26 April, 2024

Blog

අනේ එජාපය, ඔක්කොම පිරිමි – නැත්තෙම ගෑනු !

ගෘෂා ඇන්ඩ්රූස්

එජාපයේ “එක්කොම පිරිමි- නැත්තෙම ගැහැණු” ව්‍යවස්ථා අර්බුදය නිම වී ඇත. එජාපය ආවේනික ලෙස ගෝල්ෆේස් පිටියේ මහා රැළියක් පවත්වා ෆ්ලෑෂ් බැක් “සංගීතයක්” දමා, රාජිත සේනාරත්න අවසාන කථාව පවත්වා රැලිය අවසන්ය. රාජිතගේ කතාව සිහි කරවන්නේ අතීතයේ එජාපයේ කාණු කටා ලෙස හැඳින්වූ රණසිංහ ප්‍රේමදාසගේ රැලිය අවසන් කරන කතාය. ශ්‍රී ලංකාවේ දේශපාලන සම්ප්‍රදාය තුළ ජනරැලියක අවසාන කතාව කරන්නේ අන්‍යන්ට ගර්භා කිරීමට, කුණුහරුප කීමට  සහ ජනතාවට “ආතල් දීමට” හැකි කථිකයාටය. පොහොට්ටුවේ මෙම කථිකයා වනාහී විමල් වීරවංශය.

මෙම අර්බුද කාලවකවානුවේ පැවැත්වූ කිසිම එජාප රැළියක කාන්තාවක් කතා නොකිරීම කතා බහට ලක් වෙමින් පවතී. අරලිය ගහ මදිරයේ මත්වී සිටි ගැලරියට “බයිට්” සැපයීමට එදා රණසිංහ ප්‍රේමදාස මෙන් අද යොදා ගනු බැලුවේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රය. ඇයගේ අතොරක් නැති අතාර්කික කතා, දෙඩවිලි, යාදිනි, හෙන ඉල්ලීම්, සහගැසීම්, සාධාරණීකරණය කිරීම් සියල්ල අතර ඇය තමාගේ දේශපාලන ප්‍රතිරූපය පුම්බා ගැනීමද අඩුවක් නැතිව සිදු කර ගත්තාය. කුප්‍රකට මිරිස් ප්‍රහාර දිනයේදී පාර්ලිමේන්තුවේ කොනක කාවින්ද ජයවර්ධන තමාව සුරතල් කළා නොව අතින් අල්ලා වළක්වමින් සිටි බව පැවසීමට තරම් පහත් තත්ත්වයට මෙය ඇද වැටුණි. අපගේ ව්‍යවස්ථාව කෙළෙසෙමින්, අපගේ ජනරජය දෙදරමින් තිබුණු මොහොතක මෙවැනි දේවල් අපට වැදගත් යයි, දෙවියනි, කවර අරුමයකට ඇය සිතයිද?

ගැහැණු පාර්ලිමේන්තුවට ගෙනෙන මරණයේ ලොතරැයිය 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට​ සාමාන්‍යයෙන් කාන්තාවක් පත් වීමට නම් ඇගේ පියා, සැමියා හෝ අඩුම වශයෙන් සොහොයුරාවත් අමානුෂික ලෙස ඝාතනය විය යුතුය. කාන්තාවන්ට දේශපාලන ජැක්පොට් එක ඇදෙන්නේ එවිටය. මරණයේ කෘර බව වැඩි වූ තරමට යා හැකි දුර වැඩිය. සිරිමා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රීමනී ඇතුලත්මුදලි, ශ්‍රීමා දිසානායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ෆේරියල් අශ්රොෆ් සහ විජයකලා මහේෂ්වරන් උදාහරණය.

ප්‍රවේණියේ බලය 

ප්‍රවේණියේ උරුමය ලෙස ලංකාවේ පාර්ලිමේන්තුවට ආ කාන්තාවන් කිහිප දෙනෙක් මතක් කරමු: සුනේත්‍රා රණසිංහ, අමරා පියසීලි රත්නායක, සුමේධා ජයසේන, සමන්තා කරුණාරත්න, නිරුපමා රාජපක්ෂ, චන්ද්‍රානි බණ්ඩාර, රෝහිනී කුමාරි විජේරත්න කවිරත්න, අනෝමා ගමගේ, තලතා අතුකෝරල  සහ පවිත්‍රා වන්නිආරච්චි ඉන් කිහිප දෙනෙකි.

ජේආර් ජයවර්ධනගේ ධූර කාලයේදී සෞඛය හා වනිතා කටයුතු ඇමති ලෙස සේවය කළ සුනේත්‍රා රණසිංහ හැරුණු කොට මෙම ලයිසුතුවේ රට අහවල් සේවය කළා යයි කාගේ නම් මතකයට නැගේද? මොවුන් බොහෝ දෙනාගේ නමට අදාළ මුහුණවත් මතකයට නැගෙන්නේ නැත. නමුත් රටට “දිගු කල සේවය කිරීමෙන් පසු” මොවුන් බොහෝ දෙනා විශ්‍රාම වරප්‍රසාද භුක්ති විඳිමින් සිටිති. දැනට දේශපාලනයේ නියුතු කාන්තාවන් අතුරින් බොහෝ දෙනා අලංකාර ලෙස ඇඳ ගෙන පැළඳගෙන, වත්සුණු උලා ගෙන  වේදිකා සැරසිලි ලෙස භාවිතා වන්නියන්ය. උදාහරණයක් ලෙස චන්ද්‍රානි බණ්ඩාර සැලකුවහොත් මෙම අර්බුදය පුරාවටම ඇය එජාප වේදිකාව මත ඉදිරියෙන්ම දිස් වුවාය. ඇස් කරකවමින්, තලු මරමින් වේදිකාව මත අමුතු රැඟුමක් දැක්වූවාය. දශක දෙකක් තිස්සේ චන්ද්‍රානි බණ්ඩාරගේ මුවින් රාජ්‍ය ප්‍රතිපත්තියක් ගැන එක් විද්වත් වචනයක් පිටවනු ඔබ අසා ඇත්ද?

මීටත් වඩා භයානක දාමරික හැසිරීමක් සහ කුණුහරුප දිවක් ඇති පවිත්‍රා වන්නිආරච්චිය. ඇගේ ගර්භිත ක්‍රියා කලාපය තුලින් ඇය තමාට අවමන් කර ගන්නවාට අමතරව ලොව පුරා සිටින ස්ත්‍රී වර්ගයාටද අවමන් කරවයි. කතානායකගේ පුටුව කඩන්නට ගිය මැර දොස්තර සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ගැන අපි කතා නොකර ඉමු!

වඩාත්ම භයානක ශීලාචාර බව පෙන්වාගෙන සිටින තලතා අතුකොරලය. එජාප සත්‍යග්‍රහයකදී බැඳුම්කර වංචාව වර්තමාන ව්‍යවස්ථා අර්බුදයට​ හේතු පාදක වුවාදැයි මාධ්‍යවේදියකු ප්‍රශන කළ විට අපහාසයට අධිමානයෙන් මුහුණ ඇද කරමින් තලතා අතුකෝරල එම මාධ්‍යකරුට පැවසුවේ “මොකද්ද බැඳුම්කර වංචාව? ඔයා කියන්නේ මොන වංචාවද? ඔයාට උත්තර දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා සිංහලෙන් කියවල එන්න ඒක​ ගැන. ඇවිල්ල අහන්න,” ආදී වශයෙනි. ඇගේ හැසිරීම සිහි කැඳවන්නේ තුට්ටු දෙකේ ටෙලි නාට්‍යයක වලව්වේ හාමු කෙනෙක් හා වලව්වේ සේවකයකු අතර වෙන ආකාරයේ සංවාදයකි. තලතා ඇත්තටම සිතා සිටිනවා ඇත්තේ ඇය එම කණිෂ්ඨ​ මාධ්‍යකරුට වඩා “උසස්” බව වන්නට ඇත. නමුත් ඇයට අමතක වී ඇත්තේ එම මාධ්‍යකරු බැඳුම්කර වංචාවක් කර නැත. එය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. පහත වීඩියෝවේ 0.52 තත්පරයේ සිට එජාප යේ දේශපාලක කාන්තවාන්ගේ පිම්බුණු අධිමානී හැසිරීම නරඹන්න. ඔවුන් එම මාධ්‍යවෙදීයාව පහත කොට සලකන ආකාරය අවබෝධ වනු ඇත. 

ලිංගික ආකර්ශණය​ සහ ජනප්‍රියතාව මත පාර්ලිමේන්තුවට එන කාන්තාවන් 

මොවුන් ගැන ලිවීමද කාලය අපතේ යැවීමකි. මොවුන් ඉහත සඳහන් වන්දඹුවන් සහ අනත් දැරියන්ට ද වඩා අතිශයන්ම භයානකය.

දේශපාලන කටු ගසක පිපුණුරෝසිමල 

බිම් මට්ටමේ සිට දේශපාලනය තුල ඉහලට නැගී නුතන එජාප දේශපාලිකාව රෝසි සේනානායකය. නමුත් වර්තමාන සන්ධර්භය තුල ඇය දැවී හළු වුනු අයෙකි. ඇය ද චන්ද්‍රානි බණ්ඩාරට වඩා ශක්‍යතාවයක් නොපෙන්වයි. ඇයව ඇත්තෙන්ම දිස් වන්නේ පිරිහෙන තාරුණ්‍යයේ එල්ලී සිටින, තීන්ත තැවරු, අස්වාභාවික නිය අලවා ගත් වියපත් රූ රැජිනක් ලෙසිනි. මෙය පවසන්නේ අයව පහත හෙලීමට හෝ, අයගේ රූ රාජිනිභාවය අවතක්සේරු කිරීමට නොවේ. ඇය වර්තමාන අර්බුදය තුළ අලංකාර වේදිකා සැරසිල්ලක් පමණක් වූ බැවිනි. ඇය පැරණි රූ රැජිනකට ඔබ්බෙන් ගිය දෙස්පාලිකාවක් නම් හැසිරිය යුත්තේ එලෙස ද​?. තමා විසින් දුක සේ ගොඩනගා ගත දේශපාලන ප්‍රතිරූපය පොදු ජනතාව අතර ඇය විනාශ කර ගත්තේ සියල්ලටම ප්‍රථම සිය රාජකාරී වැසිකිලිය ප්‍රතිසංස්කරණය කරන්නට යාමෙනි.

දේශපාලනයට ඇතුළු වීමට සිහින මවන තරුණිය හට පෙරමග පෙන්වනවා වෙනුවට රෝසි කර ඇත්තේ ආත්ම විශ්වාසය අඩු බෝනික්කියකගේ තත්තවයට පත් වීමය. සත්‍යය නම් අප දේශපාලනයේ යෙදෙන පුරුෂයන්ගේ ශරීර සහ ප්‍රතිරුප මෙසේ විශ්ලේෂණය නොකරන බවය. නමුත් දේශපාලනයට පිවිසීම නිසා සිය ශරීරය, රැලි වැටුණු සම, වියපත් බවට ගර්භා ලබන්නේ ස්ත්‍රීන්ය. එම නිසා රෝසි වැන්නියකගේ සදාචාරාත්මක වගකීම නම් එවැනි තරුණියන්ට ඇදහිය හැකි ආදර්ශයක් වීම විනා  එජාපයේ බාබි ඩොල් වීම නොවේ. ඇය එජාප වේදිකාව මත කතා කරන පුරුෂයන්ගෙන් 99% වඩා තාර්කිකය; චතුරය; දක්ෂය. නමුත් ජාතියේ කාන්තාවන් වෙනුවෙන් එක කතාවක් ඉල්ලා සිටිනවා වෙනුවට ඇය කළේ සාරි පොට අලාගෙන, මද සිනා නගමින් කුමක්දෝ රඟ දැක්වීමය.

ස්වෝත්සාහයෙන් දේශපාලනය තුල ස්තානගත වුනු, පක්ෂයට සේවය කල, ඉතා පරිනත රෝසිව අරලිය ගහ මන්දිරයේ සජීවී ප්‍රවෘත්ති සාකච්ඡා වලට යොදවනවා වෙනුවට එජාපය සිදු කළේ කුමක්ද? පවිත්‍රා වන්නිආරච්චිට නොදෙවෙනි හිරුනිකා ප්‍රේමචන්ද්රව ගැලරිය පිනවීමට ගෙන ඒමය. අයගේ අතොරක් නැති කන් කරච්චලය ඇට අයගෙන් මන් මත් වුනු අපරිණත මාධ්‍යවේදීන් බාධාකළේ නැත. ඇය ගේ හැසිරීම අරගලයට පණ පෙව්වද, මධස්ථ මතධාරීන්ට පෙන්වුයේ “සියුමැලි, සංස්කෘතික, ශීලාචාර” රනිල්ගේ පක්ෂය කුණු කානුවක් බවයි. සිහි බුද්ධියෙන් තොරව ඉතා පහත් ආකාරයට ජනාධිපතිවරයාට අපහාස කිරීමේ ආනිසංසය හිරුනිකාද, එජාපයද මතුවට තෙරුම් ගනු ඇත. කුප්පා ගනු ලැබූ ජනාධිපතිවරයකු සමග ඉදිරියට වැඩ කිරීම අපහසු වනු ඇත. දේශපාලනයේදී සිහියේ තබා ගත යුතු වටිනා සංකල්පයක් ඇත​. එනම් වචනය පිට කරන තුරු වචන අපට යටත්ය. වචන පිට කළ පසු අපි වචනයට යටත්ය.

දෛවයේ සරදම නම් ජඩ මාධ්‍ය විසින් නිර්දය සහ අමානුෂික ලෙස ලිංගික හිංසනයට ලක් වුනු හිරුනිකාම ජනාධිපතිවරයාගේ අනියම් පෙම්වතිය ලෙසට හඳුන්වන කාන්තාවකට සියසින් දුටු සේ අපහාස කිරීමය. එවැනි බලය අවභාවිතාවක් හිරුනිකා දුටුවේ නම් ඇය දැන් වන තුරු සිටියේ මන්ද? ඇයට මේ සියල්ල මතක් වුයේ ඇගේ වරප්‍රසාද, විශ්‍රාම වැටුප් අහිමිවීමේ තර්ජනය එළඹුණු විටද? වසර කිහිපයකට පෙර “මම මහින්ද රාජපක්ෂගේ දුවක්!” යයි කිව්වේද හිරුනිකා මය. මහින්ද ඉදිරියේ හතර ගාතයෙන් වැටි ඔහුට වැඳ නමස්කාර කළේද හිරුනිකා මය. අපට නම් ඇය කවුදැයි අමතක නැත.

එජාප වේදිකාව මත කාන්තාවන් කතිකයන් නොකිරීමේ තනි වරද ලිංගික සමානාතමතාවය ගැන රනිල්ගේ ඇති අසංවේදී බව පමණක් නොවේ. එජාපය ඉහල පැලැන්තියේ පිරිමි කිහිපදෙනෙක්ගෙන් පාලනය වන පක්ෂයක් වීම පමණක්මද නොවේ. ලිංගික සමානාත්මතාවය ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් ෙඵන්ද්‍රීයව​ ග්‍රහණය කර ගෙන නැත. එජාපයේ කාන්තවන් සිය තැන ලබා ගැනීමට තරම් බල ගැන්වී නැත. ඔවුන් එජාපයේ පවුඩර් බබාලාගේ තත්ත්වය බොහෝ දුරට උරුම කරගෙන ඇත.

එජාපයේ කාන්තාවන් සමානාත්මතාවය සොයයි නම් ඔවුන් එජාප වේදිකාවේ තමාගේ තැන ඉල්ලා සිටිය යුතුය. යම් දිනක මහින්ද නායකත්වය දරන මැතිවරණයකදී ඔහුට අභියෝග කිරීමට රනිල් බලාපොරොත්තු වෙයි නම් ඔහු සිය පුරුෂ මූලික සිහිනයෙන් ඇහැරී සිය බිරිඳ මෛත්‍රීගෙන් පිරිමියකු යනු කවුදැයි නිර්වචනය කර ගත යුතුය. ඔහුගේ පක්ෂය තුළ සහ සමාජය තුළ කාන්තාවද කොටසක් බව හෝ තේරුම් ගත යුතුය. කාන්තාව ගැලරිය පිනවීමට පමණක් යොදා නොගත යුතුය. මක් නිසාද යත් ශ්‍රී ලංකාවේ කවර සමාජ ස්ථරයක​ වුවද කාන්තාවන් අතර ජනප්‍රියතම සහ වැඩිම ලිංගික ආකර්ශනය සතු දේශපාලකයා තවමත් මහින්ද බැවිනි. එය සිහි කරන විට ඔක්කාර ගතියක් දැනුනද තිත්ත ඇත්ත එයයි. කාන්තාවන්ගේ ජන්ද​ නතු කර ගනීමටමන් ඔවුන් පිලිබඳ කවර හෝ සංවේදීතාවයක් රනිල් විසින් පෙන්විය යුතුමය. 

අනේ රනිල්, ඔබේ පක්ෂයේ නාමයෙන් සහ රටේ නාමයෙන් ඊළඟ එජාප රැලියේදී කාන්තාවකට එක කතාවක් කරන්නට දෙන්න!

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Today authored by Grusha; yesterday by Punya Samarakoon, with a photograph as well. So, we now know who the admirable and erudite Grusha Andrews is.
    .
    This is the corresponding English article:
    .
    https://www.colombotelegraph.com/index.php/sorry-women-of-sorry-politics/
    .
    However, all these articles ought to appear in some site that is viewed more by Swabasha readers.

    • 1
      0

      Dear sir
      I must state here that I am not Ms Punya Sanarakon.
      Editor CT
      Much appreciate if you can step in to clarify.
      Thank you
      Grusha Andrews

      • 1
        0

        Grusha,

        The Title should have said, ATA Nettham UNP Vedikawara Behe.

        No balls, cannot be in the UNP platform.

        It is all right for multiple authors to tell the same story.

        Amarasiri gave his title for the same subject matter.

  • 0
    0

    Thanks Grusha,
    .
    In a sense it doesn’t matter, because although you are critical of people it is in an objective sort of way.
    .
    With the writers of some articles, it becomes more important as to who is writing what.
    .
    However, it is a bit puzzling sometimes, and the fact is that the author was given as Punya S. (a person quite unknown to me).
    .
    Let’s hope that the editor does clarify. Meanwhile, thanks for all the article. Thanks especially for writing these in Sinhalese; I also mean it when I say that you ought to get them published where there is a significant Sinhala readership. It is not a criticism of CT to say that this site doesn’t have mass readership.

  • 0
    1

    I’m so sorry. You’ve used the same picture as has been used in this article:
    .
    https://www.colombotelegraph.com/index.php/punya-samarakoon-18-december-2018/
    .
    As I’ve acknowledged, my Sinhala reading is a bit laboured; nevertheless, I’m to blame. I think that I must make an honest effort to read both.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.