28 April, 2024

Blog

උතුරේ සහ දකුණේ නැගී එන ජාතිකවාදයන්

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ශිවඥානම් ශ්‍රීධරන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ(ITAK) සභාපති ලෙස තේරී පත්වීමෙන් දෙමළ ජාතිකවාදය නැවත කරළියට පැමිණීමේ හැකියාව පවතී. ITAK යනු මෙරට විශාලතම දෙමළ දේශපාලන පක්ෂයයි. මේ වන විට බෙදීමට ලක්ව ඇති දෙමළ ජාතික සන්ධානයේ(TNA) පදනම වන්නේ එයයි. TNA යනු එල්ටීටීඊ යුගයේ අවසාන අදියරේදී නිර්මාණය වූ දෙමළ දේශපාලන පක්ෂවල සන්ධානයක් වන අතර, එය ඉන් පසුවද අඛණ්ඩව ක්‍රියාත්මක විය. කෙසේවෙතත්, ITAK හි නව සභාපතිවරයා, එම තනතුර වෙනුවෙන් පැවැති ඡන්දය විශිෂ්ඨ ලෙස ජයගත්තේ නැත. ප්‍රධාන ධාරාවේ ජාතික දේශපාලනයේ වඩා විශාල කාර්යභාරයක් ඉටුකරන ඔහුගේ ප්‍රතිවාදියා සියයට 43කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. සංවාදයේ සහ නවාතැන් ගැනීමේ මාවත බැහැර නොකළ යුතු බවට දෙමළ ප්‍රජාව තුළ ඇති අවබෝධය මෙයින් පිළිබිඹු වේ. එල්.ටී.ටී.ඊ. යේ සම්පූර්ණ යුදමය පරාජය, ඔවුන්ගේ නොසැලෙන මාවතේ සහ වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ ඉලක්කයට දැඩි ලෙස අනුගතවීම, ඉතා මිල අධික වූවක් මිස, බොහෝ අය නැවත අනුගමනය කිරීමට කැමති මාවතක් නොවන බව මින් ඔප්පු විය.

අලුතින් තේරී පත් වූ ITAK නායකයාගේ මූලික ප්‍රකාශයන් දෙමළ ජාතිකවාදය මත පදනම් වූ දැඩි ස්ථාවරයක් යෝජනා කරයි. එල්ටීටීඊයට පෙරාතුව සහ එහි අවසානයෙන් පසුවද පවතින දෙමළ ජාතිකවාදය, අවශ්‍යයෙන්ම වෙනම රාජ්‍යයක් වෙනුවෙන් නොවන නමුත්, එය ෆෙඩරල්වාදය සහ බලය බෙදාගැනීමේ වෙනත් ප්‍රභේද සමඟ අනුකූල වේ. නායකත්ව තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රීධරන්ගේ පළමු සංචාරය වූයේ, එල්.ටී.ටී.ඊ. සුසාන භූමියකට ගොස් මියගිය සටන්කාමීන්ට ගෞරව දැක්වීමයි. ඉන් ඉක්බිතිව සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසන ලද්දේ, “එල්ටීටීඊයට එරෙහිව අදහස් හෝ වැරදි වැටහීම් ඇති සමහරෙක් අප අතර සිටිය හැකියි. අපේ මහා සභා මන්ත්‍රීවරුන් වැඩිදෙනෙක් මට ඡන්දය දීලා තියෙනවා අඩු වැඩි වශයෙන් 184ක්. මෙයින් අදහස් කරන්නේ ඔවුන් මගේ මතවාදයට සහාය දෙන බවයි. වෙනත් වචනවලින් කිවහොත්, පක්ෂයේ ප්‍රධාන ශක්තිය දෙමළ ජාතිකවාදයයි. එය ආරම්භ විය යුත්තේ, දිවංගත ඊළාම් ජාතික විමුක්ති සටන්කාමීන්ගේ සොහොන් බිමෙන් බව ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.”

පක්ෂ නායකත්වයට පත්වීමෙන් අනතුරුව ශ්‍රීධරන් සිදුකළ කතා අතරතුර, ෆෙඩරල්වාදය සහ උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් අනාගත දැක්ම සකස් කර, දෙමළ අභිලාෂයන් සපුරාලීමට 13 වැනි සංශෝධනය ප්‍රමාණවත් නොවන බවට වන සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. මෙම හැඟීම් සිංහල බහුතරය සමග ගැටුමක් අවුළුවාලීමේ හැකියාව පවතින අතර, ITAK නායකයාගේ දැක්ම දෙමළ දේශපාලනය තුළද කම්පනයක් නිර්මාණය කර ඇත. වත්මන් නායකත්වය ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍යය සහ එහි දේශපාලන නායකයන් විසින් ජනතාව පීඩාවට හා නොසළකා හැරීමට ලක්කෙරෙන බවට ප්‍රබල හැඟීමක් ඇත. අරගලය විරෝධතා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනපේක්ෂිත ලෙස බලයට පත්වීම හරහා වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළේය. දේශපාලනයේ කිසිදා ජාතිවාදය ප්‍රකාශ නොකළ දේශපාලන නායකයෙකු ලෙස, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් වසර (මේ සතියේ අවසන් වන) වන විට දේශපාලන විසඳුමක් තුළින් ජනවාර්ගික ගැටුම විසඳන බවට ජනාධිපතිවරයා ලබාදී ඇති නිර්භීත පොරොන්දුව ධණාත්මක අදහසක් ලෙස සැළකේ. අවම වශයෙන්, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි බවට ජනාධිපතිවරයා කළ යෝජනාවේ අවංක බවක් පෙනෙන්නට තිබිණි.

පාලනයේ පාර්ශවකරුවෝ

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් කරනු ලබන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යය පළාත්වලට බලතල බෙදාහැරීමේ දී ඉදිරියට ගොස් ඇති බවයි. එවැන්නක් යෝජනා වූයේ එවකට රජයට එල්ල වූ දැඩි ඉන්දීය පීඩනයට වඩා, ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් එය විශ්වාස කළ නිසාය. ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ඉන්දියාවේ මෙන් කිසි දිනෙක එහි පූර්ණ ශක්‍යතාවට ළඟා වී නැත. මෙම ක්‍රමයම විශාල පරිමාණයෙන් වුවද ඉන්දියාව විවිධත්වයේ එකමුතුකම ඇති, ලෝකයේ මහා ආර්ථික බලවතකු බවට පත්කිරීමට උපකාරී වී ඇත. ආර්ථික කාර්යක්ෂමතාවය මත 13 වැනි සංශෝධනය සාධාරණීකරණය කළයුතු බවට පොදු වැරදි වැටහීමක් පවතී. එබැවින් මධ්‍යම රජය තුළ සිටින ඉදිරි පෙළ රාජ්‍ය බලධාරීන්ට බලය විමධ්‍යගත කළයුතු බව හෝ ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා වැනි කුඩා පළාත් පාලන ආයතනවලට පමණක් බලය විමධ්‍යගත කළ යුතු බව පෙනීයයි. කෙසේවෙතත්, ආර්ථික අකාර්යක්ෂමතාවය මත පළාත් සභා ක්‍රමය ඉවත් කිරීමේ ලංසුව වලංගු නැත.

විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු, හිටපු ජනාධිපති ලේකම්වරයකු සහ ආරක්ෂක ලේකම්වරයකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මෙසේ ලියා ඇත. “2023 දී සියලුම පළාත් සභා සඳහා මුළු පුනරාවර්තන වියදම් අවශ්‍යතාවය රුපියල් බිලියන 485.25 ක් වන අතර, ඉන් රුපියල් බිලියන 391.75ක් ලබාදී ඇත. මුළු ප්‍රාග්ධන වියදම් අවශ්‍යතාවය රුපියල් බිලියන 167 ක් වන අතර, ඉන් රුපියල් බිලියන 37ක් ලබාදී තිබේ. පළාත් සභාවල මුළු ප්‍රාග්ධන වියදම් අවශ්‍යතාවයෙන් 22.1% ක සැපයුමක් පමණක් මෙලෙස ලබාදීමෙන් පළාත් සංවර්ධනය කාර්යක්‍ෂම හා ඵලදායී බවට පත්කරනු ඇතැයි සිතීම විකාරයකි.” ශ්‍රී ලංකාව තුළ බලය බෙදීමට අවශ්‍ය මූලික හේතුව මෙයින් ඉස්මතු වේ. බලය බෙදීමකින් තොරව, රටේ සෑම ප්‍රදේශයකම වාර්ගික හා ආගමික සුළුතරය, එම ප්‍රදේශවල ජනවාර්ගික බහුතරයේ අනුකම්පාව යටතේ වාසය කරති. මූල්‍ය බලය බෙදීම ඇතුළත් බලය බෙදීමක් සිදුවුවහොත් දෙමළ සහ මුස්ලිම් සුළු ජාතීන්ට ඔවුන් බහුතරයක් සිටින ප්‍රදේශවල තීරණ ගැනීමේ බලය හිමිවේ. එසේ වුවහොත් ඔවුන් ද රට පාලනයේ කොටස්කරුවන් බවට පත් වනු ඇත.

වර්තමානයේ පවතින අවාසනාවන්ත ලක්ෂණයක් වන්නේ, පසුගිය වසර පහක් හෝ ඊට වැඩි කාලයක සිට සමස්ත පළාත් සභා ක්‍රමයම අත්හිටුවා තිබීමයි. කිසිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදු නොකළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම හැරුණු විට, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ක්‍රියාත්මක වන්නේ ආකෘතියක් ලෙස මිස සැබෑ ලෙසකින් නොවේ. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම කිසිදා සිදුනොවීය. පළාත් සභා මැතිවරණ කල්දැමීම නිසා 13 වැනි සංශෝධනය පළාත් සභා හරහා ක්‍රියාත්මක වී නැත. මෙවැන්නක් සිදුව ඇත්තේ, සුළුතර වාර්ගික සහ ආගමික කොටස්වලට බලය බෙදාහැරීමට කිසිදු සම්බන්ධයක් නැති පටු සහ පක්ෂග්‍රාහී දේශපාලන අවශ්‍යතා වෙනුවෙනි. 2018 දී, එවකට පැවැති ආණ්ඩුව, තමන් පරාජය විය හැකි යැයි හැඟෙන විට, ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනවරම බලහත්කාරයෙන් රඳවා තබාගෙන, ඔවුන්ගේ දුර්වලකම හෙළිකරන කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට සරලව තීරණය කළේය. මේ වන විටත් එවැනිම තත්ත්වයක් පවතින අතර, පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව අවලංගු කිරීමටද කටයුතු කරමින් ආණ්ඩුව පියවරක් ඉදිරියට ගොස් ඇත.

බලාපොරොත්තු සහගත සංඥා

මෙම තත්ත්වය යටතේ අලුතින් තේරී පත් වූ ITAK නායකයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දිගටම පවත්වාගෙන යෑමට කැමැත්තක් නොදක්වා, ඒ වෙනුවට ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටීම පුදුමයක් නොවේ. එහෙත් දෙමළ ජාතිකවාදය හිස ඔසවන්නේ වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම නිසා පමණක් නොවේ. අතුරුදන්වූවන්, මානව හිමිකම් විරෝධී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් සහ දෙමළ ජනයාට අයත් ඉඩම් පවරාගැනීම මෙන්ම ආපසු ලබානොදීම යන අතිශය සංවේදී මානුෂික ප්‍රශ්න විසඳීමට රජය අසමත් වීම ද ඊට හේතුවී ඇත. එසේම නැගෙනහිර පළාතේ දෙමළ ජනයාගේ සාම්ප්‍රදායිකව වගාකරන ලද ඉඩම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටද රජය අසමත් වීම ද තිබේ. මයිලතාමඩු – මාතවනෙයි කිරි ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ මෙන්ම පෞද්ගලිකවද සහතිකයක් ලබාදී, නියම අයිතිකරුවන්ට ඉඩම් ආපසු ලබාදීමට උපදෙස් ලබාදී ඇතත් කිසිවක් සිදුව නැත. මහේස්ත්‍රාත් උසාවිය, අභියාචනාධිකරණය ඇතුළු අධිකරණය සිංහල ගොවීන් නැවත සිය මුල් ස්ථානයට පැමිණිය යුතු බවට තීන්දු දෙන විට පවා, ඉහත කාරණය සම්බන්ධයෙන් කිසිවක් සිදුනොවේ.

පළපුරුදු සහ ප්‍රඥාවන්ත දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන සාමයට සහ සංහිඳියාවට අභියෝග මතුවන්නේ මේ අඳුරු තත්ත්වය තුළයි. ඇත්ත වශයෙන්ම බලාපොරොත්තුවේ සලකුණු තිබේ. එකක් නම්, රටට සහ ජනතාවට සිදුවන හානිය නොතකා, ජනතාව දිනාගැනීමටත්, එමගින් මැතිවරණ දිනාගැනීමටත්
සිංහල දේශපාලකයන් ජාතිකවාදය භාවිත කරන බවට, දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී ජන කොටස් අතර වර්ධනයවී ඇති වැඩි අවබෝධයයි. ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයට පත්වීම, රටේ වඩාත්ම ජාතිකවාදී රාජ්‍ය නායක කුලකයක පාලන සමය තුළ සිදුවීම අහම්බයක් නොවේ. ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ තරුණියන් මෙය තේරුම්ගත් බවක් පෙනෙන්නට තිබුණේ, ඔවුන් නැවත වරක් නොරැවටෙන බව ඔවුන්ගේ සටන් පාඨවලින් පැහැදිලි වූ බැවිනි.

ආර්ථික පරිහානිය ආරම්භ වී, ගෙවීගිය පසුගිය දෙවසර තුළ රටේ බහුතර සිංහල ප්‍රදේශයන්හි පටු වාර්ගික පදනම් වූ ජාතිකවාදය පිරිහෙමින් පවතින බවට දිරිගන්වන ලකුණු පහළ වී තිබේ. ජනවාර්ගික ගැටුම, මිලිටරිකරණය, දණ්ඩමුක්තිය, දුෂණය සහ ආර්ථික හා සමාජීය බිඳවැටීම අතර අන්තර් සම්බන්ධය වැඩි වැඩියෙන් මිනිසුන්ට දැකගත හැකිය. මෙම වර්ධනය වන හැඟීම, බලගතු බෞද්ධ පූජක පක්ෂයද සාම ව්‍යාපාරයට සහාය වීමට හේතු වී තිබේ. දෙමළ ඩයස්පෝරාවේ කොටසක් සමඟ ප්‍රමුඛ පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ගත් මූලිකත්වය නිසා, ඔවුන් එක්ව නිර්මාණය කළ හිමාල ප්‍රකාශනය එළිදැක්විණි. මෙම මුලපිරීම සඳහා සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් වන මහාචාර්ය පල්ලෙකන්ද රතනසාර හිමි සහ ආචාර්ය මාදම්පාගම අස්සජි හිමි නවදිල්ලි නුවරදී අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ නායකත්ව තනතුරු ලබාගැනීම වෙනුවෙන් පසුගියදා උපහාරයට ලක්කෙරිණි. මේ උදාවී ඇති සාමයේ සහ සංහිඳියාවේ විවරයන්, අතලොස්සකට පමණක් ප්‍රතිලාභ ලැබෙන දූෂණය සහ බලය අවභාවිතය පිටුදැක, රට එක්සේසත් කර, සියලු දෙනාගේම සුබසිද්ධිය සඳහා රට ගෙන යන පළපුරුදු බුද්ධිමත් දේශපාලන නායකයන් විසින් නිරීක්ෂණය කරනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    උතුරේ සහ දකුණේ ජාතිවාදී ක්‍රියාදාමයන් මේ ජාතිය විනාශ කළා. එය මේ රටේ ඉතිහාසය ගැන යම් දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට දැන් සත්‍යයකි. මේ රට තව තවත් දෙකඩ කළ යුද්ධයෙන් පසු රාජපක්ෂලාට මොළයක් ඇත්නම් තවත් බොහෝ දේ කළ හැකිය. අවාසනාවකට මෙන්, ඔවුන් කොල්ලකරුවන්ගේ ශූරයන් බවට පත් වූ අතර රටට පියාසර කළ ඊනියා චීන ආයෝජන හරහා ඔවුන්ගේ සාක්කු තර කර ගත්හ.
    .
    දැන් නැවත සිතා බැලීමට සහ පොදු ජයග්‍රහණ සඳහා එකතු වීමට කාලයයි. අතීතයේ නැති තරම් මිනිසුන් දුක් විඳිනවා. දැන් එය වඩාත් සම්බන්ධ වී ඇත්තේ ඕනෑම ගොදුරකට පහසුවෙන් හසු වීමට ඔවුන් වඩාත් ආක්‍රමණශීලීව තබා ගන්නා ජීවන වියදම සමඟ ය. දරිද්‍රතාවය වැඩියි, ඔවුන්ගේ ආකල්ප සමඟ මිනිසුන් වඩාත් නරක අතට හැරේ.
    සංගා බළකාය මේ රටේ ජාතිවාදීන්ගේ ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සහය දීම අවසන් කළ යුතුයි. අද වන විට ඔවුන්ගේ අනුගාමිකයින් විසින් ඔවුන්ට ලබා දෙන ස්ථානයට ඔවුන් අවසානයේ ගරු කළ යුතුය. එය නීතියට ඉහළින් පවතී. ඔවුන් නොසැලකිය යුතු කිසිවක් පමණක් නොව, ඔවුන් එය බැරෑරුම් ලෙස ගත යුතුය.
    මේ රට පාලනය කළ යුත්තේ බුද්ධාගමෙන් නොව අනාගමිකත්වයෙනි. එවිට දේශපාලනඥයන්ට නීති ක්‍රියාත්මක කිරීමට සහ යහපත් අනාගතයක් සඳහා මිනිසුන් සංවිධානය වීමට උපකාර වනු ඇත. නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවී, කිසිම රටක් හෝ ජාතියක් නිසි ලෙස පාලනය වී නැත, මන්ද මිනිසා යනු දැඩි නීතියක් හා සාමයක් නොමැති සතුන් වැනි බැවිනි.

  • 1
    0

    කිසියම් සුළු ලාභ ප්‍රයෝජන තකා ක්‍රියාත්මක වන ව්‍යාජ FB ගිණුම් 5000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති බවත්, ඔවුන්ගේ උත්සාහය අමූලික බොරු හරහා මහජන මතය වෙනස් කිරීම බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි. මෙයට ටික කලකට පෙර ඉන්ධන පිරවුම්හල්වල හිටපු කම්කරුවන් “මේ ජාතියට දියසේනාවක්” ලෙස පුම්බා ගත්තාක් මෙන් පහසු වාසි සඳහා ය: ආපසු හැරී බලන විට, ජවිපෙ-එන්පීපී ප්‍රයත්නයන් යම් යම් හේතූන් මත එම අෂ්ටාංගිකයින්ට හසු වේ.
    :
    කුලියට ගත්තු ගොඩක් අය දැන් අපරාධ ගොඩකට අහුවෙලා ඉන්න Z genzers විතරයි. ඒවායින් සමහරක් සහස්‍ර. සමස්තයක් ලෙස ගත් කල, මෙම තරුණ කණ්ඩායම් දෙකම ගෞරවය හා ගෞරවය ගැන එතරම් තැකීමක් නොකරනු ඇත. වැඩිහිටියන්ට ගරු කිරීම ගැන ඔවුන්ට කම් නැත. අද දිනෙන් දින වැඩිවන අපරාධකරුවන් නිසා අම්මලාට ආච්චිලාට පවා රිදෙනවා.
    AKD ප්‍රමුඛ කණ්ඩායම්වලට ඉක්මනින් සංගීතයට මුහුණ දීමට සිදුවනු ඇත, ඔහු ඔවුන් සයිබර් හි බඳවා ගන්නේ නම්, ඔහුට පිළිතුරු දීමට සිදුවනු ඇත. මම කතා කිරීමේ නිදහස සීමා කිරීමට විරුද්ධයි, නමුත් youtubers සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරන්නන්ට යම් ආකාරයක ආචාර ධර්ම මත පදනම් වූ මාර්ගෝපදේශ තිබිය යුතුය.
    ලෝක ආචාර ධර්ම කොමිසම මේ ගැන නිහඬව සිටීම ඉතාම අසාධාරණයි. අද youtube සමාගම (Google) මුළු ලෝකයම තම පාලනය යටතේ තබා ගැනීමට උපරිම බලතල ලබා දී ඇත. දිගු කාලීනව, සයිබර් අපරාධ වැඩි වනු ඇත, මන්ද එය මිනිසුන්ගේ මනෝභාවය ඉතා සූක්ෂම ලෙස ඉලක්ක කරන බැවින් සමහර විට ඔවුන් යූ ටියුබ් හෝ වෙනත් සමාජ මාධ්‍ය වේදිකා පිටුපස ඇත්තේ කුමක්දැයි නොදනී.

  • 1
    0

    1
    ශ්‍රී ලාංකේය බහුතරයේ මෝඩ අනුකම්පා විරහිත නමුත් අහිංසක සහ රැවටිලිකාර මානසිකත්වයට ආයාචනා කිරීමට පහසු උපක්‍රම
    .https://www.youtube.com/watch?v=XdpmIC_h5nU&list=RDXdpmIC_h5nU&start_radio=1
    1) ඔබ ජාතික ඇඳුමක් ඇඳගෙන රට පුරා සිටින බිම් මට්ටමේ මිනිසුන්ට පණිවිඩය ලබා දීමට උත්සාහ කළ යුතු අතර අපිරිසිදු සිංහල භාෂාවෙන් ජාතිය ඇමතීමට උත්සාහ කළ යුතුය. මේ සියල්ල පැටලී තිබුණේ රාජ්‍යය තුට්ටු දෙකට කොල්ල කෑ මහේන්ද්‍ර රාජපක්‍ෂ හෙවත් මහේන්ද්‍ර රාජපක්‍ෂ නමැති ජරාවටය.

    2) ඔබ නියම සිංහල බෞද්ධයෙක් කියන පණිවිඩය දෙන්න හැමදාම පන්සල් ලෙවකන්න ලෑස්ති වෙන්න. පුළුවන් නම් පන්සලේ පොළව ලෙවකන්න ලෑස්ති වෙන්න, මේ රටේ බිමට ආදරෙයි කියන්න. ඔබ ඔවුන් විසින් පිළිගන්නා බව පෙන්වීමට පෙරහැරක් හෝ උසස් මිනිසුන් සමඟ උසස් භික්ෂූන් වහන්සේලා වෙත ද පැමිණිය යුතුය.
    .
    TBD

    • 0
      0

      2
      3) පුරුෂාධිපත්‍යය පෙන්වීමට උඩු රැවුලක් සහ පිරිමි ආධිපත්‍යය සහිත මැර පෙනුමක් තිබිය යුතුය. හිතුමතේ ජීවිතය වැනි ප්‍රොක්ටොගෝනිස්ට්වාදීන් ග්‍රාමීය තිරිසනුන්ට වඩාත් ආකර්ෂණීය වනු ඇත. නිරීක්ෂකයින් එය නිවැරදිව කළ යුතුය, එසේ නොවුවහොත්, පණිවිඩය ග්‍රාමීය මනෝභාවයට විනිවිද නොයනු ඇත.
      .
      4) ඔබ දරුවන්ට ආදරය කරන බවත් ඔබ ආදර්ශවත් පුතුන් තිදෙනෙකු ඇති දැඩි කර ඇති බවත් මවා පෑමට ඔබ කුඩා දරුවන් ප්‍රසිද්ධියේ ස්පර්ශ කර සිප ගත යුතුය. තාරුණ්‍යයට හඬක් නැත්තක් මෙන් වැඩිහිටියන් ඉදිරියේ දණින් වැටෙන්නට ඔබ ජාතිය සූදානම් කළ යුතුයි. වචනයක්වත් කතා නොකරන දකුණේ ප්‍රදේශවල මෙය තවමත් සිදුවෙමින් පවතින නමුත් දෙමාපියන්ගේ අණට ගරු කරමින් ඔවුන් අද වැඩිහිටියෙකු ඉදිරියේ ඇද වැටේ

  • 2
    0

    BEWARE OF CHEATERS
    :
    https://www.youtube.com/watch?v=XdpmIC_h5nU&list=RDXdpmIC_h5nU&start_radio=1

    Easy tricks to appeal to the stupid ruthless but innocent and gullible mentality of the Sri Lankan majority.
    .
    1) You should wear a national dress and try to convey the message to the grassroots people across the country and address the nation in dirty Sinhala. All this was entangled with the scoundrel Mahendra Rajapaksa aka Mahendra Rajapaksa who looted the state.

    2) Get ready to lick temples every day to convey the message that you are a true Sinhala Buddhist. If you can, get ready to lick the floor of the temple and say you love the floor of this country. You should also come to the high bhikkhus with a procession or high people to show that you are accepted by them.
    .
    3) Must have a mustache and a male dominated thug look to show masculinity. Proctogonists like life at will will be more attractive to rural beasts. Observers must do it right, otherwise, the message will not penetrate the rural psyche.
    .
    4) You must touch and kiss small children in public to pretend that you love children and that you have raised three exemplary sons. You must prepare the nation to kneel before the elders as if the youth has no voice. This is still happening in the south, where no word is spoken, but today they bow before an elder, respecting the command of their parents.

  • 1
    0

    හිතවත් පාඨකයින්,
    අපේ සමහර විවේචකයෝ තමන්ගේ වාර්ගික ආකල්පවල එල්ලිලා අපේ ජාතියේ තව තවත් බෙදීම් ඇති කරන බව පේනවා. මේවා, මම විශ්වාස කරන පරිදි, බලධාරීන් නියමිත වේලාවට එය රැකබලා නොගතහොත් වර්ධනය විය හැකි කුඩා සුළුතරයකි.
    මැලේසියන්, සිංගප්පූරු සහ වෙනත් අයට එකම ජාතියක් ලෙස ජීවත් විය හැකි නම්, අපට එය පුරුදු කළ නොහැක්කේ ඇයි? මිනිස්සු එන්නෙ විසකුරු උරගයෝ, මුල් පදිංචි කාරයෝ කවුද, ඉස්සෙල්ලා ආපු අය වගේ මාතෘකා වලටමයි… මේ බෙදුණු ජාතියට සාමය උදා කරනවාට වඩා බෙදන මාතෘකා.

    දෙමළ කැරලිකරුවන් සහ ශ්‍රී ලංකා රජය අතර පැවති කුරිරු සිවිල් යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වී වසර 13ක් ගතවී ඇතත්, තිරසාර සාමය සහ සංහිඳියාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට අපොහොසත් වීම ගැන අපි ඉතා ඉහළින් කතා කරන අතර, සංහිඳියාව සඳහා කිසිවක් ඉටු වී නැති බව පෙනේ.
    විරුද්ධවාදීන් මර්දනය කිරීම උතුරු පළාත්වල සහ අපේ කුඩා දිවයිනේ දකුණේ කිහිප වතාවක් සිවිල් යුද්ධයකට තුඩු දුන් බව අපි හොඳින් දනිමු. ඇයි දෙයියනේ මිනිස්සු අද ඒක ආයෙත් දැකල තමන්ව නිවැරදි කරගන්නෙ නැත්තෙ? අපි සැවොම එකයි, මේ දිවයිනේ උපන් සැමට මේ රටේ පුරවැසියන් වන තුරු සමාන අයිතිවාසිකම්වලින් සැලකිය යුතුයි.

    ශිෂ්ට සම්පන්න සහ දියුණු රටවල, ඔවුන් ප්‍රසිද්ධියේ යුද්ධයට සම්බන්ධ දේවල් ගැන ඔවුන්ගේ කටවල් අපයෝජනය කිරීමට ඉඩ නොදෙන පොදු නීති ගෙන එයි. කෙසේ වුවද; අපාය, අපේ තේරී පත් වූ නීති සම්පාදකයින් එය බැරෑරුම් ලෙස සලකන බවක් නොපෙනේ.

  • 1
    0

    NPP ශ්‍රී ලංකාවේ මීළඟ පාලක පක්ෂය බවට පත්වුවහොත්, ඉන්දියාව ඔවුන්ව නැවතත් කොන් කරනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි, එය AKD ප්‍රමුඛ කණ්ඩායමට අද ඉන්දියාවට ආරාධනා කිරීමට ඉන්දියානුවන්ට හොඳම සහ වඩාත්ම හේතුව විය හැකිය. කෙසේ වෙතත්, එවැනි සංචාර සඳහා වෙනත් අයෙකු කැඳවනු ලැබුවහොත් ඔවුන් සැමවිටම අන් අය කෙරෙහි කැරලිකරුවන් මෙන් විය. ඔවුන් හැම විටම විවේචනය කළේ කුමක් අදහස් කළත්.

    අනික ඇයි දෙයියනේ විදේශ ජාතියක් විදියට ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕනේ?. ඔවුන්ගෙන් ආරාධනා ලැබීම ගැන AKD සතුටු වූ නමුත් රැඩිකල් ප්‍රතිසංස්කරණවාදීන් ලෙස ඔවුන් මාතෘ භූමියේ ජීවත් වන්නේ කෙසේදැයි නැවත සිතා බැලිය යුතුව තිබුණි.

    ඇත්ත වශයෙන්ම, ඉන්දියානුවන් ආරාධනා කිරීමට පෙර සිතා බැලිය යුතුය. ඉන්දියානුවන් ආක්රමණශීලී වන අතර ඔවුන් එය නැවතත් ඔප්පු කර ඇත. පෙර පැවති ඉන්දු ලංකා සාම ගිවිසුමට ඔවුන් එකඟ නොවූ ආකාරය යළිත් වරක් ඉන්දියානුවන් කැරලිකරුවන් ලෙස දැක්වෙන ජවිපෙ පින්තූරවලින් පෙනී ගියේය.
    මෙම සිදුවීම ඉන්දියාවේ/එක්සත් ජනපදයේ සැබෑ ස්වභාවය srianka කලාපයට වෙනස් කළේය.
    . ඔවුන්ට අනුව NPPs චීනයේ කොමියුනිස්ට් පක්ෂයට සමීප වේ. චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ආසන්නව ඉන්දියන් සාගරයට ඇතුළු වීමට කැමති බලවත් සතුරන් ය.
    .
    බංකොලොත් ජාතියක් වුවද, ශ්‍රී ලංකාව ආර්ථික හා අනෙකුත් සංවර්ධනය අතින් යෝධයෙකු සමඟ සටන් කරයි. කෙසේ වෙතත්, JVP සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලකයින් එය ඔවුන්ට වාසිදායක ලෙස අර්ථකථනය කරනු ඇත. ඉදිරි දිනවලදී ඇතැමුන් ලෝක දේශපාලනයේ සත්‍යයන් විග්‍රහ කරන බැවින් මෙම සංචාරය රට තුළ ධ්‍රැවීකරණ දෝංකාර දෙනු ඇත.
    එමෙන්ම පසුගිය මැතිවරණයට පෙර ගෝඨා පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින බවට අනාවැකි පළ වූ නමුත් අවසානයේ එය ඔවුන්ට එරෙහිව 5ට 3කට සීමා විය. ඔවුන් මේ සියලු වර්ධනයන් විශ්ලේෂණය කරන්නේ කෙසේද, මතය. ඒක ගොඩනැගෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. එය අවාසනාවන්ත ලෙස භූමියේ ඇති කරුණු සමඟ සත්‍ය නොවේ. ශ්‍රී ලංකා දේශපාලනයේ අභ්‍යන්තර කියවීම 1 සිට 1 දක්වා නිවැරදි නොවේ.

  • 1
    0

    යුද්ධයෙන් පසු ජර්මනිය ඔවුන්ගේ ආර්ථිකය, සමාජය, අධ්‍යාපනය සහ සෑම දෙයක්ම නැවත ගොඩනැගීමට එක්ව කටයුතු කළේය. ඇසට කඳුලක් ගෙනා කැඳ කෝප්පයකින් වැඩ කරන හැටි කියා දුන් පැරණි මහාචාර්යවරු, බුද්ධිමතුන් මට හමුවී ඇත.
    ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කුරිරු යුද්ධ හරහා තම ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමයි. වසර 13කට පෙර ග්‍රීසිය ඔවුන්ගේ ආර්ථික කඩාවැටීම ප්‍රකාශ කිරීමට ටික කලකට පෙර සිදු වූයේද එයමය. කෙසේ වෙතත්, ඔවුන්ගේ කප්පාදු සැලැස්මට ස්තූතිවන්ත වන අතර, ඔවුන් සූදානම් වේ.

    ඔවුන්ගේ වෛරය තුරන් කර රටේ ඵලදායිතාව ඉහළ නැංවීමට ශ්‍රී ලාංකේය ජාතිය තුළ මෙවැනි සදාචාර සංග්‍රහයක් ගොඩනැගිය යුතුය. ඊනියා ආගමික නායකයන් යම් යම් හේතු නිසා අවධානයෙන් බැහැරව සිටිති. වෙලාවේ අවශ්‍යතාවයක් නැතිව පැත්තකට වෙලා ජීවත් වෙනවා. අනාගතයේදී ඔවුන්ගේ අඩුපාඩුකම්වලට මුහුණ දීමට තරම් අපේ ජාතිය මෝරා නැතැයි මම සිතමි. අද වියට්නාමයේ පවතින ආර්ථික ප්‍රගතිය වන පොදු අරමුණක් සඳහා නව ආශ්වාදයන් හඳුන්වා දීම තුළින් ජාතිවාදය, සිංහල ආධිපත්‍යය, කුලභේද යුද්ධ ආදිය ලංකා සමාජයෙන් පන්නා දැමිය යුතුය.
    .
    එවිට තවත් ජයග්‍රහණ සඳහා සැබෑ ආශ්වාදයක් ලැබෙනු ඇත. සාමූහිකත්වය යුද්ධයේ අවසානය මත ක්‍රියා කර ඇති අතර ආර්ථික යුද්ධයේදීද එම න්‍යායන් යෙදිය යුතුය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රැකියා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව මට හැඟේ.
    .
    tbc

    • 1
      0

      cont.
      මේ රටේ පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ගොඩනඟා ගැනීමට සියලු පාර්ශ්ව එකතු වුණොත් තත්ත්වය වෙනස් වෙයි කියලා මම නිදහස් දිනයේදී බලාපොරොත්තු වුණා.

      එය යුගයේ අවශ්‍යතාවයකි; කොහොමත් හැමෝම එකම පින්සලෙන් තීන්ත ගෑවත් හැම පක්ෂයකම හොඳ දේශපාලකයෝ පොඩි කොටසක්වත් ඉන්නවා. ඒක තමයි ඇත්ත. මාධ්‍ය රණකාමීන් පතුරවන අමූලික බොරුවලින් ජාතිය නොමග යවමින් තිබේ. කෙසේ වෙතත්, ලින්කන්ගේ සමහර ප්රසිද්ධ ප්රකාශයන් පුරුද්දක් ලෙස සත්යය ආවරණය කරයි.
      .
      මිනිස්සු බුද්ධිමත් නම් අපිට මැතිවරණ අවශ්‍ය නැහැ. එංගලන්තයේ ඔවුන්ට ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැත, නමුත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජනතාව සහ ඔවුන්ගේ දේශපාලනඥයන් හොඳින් විනයගරුක බැවිනි. නමුත් ලංකාවේ උගතුන් ඉංග්‍රීසි සහ යුරෝපීයයන් දකින්නේ සතුරන් ලෙසය.
      කෙසේ වෙතත්, අපේ දේශපාලකයින් (ජනතා නියෝජිතයන්) සහ මිනිසුන් ශිෂ්ට සම්මතයන්ගෙන් ඈත්ව සිටින නමුත් සිංගප්පූරු වැසියන් මෙන් අහස ස්පර්ශ කිරීමට අපේක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම අපේක්ෂා කරන්නන්ගේ සිහින තුළ පවතී.xx

  • 1
    0

    ඉන්දියාව (බිලියන 1.4) සහ චීනය (බිලියන 1.3) 2030 වන විට ආර්ථික ශූරයන් වීමේ තරඟයේ ලෝක වේදිකාවේ ප්‍රතිවාදීන් වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රනිල් පසුගියදා DAVOS/Switzerland හිදී ලෝක ජාතීන්ට ආයාචනා කිරීම නිවැරදිය.
    ඔහුට අනුව එය සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ සියලුම රටවලට වලංගු විය යුතුය. ලෙබනනය සහ අනෙකුත් රටවල් හා සසඳන විට කෙටි කාලයක් තුළ ඔහුගේ කාර්යය ඉටු කිරීම සඳහා ඔහුට ගෞරවය හිමි විය. ශාපයකට මෙන්, මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති මාධ්‍යවල පවා ඇගයීමට ලක් නොවීය, මන්ද ඔහු මොළකාර මිනිසුන්ට වඩා මිනිස් තිරිසනුන්ගෙන් පිරුණු රටේ ජනප්‍රිය නොවන බැවිනි.
    එය එම සංසදයේ සමස්ත සංවර්ධනය වෙමින් පවතින ජාතීන් නියෝජනය කරන බුද්ධිමත් බ්ලැන්කට් ප්‍රකාශයක් වන අතර සමහර විදේශීය රූපවාහිනී මාධ්‍ය එය විස්තර කළේය. කුඩා රටවල්වල ආර්ථික නැගීමත් සමඟ කිසිම බලවත් ජාතියක් ඔවුන් වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින්නේ නැත. සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ නූගත් රස්තියාදු නායකයින් (රාජපක්ෂ) මෙය කලින් තේරුම් නොගත් අතර කොල්ලකාරී චීනයේ පහසු ගොදුරක් බවට පත්විය.

    tbc

  • 2
    0

    ඇමරිකානුවන් (බිලියන 0.3) ඉන්දියාවට සහය දක්වයි, නමුත් චීන ජාතිකයින්ට කුඩා රටවල් සහ රුසියාව සහාය දක්වයි. තායිලන්තය (මිලියන 72) යනු චයිනා ලේන් ය. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා නිදහස් දින ශ්‍රී ලංකාවට පැමිණීම ඉන්දීය රජයට ඊර්ෂ්‍යාවට හේතු විය.
    අද ශ්‍රී ලංකාව (මිලියන 22) ආර්ථික කඩාවැටීමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින අතර ඉන්දියාවේ අත්‍යවශ්‍ය සහයෝගය ප්‍රධාන දායකත්වයක් විය. ඔවුන්ගේ ගෞරවයට අපි ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි, කෙසේ වෙතත්, ඔවුන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රතිවිපාක සමඟ සෙල්ලම් නොකළ යුතුය.
    අද වන විට සෑම අපහසුතාවයකින්ම හුස්ම හිරකරමින් පිළිකාමය ස්වරූපයකට වැටී ඇති ශ්‍රී ලංකාව දෙසට දැවැන්ත නිර්ලජ්ජිත ඉන්දියානුවන් විසින් කරන ලද උමතු ආක්‍රමණයක් මම මගේ ඇස්වලින් දකිමි. එබැවින් රෝගියා සහ බිඳෙනසුලු තත්ත්වය තීරනාත්මක ය, කෙසේ වෙතත්, අතිමහත් බාහිර තර්ජන ද රෝගියා වෙත යොමු කරයි, භයානක තත්ත්වය අමානුෂික කිරීමකින් තොරව.
    .
    ශ්‍රී ලංකාව ඔවුන්ගේ සුව පහසු පාපන්දු ක්‍රීඩාව බවට පත්ව ඇත්තේ චීනයෙන් සහ ඉන්දියාවෙන් ලබා ගත් විශාල ණය නිසා ය. එම ණය ශ්‍රී ලංකාව දරිද්‍රතාවයට පත් කළ නමුත් සමහර පවුල් ධනවත් වූ අතර ඔවුන් තම පහසු මුදල් විදේශ බැංකු ගිණුම්වල තැන්පත් කළ නමුත් මේ සියල්ලට සහාය වූයේ ස්වයං-සාදන ලද මිනිස් පලිහකි: කෙසේ වෙතත්; ප්‍රමාද වැඩියි නමුත් ටිකෙන් ටික තේරෙනවා අපේ මිනිස්සු තමන්ගේ දේශපාලන බලලෝභීකමට සහ පාවාදීම්වලට හදපු රාජපක්ෂ ගැටයට අහුවෙන එක කොච්චර මෝඩ කමක්ද කියලා.

    අපි දැන් ඉන්නේ දූෂිත මිනිස් ස්වභාවය වගේ. මිනිස්සු තාම රනිල්ට, CBK වලට, නායකයන්ට විරුද්ධව සටන් කරන නමුත් මොන්ටිසෝරි මට්ටමින් පටන් ගන්න ඕන නොමේරූ බබාලා එක්ක එල්ලෙන්න හදනවා. කෙසේ වෙතත්, අරගලය සෑම තරාතිරමකම මිනිසුන්ට මූලික කරුණු ඉගැන්වූ පසු, “ඩී.ඒ. රාජපක්ෂගේ දුරාචාර පුත්‍රයින්” බලය ඩැහැගත් තිරිසනුන් ලෙස නිර්මාණය කළ ශ්‍රී ලංකා – ටහීටි විලාසිතාවට සාපේක්ෂව රට දැන් හොඳ තැනක සිටී. වසර 4 ක් සඳහා. .

  • 1
    0

    https://www.youtube.com/watch?v=iiyUHHX3kd0

    SRILANKA IS A COUNTRY FILLED WITH HUMAN BEASTS:

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.