

හර්ෂ ගුණසේන
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වල හරය වන්නේ ඇමෙරිකාවේ අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය අවම කිරීමයි. ලෝකය පුරා ඇතිවන ඇමෙරිකාව සම්බන්ධ යුද්ධ නිසා ඇමෙරිකාවට විශාල පිරිවැයක් දරන්නට සිදුවේ. රුසියාව සමඟ සහජීවනයක් ඇතිකර ගැනීම මගින් මේ යුද්ධ සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කර ගත හැකි වෙතැයි ඔහු සිතයි. චීනය සමඟ ඇති වෙළෙඳ ශේෂය ඇමෙරිකාවට අවාසියට ඇති විශාලම වෙළෙඳ ශේෂයයි. එබැවින් චීනය සමඟ කෙරෙන වෙළෙඳාමට තීරු බදු පැනවීම මගින් එම අවාසි සහගත වෙළෙඳ ශේෂය අඩු කර ගත හැකි වෙතයි ඔහු සිතයි.
ජනාධිපති ඔබාමා චීනයේ වෙළෙඳ ශේෂය පිලිබඳ ප්‍රශ්ණයට මුහුණ දුන්නේ චීනය හැර පැසිපික් සාගරය දෙපස ඇති රටවල නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකිරීමට උත්සාහ කිරීම හරහාය. ඒ අනුව චීනයෙන් ලැබෙන භාණ්ඩ වෙනත් රටවලින් ලැබේ. රුසියාව සම්බන්ධයෙන් ඔහු අනුගමනය කල ප්‍රතිපත්තිය වුයේ හැකි තරම් රුසියාව බෙල හීන කිරීමයි.
වර්ෂ 2010 දී රුසියාවට හිතවත් වික්ටර් යනුකොවිච් යුක්රේනයේ ජනාධිපති විය. වර්ෂ 2013 දී ඔහු යුක්රේනය යුරෝපා සංගමය සමඟ ඇතිකර ගැනීමට සුදානම් වූ ගිවිසුම ඇතිකර ගැනීම කල් දැමිය.මේ නිසා රට පුරා ඔහුට එරෙහි විරෝධතා ඇතිවිය. මේ විරෝධතා පිටුපස සිටියේ ඔබාමා ජනාධිපති වූ ඇමෙරිකාවයි. ඇමෙරිකාවේ අරමුණ වූයේ යුක්රේනය බටහිරට සම්බන්ධ කර ගැනීමයි. ඒ අනුව බටහිර කඳවුර රුසියන් දේශසීමාව දක්වා ව්‍යාප්ත වේ. මේ සඳහා ඇමෙරිකාව ඩොලර් බිලියන 5 ක පමණ මුදලක් වියදම් කල බව වාර්තා විය. යනුකොවිච් 2014 පෙබරවාරි වල බලයෙන් පහ වූ අතර රුසියාව 2014 මාර්තු වල යුක්රේනයට අයිති ක්‍රිමියාව ආක්‍රමණය කළේය.
ඉන් පසුව බලයට පැමිණි පොරෂේන්කෝ යුක්රේනය තුල රුසියන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් සිටීම නොතකා යුක්රේනය තුල රුසියන් භාෂාව බල රහිත කිරීම ඇතුළු රුසියන් විරෝධී ක්‍රියා විශාල ප්‍රමාණයක් කළේය. 2019 සෙලෙන්ස්කි බලයට පැමිණෙන විට යුක්රේනයේ රුසියන් විරෝධී මතවාදයක් තිබුනි. සෙලෙන්ස්කි බලයට පැමිණියේද රුසියන් විරෝධී මත වාදය හරහාය. එවකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වූ අතර ජෝ බයිඩන් 2021 දී ජනාධිපති විය.
ජෝ බයිඩන් චීනය සම්බන්ධ ට්‍රම්ප් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගිය අතර රුසියාව සම්බන්ධව ඔබාමා ගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගත්තේය. මේ අනුව බටහිර කඳවුර විසින් යුක්රේනය නේටෝවට ඇතුලත් කර ගැනීමට ක්‍රියාමාර්ග ගත් අතර රුසියාව ඉතාමත් සාධාරණ ලෙස එයට විරුද්ධ විය. යුක්රේනය ආක්‍රමණය නොකිරීමට රුසියාව ඉල්ලා සිටියේ යුක්රේනය නේටෝවට නොබැඳෙන බවට සහතිකයක් පමණි. ඒ සහතිකය දීමට බටහිර කඳවුරද යුක්රේනයද අසමත් විය. ඒ අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කල අතර බටහිර කඳවුර යුක්රේනයට දිගටම සහය දුන්නේය. සෙලෙන්ස්කි මේ තීරණාත්මක මොහොත සිය රටට වාසි වන ලෙස කළමනාකරණය කිරීමට අසමත් විය.
බලයට පැමිණි අවස්ථාවේදී සෙලෙන්ස්කි විසින් තම රට තිබුන තත්ත්වය සැලකිල්ලට ගෙන රුසියාව සමඟ සහජීවනයකට යා යුතුව තිබුනැයි අපි අද කියමු. මා පුවත්පත් ලිපියක් මගින් යුද්ධය ආරම්භ වූ වහාම ඒ බව කියා සිටියෙමි. එනමුත් එය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. පළමුවන හේතුව ඒ වන විට යුක්රේනයේ ඉතා බලවත් රුසියන් විරෝධී ආකල්ප තිබීමයි. රුසියන් ජනාධිපති පුටින් විසින් නාසි වාදීන් ලෙස හඳුන්වන ලද්දේ මෙම ජනතාවයි. යුක්රේනය තුල සිටින නාසි වාදීන්ට දඬුවම් කල යුතු බව පුටින් කීය. යම් හෙයකින් සෙලෙන්ස්කි රුසියාවට නැඹුරු ප්‍රවේශයක් ගත්තේ නම් වික්ටර් යනුකොවිච් මුහුණ දුන් ඉරණමට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත. එය වඩාත් බරපතල වන්නේ යම්හෙයකින් ජනතා විරෝධයක් පැමිණියේ නම් ඇමෙරිකාව එම විරෝධය ඇවිලවීමට සූදානම්ව සිටින බැවිනි.
ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී මේ සඳහා තිබුන සුදුසුම අවස්ථාව වූයේ සෙලෙන්ස්කිගේ ධුර කාලය තුල ට්‍රම්ප් ඇමරිකන් ජනාධිපතිව සිටි 2019-2021 අතර කාලයයි. මේ කාලය තුල ඔහු පුටින් සමඟ සංහිඳියාවකට ගියේ නම් එයට එරෙහිව ඇමරිකාව යුක්රේනය තුල කටයුතු නොකරනු ඇත. නමුත් සෙලෙන්ස්කිට රට තුල ජනමතය හැසිරවීමට සිදුවනු ඇත. ඔහු වැනි ආධුනිකයකුට එවැනි ප්‍රබල ජනමතයක් හැසිරවීම පහසු නොවේ. එබැවින් සෙලෙන්ස්කිට එරෙහිව අප කුමක් කීවත් එහි අවසාන වගකීම බාරගත යුත්තේ යුක්රේන ජනතාව විසිනි.
අනෙක් අතට සිතල් යුද්ධය අවසන් වීමෙන් පසුව වට පහකින් නේටෝව විසින් නැගෙනහිර යුරෝපා රටවල් 14 ක් බඳවා ගත් බව යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාව විසින් පැමිණිලි කරන ලදී. එය ඇත්තකි.නමුත් යුද්ධය ආරම්භවීමෙන් පසුව 2023 දී පින්ලන්තයද 2024 දී ස්වීඩනය ද නේටෝවට ඇතුළත් විය.
පසුගියදා ට්‍රම්ප්, වාන්ස් සහ සෙලෙන්ස්කි අතර වූ සාකච්ඡාවේදී සෙලෙන්ස්කි හේ හැසිරීම සම්බන්ධව විවිධ විවේචන ඔහු වෙත එල්ල වෙමින් පවතී. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නොවුන බව ඇත්තකි. ඔහුගේ ප්‍රවේශය ම වැරදිය. ශරීර භාෂාවද වැරදිය. ඔහු සිටියේ අත් බැඳ ගෙනය. ඔහුගේ සීමාව ඔහු විසින් දැනගත යුතුව තිබුණි. නමුත් ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රික ද? මෙවැනි සාකච්ඡාවක් මෙලෙස විවෘතව පැවැත්වුයේ ඇයි?
සෙලෙන්ස්කිගේ ඇඳුම ගැන කීමට ඇත්තේ ඔහු ඇමෙරිකන් කොන්ග්‍රසය අමතන විට ඇඳ සිටියේද මේ ඇඳුමම බවයි.
ට්‍රම්ප් හෝ බයිඩන් හෝ ඇමරිකාව නොවේ. ඇමරිකාව ඊට වඩා විශාලය. ඇමරිකාව විසින් පොළඹවනු ලැබ යුද්ධයකට පැටලුන යුක්රේනය මෙලෙස අතරමං කිරීමට මාර්ග සිතියම සකස් කිරීම ඇමරිකාවට කල හැකිද? එය රාජ්‍ය තාන්ත්‍රික භාවයද?
බයිඩන් ගේ සමයේදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් ඔබාමා යුගයේදී ඇතිකරගත් න්‍යෂ්ටික අවි පිලිබඳ ගිවිසුමෙන් ට්‍රම්ප් ගේ යුගයේදී ඇමෙරිකාව ඉවත්වීම ගැන කියා සිටියේ ඇමරිකාව කිසිසේත් විශ්වාස කල නොහැකි බවයි. ඔහු ට්‍රම්ප් විශ්වාස කල නොහැකි යයි කීවේ නැත. ඇමෙරිකාව හෝ වෙනත් කිසිම රටක් හෝ මෙසේ කටයුතු නොකළ යුතුය. සෙලෙන්ස්කිටද ඇමෙරිකාවට කීමට ඇත්තේ එයයි.
යුක්රේන යුද්ධයේදී ඇමරිකාව යුරෝපයද ඒ සඳහා පෙළඹවිය. යුක්රේනය මතුනොව යුරෝපයද වර්තමාන තත්ත්වය නිසා බලවත් අර්බුදයකට යනු ඇත. යුරෝපා නායකයෝ ලන්ඩනයේදී රැස්වී යුක්රේනයට සහය දෙන බව කියා ඇත. එමෙන්ම යුක්රේනය සමඟ එක්ව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සාම ගිවිසුමක් සකස් කරන බව කියා ඇත. එම ක්‍රියාව පිළිබඳව ධවල මන්දිරට සතුට ප්‍රකාශ කර ඇත.
වර්තමාන තත්ත්වය තුල සෙලෙන්ස්කි වැඩ වරද්දා ගත් බව නිගමනය කිරීමට ඉක්මන් නොවිය යුතු යයි සිතමි. මෙය ඊට වඩා බොහෝ සෙයින් බරපතල ප්‍රශ්නයකි. නැවත ප්‍රතිෂ්ඨාපනය නොකළහොත් මෙය බටහිර සන්ධානයේ බිඳ වැටීමයි. මෙහිදී බොහෝ දෙනෙකුට වැඩ වරදිනු ඇත. මෙහි ජයග්‍රාහකයා බොහෝ විට චීනය වනු ඇත.
යුක්රේනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල විදේශ සම්බන්ධතා පිළිබඳව අප බොහෝ දෙනෙක් අනුදත් ප්‍රවේශය වන්නේ නොබැඳි ප්‍රතිපත්තියයි. ශ්‍රී ලංකාව විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිනිය ගේ යුගයේ කටයුතු කර ඇත්තේ මේ ආකාරයටයි. ජේ ආර් ජයවර්ධන යුගයේ බටහිරට පක්ෂවීම හෝ පක්ෂ වෙතැයි එවකට බටහිරට එරෙහි ඉන්දියාව විසින් සිතා ගැනීම නිසා හෝ යුක්රේනය මුහුණ දුන් තත්ත්වයට ආසන්න තත්ත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය. ඒ අවස්ථාවේදී අප බේරුනේ ජේ ආර් විසින් මුළු රටම එරෙහි වෙද්දී ඉන්දියාව සමඟ සාම ගිවිසුම අත්සන් කිරීම නිසාය.
මේ සම්බන්ධයෙන් අප රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය විමසා බැලිය යුතුය. ඔහු ඉදිරිපත් කරන්නේ නොබැඳි ප්‍රතිපත්තිය නොවේ ශ්‍රී ලංකාවට පක්ෂ ප්‍රතිපත්තියයි. ඔහු පක්ෂ ඉන්දියාවට ද නැතිනම් චීනයට දැයි ඇසූ ප්‍රශ්ණය කදී ඔහු තමන් ශ්‍රී ලංකාවට පක්ෂ බව කියා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන්නේ ද ඇමෙරිකාවට පක්ෂ ප්‍රතිපත්තියයි. දීර්ඝ කාලීනව ඇමෙරිකාවට පක්ෂ ප්‍රතිපත්ති කෙරෙහි ඇමරිකන් ජනාධිපතිවරු අවධානය යොමු කළ අතර ට්‍රම්ප් කෙටි කාලින වාසි කෙරෙහි අවධානය යොමු කරයි. මක්නිසාද යත් අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟය ඉක්මනින් අඩු කර ගත යුතු නිසාය.
ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට දුන් යුද ආධාර වලට හිලව්වට එහි ඇති ඛනිජ සම්පත් වල අයිතිය ඉල්ලා සිටියේය. ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඇමෙරිකාව විසින් යුක්රේනයට දී ඇති පොරොන්දු සහ එකඟතා සැලකිල්ලට ගන්නේ නැත.
ඉන්දියාවේ පසුගියදා පැවති සම්මේලනයේදී චීන නැව් පර්යේෂණ සඳහා පැමිණීම පිළිබඳව රනිල් ගෙන් ප්‍රශ්නයක් අසනු ලැබිය. ප්‍රශ්ණකාරිය ගේ සැලකිල්ල යොමුවූයේ එම නැව් නිසා ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. රනිල් කියා සිටියේ එම නැව් පැමිණීම තමන් තාවකාලිකව නැවැත්වූ බවත් තම මුහුදු සීමාවේ පර්යේෂණ කරන්නේ නම් තම රටට යම් මුදලක් ලැබිය යුතු බවත් ඒ සඳහා නීති සම්පාදනයට කටයුතු කල බවත්ය. මේ ප්‍රවේශය ට්‍රම්ප් ගේ ප්‍රවේශයයි. එය නොබැඳි ප්‍රවේශය ඉක්මවා යන්නකි.
එම සාකච්ඡාවේදීම ඉන්දියාව සහ චීනය අතර වන ගැටුම් කාරී තත්ත්වය තුල ශ්‍රී ලංකාව වාසි ලබාගන්නා බව ප්‍රශ්ණ කරුවෙන් කීය. එකවිට QUOD (මෙය චීනයට එරෙහි සංවිධානයකි. ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සාමාජිකයන්ය.) සහ BRICS (මෙය නැගී එන ආර්ථික බලයක් සහිත රටවල් සඳහා වන කණ්ඩායමක් වන අතර ප්‍රධාන රටවල් වන්නේ බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව, චීනය, සහ දකුණු අප්‍රිකාවයි.) සංවිධාන වල සාමාජිකයකු වන ඉන්දියාව චීනය සමඟ ගැටුමකට නොයනු ඇති බවත් ඔවුන්ට ඔවුන්ගේ ගේම් එක ගැසිය හැකි අතර අපි අපගේ ගේම් එක ගසන බවත්ය. මේ ගේම් එක නොබැඳි ප්‍රතිපත්තිය නොවේ සමහර විට එය අවස්ථා වාදී විය හැක.
වර්ෂ 2024 ජනවාරි මස රනිල් ජනාධිපති ව සිටි යුගයේදී නොබැඳි සමුළුව අමතමින් පලස්තීන රාජ්‍යය වසර පහක් ඇතුලත පිහිටුවීම සඳහා නොබැඳි සමුළුව කටයුතු කළ යුතු බව කීය. පසුව ඔහු රතු මුහුදේ ක්‍රියාත්මක වන හුතී කැරලි කරුවන්ට එරෙහිව ඇමරිකානු නාවුක හමුදාව සමඟ කටයුතු කළේය. ඒ පිලිබඳ ප්‍රශ්ණ කල විට ඔහු කීවේ හුතී කැරලිකරුවන්ගේ ක්‍රියා නිසා යුරෝපයට සහ ඇමෙරිකාවට යන ලංකාවේ අපනයන වලට වැඩිපුර නාවුක ගාස්තු ගෙවීමට සිදුවන නිසා ඔවුන් මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි. මෙය පලස්තීනයට එරෙහි වීම නොවේ. ඊශ්රාලයට පක්ෂවීමද නොවේ. නොබැඳි ප්‍රතිපත්තියද නොවේ. ශ්‍රී ලංකාවට පක්ෂ වීමයි.
එමෙන්ම යුක්රේන යුද්ධය පටන්ගත් යුගයේදී රනිල් කියා සිටියේ (එවකට ඔහු බලයේ නොසිටියේය) සෙලෙන්ස්කි යුක්රේනයට පක්ෂ නොවූ බවයි. ඔහු ඒ අවස්ථාවේදී බටහිර විවේචනය කළේය. (ඔහු බටහිර ගැත්තෙකැ යි චෝදනා තිබේ. ) එමෙන්ම රුසියාවට පක්ෂව කථා කළේය. චීනය සහ ඉන්දියාව උදාහරණ ලෙස පෙන්වමින් ආසියාව මේ අවස්ථාවේදී ස්වාධීනව සිටින බවත් පැත්තක් නොගන්නා බවත් කීය. යම් හෙයකින් රනිල් ඒ අවස්ථාවේදී යුක්රේනයේ බලයේ සිටියේ නම් මුළු රටම විරුද්ධ වෙද්දී ජේ ආර් ඉන්දියන් ගිවිසුම අත්සන් කලාක් මෙන් තමන් නේටෝවට නොබැඳෙන බවට සහතිකයක් රුසියාවට දෙනු ඇත. මෙවැනි තීරණාත්මක අවස්ථා වලදී සාමාන්‍යයෙන් මුග්ධ ඊනියා ජනමතය නොසලකා හැරිය යුතුය.
කුඩා රටක් රනිල් පන්නයේ විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්නේ නම් එම රටේ රාජ්‍ය නායකයා අතිශයින්ම විචක්ෂණ පුද්ගලයකු විය යුතුය. මක්නිසාද යත් එය කඹයක ගමන් කිරීම වැනි දෙයක් නිසාය. සෙලෙන්ස්කිට එම විචක්ෂණ භාවය නැත. ට්‍රම්ප් ට එම විචක්ෂණ භාවය තිබේදැයි නුදුරු අනාගතයේදී ඔහු විසින් පෙන්නුම් කරනු ඇත.
leelagemalli / March 8, 2025
දීර්ඝ කාලයක් පැවති කුරිරු සිවිල් යුද්ධයකින් පසු, ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂවරුන් පුම්බා ඇති අතර එය ජාතියේ සංවර්ධනයට ප්‍රධාන බාධාවකි. ඇත්ත වශයෙන්ම එය හින්දු ආධිපත්‍යය දරන ඉන්දියාවේ සමහර ප්‍රදේශවලට සමාන ය, එහිදී කලාකරුවන් සහ සමහර ප්‍රසිද්ධ පවුලේ සාමාජිකයන් අතිශයෝක්තියෙන් පිස්සු වැටී ඇත. අපේ ජනතාව පෙනෙනවාට වඩා මෝඩයි. පසුගිය වසර 10 තුළ ඔවුන් පැහැදිලිව පෙන්වා දී ඇත්තේ එයයි.
ජනතාව තමන්ගේම වළක් හාරා ඇති අතර දැන් ඔවුන් එයට වැටෙමින් සිටිති. පසුගිය මැතිවරණවලදී ඔවුන් ජවිපෙට බොහෝ සෙයින් සහාය දුන් නමුත් අද ඔවුන් තම දෙමාපියන්ගේ නිවසට (මහගෙදර – රාජපක්ෂලා) නැවත පැමිණෙමින් සිටිති. ඉදිරි සතිවලදී මෙය ජවිපෙ ප්‍රමුඛ රජයට විශාල තර්ජනයකි.
දකුණු ප්‍රදේශවල, රාජපක්ෂලා තවමත් බොහෝ මෝඩ මිනිසුන් විසින් අගය කරනු ලැබේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ ආදරය පවා රාජපක්ෂලාගේ මිනිස් පරිත්‍යාගයන් වනු ඇත, ජනතාවගේ මානසිකත්වය ගල මත සාදන ලද සන්නාමයක් මෙන් පවතී. දකුණු ආසියානු මානසිකත්වය දශක ගණනාවක් අනාගතයේදී මිය යනු ඇත.
පරපෝෂිතයන් වැනි මාධ්‍ය වංචාකරුවන් ඔවුන්ව නැවත බලයට පත් කරමින් සිටී. රාජපක්ෂ සාධකය මේ ජාතියට භයානකයි, ශාප ලත් පිළිකා සෛල මහලු මිනිසෙකුගේ මුළු ශරීරයම විනාශ කළ හැකියි. එය දැන් ඔවුන්ට බූමරංගයක් බවට පත්ව ඇත. අනෙක් බාධකය වන රටේ දකුණේ කැරලිකරුවන්ට දැන් තම ශක්තිය ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. කෙසේ වෙතත්, එල්-මැන්ඩෙල් රජය ඇමසන් වනාන්තරයේ අලසයන් මෙන් ගමන් කරමින් බලයට පත්වීමට පෙර ඔවුන්ගේ සියලු “වේදිකා වාචාලකම්” බිඳ දමමින් සිටී (කම්මැලියන්ට අඟලක්වත් චලනය වීමට පැය ගණනක් ගතවේ). මිලියන 5.8 ක ඡන්දදායකයින් විසින් තේරී පත් වූ එක පුද්ගලයෙක්වත් එම කාර්යය හොඳින් නොකරන බව පෙනේ. ඔවුන්ගේ නොවැළැක්විය හැකි ව්‍යාජ හදා ගැනීම ඔවුන් ද අසාර්ථක වන බවත් එය දිනෙන් දින ළං වන බවත් අපට හැඟීමක් ඇති කරයි.
Moderator තම ප්‍රතිචාර සම්පූර්ණ කිරීමට RW ඉඩ දුන්නේ නැත. ධනවත් දෙමළ ඩයස්පෝරාවේ වැටුප් පිළිබඳව ALjazeera විසින් පවත්වන ලද මෙම අපවාදාත්මක දැඩි කතා සංදර්ශනයේ විලාසය එයයි. යුද්ධයේ අවසාන භාගයේදී වඩාත්ම අහිංසක සිවිල් වැසියන් මරා දැමූ බව කවුරුත් දනිති. යුද තත්වයක් තුළ එය නොවැළැක්විය හැකිය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම දෙස බලන විට මෙය පැහැදිලි වෙමින් පවතී.
අවාසනාවකට, රාජපක්ෂ අපරාධකරුවන් තම වහලුන් වන ආර්.ඩබ්ලිව් මහතා සහ තවත් අය සමඟ මේ රටට කළ දේ ආරක්ෂා කළ යුතුයි. රාජපක්ෂ පවුලේ එක මිනිසෙකුවත් යුරෝපීය සංගමයේ රටවල තවමත් පිළිගනු නොලැබේ.
/
leelagemalli / March 9, 2025
“ඔයා අපිට එයාලට ඡන්දය දෙන්න කිව්වට පස්සේ, AKD “දත් ධාතු ප්‍රදර්ශනයක්” සංවිධානය කළේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?” (This was passed to Ajith by old codger lately)
–
අපේ බඩරවෙල_මිනිසාගෙන් සහ උණවටුන පණ්ඩිතයාගෙන්ද ඒකම ප්‍රශ්න කළ යුතුයි. They are speechless today. Or trying to hide and fight further to save their faces.
:
AKD නායකත්වය දුන් බොරුකාරයන්ට පක්ෂව හඬන අජිත්, අපට කිසිදා ප්‍රතිචාර නොදක්වයි. ඒ නිසා මම පසුගිය මාස කිහිපය තුළ ඔහු අදහස් දක්වනවා දැක තිබෙනවා.
:
අද, AKD සහ ඔහුගේ කණ්ඩායමට නව විත්තිකරුවන් සොයා ගැනීමට සිදු වී තිබෙනවා. ඔහු පුරෝකථනය කළ සෑම දෙයක්ම ඔහු සිතූ තරම් පහසු නැහැ. මගේ 15 හැවිරිදි බෑණනුවන් පවා AKD කළාක් මෙන් බොහෝ දේවල් කරනවා.
.
අර්ජුන මහේන්ද්‍රන් (හිටපු CBSL ආණ්ඩුකාර) පවා සතියක් ඇතුළත සිංගප්පූරුවෙන් පිටුවහල් කළ නොහැකි අතර, විපක්ෂ නායකවරයා (හිටපු CBSL ආණ්ඩුකාර) පාර්ලිමේන්තුවේදී ඔහුගේ සියලු අක්තපත්‍ර ඔප්පු කිරීමෙන් එසේ කර ඇත, නමුත් හිටපු කථානායකවරයාට ඔහුගේ අක්තපත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ (සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සම්ප්‍රදාය ගිවිසුම සහ ගිවිසුම සිදු කර නොමැති අතර එය AKD හෝ ඒ හා සමාන “මෝඩ දේශපාලනඥයන්ට” පොරොන්දු වීමට බොහෝ කලකට පෙර පැහැදිලි විය යුතුව තිබුණි). ‘A සිට B දක්වා වූ දැවැන්ත බොරු’ වෘත්තීයමය වශයෙන් සැලසුම් කර ඇත්තේ AKD, PM සහ වත්මන් මෝඩ රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ (ඇත්තටම කනිෂ්ඨ) අමාත්‍යවරුන් විසිනි.
මේ සියල්ල සිදුවන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස කෙරෙහි ඇති වෛරය නිසාය.
/
leelagemalli / March 9, 2025
Dear Harsha,
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් රනිල් සහ අල් ජසීරා අතර මතභේදාත්මක සම්මුඛ සාකච්ඡාව වැරදි ලෙස අර්ථකථනය කරන්නේ මන්දැයි මට කල්පනා වේ.
ජනතාවට විශාල චිත්‍රය දැකිය නොහැකි වීම නොදැනුවත්කමද නැතහොත් එය රනිල් විරෝධී දේශපාලනයද? මේ රටේ ජනාධිපති වීමට ආර්ඩබ්ලිව් සමත් නොවූවත්, ඔහු වසර ගණනාවක් පුරා ජනතාවට පක්ෂව බොහෝ ක්ෂේත්‍රවල සාර්ථක වී ඇත, ඉතා මෑතකදී 2022 ජූලි මාසයේ සිට. ඔහු එම කාර්යය නිසි ලෙස නොකළේ නම්, අද AKD මෙහෙයවන ළදරුවන්ට එය කළමනාකරණය කිරීමට හැකි වනු ඇතැයි සිතා බලන්න? මිහිපිට මිනිසුන් මෙතරම් අන්ධ වන්නේ ඇයි? වසරක් ඇතුළත උද්ධමනය 70% සිට 1% දක්වා අඩු කිරීමට රනිල්ගේ රජයට හැකි වූ බව අල් ජසීරා හෙළි කළේය…. ආර්ථික විද්‍යාඥයින් සහ ඉතියෝපියානුවන් ආර්ඩබ්ලිව් සහ ඔහුගේ එවකට කැබිනට් මණ්ඩලයෙන් එය ලබා ගැනීමට සෑම උත්සාහයක්ම දරන බැවින් මෙය ඉතා වැදගත් වේ.
.
බොරුකාරයින් පවසන දේ මිනිසුන් විශ්වාස කරන්නේ ඇයි? මිනිස්සු ඇත්තටම ඒ තරම් මෝඩද? මෙම සම්මුඛ සාකච්ඡාව පැහැදිලිවම එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව විසින් අරමුදල් සපයනු ලැබේ. යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ අනෙකුත් ධනවත් රටවල සමහර රටවල ඔවුන්ගේ සහයෝගය ඉතා වැදගත් වේ. ඔවුන් කුඩා ප්‍රජාවන් බවට පත්ව ඇති අතර එම රටවල සමහර ප්‍රාදේශීය දේශපාලනඥයන්ට ඔවුන්ගේ ඡන්ද රත්තරන් වැනිය. එබැවින් එම ආණ්ඩු එම දෙමළ ප්‍රජාවන්ට බොරු පොරොන්දු ලබා දෙයි. ඊට අමතරව, ජර්මනියේ, ප්‍රංශයේ, එක්සත් රාජධානියේ සහ අනෙකුත් ශ්‍රේෂ්ඨ ජාතීන්ගේ සමහර පළාත් තේරී පත්වන්නේ 200ක් හෝ 300ක් වැනි කුඩා ඡන්ද සංඛ්‍යාවකින් ය. එහිදී ඔවුන් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔවුන්ට ලැබෙන කුඩා ඡන්ද සංඛ්‍යාව මත ය. ඔවුන් කරන හානිය කුමක් වුවත්, එය අති විශාලය.
/
leelagemalli / March 9, 2025
හර්ෂ,
ඇයි අපේ මිනිස්සු “මුහුණට වෛර කරන්න නහය කපනවා” වගේ හැසිරෙන්නේ? ? මේක හැමදාම එහෙමයි. මිනිස්සු පෙනෙනවට වඩා මෝඩද? මේ අල්ජසීරා සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ අප්‍රිකානු උපාධිධාරියෙක් මට මැදිහත් වුණා, අපේ මිනිස්සු ඇත්තටම මෝඩයෝ කියලා මට තේරුණා.
මේක එයාලා එහෙම කරන පළමු අවස්ථාව නෙවෙයි. ඒක එයාලගේ සංජානන සංයුතිය ගැන ප්‍රශ්නයක්ද? සම්මුඛ සාකච්ඡාව ශ්‍රී ලංකාවට පක්ෂව නරක නැහැ, කෙසේ වෙතත්, එය අල්ජසීරාට නරකයි. මම දැක්කා, ආර්ඩබ්ලිව් ඔහුට ලබා දීපු කුඩා ඉඩ ප්‍රමාණය හැකිතාක් ලබා දෙමින් රට ආරක්ෂා කළා. කතෝලික පල්ලිය ඔවුන්ගේ දේශපාලනය කරන බවත්, අල්ජසීරා සමහර නායකයින් කොන් කර නව ගැටළු ඇති කිරීමට උත්සාහ කරන බවත් සඳහන් කිරීමට කිසි විටෙකත් අමතක නොකරන්න.
කාදිනල් මැල්කම් රංජිත් එතරම් අව්‍යාජ නම්, “පාස්කු ඉරිදා වන්දනාකරුවන්ගේ අහිංසක ඝාතන” සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් අද ඔහු නිහඬව සිටින්නේ ඇයි? මැල්කම් රංජිත් නායකයා ලෙස AKD පත් කිරීමෙන් මෙය ඇති කිරීමට සෑම උත්සාහයක්ම ගත්තේය. කෙසේ වෙතත් අද වන විට ජේවීපී කාරයෝ නිහඬව සිටින්නේ මැටිවලින් පෝෂණය වූවාක් මෙනි
/
leelagemalli / March 9, 2025
2025 පෙබරවාරි 5 වන දින, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ කොන්වේ ශාලාවේදී මෙහ්දි හසන් සමඟ “හෙඩ් ටු හෙඩ්” සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය.
LANKAENEWS
අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ විකාශය වූ මෙම සම්මුඛ සාකච්ඡාවේදී මතභේදාත්මක කරුණු කිහිපයක් ආමන්ත්‍රණය කරන ලදී:
2019 පාස්කු ඉරිදා ප්‍රහාර: පල්ලි සහ හෝටල් ඉලක්ක කරගත් ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඔහුගේ පරිපාලනයේ ප්‍රතිචාරය පිළිබඳව හසන් මහතා වික්‍රමසිංහ මහතාගෙන් විමසූ අතර, ඛේදවාචකය වැළැක්වීම සඳහා තවත් බොහෝ දේ කළ හැකිව තිබුණාදැයි ප්‍රශ්න කළේය.
LANKAENEWS
දූෂණ චෝදනා: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පරීක්ෂාවට ලක් වූ අතර, සම්මුඛ සාකච්ඡාව අතරතුර ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
NEWSWIRE.LK
මානව හිමිකම් ගැටළු: 2019 ප්‍රහාරවලට රජයේ සම්බන්ධය පිළිබඳ විශ්වාසදායක වාර්තා විමර්ශනය කිරීමට අපොහොසත් වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන ලදී.
FT.LK
හුවමාරුව සැලකිය යුතු ලෙස උණුසුම් වූ අතර, දැඩි ප්‍රශ්න කිරීම් මධ්‍යයේ වික්‍රමසිංහ මහතා ඉවත්ව යන බවට තර්ජනය කළේය. පසුව ඔහු සම්මුඛ සාකච්ඡාවේ පැනලිස්ට්වරුන් විවේචනය කරමින්, තිදෙනෙකුගෙන් දෙදෙනෙකු දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) පක්ෂපාතී අදහස් දරන බවත්, එමඟින් ඔවුන්ගේ අපක්ෂපාතීත්වය ප්‍රශ්න කරන බවත් යෝජනා කළේය.
DAILY MIRROR
හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි ද වික්‍රමසිංහ ආරක්ෂා කළ අතර, සම්මුඛ සාකච්ඡාව “මාධ්‍යවේදය ලෙස වෙස්වලාගත් කලින් සැලසුම් කළ ප්‍රහාරයක්” ලෙස විස්තර කළේය.
NEWSWIRE.LK
මෙම සම්මුඛ සාකච්ඡාව සැලකිය යුතු විවාදයක් ඇති කර ඇති අතර, සමහරු හසන්ගේ ප්‍රවේශය ආක්‍රමණශීලී ලෙස සලකන අතර තවත් සමහරු එය වික්‍රමසිංහගේ වාර්තාවට අත්‍යවශ්‍ය අභියෝගයක් බව විශ්වාස කරති. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ සංකීර්ණතා සහ එහි නායකත්වයේ වගවීම පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ අවධාරණය කරයි.
/
leelagemalli / March 9, 2025
1/
/
leelagemalli / March 9, 2025
1/යුක්රේනය විවිධ ස්වාභාවික සම්පත් වලින් පොහොසත් වන අතර, ටයිටේනියම්, ලිතියම් සහ දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය වැනි තාක්‍ෂණ හා ආරක්ෂක කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය ඛනිජ ද ඇතුළත් වේ. මෙම ඛනිජ ඉලෙක්ට්‍රොනික උපකරණ, හමුදා තාක්‍ෂණය සහ පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම් නිෂ්පාදනයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, එම නිසා ඇමරිකානු කර්මාන්ත ඒවා මත රඳා පැවතිය හැකිය.
ඇමරිකා එක්සත් ජනපදය යුක්රේනයේ ඛනිජ සම්පත් කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රධාන හේතු කිහිපයක් මෙන්න:
1. අධි තාක්‍ෂණික කර්මාන්ත සඳහා තීරණාත්මක ඛනිජ
යුක්රේනයේ ටයිටේනියම් සැලකිය යුතු සැපයුමක් ඇති අතර එය අභ්‍යවකාශයේ සිට හමුදා යෙදුම් දක්වා කර්මාන්තවල භාවිතා වේ. එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් ඔවුන්ගේ ආරක්ෂක හා තාක්ෂණ අංශවලට ඉන්ධන සැපයීම සඳහා මෙම ඛනිජ මත විශ්වාසය තබයි.
මීට අමතරව, ස්මාර්ට්ෆෝන්, විදුලි වාහන සහ පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණ වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල භාවිතා වන දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REE) යුක්රේනයේ ද දක්නට ලැබේ. මෙම මූලද්‍රව්‍ය එක්සත් ජනපදයේ තාක්ෂණික සංවර්ධනය සඳහා ඉතා වැදගත් වේ, විශේෂයෙන් පිරිසිදු බලශක්තිය සහ උසස් හමුදා තාක්‍ෂණ යුගයේ.
2. සැපයුම් දාම විවිධාංගීකරණය
සැපයුම් දාම ආරක්ෂාව එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් සඳහා ප්‍රධාන සැලකිල්ලකි. යුක්රේනයේ ඛනිජ සම්පත්, දුර්ලභ පස් මූලද්‍රව්‍ය සහ අනෙකුත් උපායමාර්ගික ඛනිජවල ගෝලීය සැපයුමෙන් විශාල කොටසක් පාලනය කරන චීනය වැනි රටවල් මත යැපීමට විකල්පයක් ඉදිරිපත් කරයි. ඛනිජ ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම මෙම තීරණාත්මක ද්‍රව්‍ය සැපයීමේ බාධා වැනි භූ දේශපාලනික අවදානම් අවම කිරීමට උපකාරී වේ.
–
Tbc
/
leelagemalli / March 9, 2025
cont.
3. ආර්ථික අවශ්‍යතා සහ වෙළඳාම
යුක්රේනයේ ඛනිජ එක්සත් ජනපදය සහ යුක්රේනය අතර පුළුල් ආර්ථික අවශ්‍යතාවල කොටසකි. මෙම සම්පත් එක්සත් ජනපදයේ සහ වෙනත් තැන්වල පතල් කැණීම, පිරිපහදු කිරීම සහ නිෂ්පාදන කර්මාන්ත සඳහා වටිනා ය. යුක්රේනයේ ඛනිජ අංශයට ජාතීන් දෙක අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට උපකාරී විය හැකිය, විභව වෙළඳ ගනුදෙනු හෝ පතල් හා යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජන සමඟ.
4. ආරක්ෂක සහ ජාතික ආරක්ෂාව
යුක්රේනයේ ඛනිජ ද අවි ආයුධ, හමුදා වාහන සහ අනෙකුත් අධි තාක්‍ෂණික හමුදා උපකරණ සඳහා විශේෂිත ද්‍රව්‍යවල ස්ථාවර සැපයුමක් මත රඳා පවතින එක්සත් ජනපද හමුදා සහ ආරක්ෂක කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් චීනය සහ රුසියාව සමඟ වර්ධනය වන මිලිටරි එදිරිවාදිකම් සැලකිල්ලට ගනිමින්, මෙම ඛනිජ රට තුළට අඛණ්ඩව ගලා එන බව සහතික කිරීම සඳහා එක්සත් ජනපද රජයට නිත්‍ය උනන්දුවක් ඇත.
5. භූ දේශපාලනික බලපෑම සහ යුක්රේනයට සහාය වීම
විශේෂයෙන් 2022 දී රුසියාවේ ආක්‍රමණය හමුවේ, එක්සත් ජනපදය යුක්රේනයට දේශපාලනික සහ මිලිටරි සහයෝගය පෙන්වා ඇත. යුක්රේනයේ ස්වෛරීභාවය සහ ආර්ථික ස්ථාවරත්වයට සහාය දීමෙන්, ගෝලීය ආරක්ෂාව සහ ආර්ථික අවශ්‍යතා සඳහා උපායමාර්ගිකව වැදගත් වන රටේ ස්වාභාවික සම්පත් වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කිරීම ද එක්සත් ජනපදය අරමුණු කරයි.
සාරාංශයක් ලෙස, යුක්රේනයේ ඛනිජ සම්පත් මත එක්සත් ජනපදය යැපීම පැන නගින්නේ ආරක්ෂක, තාක්‍ෂණය සහ බලශක්ති අංශවල මෙම ඛනිජවල උපායමාර්ගික වැදගත්කමෙනි. විශේෂයෙන් රුසියාවේ ක්‍රියාමාර්ග සමඟ පවතින භූ දේශපාලනික තත්ත්වය, ඇමරිකානු කර්මාන්තයට සහ ජාතික ආරක්ෂාවට සහාය වීම සඳහා මෙම තීරණාත්මක ද්‍රව්‍යවල ආරක්ෂිත, විවිධාංගීකරණය වූ ප්‍රභවයන් සඳහා ඇති අවශ්‍යතාවය ද ඉස්මතු කරයි.
/