29 April, 2024

Blog

සංහිඳියා ක්‍රියාවලියට වැරදි අර්ථකථන ලැබෙනුයේ ඒ වෙනුවෙන් විශ්වාසදායක සූදානමක් නොමැති බැවිනි

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජාතික සංහිඳියා ක්‍රියාවලිය සහ ඒ තුළින් මතුවන ගැටලු සම්බන්ධයෙන් රජය සැළකිවයුතු අවධානයක් යොමුකරන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය වසර පහක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ නිද්‍රාශීලීව පැවැති මෙම ක්‍රියාවලියට මේ වන විට නායකත්වය ලබාදෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. 2015-19 ඔහු ආණ්ඩුවට නායකත්වය ලබාදුන් අවසන් කාලසීමාව තුළ ජාතික සංහිඳියාව සඳහා වූ අපේක්ෂාවන් උච්චතම ස්ථානයට ළඟාවිය. එකල සංහිඳියා ක්‍රියාවලියට වර්තමානයට වඩා පුළුල් සහභාගීත්වයක් පැවැතිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ විවිධ ක්ෂේත්‍රවල වගකීම භාරගත් ව්‍යවස්ථාදායක කමිටුවක් බවට මුළු පාර්ලිමේන්තුවම පත්කිරීමට එවකට අගමැති වශයෙන් වත්මන් ජනාධිපතිවරයාට හැකිවිය. යුද්ධයෙන් පසු ඇති වූ ප්‍රතිඵල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දිවංගත විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ සිවිල් සමාජය ඇතුළත් කරමින් ගොඩනැගුණු උපදේශන කාර්යසාධක බළකාය විවිධ කාර්යභාරයන් ඉටුකරනු ලැබීය.

ඊට ප්‍රතිවිරුද්ධව, වර්තමාන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අනෙකුත් දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ අඩු උපදේශන සහිතව ජනාධිපතිවරයා විසින් මෙහෙයවනු ලබන පටු ක්‍රියාවලියකි. මෙය විශේෂයෙන්ම, මෑත කාලයේ වඩාත් කතාබහට ලක්ව ඇති 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලතල බෙදීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකි. ඒ වෙනුවෙන් පෙනීසිටින්නේ ජනාධිපතිවරයා පමණකි. පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් ටික කලකට පසු, දිග්ගැස්සුණු වාර්ගික ගැටුම විසඳා අනාගත පරම්පරාවේ බර ඉවත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු විය. ජාතීන් අතර බලය බෙදාගැනීමේ මාධ්‍යයක් ලෙස පළාත් සභා පිහිටවූ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සම්පූර්ණයෙන් බලතල බෙදාහරින බවත් ඔහු පැවැසීය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් හුදෙකලා හඬක් නැගුවේය. ඔහුට පිටුබලය දීමට මහජන සහයෝගය ඇති නායකයන් සිටින දේශපාලන පක්ෂයක් ඇත්තේ නැත.

මෙහි, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නායකත්වය දුන් 1995-2000 කාලපරිච්ඡේදයේ සාම ක්‍රියාවලියට වඩා වැඩි වෙනසක් පවතී. ඇයගේ පක්‍ෂයේ සහ සභාග හවුල්කරුවන්ගේ සහයෝගය ඇයට හිමිවිය. ඔවුහු එක කණ්ඩායමක් ලෙස එකට සිටගෙන පණිවිඩය ජනතාව අතරට ගෙනයෑමට උත්සාහ කළහ. එම කාලය තුළ වැඩි වැඩියෙන් ජනතාව බලතල බෙදීමට කැමැත්ත පළ කළ අතර ෆෙඩරල් සංකල්පය පවා වඩාත් පිළිගත හැකි විකල්පයක් විය. එහෙත් කුමාරතුංග ජනාධිපතිවරියට සාර්ථක වීමට නොහැකි විය. ඇයව ඝාතනය කිරීමට පවා උත්සාහ කළ යුද බලයේ උච්චතම ස්ථානයේ සිටි එල්ටීටීඊය සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා කෙටුම්පත පුළුස්සා දැමූ විරුද්ධ දේශපාලන පක්ෂ විසින් ජනාධිපතිට හා ඇගේ ආණ්ඩුවට විරුද්ධ විය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී, ජාතික සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතාට මුහුණදීමට එතරම් ප්‍රබල විරුද්ධ බලවේග සමූහයක් නොමැත.

පැහැදිලි දැක්ම

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව ඇමැතීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීති සම්පාදනය කිරීමත්, ඒවා සංශෝධනය කිරීමත් පාර්ලිමේන්තුවට පැවරී ඇති බැවින් තීන්දු තීරණ ගතයුත්තේ පාර්ලිමේන්තුව විසින් බව ඔහු පවසා තිබේ. ජනවාර්ගික ගැටුම ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය වන්නේ, ඔහුගේ දැක්ම පිළිබඳ පැහැදිලිකමයි. ඔහු ප්‍රශ්නය බහුවිධ කෝණවලින් දැක ඇති අතර, එබැවින් ඔහු විසින් ගනු ලබන පියවර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය, බලය බෙදාහැරීම, ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවීම, එල්ටීටීඊ සිරකරුවන් සහ ඊට සම්බන්ධ යැයි කියනු ලබන අය නිදහස් කිරීම යන කරුණුවලින් ඔබ්බට විහිදේ. මේ සියල්ල වාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් මෙන්ම අතීතයේ තුවාල සුවකිරීම යන දෙකෙහිම අවශ්‍ය කොටස් වේ. රජය යෝජනා කළයුතු වන්නේ අතීතයට වඩා දියුණු තත්වයකි. එහිදී වඩාත් සාධනීය අංශය වනු ඇත්තේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයාගේ කැපවීමයි.

මෙම අවස්ථාවේදී, ජනාධිපතිවරයාගේ යෝජනාවල මූලික අදහස් වර්ධනය කිරීම, ජනාධිපතිවරයා සහ ඔහුගේ ප්‍රධාන උපදේශක කණ්ඩායම විසින් සිදුකරන බව පෙනේ. සංහිඳියා සැලැස්මේ සංවර්ධන ක්‍රියාවලිය විවෘත හෝ පාරදෘශ්‍ය එකක් වී නැත. ’13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි නමුත් පොලිස් බලතල ක්‍රියාත්මක කළ නොහැකිය’ යන මතය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සිවිල් සමාජ සංවිධානයක් විසින් ගන්නා ස්ථාවරයක් නොවේ. එය ජනාධිපතිවරයාගේම චින්තනය සහ පසුබිමේ රැඳීසිටින ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ චින්තනය බව පෙනේ. අන්තර්වාර ලේකම් කාර්යාලයක අද්විතීය ව්‍යුහය සහිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයද ඒ හා සමානව, දේශපාලන පක්ෂ, වින්දිතයන්ගේ කණ්ඩායම් හෝ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන වේවා, අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අන්තර්ග්‍රහණය හෝ විනිවිදභාවයෙන් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් නොවේ.

දැකගැනීමට ඇති නීති කෙටුම්පත් තුළ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට 1983 ජූලි 24 සිට 2009 මැයි 18 දක්වා කාල රාමුවක් ලබා දී ඇත. කුතුහලයට කරුණ වන්නේ, එම ආරම්භක දිනය කළු ජූලියේ දෙමළ විරෝධී කෝලාහල ආරම්භ වූ දිනට පසුව සටහන් කර තිබීමය. එහි අවසාන දිනය ද කුතුහලය දනවන්නකි. එය යුද බිමේ තුවක්කු නිහඬ වූ දිනයයි. මෙම දින දෙක ඔවුන් තෝරා ගත්තේ ඇයි සහ ඔවුන් අත්හැර දමා ඇති කාලය පැහැදිලිවම සැකයට තුඩුදෙනු ඇත. යුදබිමේ තුවක්කු නිහඬ වූ පසු සැළකිවයුතු කාලයක් සිදු වූ බලහත්කාරී අතුරුදහන් කිරීම් සහ එම කාලය තුළ පවුල් විසින් බාරදෙනු ලැබූ, එහෙත් නැවත කිසිදා දැකීමට නොහැකිවූ බොහෝ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිළිබඳ චෝදනා මෙමගින් සත්‍ය වනු ඇත.

උපදේශන නොවේ

මෙම තත්ත්වය තුළ රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සළකාබැලිය යුත්තේ යෝජනා ලෙස මිස නීතියක් බවට පත් කළ යුතු අවසාන ගිවිසුම් ලෙස නොවේ. ඒවා සාකච්ඡා කිරීමට, කේවල් කිරීමට සහ සංශෝධනය කිරීමට සිදුවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි නමුත්, පොලිස් බලතල ලබා නොදෙන්නේ නම්, එය පුටු දෙකක් අතර හිඳගැනීමක් වැනි යැයි ජනාධිපතිවරයාගේ අදහස විය හැකිය. එහිදී ඉඩම් බලතල වැනි මතභේදයට තුඩු දෙන අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බහුතර සිංහල ජනතාවගේ සහ දේශපාලනයේ උනන්දුවක් ඇති කළ හැකි නමුත්, පොලිස් බලතල බෙදානොහරින බව පවසමින් දෙමළ ජනතාවට සහ දේශපාලනයට ආමන්ත්‍රණය කළ නොහැකිය. පොලිස් බලතල බෙදීමෙන් පළාතේ ප්‍රධාන ඇමැතිවරුන්ට පොලිසිය අවභාවිත කිරීමට අයිතියක් ලැබෙනු ඇතැයි යන කනස්සල්ල නිවැරදි නොවේ. පළාත් පොලිසිය මධ්‍යම රජයේ සහ ජාතික පොලිස් කොමිසම වැනි ප්‍රධාන ආයතනවල සම්පූර්ණ පාලනය යටතේ පවතිනු ඇත.

ඇත්ත වශයෙන්ම, පොලිස් බලතල පිළිබඳ අසත්‍ය ප්‍රචාර බහුලව පවතින අතර, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර රජය දැවැන්ත අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම යහපත් වනු ඇත. සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් රජය එකවර 60 සිට 200 දක්වා පිරිසකගේ සහභාගිත්වයෙන් සාකච්ඡා සැසි දෙකක් පවත්වා ඇත. මේ හැර සිවිල් සමාජ නායකයන් සහ කුඩා කණ්ඩායම් සමඟ ද අවිධිමත් සාකච්ඡා පවත්වා ඇත. විදේශ ඇමැති අලි සබ්රි එවැනි රැස්වීම්වලදී රජය කිරීමට සැලසුම් කරන දේ විස්තර කිරීමට සහ සහභාගීවන්නන්ගෙන් ප්‍රශ්න කිරීමට පැයක් හෝ දෙකක් ගතකර ඇත. මෙම රැස්වීම් උපදේශන හෝ සාකච්ඡා ලෙස විස්තර කළ නොහැකි අතර, ඔවුන් ගැනීමට සැලසුම් කර ඇති ප්‍රගතිශීලී පියවර පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකරන සාකච්ඡාවලට වඩාත් සමාන වේ. එහෙත් ජනවාර්ගික ගැටුමට විසඳුමක් ගැන සිතීමට හෝ එය විසඳීමට මාර්ගයක් යෝජනා කිරීමට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ජනාධිපතිවරයා හැර කිසිවකු කැමැත්තක් නොපෙන්වන බැවින් මෙය පවා අගය කළ යුතුය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායකගේ පටන් රට පාලනය කළ අනෙකුත් නායකයන් විසින් ජාතික ගැටලුව විසඳීමට ගත් උත්සාහයන් අසාර්ථකව ඇති බැවින්, ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මෙහිදී අවස්ථාවක් ලබාදීම වැදගත් වේ. වත්මන් ආණ්ඩුව උපදේශන හා සාකච්ඡා ක්‍රියාවලියට ඉක්මන් නොවී නව යාන්ත්‍රණ සකස් කළ යුතුය. කරුණු නිවැරදි කරගැනීම සඳහා වඩාත් දැඩි උපදේශන පැවැතිය යුතුය. විදේශ ඇමැති අලි සබ්රි සිවිල් සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධ වූ අවස්ථාවලදී ප්‍රකාශ කර ඇත්තේ, රජයට අවශ්‍ය වන්නේ මෙවර තත්ත්වය නිවැරදි කරගැනීමට බවයි. එම නිවැරැදි කිරීම යන්නෙන් අදහස් කළයුත්තේ, දේශපාලන පක්ෂ, සිවිල් සමාජය, විද්වත් ප්‍රජාව ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ ගැඹුරින් සාකච්ඡා කිරීම සහ විශේෂයෙන්ම යුක්තිය සහ වගවීම ඉල්ලා ස්ථිරව සිටින දෙමළ ජනතාවගේ තේරී පත් වූ නියෝජිතයන්ගේ එකඟතාවය ලබාගැනීමයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    සිංහල ආධිපත්‍යය සිංහල බෞද්ධකම හා බද්ධ වී ඇති බැවින් බෞද්ධ පූජකයන් යැයි කියාගන්නා අය සදාකාලික අන්ධයන් හා බිහිරි තත්ත්වයට පත්ව ඇත. ඒ මහනායක ස්වාමීන් වහන්සේලා පුංචි දේ පවා හරියට දකින්න තරම් උගත්තුද කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඔවුන්ගෙන් එක් අයෙක් ඔහු නූගත් ගොත් හිට්ලර් කෙනෙකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇසූ විට, ඔවුන් කෙරෙහි මගේ ගෞරවය වීදුරු බිත්තියක් මෙන් බිඳී ගියේය.
    සමාජය තුළ ඇති වූ ප්‍රශ්නය කුමක් වුවත්, පසුගිය සති කිහිපය තුළ පුරුෂාධිපත්‍ය හඬක් කිසිවෙකුට ප්‍රමාණවත් නොවීය.
    .
    බලන්න අද සිංහල බෞද්ධයන් කී දෙනෙක් සෝම හාමුදුරුවන්ව පුන පුනා වර්ණනා කරනවද, උන්වහන්සේගේ සුප්‍රසිද්ධ කතාවල සහ “දේශනා” වල සැබෑ බුදුදහමට වඩා ජාතිවාදයක් අන්තර්ගත වෙනවා. මෙයාගෙ අතීත වීඩියෝ අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ “සුපිරි සිංහල ජාතිවාදීන්, රාජපක්ෂ මැරයන්, දොස්තර නලින් ද සිල්වා”. මෑත කාලයේ වෙනත් විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට වඩා ඔහු සිංහල ජාතිය ස්වයං ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, GOTA#S RACIST රජය විසින් ඔහු මියන්මාරයේ තානාපතිවරයා ලෙස පත් කිරීම නිසා ඔහුට නැවත මෙරටට පැමිණීමට නොහැකි විය. රට ගිය පසු ඔහු නිහඬ විය. එයාගේ ලොකු කට මොකක් හරි හේතුවකට මිරිකලා බැඳලා. මාධ්‍ය එය ගෙන එන්නේ නම් විෂ සහිත මිනිසාට බොහෝ පැහැදිලි කිරීම් තිබිය හැකිය.
    ,
    සිංහල බුද්ධාගම සහ බුදුන් වහන්සේගේ සත්‍ය ඉගැන්වීම් අතර ගැටුම තරුණ පරම්පරාව පවා හරස් ප්‍රශ්න කරන බවක් නොපෙනේ. DERANA TV NEWS නිවේදක හෝ ප්‍රධාන නායක දිලිත් ජයවීර (රාජපක්ෂගේ සමීපතම) චතුර අල්විස් තමා පන්සල්වල සිටින සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සමීප බව මුලින්ම ප්‍රකාශ කළේ. ඔහු කිසිවිටෙකත් සිංහල-බෞද්ධත්වයේ මහා ද්විකෝටිකය සහ අවිහිංසාවාදී බුදුදහමේ සැබෑ ඉගැන්වීම් හරස් ප්‍රශ්න කළේ නැත. අපේ තරුණයන් හරියට ක්‍රියා කළා නම් අද වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා.

    tbc

  • 0
    0

    cont.
    අධ්‍යාපනය සහ සිංහල බෞද්ධකම නිසා තරුණ තරුණියන්ට පවා සත්‍ය අවබෝධය අඩු බවත්, ඇත්තෙන්ම එය එසේ සිදුවන්නට ඉඩ තිබූ බවත්, ඒ වන විට විවිධ ජාතිවාදී කණ්ඩායම් යළි එකතු වී තිබූ බවත් මනෝ සමාජ විශ්ලේෂකයෝ ඉතා පැහැදිලිව පෙන්වා දෙති. 2019 නොවැම්බරයේ ගෝඨාගේ ආන්දෝලනාත්මක ජනාධිපතිවරණයත් සමඟ මෙය සිදුවිය හැකිය. තරුණයන් එය ඔවුන්ගේ ලිට්මස් පරීක්ෂණය ලෙස සිතුවේවත් නැත.
    .
    රටත් ජාතියත් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන සෑම අවස්ථාවකම ප්‍රේමදාස ජූනියර් MIMOSA ලෙස ක්‍රියා කරයි. හරීන් ප්‍රනාන්දුගේ විග්‍රහය අදටත් වඩා වලංගු වන්නේ ඔහු SJB සමඟින් වෙන්වීමට ටික කලකට පෙර ඔහු විවේචනයට ලක්වූයේ අන් කිසිවකු නොව SP නිසාය. මතකද, Asayi-bayai යන යෙදුම?
    මාරා-වසංගතයේ ආරම්භයට ආපසු යන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි (එය COVID-19 ට වඩා භයානක ය, මන්ද මාර මේ ජාතියට බොහෝ හානියක් කර ඇති බැවිනි), ඔහු සහ මාර අතර බොහෝ සමානකම් තිබේ. සිංහල බෞද්ධ, මහින්ද චින්තන මන්ත්‍රවලට රැවටුනොත් මිනිස්සුන්ට තත්ත්වය ලේසියෙන් තේරෙන්නේ නැති බව දන්නා මාරයා දෙවරක් නොසිතා මුගාබේ මෙන් ක්‍රියා කළේය.
    .
    මරා සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම සිංහල බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ ඔවුන් සැබෑ බෞද්ධයන් නිසා නොව තමන් බෞද්ධයන්ය යන පණිවිඩය ලබාදීමටය. සමහර විට පුණ්ණකු භක්ෂකයෝ තමන්ගේ චාරිත්‍ර වාරිත්‍රවලදී ජාතිය බෝධීන් වහන්සේ ඉදිරියේ වැටෙනවා සේම ඔවුන් ඉදිරියේ වැටෙන්නේ එවිටය.

    ඇත්තටම මට තේරෙන්නේ නැහැ බුදුන් වහන්සේට බුදුබව ලැබෙන විට බෝධිය සෙවණ දෙන්නට උපකාර වූවාද කියා, කෙසේ වෙතත්, මෙවැනි අන්ධභාවයකින් බෝධීන් වහන්සේ ලෙවකන්නට අනුගාමිකයන් අන්ධ වන්නේ ඇයි? ඔවුන් සාමාන්‍යයෙන් නමස්කාර කරන ආකාරය විවිධ නමස්කාරකයන්ගේ හිස් හරහා ගමන් කරයි, සමහරු බිම වාඩි වීමට හෝ බිම වැතිරීමට උමතු වෙති.

  • 0
    0

    සිංහල_ජාතිවාදියෙකුට ලිගර් නොම්මර එකේ උදාහරණය@

    එදා ඒකට එකඟ නොවුණා නම් දැන් එකඟ වෙන්න ඕන බස්ටා. ෆෙඩරල්වාදය යනු ඉඩම් කොටස් වලට බෙදීම නොවේ. ඒ පසේ උපන් යමෙක් වේ නම් ඒ සියල්ලෝ ම එක ම ය. ලිගර් හෝ ඒ හා සමාන මිනිසුන්ට වැඩි ප්‍රඥාවෙන් ආශීර්වාද ලැබේවා.

    පුරවැසියන් ලෙස සලකන විට කිසිදු ආකාරයක වෙනසක් නොවිය යුතුය.වතුකරයේ දෙමළ ශ්‍රී ලාංකිකයන්ට සමානව සැලකිය යුතුය. සුළු ජාතීන්ට වෙනස් හැන්දකින් සැලකිය යුත්තේ ඇයි? සියලුම සංක්‍රමණික යුක්රේනියානුවන් සහ සිරියානුවන් යුරෝපයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ඔවුන්ට කෙසේ හැඟේවිද?

    උගතුන් වන ඔබ අන් අයට ආදර්ශමත් ලෙස ක්‍රියා කළ යුතුයි. මෝඩ ආධිපත්‍යය ඇති ශ්‍රී ලංකාවට ඔබව ආදර්ශයට ගත හැක්කේ එවිට පමණි. උදාහරණයක් ලෙස, කොවිඩ් අර්බුදයේදී ධම්මික පැණියට ප්‍රසිද්ධිය දුන්නේ කවුද, ඒ පොහොට්ටුවේ මෝඩ දේශපාලකයෝ (විමල් බුරුවන්සේ, ජයසුමන බල්ලා සහ තවත් බොහෝ අය) අධ්‍යාපන මට්ටම් නොතකා මිනිසුන් තම සලාක ලබා ගැනීමට පෙළ ගැසී සිටියේ කොහේද යන්න ගණන් නොගෙනය. ආදියෙන් පැමිණියහ. පසුව පමණක් පැහැදිලි වූයේ භින්නෝන්මාද කරුවෙකු එය සිරප් වර්ගයක් ලෙස සකස් කර ඇති බවත්, එම පණිවිඩය වැරදි ලෙස මහජනතාවට යවා ඇති බවත් ය.
    .
    tbc

  • 0
    0

    cont.

    මෙතරම් කාලයක් ඔබ මිනිසුන් තිරිසනුන් මෙන් හැසිරෙන අතර, අපගේ යහපත සඳහා වෙනසක් ගැන අප සිතන්නේ කෙසේද?

    . අපේ සිංහල-බෞද්ධ ජාතිවාදීන් (බහුතරය) කිසිවක් ප්‍රතික්ෂේප කිරීමට දෙවරක් සිතන්නේ නැත. සාදු සාදු ඵලයෙන් සදාකාලික පිංගෝනා බවට පත් වෙති. අපේ තාරුණ්‍යයට වඩා හොඳ ශ්‍රී ලංකාවක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය නම් ඔවුන්ගේ මනෝභාවය දැඩි ලෙස වෙනස් කළ යුතුය.

    ඔබ අන්ත ජාතිවාදීන් ලෙස ක්‍රියා කරන සෑම අවස්ථාවකම ජාතිවාදී නොවන සිංහල අපි දෙමළ නායකයෙකුට අනාගතයේ දී ජනාධිපති විය යුතු බවට උද්ඝෝෂණ කරනවා. දැන් ඔබ රාජ්‍ය නොවන සංවිධාන කියා අපට පහර දෙනු ඇත, දෙමළ ඩයස්පෝරාව අප පිටුපස සිටිය හැක. ඇත්ත වශයෙන්ම අපේ මිනිසුන්ගේ මනෝභාවය සුසමාදර්ශී වෙනසක් සමඟ වෙනස් විය යුතුය. ඊට පස්සේ කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්න.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.