20 April, 2024

Blog

මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිවයුතු වන්නේ දේශපාලනඥයන්ද? ජනතාවද? 

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය සැප්තැම්බර් මස පළමුවන දින මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණි අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ජනතාවට හෝ නිරාවරණය කර නොමැත. එනමුත් IMF වෙබ් පිටුවේ දක්වා ඇති ආකාරයට එම එකඟතාවේ මූලික අංගයන් වන්නේ රාජ්‍ය ආදායම වැඩිකිරීම සහ වර්ෂ 2025 වන විට රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ රටේ ළල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2.3% ක අතිරික්තයක් ඇති කිරීම; ඉන්ධන සහ විදුලිය සඳහා වියදම ප්‍රතිපූරණය වන ආකාරයේ මිලක් හඳුන්වා දීම; සමාජ ආරක්ෂණ ජාලයක් ඇතිකිරීම; දත්ත මත පදනම් වූ මූල්‍ය (monetary) ප්‍රතිපත්තියක්, රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම, මහ බැංකුව මගින් රජයට මුදල් නිකුත් කිරීම සීමා කිරීම සහ මහා බැංකුවේ ස්වාධීනත්වය ඇතිකිරීම හරහා භාණ්ඩවල මිල ස්ථායිකරණයක් ඇති කිරීම; වෙළෙඳපොළ විසින් තීරණය කරනු ලබන විදේශ විනිමය අනුපාතයක් පවත්වා ගැනීම මගින් විදේශ සංචිත වැඩි කර ගැනීම; මූල්‍ය (financial) අංශයේ ආරක්ෂණ දැලක් සහ වාණිජ බැංකුවල ප්‍රාග්ධනය නැංවීම මගින් මූල්‍ය ස්ථායි කරණයක් ඇති කිරීම; දූෂණය අවම කිරීම යන කරුණුයි.

ප්‍රාථමික ගිණුම යනු රජයේ ආදායම් වලින් ණය සහ පොලි ගෙවීම් හැර ඉතිරි වියදම් අඩු කර ලැබෙන ශේෂයයි. මෙය අතිරික්තයක් වීමට නම් රජයේ ආදායම වැඩිකිරීමට අමතරව රජයේ වියදම අඩුකළ යුතුය. එය නිශ්චිත වශයෙන් IMF ප්‍රකාශයේ දක්වා නොමැත. එහි සඳහන් රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම යනුවෙන් අදහස් වන්නේ රාජ්‍ය  අයවැයේ හිඟය සහ රාජ්‍ය ණය ප්‍රසාරණය අඩු කිරීමයි.

වර්ෂ 2020-2022 කාලයේ රජයේ සේවකයන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වෙන් කරන ලද මුදල රාජ්‍ය ආදායමෙන් 50% ක් පමණ වේ. වර්ෂ 2023 අයවැය ඇස්තමේන්තු වල මෙම ප්‍රතිශතය 30% දක්වා අඩුකර තිබුණි. එයට ප්‍රධාන හේතුව රජයේ ඇස්තමේන්තුගත ආදායම වැඩිවීමයි. රජය රාජ්‍ය සේවය සංකෝචනය කිරීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවකයන් විශ්‍රාමයාම නිසා ඇතිවන පුරප්පාඩු පිරවීමෙන් වැළකි සිටීම මගිනි. ඒවා පිරවීම සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වන අතර භාණ්ඩාගාරය එම අනුමැතිය ලබා දෙන්නේ නැත. රජය සතු ව්‍යාපාර පෞද්ගලිකකරණය හරහා ක්ෂණිකව රාජ්‍ය ආදායම ඉහළ යාම හරහා අයවැය හිඟය අඩුවන අතර දීර්ඝ කාලීනව මෙම ආයතනවලට මුදල් පොම්ප කිරීම නැවතීම හරහා අයවැය හිඟය අඩුවේ.

පසුගිය සැප්තැම්බර් මස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොට පක්ෂ රැස්වීමක් අමතමින් රාජ්‍ය සේවය සංකෝචනය විය යුතු බවත්, කාර්යක්ෂම විය යුතු බවත්, එමෙන්ම, රාජ්‍ය ආයතන දේශපාලනඥයන්ගේ ආධාරකරුවන්ට රැකියා ලබාදෙන ආයතන නොවිය යුතු බවත් කීය. උදාහරණ කිහිපයක් දක්වමින් ජයවර්ධනපුර සරසවියේ ශාස්ත්‍රාලයීය සේවක පිරිස 600 ක් වන විට ශාස්ත්‍රාලයීය නොවන සේවක පිරිස 4000 ඉක්මවන බවත් සැමදා උදේ මාතර සිට කොළඹ වරායට බස්රථ පහක් එන බවත් ඒවායින් ගමන් ගන්නේ දේශපාලන පත්වීම් ලද සේවකයින් බවත් කීය.

වර්ෂ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත (හෙවත් පෞද්ගලිකකරණය)  කිරීම මගින් ලැබෙන මුදල් විදේශ විනිමය සංචිත සහ රුපියල ශක්තිමත් කිරීමට යොදා ගන්නා බවයි. 

ඉන් පසුව පැවති අයවැය යෝජනා පිලිබඳ සම්මන්ත්‍රණයකදී රජය ව්‍යාපාර කිරීමට අදහස් නොකරන බවත් එසේ කිරීම මගින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වියදම් කළ හැකිව තිබූ රුපියල් බිලියන සහ ට්‍රිලියන ගණන් මුදල් නාස්ති වී ඇති බවත් ඔහු කීය. අපට අවශ්‍ය ජනතාව ශක්තිමත් කිරී මද එසේ නැතහොත් රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ශක්තිමත් කිරිමදැයි ඔහු ප්‍රශ්න කළේය. මෙම ව්‍යාපාර විකිණීම සදහා වන ඔහුගේ දැක්ම ප්‍රකාශ කරමින් මෙම ආයතන විකුණා ඩොලර් බිලියන 7 ක් ලබා ගත හොත් පසුදින ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වනු ඇති බවත් ඔහු කීය. 

43 සේනාංකයේ නායක චම්පික රණවකගේ අදහස තරමක් වෙනස්ය.රට බංකොලොත් වී ඇති මේ අවස්ථාවේදී ඩොලර් ආයෝජනය කර රුපියල් ඉපයීම සඳහා (ඩොලර් පිටරට ගෙන යාමට සීමා පනවා තිබෙන සංදර්භයක් තුළ) මෙම ආයතන මිලදී ගැනීමට කිසිවකු නොපැමිණෙන බවත් පැමිණෙන්නේ නම් පැමිණෙන්නේ ඒ මගින් අදාල රාජ්‍යයන්ට භූ-දේශපාලනික වාසි ලබා ගැනීමට බවත් ඔහු කියයි. එබැවින් මේ ආයතන විකිණිය හැකි වන්නේ පසුගිය ආණ්ඩු කළාක් මෙන් සිය හිත මිතුරන්ට පවරා දීම මගින් බව ඔහුගේ අදහසයි. එයට ප්‍රතිවිරුද්ධව මේ අවස්ථාවේදී ඒවා කාර්යක්ෂම, වගවෙන  සහ දේශපාලන ගැතිකම් වලින් තොර පාලනයක් ඇති කළ යුතු බව ඔහු කියයි. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකළ යුතු යයි ඔහු නොකියයි.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී කථා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද කියා සිටියේ ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර විකිණීමට ඔවුන් විරුද්ධ බවයි. එහි අදහස ලාබ නොලබන රාජ්‍ය ව්‍යාපාර විකිනීමට ඔවුන් විරුද්ධ නොවන බවයි.

පසුගිය දෙසැම්බර් 15 දින ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සහ USAID අනුග්‍රහය සහිතව කරන ලද සමීක්ෂණයක් මගින් ලාංකිකයන් බහුතරයක් ජාතික සම්පත් විකිණීමට එරෙහි වන බවයි. ඒ අනුව තරුණ ජනගහනයෙන් 93.8% ක් ද වැඩිහිටි ජනගහනයෙන් 93.2% ක් ද ජාතික සම්පත් විකිණීමට විරුද්ධය. රාජ්‍ය අංශය සංකෝචනය කළ යුතු බව සිතන්නේ තරුණයන් ගෙන් 42.1% ක් සහ වැඩිහිටියන්ගෙන් 47.4% ක් පමණි. තරුණයන් ගෙන් 69.1% ක් ද වැඩිහිටියන් ගෙන් 69.4% ක් ද යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩවලින් යම් ප්‍රයෝජනයක් අනාගතයේ ලැබෙන බව සිතති. එමෙන්ම තරුණයන්ගෙන් 76.6% ක් ද වැඩිහිටියන්ගෙන් 71.9% ක් ද සිතන්නේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට දේශපාලනඥයන් වගකිව යුතු බවයි.

පෞද්ගලික ආයතන ජනසතු කිරීම සහ රාජ්‍ය ආයතන සංවර්ධනය හරහා ධනය ඒකරාශී වූයේ පුද්ගලයන් අත නොවේ, රජය අතය. ආර්ථික අර්බුදයක් ඇති වන්නේ දිගින් දිගටම පැවති ආණ්ඩු විසින් අනුගමනය කළ හිඟ අයවැය ප්‍රතිපත්තිය සහ ආණ්ඩුවල ප්‍රතිපත්තින්හි දායකත්වය ඇතිව මෙරට ව්‍යාපාරික ප්‍රජාව විසින් අලුත් දෑ නිපදවීම මගින් අපනයන සංවර්ධනය නොකළ නිසාය. මෙම තත්ත්වය මහින්ද රාජපක්ෂ විසින් වර්ධනය කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ එය අවුළුවා ලීය. මේ ක්‍රියාවලිය  සඳහා ජනතාවගේ පුර්ණ ආශීර්වාදය ලැබී තිබේ. එබැවින් මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිව යුතු වන්නේ දේශපාලනඥයන් නොවේ. මෙරට ජනතාවයි. ඔවුන් පවතින තත්ත්වය හරියාකාරව වටහා ගෙන නොමැති බැවින් මේ අර්බුදයෙන් ගොඩ ඒම අති දුෂ්කර කාර්යයක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Dear Mr Gunasena thank you for your article.
    .
    මහජනතාවට මෙන්ම දේශපාලනඥයන්ටද සෘජුව හෝ වක්‍රව දෝෂාරෝපණය කළ යුතුය. ගුණසේන මහතා ඔබ අති දක්ෂ මාධ්‍යවේදියකු බව මම දනිමි.
    මම ඔබේ අදහස්වලට බෙහෙවින් ගරු කරමි: මගේ කනස්සල්ල නම්, මම සම්පූර්ණ වරද ශ්‍රී ලාංකීය මහජනතාව මත පැටවුවහොත්, මට ඉතා අසාධාරණයක් වනු ඇති බවයි.

    2019 නොවැම්බර් වන විට ස්වාධීන කොමිෂන් සභා ඇතුළත් පරිසරයක් මම අපේක්ෂා කළෙමි. ඒ රජය ඒවා ක්‍රියාවට නංවා බොහෝ දේ අත්කර ගත් නමුත් අවසානයේ දේශප්‍රිය නම් මැතිවරණ කොමසාරිස්වරයා “පිරිසිදු කිරි මුට්ටියකට” “ගොම බිඳක්” දැමුවේය.
    .
    මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම වගේ මූලික දේවල් එක්ක ඒ ආණ්ඩුවේ දේවල් වැඩ කරන්න ඇති. කෙසේ වෙතත් EC ඔවුන්ට තිබිය යුතු ආකාරයට වැඩ කළේ නැත. එවකට මැතිවරණ කොමසාරිස්වරයාව සිටි සභාපතිවරයා රාජපක්ෂ පවුල විසින් පැහැරගෙන ගොස් එවකට AKD නායකයාගේ ඇස් බැඳ විපක්ෂ නායකවරයාගේ දෑස් බැඳ, නමුත් පාසල් කැඩෙට් නායකයෙකුට නොගැලපෙන සුදුසුකම් ලත් පුද්ගලයෙකුට නාමයෝජනා ලබා දුන්නේය. මේ රටේ ලක්ෂ 150ක ඡුන්ද බලයෙන් ලක්ෂ 69ක ජනවරමකින් තේරී පත් වූ ගෝඨාභය අපතේ ගිය වසර 3කදී බිම හෙළුවා.
    .-
    tbc

    • 1
      0

      cont.
      ඉතින් අද සමස්ත ජනතාවටම ඇඟිල්ල දික් කරන විට රාජපක්ෂට විරුද්ධව නැඟී සිටි ලක්ෂ 81ට සහ ඔවුන් නැවත පැමිණීමට අසාධාරණ ලෙස පහර දෙනවා.
      .
      අප ඉදිරියේ තාප්පයක් ඇති බව අප දැනටමත් දන්නා නමුත්, කෙසේ වෙතත්, බිත්තියට එරෙහිව දුවන්නේ කෙසේද යන්න අවම වශයෙන් අද මිනිසුන්ට මතු කිරීමට ඇති ලොකුම ප්‍රශ්නයයි.
      පැලෝපීය නාල මර්ධනය කර වඳ න්‍යාය යටපත් කර, සුළු ජාතීන් තුළ උපන් පුරවැසියන්ට පහර දෙමින්, සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ජාතිවාදී න්‍යායන් උස් හඬින් දේශපාලන ජනතාවාදීන්ට පක්ෂව චිත්‍ර අඳිමින් මේ ජාතියට කළ හානිය අප සතුයි. අදට එරෙහිව නැගී සිටීමට.
      .

      • 0
        0

        ස්තුතියි. ඔබ කියන කතාවට මට විරුද්ධ වෙන්න බැහැ. මෙහි ඉංග්‍රීසි ලිපියට මම දාපු පිළිතුර ඒ ආකාරයෙන්ම පහත දානවා. ඔබ ඉංග්රීසි ලිපියද උඩින් පල්ලෙන් හෝ කියවන්නට ඇතැයි සිතමි.

        Hope you have read my article carefully where I have developed an argument in which the climax was the research. Economic disaster was not created overnight but it was triggered by the foolish acts of the team of Gotabaya Rajapaksa. Country was going through this path for a long time.
        It seems to be that the politicians where I have sited examples were trying to deviate from that path but based on the research the people were not.
        I can give you another example. Regarding the ethnic conflict the politicians over the years followed the people. They were scared of the people that they would loose the next election if they do something which is not approved by the people. Our leaders are not leaders who lead the people like Nelson Mandela. Mandela acted against the wishes of the majority and of ANC and spearheaded reconciliation which was needed at that time. Our leaders are mere followers of the people.
        I said ‘primarily’. Primarily they are responsible.
        This is the dilemma of democracy although I do not advocate dictatorship under any circumstances.

  • 1
    0

    හර්ෂ,
    අපේ දිවයිනේ තේරීම සහ මැතිවරණය බොහෝ දුරට පදනම් වන්නේ මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහී ප්‍රචාර මතය. ප්‍රවෘත්තිය “සිංහල ජාතිවාදය, සිංහල අන්තවාදය, සිංහල ස්වෝත්තමවාදය, සිංහල ආධිපත්‍යය සහ සිංහල බහුතරවාදය” වලට පමණක් සීමා වී ඇති අතර උඩරට “පැද්දීමේ රාජ්‍යයන්” හැර සමහර ප්‍රදේශවල සුළු ජාතීන් ගැන ඔවුන්ට තැකීමක් නැත. අපගේ සිංහල ස්වෝත්තමවාදීන් සියලු සුළුතර ශ්‍රී ලාංකිකයන්ට නොඉවසිය හැකි ලෙස සලකයි යන දිගුකාලීන ප්‍රශ්නයට පිළිතුරු සපයනු ඇත්තේ එවිටය.
    ආපසු හැරී බැලීමේදී, ඉහත සියල්ල එක්ව ආර්ථිකය, අධ්‍යාපනය, සමාජය, ජාතික ආරක්‍ෂාව, අභ්‍යන්තර කටයුතු යනාදී විවිධ ක්ෂේත්‍රවල විශාල පාඩු සිදු කර ඇත. ඇත්ත වශයෙන්ම, තොරතුරු තාක්‍ෂණයේ ආරම්භය සහ වැඩකරන ජීවිතයේ කාර්යක්ෂමතාවය යුරෝපය, උතුරු ඇමරිකාව සහ අග්නිදිග ආසියාවේ විප්ලවයක් ඇති කළේය. පැසිෆික් රටවල් ඔවුන්ගේ අනාගත ඉල්ලීම් සපුරාලීම සහ ලාභ උපයා ගැනීම.
    ඊට පටහැනිව, එය යම් යම් ස්වයං-සාදන ලද හේතු නිසා ලාංකීය සමාජයට අහිතකර ලෙස බලපා ඇත. .

    MR ගේ පාලනය යටතේ මහ දවාලේ කොල්ල කන්නේ නැති දෙයක් මේ රටේ නැහැ. සුදු කරපටි අපරාධවල උත්පාතය ඇති වූයේ ඔහුගේ පරිපාලනයේ සම්පූර්ණ නොදැනුවත්කම නිසාය. හිටපු ජනාධිපති CBK විවේචනය කිරීමට ඉඩක් ලබා දුන්නේ නැත, ඇගේ තත්වය මියන් මාර් සාං සාන් සුකීට සමාන විය
    CBK නියමයන් ජාතිය විනාශ කළ බව මිනිසුන් විශ්වාස කරන ලදී. ඒක රාජපක්ෂලා බලයේ ඉන්න කරපු දේශපාලන කුමන්ත්‍රණයක්.

    2->

    TBC

  • 1
    0

    2
    ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද රාජපක්ෂවාදය යටතේ ජාතිය විනාශ කරන ඔවුන්ගේ දේශපාලන ප්‍රවාදය කෙසේ වෙතත් රාජපක්ෂගේ කෑදරකම දේශපාලනයට අවභාවිත කරමින් ලාභ උපයා ඇත. වසර කිහිපයක් ඇතුළත රාජපක්ෂ දේශපාලනයෙන් අත නොතැබූ හිටපු දුප්පත් හෙංචයියන්ගේ ආදායම් මට්ටම් විගණනය කිරීමෙන් එය දින කිහිපයක් ඇතුළත සොයා ගැනීමට ඔබට සැබෑ විශේෂඥයන් අවශ්‍ය නැත.

    මිනිසුන්ගේ ආත්ම විශ්වාසය, මිනිසුන්ගේ අහිංසකකම, ජ්‍යොතිෂයට මිනිසුන්ගේ බැඳීම. මන්තර ගුරුකම්වලට මිනිසුන්ගේ බැඳීම (ගල්ල රත්තරය පුෂ්ප කුමාර හෝ ඒ හා සමාන), මිනිසුන්ගේ ගුරුවරුන් කෙරෙහි ඇති බැඳීම (ලයිදි කාම සිට ගුරුකම් දක්වා) මිනිසුන්ගේ නොදැනුවත්කම, මිනිසුන්ගේ මෝඩකම, මිනිසුන්ගේ බොළඳකම, මිනිසුන්ගේ දුර්වලකම, සංස්කෘතිය කෙරෙහි මිනිසුන්ගේ සැලකිල්ල සහ සංස්කෘතියට ඇති ඇල්ම. බුදුදහම, මිනිසුන්ගේ උදාසීනත්වය, මිනිසුන්ගේ ආදරය, කලාවට සහ චිත්‍රපට කර්මාන්තයට මිනිසුන්ගේ ආදරය. , මිනිසුන්ගේ ගෞරවය සහ ගෞරවනීය ජීවන රටාව. මිනිසුන් බොහෝ ආකාරවලින් ඔවුන්ගේ ඇතුළත් කිරීම් සහ සුවිශේෂත්වය කොල්ලකනු ලැබීය.

    3->

  • 1
    0

    3->
    ඇත්ත වශයෙන්ම, නායකයින් තම ජාතියට සැබවින්ම ආදරය කරන්නේ නම්, ඔවුන් කිසි විටෙකත් මඩ වතුරේ මාළු මරා දමනවාක් මෙන් ඔවුන්ට සලකන්නේ නැත. මහින්ද රාජපක්ෂගේ කෑදරකම ඔහුව සදහටම අන්ධ කළේය. එසේම, සියලු විනාශකාරී ක්රියාවන්ට හේතුව ඔහුගේ ම්ලේච්ඡ බිරිඳ විය හැකිය. බදු ගෙවන්නන්ගේ මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කිරීම, තමන්ගේම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ වෙනත් පුද්ගලයින්ගේ ගුවන් යානා තම ආරාධිත සැසිවාර සඳහා ගෙන ඒම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විවේචනයට ලක්ව ඇත. මහින්ද රාජපක්ෂ කොරියානු පුරවැසියෙක් නම් ඔහු හිරෙන් එළියට එන්නේ නැත. මේ මිනිසා හිතාමතා කළ වරදෙහි විශාලත්වය අපමණය.
    :
    මගේ ඩොලර් මිලියන ප්‍රශ්නය නම් 1994 සිට වසර 28ක් ශ්‍රීලනිපය සහ සන්ධානය මේ රට පාලනය කළත් අද තිබෙන ප්‍රශ්නවලට වසර 4.5ක යහපාලන ආණ්ඩුවට උගේ පිස්සු බල්ලන් මෙන් බනින එක තවත් මිත්‍යාවක් බවයි. සහ කුමන්ත්රණ න්යාය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලා සමඟ අත්වැල් බැඳ ගන්නේ එම කාලකණ්ණි උත්සාහයටය.

    >4
    .

    • 1
      0

      4

      පසුගිය වසර 15 තුළ මෙරට මාධ්‍ය සංස්කෘතිය සියලු ආචාර ධර්ම හා සදාචාරයන් අභිබවා ගොස් ඇත. රාජපක්ෂ පාලනය ජනතා අරමුදලේ වියදමින් ලැප්ටොප් සහ වෙනත් වරප්‍රසාද ලබා දුන්නේ ඔවුන්ගේ උණුසුම් පුවත් පළ කිරීමටය. හාවඩ් අධ්‍යාපනය ලැබූ මලින් සෙනෙවිරත්නට ද එවැනි වරප්‍රසාද හිමි වූ අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතියේ විප්ලවීය වෙනසක් කිරීමට හැකි වූයේ කුමන ආකාරයේ මාධ්‍යවේදීන් ද?
      .
      සිරස ටීවී හිමිකරු දිවංගත කිලී මහරාජා යම් යම් හේතූන් මත එජාපය පැත්තකට කළේය. මේ නිසා එජාප මන්ත්‍රීවරු නොසිතූ විරූ තත්ත්වයකට මුහුණ දුන්හ. සමහර විට වංචනිකයින් විසින් ඇති කරන ව්‍යාජ සංජානනය මිනිසුන් සමඟ වැඩි කල් පවතින්නේ නැත. එයින් පෙන්නුම් කළේ අරගලයේ අරුණලුත් සමඟම දකුණු ආසියාවේ දැඩි වෛරයට ලක්ව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමට කොළඹ ධනවත් පංතිවලට හැකි වූ බවයි.
      යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේ “ඊනියා මහ දවල් බැංකු මංකොල්ලය” විකාශය කළ අනෙකුත් රූපවාහිනී නාලිකා කිහිපය අතරින් සිරස ටීවී කැපී පෙනුණි.

  • 0
    0

    අද මේ රටේ මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනෙක් පුන පුනා කියන්නේ මේක පුදුම රටක් කියලා. මහ දවාලේ ගෑනියෙක් දූෂණය කළත්, කාටත් වඩා හයියෙන් මංකොල්ල කෑවත් (නාමල්ගේ සහ මරාගේ රස්තියාදුකාරයෝ දිගටම), ප්‍රසිද්ධියේ රූබි කාරයෝ මැරුවත්, මහජන මුදලින් පොහොසත් දේපළ මිලදී ගත්තත්, 200ක් හෝ ඊට වැඩි ආධාරකරුවන් සමඟ ප්‍රසිද්ධියේ සංචාරය කළත් හේතුව එයයි. -ඇමතිවරුන් සහ හෙංචයියන් සොයමින් (ජනතාවගේ බදුවලින් 200 ක්), නමුත් මිනිසුන් විශ්වාස කරන්නේ, මාරයා ශ්‍රී ලංකාවේ සායිබාබා ය. ඇයි ? මාධ්‍ය ගණිකාවන්ට සහ කලාකරුවන්ටද මහජන මුදල් අවභාවිත කරමින් වරප්‍රසාද ලබාදුන්නා.

    . කරුණාකර කරුණු සොයා බැලුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට රජය මෙතරම් මුදල් නාස්ති කරන්නේ ඇයි? අලි ප්‍රහාරයට ලක්වන ගම්වාසීන් වටේට ආරක්‍ෂිත වැටක්‌ දෙන්න ඒ මුදල් යොදවන්න බැරි ඇයි? ඔවුන්ට හදවත් නැද්ද?
    :
    ශිෂ්ටාචාරය ශ්‍රී ලාංකීය සමාජයේ ඉහළම තැනක තිබේ නම්, මරාගේ පවුල සහ ඔහුගේ සමීපතමයන් ඔවුන්ගේ හිටපු නායක මුබාරක්ව ඊජිප්තුවේ නඩු විභාගයට ලක් කරන තාක් කල් සිරගත කළ යුතුව තිබුණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.