11 December, 2024

Blog

අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසු ඔහු වෙත ළඟාවීමට කාලය නාස්ති කර නැත. මැතිවරණයට පෙර පෙනීගියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල කණ්ඩායමේ ප්‍රියතම අපේක්ෂකයා ලෙසයි. ඔවුන් ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කරමින් නිතර ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළ අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ද ඒ හා සමාන සහාය ප්‍රකාශ නිකුත් කරන ලදී. වික්‍රමසිංහ පාලනයද හැකියාවන් නොතිබියදීත් රතු මුහුදේ නාවික මෙහෙයුම්වලට සහභාගී වීමේ පොරොන්දුව ඇතුළුව බටහිර නායකත්වයෙන් යුත් වැඩසටහන් සමඟ එක්වීමට විශේෂ උත්සාහයක් දැරීය.

බටහිර රටවල කණ්ඩායමේ සහ විශේෂයෙන් ඉන්දියාවේ කනස්සල්ලට හේතු වූ එක් කරුණක් වූයේ ජාතික ජන බලවේගයේ සහ එහි ජනාධිපති අපේක්ෂකයාගේ විදේශ ප්‍රතිපත්ති දිශානතියයි. ජාතික ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ, එහි වෙබ් අඩවියේ සඳහන් පරිදි මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂයක් වන බැවින්, ජාතික ජන බලවේගය ඊට සමාන මතවාදයක් ඇති රටවල් වෙත නැඹුරු වනු ඇතැයි අනුමාන කරන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසුව, අන්තර්ජාතික ජනමාධ්‍ය රජය චීනය සහ රුසියාව වෙත නැඹුරු වනු ඇති යන අදහසට විශ්වාසය තැබීය. මෙම රටවල් දෙක විශේෂයෙන් යුද සමයේදී සහ එම යුද්ධය සම්බන්ධයෙන් මානව හිමිකම් ගැටලු මතුවූ විට ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරන් ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් විය.

කෙසේවෙතත්, ඔහුගේ ජයග්‍රහණයෙන් පසු, ජනාධිපති දිසානායක ආර්ථික ක්‍රියාකාරකම් සහ ආරක්ෂක අවශ්‍යතා යන දෙඅංශයෙන්ම ඉන්දියාවට ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඔහු මුණගැසුණු පළමු විදේශ රාජ්‍යතාන්ත්‍රිකයා ඉන්දියානු මහකොමසාරිස්වරයා විය. ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ ඇමතිවරයා ද ඉන්දියාවෙන් වන අතර, එම සාකච්ඡාවලදී ඉන්දියාව සමඟ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙනු ලැබීය. ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සැළකිල්ලක් වනු ඇති බව ජනාධිපති දිසානායක ඉන්දියානු රජයට සහතික වී ඇත. ඒ අතරම, ශ්‍රී ලංකාවට වැදගත් වන රටවල්වලින්, එනම් වෙළඳපොළවල් සහ ආර්ථික සහාය සපයන ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංගමය, චීනය සහ රුසියාව ඇතුළු රටවලින් ද සුභපැතුම් පණිවුඩ ලැබී ඇත.

නව නායකත්වය

රජයට ඉතා ඉක්මනින් එහි පළමු ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති අභියෝගයට මුහුණදීමට සිදුවනු ඇත. මෙම සතියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ශ්‍රී ලංකාව පිළිබඳ එහි අධීක්ෂණ මට්ටම තීරණය කරනු ඇති අතර, විශේෂයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගවීම සහ රටේ ආර්ථික හා දේශපාලන අර්බුදය හැසිරවීම කෙරෙහි අවධානය යොමුකරනු ඇත. 2009 වසරේ සිට, එනම් උතුරේ සටන් බිමේදී යුද්ධය අවසන් වූ වසරේ සිට, බටහිර රටවල් ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාව විසින් අතීතය විමර්ශනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට UNHRC හි දී ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටී. යුද්ධයේ අවසාන අදියරවලදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නය සහ අතුරුදහන්වූවන් සොයාගැනීම, ඉඩම් ආපසු ලබා දීම සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මිලිටරි බලය ඉවත්කිරීම ඇතුළු අනෙකුත් කරුණු අතර වගවීම සහතික කිරීමද ඇතුළත් වේ.

2022 ඔක්තෝබර් මාසයේ 51/1 යෝජනාවෙන් UNHRC තීරණය කළේ, අනෙකුත් කරුණු අතර, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ (OHCHR) ධාරිතාව දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි රැස්කිරීමට සහ සංරක්ෂණය කිරීමට, දීර්ඝ කිරීමට සහ ශක්තිමත් කිරීමටය. මෙය වගවීම ඉදිරියට ගෙනයෑමට සහ තම අධිකරණ බල සීමාවන් තුළ යුද අපරාධ නඩු පැවරීමට ඉඩ සලසන නීති ඇති රටවල අධිකරණ ක්‍රියාදාමයන්ට සහාය වීම අරමුණු කරගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් ප්‍රමුඛ ආණ්ඩු දෙකම මෙම යෝජනාවට දැඩි ලෙස විරුද්ධ විය. එහෙත් ඔවුන් ඉදිරිපත් කළ නීතිමය තර්ක සහ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු වී ඇති බව පෙන්වීමට ඔවුන් ඉදිරිපත් කළ සාක්ෂි එක්සත් ජාතීන්ගේ පද්ධතියේ ප්‍රවේශය වෙනස් කර නැත.

කෙසේවෙතත්, මෙවර තත්ත්වය වෙනස් විය හැකි අතර ශ්‍රී ලංකා පාලනය වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දැක්විය හැකිය. 2009 දී ආරම්භ වූ ශ්‍රී ලංකාව පිළිබඳ UNHRC යෝජනා පළමු වරට මතු වූ දා සිට, යුද්ධය අතරතුර සිදුවූ අතිශයෝක්තීන්ට සහභාගී වූ බවට චෝදනා කළ නොහැකි සාමාජිකයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් ශ්‍රී ලංකාවට ඇත. වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් ආරක්ෂක හමුදා යෙදවීම සහ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් තීරණ ගත හැකි බලය ඇති තනතුරුවල සිටියේ නැත. ඔවුන් අමාත්‍ය ධුර දැරූ එකම කාලය වූයේ 2004-2005 කාලය තුළ නෝර්වේ මැදිහත්වීමෙන් සිදුකෙරුණු සටන්විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ සහ පාර්ශ්වයන් අතර සන්නද්ධ ගැටුම් තාවකාලිකව නතර වූ කාලයයි. එම කාලය තුළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරය දැරීය.

සාර්ථකත්ව කතාව

2022 වසරේ UNHRC 51/1 යෝජනා සම්මය වසර දෙකක කාලයක් සඳහා වූ අතර, එය මෙම මස අවසන් වේ. එහි නිර්දේශ බොහොමයක් තවමත් ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කර නොමැති අවස්ථාවක බටහිර රටවල කණ්ඩායම එය කල් ඉකුත්වීමට ඉඩ නොදෙන බවට සහතික වී ඇත. ඔවුන් විසින් සංසරණය කර ඇති කෙටුම්පත් යෝජනාවක් මගින් පෙර වැඩසටහනට එක් අවුරුදු දීර්ඝ කිරීමක් ඉල්ලා සිටී. “මානව හිමිකම් කවුන්සිල 51/1 යෝජනා සම්මතය මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ බලතල සහ සියලු ඉල්ලා ඇති කාර්යයන් දීර්ඝ කිරීමට තීරණය කරන අතර, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් 58 වන සැසිවාරයේදී වාචික යාවත්කාලීන කිරීමක් සහ 60 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳ ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර, එය අන්තර් ක්‍රියාකාරී සංවාදයකදී සාකච්ඡා කෙරේ.” යනුවෙන් එහි සඳහන් වේ.

පෙර ආණ්ඩු දෙක විසින් ගනු ලැබූ ගැටුම්කාරී මාවත දිගටම ගෙන යෑම වෙනුවට, නව ආණ්ඩුවට ඇති විකල්පයක් වනුයේ යෝජනාවේ විධිවිධාන අධ්‍යයනය කිරීමට, වර්තමාන ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය තහවුරු කර ගැනීමට සහ ඊළඟ වසරේ ක්‍රියාත්මක කළ හැකි දේ සොයාබැලීමට කාලය අවශ්‍ය බව පිළිබඳ ස්ථාවරයක් ගැනීමයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් මෙන්, දිසානායක පාලනයට UNHRC හි ඊළඟ හෝ පසු සැසිවාරවලදී යෝජනාවට සංශෝධන යෝජනා කරන බවට ස්ථාවරයක් ගත හැකිය. ශ්‍රී ලංකාවට සහ UNHRC යන දෙපාර්ශවයටම එකඟ වියහැකි යෝජනාවක් වීම ආදර්ශවත් වනු ඇත. ජනාධිපතිවරණයෙන් පසු සිදු වූ සාමකාමී බලය පැවරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි සැළකියව යුතු යහපත් අදහසක් ඇති වී තිබේ.

පෙර පාලනයන් විසින් ආරම්භ කරන ලද නමුත් ඉදිරියට ගෙන නොගිය ජාතික සමගිය ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට නව පාලනයට ඇති හැකියාව ද නව රජයේ විශ්වසනීයත්වයට එක්වනු ඇත. එක්සත් ජනපද මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස විසින් සංවිධානය කරන ලද අසහිෂ්ණුතාවයඅන් මත වලට ඉඩදීමට ඇති අකමැත්ත ඉවත්කිරීම, වෛරී අපරාධ සහ ඉස්ලාම් භීතිකාව වැළැක්වීම පිළිබඳ අතුරු සිදුවීමකදී ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය විසින් කරන ලද ධනාත්මක කාර්යය සඳහා විශේෂ පිළිගැනීමක් හිමිවිය. රටේ නව නායකත්වය යටතේ, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ප්‍රමිතීන් බිඳවැටීමෙන් වැඩි වැඩියෙන් කරදරයට පත්වන ලෝකයක, හෘදය සාක්ෂියේ හඬ වීමේ විභවයක් ඇති අතර, එය ආපසු හැරවිය යුතු අතර, ශ්‍රී ලංකාවට ඒ සඳහා සිය දායකත්වය ලබා දිය හැකිය.

Latest comments

  • 0
    0

    ජනාධිපතිවරණයෙන් පසු සාමකාමී බල හුවමාරුව හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ක්‍රමය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකිය යුතු ධනාත්මක ආකල්පයක් ඇති වී තිබේ.

    AKD කණ්ඩායමට රටට යහපතක් වන හොඳම දේ වෙත ළඟා වීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. කෙසේ වෙතත්, AKD සමූහයට කිසිදු ආකාරයක පෙර අත්දැකීම් නොමැතිකම, ඔවුන් ඔවුන්ගේ උපරිමය කරනු ඇතැයි අපි අපේක්ෂා කළත්, එය වෙනත් දිශාවකට යා හැකිය. අගමැති ලෙස තේරී පත් වූ ආචාර්ය එච්.ඒ පවා ජාත්‍යන්තර සබඳතාවල ඇති සරල ආකාරයේ ගැටලු විසඳන බවක් පෙනෙන්නට නැත. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු සබඳතා සම්බන්ධයෙන් NPP ප්‍රමුඛ gvt විසින් මතු කරන ලද තීරණාත්මක ප්‍රශ්නයට Dr HA ප්‍රතිචාර දැක්වූ ආකාරය PE පෙර AKD ගේ නිල සංචාරයෙන් ඔප්පු විය.

  • 0
    0

    ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි ජනවරම ලබාදී, ඉහළ පොරොන්දු දී ඔවුන්ට වාසිදායක ලෙස නව ව්‍යවස්ථා සංශෝධන සිදු කළත් ඔවුන් අවසානයේ කළේ ගෝඨා අරගලයෙන් එළවා දැමීමයි. වත්මන් වාමාංශික රජයට සැබෑ වෙනස්කම් කළ හැකි වුවද, ලෝකයෙන් පිටත නව විරුද්ධවාදීන් බවට පත් කිරීමට ඔවුන් විශ්වාස කරන්නේ කෙසේද? ශ්‍රී ලාංකේය දේශපාලනය මුළුමනින්ම රඳා පවතින්නේ දිවංගත ගරු අමාත්‍යවරුන් වන කදිරගාමර් සහ සමරවීර මැතිතුමා කළාක් මෙන් ඔවුන්ගේ බාහිර දේශපාලනය නිසි ලෙස තුලනය වීම මත ය. කෙසේ වෙතත්, වත්මන් අපේක්ෂකයින්, ජාත්‍යන්තර ප්‍රජාවට ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට ඉඩ දෙන්නේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ “මාක්ස්වාදී-ලෙනින්වාදී චින්තනය” සමඟ තරමක් විවේචනාත්මක වනු ඇත.
    ඉතින්, AKD වේදිකාවේදී පොරොන්දු වූ පරිදි නිර්භීත ප්‍රතිචාර නොදැක්වූ ආකාරය, වත්මන් කුඩා කැබිනට් මණ්ඩලයේ සහ පරිපාලනයේ (බලධාරීන්ගේ) ඔහුගේ පත්වීම් ගැන බලන විට මම තරමක් අශුභවාදී ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.