26 April, 2024

Blog

අප බේරාගතයුතු, කොන්දේසි විරහිතව අපට ආදරය කල, අප ආදරණීය සුනඛයා

හර්ෂණ​ රාජකරුණා

ආචාර්ය හර්ෂණ​ රාජකරුණා

මා සිතනා පරිදි, අද ආණ්ඩුව තුල සිටින, රතු දම් නිල් කමිස හැඳි, සමාජවාදීයයි කියාගන්නා, ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනීසිටි, නොයෙකුත් පින්ගුත්රයින්ට නොහැකියි අප සමාජයේ ස්වභාවිකව බිහිවන, ප්‍රතත්රවාදයක් තුල සියලු මිනිස් වර්ගයාගේ සාධාරණය නිදහස සොයන, අවංක හදවතින්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින, සැබෑ සමාජවාදී මාන්සිකත්වකයන් හෙබි, අරගලයකට උරදිමට සුදානම්, තරුණ මහලු පුද්ගලයන්ට, රජය මූලික සමාජ අසාධාරණයන් ඉදිරියේ, ස්වභාවිකව ඇතිවන සමාජ-ආර්ථික මානසික පීඩන අඩුකරන්න. 

මා සිතනා පරිදි, වසර දසකයක දෙකක කාලයක්, එලෙස එවැනි, හද-පෑරුණු රටවැසියාගේ දැඩි පීඩනය දරාගනු ලැබුයේ, 88/89 කැරැල්ලෙන් පසුව ප්‍රජාතන්ත්රවාදයට පිවිසි, සැබවින්ම හදවතින් රට ගොඩගැනීමේ අරමුණකින් කිරියාකාරිවූ, ජනතා විමුක්ති පෙරමුණය. අයුක්තියෙන් අසාධාරණයෙන් පිරි, හොරු සහ මැර පාලකයින් සමග, ජනයා කල සටනකදී, ජවිපයේ දර්ශනය පිලිඹද අපගේ විවිධවූ මත ගැටුම මෙහිදී දෙවනවූ කාරණයක් වුනි. පළමු කාරණය අප දන්නා යකුන්ගෙන් අප බේරී සිටීමට අප ගත් උත්සාහයකදී ජවිපය සැපයු කුෂන් එකය.   

නමුත් පසුගිය ඡ​න්දයේදී, දැඩි අන්තවාදී, වර්ගවාදී, දනවාදී, ප්‍රජාතන්ත්‍ර-විරෝදී, රාජපක්‍ෂ කඳවුර කල සුවිශේශිතවූ ‘අණුවනකම,’ මෙවර පාර්ලිමේන්තු ඡන්දයේදී, තම ශක්තියෙන්, ධනයෙන් විශාල​ කොටසක්, අද ප්‍රජාතන්තරවාදයේ යෙදී සිටින, නමුත් එදා භාවිතයෙන් විප්ලවකාරී මාර්කස්වාදීවූ, ජවිපය, සහමුලින්ම විනාශ කිරීමට උත්සාහ කිරීමට යෙදවීමයි. 

එලෙස ජවිය නැතිකිරීමේ අරමුණට හේතුකාරක වූයේ, රාජපක්‍ෂවරුන්ගේ තක්සේරුවට අනුව, පාර්ලිමේන්තුවට පත්වන එක් ජවිප සාමාජිකයෙකුගෙන්, රාජපක්‍ෂ කඳවුරේ අත්තනෝමතික හොර මැර ක්‍රියා කලාපයට ඇතිවන අභියෝගය, අනෙකුත්, අවශ්‍ය විටක මිලදි ගතහැකි, සියලුම විපක්‍ෂ කණ්ඩායම් සාමාජිකයින් දුසිම් ගණනක් එකතු කලත් ඇතිවන මුළු පිඩනයට වඩා වැඩිවීමයි. එබැවින්, එලෙස  කිරීමෙන්, රාජපාක්සිකයින්ට මෙවර රටේ පාර්ලිමේන්තුව තුල ජවිප සාමාජිකයින් තිදෙනෙකුට පමණක් සිමා කිරීමට හැකිවීම රාජපක්‍ෂවරු ලබපු පෞද්ගලික ජයක්.  

නමුත් එලෙස ජවිපය පාර්ලිමේන්තු ඒම වැලක්වීමට තීරණ ගත් රාජපක්‍ෂ මහා මොළකරුවන් තක්සේරු නොකල දෙයනම්, ජවිපය විසින් මේතාක් මුර්දුකර ඔවුන් වෙතට උරාගත් රටේ සියලුම ජනයාගේ ආර්ථික සමාජිය මානසික පීඩනය, ඉන්පසු කොයිබට යාවිදැයි නොකළ විනිශ්චයයි. අද ජවිපය පාර්ලිමේන්තුවෙ ඇති අඩුව හරියට, වැඩ නිමාවී දුක් මහන්සිවී ගෙදර එන රටවැසියාට, කොන්දේසි විරහිතව ආදරය ගෙනදුන් තමාගැන සිතනා තම ආදරණිය සුනඛ​යෙකුට ලංවීමට ඉඩ නොදී ඌ කූඩුකර දැමීමක් වැනිය. එදා 88/89 විප්ලවයෙන් පසු, ජවිපය, ප්‍රජතත්රවාදය මත තැබූ විශ්වාසයක් මත, අද දින කණපිට හරවා දමා සකසා සම්මත කරඇති විසිවන ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනය​ දක්වා, කාලයතුල ඇතිවූ ජනයාගේ සිත්තැවුල් වලින් ලද මානසික පීඩන උරා උදාසීන කරන ලදී. එබැවින් රාජපක්‍ෂ කඳවුර විසින් ජවිපයට පාර්ලිමේන්තු ඒම නොදී, එය පාගා දැමීමට දැරූ ප්‍රයත්නය, අද රටේ ජනයාගේ සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මටවූ ජයග්‍රරහණයක් නොවේ. එය හුදු ප්‍රජාතන්ත්‍රවාදය ගිලදැමිමට කරනලද ප්‍රයත්නයකි. මුදලට ගැනිය නොහැකි ජවිපයක් නැති පාර්ලිමේන්තුවක් තුල ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික සිද්ධාන්ත විනාශ​ කිරීමට මගපාදා ගැනීමකි. ජවිපය විසින් අප මුළු සමාජයටම දැක්වූ ආදරය, පක්ෂ පාට වලට සීමානොවී, අප සියළුම ජනයා අස්වැසීමට එකසේ ඉවහල් වූවකි. අද එම සියලුම දුක් ගැනීමට ජවිපයට පාර්ලිමේන්තු ශක්තියක් නැත. 

එවැනි පීඩිත ජනයා අද දින යොමුවනුයේ කෙලෙසකද, කොයිබටද යන බරපතල කාරණය රාජපක්‍ෂ රේජිමය තවමත් නොසිතා ඇත. නමුත් අද රට යන දිසාව විනිවිදයමින් පැහැදිලිවම පෙනේ. 

අද නව ව්‍යවස්ථාපිත​ එකාධිපතිවාදය අප සමාජ ප්‍රජතත්රවාද වසා පිලිලක් සේ රටපුරා උඩුදුමින් පවතී. ජේආර්ටත් ප්‍රේමදාසටත් වඩා නිර්වස්ත්‍ර ලෙස, විලිලැජ්ජාවකින් තොරව, අද පාලකයින් විසින් අප සමාජ ප්‍රජතත්රවාද අමු අමුවේ විනාශකරමින් තම පෞද්ගලික අරමුණු පමණක් ඉටුකරගනිමින් සිටිති. අද මේ වනවිට රටේ පාලක පක්ෂ නඩය සමාජ ආර්ථිකයේ විනාශකාරි ගමන තීව්‍ර​ ලෙස අරඹා හමාරය. ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය තුලින්, අද රජය නීතිය, වෙළඳ, සහ අනෙකුත් සියලුම රාජ්‍ය අවස්ථා, නැති-බැරි එකාට එක හැන්දකින් බෙදන අතර, තමාට සමීපතම ඇති-හැකි වන්දිබට්ට්යින්ට වෙන හැන්දකින් බෙදමින් සිටිති. 

මෙම ඒකාධිපතිවාදය විසින් ගිලගනිමින් පවතින ප්‍රජාතත්‍රවාදය ඉදිරියේ අද ජවිපය බොහෝ නිහඬය. පසුගිය දසවසර තුල ජවිපය විසින් අපට එම පාලකයින් ගැන හොඳාකාරව කියාදී ඇත. අප විසින් පරාජයකල ජවිපයට ඊට වඩා දෙයක් සමාජයට කීමට අද ඉතිරිවී නැත. තම තමාතුල ඇතියයි විශ්වාස කළ, මනස්කල්පිත වර්ගවාදී ලේ පිළිබඳව​ කැක්කුමකින් කම්පාවී රාජපක්‍ෂවරු සමගින් මෙදා අප ජවිපය ගෙදර යවන ලදී.   

හාන්සිපුටු-සමාජවාදීන් ලෙස නොව, ප්‍රයෝගිකවම, සැබෑ විප්ලව දෙකක් අපට පෙන්වූ ජවිපය, අද නැවතත් ඔවුනගේ ජනහමුවල මාක්ස්වාදී අරගලය සහ විප්ලවය පිළිබඳව පමණක්ම කතා කරති. අද රටේ සිදුවන වෙනයම් සාධාරණ අසාධාරණ ගැන කතාකිරීම ෆ්බියේ දේශපාලනික විහිලු පෝස්ට් දැමීමට හෝ බැලීමට වඩා වෙනසක් නැතිබව ජවිපයද පිළිගෙන ඇත. විහිලු සපයමින්, නැවත බලය අල්ලා ගැනීමට මාන අල්ලමින් සිටිනු හැරුනුකොට, රටේ විරුද්ධ​ පක්ෂය පීඩිත ජනයා ගොඩගැනීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග නොසොයයි. 

එබැවින්, අද දින අපට, ජවිප එදා කල අසාර්ථකවූ විප්ලවයේ කුරිරු අත්දැකීම් අමතකවී, නැවතත්, වෙනදාටත් වඩා උනන්දුවකින්, ඔවුන් විසින් අපට කියන, අප නොදුටු, ඔවුන්ගේ විමුක්තිය සහ නිදහස පිළිබඳව, අප උනන්දුවකින් අසා සිටිමු. ප්‍රජතත්රවාදය බිඳුණු සමාජයක් තුතිරි ගහෙත් එල්ලෙනු ඇත. ජවිපය හැරුණු කොට අපට අද ඉතිරිවී ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාවදුන්නෝය. නොඑසේ නම් විශ්වාසකල නොහැකි හොර මැර නඩයකි. අප උන් සියලෝම හොඳින් හඳුනාගෙන ඇත, හොඳින් දනිමු. 

තවමත් අපි හරිහැටි නොදන්නේ ජවිපය ගැන පමණි. 

හරි වටිනාකම් පිළිබඳව​ නොදන්නා යම් දෙයක්, පසු දිනක යම් අවස්ථාවක, අද දින අප නොදන්නා ප්‍රයෝජනයක් වෙනුවෙන්, ආරක්‍ෂා කරගැනීම, අපට වටීවි යයි, පරිසර සංරක්ෂණ ආර්ථික විද්‍යාඥයෝ පවසති. 

දිනක ප්‍රජතත්රවාදී සමාජවාදී අරගලයක් වෙනුවෙන් අපි අද, අපට ඉතිරිවී ඇති, එම ජවිපය, ආරක්ෂාකර නොගනිමුද? 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.