2 May, 2024

Blog

කාන්තාවන් බල ගැන්වීම සඳහා පනත් කෙටුම්පතක් ඇවිත්

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් බල ගැන්වීම් පිළිබඳව මේ දිනවල කතාකරනු අසන්නට ලැබේ. මේ පිළිබඳව කථා කරනු ලබන්නේ පුරුෂ මූලික දෘෂ්ටි කෝණයකිනි.

යුරෝපයේ මධ්‍යතන යුගයේ සහ ඉන් පසුව කාන්තාව, ලිංගිකත්වය සහ විවාහය වැනි කරුණු පිළිබඳව පුරුෂයන්ගේ ආකල්ප පසුගාමී ඒවා විය. එම ආකල්ප සකස් වූයේ කතෝලික පල්ලියේ බලපෑම යටතේය. ඔවුන් කාන්තාවන් ගෙන් බලාපොරොත්තු වූයේ කන්‍යාභාවය, නිශ්ශබ්දතාව, ඉදිරියට නොඑන ස්වභාවය, සන්සුන් බව, කිකරුබව වැනි ගුණාංගය. මේ තත්ත්වය අනුක්‍රමයෙන් වෙනස් වන්නට පටන්ගත්තේ 16 වන සියවසේ ආරම්භ වූ ප්‍රොතෙස්තන්ත්‍ර ව්‍යාපාරය සහ 18 වන සියවසේ ආරම්භවූ කාර්මික විප්ලවය නිසාය.

17 වන සියවසේ දෙවන රාජසිංහ යුගයේදී රාජ්‍යයේ සීමාවෙන් පිට නොයෑමේ කොන්දේසිය මත මෙරට ටික කලක් විසූ රොබට් නොක්ස්, එවකට උඩරට වැසියන් සිය නිවෙස් වල ඉඩකඩ නොමැති ස්වභාවය නිසා බාල වියේදී අසල නිවෙස් වල රාත්‍රිය ගතකිරීමට පුරුදුව සිටි බවත් ඒ අනුව ලිංගික ක්‍රියාවන් සඳහා සහකරුවන් සහ සහකාරියන් ඔවුන්ට ලැබුන බවත් ඔහුගේ පොතේ සටහන් කර තිබේ. එවකට තිබු බටහිර සංස්කෘතිය විසින් හික්මවනු ලැබූ නොක්ස් මෙම ක්‍රියාවලිය දකින්නේ ඔවුන් තරුණ වියට පැමිණෙන විටම පුද්ගලික මට්ටමින් වෛශ්‍යා වෘත්තියේ යෙදීමක් ලෙසයි. එමෙන්ම පුරුෂයන් කිසිවිටෙකත් සිය බිරියගේ කන්‍යාභාවය අපේක්ෂා නොකළ බවද ඔහු සඳහන් කරයි. එම යුගයේ තිබූ බටහිර සංස්කෘතිය විසින් අදටත් හික්මවනු ලබන අපි අදද එම ක්‍රියාවලිය දකින්නේ නොක්ස් එදා බැලූ දෘෂ්ටි කෝණයෙනි. එනමුත් බටහිර  සංස්කෘතිය මේ වනවිට මේ කරුණු සම්බන්ධයෙන් එවකට උඩරට තිබූ සංස්කෘතියට බොහෝ සෙයින් සමාන මට්ටමකට පරිවර්තනයවී ඇත. උත්ප්‍රාසය එයයි.

වර්ෂ 1815 උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍යයට යටත් වීමට ටික කලකට පෙර ලියවුනැයි සැලකෙන නීති නිඝණ්ඩුව නැමැති උඩරට නිතිය ගැන සඳහන් වන පොතට අනුව පුරුෂයාගේ හෝ භාර්යාවගේ හෝ කැමැත්තෙන් විවාහය අවසන් කළ හැක. එහිදී අගතියට පත් පාර්ශ්වයට යම් සහන තිබේ. දැනට බලපැවැත්වෙන උඩරට නීතිය යටතේ දෙදෙනාගේ කැමැත්තෙන් විවාහය අවසාන කළ හැක. රටේ අනෙක් පෙදෙස් වල බලපැවැත්වෙන රෝම ලන්දේසි නීතිය යටතේ නිශ්චිත කාරනා තුනක් යටතේ හැර දෙදෙනාගේ කැමැත්තෙන් වුවත් විවාහය අවසන් කළ නොහැක. මේ වන විට බටහිර රටවල දික්කසාද නීති 1815ට පෙර උඩරට පැවති නීතියට බොහෝ සෙයින් සමාන වනසේ වෙනස් වී ඇත. උත්ප්‍රාසය එයයි.

අප ජිවත් වන්නේ කාන්තාව, ලිංගිකත්වය සහ විවාහය පිළිබඳව අපේ උරුමය වූ ලිබරල් ස්වභාවය අහෝසි කරගත්, අප මත බලයෙන් පටවන ලද එම කරුණු සම්බන්ධ ලිබරල් නොවන සංස්කෘතියක ජිවත් වෙමින් එය අපේ උරුමය යැයි සිතන සමාජයකය. කාන්තා අයිතිවාසිකම් ගැන කථා කළ යුත්තේ මේ පසුබිම යටතේය.

කාන්තාවන්ට ඡන්ද බලය පළමුවෙන්ම ලැබුනේ ස්වීඩනයේ 1718-1772 යුගයේදීය. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනේ 1931 දී වන අතර ප්‍රංස කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනේ 1944 දීය. යුරෝපයේ බොහෝ රටවල කාන්තාවන්ට ඒ වන විට ඡන්ද බලය ලැබී තිබුණි.

එක්සත් ජාතින් විසින් කාන්තාවන්ට කෙරෙන සියලුම ආකාරයේ වෙනස් කම් වලට එරෙහි සම්මුතිය සම්මත කර ගන්නා ලද්දේ 1979 දීය. ලෝකයේ බොහෝ රටවල් සිය ශක්ති ප්‍රමාණයෙන් එනම් සිය සංස්කෘතීන් විසින් ඉඩදෙන ප්‍රමාණයෙන් කාන්තාවන්ට කෙරෙන වෙනස්කම් වලට එරෙහි වෙමින් යති. සවුදි අරාබියේ විවාහ වන අවම වයස අවු. 18කි. එරට ළමා අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියට වර්ෂ 1996 දී අත්සන් කළ අතර   කාන්තාවන්ට කෙරෙන සියළුම ආකාරයේ වෙනස් කම් වලට එරෙහි සම්මුතියට වර්ෂ 2000 දී අත්සන් කරන ලදී. අපේ රටේ එය තවමත් එය සියළුම පුරවැසියන්ට අවු. 18 නොවේ.

එසේ අවම වයසක් අවශ්‍ය වන්නේ දරුවන්ට සිය ළමා කාලය ලබා දිය යුතු නිසාය. කාන්තාවන්ගේ කාර්යය දරුවන් වැදීමට සහ හැදීමට පමණක් සීමා නොවිය යුතු නිසාය. මෙරට එම වයස නීතිමය වශයෙන් සියළු පුරවැසියන්ට ලබා දීමට අප තවමත් අපොහොසත්ව ඇත.

මෙහි ඇති පළමු වගුවේ දක්වා ඇති නිර්ණායක 8ට අදාලව කාන්තාවන් සහ පුරුෂයන් අතර එක් එක් රටවල පවතින නීතිවල සාධනීය බව පිළිබඳව එක් එක් රටවලට ලකුණු දීමේ ක්‍රමයක් කාන්තාව, ව්‍යාපාර සහ නීතිය 2023  යන මාතෘකාව යටතේ ලෝක බැංකුව විසින් සපයා ඇත. මේ පිලිබඳ වාර්තාවේ 2023 වර්ෂය සඳහා විවිධ රටවලට ලකුණු දී තිබේ. පළමු වගුවේ ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු දක්වා තිබේ. මෙම වාර්තාව පුරුෂ මූලික දෘෂ්ටි කෝණයකින් බැහැරව කාන්තාව දෙස සමාන පුරවැසියකු ලෙස බලන ලෙස අපට බලකර සිටී.

සියලු රටවල කරන ලද සමීක්ෂණයක් පදනම් වූ මේ වාර්තාවේ සියලු රටවල් අතරින් ලකුණු සියයෙන් සියයම ලබාගෙන නීතිමය වශයෙන් කාන්තාවන්ට සියලු රැකවරණය ලබා දෙන රටවල් ඇත්තේ 14 කි. ඒවා නම් බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංසය, ග්‍රීසිය, අයිස්ලන්තය, ලැට්වියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ජර්මනිය සහ නෙදර්ලන්තය වේ.

මෙම වාර්තාවේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 150 වන ස්ථානයේය. ලබාගෙන ඇති මුළු ලකුණු සියයෙන් 65.6 කි. සවුදි අරාබිය 136 වන ස්ථානයේ සිටින අතර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව සියයෙන් 71.3 කි. මේ අනුව අප විසින් තව බොහෝ දුරක් ඉදිරියට යා යුතුව තිබේ.

මෙහි විවාහය පිළිබඳව ශ්‍රී ලංකාව ලකුණු සියයෙන් 100ක් ලබාගෙන ඇත. ඒ පිළිබඳව සැලකිලිමත් වී ඇත්තේ කාන්තාවට සිදුවන වෙනස් කම් පිලිබඳවය. ශ්‍රී ලංකාව අඩුවෙන්ම ලකුණු ලබා ගෙන ඇත්තේ දරුවන් ලැබීමෙන් පසු කාන්තාවන් රැකියාවේ නියුක්ත වීම පිලිබඳ නීති සම්බන්ධයෙනි. මේවාට අදාලව සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් අසන ලද ප්‍රශ්ණ දෙවන වගුවේ ඇත.

රජය විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන 2024 මාර්තු 7වන දින නිකුත් කරන ලද පනත් කෙටුම්පත සලකා බැලිය යුත්තේ මේ පසුබිම මතය.

පනතේ ප්‍රධාන කාර්යය වන්නේ කාන්තාවන් පිලිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමයි. ජාතික කොමිෂන් සභාව 7දෙනෙකු ගෙන් යුක්ත වන අතර එය පත්කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ 5කින්ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ගේ සංසදයෙන්  නිර්දේශ 2කින්ද සමන්විතව ජනාධිපතිවරයා විසිනි.

කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය වීමට එරෙහිව කටයුතු කිරීමට කොමිසමට බලය ඇති අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමද කොමිසමේ කාර්යයකි. එමෙන්ම කාන්තා අභිවෘද්ධය සහ සවිබල ගැන්වීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක කෙටුම් පතක් කොමිසම විසින් සකස් කළ යුතු අතර එය අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

කොමිසමේ සේවයේ යෙදෙන්නන් පත් කිරීමේ බලය කොමිසම සතුවන අතර ඔවුන් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවක් මගිනි. ඒ සඳහා වන ක්‍රියා පටිපාටිය ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයකු ඉවත්කිරීමේ පටිපාටියම විය යුතුය. කොමිසමේ විධායක අධ්‍යක්ෂ වරයා අමාත්‍ය වරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතුය.

අවම වශයෙන් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් තිදෙනෙකු පුර්ණ කාලීන විය යුතුය. කාන්තාවන් සඳහා වූ ජාතික අරමුදල කොමිසම භාරයේ ඇති අතර පාර්ලිමේන්තුවෙන් කොමිසම සඳහා අනුමත්වන මුදල් ඇතුළු සියලු අරමුදල් එම ගිණුමට බැර විය යුතුය. කොමිසමට එහි අතිරික්ත මුදල් ආයෝජනය කළ හැක.

කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙන පුද්ගලයකුට අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙන්නෙකුට ලැබෙන රැකවරණයම ලැබේ. කොමිෂන් සභාව විසින් කිකුත් කරනු ලබන සෑම සිතාසියක්ම එහි සභාපතිවරයාගේ අත්සන යටතේ වියයුතුය. කොමිෂන් සභාවේ අධිකාරයට එරෙහිව කරනු ලබන සෑම ක්‍රියාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරියට එරෙහිව කරන ලද්දක් සේ සලකනු ලැබේ. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල කළ යුත්තේ කොමිසමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වන කාන්තා අයිතිවාසිකම් සඳහා වන පාර්ලිමේන්තු කොමසාරිස් ටයි.

මේ අනුව මෙම කොමිෂන් සභාව ඉතාමත් බලගතු එකකි. රජයක් විසින් කළ යුතු වන්නේ මෙවැනි කාර්යයන්ය. නියාමනයන්ය. වෙනත් වචන වලින් කිවහොත් ආණ්ඩු කිරීමය. මෙරට බොහෝ දෙනා සිතන පරිදි ව්‍යාපාර නොවේ. එය පුද්ගලික අංශයේ කාර්යයකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    අපේ අය සිංහල බෞද්ධයන් ලෙස හංවඩු ගැසුවත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඕනෑවට වඩා වාඩිලාගෙන, අපවාදාත්මක මනසක් ඇති අයයි. මම වැරදි නම්, ඔවුන් සමඟ කතා කිරීමෙන් ඔබට එය ඔබේ කව තුළට ගෙන යා හැකිය. යුරෝපයේ බොහෝ ශිෂ්ට සම්පන්න රටවල් හා සසඳන විට ලංකාවේ කාන්තාවන්ට පමණක් නොව දරුවන්ටද අයිතියක් නැත. ඔවුන් පොදු බස් රථ තුළදී කාන්තාවන් සහ ළමයින් අපයෝජනය කරන ආකාරය ශ්‍රී ලාංකේය සංස්කෘතියට අනන්‍ය වූවකි.
    සෑම විහාරස්ථානයක්ම පැවිදි භික්ෂූන්ගෙන් පිරී ඇත. අද බොහෝ විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතින් ළමා භික්ෂූන් වහන්සේලාගේ ලිංගික අපයෝජනයට ලක්වන බවට ඕනෑ තරම් සාක්‍ෂි ඇත. මෙය අදටත් ලෝකයේ එම කොටසෙහි තහනම් මාතෘකාවක් වී ඇත. youtubersලාවත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැහැ.
    .
    පේරාදෙණියේ උපාධි අපේක්ෂකයෙකු ලෙස මට අමානුෂික ලෙස හිරිහැර කළ නමුත් යුරෝපයේ එවැනි හිරිහැර කරන්නන් මට කවදාවත් හමු වී නැත. සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු අයිතිවාසිකම් සහ අයිතිවාසිකම් නැතිකම අතර වෙනස දන්නේ නැහැ. ඒක ඒ දුෂ්ඨ රටේ හොඳ මිනිස්සුන්ට වඩා වස විස මිනිස්සුන්ගෙන් පිරුණු සංස්කෘතිය වෙලා.
    . ඔවුන් පොදුවේ තම සමීප ඥාතීන්ට වෛර කරයි. පහුගිය දවස්වල ඒක අහපු නිසා ගොඩක් පවුල් වල ඉරිසියාවත් ඉරිසියාවත් උතුරා යනවා. කෙසේ වෙතත්, සෑම අස්සක් මුල්ලක් නෑරම විස්මය දනවන ශබ්ද විකාශන යන්ත්‍රවලින් පිරී ඇත. ඇයි මේ ජාතිය කුහකකමට ඇදගෙන යන්නේ? මම වැරදි නම්, පසුගිය දිනක මගේ කෙටි සංචාරයකදී බියගම පාරේ කැලණිය පන්සල අසල මිනිසුන්ගේ හැසිරීම මම දුටුවෙමි. මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා, එතන මස් කඩයක් තියෙනවා, ලවුඩ්ස්පීකරයේ පිරිත් සජ්ජයන් ළඟ. ශබ්ද නිරාවරණය සියලු අවසර ලත් ශ්‍රවණ මට්ටම් ඉක්මවා යයි. ඊට එරෙහිව නැගී සිටින්නට එක පුද්ගලයකුටවත් ධෛර්යයක් තිබුණේ නැත. එය අන් සියල්ලටම වඩා නරක ය. ඔවුන් හැසිරෙන්නේ කැලණිය පන්සල අසල නිදැල්ලේ ගැවසෙන හරකුන් මෙනි.

  • 1
    0

    සියලු විනාශ වූ රට යළි පිහිටුවීම සඳහා මොහොතකට RW විසින් පවරා ගනු ලැබේ. සෑම දෙයක්ම එක රැයකින් කිරීමට මිනිසුන් ඔහුට පැහැදිලි කරයි. ඕනෑම නායකයෙකුට වුවද එය කළ හැකිද?

    අපේ මිනිස්සු සිංහල බෞද්ධ කියල හංවඩු ගැහුනත් වැඩි හරියක් ඉන්නේ ඕනෑවට වඩා රස්තියාදු කාරයෝ. ඒ නීතිය හා සාමය නැතිකම නිසා පමණයි. යමෙකුට දේවල් කිරීමට ඉඩ දිය නොහැකි දේ ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශවල සාමාන්‍ය දෙයක් ලෙස උපකල්පනය කෙරේ. උදාහරණයක් ලෙස සීමා සහිත ප්‍රදේශවල වේගයෙන් රිය පැදවීම. කවුරුවත් ගණන් ගන්නේ නැහැ, පොලිසිය අපරාධකරුවන්ට සමීපයි, ඔවුන් අද ඔවුන් සමඟ වැඩ කරනවා. වංචනික දේශපාලනඥයා, හමුදාව, පොලිසිය එකට වැඩ කරන නමුත් නීතිය හා සාමය නිසි වේලාවට ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. පොලිසිය රටක කොඳු නාරටිය විය යුතුය, කෙසේ වෙතත්, පොලිසිය ඔවුන්ගේ අල්ලස් මත මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ කටයුතු කරන්නේ නම්, රටකට නිසි මග පෙන්විය හැක්කේ කෙසේද?
    .
    to be continued

  • 1
    0

    https://www.youtube.com/watch?v=NaUCS8t498s

    This discussion should be taken seriously. However, they do not discuss people who are not knowledgeable enough to read the pulse of the situation. I think Dr. Sara is the best way to spell out the real problem in this society.

    I see no other way if society exists without rebuilding. They should improve by educating the people intensively about the politics of this country.

    Only then can you vote for really good candidates. And the Eleeciotn Commission should refrain from giving nominations to unqualified persons.

  • 1
    0

    රෝලෙක්ස් පැළඳ ජර්මනියේ ඇමතිවරයෙකු සේවයෙන් පහ කිරීමට සම්බන්ධ වී ඇති අතර අද PERU හි ජනාධිපතිට එරෙහිවද එයම වේ. කෙසේ වුවද; ඔහුගේ පාලන කාලය තුළ විශාල රාජ්‍ය අරමුදල් අපයෝජනයට ලක් වූ ඕනෑම දෙයක් සහ සියල්ල පැහැදිලි වුවත්, අද මරාට අත නොතැබිය හැකිය. මේක තමයි ලංකාවේ තත්වේ. බලයේ සිටීම සඳහා කප්පම් ගැනීම සහ සත්‍යය විකෘති කිරීම මේ රටේ අපායේ සම්ප්‍රදායයි.

  • 0
    0

    කොමිෂන් සභා, පණත් යනාදියෙන් කාන්තාවන් බල ගැන්විය හැකිද හර්ෂ? ඔය පනත් කෙටුම් පත් ලක්ෂ ගණනක් පහුගිය අවුරුදු 74 තිස්සෙම පාස් කලානේ? මොනවාද වෙලා තියෙන්නේ? මොකද්ද රටට වෙලා තියෙන සෙතේ? 1948 දී විශාල විදේශ සංචිත, ඉතා දියුණු සහ අදූෂිත සිවිල් පරිපාලනයක් සමග තිබුන රාජ්‍ය පාලනයට මොකද උනේ ඔය පනත් කෙටුම් පත් තොගයෙන්? මේ රටේ මහා ජනතාව මොනවාද කරගෙන තියෙන්නේ? මුළු රටම කම්බ හොරු රැළකට බාර දීලා රටම බංකොලොත් කර ගත්ත එක මිසක් වෙන මොනවාද වෙලා තියෙන්නේ? දැන් ඔය අල්ලස් කොමිසම 1970 ගණන් වල ඉඳන් තියෙන, නීතිමය වශයෙන් ඉතා ප්‍රබල එකක් නේ? 70ට වඩා 2024 කොපමණ නම් දැවැන්ත හොරකම් දූෂණ මේ රටේ වෙනවද, ඒවා කරන අය ඔක්කොම තියා 1% ක් වත් හිරේ දැම්මද!

    ඉතින් ඔය කාන්තාවන් සවි බල ගැන්වීමේ පනතත් ඔය වගේම ඉරණමකට මුහුණ දෙනවා. දැන් බලන්ට ඔය ළමා ආරක්ෂණ පනත් පාස් කරලා අවුරුදු විස්සකට වැඩියිනේ. පුලුවන්ද අපිට සංඛ්‍යා ලේඛණ ගෙනැත් පෙන්වන්ට ළමයි අපයෝජනය කිරීම අඩු වෙලාය කියල? හාල් මැස්සෙක් දෙන්නෙක් අහු වෙනවා, තඩි මෝරුන් ඉතා යහතින් වැජඹෙනවා. අර කන්‍යාවියන් සීයක් ඉවර කරපු හිටපු මහරජාගේ ගෝලයට මොකද උනේ? මම හිතන්නේ තවම දකුණේ ප්‍රබල මන්ත්‍රී කෙනෙක්නෙ. ඔක්කොම ලෝකෙම හිනස්සන බොරු වැඩ! Cntd…

  • 0
    0

    cntd…
    කරන්ට ඕන මූලිකම දේ මේ තෙම්පරාදුවෙච්ච පාර්ලිමේන්තු ගත මජර පරාණ ටික උළු ගෙදරට යවලා හොරකම් කරන්නේ නැති අලුත්ම කාණ්ඩයක් රට කරවීමට පත් කිරීමයි. එතකන් ඔය මොන කොළ කෑලි පාස් කලත් වැඩක් නෑ.

    ප:ලි: ඔබේ ලිපියේ වැරදි දත්ත රාශියක් තියෙනවා. එකක් තමා ලෝකයේ පළමුවෙන්ම කාන්තාවන්ට චන්ද බලය දුන්නේ ස්වීඩනය නොව නව සීලන්තයයි. ලොව පළමු වරට මේ අයිතිය නව සීලන්ත කාන්තාවන් හට ලැබුනේ 19 September 1893 දින Governor Glasgow විසින් අත්සන් කල The Electoral Bill මගිනුයි. අනික් කාරණය සෞදියේ අවුරුදු 18 නීතිය පොතට පමණක් සීමා වූ බොරුවක්. ෂාරියා නීතිය යටතේ ආගමික නායකයන්ට අවුරුදු 15 ළමයකු පවා විවාහ කර දිය හැකියි- එය බහුලව සිසු වෙනවා බොහෝ මුස්ලිම් රටවල. තවද ඔබ කියනා “නීතිමය වශයෙන් කාන්තාවන්ට සියලු රැකවරණය ලබා දෙන රටවල් ඇත්තේ 14 කි” යන්නත් වැරදියි. ලෝකයේ බොහෝ රටවල නීතිමය අයිතිය කාන්තාවන්ට 100% පනත් මගින් දී තිබුණත් ඒවා ක්‍රියාත්මක වීමේ තද බල හිදැස් තියෙනවා. 100% කාන්තා අයිතිය ඇතිය කියන ඔය රටවල් 14 ලෝක බැංකුවේ නිර්නායකයක් පමණයි. ලෝක බැංකුව හදල තියෙන දර්ශක බොහොමයක් පොතට සීමා වූ න්‍යයානුකූල දේවල් මිසක් මහා පොළොවේ සිදු වන දේවල් නොවෙයි.

  • 0
    0

    This looks interesting.

    Harsha is a wonderful guy, as I see from his English articles, and I can rad this, s-l_o-w-l-l-y. I rad his English articles fast.
    .
    https://www.colombotelegraph.com/index.php/mage-kathava-autobiography-of-imthiaz-bakeer-markar/
    .
    We have to work out how to reach out to a wide audience with all this worthwhile. Language is a huge problem, once you get the nitty-gritty.
    .
    Panini Edirisinhe of Bandarawela

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.