
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා පිළිබඳව විවිධ චෝදනා මෙන්ම පැසසුම් ද ඉදිරිපත් වෙමින් පවතී.මෙම අයවැය ඉදිරිපත් කරන ලද්දේ රට ඉතිහාසයේ ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවකට පත්ව සිටින මොහොතකය.මෙතෙක් කල් පැවති සියලු ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දේ සිය පැවැත්ම තහවුරු කරන ආර්ථික ප්‍රතිපත්ති විය.
රටේ මත ඉදිරිපත් කරන ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් රට විසින් අනුගමනය කල යුතු ආර්ථික ප්‍රතිපත්ති සිය ආර්ථික දේශපාලන දැක්ම අනුව තීරණය කර මත ඉදිරිපත් කරති. අයෙක් ආනයන ආදේශක ඉදිරියට ගත යුතු යයි සිතන අතර අයෙක් අපනයන ප්‍රවර්ධනය ඉදිරියට ගත යුතු යයි සිතති. අයෙක් රාජ්‍යය ව්‍යාපාර නොකළ යුතු යයි සිතන අතර අයෙක් රාජ්‍ය ව්‍යාපාර පාඩු නොලබන ලෙස පවත්වාගත යුතු යයි සිතති. අයෙක් පුද්ගලික අංශයට විරුද්ධ වන අතර අයෙක් පුද්ගලික අංශය ප්‍රවර්ධනය කල යුතු යයි සිතති. අයෙක් විදේශ ආයෝජන වලට එරෙහි වන අතර අයෙක් විදේශ ආයෝජන වලට අනුග්‍රහය දක්වති.
මෙම බෙදීම නව ලිබරල් වශයෙන්ද සමාජවාදී හෝ මාක්ස්වාදී වශයෙන්ද මෙම අන්ත අතර ඇති යම් මතවාද වශයෙන්ද අර්ථ දක්වනු ලැබේ. සිංහල ගැමියන් අතර වැඩක් කළ යුත්තේ වැඩේට ඕනෑ හැටියට යයි කියුමක් තිබේ.එහි තේරුම වැඩේට තමන් නිමවිය යුත්තේ කෙසේදැයි අදහසක් ඇති බව නොවේ. යම්කිසි වැඩක් සාර්ථක අවසානයකට යා යුතු නම් එය කළ යුතු එක්තරා ක්‍රමයක් තිබෙන බවත් වැඩේ කරන්නා විසින් එම ක්‍රමය අල්ලා ගත යුතු බවත්ය. මෙය බිත්තියකට ඇණයක් ගැසීමට, ආර්ථිකය පාලනයට මෙන්ම නිවන් දැකීමටද එකසේ අදාලය.
එබැවින් ආර්ථිකය පාලනය කළ යුත්තේ ආර්ථිකය දියුණු කල හැකි ක්‍රමවේදයකට මිස එක් එක් අයගේ මතවාද සන්තර්පණය කිරීමට හෝ ජනතාව ඇන්දවීම හරහා මැතිවරණ ජයග්‍රහණය පිණිස හෝ නොවේ. විශේෂයෙන්ම මේ අර්බුදකාරී අවස්ථාවේ මෙයින් ගොඩ ඒමට හැකි (එය පහසු නැත) ක්‍රමවේදයක් හරහාය.
අයවැය අවසානයේ ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු වල සාරාංශය වගුවක් ලෙස මේ සමඟ ඉදිරිපත් කර ඇත. වර්ෂ 2018 සිට 2023 දක්වා පසුගිය අයවැය කථා ආශ්‍රයෙන් අදාල තොරතුරු එම වගුවේ දැක්වේ. ගණන් දක්වා ඇත්තේ රුපියල් බිලියන වලිනි.වර්ෂ 2022 සඳහා බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ ඇස්තමේන්තු නොව රනිල් වික්‍රමසිංහ අතුරු අයවැය මගින් ඉදිරිපත් කල ඇස්තමේන්තු යොදා ගෙන ඇත.අවසාන තීරුවේ දැක්වෙන්නේ වර්ෂ 2022 ඇස්තමේන්තු පදනම වශයෙන් ගෙන 2023 සඳහා වර්ධනය ප්‍රතිශතයක් ලෙසයි. දල ජාතික නිෂ්පාදිතය මහා බැංකු වාර්තා වලින් ලබාගත් අතර 2022 වර්ෂය සඳහා ආර්ථිකය 9.2% කින්ද 2023 සඳහා ආර්ථිකය 4.2% කින්ද හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව විසින් පුරෝකථන කර ඇත. ඒ අනුව 2021 දල දේශීය නිෂ්පාදිතය 9.2% කින් හකුළුවා එය 2022 සඳහා දල දේශීය නිෂ්පාදිතය ලෙස සහ එම අගය තවත් 4.2% කින් හකුළුවා එය 2023 සඳහා දල දේශීය නිෂ්පාදිතය ලෙස වගුවේ දක්වා ඇත.
වගුවට අනුව අදායම් බදු වලින් ලැබෙන ආදායම 63.4% කින් වැඩිවී ඇති අතර භාණ්ඩ සහ සේවා මත බදු වලින් ලැබෙන ආදායම 81.4% කින් වැඩිවී ඇත. ආදායම් බදු වලින් ලැබෙන ආදායම රු. බිලියන 912ක් වන අතර භාණ්ඩ සහ සේවා මත බදු වලින් ලැබෙන ආදායම එයට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වන රු. බිලියන 1763 කි. වර්ෂ 2018 දී මෙම අනුපාතය තුන් ගුණයකට වඩා වැඩි විය. රජයේ සමස්ත ආදායමෙන් ආදායම් බදු වලින් ලැබෙන ආදායම 2018 දී 15.3% ක් වූ අතර 2023 දී එය 26.7% ක් වේ. භාණ්ඩ සහ සේවා මත බද්ද 2018 දී මුළු ආදායමෙන් 52.4% වූ අතර 2023 දී එම ප්‍රතිශතය 51.6% කි. මේ අනුව ආදායම් බදු මත යැපීම වර්ධනය වී ඇති අතර භාණ්ඩ හා සේවා මත යැපීම ඉතා සුළු ප්‍රමාණයක් අඩුවී ඇත. රට යා යුතු ඉදිරි මග මෙය වේ යයි සිතමි. රටේ පවතින බලවත් ඇති නැති පරතරයට මෙය එක්තරා ආකාරයක විසඳුමක් වේ යයි සිතමි.
අනෙක් අතට ආදායම් බදු වැඩි කිරීමෙන් රටක් සංවර්ධනය කල නොහැක. එය අපි සියලු දෙනාම දනිමු. එනමුත් මේ අවස්ථාවේදී කළ යුත්තේ රට සංවර්ධනය කිරීමට පළමුව රාජ්‍යය බේරා ගැනීමයි. බංකොලොත් වී ඇති රාජ්‍යය බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමයි. ඒ සඳහා ආදායම් වැඩි කළ යුතු අතර වියදම් අඩු කළ යුතුය. ඒ අතර ඉදිරි සංවර්ධනයේ බිජ ද පැල කළ යුතුව ඇත.
රාජ්‍ය වියදම් වල සැලකිය යුතු ප්‍රමාණයක් යෙද වෙන්නේ වැටුප් සහ වේතන සඳහාය. වර්ෂ 2022 ට සාපේක්ෂව වැටුප් සහ වේතන සඳහා ඇස්තමේන්තු ගත මුදල වැඩිවී ඇත්තේ 0.7% ක් වැනි සුළු ප්‍රමාණයකිනි. 2022 සැප්තැම්බර් මස වන විට රටේ සාමාන්‍ය උද්ධමන අනුපාතය 73.7% ක් ද ආහාර සඳහා උද්ධමන අනුපාතය 85.8% ක් ද වන රටක (ජාතික පාරිභෝගික මිල දර්ශකය- මෙය ඔක්තෝබර් මාසයේදී මෙම වසර තුල ප්‍රථම වතාවට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇත.) වැටුප් සහ වේතන වැඩි නොවීම ඔවුන්ගේ වැටුප 73.7% කින් පහත හෙළීමකි.මෙය රාජ්‍ය වියදම් වල විශාල කප්පදුවකි. එමෙන්ම වෙනත් භාණ්ඩ සහ සේවා වල වැඩි වීම 33.3% ක් ද සහනාධාර වල වැඩිවීම 9.1% ක් ද රජයේ ආයෝජන වල වැඩිවීම 13.8% ක් ද වේ මෙම අගයයන් ආදායම් වැඩිවීමට සාපේක්ෂව අඩු ප්‍රතිශතයන් වේ.
වඩාත් බරපතල ප්‍රශ්ණය වන්නේ මෙයයි. එනම් ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසරේදී දල ජාතික නිෂ්පාදිතයෙන් 2.3% ධන අගයක් බවට පත් කිරීමයි. ප්‍රාථමික ගිණුමේ ශේෂය යනු මුළු රාජ්‍ය ආදායමෙන් පොලි හැර වෙනත් වියදම් අඩුකළ පසු ඉතිරිවන ශේෂයයි. වර්ෂ 2018 සිට මෙම ශේෂයන් වගුවේ දක්වා ඇත. මෙම ලිපියේ ඉහත දැක්වූ කරුණු අනුව 2023 වසරේ ඇස්තමේන්තුගත දල ජාතික නිෂ්පාදිතය රු. බිලියන 14622 කි. මේ අනුව 2023 වසරේ ප්‍රාථමික ගිණුමේ රු. බිලියන 211 ක හිඟයක් තිබේ. එය දල දේශීය නිෂ්පාදිතයෙන් ඍන 1.44% කි. මෙම වසරේ එය ධන 2.3% බවට පත්වීමට නම්, (එය කොන්දේසියක් නොවේ) අදාල ශේෂය රු. බිලියන 336ක් විය යුතුය. එනම් පවතින තත්ත්වයට වඩා රු. බිලියන 547 ක් වැඩිවිය යුතුය. මෙම අගය ලැබෙන්නේ හැැකුළුණු ආර්ථිකයක් තුලය. ආර්ථිකය 2024 සිට ප්‍රසාරණය වේ නම්, (එසේ විය යුතුය) මෙම තත්ත්වය තවත් අසීරු වනු ඇත.
එබැවින් ඉදිරියේදී ජනාධිපතිවරයා අයවැය යෝජනා වල දැක්වූ පරිදි රාජ්‍ය ආයතන විකිණීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම, අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවසායකයන් නගා සිටුවීම වැනි යෝජනා හුදු වචන වලට පමණක් සීමා නොකර (සාමාන්‍ය තත්ත්වය එයයි. )වහ වහා ක්‍රියාත්මක කළ යුතුය. ව්‍යවසායකයන් කෙරෙහි සමාජයේ පවතින ආකල්ප පිළිබඳව ජනාධිපතිවරයා විසින් මතු කළ කරුණු මෙයට පෙර අවස්ථා ගණනාවකම මවිසින් අවධාරණය කර ඇත. එයට අමතරව ඔවුන් සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයා දීමට ආයතනයක් ඇති කිරීම රජයේ යුතුකමකි. දශක කිහිපයකට පෙර DFCC සහ NDB බැංකු පුද්ගලිකරණයෙන් පසුව මෙම යුතුකම පිලිබඳ හැඟීම ජාතික මට්ටමෙන් ගිලිහි ගොස් ඇත. මෙය අපනයන වැඩි කිරීමට ද ඉවහල් වේ.
විදේශ ප්‍රේෂණ වැඩිවීම සහ සංචාරක කර්මාන්තයේ නැගීම මගින් රටේ විදේශ ආදායම් පිලිබඳ තත්ත්වය යහපත් වනු ඇති අතර ක්ෂණික අපනයන (භාණ්ඩ හෝ සේවා) වැඩි කිරීමකට විදේශ ආයෝජන අවශ්‍යවේ. මේ සඳහා විදේශ ආයෝජන වලට එරෙහි මානසිකත්වය අප විසින් හල යුතුය.
අප විසින් කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආ මඟ කෙටි වන අතර යා යුතු මඟ බොහෝ දුරය. මේ සඳහා අවශ්‍ය ශක්තිය සහ දිරිය රාජ්‍ය නායකත්වයට මෙන්ම ජනතාවටද තිබිය යුතුය.
leelagemalli / November 24, 2022
Dear Mr Gunasena,
.
පළමු දේ පළමුව. ආර්ථිකය නගා සිටුවීම සඳහා තිරසාර විසඳුම් සෙවීම යුගයේ අවශ්‍යතාවයයි. අපරාධකරුවන්ට සහ අවස්ථාවාදීන්ට ගොදුරු වන නිසා බොහෝ දෙනෙක් මෙය බැරෑරුම් ලෙස සලකන්නේ නැත. ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇති වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඔවුන්ට සිතිය හැකියි. ඒ වගේම මැතිවරණ පැවැත්වීමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලොකු දෙයක් වෙන්නේ නැහැ. විශාල මිනිසුන් බිහිරි සහ අන්ධ වැනි ය.
ඔවුන්ට (මම අදහස් කරන්නේ දිවයිනේ බහුතරයක්) ඡන්ද බලයේ වටිනාකම ගැන අංශු මාත්‍ර දැනුමක් නැත. ජනතාව තවමත් බලයට කෑදර රාජපක්ෂ රස්තියාදුකාරයන්ගේ ග්‍රහණයේ සිටින බව මත විමසුම්වලින් තහවුරු වේ.
මේ කියන්නේ නූගත් ජනතාව ගැන නොව සමස්ත උපාධිධාරීන් පවා මැතිවරණවලදී තමන්ගේ ඡන්දය අවභාවිත කිරීම ගැනයි. මෙය රවුම් වලට යයි. එහි ප්‍රතිඵලය නැවත නැවතත් එකම දෙයකි. 2015, 2020 සහ 2023 සමාන වේ.
බලන්නකෝ 2020 වැඩ කරපු හැටි.. ගොඩක් අය හිතුවේ JVP එකට පාර්ලිමේන්තුවේ ආසන දුසිමකට වඩා දෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණද ජනතාව ඒත්තු ගැන්වීමට තරම් කටයුතු කරන්නේ නැත. ඔවුන්ගේ ප්‍රසිද්ධ කතා හුදෙක් ජනකායේ රසවින්දනය සඳහාය. උන්ගේ මෝඩ න්‍යායන් වලින් කාලය මරනවා. කොහොමත් අලුත්ගමගේ, ජොන්ස්ටන්, රෝහිත, නාමල් වගේ මහා අපරාධකාරයෝ තමයි ආපහු පාර්ලිමේන්තුවට එන්නේ. මේ අයව සදහටම හිරේ දාන්න ඕන. අපේ මිනිස්සුයි අපේක්ෂකයොයි දෙන්නම අන්ත මෝඩයි. ඔබ දේවල් නිවැරදිව කරන ලෙස ඉල්ලා සිටියහොත් ඔවුන් ඔබට පහර දෙනු ඇත.
tbc
/
leelagemalli / November 24, 2022
cont.
රාජපක්ෂගේ ඉල්ලීම් මත උසාවි වැඩ කරනවා වගේ මැතිවරණ කොමසාරිස්වරයා පැහැර ගන්නවා. මේ රටේ ජනතාව ඉහළින්ම පිළිගන්නා බැසිල් රාජපක්ෂ, නමුත් එය සිදු වුණා… මාධ්‍ය තිබෙන්නේ රාජපක්ෂ අපරාධකාරයන් අතේ. එම දර්ශන උතුරු කොරියාවේ දර්ශනවලට සමාන විය. මහ දවාලේ කරන මොන අපරාධයක් උනත් පිලිගන්න, අත්පුඩි ගහන්න, සිපගන්න ඔය පහත් මට්ටමේ පිරිමි ගෑනු පුහුනුව.
.
එබැවින් ඕනෑම මැතිවරණයක් සහ එහි ප්‍රතිඵලය වෙනස් නොවේ. COVID හෝ වෙනත් ඕනෑම ව්‍යසනයක් ජාතියෙන් අඩක් මරා දැමුවහොත්, තරුණයින්ගේ අභිවෘද්ධිය සඳහා දේවල් අනිවාර්යයෙන්ම වෙනස් වනු ඇත. යූ ටියුබ් නාලිකා පවත්වාගෙන යන තරුණයන් පවා හිතාමතාම තම පැවැත්ම සඳහා මන්තර ගුරුකම් සහ ගුරුකම් පතුරවයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ සමාජ මාධ්‍ය වීඩියෝ මගින් සිදුවන විනාශය ගැන සිතීම ඔවුන් එතරම් තැකීමක් නොකරයි.
අද අපට පේනවා බයිරා වැවේ දඬුවම් ලැබූ ජනතාව තවමත් රාජපක්ෂලා සහ ඔවුන්ගේ න්‍යාය පත්‍ර සමඟ සැරිසරනවා. එසේ නම් ශ්‍රී ලංකා ඡන්දදායකයාගෙන් සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙකු බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
/
leelagemalli / November 24, 2022
ගුණසේන මහතා,
අපේ රටේ අපරාධකරුවන් අතිරික්තයක් ඉන්නවා. සෑම අස්සක් මුල්ලක් නෑරම පිරිත් සජ්ඣායනාවලින් පිරී ගියද මිනිසුන් ප්‍රමාණවත් තරම් හික්මීමක් හෝ ශිෂ්ට සම්පන්න නොවේ.
#
ඒ වගේම රටේ මේ තීරණාත්මක අවධියේදී මුළු ලෝකයම අපි දිහා අනුකම්පාවෙන් බලනකොට, හැකිළෙන ආර්ථිකය දිහා බලද්දී අපේ මිනිස්සු එකතු වෙන්නේ ජාතිය බංකොලොත් භාවයෙන් ගලවා ගැනීම කියන එක පොදු අරමුණක් වෙනුවෙන් නෙවෙයි. ඒ වගේම වසර 30ක් පුරා යුද්ධයෙන් රටත් ජාතියත් දෙකඩ වී තිබුණත් අදටත් මේ ජාතියේ උගතුන් පවා ජාතිය බේරා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ජනාධිපතිතුමාට පහර දෙන්න හැම උත්සාහයක්ම ගන්නවා. ජනාධිපතිවරයා අවදානමක් නොගත්තේ නම් රට වැටෙන්නේ කෙසේද? RW මගේ ඇස්වලට හොඳ වැඩක් කළා, AKD හෝ වෙන කවුරුහරි සාර්ථක වුණා නම්, අද වෙනකොට දේවල් විසඳෙන්නේ නැහැ.
නීතිය හා සාමය නොමැතිකම සාමකාමී අරගලය ප්‍රචණ්ඩකාරී අවසානයක් කරා හැරවීය. වෝටර් ජිම්නාස්ටික් ප්‍රදර්ශනය කළ එම විශ්වවිද්‍යාල සිසුන් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය නීතියට හා සාමයට හීලෑ නොවන බවට මුළු ලෝකයටම පණිවිඩයක් ලබා දුන්නා.
ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරන සංචාරකයින් අතරින් ඇතැමෙක් මගෙන් ප්‍රශ්න කළේ අද අපේ රටේ ජීවිත ආරක්‍ෂා වී ඇත්ද යන්නයි. මම කියනවා ඔවුන් නීතියට ගරු කරන්නේ නැහැ. ඔවුන්ගේ නිවාඩුව නැවත සැලසුම් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීම හැර මට වෙනත් විකල්පයක් නොතිබුණි. දුක නමුත් ඇත්ත. මට මගේ කිසිම සගයෙක් නොමග යවන්න බැහැ.
එදා ජනාධිපති ගෝඨාභයට රට විනාශ කරන තරුණයන්ගෙන් ජාතිය ආරක්ෂා කර ගැනීමේ විශ්වාසයක් තිබුණේ නැහැ. ඔහු කිසිවක් නොකර නිශ්චලව සිටියේය. සමහර විට, එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ඔහුට දුන් උපදෙස් “ඔහුව නිහඬ කළේය”. මුළු ලෝකයම බලා සිටියා … යුරෝපයේ මෙවැනි පාගමන විරෝධතා ඇති වූවා නම්, නීතිය හා සාමය ජනතාව ආරක්ෂා කරනු ඇත. කිසිදු සැකයක් නැත, එම විරෝධතාකරුවන්, ප්‍රචණ්ඩකාරී අය වෙළුම් වලින් අත්අඩංගුවට ගනු ඇතැයි මම අදහස් කරමි.
/
leelagemalli / November 24, 2022
Hello Friends,
.
I salute curent SLCB govenor:
:
https://www.youtube.com/watch?v=NWgxMzi9N_w
–
Why on earth former man CABRAL remains unarrested yet today ?
/