
ජෙහාන් පෙරේරා
මැතිවරණයක් සහ එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආණ්ඩු වෙනසක් ආසන්න වීමත් සමඟ, අධීක්ෂණය කිරීමට සහ රජයට සංවරණය සහ තුලනය ලබාදීමට බලය පැවරී ඇති ස්වාධීන රාජ්‍ය ආයතන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට උත්සාහ කරමින් සිටී. ජනවරමකින් බලය ලත් මහජන නියෝජිතයන් තම කාර්යභාරය ඉටුකරමින් සිදුවී ඇති සම්පත් අවභාවිතය පිළිබඳ සොයාබැලීමේ කඩිසරකම පිළිබඳව වසර ගණනාවක් පුරා විගණකාධිපතිවරයාගේ වාර්තා සාක්ෂි දරයි. එහි එක් වාර්තාවකින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ අනාවරණය කර ඇත්තේ, වසර ගණනාවක් තිස්සේ සිදු වූ ඛනිජ තෙල් වංචාවක් පිළිබඳ ය. අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීමට ප්‍රමාණවත් අයුරින් කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, මන්නාරම සහ පුනරින් මෙගාවොට් 484 සුළං බලාගාරය ප්‍රසම්පාදනයේදී, එම ව්‍යාපෘතිය අදානි සමාගම(Adani Green Energy SL Ltd (AGESL)) වෙත ලබාදීම සඳහා අනුමැතිය ප්‍රතික්ෂේප කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු අනාවරණය කරයි.
අදානි සුළං බල යෝජනා ක්‍රමය මුලින් ප්‍රවර්ධනය කරනු ලැබුවේ, එහි විනිවිදභාවය නොමැතිකම සාධාරණීකරණය කිරීම සඳහා, රජයන් අතර එළැඹෙන ගිවිසුමක් ලෙසිනි. අසල්වැසි ඉන්දියාවට ආසන්නතම ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා වෙරළ තීරයේ පුළුල් පරාසයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා වෙරළ තීරයේ එතරම් විශාල ඉඩම් ප්‍රමාණයක් එරට විශාලතම ව්‍යාපාරික සමූහ ව්‍යාපාරයක් අතට පත්කරන බැවින්, එය ඉන්දියාවට උපායමාර්ගික වැදගත්කමක් ලබාදෙයි. අදානි සමූහයේ ඇතැම් ව්‍යාපාරික භාවිතයන් ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී තිබේ. අදානි සමූහ ව්‍යාපාරය සිදුකරන පරිමාණයේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් අත්දැකීම් අඩු ශ්‍රී ලංකාවේදී, සමාගමේ ඉහත කී භාවිතයන් වඩාත් තීව්‍ර වෙතැයි අපේක්ෂා කළ හැකිය. මෙම ව්‍යාපෘතියේ සාකච්ඡා කරන ලද ගාස්තුව වසර 20ක කාලයක් සඳහා කිලෝවොට් පැයකට එක්සත් ජනපද ඩොලර් ශත 8.26 ලෙස නියම කිරීමට නියමිත නමුත්, පාරිසරික බලපෑම් තක්සේරුව ඩොලර් 4.6ක පිරිවැයක් මත පදනම් වන අතර ඉන්දියාවේ එම පිරිවැය ඩොලර් 3.5ක් පමණක් වේ.
පසුගිය වසරේ මාර්තු මාසයේදී, ඉන්දීය රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමේ (MoU) විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුමේ (PPA) කාලසටහන් සහ කැබිනට් අනුමැතියෙන් පසුව එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවසර අනාවරණය කිරීමට ලංවිම අසමත්වී ඇත. අනෙකුත් විස්තර අතර, මන්නාරම සහ පුනරීන් යන ස්ථාන දෙකේම එකම “ජනන යන්ත්‍ර” ස්ථාපනය කිරීමේ පදනම ද මහජන උපයෝගිතා කොමිසම වෙත පැහැදිලි කර නොමැත. මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපෑම් තක්සේරුවේ (EIA) ප්‍රතිඵල සහ පාරිසරික බලපත්‍රයේ විස්තර පවා ඉදිරිපත් කර නොමැත. මේ සියල්ල දූෂණයට මාර්ගයක් විවෘත්ත කර ඇති ව්‍යාපෘතියේ විනිවිදභාවය නොමැතිකම පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර
දැවැන්ත පසුබෑමකට තුඩුදිය හැකි ආර්ථික ගනුදෙනුවල විනිවිදභාවය නොමැතිකම, මූල්‍ය නිර්දේශයන් සමඟින් ශ්‍රී ලංකාව සඳහා වූ IMF නිකුත් කළ ,පරිපාලන ගැටළු විනිශ්චය වාර්තාව’ තුළ ඉස්මතු කර ඇත. IMF විසින් ශ්‍රී ලංකාව සඳහා පාලන තක්සේරුවක් සිදුකරන ලද අතර, රටේ දූෂණ අවදානම් සහ පාලන දුර්වලතා පිළිබඳව අවධානය යොමුකරන ලදී. මෙම තක්සේරුව විනිවිදභාවය, වගවීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රජයට නිර්දේශ සපයයි. Verite Research ආයතනයට අනුව, 2024 මැයි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතු කැපවීම් වලින් සියයට 25ක් සපුරාලීමට සත්‍ය වශයෙන්ම රට අපොහොසත්වී ඇත. ‘සපුරා නොගත්’ කැපවීම් 16ක් පරීක්‍ෂා කිරීමේදී ඉන් හතක් මුල්‍ය කළමනාකාරිත්වය ද, හයක් මුල්‍ය විනිවිදභාවය ද, තුනක් දූෂණ විරෝධී පියවර ද විය.
මූල්‍ය පාරදෘශ්‍යභාවය, කළමනාකරණය සහ දූෂණය යන ආර්ථික අර්බුදයේ මූලික හේතු ලෙස හඳුනාගෙන ඇති අංශ පිළිබඳව නිශ්චිතවම IMF වැඩසටහනට අනුකූලව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන බව Verite Research සඳහන් කරයි. පසුගිය වසරේ දෙසැම්බරයේ දෙවැනි මුදල් ප්‍රදානයේදී ඉටු නොවූ බොහෝ කැපවීම් විනිවිදභාවය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට සම්බන්ධ විය. සාමාන්‍ය ජනතාවට ඒවා ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව ලබානොදී, නව බදු පැනවීම ගැන සඳහන් කරමින් Verite විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් පවසන්නේ, “ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට විසඳුමේ කොටසක් වනවා වෙනුවට, අන්තර්ජාතික මූල්‍ය අරමුදල දැන් තාර්කිකව සහාය නොදක්වන අත්තනෝමතික ප්‍රතිපත්ති සම්පාදනයට එක්වෙමින්, එම ගැටලුවේ කොටසක් බවට පත්වීම කණගාටුවට කරුණකි…” යනුවෙනි. දැනට පවතින බදු සාධාරණීකරණය කිරීමට අදහස් කරන IMF, සිය තාක්ෂණික සහාය වාර්තා ප්‍රසිද්ධ නොකිරීම ඔහු පෙන්වාදෙයි. මිනිසුන්ට අයත් නිවාසවලට බදු අයකිරීම වැනි නිර්දේශ අදාළ සහායේ කොටසක් බව ඔහු සඳහන් කරයි.
පාලන කොන්දේසි නොව, මූල්‍ය කොන්දේසි සපුරාලිය යුතු බව අවධාරණය කරමින්, අන්තර්ජාතික ණය දෙන්නන්ට සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලටම ශ්‍රී ලංකාව සිය ණය ආපසු ගෙවන බව සහතික කිරීම එහි මූලික අවශ්‍යතාවය බව IMF පෙන්නුම් කරයි. එවැනි ආදායම් උත්පාදන ක්‍රමවල ප්‍රතිලාභ සහ බර ශ්‍රී ලාංකීය ජනතාව මත බෙදාහැරීම සම්බන්ධයෙන් IMF අඩු සැළකිල්ලක් දක්වන බව පෙනේ. පාලන කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අවධාරණය නොකිරීමෙන්, IMF දූෂිත හා බලවත් ස්ථානවල සිටින අයට ඔවුන්ගේ දූෂණයෙන් ගැලවීමට ඉඩ සලසන්නේ, සමහර විට දූෂණය පාලනය කිරීම ශ්‍රී ලංකාවේ කටයුත්තක් මිස IMF හි කටයුත්තක් නොවන නිසා විය හැකිය.
අධිකරණ තාර්කිකත්වය
සම්පත් අවභාවිතය සහ දූෂණයට තිත තැබීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට රජය අකැමැති හෝ අපොහොසත් වන සන්දර්භයක් තුළ, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ අධිකරණය වැනි ස්වාධීන රාජ්‍ය ආයතන එම අභියෝගය භාරගෙන කටයුතු කරන බව පෙනේ. පසුගිය දෙවසර තුළ, තේරී පත් වූ ආණ්ඩුවේ නායකත්වයේ නීත්‍යානුකූලභාවය ආපසු හැරවිය නොහැකි ලෙස විනාශ වීමෙන් පසුව, ඔවුන් විසින් නිර්මාණය කරන ලද ආර්ථික කඩාවැටීම හේතුවෙන්, රජයේ බලය අයුතු ලෙස භාවිත කිරීම සීමාකිරීම සඳහා අධිකරණය ධනාත්මක කාර්යභාරයක් ඉටු කළේය. පාස්කු බෝම්බ ප්‍රහාරය, ආර්ථික කඩාවැටීම හමුවේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දේශපාලනයේ ඉහළම තලයේ සිටින අය හඳුනාගැනීම, අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කටයුතු කිරීම, සාධාරණීකරණය කළ නොහැකි ජනාධිපති සමාව ආපසු හැරවීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය මගපෙන්වන තීරණ ලබාදී තිබේ.
අවාසනාවකට මෙන්, සිය සැලසුම්වලට පටහැණිව තීන්දු ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සමහර ජ්‍යෙෂ්ඨයන් අධිකරණය විවේචනය කරයි. මුදල් වෙන්නොකර නීතිවිරෝධී ලෙස කල්දැමූ පළාත් පාලන මැතිවරණය, බාධාවකින් තොරව පවත්වන ලෙසට අධිකරණය නියෝග කළේය. කාන්තා සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෑතකාලීන නඩුවකදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් සහිතව එය සම්මත කර ගැනීමට අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව විවේචනය කිරීමේදී “අධිකරණමය මිනීමැරුම්”(judicial cannibalism) වැනි වචන පවා උපුටා ගැනීමට තරම් දුර ගොස් ඇත.
නීතියේ ආධිපත්‍යය අගයන රටක තම තීන්දු සාධාරණීකරණය කිරීමේදී වඩාත්ම විනිවිද පෙනෙන රාජ්‍ය ආයතනය වන්නේ අධිකරණයයි. අධිකරණයේ සෑම තීන්දුවක්ම සැමට කියවිය හැකි අතර, එහි තීරණ පදනම් වන්නේ විවෘත අධිකරණයේදී කරන ලද ලිඛිත සහ වාචික ඉදිරිපත් කිරීම් මතය. විශේෂයෙන්ම සෙසු දේශපාලනයේ කිසිදු විනිවිදභාවයකින් තොරව තීන්දු තීරණ ගන්නා විට, අධිකරණය අගය කිරීම හා ඊට ගරු කිරීම අත්‍යවශ්‍ය වේ. සියලුදෙනාගේ යහපැවැත්ම ඉලක්ක කරගත් ප්‍රජාතන්ත්‍රවාදී මාවත විවෘත කරවීම වෙනුවෙන් නීතීඥ සංගමය වැනි වෘත්තීය ආයතන සහ නීතීඥ සාමූහිකය වැනි සිවිල් සමාජ කණ්ඩායම් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්මවලට සහාය දැක්වීම සම්බන්ධයෙන් සහ රජයෙන් ඉන් බැහැර වන විට, රජයට ඒවා සිහිපත් කරදීමට, ඔවුන් සතුව ඇති සදාචාරාත්මක හා නෛතික බලය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇත
leelagemalli / July 2, 2024
They create a wave of misunderstandings with the sole aim of capturing their power.
This is the vicious cycle that continues in Sri Lanka.That cycle is not easily breakable. Experts in the field and real good journalists refrain from interference, for some hidden reasons. Either they are scared of being harmed or they still dont wake up from their long slumber.
.
But today, many people seem not to have learned from their previous misadventures. This is shameful to entire nation.
The interesting stage presentations move easily through their beguiling thinking. As a result, they become voters of those parties. If you look at how the common people have been bullied and turned into voters, the most recent abuse was deliberatly done by pothottuwa.
In the next election, it will be from the NPPs, whatever the undisclosed agendas of their campaign.
SRILANEN MEDIA DOES NOT ACCEPT THE TRUTH, THEIR PROMOTIONS ARE VERY BIASED AND ABUSIVE. Investigative journalism is far from the borders of Sri Lanka, everyone I know is a real media fraud.
/
leelagemalli / July 2, 2024
ඔවුන් තම බලය අල්ලා ගැනීමේ එකම අරමුණින් වැරදි වැටහීම් රැල්ලක් ඇති කරයි.
මෙය ශ්‍රී ලංකාවේ පවතින විෂම චක්‍රයයි.එම චක්‍රය ලෙහෙසියෙන් බිඳිය නොහැක. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සැබෑ හොඳ මාධ්‍යවේදීන් යම් සැඟවුණු හේතූන් මත ඇඟිලි ගැසීම්වලින් වැළකී සිටිති. එක්කෝ ඔවුන් හානියක් වේ යැයි බියෙන් සිටිති, නැතහොත් ඔවුන් තවමත් දිගු නින්දෙන් අවදි නොවේ.
.
නමුත් අද බොහෝ අය පෙර වැරදිවලින් ඉගෙන ගෙන නැති බව පෙනේ. මේක මුළු ජාතියටම ලැජ්ජයි.
රසවත් වේදිකා ඉදිරිපත් කිරීම් ඔවුන්ගේ රැවටිලිකාර චින්තනය හරහා පහසුවෙන් ගමන් කරයි. ඒ නිසා ඔවුන් එම පක්ෂවල ඡන්දදායකයන් බවට පත් වෙනවා. සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවා ඡන්දදායකයින් බවට පත් කර ඇති ආකාරය දෙස බැලුවහොත් මෑතකාලීන අපචාරය හිතාමතාම කළේ SLPP AKA POHOTTUWAවිසිනි.
මීළඟ මැතිවරණයේදී එය ඔවුන්ගේ ව්‍යාපාරයේ හෙළි නොකළ න්‍යාය පත්‍ර කුමක් වුවත් එය NPP/JVP වලින් වනු ඇත.
SRILANKEN MEDIA සත්‍යය පිළිගන්නේ නැත, ඔවුන්ගේ ප්‍රවර්ධනයන් ඉතා පක්ෂග්‍රාහී සහ අපවාදාත්මක ය. ගවේෂණාත්මක පුවත්පත් කලාව ශ්‍රී ලංකාවේ මායිමෙන් බොහෝ දුරයි, මම දන්නා සෑම කෙනෙකුම සැබෑ මාධ්‍ය වංචාවකි.
/