මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නාර්ථය පහවගොස් නැත. එයට ඇති පිළිතුර දිගින් දිගටම කල්යමින් පවතී. අලුත්ම තත්වය වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකිරීම පිළිබඳව වූ අපැහැදිලි බව නැතිකිරීම සඳහා ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනයයි. ජනාධිපති ධුර කාලය අඩුකළ 19 වැනි සංශෝධනයේ නීත්යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය තුන්වතාවක් තහවුරු කර ඇත. මහාචාර්ය නිහාල් ජයවික්‍රම වැනි ශාස්ත්‍රාලික විශාරදයන් විමසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “අවුරුදු හයක්” යන වචන වෙනුවට “අවුරුදු පහක්” යන වචන ආදේශ කිරීම අරමුණු කරමින් පමණක්, වසර නවයකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ වෙනත් අධිකරණයකින් හෝ විනිශ්චය සභාවකින් හෝ පාර්ලිමේන්තුවේ හෝ වෙනත් කිසිදු වේදිකාවකදී කිසිදු ප්‍රශ්නයක් මතු නොකර, ආණ්ඩුව විසින් මෙම සංශෝධනය ගෙනඒමට යෝජනා කරන්නේ මන්දැයි යන්නයි.
කොළඹ සිදුකෙරෙන වෙනස්කම් උතුරේ ඡන්දදායකයන්ගේ පරිකල්පනය උද්දීපනය කිරීමට සමත්ව නැත. ඔවුන් ඒ ගැන අවම උනන්දුවක් දක්වන්නේ එය ඔවුන්ගේ පාලනයෙන් බැහැර කාරණයක් නිසා විය හැකිය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සහ දෙමළ ඩයස්පෝරාවේ කොටසක් විසින් අත්සන් කරන ලද ‘හිමාලය ප්‍රකාශය’ නම් ලියවිල්ලකින් අවසන් වූ සංවාද ක්‍රියාවලියකට නායකත්වය දුන් කළුපහන පියරතන හිමි සහ විශාකා ධර්මදාස සමඟ මම උතුරේ දින තුනක්, වවුනියාව, යාපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ගතකළෙමි. රට තුළ දීර්ඝ කාලීනව උග්‍ර වෙමින් පවතින වාර්ගික ගැටුමට අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් ලබාගත හැකි නමුත්, විශාල සංවාද ක්‍රියාවලියක් හරහා සංශෝධනය කළ යුතු, සකස් කළ යුතු සහ සංවර්ධනය කළ යුතු මූලික ප්‍රතිපත්ති කිහිපයක් මෙම ලියවිල්ල මගින් දක්වා ඇත.
උතුරේ ගතකළ දින තුන තුළ සිවිල් සමාජ සාමාජිකයන්, ක්‍රියාකාරීන් සහ විද්වතුන් සැළකිව යුතු සංඛ්‍යාවක් අප හමුවිය. ජාතික සංහිඳියාව සහ සාධාරණ හා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සඳහා වන ඉදිරි මාවත පිළිබඳ සාකච්ඡා කිරීමේදී බොහෝදෙනා තුළ යහපත් ආකල්ප මෙන්ම යම් ආශාවක් ද පවතින බව දැකගත හැකිවිය. තමන් සංහිඳියාවට සූදානම් නමුත් රජය සහ දකුණ ඉදිරිපත් කරන්නේ කුමක් දැයි දැනගැනීමට අවශ්‍ය බව ඔවුහු පැවසූහ. දකුණේ උනන්දුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය මුලාවන් ගැන ඔවුන් උනන්දු නොවීම කැපීපෙනේ.
ෆෙඩරල් විකල්පය
උතුරේ බුද්ධිමතුන් මේ වන විට පොරබදමින් සිටින ප්‍රශ්නය වන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයකු පැමිණීමට සහාය දෙනවාද නැද්ද යන ගැටලුවයි. දෙමළ කතාකරන ජනතාව අතිමහත් බහුතරයක් වෙසෙන උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය ඉල්ලා ඉදිරිපත් කරන දෙමළ අපේක්ෂකයකුට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ නොහැකි බව එම පියවරට පක්ෂපාතීහුද දනිති. මෙම ව්‍යායාමයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ දෙමළ ජනතාව ෆෙඩරල් මූලධර්ම මත පදනම් වූ දේශපාලන විසඳුමක අපේක්ෂාව අත්හැර නැති බවට ජාතික දේශපාලනයට සහ විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාවට පණිවිඩයක් ලබාදීමයි. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනා වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන තිදෙනාම මෙම දෙමළ ජාතික අපේක්ෂාවට විවිධ ස්වරූපවලින් යම් පිළිතුරු ලබාදී ඇත්තේ බලය බෙදීමක් ඇති කළ, දැනට ක්‍රියා විරහිතව පවතින, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහාය.
රට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා දශකයකටත් අඩු කාලයකින්, දෙමළ දේශපාලනය උතුර සහ නැගෙනහිර බහුතරයක් දෙමළ කතාකරන ජනතාවට රටේ එම ප්‍රදේශය සඳහා නීති සම්පාදනය කිරීමේ බලය ලබාදෙන ෆෙඩරල් පාලන ක්‍රමයක් තෝරාගත්තේය. ඔවුන් එසේ කළේ පුරවැසිභාවය (මෑත ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයාගේ) සහ භාෂා සමානාත්මතාව (දෙමළ හා මුස්ලිම්) යන අයිතිවාසිකම් උදුරා ගත් ස්ථිර වාර්ගික බහුතරයේ පාර්ලිමේන්තු ශක්තියට මුහුණදුන් පාර්ලිමේන්තුවේ පරාජයන් වැලකින් පසුවය. ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂකයා උතුර නැගෙනහිර දෙමළ ඡන්දවලින් ඉහළ ප්‍රතිශතයක් ලබාගන්නේ නම්, එය ෆෙඩරල් විසඳුමක් සඳහා වූ අඛණ්ඩ අපේක්ෂාව පිළිබඳ සාක්ෂියක් වනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ බලය බෙදාගැනීමේ ක්‍රමයක් පවතින ෆෙඩරල් පාලන ව්‍යුහයක් වත්මන් පළාත් සභා ක්‍රමයට වඩා වෙනස්වනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත් අයගේ දේශපාලන ස්වාර්ථය නිසා වසර පහකට අධික කාලයක් පළාත් සභා අක්‍රිය වී ඇත.
දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට දෙවැනි හේතුව වන්නේ දෙමළ දේශපාලනයේ දැනට පවතින බෙදීම් ය. විවිධ දෙමළ දේශපාලන පක්ෂ එක්වී ගොඩනැගුණු දේශපාලන සන්ධාන දැන් අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත. දේශපාලන භේදය තම නායකත්වය හෝ ප්‍රතිපත්ති තීරණය කිරීමට නොහැකි දේශපාලන පක්‍ෂ තුළට ද ව්‍යාප්ත වී ඇත. බෙදුණු දෙමළ දේශපාලනය එක්සත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි පොදු අපේක්ෂකයකු සෙවීම සඳහා වර්තමානයේ සිවිල් සමාජ සංවිධාන සහ කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් බලමුලු ගැන්වීමට සිවිල් සමාජ නායකයන් පෙළඹී ඇත. කෙසේවෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් විවේචනාත්මකව ලියා ඇති වී. තණබාලසිංහම්ට අනුව, “පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්‍ෂ අතර පමණක් නොව එක් එක් පක්‍ෂය තුළ ද පරස්පර අදහස් තිබේ. දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසට සහයෝගය ලබාගැනීම සඳහා සම්මන්ත්‍රණ මුලින්ම සංවිධානය කරන ලද්දේ ‘මක්කල් මනු’ (ජනතා පෙත්සම) නම් සිවිල් සමාජ සංවිධානය විසිනි. මේ වන විට ‘තමිල් මක්කල් පොදුබයි’ (දෙමළ මහජන මහා සභාව) නම් නව සිවිල් සමාජ සංවිධානයක් එම ව්‍යාපාරය දැඩි ලෙස මෙහෙයවමින් සිටියි.
ෆොක්ස් ගිවිසුම
පොදු දෙමළ අපේක්ෂකයකුගේ විකල්පය උතුරේ ඒකමතික තීරණයක් නොවේ. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඒකමතිකභාවයක් නොපවතින අතර, ඒ වෙනුවට විවිධත්වය සහ වෙනස්කම් පවතී. ඒවා කළමනාකරණය කළ යුතු අතර එමඟින් ඒවා දුර්වලතා වෙනුවට ශක්තීන් බවට පත්වේ. සුදුසු දෙමළ පොදු අපේක්ෂකයකු විය හැක්කේ කවුරුන්ද යන්න සහ අපේක්ෂකයා සුදුසුකම් සහිත සහ ඡන්දදායකයන්ට ආකර්ශනීය කරවන අවශ්‍ය ගුණාංග හා ප්‍රතිපත්ති සහිත විය යුතු බව පිළිබඳව විවිධ මත තිබේ. එවැනි අපේක්ෂකයන් කිහිපදෙනෙකු දැනටමත් තෝරාගැනීම සඳහා අදහස් ඉදිරිපත් වී ඇත. මෙම කාරණය සම්බන්ධයෙන් දැනට සම්මුතියක් නොමැති අතර එය අවසානයේ එක්සත් වීමට වඩා භේදකාරී වීමට වඩා ඉඩකඩ ඇත. පොදු අපේක්ෂකයා සැළකිව යුතු ජනතා සහයෝගයක් ලබාගන්නේ නම්, ඔවුන් එම චරිතය දෙමළ ජනතාවගේ අනාගත නායකයකු ලෙස සැළකිව හැකිය. දැනට සිටින දෙමළ දේශපාලන නායකයන්ට එවැනි ප්‍රතිඵලයක් ගැන කනස්සල්ලක් තිබිය හැක. සමහර දෙමළ දේශපාලන පක්ෂ පොදු අපේක්ෂක සංකල්පය ගැන කල්පනාකාරීව සිටින්නේ එබැවිනි.
එළැඹෙන ජනාධිපතිවරණය විශේෂ වන්නේ, එය ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ ජාතිවාදී හෝ ජාතිකවාදී කයිවාරුවලින් තොර බව පෙනෙන්නට තිබෙන නිසාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අන්තර් වාර්ගික හා අන්තර් ආගමික සබඳතා සම්බන්ධයෙන් හොඳ වාර්තා පවත්වාගෙන ගොස් ඇත. ඔවුන් සිය දේශනවලදී හෝ ක්‍රියාවන්හිදී සුළු වාර්ගික සහ ආගමික කොටස් ඉලක්ක කර නැත. පසුගිය මාස කිහිපය තුළ, සුබසාධනයට සහ සංවර්ධනයට දායකවීමට අවශ්‍ය ගුණාංග ඔවුන් සතුව ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස ඔවුන් නැවත නැවතත් උතුරට හා නැගෙනහිරට ගොස් ඇත. දෙමළ පොදු අපේක්ෂකයකු සිටීමෙන් අදහස් වන්නේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ඡන්දදායකයාට රටේ මීළඟ ජනාධිපති බවට පත්වන අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ විකල්පය අහිමි වන බවයි. තේරී පත්වන ජනාධිපතිවරයා ජනතාවගේ සුබසාධනය සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට වඩාත්ම බලගැන්වෙනු ඇති අතර උතුර සහ නැගෙනහිර ඡන්දදායකයන් ඔහු කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සඳහා ඔහුව වඩාත් පොළඹවනු ඇත.
මෙම සන්දර්භය තුළ සළකා බැලිය යුතු වෙනත් විකල්පයක් වනුයේ, දෙමළ සිවිල් සමාජය විසින් එක් එක් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනා වෙත බලපෑම් කිරීම සහ ඔවුන්ගේ ප්‍රමුඛතා අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ඇතුළත් කිරීම සහතික කිරීමයි. මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් එම ප්‍රමුඛතා ක්‍රියාවට නැංවීම සඳහා සහාය ලබාදෙන බවට එක් එක් අපේක්ෂකයා විසින් ලබාදෙන ප්‍රතිඥාවක් ද මෙයට ඇතුළත් කළ යුතුය. එල්ටීටීඊය සමඟ සාම සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම සඳහා 1997 දී එක්සත් රාජධානියේ නියෝජ්‍ය විදේශ ඇමැති ආචාර්ය ලියම් ෆොක්ස් විසින් මැදිහත් වූ ගිවිසුම ඔස්සේ, එවැනි ගිවිසුමක් සඳහා ශ්‍රී ලංකාවට පූර්වාදර්ශයක් සපයාගත හැක. එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ (එවකට විපක්ෂ නායක) යන දෙදෙනාම ගිවිසුමට අත්සන් කළහ. “…ආණ්ඩුවේ සිටින්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රතිඋපකාර කරනු ඇත; ජනවාර්ගික ගැටුම විසඳීමේ අරමුණින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ඇතුළු වෙනත් කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු අතර ආණ්ඩුවේ සිටින පක්ෂය අතර සිදුකෙරෙන කිසිදු සාකච්ඡාවක් හෝ ගනු ලබන තීරණ විපක්ෂයේ පක්ෂය විසින් වළක්වනු නොලැබේ…”
එකල විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මෙම ගිවිසුම ශ්‍රී ලංකාව තුළ සාමය ඇති කිරීමට වැදගත් සහ වටිනා පියවරක් ලෙස හැඳින්වූ අතර “මෙය දිගු මාවතක එක් පියවරක්” බව පැවසීය. මාර්ගය ඇත්තෙන්ම දිගු වූ අතර, ගමන අසාර්ථක ලෙස අවසන් වූ නමුත් එතැන් සිට ශ්‍රී ලංකාව සහ එහි ජනතාව බොහෝ දුර පැමිණ ඇත. ආර්ථික අර්බුදය සහ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉල්ලා සිටි සහ දිගින් දිගටම ඉල්ලා සිටින ‘අරගලය’ ව්‍යාපාරය හේතුවෙන් වර්තමානය වන විට උතුරේ සහ රටේ සෙසු ප්‍රදේශවල ජනතාව සුවිශේෂී වෙනසක් සඳහා වඩා විවෘත්තව සිටිති. මෙය හොඳම භාවිතයන්ගෙන් උකහාගන්නා සහ අතීත අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගන්නා නව මුලපිරීම් හරහා ප්‍රයෝජනයට ගෙන පවත්වා ගත යුතු අවස්ථාවකි.
leelagemalli / July 21, 2024
උතුරේ, නැඟෙනහිර සහ වතුකරයේ දෙමළ ජනයාගේ දුක්ගැනවිලි ගැන උනන්දුවක් දැක්වූ එකම නායකයා RW ය. ඔහු බලයට පත් වූ වහාම සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වූ නමුත් එය ඉදිරියට ගියේ නැත.
අද එය යම් තරමකට නොගැලපෙන බව පැවසුවද ජනතා විමුක්ති පෙරමුණද පළාත් සභා නොතකා මිනිසුන් ලබාදීමට රැඩිකල් ලෙස විරුද්ධ වූ බව උතුරේ ජනතාව අමතක නොකළ යුතුය.
සමස්ත ජනතාවම එයට එකඟ නම් අපි ෆෙඩරල් යෝජනාවලට පවා සම්බන්ධ වෙමු. කණගාටුදායකම යථාර්ථය නම් පලස්තීන වැසියන්ට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩ නොදෙන සියොන්වාදී ඊශ්‍රායල මට්ටම දක්වා සාමකාමීන්ට වඩා ජාතිවාදීන්ගෙන් ශ්‍රී ලංකාව පිරී තිබීමයි.
.
කෙසේ වෙතත්, සජිත්ට හොඳ කාර්යයක් කළ හැකි වුවද, AKD ප්‍රමුඛ කණ්ඩායම්වලට ඔවුන්ගේ රසවත් කතා වෙත යාමට කිසි විටෙකත් නොහැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.
AKD වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කරන බවට පොරොන්දු වී ඇතත්, ඔවුන් එය කරන්නේ කෙසේදැයි දෙවිවරුන්ට පවා තවමත් පැහැදිලි නැත. මේ රටේ ණය අති විශාලයි, පළපුරුදු දේශපාලනඥයන් පවා ඒවා ගෙවන්නේ කෙසේදැයි දන්නේ නැත, එය අවසන් කිරීමට දේශපාලන යොවුන් වියේ සිටි AKD තබා? යන්න ප්‍රශ්නාර්ථයකට වඩා වැඩි ය. .
/