින් හෝ දෝෂාභියෝගයකින් බලයෙන් පහ කලොත්, මාසයක් ඇතුලත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව සහ මහජන චන්දයෙන් ජනාධිපතිවරයෙකු පත්වෙන තුරු “පමණක්” අගමැති, මාසයක් ජනාධිපති තනතුරේ වැඩ බලන බව.
4/6
/
CChampa / January 12, 2026
5. රටේ ජනාධිපති, අගමැති කවුරු වුනත්, මේ රටේ මිලියන 22ක ජනගහනයෙන්, මිලියන 15.4ක් වෙන සිංහල බෞද්ධයන්ගේ නායකත්වය තියෙන්නේ මහා සංඝරත්නයට. ඒ හින්දා ජාතික වශයෙන් වැදගත් තීරණ ගන්න කොට රටේ බහුතරය නියෝජනය කරන මහා සංඝරත්නයට ඒ ගැන දැනුම් දීල, ඔවුන්ගේ අනුමැතිය ගන්න ඕනේ. එහෙම දෙයක් කරලා නැහැ. ඒ මදිවට තර්ජනය කරන්නත් එනවා.
අනිත් අතට, මහජන විරෝධයක් තියෙන කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න පාලකයන්ට බලයක් නැහැ කියන එක ජාත්‍යන්තරව පිළිගත්ත න්‍යායක්. ඇමරිකාව මිලේනියම් චැලෙන්ජ් ව්‍යාපෘතිය අකුලා ගත්තේ (සිංහල බෞද්ධයන්ගේ) මහජන විරෝධය නිසා. ඒ බව ඒ ව්‍යාපෘතියේම ලියලා තිබුනා.
අති පූජ්‍ය මහානායක හාමුදුරුවරු පුවත්පත් මගින් ප්‍රසිද්ධියේ රටටම දැනුම් දුන්න අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට තමන් වහන්සේලා සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා. ඒ හින්දා ඒක අකුලා ගන්න කියලා. ජනාධිපතිව දළදා මාලිඟාවට කැඳවලාම කිව්වා නම් තමයි හොඳ හෝ අඩු ගණනේ ලිඛිතව.
පූජ්‍ය උලපනේ සුමංගල හාමුදුරුවෝ මාධ්‍ය සාකච්ඡා වලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ආණ්ඩුවට විරෝධය දක්වලා තියෙනව.
කවදත් සිංහල ජාතිය වෙනුවෙන් නැගී හිටින පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ජනාධිපතිට ලිඛිතව විරෝධය දක්වලා තියෙනව. (මේක ලියන්න හිතුවේ ඒ ලිපිය දැකලා.)
5/6
/
CChampa / January 12, 2026
6. වඩා භයානකම කාරණය මේක.
හොඳට ව්මසුම් ඇහින් බැලුවොත් වැටහෙනවා, පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය වෙන නිසා, රටේ බහුතර ආගම වන බුදු දහමට සහ බහුතර භාෂාව වන සිංහල භාෂාවට ව්‍යවස්ථාවෙන් ලබා දී තියෙන, කිසි දිනක අහිමි කල නොහැකි රැකවරණය, අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සූක්‍ෂම විදිහට ඉවත් කරන්න යන බව.
ඒ නිසා, පාසල් යන දරුවෝ හිටියත් නැතත්, ජාතියක් වශයෙන් සිංහල බෞද්ධ ජනතාව හරිනිගේ කල්ලියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව නැගී හිටින්න ඕනේ.
6/6
/