25 May, 2024

Blog

ණය ප්‍රතිව්‍යුහගතකිරීම සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති බලය

ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

ණය ප්‍රශස්තිකරණ ක්‍රියාමාර්ග හෙවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශවයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අධිකරණය හෑල්ලූ කිරීමේ උත්සාහයක් ලෙස විපක්ෂය, සිවිල් සමාජ කණ්ඩායම් සහ නීතිඥ කණ්ඩායම් විසින් හෙළා දැක තිබේ. “විධායක ජනාධිපති ක‍්‍රමය තුලින් සැලකිය යුතු බලයක් ඇති ආණ්ඩුවේ එක් හස්තයක්, විධායක හෝ පරිපාලන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඕනෑම පැමිණිල්ලක් සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති බලය ප‍්‍රතික්ෂේප කරන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කිරීම බලය අයුතු ලෙස භාවිතා කිරීමකියයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතීඥයෝ ප්‍රකාශ කළහ.

විධායක සහ ව්‍යවස්ථාදායක ක්‍රියා 

2023 ජූනි 28 වැනි දින අමාත්‍ය මණ්ඩලය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කළ අතර එය පැහැදිලිවම විධායකයේ ක්‍රියාවකි. සමහර ක්‍රියාමාර්ග බලාත්මක කිරීමට නීති සම්පාදනය අවශ්‍ය වනු ඇත. දැනටමත් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. සේවක භාර අරමුදල්, අර්ථසාධක, විශ්‍රාම වැටුප් හෝ පාරිතෝෂික අරමුදල් සහ සේවය අවසන් කිරීමට අදාළ අරමුදල් සඳහා බදු අනුපාතිකය වෙනස් කිරීමට එය යෝජනා කරයි. පනත් කෙටුම්පත ඉදිරිපත් කර සති දෙකක් ඇතුළත මූලික අයිතිවාසිකම් කෙරෙහි එහි බලපෑම ඇතුළු එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට අයිතියක් ඇති අතර එවැනි පෙත්සම් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත.

2023 ජූලි 01 දින පාර්ලිමේන්තුව විසින්දේශීය රාජ්‍ය ණය ප්‍රශස්තකරණයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම අනුමැතිය ලබා දීමටතීරණය කරන ලදී. මෙම යෝජනාව කිසිදු නීතිමය ප්‍රතිවිපාකයකින් තොර වන අතර එය කැබිනට් තීරණය අනුමත කිරීමක් පමණි.

කැබිනට් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය යටතේ අභියෝගයට ලක් කිරීමට විවෘතය. නඩු කිහිපයක් පවරා ඇති අතර  නඩු දෙකක් පවත්වාගෙන යෑම ප්‍රතික්ෂේප කරන ලදී.

වරප්‍රසාද පනත අදාළ නොවේ

2023 අගෝස්තු 09 වන දින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් පිලිබඳ තම තීරණය ප්‍රකාශ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවට එරෙහිව කිසිදු ආකාරයක නියෝග හෝ තීන්දු නිකුත් කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති බවත් එවැනි ඕනෑම නියෝගයක් හෝ අධිකරණ තීන්දුවක් පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතේකොටසේ පළමුවන වැනි අයිතමය උල්ලංඝනය කිරීමක් බවය. ‘මෙම පනත යටතේ පාර්ලිමේන්තුවේ යම් නියෝගයක් හෝ යෝජනාවකට  හෝ මෙම පනත යටතේ නිසි පරිදි සාදනු ලබන ජනාධිපතිවරයාගේ හෝ කථානායකවරයාගේ හෝ ඕනෑම මන්ත්‍රීවරයෙකුගේ යම් නියෝගයකට කීකරුවීමට හිතාමතාම අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීමයනුවෙන් පළමුවන අයිතමය කියවේ.

කැබිනට් තීන්දුවක් ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න පිළිබඳ අධිකරණ තීන්දුවක් දීම පාර්ලිමේන්තුවේ නියෝගයක් හෝ යෝජනාවක් පිළිපැදීමට අපොහොසත් වීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව ඍජුවම කිව හැක. කෙසේ වෙතත්, 2023 ජූලි 01 දින සම්මත කරන ලද යෝජනාව කැබිනට් තීරණය අනුමත කිරීමක් පමණක් වූ අතර එය නීත්‍යානුකූල ප්‍රතිපලයක් නොදෙන සහ නීතියට අනුව අවශ්‍ය නොවන එකකි.

සිය තීරණයරාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේයයනුවෙන් සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය මත පදනම් කල කථානායකවරයා ඒ පිලිබඳ සවිස්තරාත්මක යමක් නොකීය. පාර්ලිමේන්තුව එවැනි පාලනයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද? එම වගන්තියේම මෙසේ සඳහන් වේ: “පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීතියක් හෝ පවතින නීතියක හෝ අධිකාරය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරයක් විසින් හේ කිසිම බද්දක්, වරිපනමක් හෝ වෙනත් යම්කිසි බදු විශේෂයක් නියම කිරීමට බලය නොමැත්තේය.” ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නීතියක් පනවා නොමැති බැවින් එම ප්‍රතිපාදනය වත්මන් විවාද කරුණට අදාළ නොවේ. 149(1) වගන්තිය අනුව නියමිත කාර්යය සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබූවා වූද, ජනරජය සතු වූද, සියලුම අරමුදල් එක්ව, ඒකාබද්ධ  අරමුදල නමැති අරමුදලක් වන්නේය. සියලුම අය බදු, තීරු බදු, වරිපනම් හා ගාස්තු යන මාර්ගවලින් ලැබෙන ආදායමද, නියමිත කාර්ය සඳහා වෙන් කරනු නොලැබූ ජනරජය සතු සියලුම ආදායම් සහ ලැබීම්ද ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුත්තේය. 150 වගන්තිය අනුව මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ මිස ඒකාබද්ධ අරමුදලෙන් කිසිම මුදලක් ඉවත්කර ගත නොහැක.  එවැනි බලපත්‍රයක් නිකුත් කල හැක්කේ අදාළ මුදල් වර්ෂය තුල රජයේ නියමිත සේවාවන් සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනාවකින්  හෝ නීතියකින් මුදල වෙනකොට ඇත්නම් පමණි.  අයවැය ලේඛනය සම්මත වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් හෝ මහා මැතිවරණයක් සඳහා වියදම් කිරීම අවශ්‍ය වූ විට වැය කිරීම් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. යම් වියදමක් සඳහා අයවැයෙන් හෝ වෙනත් නීතියකින් මුදල් වෙන් කර නොමැති විට එවැනි වියදම් සඳහා පාර්ලිමේන්තුවේ පරිපූරික ඇස්තමේන්තුවකින් බලය දෙනු ලැබේ. 2023 ජූලි 23 දින සම්මත කල යෝජනාව ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතට නොඑන බව පැහැදිලිය.

පාර්ලිමේන්තු යෝජනාවකට මුක්තියක් නැත 

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියකට 80(3) වගන්තිය ලබා දෙන ආරක්ෂාව පාර්ලිමේන්තු යෝජනාවකට නොමැත. ජනාධිපතිවරයාගේ හෝ කථානායකවරයාගේ සහතිකය මත පනත් කෙටුම්පතක් නීතියක් වූ විට, එම වගන්තියට අනුව, එවැන්නක වලංගු භාවය විමසා බැලීම, ප්‍රකාශ කිරීම හෝ කිසිදු ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිදු අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් විසින් නොකළ යුතුය. පාර්ලිමේන්තු යෝජනාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව පවසමින් එය අභියෝගයට ලක් කළ නොහැකි නම් පුරවැසියන්ට ප්‍රතිකර්මයක් නොමැතිව වනු ඇත. එය එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ගැන කුමක් කිව හැකිද?

උදාහරණයක් වශයෙන්, ව්‍යවස්ථාවේ 68(1) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් නීතියකින් හෝ යෝජනාවක් මගින් තීරණය කළ යුතුය. නීතියක් සම්මත කිරීමට අවශ්‍ය නම් පුරවැසියන්ට පනත් කෙටුම්පත් අවස්ථාවේදී එය අභියෝගයට ලක් කළ හැකිය. අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් පනතකින් නොව, යෝජනාවකින් කල විට  එම යෝජනාව අභියෝගයට ලක් කළ හැකිද?

විනිසුරු මාර්ක් ප්‍රනාන්දුගේ මතය 

පාර්ලිමේන්තු යෝජනාවක් මගින් මන්ත්‍රීවරුන්ට එන ලද 100% කට වඩා වැඩි වැටුප් වැඩිකිරීමක් අභියෝගයට ලක් කල  ලංකා දුම්රිය වෘත්තීය සමිතිය එදිරිව වික්‍රමනායක නම් මූලික අයිතිවාසිකම් නඩුවේදී (අංක  29/2007, 30.01.2007) මෙම ප්‍රශ්නය මතු විය. මෙම නඩුව 2007 ජනවාරි 31 වන දින ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කර ඇති අතර විශ්‍රාමික විනිසුරු මාර්ක් ප්‍රනාන්දු මහතා ලියූමකරා පරාජය කිරීම: දූෂණයට එරෙහි ආයුධයන ලිපියේ ඒ ගැන සඳහන් කර ඇත.

 වැටුප් වැඩිවීම කාගේත් හෘද සාක්ෂිය කම්පනයට පත් කළද, ප්‍රශ්නය සදාචාරය පිලිබඳ නොව නීතිය පිලිබඳ එකක්බවටත්, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවටත් නීතිපතිවරයා වෙනුවෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කෙරුණි. නඩුව ඉදිරියට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කරන ලද නමුත්, විවාද කළ හැකි කරුණක් ඇති බව ඇයගේ අදහස වූ බැවින් සභාපති විනිසුරුවරිය ඊට එකඟ නොවූවාය.

පාර්ලිමේන්තුව නීතියක් මගින් වැටුප් නියම කිරීමට උත්සාහ කළේ නම්, ඒ සඳහා වන පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ යුතු බවත්, එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට අයිතියක් ඇති බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හේතු දක්වමින් තීරණයක් ගත යුතු බවත් විනිසුරු ප්‍රනාන්දු පෙන්වා දුන්නේය. පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සම්මත කළ යුතු අතර, සම්මත වූ පසු පනත අභියෝගයට ලක් කළ නොහැක. “පාර්ලිමේන්තු පනතක් භුක්ති විඳින ආරක්‍ෂාව යෝජනාවකට නොමැති අතර ඒ අනුව පාර්ලිමේන්තු පනතක් භුක්ති විඳින මුක්තිය යෝජනාවකට නොලැබේ. එබැවින් 68 වැනි වගන්තිය යටතේ වන යෝජනාවක් නීති සම්පාදනයට වඩා බාල පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගයක් වන අතර එයට ව්‍යවස්ථාදායක පරීක්ෂාවෙන් කිසිදු මුක්තියක් නොලැබේයනුවෙන් විනිසුරු ප්‍රනාන්දු මහතා අදහස් දැක්වීය.

නඩුව ඉදිරියට රැගෙන  යාමට අවසර නොදීම අවසාන තීරණයක් මෙන්ම, පෙත්සම්කරුගේ නඩුවේ කිසිදු පදනමක් නොමැති බවට සහ විවාද කළ හැකි කරුණක් හෝ නොමැති බවට වන නිසැක තීන්දුවක් වන බැවින්, මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයක් ඉදිරියට රැගෙන යාමට අවසර ප්‍රතික්ෂේප කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඊට හේතු දැක්වීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. 

පෙර නඩු තීන්දු 

පාර්ලිමේන්තු නීති සම්පාදනයට සමාන නොවන ක්‍රියා නීතියට පටහැනි වූ විට එවන් ක්‍රියා නීති විරෝධී බව ශ්‍රී ලංකාවේ අධිකරණ ප්‍රකාශ කර ඇත. කාර්මික ආරවුල් පනත යටතේ කම්කරු විනිශ්චය සභාව මුලින්ම පිහිටවූ විට අයදුම්පතක් ගොනු කිරීමට සේවකයෙකුට කාල සීමාවක් නියම කර නොතිබුණි. පනතේ ඇතැම් වගන්ති මගින් තමාට ලබා දී ඇති නියෝග සැකසීමේ බලතල යටතේ ක්‍රියා කරන බව සඳහන් කරමින්, අයදුම්පතක් ගොනු කිරීමට සේවය අවසන් කළ දින සිට මාස තුනක කාල සීමාවක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා නියෝගයක්  සැදූ අතර එය පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.

එම නියෝගයේ වලංගුභාවය රම් බණ්ඩා එදිරිව ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය (71 නව නීති වාර්තා  25) නඩුවේදී 1968 දී අභියෝගයට ලක් විය. ඉහත සඳහන් නියෝග පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමේ අවශ්‍යතාවයේ හේතුවෙන් ඒවාට පාර්ලිමේන්තු පනතකට සමාන තත්වයක් ලැබෙන  බවත්, ඒවායේ වලංගුභාවය අධිකරණය විසින් විමර්ශනයට භාජනය කළ නොහැකි බවත් වගඋත්තරකරු වෙනුවෙන් තර්ක  කරන ලදී.  අමාත්‍යවරයා විසින් සාදා, පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සෑම නියෝගයක්මමෙහි පනවන ලද්දක් සේම”, එනම් පනතින් පනවන ලද්දක් සේම, “වලංගු ව ක්‍රියාකාරී වන්නේයයනුවෙන් පනතේ 39(2) වගන්තියේ සඳහන් වේ. ඒ අනුව, අමාත්‍යවරයා සැදූ නියෝගයක් පාර්ලිමේන්තුව විසින් අනුමත කල විට එය නීතියක් ලෙස සැලකිය යුතු බවද තර්ක කරන ලදී. මෙම තර්ක ප්‍රතික්ෂේප කල වීරමන්ත්‍රී විනිසුරුවරයා පාර්ලිමේන්තුව හරහා එවැනි රෙගුලාසියක් සම්මත කිරීමෙන් පමණක් එය අධිකරණයේ විෂය පථයෙන්  ඉවත් කළ හැකි ආකාරයේ නිල අනුමැතියක් 39(2) වගන්තියෙන් ගම්‍ය වන බවක් සැලකිය නොහැකි බව ප්‍රකාශ කළේය. 

රම්බන්ඩා නඩු තීන්දුව 1971 දී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය එදිරිව ෂෙරිෆ් (74 නව නීති වාර්තා 505) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතරය විසින් උත්සාරණය හෙවත් නිෂ්ප්‍රභා කරන ලදී. එහෙත් ප්‍රිවි කවුන්සිලයට අභියාචනා කිරීමේ ඉඩකඩ අහෝසිකර ඒ වෙනුවට පිහිටුවන ලද, එවකට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය වූ, අභියාචනා අධිකරණය විසින් 1973 දී ෂෙරිෆ් නඩු තීන්දුව නිෂ්ප්‍රභා කර රම්බන්ඩා නඩු තීන්දුව නැවත ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ලංකා කම්කරු සංගමය එදිරිව වතු අධිකාරී, බෙරගල වත්ත (76 නව නීති වාර්තා 1). 

අපගේ අධිකරණ විසින් ප්‍රකාශ කර ඇති පරිදි යම් නීතියක් ප්‍රකාර සාදන ලද යම් රෙගුලාසියක් හෝ නියෝගයක් පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් එහි වලංගුභාවය සමාලෝචනය කිරීමෙන් අධිකරණ නොවැලක්වන්නේ නම්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කැබිනට් තීරණය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම එම කැබිනට් තීරණයේ වලංගු භාවය මූලික අයිතිවාසිකම් නඩුවකදී සමාලෝචනය කිරීමට කිසිම බාධාවක් නොවන බව ඉතා පැහැදිලිය.

අනුරගේ මතයට පටහැනි ශ්‍රේෂ්ඨාධිකරණ මතය 

එවකට අගවිනිසුරුවරයාව සිටි සරත් එන් සිල්වා මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීම එවකට කථානායක අනුර බණ්ඩාරනායකට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්  දුන් විට කථානායක බණ්ඩාරනායක දුන් නියෝගයක් මතද කථානායක අබේවර්ධන විශ්වාසය තැබුවේය. පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතේ විධිවිධාන මත දැඩි ලෙස විශ්වාසය තබමින් කථානායක බණ්ඩාරනායක ප්‍රකාශ කළේ, විධායක හෝ පරිපාලන ක්‍රියාවක් නොවන ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් කඩවූ බවට වූ පැමිණිල්ලක් විභාග කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිහිපයකදී ප්‍රකාශ කර ඇති බවය. 

එවැනි තේරීම් කාරක සභාවක් පත් කිරීම විධායක හෝ පරිපාලනමය ක්‍රියාමාර්ගයක් ද යන ගැටළුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව වූ දෝෂාභියෝගය පිළිබඳ චන්ද්‍රගුප්ත තේනුවර එදිරිව චමල් රාජපක්ෂ (අංක 665–7, 672/2012, 2014 මාර්තු 24) නම් නඩුවේදී  ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පසුව නිරාකරණය කරන ලදී. ඒකනායක, හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ මාරසිංහ යන විනිසුරන් ගේ  එකඟත්වය මත මාසූෆ් විනිසුරුතුමා ප්‍රකාශ කළේ අධිකරණ සහ  අනෙකුත් යුක්තිය පසිඳලීමේ ආයතන ඇතුළුව සියලුම රජයේ ආයතන සෑම විටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4() වගන්තිය මතක තබා ගත යුතු බවයි. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට සහ පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේයයනුවෙන් එම වගන්තියේ දක්වා ඇත. 

උගත් විනිසුරුවරයා පහත සඳහන් නිගමනයට පැමිණියේය: “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර  ඇති මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම, ඒවා ආරක්ෂා  කිරීම සහ වර්ධනය කිරීම  සඳහා තමන් මත තබා ඇති විශ්වාසයට ගරු කිරීම මෙම අධිකරණයේ පරම යුතුකම වන අතර, එසේ කිරීමේදී, මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු විධිවිධාන සහ උගත් නීතීඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද නෛතික   මූලධර්ම ඉතා සියුම්ව පරීක්ෂා කර බැලුවෙමි. එසේ කිරීමෙන් පසු, මෙහිදී අභියෝගයට ලක්වී ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තියේ අර්ථය තුළවිධායක හෝ පරිපාලන ක්‍රියාවක්බවට වන මතයට මා නැඹුරු වෙමි.”

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලතල සම්බන්ධයෙන් සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තියේ බවත්, එය වෙනත් ක්‍රියා පටිපාටි සහ අනුබද්ධ විධිවිධාන සමඟින්, ‘ව්‍යවස්ථාදායකයයන ශීර්ෂය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොලොස්වන පරිච්චේදයේ  අන්තර්ගත වන බව ද මාසූෆ් විනිසුරුතුමා කියා සිටියේය. එම මුළු පරිච්චේදයේම තේරීම් කාරක සභාවක් හෝ උපරමාධිකරණ විනිසුරෙකු ඉවත්කිරීමට අදාළ 107(2) හා (3) වගන්ති පිලිබඳ සඳහනක් හෝ නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය. මේ අනුව, 80(3) වගන්තියෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියකට පමණක් බව චන්ද්‍රගුප්ත තේනුවර එදිරිව චමල් රාජපක්ෂ නඩු තීන්දුවෙන්ද තහවුරු වන බව මෙම ලියුම්කරු කියා සිටී. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවකට එවැනි ආරක්ෂාවක් නොමැති හෙයින් එවැන්නක් අධිකරණයක් විසින් සමාලෝචනය කල හැක.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.